Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
සමුගැනීමේ සාදය කෙළවරක-හිඳ ලියූ-කවක කෙළවර
බූන්දි, 02:06:53
සරසවි ජීවිතයෙ බන්දනෙන්
සංකේත අත්මිදුමකිය මේ නාට්ටිය
සම චරිත අපි රඟපාන
සමුගැනීමේ රාත්‍රී සාදය
නාට්ටියක් නෙමෙයිනේ අපි දෙන්නට

.....................................................
රෑ දෙකක් එකට හිටි කරුවලක
නයන අඳුන තවරගෙන ගොඩක් අය
කලුම කලු පාටට
ඒකටත් හරියන්න
තොල් වල හිනා ගාගෙන ලේ රතු පාටට
ඔයා එන්නෙ
නොවක් මතක ගොඩ මත
හරි පරිස්සමෙන් වගෙ අඩිය තිය තිය
අත දිදී යාළුවොන්ට සුබ පතන
මගෙ ඇස් වැටෙන් අල්ලගෙන
ඒ අස්සෙ තදඳුරු අහසෙ
නතරවී හරි මැදම
මල් වෙඩිලි පුපරන්නෙ එකපාර..
පිපෙන-විසිරෙන-පරවෙන-හැලෙන ඒ මල් යට
අතට අත දෙන සුබ පතන පෝලිමේ
කිට්ටුවෙයි ඔයා..
පෝලිමේ කෙලවරෙම මම
අන්තිමට අත දෙන්න බලාගෙන

හදවත් කම්මලේ මයිනහම
හුස්ම ගිනි ගන්නකොට නැගෙන හඬ
ඇහෙනා තරම්වත් අවකාශයක් නෑ එතන
මල් වලින් වෙඩි තියන අහස යට...
එකම එක වචනයක්වත්
ඇහිඳින්නෙපා අපෙ ඔඩෙක්කට
තොල් හෙලවෙනව විතරනේ බොරුවට..
ඔයාගේ ඇස් වල කළුංගිරියාවේ ඇඳෙන
මගෙම රුව කොයි වගෙද
බලන්නයි මේ වෙලේ ඕනෙ මට
ඒත් හරි කළුයි මේ රෑ දෙකක් එකට හිටි කරුවල
එකපාර මල් පිපෙන - පරවෙලා හැලිල යන
වෙඩි තියන - ගිනි ගන්න - මේ මල් අහස යට

අන්තිමට
සමුගැනීමේ සාදය කෙලවරම
ඩීඡේ එකේ නටන අය කෙලවරෙම
සිමෙන්ති කණුවක බරට
ඔයා විතරක්
කල්පනාවේ හේත්තුව..

හැබැයි මං ළඟට එනකොට ඔන්න
එකම එක වචනයක්වත්
එපා අහුලන්න බොරුවට
පිටවෙන්න දෙන්න
එකම එක ඉකියක්ම විතරක්
ඉක්කාවකට දික් නොවෙන
හිරකරගෙන ඉන්න
කුඩුගල් හිතත්
බෝරයක් වී පුපුරන්න..

(ගොයින්ඩවුන් දවසෙ 2011)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
කියවන්නා මෙහෙම කියනවා :
ඔයාගේ කවි මම ගොඩක් කියවල තියෙනවා බූන්දිය තළින්. ඒ හැම කිවයකදිම මට පුදුම තරහක් ආවා. හේතුව ඔයාගේ කවි ඇතුලේ හැංගිල තියෙන ගොඩක් වස්තු විෂයන් නූතන කවීන්ගේ ආභාසය අරන්. කවියෙක් ආභාසය ගන්න එකේ වරදක් නෑ. ඒත් ඒක කොපි කිරීමක් කියල කාට හරි හිතෙනව නම් ඒක හරි නෑ. කාට හරි හිතෙන්න පුළුවන් ඒක අන්තර් පඨිතත්වයක් නැත්නම් සමාන්තර කියවීමක් කියල. දැන් මේ කවියෙ උනත් රෑ දෙකක් එනට හිටි කළුවරක කියන එක උනත් කවයෙ සන්දර්භයත් එක්ක මැච් වෙන්නෙ කොහොමද? අජිත් තිලකසේනගේ ‍කෙටි කතාවක් කොපි කිරීමක් විතරයි. ගොඩක් කියවන අයට ඒක තේරෙනව. ඔයාගේ කවිවලින් ඔයා අ‍පේක්ෂා කරන රැඩිකල්භාවය ආයාසයෙන් වචනවලින් ගන්න හදනව. ඒකට සන්දර්භයට වැඩක් නැති රූපක සංකේත වගේ දේවල ආයාසයෙන් ගන්න එක හරි නෑ මලයා. කවි සංස්කෘතියට අලුත් අපි ලියන මුල් කවිවලින් අජිත් තිලකසේනලා, ලක්ෂාන්ත අතුකෝරල, නන්දන වීරසීංහ, ආරීයවංශ රණවීර වගේ අයගේ කවි ඔයා කියවනවා කියල තේරනව. එහෙම උන පරිදි අපිට එක පාරට එයාල වගේ වෙන්න බෑ. ඔයාගේ වචනවලින් තේරනවා හැම දේම ඉරාලගන යන්න හදන රැඩිකල්වාදියෙක් වෙන්න හදනව වගේ කියල. ඒ අනුට ආකෘතිය, ව්‍යුහය වගේ දේවල්වලින් ඒක අපිට ඇති වෙන් නෑ. කිවියා කියනනේ අලුතින් හිතන තමාගේම අනන්‍යතාවක් ගෙඩනගා ගන්නාට. පරණ දෙයක් උනත් අලුතින් ලියන්න පුළුවන් නම් විශිෂ්ටයි. නිතර කවි ලිවීම ඔයාගේ කවවල තියෙන හොද දේවල් ‍ඉක්මන්ට මතු ‍වෙයි කියලත් හිතෙනව.

කිවුව වෙලාව- 2011-11-10 21:26:40
thushara indunil මෙහෙම කියනවා :
අන්තිමට
සමුගැනීමේ සාදය කෙලවරම
ඩීඡේ එකේ නටන අය කෙලවරෙම
සිමෙන්ති කණුවක බරට
ඔයා විතරක්
කල්පනාවේ හේත්තුව..
**************
නුඹත් ඉන්න ඈති එහෙමම සහෝ.....
marvelous!!!


කිවුව වෙලාව- 2011-09-27 00:27:14
Nuwan Sameera මෙහෙම කියනවා :
although I saw that day night your situation
I could not think anything
but
now
i have a adia
this lyric comprehensively your heart.


කිවුව වෙලාව- 2011-09-15 04:10:27
සුදර්ශන සමරවීර මෙහෙම කියනවා :
රෑ දෙකක් එකට හිටි කරුවල ගැන මං ඉගෙන ගත්තෙ අජිත් තිලකසේනගෙන්. වෙනස් සංදර්භයක උනත් මම මෙතනදි පාවිච්චි කල ඒ වචන වලට ඔහුට ණය බව කියන්න ඕන.

කිවුව වෙලාව- 2011-09-13 21:32:20
isuru chamara somaweera මෙහෙම කියනවා :
රෑ දෙකක් එකට හිටි කරුවලක
wow.........


කිවුව වෙලාව- 2011-09-13 07:47:42
දමිත් වැලිකල මෙහෙම කියනවා :
කාලෙකට පස්සෙ සරසවි ප්‍රේමයක් ගැන හිතට දැනුනු සංවේදී කවියක් කියවන්න පටන්ගත්තා...
ඒත් හිටිහැටියෙම එකම එක කවි පෙළියකින් ඒ හැගීමම නැතිකරල දැම්ම වාගේ දැනුනා... හිතට හරි තරහක් ආවා...


කිවුව වෙලාව- 2011-09-13 04:19:35
sanju මෙහෙම කියනවා :
nice one.but?

කිවුව වෙලාව- 2011-09-13 04:05:24
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
පියාපත
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook