Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
ප්‍රජාතන්ත්‍රවාදය!
බූන්දි, 20:37:12
උන්මාද- ප්‍රජාතන්ත්‍රවාදය! මේ වගේ බල්ලන්ගෙ සේවය ඕන මොන විදිහෙ ප්‍රජාතන්ත්‍රවාදයකටද කියල ඇයි ඔබ ඔඛෙන්ම අහන්නෙ නැත්තේ මිස් ෆෙලිති? මම කියල දෙන්නම්. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය එළියෙන් එන හීතල ඇතුළට නොඑන්න මානුෂික අයිතිවාසිකම් කියන තුනී හම පොරවගෙන ඉන්නව. නමුත් ඇතුළෙන්ම රත් වෙන්න පටන් ගත්තහම, පාලක පන්තියෙ කුණු ගඳ ගහන කුමන්ත්‍රණවලට අපේ ඉල්ලීම් යටපත් කරන්න බැරි වුනාම, ජනගහනයෙන් භාගයක් පින් දීමනා පෝලිම් වලට ඇදල දාල, තමන්ගෙ ලාඛෙ තියා ගන්න අනික් බාගෙම පඩි කැපිලිවලින් මිරිකල දාල, තවදුරටත් දෙන්න පොරොන්දු නැති වුනාට පස්සෙ, ඔහෙල වගේ ප්‍රතිසංස්කරණවාදීන්ට උන් වෙනුවෙන් ජනතාව සන්සුන්ව තියාගන්න බැරිවුනාම උන් උන්ගෙ හම ඉවත්කරල, ඔහෙලව කුණු කූඩෙට වීසි කරල දානව. ඉන් පස්සෙ උන්ගෙ දරුණුම වල් බල්ලො ටික අපි හැමෝගෙම ඇඟට උසි ගන්වනවා. උන් චිලියෙදි කළා වගේ.
(.......)
ෆෙලිති- චිලී ඛේදවාචකයෙයි මේකෙයි තියන සම්බන්ධෙ මොකද්ද?

උන්මාද- තමන්ගෙ ස්වාධීනත්වය! තමන්ට සුදුසු ධනවාදී නොවෙන ආර්ථීක ක්‍රමයක් වෙනුවෙන් පෙනී හිටින, ඕනෑම රටකට, ජාතියකට, ආණ්ඩුවකට, ජනතාවකට, පංතියකට විරුද්ධව ඇමරිකාව මුල්වෙලා ඩොලර් බිලියන ගණන් වැයකරල කරල තියන, කරන්න ලැහැස්ති කුමන්ත්‍රණ ගැන, සීතල යුද්ධය ගැන හොඳම උදාහරණයක් ඒක.

කොස්තාපල්- මොන මළදානයක්ද කරන්නේ?

උන්මාද- ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළතින්ම ටිකෙන් ටික එහි ස්වරූපය වෙනස් කළ හැකියි, කියන විකාර මතයෙන් කියන්නේ ධනපති රාජ්‍යය විනාශ නොකර කම්කරු පන්තියකට විමුක්තිය දිනා ගත හැකියි කියලයි, එතෙක් ඇමරිකාව ප්‍රමුඛ ලෝක නව අධිරාජ්‍යවාදය ඔහෙ බලන් ඉඳියි කියලයි.
(.......)
ජනතාවට විරුද්ධව සන්නද්ධ වුණු දේශපාලන පොලිසිය! ඔබ හැබෑවටම හිතනවද මේ ගොල්ලන්ව ඡන්ද පෙට්ටියෙන් නිරායුධ කරන්න පුළුවන් කියලා? ඒ ගොල්ලො මෙතන මොන බම්බුවකට ඉන්නවයි කියලද ඔබ හිතන්නේ?
මේ උපුටනය දාරියෝ ෆෝ ගේ Accidental Death of an Anarchistහී එච්. ඒ. පෙරේරා කළ සිංහල පරිවර්තනයෙන්. එච්. ඒ. සහ පරාක්‍රම නිරිඇල්ල එක්ව 'වරෙන්තු' නමින් නිෂ්පාදනය කොට 1995 ජූනි මස මුල් වරට රංග ගත කළේ මෙම පෙළයි. මේ කොටසේ එන උන්මාදගේ චරිතය එච්. ඒ. විසින් ද ෆෙලිතිගේ චරිතය චාන්දනී සෙනවිරත්න විසින්ද රඟ දක්වන ලදී. විජිත ගුණරත්න, 'සාක්කි' නමින් සිංහලට නගා නිෂ්පාදනය කළේ ද දාරියෝ ෆෝගේ මෙම නාට්‍යයයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Accidental Death of an Anarchist, Parakckrama Niriella, Chandani Senawirathna, Warenthu, Sakki, Wihitha Gunarathna
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දාරියෝ ෆෝගෙන් තවත් වියමන්
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
තවත් රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
දේශපාලන කිණිතුල්ලෝ
සාහිත්‍යය මොකටද?
මූදු පුත්තු නාට්‍යයෙන්
"චාල්ස් කුමාරයට ඕනෙ නං මං ගාවට එන්න කියන්න!"
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook