Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
පසල් දනව්වකින් නැගෙන කවි ස්වරය - ගබ් පෙරහැර
බූන්දි, 02:02:32
සාර සුබාවට මල් නොපිපෙන දෙරණ
ඈත බිමක දුක් කඳුළැලි පොහොණි කර
දෑත රිදෙන කටු අකුලක දා වැඩුණ
කරඹ මලක් විය දුප්පත් මෙ කවි කම


ආනන්ද බණ්ඩාර [මංගල වප්පැන-2007]

කොළඹ කේන්ද්‍රීය ලාකීය කවි විජිතය තුල අබිසෙස් නොලද තවත් ප්‍රතිභාන්විත දක්ෂ තරුණ කවියෙකුගේ කවිකම් රැඳි කෘතියක් හඳුන්වා දීමට වෑයම් කරමි.

බොහෝ ලලිත කලා ක්ෂේත්‍රයන් වලට මෙන්ම කවිය ද කොළඹ කේන්ද්‍රීයව ස්ථානගත වන බව නොරහසකි. යම් කෘතියකට කාව්‍ය සමාජය තුල පවා කතා බහක් අවැසි නම් අඩුම තරමේ අග නගරයේ ස්ථානයක එය එළි දැක්වීම වත් කළ යුතුය. එසේ නොවන නිර්මාණ කෘති සංවාදයට බඳුන් වීම විරල කරුණකි. එයින් අදහස් වන්නේ කොළඹින් පිටත වින්දනය කළ හැකි නිර්මාණ කෘති පල නොවන බව නම් නොවේ. එබඳුව පසල් දනවු වලින් ඉපිද සංවාදයට බඳුන් නොවී නිහඩතාවයේ ගිලී මිය යන කෘති බොහෝ ගණනකි.

එවැනි ඉරණමක් ලද කෘතියකි, ආනන්ද බණ්ඩාර කවියා ගේ දෙවන නිර්මාණ එකතුව වන 'ගබ් පෙළහර' නම් කාව්‍ය කෘතිය. ඉහතින් උපුටා දක්වනු ලැබුවේ ආනන්ද බණ්ඩාර කවියාගේ 'මංගල වප්පැන' කෘතියෙන් ගත් කවකි.

මෙකී ගබ් පෙළහර කෘතියේ අඩංගු වෙසෙස් ලකුණු තුලින් කරුණු කීපයක් පමණක් ගෙන හැර දක්වමි.

තම ජීවිත වපසරියේ එදිනෙදා අනුභූති භාවිතය.

ගුරුවරයෙකු ද ගොවි ජනපද වාසියෙකු ද සැම මෙන්ම අවවර්ධිත ධනවාදයේ සාමාජිකයෙකු ද වන අප කවියා තම ජීවන වපසරිය කවියකට ගොනු කොට ඒ අතර පියවර නගයි. කෘතියේ නමින්ම එන ගබ් පෙළහර නම් කවියද එබන්දකි. පාසල් සිසුවියක් ගැබ් ගැනීම විෂය කර ගත් එය සහෘදයා කම්පිත කරවයි.

නුඹේ සමත්කම් ගැන කිසිදා නොඇරී
කතා සාප්පුත් ඇරිලා හැම තැනම
කතා නැතිව සිටියත් නුඹ අද ගොලුවී
කතා තටු ඇවිත් බොල් හුළඟේ පාවේ

කඳුළැලි හනික පිසදා නෙතු අග රැඳුණ
සුදු බඳ පටිය ලිහිලෙන් බැඳ ගන් දියණී
බමුණන් තබන නම් කොතරම් උනත් හිමී
සිදුහත් කෙනෙකු වෙන්නට බැරි නෑ පුතණූ


මෙකී කවිය කියවන විට සිහිපත් වන්නේ එක්තරා සිංහල සිනමා පටයක ස්වර්ණා මල්ලවාරච්චි නිලිය සිය සුදු ගවුමේ බඳ පටිය ලිහිලෙන් බැඳ ගෙන පාසල් යන දර්ශනයකි. මෙකවෙහි දී ඔහුගේ බැල්ම කුහක සුචරිත වත වළකා දයාර්ද්‍ර බව වහනය කරයි. 'පමා වෙලා වැහැපන් වැහි වලාවේ' නම් කවිය ගොවි ජීවිත විෂය කර ගනියි. 'ජංගම කුරුල්ලෙක් ඇවිදින් විභාගෙට, ජනපද පාසලේ සාහිත්‍ය දේශනය' ආදී බොහෝ විඳිය හැකි කවි පෙරකී අනුභූති භාවිතය පිළිබඳ කරුණ සනාථ කරවයි.

ජන කවියේ ආභාෂය

ජන කවියේ ඇසුරද නොමඳව ලබාගෙන ඇති අයුරු දක්නට ලැබේ. එපමණක් නොව එ කවි තුලින් පීඩිත ගොවි දන දිවිය ද විවරණය කිරීමට හේ උත්සාහ දරයි.

වාන් කෙතේ බැත ගන්නා වෙලාවේ
වාන් දමන උණු කඳුළැලි හිනාවේ
හීන් හීන තෙත් වෙයි හත් වලාමේ
පමා වෙලා වැහැපන් වැහි වලාවේ


(-පමා වෙලා වැහැපන් වැහි වලාවේ)

ඔබද මොබද ඔබ සොරබොර වැවාණෝ
හඩා දිය වදින මහවැලි ගඟාණෝ
හිතේ සවිය ඇති මහ යෝදයාණෝ
බුලත නුඹද මහ වැව බැඳි රජාණෝ


(-සොර බොර වැව් බඳ මත හිඳ)

බුද්ධං සරණේ ද බලේ
ධම්මං සරණේ ද බලේ
සංඝං සරණේ ද බලේ
දැන්නං යන්තරේ බලේ


(-කමත් නැති කවි)

බොහෝ සෙයින් ජන කවියෙන් ලද බුහුටි බව මේවායේ විද්‍යාමාන වෙයි. අතීතකාමී බව තුලින් සහෘදයා මේවාට ආශක්ත වෙයි.

පුරාතන සාහිත්‍ය ඇසුර

වර්තමානයේ අප පරපුරේ බොහෝ කවීන්ගෙන් මග හැරෙන කරුණක් වන මෙය ආනන්ද කවියා මග නොහරියි. ප්‍රාදේශීය ජන ශ්‍රැති ඇසුර, විදග්ධ කාව්‍ය වල සෙවණැළි ද මෙහි බොහෝ තැන් වල අපට මුණ ගැසෙයි.

බාල තෙල් නුසුන් සුවඳැති වරලාන
ලාබ කන් තෝඩු අබරණ පළඳාන
පීන පයෝදර යට දුක සඟවාන
සීත පාන්දර ලිප මොලවන පාන


සීත පාන්දර ලිප මොලවන පාන යන්න ප්‍රබල අරුත් ජනනය කරන යෙදුමකි. සමස්ත කවිය රිද්මය අතින් සැළලිහිණි සංදේශය සිහිපත් කරවයි. ප්‍රාදේශික ජනශ්‍රැති ඇසුරට නිදසුන් 'සොර බොර වැව් බඳ මත හිඳ' කවිය තුලින් දැක්විය හැකිය. කවියාගේ මුල් කවි එකතුවේ එන 'පුත්තු හත් පොරෝවි කවි' යන කවිය මෙහිදී නිතැතින්ම සිහියට නැගේ. එය ප්‍රාදේශීය ජන කතාවක් අප ජීවිත අත්දැකීමකට කැටිකොට පබැඳූ අපූර්ව නිර්මාණයකි. එහි එක් පදයක් අනාරාධිතව මෙහි බහාලමි.

නිදිවැරුවේ ගුටිකෑවේ නැගිටින්ට
ගල මුදුනේ ළිඳ කැපුවේ පැන් බොන්ට
මග වැරදුණි තටු ගිලිහිණි සියොතුන්ට
මද්දුම පුතා මග දැවුණේ බුදු වෙන්ට


-පුත්තු හත් පොරෝවි කවි
[මංගල වප්පැන - 2007]

මෙසේ බොහෝ සාධනීය කවි අතර අසාර්ථක නිර්මාණ ද නැතුවා නොවේ.

'මලක් විතර නම් නුඹ' වැනි කවියක් ගෙන එන අපූර්වත්වයක් නැත. සරළ රොමෑන්තික බවක් මිස අන් යමක් ඉන් ජනනය නොකරයි. එය ඔහුට අහිමි මාවතක යෑමකි. 'හිත අරන් යන්න හිතුවක්කාරෙට බැඳුණු' යන කවියද එවැන්නකි.

කවියා බොහෝ ප්‍රවේශම් විය යුතු ඉසව්වක් පිළිබඳව මෙහිලා සටහන් කිරීම වටී. එ පූර්වයෙන් ඔහු පබඳින ලද කවි වල ඡායාවන් නව කවි වලද දක්නට ලැබීමයි. එය බොහෝ කොට සිදු වුවහොත් ඔහුගේ කවි පුනරුක්ති කවි වීම වැළැක්විය නොහැකිය. මේ කවි විමසන්න.

වේවැල් කෝටු නාරං සියඹලා අතූ
මෙහෙව් ඉපල් වල ඇමිණී ගුණය මතූ
අප ගුරුතුමාණෝ සැමදා පිදිය යුතූ
ආ ගුරු පාරෙන්ම ආපහු ගෙදර යතී


ඉසිඹුලන ගුරුතුමනි
[මංගල වප්පැන - 2007]


වේවැල් කෝටු නාරං සියඹලා අතූ
මෙහෙව් ඉපල් වල ඇමිණී ගුණය මතූ
උතුම් සිතින් වත් වේවැල නොගත යුතූ
ඉතින් ගුරුතුමනි නොදැනුනිද ඒ තතු


විසඳනු බැරි යුක්තිය
[ගබ් පෙරහැර - 2010]


අනුභූති අතර සාම්‍යයක් දක්නට නොලැබුණ ද මෙය කවියා අවධානය යොමු කළ යුතු කරුණකි. නව පරපුරේ කවියන්ගේ කවි වල අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කරන විට පෙනී යන්නේ පණ ගැහෙන ජීවන අත්දැකීම් කම්පිත ස්වරයකින් සහෘදයා වෙත ගෙන ඒමට ඔවුන් දක්වන බුහුටි බවයි. පාෂාණිභූත සහ ආකාශගත කවි අමුණන සමහර ප්‍රවීණ කිවියරුනට ආදර්ශ සපයන මට්ටමේ නිර්මාණ නව කවි අතර දක්නට ලැබේ. නමුත් සමහර ව්‍යාජෝක්ති සහ පුහු රැඩිකල් බව හඟවන නිර්මාණ ද මේ අතර දක්නට ලැබේ. මේ පිළිබඳව මගේ අදහස් වෙනත් අවස්ථාවල ද දක්වා ඇත්තෙමි.
(කවිය කම්බස් කිරීමට එරෙහිව - රාවය, පශ්චාත්තාපී යුධ කවි පිළිබඳ සටහනක් - බූන්දි වෙබ් අඩවිය)

අනුභූතියට අදාළ ආකෘතියකින් නිමවා ඇති වුවද 'ගඟක් ළඟට ආ මවක් කී කවක්' නම් කවිය දෙස අවධානය යොමු කිරීමේ දී මෙවැනි ලකුණු පෙනී යයි.

වීරිය සිඳී ආ මුත් අපි බිලි වෙන්නට ගඟට
සූරිය සදිසි පුතුන් අරන් ආපහු යමි මගට
ලෙහෙණිය එදා මහ සමුදුරු ගොඩ කළෙ දරු දුකට
වීරිය ගෙන හදමි පුතුව උඩු ගං පිහිනන්ට


-ගඟක් ළඟට ආ මවක් කී කවක්

කවියාගේ පැතුම එය වුවද එය සමාජ යථාර්ථයෙන් එපිට ලඹ දෙන්නකි. තුඟු විසල් ප්‍රතිරූපධාරීන් පවා දියවී වැගිර ගිය මොහොතක, සමාජ ව්‍යාපාර පවා අනාථව සරණක් සොයන මොහොතක මෙවන්නක් සිදු වීම හාන්සිපුටු කල්පනාවක් පමණකි. සත්‍ය කතාන්දරය නම් දරුවන් ගඟට දැමීමය. මරා දැමීමය. මෙවැනි කවි 70 දශකයේ ඊනියා ජනතාවාදය වෙත පල්ලම් බැසීමකි. මෙම අනුභූතියම සිය සන්ධ්‍යා තීර්ථය පද්‍ය සංග්‍රහයේ රත්න ශ්‍රී විඡේසිංහයන් කවියට නගන්නේ මෙසේය. සමස්ත කවියම නොව කවියේ කිහිප පොලකින් උපුටා දක්වන්නේ ලිපියේ ප්‍රමාණය සළකාගෙනය.

......... සුරුවිරු පැණසර
දරුවන් වැඩු
සිරිලක් අම්මා
වැලට බර වෙලා
තව එක දරුවෙකු
ගංගාවට දැම්මා

බහ තෝරන දුප්පත්කම
හෙමිහිට පාවෙන්නා

....... තිත්ත කටුක කාඩි බිබී
ගිනි රස්නය දරනු නොහී
පපුව සිඳී
සිඟා ගත් බතින් දෙකටක්
අන්තිම වරටත් කැව්වා

ගෲෂා මෙන්
වැල් පාලම එතෙරව යනු බැරිවී
යකඩ අතින් දරුවා ඔසවා
ගංගාවට දැම්මා

කැඳ උගුරක්
බත් වේලක්
ඇඳුමක් උන්ට නොදුන්
සුදු ඇඳගත්
සජ්ජන පිරිවර
ඈට ගහන්නට
ඉස්තරම්ම ගල්
අසුලා
අසුලා දුන්නා

ගංගාවේ දිය රැළි උකුලේ
දිය බෙරලිය මල් තුරුලේ
කිසිදා නොසිඳෙන
කඳුළු බිඳක් තිබුණා
සෑ රදුන්ට පෙනුනා


මෙහිදී රත්න ශ්‍රී කවියා සහෘද හදවත් කම්පිත කර තවදුරටත් දේවල් පිළිබඳව සිතීමට ඔවුන්ව පොළඔවනවා විනා යා යුතු මාවත් පිළිබඳව නිර්ණයන් නොකරයි.

ආනන්ද බණ්ඩාර කවියා තම කවිය බුද්ධිවාදී වන්නේ නැතැයි නගන මැසිවිල්ල මෙවැනි සමහර කවි ලීමට ඔහුව පොළඹවන සාධකය විය හැකැයි සිතේ.

"මගේ කවිය හෘද සංව්දී ගුණය ඉක්මවා බුද්ධිමය ප්‍රකාශනයක් දක්වා වර්ධනය නොවීම පිළිබඳව මටද ඇත්තේ ප්‍රශ්නාර්ථයක්මය.."
-අවසරයි!
ගබ් පෙරහැර



කෙසේ වුවද ආනන්ද බණ්ඩාර කවියාගේ ගබ් පෙරහැර කෘතිය අවධානයට ලක් කළ යුතු මට්ටමේ නිර්මාණ ප්‍රමාණයක් අන්තර්ගත කෘතියකි.

පියුම් සත් පියුම් නොපිපෙන පාර දිග
සෙමින් මනිමි පියවර නොපියාම ඇස
ගමන් වාරු නැතිමුත් නොවැටී බිමට
කවෙන් කවට අමුණමි සුබ සිහින මම


-සක්මන (ගබ් පෙරහැර)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Gab Perahera 2010 By Ananda Bandara, Mangala Wappana 2007 By Ananda Bandara
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
isuru chamara somaweera මෙහෙම කියනවා :
සුබ පෑතුම් !!!

කිවුව වෙලාව- 2011-09-12 07:41:55
Gayan Gamage මෙහෙම කියනවා :
good macho

කිවුව වෙලාව- 2011-09-08 09:09:53
Krishan r මෙහෙම කියනවා :
කොළඹ කේන්ද්‍රීයව සියල්ල නිර්ණය වන මොහොතක ආනන්දගේ කවිය සම්බන්ධව ​කෙරෙන කියවීම අතිශය කාලෝචිතයි. මන්ද සමාජ ගතවිය යුතු කලා නිර්මාණයක් මෙවැනි අවකාශයකින් හෝ සමාජ ගතකිරීම

කිවුව වෙලාව- 2011-09-07 12:21:23
isuru prasanga මෙහෙම කියනවා :
anandage aththa jeewithayada ohuge awyaja kawiya tharam sundara ekak bawa ma danimi...

කිවුව වෙලාව- 2011-09-07 05:11:54
මුදාගේ. මෙහෙම කියනවා :
‘‘එයින් අදහස් වන්නේ කොළඹින් පිටත වින්දනය කළ නිර්මාණ කෘති පළ නොවනබව නම් නොවේ“ ඒක ඇත්ත. සදුන් තව තවත් කැලෑ මල් මේ අඩවියෙන් හදුන්වා දිම ගැන ඔබට ස්තුතියි!!!

කිවුව වෙලාව- 2011-09-06 10:24:26
එස්.කේ මෙහෙම කියනවා :
සදුන් ගේ විචාර මගින් බොහෝ විට සෙසු විචාරකයන් විසින් හිතා මතා හෝ වෙනත් හේතූන් නිසා හෝ මගෑරෙන නිර්මාණ සහ නිර්මාණකරුවන් පිළිබද අපගේ අවධානය යොමු කරනු ලබයි. ඔබගේ පරිශ්‍රමය අගය කරමි. ඇතැම් කාව්‍ය විචාරකයන්ගේ දේශන සහ ලේඛන දකින විට සිතෙන්නේ සිංහල කවිය කාව්‍ය විචාරයට වඩා බෙහෙවින් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සාපේක්ෂ වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවයි. මේ පරතරය පියවීමට සදුන් වැනි ලේඛකයන්ට විශාල මෙහෙයක් ඉටු කළ හැකිය.

කිවුව වෙලාව- 2011-09-06 09:55:03
Thushari Priyangika මෙහෙම කියනවා :
නෑසී යන්නට ඉඩ තිබුණු කාව්‍ය සංග්‍රහයක් පිළිබඳව අසන්නට සැලැස්වීමත්, සඳුන් ගේ විග්‍රහයත් අගය කරමි.

ස්තූතියි සඳුන්.


කිවුව වෙලාව- 2011-09-05 11:59:07
sithija මෙහෙම කියනවා :
කවි කවිම ය. පසල් දනව්වකින් නැගුන ද අගනුවරින් නෑගුන ද මුඩුක්කුවකින් නැගුන ද කවි කවිමය. හොඳ කවියෙක් ගැන හොඳ විචාර ප්‍රයත්නයක්- අගය කළ යුතුයි....

කිවුව වෙලාව- 2011-09-05 08:47:20
Malo මෙහෙම කියනවා :
Good work Sandun! Thanks.

කිවුව වෙලාව- 2011-09-05 06:54:57
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
පරාගේ "ක්ලැරා" සිරා ද?
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook