Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
වැඩිදුර පැහැදිලි කිරීමක් - දර්ශන මේදිස් [ගොඩගේ සාහිත්‍ය දේශනය]
බූන්දි, 21:55:26
අදාල දේශනය සඳහා මට ආරාධනා කරන ලද්දේ ගොඩගේ සාහිත්‍ය කමිටුව වෙනුවෙන් මහාචාර්ය ජයන්ත අමරසිංහ විසිනි. දේශපාලනඥයෙකු මෙවර සහභාගි නොවන බව කීවේ ඔහු ය. මා කවරෙකු දැයි -- මගේ දේශපාලන ආස්ථානය හා ප්‍රතිපත්ති කවරේ දැයි ඔහු හොඳාකාරව ම දනී. මගේ කඳුලු මිටියාවත කාව්‍ය සංග්‍රහය එලිදැක්වූ අවස්ථාවෙහි එක් දෙසුමක් පැවැත්වූයේ ද ඔහු ය. පසුගිය වසර දහයක පමන කාලය තුල අප අතර සමීප ඇසුරක් නොපැවතිය ද සැක කිරීමට හේතුවක් නොවී ය (කලා ක්ශේත්‍රයෙහි නියැලී සිටින සැවොම සමචින්තකයන් නොවන බව කිවමනා නොවේ).

ගොඩගේ ආයතනයෙන් මා වෙත එවන ලද ලිඛිත ඇරයුම සහිත ලිපියෙහි ද ඒ වගක් සඳහන්ව නොතිබින. අනෙක් අතට, සහභාගි වන්නෝ කවරහු දැයි ගොඩගේ සම්බන්ධීකරන නිලධාරී ලහිරු කරුනාරත්න මහතාගෙන් විමසූ විට ඔහු කීවේ, මහාචාර්ය සුරවීර මුලසුන දරන බවත් නුහුමාන් මහතා දෙමල දේශනය පවත්වන බවත් ඉංග්‍රීසි දෙසුම සඳහා කථීකයෙකු ලැබී නැති බවත් වෙනත් ආරාධිතයන් නොමැති බවත් ය. මහාචාර්ය රත්නසිරි අරංගල ද මා ඇමතූ නමුත් ඔහු ද රාජ්‍ය සහභාගිත්වයක් ගැන සඳහන් කලේ නැත. තදනන්තරව, ඔවුන් විසින් පල කෙරුනු සවිස්තරාත්මක පුවත්පත් නිවේදනයන්හි පවා රාජ්‍ය සහභාගිත්වය ගැන කිසිදු සඳහනක් නොවූ බව පාඨකයෝ දනිති.

උලෙල වර්ජනය කිරීමේ පූර්වාපේක්ශාවක් මට නොතිබින. සම්මාන පොරය සමඟ මගේ දෙසුමට නෑකමක් නොවූ බැවිනි. සැප්තැම්බර් 05 සඳුදා දින පෙරවරුවේ දේශන පිටපත පවා ඊ තැපෑලෙන් ගොඩගේ ආයතනය වෙත යැවීමි. එදින ම, ගොඩගේ ආයතනයේ පෙර කී කරුනාරත්න මහතා අමතමින් පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයක් වේ නම් එයට මා සහභාගි කර නොගන්නා මෙන් ද, වේදිකාව මත නොව ශ්‍රාවක පිරිස අතර අසුන් ගැනීමට මට ඉඩ දෙන ලෙස ද ඉල්ලා සිටියෙමි. ඇමතිවරයාගේ පැමිනීම ගැන මා දැන ගත්තේ මෙවිට ය (නිල ආරාධනා පත්‍රය මට තැපෑලෙන් ලැබුනේ උත්සවයට පසු දින ය!).

ඉන්පසු ගොඩගේ ආයතනයේ කලමනාකරු නාරද කරුනාතිලක මහතා මා ඇමතී ය. ඔහු පැහැදිලිව ම කීවේ, ඇමතිවරයෙකු ගෙන්වීමට මෙවර සැලසුම් කෙරී නොතිබුනු බවත් මෙය සිරිසුමන ගොඩගේ මහතාගේ හදිසි තීරනයක් බවත් ය. හේතුව වසයෙන් දන්වා සිටියේ නගර සභාවෙන් ඉටු විය යුතු සේවාවන් නිසි පරිදි ලබා ගැනීමට පහසුවක් වන බවකි. කිසිදු කරදරයක් වීමට ඉඩ නොතබන බවත් ඇමතිවරයා දෙසුමට කන් දෙන එකක් පවා නැති බවත් ඔහු කී ය. එවිට, මට ඇත්තේ බියක් නොව පිලිකුලකැයි කීමි. මේ මහත්වරු දෙදෙනා ම මට සිදු වූ අපහසුතාව ගැන සමාව අයැද සිටියහ. දෙසුම පවත්වන මෙන් බැගෑපත් වූ ඔවුන්ගෙන් ''මගේ සහභාගිත්වය ඔතරම් වැදගත් නම් ඇමතිවරයාගේ පැමිනීම නතර නොකරන්නේ මන්දැ''යි විමසීමි. එය ඉටු නොවන බව පෙනී ගිය නිසා උත්සවයට සහභාගි විය නොහැකි බව ඒ අවස්ථාවේ දී මම ඔවුන්ට දැනුම් දුන්නෙමි.

අනතුරුව ජයන්ත අමරසිංහට කතා කිරීමට උත්සාහ දැරුව ද දෙදිනක් තිස්සේ ඔහු මගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටියේ ය. මගේ ප්‍රකාශයක් රැගත් පත්‍රිකාවක් බෙදා හැරීමට සිදු වූයේ මේ කිසිත් නොදැන දේශනය අපේක්ශාවෙන් පැමිනෙන සහෘදයන් වෙනුවෙනි. මාධ්‍යයට මුදා හැරුනේ මෙම පත්‍රිකාව ය. ජයන්ත අමරසිංහ විසින් ම ප්‍රධාන දෙසුම පවත්වන ලදැයි පසුව සැල විය. සමස්ත ක්‍රියාවලිය තුල, මා උගුලකට හසු කර ගැනීමේ කුමන්ත්‍රනකාරී වෑයමක් පැවතී ඇති සෙයක් හැඟී යයි.

අවසන් මොහොතේ වුව මා ගත් මූලධර්මාත්මක ආස්ථානය සමඟ අනන්‍ය වූ සැමට මගේ ආචාරය!

-දර්ශන මේදිස්
2011-09-13



ඊයේ (සැප්- 07) පැවත්වුණු 2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය වර්ජනය කිරීම සම්බන්ධයෙන් දර්ශන මේදිස් සහෝදරයා අප වෙත යොමු කළ ප්‍රකාශය.
-බූන්දි
2011-09-07

ප්‍රකාශය යි!

අද (2011 සැප්තැම්බර් 07 බදාදා) දින කොලඹ ඡේ ආර් ජයවර්ධන සංස්කෘතික කේන්ද්‍රයීය පරිශ්‍රයෙහි දී පැවැත්වෙන ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙලේ ප්‍රධාන දෙසුම පැවැත්වීම සඳහා මම ඇරයුම් ලැබ සිටියෙමි. එහෙත්, මෙම සම්මාන ප්‍රදානෝත්සවය ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රයේ නිල සහභාගිත්වය සහිතව සිදු කෙරෙන බව හදිසියේ (පෙරේදා) දැන ගන්නට ලැබුනි.

2011 ගොඩගේ සාහිත්‍ය දේශනය සඳහා ලද ඇරයුම මා සතුටින් භාර ගත්තේ එය රාජ්‍ය සාහිත්‍ය උලෙලෙට විකල්පව පැවැත්වෙන්නකි යන පදනම මත ය. කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍ර අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිතය සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් මට නැත. එහෙයින්, මේ අවස්ථාවට සහභාගි නොවීමට මම තීන්දු කලෙමි. දේශනය අපේක්ශාවෙන් පැමිනි සහෘද ශ්‍රාවකයන් වෙත බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

තව ද, පැවැත්වීමට සූදානම්ව සිටි දෙසුමෙහි මාතෘකාව "තොල්ස්තෝයි: පුනර්- කතිකාවක්" යන්න යි. ඔබ දන්නා පරිදි, ලියෝ තොල්ස්තෝයි වූ කලි ප්‍රජා පීඩක පාලනයේ ප්‍රගාඪ විරුද්ධවාදියෙකි. සංස්ථාපිතය පෙරටුකොටගෙන ඔහු පිලිබඳ සාකච්ඡාවකට එලඹීම තරම් ශ්‍රේශ්ඨ ලේඛකයාට කල හැකි තවත් නිගරුවක් තිබේ ද?

මගේ වර්ජනයට හේතුව මෙය යි. තීන්දුවක් ගැනීම ඔබේ අයිතිය යි.

-දර්ශන මේදිස්
2011.09.07
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Godage Literature Awards, Darshana Medis, Lev Tolstoy
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
පීරා මෙහෙම කියනවා :
මෙහෙමයි. ‍මේක වර්ජනය කරල සද්ද නැතුව ඉන්දැද්දි අපිට ‍වෙනින් කොහෙන් හරි ආරංචි වුනා නම් දර්සන නිකම්ම ‍පොරක්. ප්‍රකාශ නිකුත් කරන්න තරම් දර්සන ‍පොරකුත් ‍නෙ‍මේ. ප්‍රකාශ නිකුත් ‍කොර ‍කොරා පොර ‍වෙන්න ඕක දේකුත් ‍‍නෙමේ.

මහාචාර්ය පියසීලි ‍ගෙන් හිස් ‍වෙච්ච තැන කවුරු හරි ඩැහැ ගනී කියල දර්සනව සසපෙන් දුවපිය දුවපිය කියනව ‍වෙන්න පුළුවන්. දර්සනත් ගාල කඩාගත්ත අස්සයා වගේ. ‍හැම ලබ්බත් බදා ගන්නවා. දන්‍නෙම නෑ ගොඩගේ ධනලතියත් බදා ‍ගෙන. කොමුයුනිසට් තේරුම් ගත්තා වගේ තමා. ඕක ‍තේරුම් ගන්නෙ නෑ. මහාචාර්ය තුමිය‍ගෙ අහලකටවත් කිට්ටු ‍වෙන්න බැරි වුනත් මාක්ස්වාදී විචා‍රෙකට එන්න දර්ශනට හැකියාවක් නැතුවා නෙ‍මේ. පොඩ්ඩක් ඉතිං නිරහංකාරව පාඩුවේ වැ‍ඩේට බහින්න. හාල්පාරු සුපර් සුටාර් ‍ටෝක්ස් ‍නොදී. ‍‍ඩේවඩ් ‍නෝර්ත් ‍ගෙ දේසපාල‍නේ සසපෙ ‍කොරන්න. සමාජය, වාචාරය, සදාචාරය, අරගලය හා ජීවිතය මාක්ස්වාදීව තේරුම් ගන්න ‍‍පො‍ලොවට බහින්න. සොබ්‍‍බෙ ජනප්‍රියත්වය දැං කල්පැනල දර්සන ස‍හෝදරයා.


කිවුව වෙලාව- 2011-09-16 19:15:36
@ priyaan R මෙහෙම කියනවා :
ප්‍රියාන්--- කිවුවා මෙහෙම: [....එතෙක් ඔබ සියලුදෙනාටම ස්වයං වින්දනයෙන් සූරතාන්තයට පත්විය හැකිය.....]

@ ප්‍රියාන්,

කෝ බන් අර මොකද්ද එකක් අභිමුඛ කෙරෙනා ලියවිල්ල? යක්සයෝ ඒක එලියට දමපන්... එක දිගට ස්වයන් වින්දනය කොරල කොරල අපිට මහන්සියි බොලන්.... හා හා හා

-kavuru hari


කිවුව වෙලාව- 2011-09-16 08:36:36
කූල් මාක්ස් මෙහෙම කියනවා :
දර්ශන මේදිස් නාලා
අංජන මල් මී ගාලා
පොදු ළිඳ ගාවට ආවා
ආපහු සැරයක් නෑවා

වමට මුවා වී ඉන්නේ
වම් අතෙනුයි බත් කන්නේ
කටින් බතල හිටවන්නේ
ලෝකය මේ බව දන්නේ


කිවුව වෙලාව- 2011-09-14 23:28:15
කදිරා මෙහෙම කියනවා :
@ පාඨකයා
"ඇහුවට තරහ වෙන්න එපා, කවුද මේ දර්ශන මේදිස් කියන්නේ?"
ඇයි ගොනෝ බොට පේන්නේ නැද්ද? ඔය උඩ පින්තූරේ සුදු රවුළක් කාරිය වවාගෙන නිල්පාට කමිසයක් දාගෙන ඉන්නේ මේදිස් මහත්තයා තමයි. එතකොට ඔය පහළ තියෙන පින්තූරේ උන්නාන්සේ ගැටය සන්දියේ පොටෝ අල්ලපු එකක්.


කිවුව වෙලාව- 2011-09-14 14:54:25
හෙන්රි වර්ණකුලසූරිය මෙහෙම කියනවා :
සම්මාන දීම ,සම්මාන ලැබීම , සම්මාන වලට එරෙහි වීම කියන කාරණා හැම අවුරුද්දෙම කතා කරන අපි නොතේරුම් ගන්න නැත්නම් අමතක කරන කාරණා කිහිපයක් ගැන ලියන්න හිතුණා .
1. රාජ්‍ය උත්සවයට විකල්ප කියල කිව්වට ඔය හැම සම්මාන උළෙලකම වෙනත් agenda තියෙන බව .
2. සම්මාන ප්‍රකාශයට පත් කරන්නට පෙර විනිශ්චය මණ්ඩලේ ගැන හෝ සම්මාන ප්‍රදානය කරනවුන් ගැන කතා නොකරන ලේඛකයන් තමන්ට සම්මාන නොලැබුණ පසු එක එක කතා කීම.
3. සම්මාන ලැබෙන අය එකී සම්මාන උළෙල හරිම සාධාරණ ලෙස දැකීම .
4. මේ marketing ලෝකයේ සාහිත්‍ය සම්මාන යනු තවත් එක marketing වැඩක් ලෙස වටහා නොගෙන බොරු සිරත්වයකින් ඒ දෙස බැලීම සහ සංවාද කිරීම.
5. සම්මාන පොරයට උඩගෙඩි දෙමින් එම නරා වලේම බැස ගෙන සිටීමට ලේඛකයන් කොයි කව්රුත් කැමති බව.
6. ප්‍රශ්න කළ යුත්තේ දේශපාලකයන් සහභාගී වීමද ? ප්‍රමිතියකට, සාහිත්‍යයේ නියමයන්ට අනුව නොව පෞද්ගලික අභිමතාර්ථ මත තමන්ගේ කල්ලි වලට සම්මාන දීමද ?
7. සම්මාන කියල ලැබෙන ලෝහ කෑලි සහ රන් කහවනු මත්තේ නැහෙන්නේ නැතිව හොඳ නිර්මාණ පාඨකයාට ලබා දෙන්න අවංක උත්සහයක් ගන්නවානම් අගෙයි නේද ??


කිවුව වෙලාව- 2011-09-14 00:24:46
මුබාරක් මෙහෙම කියනවා :
@පාඨකයා
මොකෝ ඔය හුජ්ජ කොල්ලෝ බල්ලෝ බිරුව කියල මහා රජාට දැනෙන එකක්යැ!

ඔහොම නොදැනිච්ච එක මහ රජෙක් අන්න ඊජිප්තුවේ කුඩුවක ඉන්නවා. තව මහරජාලා කීප දෙනෙක් ආගිය අතක් නැහැ.


කිවුව වෙලාව- 2011-09-13 10:37:11
කුකුලා මෙහෙම කියනවා :
බන්දුවට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් වාගෙයි! දර්ශන අවසන් මොහොතේ හරි නොගිය එක අගය කරනවා. ඒක දර්ශන පොරක් වෙන්න කරපු දෙයක්ම කියලා කියමුකො. ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවි. නොගිහින් පොර ටොක් දුන්නට කමන් නැහැ. ගිහිල්ලා නාගෙන පස්සේ අඩන්නේ නැතිව.

කිවුව වෙලාව- 2011-09-13 10:33:25
පීචං මෙහෙම කියනවා :
මොකාද මේ Bandu කියන නිහිනයා. බන්දු උඹට කැමතිනම් කටු ලෙවිනන්න පලයං. නොගිය උන්ට බුරන්නේ නැතිව.

කිවුව වෙලාව- 2011-09-13 10:12:39
Bandu මෙහෙම කියනවා :
ඔවා නිකන් පොරවල් වෙන්න හිතාගෙන ප්‍රසිද්ධිය බලාගෙන, පොඩි නංගිලා මල්ලිලා සලිත කරන්න කරන විහිළු වැඩ , තමන්ගේ විරෝධය කොන්ද කෙලින් තියාගෙන දේශනයේදී පෙන්නන්න තිබුනනේ , ඔය කරලා තියෙන්නේ නගුට දෙකකුල් අතර ගසා ගැනීමක් , මිට පස්සේ ඔය වගේ විසූක දස්සන කරන්න එපා , ඔබ කෙරෙහි තිබෙන පොඩි ගරුත්වය පවා නැති වෙනවා , ඔබ කවියෙක් නම් මයකොව්ස්කි වැනි උදාර චරිතයක් වන්න ආත්ම වංචනිකයෙක් වෙන්න එපා. ඔබ ඔබට අවංක වන්න

කිවුව වෙලාව- 2011-09-13 07:50:08
Wasantha Rupasingha මෙහෙම කියනවා :
Dear Darshana,
When reading some of synical "responses" to the fundamental stand you have taken, one thing is crystal cleared: That is a reactionary political agenda what thouse "commentators" represent. They definitely have not any real political perspective but throwing baseless accusations on the people who exactly have a back bone like you to slap on the criminal estabilishment. Therefore, you don't have to worry about handmaids of the stabilishment who barking while hanging in a simple tecnical problem arised in the whole process. The real aim of all of these baseless "allegations" is to divert into filty gutters the class conscious poeple who understood very well of your heroic position and real revolutionary politics motivated you. I again salute to your very fundamental stand!


කිවුව වෙලාව- 2011-09-13 02:41:02
බූන්දි මෙහෙම කියනවා :
දර්ශන සහෝදරයා එවූ පැහැදිලි කිරීම මෙම ලිපියට ම එක් කළෙමු.

-බූන්දි


කිවුව වෙලාව- 2011-09-12 22:07:16
පාඨකයෙක්‌ මෙහෙම කියනවා :
ඇහුවට තරහ වෙන්න එපා, කවුද මේ දර්ශන මේදිස් කියන්නේ? අපි නම් අහලවත් නැහැ. මම නම් හිතන්නේ කොල්ල මේ පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්. මොකෝ ඔය හුජ්ජ කොල්ලෝ බල්ලෝ බිරුව කියල මහා රජාට දැනෙන එකක්යැ!

කිවුව වෙලාව- 2011-09-12 20:29:47
chinthaka මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-12 17:32:38
පීචං මෙහෙම කියනවා :
බුන්දිය මූලිකත්වයෙන් ස්වාධීන සාහිත්‍ය උළෙලක් සංවිධානය කරන්න

කිවුව වෙලාව- 2011-09-12 10:23:37
Lomba මෙහෙම කියනවා :
මූ ගුරා, මූ හිටගෙන කළාම අනික් එවුන් දුව දුව කරනව. අසෙනිය කුසුමෙන් අයින් කළාම "අපිව අයින් කලෝ" කියල හොටු පෙරපු හැටි අපට තාම මතකයි!

කිවුව වෙලාව- 2011-09-12 07:03:39
ක්‍රිශාන් මෙහෙම කියනවා :
දැන් මේ මහා වීර චරිතයක් වී සිටින මේදිස් මෑත දිනකදී සමන් කුමාරගේ නගාමැරූ අල පොත පිළිබඳ සාකච්ඡුා කිරීමය පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබූ විටකදී පවසා සිටියේ ගොඩගේ සම්මාන උළලේ කථාවට සූදානම් විය යුතු බැවින් පැමිණීමට නොහැකි බවයි. :මා මේ කියන කලා සමය දැනට මාසයකට පමණ පෙරය. එහෙව් මේදීස් දැන් පොර කථා කියයි. තමන්ගේ සාහිත්‍ය අත්දැකීම් ඇත්තට බෙදා දීමට උවමනාවක් ඇති කලාකරුවෙක් සම්මාන උළෙලක් පෙරට දාගන්නේ නැත. මේ අනෙක් කරුණ සහ විහිළුව මේදිස් ගොඩගේ සම්මාන උළෙල විකල්ප සාහිත්‍ය උළෙලක් ලෙස දැකීමයි. මේවා සමහරුන්ට මහා වීර ක‍්‍රියා වූවද මට නම් හිනාය.

කිවුව වෙලාව- 2011-09-11 21:49:43
ධනපතියා මෙහෙම කියනවා :
මේකනේ මෙතන තියෙන විහිළුව...

\'2011 ගොඩගේ සාහිත්‍ය දේශනය සඳහා ලද ඇරයුම මා සතුටින් භාර ගත්තේ එය රාජ්‍ය සාහිත්‍ය උලෙලෙට විකල්පව පැවැත්වෙන්නකි \'
ගොඩගේ කාරයා කරන එක දන්නෙවත් නැති මේදිස් මෙහෙම තීන්දුවක් ගත්ත එක මට නම් හරිම විහිළුවක්. ලංකාවේ සම්මාන උළෙලවල් ගැන දන්නෙ නැත්නම් තව ටිකක් හොයලා බලන්න.
‍ධනපති ගොඩගේත් එකයි... උන්ම පත්කරන ධනපති නියෝජිතයොත් එකයි කියල දර්ශනට තේරෙන්නෙ නැත්නම් විප්ලොව කොරන එක පැත්තක තියලා නිදාගන්නව හොදයි.


කිවුව වෙලාව- 2011-09-11 08:39:34
Rasikaya මෙහෙම කියනවා :
කවි මරන කුකවියෙනි
සම්මාන බලාගෙන
තොප ලියන පිලුනු වුන
නිසරු පද වැල් අතර
හද මනස පිරිමදින
අකුරු හතරක් නොමැත

කිය දුන් මේ ඇත්ත
ජයන්තට අමරේට
සුගත් වටගෙදරහට
පිරින්මමි මගෙ තුතිය

රසික දන රවටමින
නිසරු පද වැල් ගොතන
පිට කසන උන් එක්ක
අමුඩ කෙටි අපුල්ලන
තොප වැනි වු කුකවින්ට
මෙය කදිම පාඩමකි

පුරන් වූ කවි කෙතේ
මඩ කලල් ඉවත් කර
නැවුම් බිජුවට ඉසින
සුබ මොහොත එන තුර
රසික අපි ඉමු බලා


කිවුව වෙලාව- 2011-09-11 08:26:50
olga kniper මෙහෙම කියනවා :
කට්ටියම ගහගන්නව නේ...? ඒක තමයි සම්මානදීමකට පසු සිදු වන සාමාන්‍ය තත්ත්වය,කොයිතරම් ගහගත්තත් වෑඩක් නෑ , ඔයාල ට්බි ගෙන් සම්මාන අරගන ඉවරයි, දර්ශන අයියත් තමන් කරපු දේ ගෑන අව0කව නෑවත හිතා බෑලිය යුතුයි,හෑබෑයි පාටක ජනතාව අවදිවෙලා ඉන්න එක න0 හොදයි, ඒත් යකො උඹල තමයි හෑම එකාටම රෑවටෙන්නෙ, මුලින්ම පොලිටික්කන්ට,පස්සෙ වෙලන්දන්ට, ඔව්.. ඊට පස්සෙ කලාකාරයො කියාගන්නා දෙබිඩ්ඩන්ට,පාටක ජනතාවනි, උඹල හෑමදේම ටික කාලෙකින් අමතක කරනව,ආන්න ඒ නරක පුරුද්ද අත්නාරින තාක්කල් උඹල රෑවටෙනව ..ඒකාන්තයි,මේ ක්‍රමය මුලිනුපුටා දෑමිය යුතුයි කියල කියපු එරික්ල, අජිත්ල වගේ මහා කලාකාරයො පවා මේ ක්‍රමය විසින් ගොදුරු කර ගෑනීමෙන් මොනවද උඹ්ලා ඉගන ගත්තෙ? ආන්න ඒ ගෑන හිතන්න, සහ ඒ වෙනුවෙන් වෑඩ කරන්න කාලය ගනිල්ලා, ප්‍රියාන් මෙකෙ හූණුබිජ්ජක් විතරයි.

කිවුව වෙලාව- 2011-09-11 05:42:15
ලාලුවෙක් මෙහෙම කියනවා :
ප්‍රියාන්ගෙ ඔප්සන්-----

1.සම්මානයට එකඟවෙමින් ඇමතිවරයකුගෙන් ලබා ගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීම.
2.සම්මානය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම.
3.බාරගැනීම සාධාරණීයකරණය කරමින් හේතු දැක්වීම.
4.කිසිවක් සිදුනොවුණා සේ ගණන් නොගෙන සිටීම.

මොනවා විග්‍රහ කරල ලිවුවත් දැන් ඔයා හදන්නෙ 3 වන ඔප්සන් එක ප්ලේ කරන්ඩ. තව තවත් නාන්නෙ නැතුව 4 වන ඔප්සන් එක කොලා නම් හොඳා කියල මට හිතෙන්නෙ.

ඔයාගෙ ලඟ ලාලුවෙක්


කිවුව වෙලාව- 2011-09-11 04:45:10
rukman මෙහෙම කියනවා :
@පොත්තා

එකම එකයි. ඒ තම රත්න ස්‍රී ලොක්කගෙ එක!


කිවුව වෙලාව- 2011-09-11 04:40:34
rukman මෙහෙම කියනවා :
ප්‍රියාන්ට කේන්ති ගිහින්... පව්... කම්පනයට වෙන්ඩ ඇති....

කිවුව වෙලාව- 2011-09-11 04:39:13
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
මෙතනයි රෝස මල මෙතැන නටන්න...(මිතුරන් අතරේ පමණයි)
-----------------------
උද්ගතවූ සිදුවීම සම්බන්ධයෙන් මං බොහෝ වික්ෂිප්ත වී සිටියෙමි.එහෙත් දැන් මං සැහල්ලුවෙන් සැහැල්ලුවට පත්වෙමින් සිටිමි.ඒ ගොඩගේ සම්මාන ලැබීම/නොලැබීම,ආණ්ඩුවේ ඇමතිවරයකුගේ අතින් ගැනීම/නොගැනීම ආදී මා හට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීමට අදාළවයි.
මේ පිළිබඳ බොහෝ දෙනෙක් මට දුරකථනයෙන් අමතා කතා කළෝය.ගල්ද මල්ද එහි සම සමව තිබිණි.
පසුව මා විසින්ද බොහෝ දෙනකුට කතා කරන ලදී.එහිදීද ගල්ද මල්ද තවත් අඩුම කුඩුම බොහෝ දේද මට ලැබිණි.
කී දෙනකුට මා විසින් කතා කරන ලද්දේද..?කී දෙනකු මට කතා කරන ලද්දේද..මෙන්ම විවිධ වූ අදහස් විශ්ලේෂණය කිරීමෙන් ඒ ඒ මතවලට කී දෙනකු එකඟවීද නැද්ද යන දත්ත මවිසින් සටහන් කර තබා ඇත.

එකී අදහස්වලට අනුව සිදුකළ යුතුනම් කළ හැකි කාර්යයන් 4 කි.

1.සම්මානයට එකඟවෙමින් ඇමතිවරයකුගෙන් ලබා ගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීම.
2.සම්මානය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම.
3.බාරගැනීම සාධාරණීයකරණය කරමින් හේතු දැක්වීම.
4.කිසිවක් සිදුනොවුණා සේ ගණන් නොගෙන සිටීම.

මේ සියල්ල පහසුය.සරලය.එහෙත් අවසානයේ මා සියල්ල පසෙකින් තබා තරමක වෙහෙසකාරී කටයුත්තකට අත තබන්නට තීරණය කළෙමි.

ගොඩගේ යනු තවත් එක් සම්මාන උළෙලක් පමණි.විචාරයක් පමණි.විනිසුරු මඩුල්ලක කියැවීමක් පමණි.කෙනෙකුට එකී සම්මාන උළෙලේ ඉතිහාසය තුළ පවා අර්බුද ඇතැයි තාමත් වේදනාවක් ජනිත වන්නේනම් ඊට හේතුවද එකී සම්මානය"මාර සම්මානයක්"ලෙස ඔහුම දැනටමත් බාර අරගෙන ඇති නිසාමය.අනෙක් අතට සම්මානයට පාත්‍ර වූ මාගේ"නෑ ඒ අම්මා නෙවෙයි"කෘතිය පවත්නා සමාජ ක්‍රමයට දැවැන්ත අභියෝගයක් එල්ල කරනා දේශපාලනික කෘතියක් ලෙස පුම්බා ගැනීමට තරම් මට මොළයේ අමාරුවක් වැළඳී නැත.එය යොවුන් සාහිත්‍යය වෙනුවෙන් මැදිහත්වීමට දැරූ අලුත් අත්හදාබැලීමක් පමණි.ඒ පිළිබඳ පැහැදිලි තක්සේරුවක් මා හට ඇති හෙයින් ඊට ඇගයීමක් ලැබීම පිළිබඳ පුද්ගලිකව සතුටුවෙමි.

ජිනා මැඩම්ගේ ගණිකා මඩමෙන් සංතර්පණය වූ කෙනකුගෙන් සම්මානයක් ලැබීම කෙනෙකුට අප්‍රසන්න විය හැකිය.එය එසේ වන්නේ ගණිකා වෘත්තීය පහත් ලෙස සලකන ලිංගික කුහකයෙකුට පමණි.පත්තිනි අම්මලාට වැඩියෙන් මං ගණිකාවන්ට කැමති ය.එබැවින් කෙනකු ගණිකාවන් ඇසුරු කිරීම හෝ නොකිරීම යන කාරණයට අදාළව මගේ අර්ථ ලෝකය තුළ සුදු හෝ කළු චරිත බිහිනොවේ.මා ලියන කියන දේ වෙනුවෙන් ඕනම මොහොතක පෙනී සිටින්නටද මං සූදානම්ය.
ගැටලුව ඇත්තේ එතැන නොවේ.


ධනපති ක්‍රමයක සමාජවාදී දිවිපෙවෙතක් ගෙවන කිසිවෙකු මට මෙතෙක් හමුවී නැත.මේ සියල්ලන්ම අඩු වැඩි වශයෙන් පවත්නා ක්‍රමය කරගසාගෙන යයි.
පවත්නා සමාජ ක්‍රමය පිළිබඳ විවේචනාත්මක වෙමින් වඩා යහපත් හෙට දවසක පොදු සිහිනයක් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු ලෝක පූජිත නිර්මාණකරුවන්ට පවත්නා සමාජ ක්‍රමයෙන් ඇගයීමක් ලැබෙන විට ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීද..? නොඑසේනම් බාරගනු ලැබීද..? ඒ ඒ කිනම් වූ සංදර්භයන් යටතේද..?
එකී බාරගැනීම්/නොගැනීම් විසින් ඉතිහාසයට එකතු කරනු ලැබූ පාඩම් කවරාකාරවීද..?

අපගේ ප්‍රවීණ රැඩිකල් සාහිත්‍යධරයන් මේ ගැටලුව ලිහා ගත්තේද?ඒ කෙසේද..? ඒ තුළින් පසු කාලීනව සාහිත්‍යකරණයට හෝ ඉතිහාසයට එකතු කරනු ලැබූ බලපෑම් කවරාකාරද?පක්ෂවීම්/විපක්ෂවීම් වල පවත්නා දේශපාලනය කෙබඳුද?සාහිත්‍ය හෝ කලාව දේශපාලනීකරණයෙන් ගලවා ගත යුතුද.?නැද්ද?සකලවිධ කොටු අතර හිරවෙමින් වඩා යහපත් කලාවක් ප්‍රාර්ථනා කිරීමට අවකාශයක් ඇත්ද..?යන ප්‍රශ්න ලිහා ගත යුතුව තිබේ.එය එක් අතකින් අප අපදෙස යළි හැරී බැලීමක් මෙන්ම අප හා අප අවට සැරිසරන ඇදහිලි කණ්ඩායම්හි සීමාවන් සිතියම්ගත කිරීමක් වනු ඇත.එබැවින් තමන්ට තමන් අභිමුඛ කෙරෙනා ලියවිල්ලකට අත තැබීමට මම තීරණය කළෙමි.එය නුදුරු දිනකදී ප්‍රකාශයට පත් කළ වහාම පාලු ගෙවල්වල වළං බිඳින උත්තමයන්,විවිධ නම්වලින් බූන්දියට ප්‍රතිචාර දක්වන එකම පුද්ගලයන්,දර්ශන මේදිස්,සිරිසුමන ගොඩගේ,බූන්දියේ සහෘදයන්,දේශපාලන මිතුරන් ඇතුළු බොහෝ දෙනකුට හුදෙක් වාචාල කතා කීම වෙනුවට ඊට තමන්ගේ බුද්ධිමය දායකත්වය සපයා අත්‍යවශ්‍යම මොහොතක අත්‍යවශ්‍ය කතිකාවක් ගොඩනැඟීමට දායකවිය හැකිය.
එතෙක් ඔබ සියලුදෙනාටම ස්වයං වින්දනයෙන් සූරතාන්තයට පත්විය හැකිය.


කිවුව වෙලාව- 2011-09-10 23:21:36
Bandu මෙහෙම කියනවා :
දර්ශන මේදිස් , ඔබ විසින් කර ඇත්තේ ලාමක බෝල් විරෝධතා ප්‍රකාශයකි , එම ලාමක ක්‍රියාව කිරීමෙන් පසුව ඔබ වටේටම ලිපි යවමින් එයට ප්‍රචාරණය ලබාගත්තේය . ඔබට වීරයෙකු (පොරක්) වීමට දැඩි අවශ්‍යතාවක් තිබේ. අපට එය තේරුම් ගත හැක. නමුත් ඔබ ඒ සඳහා සුදුසුකම් සපුරා නැත. ඔබගේ විරෝධය පුස් වෙඩිල්ලකි. නමුත් සද්දය උපයෝගී කරගෙන ඔබ බොහෝ දෙනෙකුට වීරයෙකු ලෙස තමාව පෙන්නා ගත්තේය. බොහෝ දෙනා මෙයට ඇන්දුන වග මෙහි ලියා තිබෙන කමෙන්ට්ස් අනුව (විචාර බුද්ධිය ඇති එකාට) තේරුම් ගත හැක. දැනටම මේ සඳහා කොමෙන්ට්ස් 44 ඔබ ලබාගෙන තිබේ. එය තව වැඩි වෙනු ඇත. යමක් කමක් කියවා නැති නංගිලා මල්ලිලාට ඔබව Nelson Mandela කෙනෙකු මෙන් පෙනුනද ඉතිහාසය පුරා මෙවැනි විජ්ජාකාරයන් දැක ඇති අපට මේවා විහිළු තහළු වලට වඩා සීරියස් දෙයක් නොවේ. ඔබට නියම විරෝධතාවක් කිරීමට අවශ්‍යව තිබුනේ නම් ඔබගේ දේශනයේ මැති ඇමතිවරු ඉදිරිපිට කරමින් ඔවුන්ගේ නිරුවත පෙන්වා දෙනා ගමන් ඔවුන්ගේ පිළිවෙත් විවේචනය කිරීමට තිබුණි. එසේම ගොඩගේ මුදලාලි ඇතුළු ලංකාවේ පොත් ප්‍රකාශකයන් නිර්මාණකරුවන් ගසා කන අන්දම ගැන ප්‍රසිද්දියේ විවේචනයක් කිරීමට තිබුණි. නමුත් එවැනි රිස්ක් එකක් ගැනීමට ඔබ (බිය නිසා ?) කැමති නොවිය. ඔබ කලේ ගස සොලවා පැන දිවීමය. ඉන් ජනතාවට වූ සෙතක් නැත ඔබ කැමති නම් මේ සම්බන්දයෙන් පුද්ගලික අපහාස වලින් තොර වාදයකට එන්න ,එවැනි වාදයකට ඒමට ඔබට ආත්ම ශක්තිය තිබේ නම් ඔබගේ විද්‍යුත් තැපෑල සඳහන් කරනු මැනවි අපි අදහස් හුවමාරු කර ගනිමු ,

බන්දුල


කිවුව වෙලාව- 2011-09-10 19:15:53
paataka මෙහෙම කියනවා :
අනේ බොලව් දර්ශන පැටියා ගොඩගේ සාහිත්‍ය වැඩ ගැන දැන ගත්තේ දේශනයට ලෑස්තු වුනාට පස්සෙද. ඒක පටන් ගත්තේ මේ අවුරුද්දේද. නැහැනේ. දැන් අවුරුදු කීපයක්ම තිබ්බනේ. ඒ හැම එකටම ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයේ නිල සහභාගීත්වය තිබ්බනේ. දැන් බාබා. බොරු ෂෝ පෙන්නන එක නම් බලූ වැඩක්. නරක ආදර්ශයක්

කිවුව වෙලාව- 2011-09-10 13:10:53
poththa මෙහෙම කියනවා :
sugath, machan mee awrudde kukavi nowana kavipoth monawada

කිවුව වෙලාව- 2011-09-10 11:03:45
malCUM X මෙහෙම කියනවා :
ගොඩගේ සාහිත්ය අවමගුල හෙවත් දෙබිඩ්ඩන්ගේ ලලිත සමය
ලේඛක වනතුග සැකෙවින්;
1.එරික් ඉලයප්පා : ධනවාදයේ මේ කාර්තුව ගැන මතවාද කන්ටේනර් පිටින් සපයයි...ඒත් ගොඩගේගේ ප්‍රාග්ධනය එහෙම නැත.!
2.ප්‍රියාන්.ආර්: අබාලාට පන්න පන්නා බෙදමි චී ජාතිවාදෙ මෙයා ඒ බයස්කෝප් වල, ඒ වගේද ට්.බි සැර්... ජිනාගෙ ආතල්....සෝක් නේ..
3. ලක්ශාන්:දත්බේත් මුදලාලිට විරිත්තයි, ගොඩගේ මුදලාලිට සිනාපායි.හික්..හික්
4. මසා: කොහොමටත් ප්‍රශ්න නැත..පරහ නම් මුදලාලි මට හොදදදදම පොතට යකඩ කැල්ල නොදිම නොවැ...ඒ නිසා දුක කියා එස්.එම්.එස් යවමි....ඉහි...ඉහි...ඉ ඉ ඉ
5. තිලකසේන: මට නැනේ ඕවා...මගෙ ගේම , ණ න ල ළ...නේ...


කිවුව වෙලාව- 2011-09-09 11:30:36
Sugath මෙහෙම කියනවා :
මුන් ඔක්කෝට්ටම පයිත්තියන් . දර්ශන මේදිස්ට දනපති ආණ්ඩුවේ ආයතනයක රක්ශාව කරන්න හොදයි. යකෝ කොන්දක් තිබුනනම් තමන්ගේ මතය ඈමතියා ඉස්සරහ කියපන්කො. හිස් වේදිකාවල කතාකරල තම්මයි මුන්ට පුරුදු. මේකෙ එදහස් දක්වල තියෙන අය කවුරුවත් රටේ කිසි කෙනෙක් සාහිත්ය කාරයො හෑටියට දන්න අයද. ගලප්පත්ති විතරයි පොතක්වත් ලියපු එකෙකුට ඉන්නෙ. ඒත් නිකම්ම නිකන් කොලපොත්. මුන් හෑමදාම හිතනව මුන් දන්න ගොබ්බ පොත් තම්මයි කයි පොත් කියල. මුන් දන්නෙ කොලපොත්, ඉලපොත් සහ ඈතුල්පොත් විතරයි කියල මේකෙන් පැහැදිලියි. අමරසිරිගෙ ලෙක්චරර් පොඅස්ට් එක ගැන නෙමෙයි මේ අවුරුද්දෙ තිබ්බ කුකවි පොත් ගැන කෙලින් සන්වාදයකට වරෙල්ල,

කිවුව වෙලාව- 2011-09-09 11:27:41
එස්. පීරිස් මෙහෙම කියනවා :
යමෙකුට දේශනයක් සඳහා ආරාධනා කළ විට මුලින්ම කරන්නේ ඒ ගැන විමසා බැලීමයි. එහි අතීතය විමසා බැලීමයි. මේ එකක්වත් හොයාගන්න අපහසු දේවල් නොවේ. එහෙත් දර්ශන ට නැණ පහල වන විට දේශනයට සූදානම් වී ද අවසන් - ශාස්ත්‍රීය හා සංකීර්ණ මාතෘකාව ද යොද ඇත. හදිසියේ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිදු කරන්නේ ෂෝ ඕෆ් එකක් නෙ‍වෙයි ද

ලූප්හෝල්ස් බ්ලොග් එකේ සඳහන්ව තිබූ පරිදි පහතින් දැක්වෙන දෑ දර්ශන ‍නොදැන සිටියේද.

// 2010 ගොඩගේ සම්මාන උළෙ‍ලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍ර අයීතීන් කප්පාදුවක යෙදී ගත් සංස්ථාපිත‍යේ ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චිය. ආරාධිත දේශනාව ක‍ළේ සිංහල ජාතිවාදයේ අංක 1 කැටගරියට අයත් මාලින්ද ‍සෙ‍නෙවිරත්නය. 2009 වස‍‍රේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඔහු කියන එම සංස්ථාපිත‍යේම ඇමති සරත් අමුණුගමය. ආරාධිත දේශනාව ක‍ළේ සිංහල ජාතිවාදයේ තවත් අංක 1 කැටගරියට අයත් ‍කේ. එන්. ඕ ධර්මදාස ය//


කිවුව වෙලාව- 2011-09-09 11:25:52
Nireekshaka මෙහෙම කියනවා :
@
agreed.
mun serama ekama wargaye debidddoo


කිවුව වෙලාව- 2011-09-09 10:50:07
Sam-manaperuma මෙහෙම කියනවා :
man danna tharamin mekata kawiyo kruthi yawanawa neme... ISBN ganna poth godage eken ganne
හොදයි අපි දැනට එහෙම කියමුකෝ. එතකොට මේ නිර්මාණකරුවෝ කිසිම කෙනෙක් තමන් නොදැනුවත්වම තමා ගොඩගේ සම්මාන කමිටුව මේ පොත් තෝරගෙන තියෙන්නේ. නමුත් අවසන්වටයෙන් තෝරාගත්ත කෘතීන් ප්‍රසිද්ධ කළාම තමන්ගේ ඒවා තරගයෙන් අයින් කරගත්තේ නැත්තේ ඒ කමිටුවේ නිර්ණායක පිළිගන්න නිසාද? එහෙම නම් දැන් තියෙන්නේ කටයි පු...යි වහගෙන පැත්තකට වෙලා ඉන්න. ගොඩගේ ගේ බෙට්ට ගිලලා ඉවරවෙලා තමන්ගේ කටෙන් ගූ ගද එන්නේ ගොඩගේ අප්සෙට් කෑම කාපු නිසා කියලා ඌට බැනලා වැඩක් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ.


කිවුව වෙලාව- 2011-09-09 10:13:12
Nireekshaka මෙහෙම කියනවා :
@Sam-manaperuma

man danna tharamin mekata kawiyo kruthi yawanawa neme... ISBN ganna poth godage eken ganne


කිවුව වෙලාව- 2011-09-09 09:17:47
piyasiri kularathna මෙහෙම කියනවා :
සිතට එන යහපත් සිතුවිල්ලක් ක්‍රියාවට දමලා.ඔහොම යන්..තවත් අයව මෙහෙමම හිතෙනකල්...

කිවුව වෙලාව- 2011-09-09 00:21:52
gaya මෙහෙම කියනවා :
වීඩි බහල ඉන්න බකමූන ගෙ වගෙ කලකරයෙක් වෙන්න එප පස්සෙ කලෙක.ඔබට ජය.

කිවුව වෙලාව- 2011-09-08 23:17:00
Varabha මෙහෙම කියනවා :
කොන්දක් නෑති සම්මාන වලට පිස්සු වටීච්ච එවුන්ට මෙ වගෙ වෑඩ හිතාගන්නවත් බරුව අති, එකට අපී මොකද කරන්නෙ?

ඇවුරුදු ගානකට පස්සෙ දෑකපු ශ්‍රේශ්ට වඩක් ! ! ! ඇපී දෑන්වත් එකතු වෙමු ! !


කිවුව වෙලාව- 2011-09-08 22:10:37
Wasantha Rupasingha මෙහෙම කියනවා :
Salute to Darshana Medis who heroically rejected to sit along with the establishment!

One of prominent Marxist art critics in Sri Lanka, Darshana Medis has slapped on the face of official establishment when he rejected to hold the main speech of the Godage[ one of leading book publishers in Sri Lanka] literature festival held on September 07th, in Colombo. Earlier, Medis has invited to hold the main speech in the venue by the Godage books publishers while being hidden from him the fact that it would be held along with the government’s participation. But just two days before the festival Medis could to know that it will be held with participation of the so-called cultural minister of the Rajapakshe government . At that very point, Medis has decided not to participate in the event. When the coordinator of the venue asked, “Are you not participating because your fear of the government?”, our friend replied , “not at all but because it is loathsome for me to sit with them!”

He did not stop at that point and took a fundamental decision. He drafted a brief statement calling his connoisseurs and printed it as a leaflet. Then it shared at the gate of festival held, to the people who had been participating in the occasion. Here, read his fundamental approach into the case as a true Marxist art critic.

@FB
by Wasantha Rupasingha on Thursday, September 8, 2011 at 6:15pm


කිවුව වෙලාව- 2011-09-08 21:05:35
Sam-manaperuma මෙහෙම කියනවා :
මේ වගේ සම්මාන උත්සවවලට පොත් ඉදිරි පත් කරන කවියෝ (රත්න ශ්‍රීව පැත්තින් තියමු! මිනිහා දැනටම නාලා නේ ඉන්නේ! ගූ කප්පරක් කාපු එකාට බලු බෙට්ටත් ගදක්ද කිව්වලු!)ඇත්තට බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ‍ගොඩගේ හරි වෙනත් මොකක් හරි සම්මාන පස්සේ දුවලා තමන් විතරක් නෙවෙයි තමන්ගේ පාඨකයොත් පීචං කරනවා/

කිවුව වෙලාව- 2011-09-08 14:32:57
මෙගොඩ ගේ මෙහෙම කියනවා :
සම්මානයක් දෙනවයි කිව්වහම බොලව්
ඇඳන් ඉන්න එක ඇඳගෙන දුවලා යමව්
"ගනිව් ගනිව් තොපෙ සේරම හකුලා ගනිව්"
මෙහෙම කියලා බැණ්නෙත් මුන් නේද බොලව්


කිවුව වෙලාව- 2011-09-08 12:38:10
මෙගොඩ ගේ මෙහෙම කියනවා :
ජීනා මැඩම් සැප දුන් ටී බී පැටියා
පඩ ඇර ඇර ස්ටේජය උඩ හිටියා
ඔහොම තමයි කවදත් සිරි ලක් වැසියා
සම්මානයක් ළඟ රෙදි ගැලවුන සැටියා ..


කිවුව වෙලාව- 2011-09-08 12:27:26
නිහාල් මෙහෙම කියනවා :
@ සුමල් ජයසිOහ සහ බන්දු

දර්ශනට ලාබ ජනප්‍රියත්වය අවශ්ය උනා නම් මිනිහා කරන්ඩ ඕනෙ ඔඉක වර්ජනය කරන එක නෙමේ.. ඈමතියාගෙ ඉස්සරහ ඕක කොරන එක.. නිකන් ආන්ඩුවෙ වාටි කසන්නැතුව හිටපල්ලා...


කිවුව වෙලාව- 2011-09-08 11:37:53
Nihanda මෙහෙම කියනවා :
...''නරකම ආර්ථිකයට පුණ්‍ය හදවතක් වුවමනා වේ. ඒ තුළ චිරාගත සමාජ සාරධර්මයන්ගේ සාරය වෙනස් වේ. මේ නිසා සදාචාරය, පුණ්‍ය ක්‍රියාව ප්‍රජා සත්කාරය, කලාත්මක හැගීම, බුද්ධි වර්ධනය, යනාදී සමාජ වටිනාකම්වල නෛසර්ගික අගය නැතිවී උපකරණීය අගයන් බවට පත් වේ. එක් පසෙකින් බොරු කියන සොක්‍රටීස් ලා මිනී කන ශේක්ෂ්පියර්ලා පික්පොකට් මොසාර්ට් ලා සහ ලේ බොන මදර් තෙ‍රේසා ලා ද තව පසෙකින් සුකුමාල ඩ්‍රැකියුලාලා ධාර්මික කලිගියුලා ලා සහ පඩිවරු බිහිවෙති. මෙය සංස්කෘතික ධනවාදය ලෙස හැදින්වීම නිවැරදි වන්නේ යටකී පරිදි ගොඩනැගෙන අලුත්ම සංස්කෘතික නිර්මිතය නිසාය.......''
චැප්ලින් කොලම
එරික් ඉලයප්ආරච්චි.රාවය-2011.09.04

ඔන්න ඔය වගේ ලොරි ටෝක් දෙන එරික්ලාම "සුකුමාල ඩ්‍රැකියුලාලා" දෙන සම්මාන ගන්ඩ දෙකට නැමෙනවා... ලෑජ්ජ නැද්ද මිනිසුනේ උඹලාට?

සම්මානෙ දෙන්ඩ ඉන්නෙ ඇමතියා බව දෑන ගත්තාම අඩුම ගානෙ නෑහිටලා ගෙදර යන්ඩ තරම් ශිශ්ට වෙයල්ලා... බොරු කියන සොක්‍රටීස් ලා වෙන කවුරුත් නෙමෙයි උඹලම තමා...

නින්දිතයි...
දර්ශන මේදිස්ගෙන් ඉගෙන ගන්න.


කිවුව වෙලාව- 2011-09-08 11:32:44
පීචං මෙහෙම කියනවා :
වර්ගවාදී යුද්ධයේ ලේ තැවරුණු අත් වලින්
සම්මාන ගත්තාද කවිකාර මහතුන්


කිවුව වෙලාව- 2011-09-08 10:07:47
duka මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-08 10:06:41
olga knipar මෙහෙම කියනවා :
දර්ශන , ඔබේ ස්ථාවරය ගෑන කවි රසවිදින ඈත්තම රසිකයො හෑටියට අපි සතුටු වෙනව, අනාගත රසික පරපුරට බොරුකාර වෙස්මූණු කාරයන් බේරා ගෑනීමේ වගකීම ඔබ වෙනි අයගේ පරම අභිලාසය විය යුතුයි. ජය වේවා......

කිවුව වෙලාව- 2011-09-08 10:03:49
nayomi මෙහෙම කියනවා :
ඈත්තටම මේ කලාව ගෑන මහා ලොකූ න්‍යායන් ඉදිරිපත් කරන ආචාර්ය මහාචාර්යය වරුද මේ දෙකට නෑමිල දේශාපාලුවෙකුගෙන් සම්මාන අරගන්නෙ,මේ රටේ සාහිත්‍ය , නාට්‍ය ,නර්තන , රාජ්‍ය; ව්‍යාපාරික එකී,මෙකී,නොකී සෑම උත්සවයකටම දේශාපාලුව්න් ගෙන්වීමෙන් භ්‍රහ්ම ආස්වාදය ලබන නිළඩාරීන්, ව්‍යාපරිකයන් සමග මේ අය පවත්වන ස්වය0වරය හරම නීන්දිතයි. ඔය විදියට අන්තේවාසිකයින් වෙනවට වඩා නරකද පොතක් පතක් කියවගෙන , ලියාගෙන ,චිත්‍රපටියක් බලාගෙන ඉන්න එක,

කිවුව වෙලාව- 2011-09-08 09:51:05
jdm මෙහෙම කියනවා :
I know Dharshana very well.He does not have any hidden agendas.

කිවුව වෙලාව- 2011-09-08 09:32:40
බබී ආච්චි මෙහෙම කියනවා :
දෑන් ඉතින් ඔය පේනවනෙ ලක්ශාන් මදුරන්ගලා එරික්ලා අජිත් තිලක්සෙනලා දෙකට නැමිලා ඈමතියගෙන් සම්මාන ගන්න හෑටි... පවු නේ අපි ... මුන් ලියන කවිද විචාර ද අරක ද මේක ද කියොලා අපි මාර ෆෝම් එකේ උන්නෙ.. අපේ ආතල් කුඩු නේද බේබියො?

බබී ආච්චි


කිවුව වෙලාව- 2011-09-08 08:14:52
සංඛ මෙහෙම කියනවා :
පොර ටෝක් දෙන දෙබිඩ්ඩෝ වැහි වැහැලා....
දර්ශණ මේදිස්ගේ ක්‍රියාවට මෙන්න මමත් හිස නැමුවා...


කිවුව වෙලාව- 2011-09-08 08:10:16
@\"KAVIYA REKAGAMU\" මෙහෙම කියනවා :
මේ වෙලාවෙ කවියො ටික එකතු වෙන්න ඕන තමයි. දේශපාලකයින්වත්, ව්‍යාපාරිකයින්වත් කවිය රැක ගන්නෙ කොහොමද? ඔන්න හැමෝටම ඇහැරෙන්න වෙලාව. කවියන්ට සිද්ධ වෙනවා හැමදාම ඇහැරිලා ඉන්න. ආයෙත් ලබන අවුරුද්ද වෙනකල් නිදාගත්තොත්, 2012ත් මේකම තමයි වෙන්නෙ.

කිවුව වෙලාව- 2011-09-08 06:03:17
Samee මෙහෙම කියනවා :
පක්ෂ හෝ විපක්ෂ මතධාරී ඕනෑම කෙනෙක් ඉදිරියේ තමන්ගේ මතය කොන්ද කෙලින් තියාගෙන නොබියව කියන්න පුළුවන් උනානම් තමයි හොද සහෝ!

කිවුව වෙලාව- 2011-09-08 05:08:07
buddhadasa galappatty මෙහෙම කියනවා :
7 දා හවස සිට මම දර්ශනගෙ දුරකතන අන්කය හොයනව, තවම ලබුනෙ නෑහෑ, ධර්ශනල වගෙ කොන්දක් තියෙන කවියෙක් සිටීම පවා ආඩම්බරයක්. ඉයෙ හවස, ගොඩගෙ සාහිත්ය අවමගුල් උත්සවයෙදි අමරසිරි වික්‍රමරත්න නම් මහ රඩිකල් විචරකය, කතිකාචර්යයා, කලිසමක් ඈදගෙනද හොදම කවි පොතක් නෑහ කිව්වෙ කියල මම ඊයෙ හවසම ඈහුව. ඔය කවි පොත් තොරපු මන්ඩලෙ හිටපු අනිත් මහාචරියත් එක්ක එකතුවෙල කවි ලියන හෑටි උගන්වන ටියුශන් පන්තියක් දාගන්න කියමු. ගිය වතවෙ ඔස්ට්‍රලියවෙ ඉදල කවි ලියපු කුකවියෙකුගෙ පොත තරම් ප්‍රශ්ස්ත කවි පොතක් නොතිබුනු නිසා වේන්නෑති මේදා සෑරෙ මෙ කවි තොරපු හොර නඩය හොදම කවි පොතක් නෑහෑ කිව්වෙ? අවසාන වටයට පොත් 5 ක් හොදනම් මොඩයිනෙ, හොදම එකක් නෑතිවෙන්නෙ කොහොමද? අනෙ අහින්සක ගොඩගෙ මහත්තයගෙ සල්ලිවලට මුන් විදින විදිල්ල?මම ගොඩගෙ මහත්තයටත් කිව්ව ඔය සාහිත්ය අවමගුල් උත්සවෙ නතර කරල මොකක් හරි සුබසාඩක වෑඩක් කරන්න කියල.නඩු නෑති රටට මොට පායාද සුරියා කියල ජන කවියෙක් ඈහුවලු ඉස්සර කාලෙ

කිවුව වෙලාව- 2011-09-08 05:06:07
Sumal Jayasinghe මෙහෙම කියනවා :
දර්ශන මේදිස් මෙය කර ඇත්තේ ලාභ ජනප්‍රියතාව තකා යටි අරමුණු සහිතවය

කිවුව වෙලාව- 2011-09-08 04:51:15
ලසන්ත මෙහෙම කියනවා :
ඔබ නිවැරදියි...

කිවුව වෙලාව- 2011-09-08 04:50:39
Methlal මෙහෙම කියනවා :
Dharshana,
We all agree with you. You may post your lecture synopsis via BOONDI. It is very useful for al;l of us.
Regards
Methlal

@BLIve


කිවුව වෙලාව- 2011-09-08 04:11:14
senaka මෙහෙම කියනවා :
හෘදයයි සාක්ෂිය....!

කිවුව වෙලාව- 2011-09-08 03:10:47
prabath මෙහෙම කියනවා :
niyamay

කිවුව වෙලාව- 2011-09-08 02:48:35
Amara Samara මෙහෙම කියනවා :
තීරනය හරි. දෙශන පිටපත බූන්දි සිටෙ එකෙ දාන්න.

කිවුව වෙලාව- 2011-09-08 00:37:35
Channa මෙහෙම කියනවා :
I agree with Bandu above. We shall see in due course if you are one of us or one of them. For the moment, well done!

කිවුව වෙලාව- 2011-09-08 00:03:55
ගැමුණු මෙහෙම කියනවා :
Manjulata thiyena nusudusu kama demalu gana kavi liweema wenna athi neda?

කිවුව වෙලාව- 2011-09-07 23:46:40
kumara මෙහෙම කියනවා :
me balu porayata niyama udaharanaya thamai masimbulata sammanaya nodeema...un bayayi kaviya sthanagatha wena ekata..darshanata subapathanawa

කිවුව වෙලාව- 2011-09-07 23:15:56
සහෘදයා මෙහෙම කියනවා :
මල්වඩම හරවා යැවිණ.

ත්‍රස්ත වූහ!
මගේ රටේ අදේශපාලනික බුද්ධිමත්හු

කෙලෙස අදහන්න ද?
පාන් පෙත්තකි න්‍යාය..... රජ වසුරු නම් වෙඬරු ය
වයින් වඩියකි ප්‍රතිපත්ති..... හිස් වෙයි දෑස පියවෙයි
එදිනෙදා මිය යන මිනියක් වීම පහසුය
ආයු බල වර්ණ වඩා ගන්නට හොඳම මග එයමය

\"අහා ඒ මල්වඩම!
රජු එවන - අප පතන - කළ සේවයට සරිලන
මොක් පුරේ මහ දොරේ රහස් අංකය රැගත්
ශුද්ධ වූ මල්වඩම
නොපතන්නවුන් වේද ඉතිරිව?\"

ඔව් හිඳියි අතළොස්සක් නොමළවුන්
මේ කවිය උන්ට ය

මිනිසුනි අසනු..... අස්වැද්දිය යුතුය මුඩු හිස්
පෙරලමු නැවුම් පස..... වපුරමු නැවුම් බිජුවට
අවදියෙන් සිටිය යුතු..... රැකිය යුතු දළු දමන ලා ගොබ
ගැනිය යුතු දින ගණන..... එ ගස් තුරුණුව මල් දරන තුරු

කවියනි අසනු.... නිපදවිය යුතු පොහොර ද
පලිබෝධ ප්‍රතිරෝධ සහ සතුරු ප්‍රතිදේහ
ගොවියනු අසනු.... කම්කරුවන් ද සමගින්
අවැසිය හොඳම මල්..... කලක් අල්ලා සිටිය හැකි

නෙලිය යුතු ඒ මල්
හුයෙක අමුණා එකිනෙක සෙමෙන්
සැදිය යුතු සහසක් මල් වඩම්
එක සතුරෙකුට එක බැගින්

ලොකු බල්ලන්ට ලොකු වඩම්
පොඩි කුක්කන්ට පොඩි වඩම්

දිනෙක උදයක
වාසල් දොර ළඟ.....

ඔබට අපේ ආචාරය!


කිවුව වෙලාව- 2011-09-07 21:37:31
ලොකු මෙහෙම කියනවා :
හෘදයයි සාක්ෂිය....! ප්‍රණාමය. -ලොකු

කිවුව වෙලාව- 2011-09-07 21:11:02
A මෙහෙම කියනවා :
ඵල පොරක්නෙ!!!!!!

කිවුව වෙලාව- 2011-09-07 21:03:08
disa මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-09-07 18:39:18
s. godage මෙහෙම කියනවා :
දර්ශන හොඳයි... ඈමති හොන්දාආආආආආආආආආආආආආඅයි...... ඌයියා

කිවුව වෙලාව- 2011-09-07 18:08:44
Bandu මෙහෙම කියනවා :
දර්ශන මේදිස්
ඉතිහාසයේ බොහෝ දෙනෙකු මෙවැනි අන්දමේ වර්ජන කර ඇත්තේ ලාභ ජනප්‍රියතාව තකා යටි අරමුණු සහිතවය. . මෙවැනි දේවල් කොට වීරයන් වූ බොහෝ දෙනෙකු පසුව කීකරු පුස් පැටව් (උදාහරණ වාසු සහෝදරයා ) බවට පත් වූ අයුරු අප දැක තිබේ. එම නිසා ඉතිහාසය විසින් ඔබගේ මේ ක්‍රියාව ගැන විශ්චයක් දෙනු ඇත.
මම බන්දු


කිවුව වෙලාව- 2011-09-07 17:52:11
RPC මෙහෙම කියනවා :
කොන්දක් ඇති දර්ශනට අපේ ආචාරය

කිවුව වෙලාව- 2011-09-07 17:45:08
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දර්ශන මේදිස් ගෙන් තවත් වියමන්
කවි
උතුරින් දකුනට
කවි
ලතෙත
කවි
බිරිඳ නලුවා අමතයි!
Cine
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය
සිත්තර
පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook