Darshana Medis මෙහෙම කියනවා :
Rohan / Lakshan wetha,
Me dinawala wenath shasthriya katayuththaka yedi sitimi. thawada, patakayange wenath adahas athnam ewada idiripath wu pasuwa pilithuru sampadanaya karami.
කිවුව වෙලාව- 2011-09-06 23:32:00
රොහාන් මෙහෙම කියනවා :
ලක්ෂාන් ට මේදිස් සහෝදරයාගේ උත්තරය මොකක්ද දන්නෙ නැහැ
කිවුව වෙලාව- 2011-09-06 12:07:36
nandun66 මෙහෙම කියනවා :
Comrade N.Weli. & A.C.H ,
GREAT !!
කිවුව වෙලාව- 2011-08-31 00:42:05
ඩබ්ලිව්. ඩයස් මෙහෙම කියනවා :
දර්ශන මේදිස් සහෝදරයාගේ ස්ථාවරය දෙමළ අරගලයේ අරමුණ වන වෙනම ශ්‍රම වැයික්කියක් හදාගැනීමට විරුද්ධව වන බැවින් අනුව ඔහුගේ විප්ලවවාදී පක්ෂය නොනවතින විප්ලවය ආරම්භ කරන තෙක් දෙමළ ජනයාට සිංහල ධනපති පන්තියේ ශ්‍රම වැයික්කිය තුළ මිනිස් ගෞරවය පවා අහිමි වහලුන් ලෙස සිටීමට සිදුවනු ඇත. මේදිස් විසින් පතුරු ගහන ජවිපෙයේ ස්ථාවරයද මෙයයි. එනම් ජවිපෙ විසින් සමාජවාදී විප්ලවය ජයගන්නා තෙක් දෙමළ ජනයා ජාතික පීඩනය විඳ දරාගත යුතුය.
ජවිපෙට අනුව කොටි සංවිධානය දෙමළ ධනපති පන්තියේත් අධිරාජ්‍යවාදයේත් උවමනාව මත රට කැඩීමට බිහි වු කුමන්ත්‍රනකාරී සංවිධානයකි. එයට දෙමළ ජනයාගේ පදනමක් නැති අතර දෙමළ ජනයාගේ ඉල්ලීම්ද නියෝජනය නොකරයි. අයිසිං ඉවත් කළ විට මේදිස්ගේ ස්ථාවරයද එයම වේ. දර්ශන පවසන පරිද කොටි සංවිධානය දෙමළ ජනාගේ ඉල්ලීම් නියෝජනය නොකළේ නම් ඔවුන් විසින් සිය ප්‍රදේශ තුළ දෙමළ ජනයා තබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් විය යුතුය. එසේ නම් දර්ශනගේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරය සමග පමණක් නොව “ දෙමළ ජනයාකොටින්ගේ යකඩ සපත්තුවෙන් බේරා ගැනීමට මානුෂික මෙහෙයුම දියත්කළ” රාජපක්ෂ පාලනයේ ස්ථාවරයද සමග සම්පාත වේ
@Lakshan
කිවුව වෙලාව- 2011-08-29 19:23:02
ලක්ෂාන් මෙහෙම කියනවා :
මවිසින් ඔබ වෙත යොමු කරන ලද ප්‍රශ්න කීපය වෙත ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතිය පළ කරමි. එකී ප්‍රශ්න සඳහා කෙටියෙන් පිළිතුරු ලිවීමට නොහැකි ය යන්න මම ද පිලිගනිමි. එහෙත් ඔබගේ දේශනයේදී ඔබ නිර්මාණකරුවන් නිවැරදි දේශපාලන දෘෂ්ටියක් ස්ථාන ගත විය යුතුය යන්න අවධාරණය කරන හෙයින් ඔබ විසින් නිවැරදි යයි යනුවෙන් අදහස් කරන දේශපාලන ස්ථාවරය කුමක් ද යන්න වඩාත් නිරවුල් කර ගැනීම පිණිසය මා විසින් ඔබ වෙත ඉහත ප්‍රශන කීපය යොමු කරන ලද්දේ. එහෙයින් එම ඇතැම් ප්‍රශ්න සදහා විජේ ඩයස් සහෝදරයාගේ පොත කියවන ලෙස නිර්දේශ කිරීම වෙනුවට මෙහි දීම යම් පැහැදිලි කිරීමක් කිරීමට ඔබ මදක් සාධාරණ වූයේ නම් වඩාත් අගය කරමි.
ජවිපෙය සහ LTTEසංවිධානයේ මූලික පන්ති පදනම සුළු ධනේෂ්වර සමාජ ස්ථරයන්ගෙන් සමන්විත වන්නේය යන්න මාගේ අදහසයි. එහෙත් ඉහත සංවිධාන දෙකටම කම්කරු පන්තිය ලෙස මාක්ස්වාදී අර්ථකතනය තුළ හඳුනාගන්නා සමාජ ස්ථරයන්ගේ ද යම් ප්‍රතිශතයක පදනමක් ඇති බවට ඇති දත්ත ප්‍රතික්ෂේප කිරීමට මා ඉක්මන් වන්නේ නැත. එහෙත් සිංහල සහ දෙමළ සමාජයන් දෙක වෙන වෙනම සැළකිල්ලට ගත්තද ලංකාවේ දේශ ව්‍යාප්තව පැතිරුණු එකම පන්තිය සුළු ධනේෂ්වරය යන්නත් පසුගාමී ධනේෂ්වර සංවර්ධනයේම විපාකයක් ලෙස පුළුල් සහ දීප ව්‍යාප්ත කම්කරු පන්තියක් ලංකාවේ නොමැති බවත් අපට පිලිගැනීමට සිදු වේ. කඳුකරයේ වැවිලි කම්කරුවන් ඔවුන් ලංකාව තුළ පැවැත්මට ඒමේ ඉතිහාසයේ සිටම සහ නිෂ්පාදන රටාවේ ස්වභාවය අනුවම සංවිධිත බලවේගයක් වුවද අප ගේ සංවාදයට බදුන් වී ඇති සංවිධාන දෙකෙහිම එකී කම්කරු පන්තිය කෙරෙහි ඇති බලපෑම අවම බැවින් මෙහිලා ඒ ගැන සඳහන් නොකරමි.
ජවිපෙයෙහි සහ LTTE හි පන්ති පදනම් ගැන සඳහන් කිරීමේ දී මා ඒවාට ඇති කම්කරු පන්ති පදනමේ සුළු ප්‍රතිශතය ගැන සඳහන් කිරීමෙන් වැළකුණේ සමස්තයක් ලෙස ගත් කළ ඒවායේ පන්ති පදනම සුළු ධනේෂ්වර පන්තිය වන නිසාත් මට මතුකළ යුතුවූ මූලික ගැටළුව වූයේ ඔබගේ දේශනයේ දී ඔබ LTTE ධනපති සංවිධානයක් ලෙස නිගමනය කිරීමට අදාළවත් වූ නිසාය.
පීඩිත ජාතියට අයත් ධනපති පන්තියට ද මහජාතියේ පීඩනය බලපාන බව ඔබ ද පිළිගනියි. ලංකාවේ ජාතික ගැටළුවට අදාළව දෙමළ ජාතියේ "ධනපති පන්තිය "වෙත සිංහල ස්වෝත්තමවාදී ධනපති පන්තියෙන් එල්ල වන පීඩනයේ ආකාරය කුමක්දැයි සිංහල සහ දෙමළ සමාජයන්හි ඓතිහාසික සංවර්ධනයේ විකාශනය තුළ තබා තේරුම් ගැනීම වැදගත්ය.
දෙමළ ධනපති පන්තිය පිළිබද භීතිකාව.
බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාව නිදහස ලබන විට ලංකාවේ ප්‍රධාන නිෂ්පාදනයන් වූයේ තේ පොල් සහ රබර් වගාවන්ය. මෙම වතුවගාවන්හි අයිතිය හිමි වූ බ්‍රිතාන්‍ය සමාගම්වලට අමතරව ස්වදේශිකයන් විශාල ප්‍රමාණයක්ද ඒවායේ හිමිකාරිත්වය ලබා සිටියේ බ්‍රිතාන්‍යයන් ලංකාවෙන් නික්මයාමටද පෙර සිටමය. මෙම වතුකාර ස්වදේශික ධනපති පන්තිය අතරෙන් කවර ප්‍රතිශතයක් සිංහලයන් නියෝජනය කළේද කවර ප්‍රතිශතයක් දෙමළ ප්‍රජාව නියෝජනය කළේද යන්න ගැන සොයා බැලීම “ දෙමළ ධනපති පන්තියක්” පිළිබඳ භීතිකාව තුළ ස්වකීය මහජාතිකවාදී ස්ථාවරයන් සැගවීමට යත්න දරන සිංහල සමාජවාදීන්ට වැදගත්වනු ඇත. සැබැවින්ම ගත්කළ ලංකාවේ ප්‍රධාන නිෂ්පාදන මාර්ගයන් වූ වැවිලි වගාවට සම්බන්ධ ස්වදේශික ධනපති පන්තිය අතර සියයට එකකවත් නියෝජනයක් “ දෙමළ ධනපති පන්තියට” හිමිව තිබුණේ නැත. මාක්ස්වාදී නිර්වචනයන් අනුව ධනපති පන්තිය ලෙස විස්තර වනුයේ නිෂ්පාදන මාර්ගයන්ගේ හිමිකාරීත්වය දරනා පන්තියයි.
එහෙත් විසිවන සියවසේ ආරම්භයේ එහෙත් දෙමළ ප්‍රභූ පැළැන්තියක් ලෙස හදුනාගත හැකි ඉහළ සුළු ධනේශ්වරයක් ලාංකීය දෙමළ සමාජය තුළ පැවැත්මට එමින් තිබිණි. නීතිඥ, ගණාධිකාරී සහ වෛද්‍ය වැනි වෘත්තීන් ආශ්‍රීතව සේවා අංශයෙන්ද තොග වෙළදාම ආශ්‍රිතවද එය සිදුවිය. නැගී ආ මෙම දෙමළ සුළු ධනේශ්වර ප්‍රභූ පෙළැන්තිය “ධනපති පන්තියක්” බවට පත්වීමේ ඓතිහාසික සංවර්ධනය එක්තරා මොහොතකින් පසු ඇණ හිටියේය. ඒ වැවිලිකාර සිංහල ධනපති පන්තිය බ්‍රිතානීන් විසින් ගොඩනගන ලද රාජ්‍ය යන්ත්‍රයේ අනුප්‍රාප්තිකයා බවට පත් වීමත් සමගය.
තේ, පොල් සහ රබර් ආශ්‍රිත වැවිලි ආර්ථිකය ව්‍යාප්තව තිබුණේ සිංහල ප්‍රදේශවලය. එහෙයින් එම නිෂ්පාදන ක්‍රියාවලියට සහභාගී වීමේ අවස්ථාවන් දෙමළ ප්‍රභූ පැළැන්තියට විවර නොවීය. සමාජ සචලතාව ලබාගැනීම සඳහා දෙමළ ප්‍රභූ පෙළැන්තියට තිබූ එකම මග වූයේ උසස් අධ්‍යාපනය ලබා රාජ්‍ය නිලධාරි පෙළැන්තියට ඇතුළු වීමත් සුළු හා මධ්‍යම පරිමාණයේ වෙළදාමත් පමණක් විය. මිෂනාරී පාසල් පද්ධතිය ඔවුනට ඒ සඳහා මහත් පිටුවහළක් විය. සිංහල ධනපති පන්තියට සාපේක්ෂව ආර්ථික ක්ෂේත්‍රයේදී ඔවුන් ලබා සිටි අවාසි සහගත තත්ත්වය යම් පමණකට හෝ දේශපාලන අරගලයේදී තුලනය වූයේ රාජ්‍ය සේවයේ සහ අධිකරණ ක්ෂේත්‍රයේදී දෙමළ ප්‍රභූ පෙළැන්තියේ බලපෑම ශක්තිමත් වීම නිසාය. ඉන්දීය ජාතික නිදහස් ව්‍යාපාරයේ ආභාෂය ලද යාපනය තරුණ කොංග්‍රසයේ ක්‍රියාකාරිත්වය විසින් ජාතික විමුක්තිය සහ ගරුත්වය පිළිබද හැගීම් දෙමල ජාතික විඥානය තුළ ගැඹුරින්ම දල්වනු ලැබූ අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය වෙනුවට සිංහල අධිපතිවාදය පීඩකයාගේ තැනට ආදේශවීමේ ප්‍රතිගාමී ක්‍රියාවලිය ආරම්භවීමෙන් පසුව දෙමළ ජාතික විමුක්තිකාමීන්ට සිදුවූයේ සිංහලයන්ගේ වර්ගවාදී ප්‍රතිපත්ති ස්වකීය අයිතීන් ආරක්ෂා කරගැනීමට යොමු වීමටය. බ්‍රිතාන්‍යයන් නික්ම යාමෙන් පසු රාජ්‍ය යන්ත්‍රය අත්පත් කරගත් සිංහල ධනපති පන්තිය සිංහල ස්වෝත්තමවාදී වැඩ පිළිවෙළ විසින් දෙමළ ප්‍රභූ පෙළැන්තිය බල රහිත කිරීමේ ක්‍රියාවලිය අරඹන විට එයට එරෙහි ශක්තිමත් ප්‍රතිවිරෝධයක් දැක්වීමට විද්වත් වෘත්තිකයන් විසින් නායකත්වය දෙන ලද දෙමල ප්‍රභූ පෙළැන්තියේ දේශපාලන පක්ෂවලට ආරම්භයේදී හැකියාවක් තිබිණි.
නිදහස ලැබීමට පෙර සිටම දෙමළ ජාතිය ජාතියක් ලෙස පැවැත්ම අහෝසි කර දැමීමට සිංහල ධනපති පන්තිය සැලැසුම් සහගතව කටයුතු කළ ආකාරය දැන් කිසිවෙකුටත් රහසක් නොවේ. රාජ්‍ය සේවය තුළ දෙමළ නිලධාරීන්ගේ බලය දුර්වල කිරීම සදහා පාර්ලිමේන්තුවේ සිංහල බහුතර නියෝජනය උපයෝගී කරගනිමින් විවිධ රැකියා උසස්වීම් සහ උසස් අධ්‍යාපනයේ සීමා කිරීම් සිදු කිරීමට අණ පනත් සම්මත කර ගැනීම එක් පියවරක් විය.
දෙමළ සහ වෙනත් සුළු ජාතීන් අත සැළකිය යුතු බලයක් තිබූ කොළඹ වෙළෙඳපොළ තුළ එම බලය අහෝසි කර දැමීමේ සටන් පාඨ මතුවූයේ අනගාරික ධර්මපාල යුගයේදීමය. 83 කළු ජූලියේදී දෙමළ ව්‍යාපාරික ස්ථාන විනාශ කර දැමීම එම සටන් පාඨ භාවිතයට නැගුනු ආකාරයට එක් නිදසුනකි. රාජ්‍ය මිලිටරිය විසින් මෙහෙයවන පැරා මිලිටරි කල්ලි විසින් දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම, ඔවුන්ගේ ව්‍යාපාර සහ දේපොළ විකුණා දැමීම සඳහා බල කරනු වස් දියත් කෙරී ඇති භීෂණය එය වර්තමානයේ ක්‍රියාවට නැංවෙන එක් ආකාරයකි.
රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වූ ජනපද කරණයේ ඉලක්කය වූයේ දෙමළ වාසභූමි වල අඛණ්ඩත්වය අහෝසි කර දැමීමේ ජාතිවාදී දේශපාලන සැලසුමකි. සංවර්ධනයේ නාමයෙන්සිදු වූ ඉඩම් කොල්ලයෙන් සිය වාසභූමි සහ ජීවිකාව අහිමි කරන ලද දෙමළ ගොවි ජනයා උතුරු නැගෙනහිර ඈතටම පලවා හරින ලදි.
ශක්තිමත් ධනපති පන්තියක් ලෙස දෙමළ ප්‍රභූ පෙළැන්තිය වර්ධනය වීම ස්වකීය අධිපතිවාදී අභිලාෂයන්ට තර්ජනයක් බව දුටු සිංහල ධනපති පන්තිය ඒ සඳහා වූ සියලු අවස්ථාවන් අහුරා දැමීමට රාජ්‍ය බලය යොදා ගත්හ. 80 දශකය ආරම්භ වන විටත් දෙමළ ප්‍රදේශවල සිංහල ප්‍රදේශ තරමට කාර්මික සංවර්ධනයක් සිදු වූයේ නැත. මේනිසාම උතුරු නැගෙනහිර ප්‍රදේශවල කෘෂි හා ධීවර ක්ෂේත්‍රවල කම්කරු දෛනික පදනම මත වැඩ කල කම්කරු ස්ථරයක් හැරෙන්නට සංවිධිත කම්කරු පන්තියක් බිහිවීම ද සිදු නොවීය. දෙමළ ජාතික විමුක්ති අරගලයේ පදනම් පන්තිය වශයෙන් සමස්තයක් වශයෙන් ගත් කළ ගොවි සහ ධීවර වැනි පීඩිත සමාජ පන්තීන්ගෙන් සැදුම් ලද සුළු ධනේෂ්වර පන්තිය බවට පත්වීම මේ අනුව අනිවාර්යයක් විය. 1970 දශකය අවසාන වන විට ප්‍රභූ පෙළැන්තියේ දේශපාලන පක්ෂවල නායකත්වයට දෙමළ ජාතික අරගලය මත වූ බලපෑමේ හැකියාව අවසන් වෙමින් තිබූ අතර එහි මෙහෙයුම් බලවේගය බවට සුළු ධනේෂ්වර පීඩිත පදනම්වලින් පැමිණි රැඩිකල් තරුණ කොටස් පත් විය. ඒ වටා එක් රොක්වී සිටි බහුජන පදනම වූයේද එකී පීඩිත සමාජ පන්තීන්මය. සිංහල ජාතිවාදී රාජ්‍යයේ ම්ලේච්ඡ මර්දනය විසින් සංහාරයකින් අවසාන කරන තෙක්ම ඔවුහු එම අරගලයේ පෙරටුගාමී බල ඇණිය විය. මේ සංහාරයට ලක්වූවන් අතර කවර ප්‍රතිශතයක් ධනේෂ්වර නිෂ්පාදන මාර්ගයන්ගේ හිමිකම දරන “ දෙමළ ධනපති පන්තිය” නියෝජනය වූවාදැයි මේදිස් සහෝදරයාට පෙන්වා දිය හැකිද?
ස්වයංතීරණ අයිතිය
සුළු ධනේෂ්වර පන්තියේ පහලතම පීඩිත සමාජ ස්ථරයන් අතරින් මතු වූ කොටි සංවිධානය ධනපති සංවිධානයක් බවට හංවඩු ගැසීමේ උවමනාව සසප සහෝදරවරුන් අතරින් පැන නැගෙනුයේ වෙනත් දේශපාලන උවමනාවක්ද ඉටු කරගනු සදහාය. ඒ ස්වයංතීරණය සදහා ජාතීන් සතු අයිතිය ප්‍රතික්ෂේප කිරීමට ස්වකීය ජාත්‍යන්තරය ගත් ස්ථාවරයට අනුව යමින් ස්වයංතීරණය සදහා දෙමළ ජාතිය සතු අයිතිය ප්‍රතික්ෂේප කිරීමට සසපය ගත් අවස්ථාවාදී ස්ථාවරය සාධාරණීකරණය කිරීමට හේතුවක් සපයා ගැනීමටය.
පීඩිත ජාතියේ විමුක්ති අරගලයට ගැරහීමට පීඩක ජාතියේ අවස්ථාවාදී සමාජවාදීන් විසින් බොහෝ විට කටයුතු කර ඇති බවට ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසයම සාක්ෂියකි. ලංකාවේ සිංහල වාමාංශයේ ඉතිහාසයද එයින් වෙනස් නොවේ.
ජාතික ගැටළුව සම්බන්ධව හෝ පීඩිත ජාතින්ගේ ජාතික විමුක්ති ව්‍යාපාරයන් සම්බන්ධව බොල්ෂෙවික්වාදී ස්ථාවරය කිසිවිටෙකත් පීඩිත ජාතියේ ධනපතීන් විසින් වෙනම “ශ්‍රම වැයික්කියක් තනාගැනීම” පිළිබඳ භීතිකාව විසින් නිර්ණය වූයේ නැත.
ජාතික පීඩනය පවත්වාගෙන යනු ලබන රාජ්‍යයක් තුළ පීඩිත ජාතිය තුළත් පීඩක ජාතිය තුළත් අභ්‍යන්තර පන්ති ප්‍රතිවිරොධතාවන් යටපත් වේ. නැතහොත් එම ප්‍රතිවිරෝධතාවන් මුහුකුරා යාම ඇණහිටී. පීඩනය පවත්වාගෙන යාම සදහා පීඩක ජාතියට අයත් පීඩිත පන්තීන් සහ ධනපති පන්තිය අතර සම්මුතියක් දේශපාලන ආර්ථික සහ සමාජ හේතුන් මත ඇතිවන අතර පීඩනයට එරෙහිව එවැනිම සම්මුතියක් පීඩිත ජාතියේ ධනපති හෝ වෙනත් වරප්‍රසාදිත පන්ති ස්ථරයන් සහ පීඩිත පන්තීන් අතර ඇතිවේ.
ලංකාවේ ජාතික ප්‍රශ්නය තුළ සිංහල ධනපති පන්තියත් සිංහල පීඩිත පන්තීනුත් සම්මුතියක් නිර්මාණය වූයේ ජාතිවාදී පීඩනය පවත්වාගෙන යාම සඳහාය. (එක් අතකින් මහාවංශය මත පදනම් වූ ඉතිහාසය විසිනුත් අනෙක් අතින් දෙමළ වාසභූමි වල ඉඩම් කොල්ලය මගින් සිංහල සුළු ධනේශ්වරයේ දැවෙන ඉඩම් ප්‍රශ්නයට විසදුම් සෙවීමට කටයුතු කිරීම වැනි කාරණාත් මෙම සම්මුතිය නිර්මාණය වීමේදී වැදගත් වැඩ කොටසක් ඉටු කරන ලදි.) පීඩනයට එරෙහි අරගලයේදී දෙමළ ප්‍රභූ පැළැන්තිය සහ පීඩිත සුළු ධනේෂ්වර කොටස් අතරද සම්මුතියක් නිර්මාණය විය.
ස්වයං තීරණ අයිතිය යනු බාහිර ජාතියක පීඩාකාරී ආයතන සහ දෙශපාලන බලයෙන් මිදී තමන්ගේ ඉරණම නැතහොත් ඓතිහාසික සංවර්ධනයේ මාවත තීරණය කිරීමට ජාතියක් සතුවන ප්‍රජාතාන්ත්‍රිය අයිතියකි. ස්වයංතීරණ අයිතිය නොහොත් වෙන්ව යාමට ඇති අයිතිය වෙනම රාජ්‍යයක් ගොඩනැගීමට ඇති අයිතිය ලෙසින් හැර වෙනත් ආකාරයකින් අර්ථදැක්විය නොහැකි යැයි ලෙනින් විසින් පැහැදිලි පෙන්වා දී තිබේ.
මාක්ස්වාදීන් ස්වයංතීරන අයිතියට පක්ෂවනුයේ පළමුව, මූලධාර්මිකව එම ඉල්ලීම ප්‍රජාතාන්ත්‍රික වන බැවිනි. දෙවනුව එය උපක්‍රමිකව නිර්ධන පන්ති අරගලයේ අවශ්‍යතාවන්ට වැදගත්වන හෙයිනි. ස්වයං තීරණ අයිතිය සඳහා පීඩිත ජාතිය සතු අයිතිය පිලිගැනීමට සටන්වදින පීඩක මහ ජාතියේ පීඩිතයා සහ පීඩනය පවත්වාගෙන යන පීඩක මහජාතියේ ධනපතියා අතර සම්මුතිය එමගින් බිඳ වැටෙන නිසා මෙන්ම එමගින් පීඩක ජාතියේ පීඩිත පන්තීන් සහ පීඩිත ජාතියේ විමුක්තිකාමී පීඩිත ස්ථරයන් අතර පන්තිමය සන්ධානයක් ගොඩ නැංවෙන බැවිනි. අනෙක් වැදගත් දෙය පීඩිත ජාතිය වෙන්ව යාමෙන් පසුව ගොඩනංවනු ලබන රාජ්‍යය තුළ එහි අභ්‍යන්තර පන්ති ප්‍රතිවිරෝධතාවන් වර්ධනය වීමට නිදහස් අවකාශයක් ගොඩ නංවනු ලැබීමයි..
ජාතික විමුක්තිය විසින් ජාතියක් තුළ අභ්‍යන්තර පන්ති වීභේදන ක්‍රියාවලිය මුහුකුරා යාමට අවශ්‍ය මූලික කොන්දේසි සකස් කරයි. ධනපතියාගේ සිට නිර්ධන පන්තිකයා දක්වාම විවිධ පරිමාණයෙන් පීඩිත ජාතියේ සියළු පන්තීන් අඩම්තේට්ටම් ඝාතන සහ වෙනස් ලෙස සැළකීම්වලට බඳුන් වනවිට එකී අකටයුත්තට වගකිව යුතු ජාතියට අයත් සමාජවාදියා පීඩිත ජාතියේ ස්වයංතීරණ අයිතියද ප්‍රතික්ෂේප කරමින් මර්දනකාරී රාජ්‍ය යේ දේශසීමාව තුළම ඔවුන්ව තබා ගැනීමට වක්‍රව සහාය දෙන ගමන් පීඩිත ජාතියේ පීඩිත පන්තීන් අමතා ඔවුන්ගේ ධනපතියන්ට එරෙහිව සටන්වැදීමට ආයාචනා කිරීම මුළුමණින්ම වංචාවකි.
දෙමළ ජනතාව සිංහල අධිපතිවාදයෙන් නිදහස් වූ පසුව “ ඔවුන්ගේ ධනපතියන් වෙනම ශ්‍රම වැයික්කියක්” තනාගනු ඇතැයි යන භීතිය හේතුවෙන් දෙමළ ජනයාගේ ස්වයංතීරණ අයිතිය ප්‍රතික්‍ෂේප කරන සිංහල සමාජවාදීන් නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ගැන කුමක් දෙසා බෑවද රාජ්‍යයේ දේශ සීමා පිලිබද සුළු ධනපති සහ ධනපති කෑදරකමෙන් සහ භීතිකාවෙන් මිදීමට අසමත්ව ඇති බව පෙනෙයි.
දර්ශන මෙසේ පවසයි.
"මේ කියන්නෙ එල්.ටී.ටී.ඊ සාමාජිකත්වය ගැන ද? කවියා තම පරිකල්පනරූප ඇති තරම් සංයුක්තව ඉදිරිපත් නොකිරීම නිස යි එම සැකය උපදින්නෙ. අනෙක් දෝශය තමයි, වර්ගය හා පන්තිය එකිනෙකින් වෙන් කර නොගැනීම. කොටි සංවිධානය නියෝජනය කෙරුවෙ දෙමල ජනතාවගෙ ඓතිහාසික අවශ්‍යතාව නෙවෙයි, දෙමල ධනේශ්වරයෙ වුවමනාව: අඩු තරමින්, දෙමල ශ්‍රමය සූරාකෑමේ අයිතියවත් තමන්ට හිමි වෙන්ට ඕන ය කියන පදනම උඩ. එසේ ම, කොලඹ ආන්ඩුව නියෝජනය කරන්නෙ සිංහල ධනේශ්වරයෙ වුවමනාව මිස සමස්ත සිංහලයන්ගෙ සිතුම්පැතුම් නෙවෙයි. මංජුල මුල් කාලෙ ලියූ කවි පදයක පවා මේ දෝශය හමුවෙනව:
“මේ පදය ලියැවී තියෙන්නෙ ඇරිස්ටෝටලියානු රූපික තර්කනයට අනුව. කවියා මෙහි දී, හුදෙක් සිංහලයෙකු වීම නිසා ම, තමා මත් වර්ගෝත්තමවාදියෙකුගෙ තැනට පිරිහෙලා ගන්නව: 'දෙමලාගේ තතු සිහලාට නොවැටහේ - වෙඩිවර්ධන සිහලෙකි - එහෙයින් ඔහුට ද දෙමලාගේ තතු නොවැටහේ!' ඇත්ත වසයෙන් ම, මෙය පන්තිය පිලිබඳ කාරනාවක් මිසක් වර්ගය පිලිබඳ කාරනාවක් නෙවෙයි. දෙමලුන්ගෙ දුක්ඛ දෝමනස්සය සිහලුන්ට නොතේරනව ම නෙවෙයි. පාලක සිංහල-බෞද්ධ ධනේශ්වරය එය ඔවුන්ට නොතේරෙන තැනට වැඩ සලස්වා තිබෙනවා. පාලකයො ජාතික සමගිය ගැන මතුපිටින් මොනව කිව්වත් ඒ අය ඇත්තට ම ඒකට බය යි. එම කඩතුරාව ඉවත් කිරීම හෙවත් ව්‍යාජ විඥානය දෙපලු කිරීමෙ අභියෝගය නූතන ප්‍රවනතාමය කවියා ඉදිරියෙ තියෙනවා.”
දර්ශන මතුකරන මේ අදහස් තුළ ඇඟවෙන්නේ දෙමළ ජන සංහාරය පිලිබද සමාජයක් ලෙස සිංහල සමාජයේ වගකිව නොයුතු බවද? එසේ පවසා ප්‍රගතිශීලින්ට දෑත් සෝදාගත හැකිද? සිංහල සමාජයේ බහුතරය ජාතිවාදී මර්දනය අනුමත කිරීම සහ විවිධ අකාරයෙන් සහාය දීම හේතුවෙන් මෙය සම්බන්ධව ඓතිහාසිකව වරදකරුවන් වන අතර ජාතිවාදී මර්දනයට එරෙහිවූ නමුත් එය වළකාලීමට අසමත් වූ අතළොස්සක් වූ සිංහල සමාජවාදීන්ද සහ ප්‍රගතිශීලින්හටද මේ වගකීමෙන් නිදහස් විය නොහැකිය.
“පාලක සිංහල-බෞද්ධ ධනේශ්වරය එය ඔවුන්ට නොතේරෙන තැනට වැඩ සලස්වා තිබෙනවා.”.
පාලක සිංහල බෞද්ධ ධනේෂ්වරයට මෙලෙස වැඩ සළස්වන්නට හැකි වූයේ ඔවුනගේ ජාතිවාදී වැඩපිළිවෙළට එරෙහිව සිංහල ජනයා පෙළගැස්වීමට අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ සිංහල සමාජවාදීන්ට නොහැකි වූ නිසාය.
1956 භාෂා පනත ගෙන එනවිට එක භාෂාවක් නම් රටවල් දෙකක්! භාෂා දෙකක් නම් එක රටක්” යනුවෙන් කරන ලද සුප්‍රකට ප්‍රකාශයේ සිට මේ දක්වා එබඳු අනාවැකි කීයක් සිංහල සමාජවාදීන් විසින් කර ඇත්ද? එහෙත් මහා ජාතිවාදි ජනසංහාරය වළකාලීමට සිංහල සමාජවාදීන්ට නොහැකි විය. මේ පිලිබඳව කිසිදු වරදකාරී හැගීමක් නැතිව හුදෙක් පීඩිත ජාතියේ විමුක්ති අරගලයට අවමන් කිරීම නිර්ධන පන්ති ජාත්‍යයන්තරවාදය නොවේ.
“ අප අපගේ දෛනික ව්‍යවහාරයේදී පීඩිත සුළු ජාතින්ට විවිධ අයුරින් අවමන් හිරිහැර කිරීම සම්බන්ධයෙන් මහා රුසියානුවන් වන අප ඓතිහාසික ව්‍යවහාරයේදී නිතරම වරදකරුවන් වී ඇත්තෙමු" යැයි ලෙනින් ලියූවේ ඔහු හෝ බොල්ෂෙවික්වාදීන් විසින් පුද්ගලිකව සුළු ජාතීන්ට හිරිහැර කිරීමක් සිදු කළ නිසා නොවේ.
පීඩිත ජාතීන්ගේ ජාතික විමුක්ති ව්‍යාපාරයන්ට නිග්‍රහ කිරීම මගින් මහජාතියේ සමාජවාදීන් ඇදවැටෙන්නා වූ අවස්ථාවාදී මඩ වගුර ගැන තේරුම් ගැනීමට අයර්ලන්ත නැගිටීම ගැන ලෙනින් ගේ මෙම සටහන කියැවීම වැදගත්වනු වනු ඇත.
“..මැයි 09 1916 බර්නර් ටග්වෂ්ට් නමින් සිමර්වල්ඩ් සහ වෙනත් සමහර වාමාංශිකයන් විසින් පළ කරන ප්‍රකාශනයක “ ඔවුන්ගේ සිංදු හමාරය” යැයි සිරස්තලය යටතේ කේ. ආර් නමින් පලකරන ලද ලිපියක අයර්ලන්ත නැගිටීම තුළ කල්ලි කුමන්ත්‍රණයකට වැඩි යමක් නොවිණි යැයි විස්තර විය. ලිපියේ කතුවරයා තර්ක කරන අන්දමට “අයර්ලන්ත ප්‍රශ්ණය කෘෂිකාර්මික එකකි” ප්‍රතිසංස්කරණ මගින් ගොවියන් අස්වසන ලදි. ජාතික ව්‍යාපාරය ඉතුරු වී ඇත්තේ එහි අරමුණ සඳහා කිසිදු සමාජ පිටු බලයක් නැති අතිශයින් ප්‍රාදේශිය සහ සුළු ධනේෂ්වර ව්‍යාපාරයක් වශයෙනි.
බියජනක ලෙසින් ආධානග්‍රාහී සහ පණ්ඩිතමානි මෙම ලියැවිල්ල, අයර්ලන්ත නැගිටීම “ ඩබ්ලින් කුමන්ත්‍රණය” ලෙස නම් කළ රුසියානු ලිබරල්-ජාතිකවාදී ඒ. කුලීෂර් මහතාගේ නිරීක්ෂණයන් සමග සම්පාත වීම අප පුදුමයට පත් නොකරයි. (Rech[112] No. 102, April 15, 1916)
“රෝගී සුළග කිසිවෙකුට යහපතක් නොගෙනෙන්නේ” යැයි යන ආප්තය සපත කිරීමට මෙන්, ස්වයංතීරණ අයිතිය ප්‍රතික්ෂේප කරමින් කුඩා ජාතීන්ගේ ජාතික ව්‍යාපාරවලට අවඥා සහගතව සැළකීම මගින් තමන් ගිලෙමින් සිටින්නේ කවර නම් ගොහොරුවකදැයි නොදැන සිටි බොහෝ සහෝදරවරුන්ගේ ඇස් ඇරවීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ සහ අධිරාජ්‍යවාදී ධනපති නියෝජිතයෙකුගේ අදහස් වල මේ අහඹු සම්පාතවීම සමත්වනු ඇතැයි සිතමු.
කල්ලි කුමන්ත්‍රණය යන වචනය එහි විද්‍යාත්මක අර්ථයෙන් තේරුමක් දෙනු ඇත්තේ නැගී සිටීම කුමන්ත්‍රණකාරයන් කීප දෙනෙකුගේ කවයක් විසින් හෝ මුග්ධ උන්මත්තකයන් රැසක් විසින් කරන ලද්දැකැයි ද මහජනයාගේ සහායක් නොලද්දේ යැයිද හෙළිදරවු වූයේ නම් පමණි.
විවිධ ඓතිහාසික අවධීන් පසුකරමින්ද විවිධ පන්ති උවමනාවන් ගේ සංයුක්තයක් ලෙසද බහුජන සහභාගිත්වයෙන් අමෙරිකාවේ පැවැති අයිරිෂ් ජාතික කොංග්‍රසයේදී, අයර්ලන්තයේ නිදහස උදෙසා සම්මත කරගත් නිශ්චිත ප්‍රකාශනයකින් සමන්විත වන්නා වූද (Vorwärts, March 20, 1916) ගැමි සුළු ධනේශ්වරයේ ස්ථරයක විසින් මෙහෙයවන ලද වීදී සටන්වලින් ද කම්කරුවන්ගේ දිගුකාලීන විරෝධතා,පෙළපාලී වලින් ද සහ පුවත්පත් මර්දනය ආදී කරුණු වලින් පෙන්නුම් කරන්නා වූ ද සියවස් ගණනක් පැරණි අයර්ලන්ත ජාතික ව්‍යාපාරය විසින් සිදු කළ නැගිටීම “ කල්ලි කුමන්ත්‍රණයක්” ලෙස හඳුන්වනු ලබන්නා එක්කෝ දැඩි ප්‍රතිගාමියෙකි. නැත හොත් සමාජ විප්ලවයක් යනු ජීවමාන ප්‍රපංචයක් ලෙස පිළිගැනීමට අසමත් ආධානග්‍රාහියෙකි.
සමාජ විප්ලවයන් යුරෝපයේ සහ යටත්විජිතවල කුඩා ජාතීන් ගේ කැරළිගැසීම් සහ එහි සියලු අගතීන් පවතිද්දීම වුවද සුළු ධනේශ්වරයේ තීරුවක විප්ලවවාදී කඩාපැනීම්වලින් තොරව, දේශපාලන වශයෙන් අවිඥාණික නිර්ධනීන් අර්ධ නිර්ධනීන්ගේ විසින් ඉඩම්හිමියන්ට පල්ලියට සහ වංශාධිපතියන්ට එරෙහිව කෙරෙන නැගිටීම්වලින්ද ද ජාතික පීඩනයට එරෙහිව කෙරෙන නැගිටීම්වලින් ද තොරව සමාජ විප්ලව සිදුවන්නේ නම් “ එක් හමුදාවක් එක පසෙක පෙළ සැදී “ අපි සමාජවාදය උදෙසා යැයිද, අනෙක් හමුදාව තවත් තැනක පෙළ ගැසී අපි අධිරාජ්‍යවාදය උදෙසා යැයි පැවසූ විට එතැන සමාජ විප්ලවය වනු ඇත. අයර්ලන්ත නැගිටීම කල්ලි කුමන්ත්‍රණයකැයි අවමන් කළ හැක්කේ එවැනි අමන පණ්ඩිතමානී අදහස් දරන්නවුන්ට පමණි.“අතිපාරිශුද්ධ” සමාජ විප්ලවයන් දැකීමට අපේක්ෂා කරන්නවුන්ට සිදුවනු ඇත්තේ සිය ජීවිත කාලය තුළ එවැන්නක් නොදැක මියයාමටය. එබන්දන් විප්ලවය යනු කුමක්දැයි තේරුම් නොගෙන ම විප්ලවය ගැන වාචාල දොඩවනු ඇත.”
අයර්ලන්ත නැගිටීම ගැන/ලෙනින්
දර්ශන මේදිස් සහෝදරයාගේ ස්ථාවරය දෙමළ අරගලයේ අරමුණ වන වෙනම ශ්‍රම වැයික්කියක් හදාගැනීමට විරුද්ධව වන බැවින් අනුව ඔහුගේ විප්ලවවාදී පක්ෂය නොනවතින විප්ලවය ආරම්භ කරන තෙක් දෙමළ ජනයාට සිංහල ධනපති පන්තියේ ශ්‍රම වැයික්කිය තුළ මිනිස් ගෞරවය පවා අහිමි වහලුන් ලෙස සිටීමට සිදුවනු ඇත. මේදිස් විසින් පතුරු ගහන ජවිපෙයේ ස්ථාවරයද මෙයයි. එනම් ජවිපෙ විසින් සමාජවාදී විප්ලවය ජයගන්නා තෙක් දෙමළ ජනයා ජාතික පීඩනය විඳ දරාගත යුතුය.
ජවිපෙට අනුව කොටි සංවිධානය දෙමළ ධනපති පන්තියේත් අධිරාජ්‍යවාදයේත් උවමනාව මත රට කැඩීමට බිහි වු කුමන්ත්‍රනකාරී සංවිධානයකි. එයට දෙමළ ජනයාගේ පදනමක් නැති අතර දෙමළ ජනයාගේ ඉල්ලීම්ද නියෝජනය නොකරයි. අයිසිං ඉවත් කළ විට මේදිස්ගේ ස්ථාවරයද එයම වේ. දර්ශන පවසන පරිද කොටි සංවිධානය දෙමළ ජනාගේ ඉල්ලීම් නියෝජනය නොකළේ නම් ඔවුන් විසින් සිය ප්‍රදේශ තුළ දෙමළ ජනයා තබාගෙන ඇත්තේ බලහත්කාරයෙන් විය යුතුය. එසේ නම් දර්ශනගේ ස්ථාවරය ජවිපෙ ස්ථාවරය සමග පමණක් නොව “ දෙමළ ජනයාකොටින්ගේ යකඩ සපත්තුවෙන් බේරා ගැනීමට මානුෂික මෙහෙයුම දියත්කළ” රාජපක්ෂ පාලනයේ ස්ථාවරයද සමග සම්පාත වේ
කිවුව වෙලාව- 2011-08-29 16:46:59
ඕලු පිපීලා මෙහෙම කියනවා :
මොකෑ මේ දොඩන්නෙ හැබෑටම.කවි මූණ එළියට දාගෙන යටින් කෝචොක්නෙ අයිසෙ දාන්නෙ .මුන්දලාට කවි කොයිබට ගියත් එකයි වගේ.
බොලා හතර වෙනි ජාත්යන්තර පාසලටම වෙලා සීසෝ පැදහල්ලා .
පනුවො ගහපු මාලු පාන් අස්සෙ කවි දාලා අනිත් උන්ට කන්න දෙන්න එපා ඕයි.ඔව්වා තනියෙම කාලා කවුරුත් නැති තැන් වලට වෙලා ඉන්නවා වට පිටාව ඟඳ ගස්සෙන්නෙ නැතිව.....!
කිවුව වෙලාව- 2011-08-22 14:06:16
JW මෙහෙම කියනවා :
පක්ශ පාට බලා කරන විචාර මට අභිමත නො වන නමුත් ඔබ මගේ පක්ශය විමසන නිසා පිලිතුරු දෙමි: මම ලියොන් ට්‍රොට්ස්කිගේ හතර වෙනි ජාත්යන්තරය අනුයමි. ට්‍රොට්ස්කි විසින් වෙනම පක්ශයක් නො පිහිටුවන ලද හෙයින් බොල්ශේවික් පාක්ශිකයෙක් ම වෙමි.ල0කාවේ සමාජවාදි සමානතා පක්ශයේ සාමාජිකත්වය නො දරමි. ට්‍රොට්ස්කි අනුයාමට එම පක්ශයේ සාමාජික කාඩ් පත උවමනා නො වන බව දනිමි. ඔබට ද එය තිබෙන බවක් නො දනිමි.......ඔබේ "ස0යුක්ත පිලිතුරට" උවමනා දේ දැන් සම්පූර්න ය.......කලාකරුවාගේ ඉදිරි දර්ශන උපුටා ගෑනීම සම්බන්දයෙන් ඔබට මතු වී තිබෙන ප්‍රශ්නයට ඔබේ ස0යුක්ත පිලිතුරෙන් පසු දීර්ග ව පිලිතුරු දෙමි. කලාකරුවා ඉදිරි දර්ශන සම්පාදකයෙකු ලෙස ගෙන ප්‍රශ්නයට අවතීර්න වන්නට මට නම් බෑරි බව පමනක් කෙටියෙන් කියමි.........බලලා මල්ලෙන් එලියට පෑනීමක් ගෑන ඔබ කියා තිබෙන අරුත් සුන් කතාව සම්බන්දයෙනුත් මා යමක් කිව යුතු නම් මට කිව හෑක්කේ ඔබ දුටුවේ බලලෙකු වුවත් නියම ලෙස එලියට ආවේ "සි0හ"යෙකු බව යි.
කිවුව වෙලාව- 2011-08-22 00:18:44
JW (ජනක වීරසිංහ) වෙත, මෙහෙම කියනවා :
අවසානයේදී බලලා මල්ලෙන් එලියට පැන ඇත.
ප්‍රවනතාමය කලාව පිලිබඳ මගේ ආස්ථානය විවේචනය කිරීම පිටුපස වෙනත් (දේශපාලන ) අරමුනක් පවතින බව පෙනේ. ඔබ මාක්ස්වාදයේ (ට්‍රොට්ස්කිවාදයේ )ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවක් අඟවා ඇත. මාක්ස්වාදය දෙතුම් පොලකම පවතින්නේවත් පවතින්ටවත් ඉඩක් නැත. එහෙයින් කරුනාකර ඔබ නියෝජනය කරන්නේ කුමක දේශපාලන පක්ශයක් දැයි හෙලිකල මැනව. එවිට මාගේ පිලිතුර වඩාත් සංයුක්තව ඉදිරිපත් කල හැකි වනු ඇත.
ඔබ කියන පරිදි \" හැම කල්හිම ප්‍රවනාත්මක\" කලාවක නිරතවන කලාකරුවා තම ඉදිරි දර්ශන උපුටාගත යුත්තේ විප්ලවවාදී පක්ශයෙන් නොවේ නම් වෙන අහවල් තැනකින් දැයි කියාත් දැනගනු රිසියෙමි.
මේ දිනවල වෙනත් හදිසි කාර්යයක නියැලි සිටින හෙයින් ඔබට ඉක්මනින් පිලිතුරු සැපයීමට මට හැකියාවක් නැත. ඔබ විසින් ජනනය කෙරුනු ව්‍යාකූලත්වය හේතුවෙන් නො මග යාමට ඉඩ ඇති පාඨකයන් උදෙසා යථාකාලයේ දී ඒ කටයුත්ත සපුරාලමි.
-දර්ශන මේදිස් -
කිවුව වෙලාව- 2011-08-20 08:51:51
JW මෙහෙම කියනවා :
දර්ශන, "ප්‍රවනතාත්මක කලාකරුවා" යන විකෘතිය යටතේ ඔබ තවත් විකෘති කන්දරාවක් එලිදක්වා තියෙනවා. කලාකරුවාට තම ඉදිරි දර්ශනය විප්ලවවාදී පක්ශයෙන් උපුටා ගන්න කියන විකාර කතාව, කලාව හා මාක්ස්වාදය දෙකම පිරිහෙලීමක්. ට්‍රොට්ස්කි, විප්ලවයට උර දෙන ලෙස "ප්‍රවනතාත්මක කලාකරුවන්ට" ආයාචනා කලේය යන්නත් විකෘතියක්.......... මේ විකෘතීන්ට එරෙහිව කරුනු දක්වනු පිනිස පොතක් ලිවිය යුතු වෙනවා. එයට මම සූදානම්. මුලින්ම අර ශුද්ද කලාව හා ප්‍රවනතාත්මක කලාව සම්බන්ද ට්‍රොට්ස්කිගේ අදහස (ඔබේ අදහස නෙවේ) හෙලි කිරීමට ඔබ යොමුවනු ඈතියි විශ්වාස කරනවා.
-ජනක වීරසිoහ-
කිවුව වෙලාව- 2011-08-17 22:11:54
mano fernando මෙහෙම කියනවා :
Com. Dharshna, Thanks lot for your lecture. Keep it up.
Mano Fernando.
කිවුව වෙලාව- 2011-08-17 08:22:37
Hashitha මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-08-15 22:27:53