Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
ඔලිම්පියාවෙන් සමුගැනීම| රචෙල් කොරී
බූන්දි, 01:54:24
උපත ලද්දෙමු
යම් දිනෙක මියයමු
බොහෝ විට
යම් පමණකට හුදකලා වී

අපගේ හුදෙකලා බව වූකලී
ශෝකයට කරුණක් නොව
බියෙන් තොරව සත්‍ය ප්‍රකාශකරනු වස්
අප පොළඹවන්නක් නම්
කුමක් විය හැකිද?

අපගේ හුදකලා බව
ගතික රූපාකාරයක් ලෙස
වෙනස් කළ හැකි
අන්තර් ක්‍රියාකාරික දෙයක් ලෙස ලොව අත්දකිමින්
වික්‍රමාන්විතයන් සඳහා
අප යොමු කරවන්නක් මිස
අන් කවරක්ද?

බොස්නියාවේ හෝ රුවන්ඩාවේ
වෙනත් කොතැනක හෝ
මා ජීවත් වූයේ නම්
අනවශ්‍ය මරණය
මා හට දුරින් වූ
සළකුණක් නොවනු ඇත.
එය උපමාවක් නොව
යතාර්ථයක් වනු ඇත.
කවුරු නම් දනිත්ද?

මා හට
මේ උපමාවට
අයිතියක් නොමැත.
නමුත්
මවිසින්ම අස්වැසෙනු වස්
එය යොදා ගනිමි.
සුවිසල් සහ අවැසි නොවූ යමකට
අරුතින් බිඳක් දීමට.

මේ වැටහීම
මා වරප්‍රසාදිත ලොවක
දිවි ගෙවනු ඇති බවට වන
මේ වැටහීම

රුසියාවේ උණුදිය
මට සිසිල් කළ නොහැකිය.
මට පිකාසෝ වීමට නොහැකිය.
මට ජේසුස් වීමට නොහැකිය.
තනි අතකින්
මට ග්‍රහලෝකය ගලවා ගත නොහැකිය.

මට පිඟන් සේදිය හැකිය.

-රචෙල් කොරී
ගසා තීරයේදී ජීවිතය හමුවීම.
[දියැස. 2007 අගෝස්තු/සැප්තැම්බර්]

ඊශ්‍රායෙල් හමුදා විසින් ගාසා තීරයේ පලස්තීනය විනාශ කිරීම වැළැක්වීමට ඉදිරිපත් වූ 23 හැවිරිදි ඇමරිකානු ජාතික සාම ක්‍රියාකාරිනියක වූ රචෙල් කොරී බුල්ඩෝසර් යන්ත්‍රයකට යටකර මරා දැමිණ. [2003-03-16] ඇය එහි සිටි බව බුල්ඩෝසරය පැදවූ රියදුරා හොඳින්ම දැන සිටි නමුත් නිවාස විනාශ කිරීම සඳහා දිගින් දිගටම ඉදිරියට ඇදුණු බව ඒ මොහොතේ ඇය සමග සිටි අනෙකුත් විදේශිකයන් ප්‍රකාශ කරයි. පළමුව ඔවුහු වැලි සහ අනෙකුත් සුන් බුන් ඈ මත හෙලූ අතර අනතුරුව ඈ යට කරමින් බුල්ඩෝසරය ඉදිරියට ඇදුණි. අත් පා සහ හිස් කබල බිඳී ගිය ඇය වහා රෝහලට ඇතුළු කළ ද පසුව මිය ගියාය.

ගාසා තීරයේ "රාෆා"හිදී රචෙල් සිය ජීවිතය පීඩිත පලස්තීනුවන්ගේ නිදහස වෙනුවෙන් පූජා කළාය. ඇමරිකානුවෙකු වීමේ වරදකාරී හෘද සාක්ෂිය විසින් මෙහෙයවුණු ඇය අමෙරිකානු සහයෝගයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ ගෙනගිය සංහාරයට එරෙහිවීමේ වරදට ඇමරිකාවේම නිෂ්පාදිත බුල්ඩෝසරයකට යට කර මරා දැමිණ.

ඉහත කව ඈ ලියූ පහත එන කවෙහි පරිවර්තනයකි.

Farewell to Olympiya

We are all born
and someday we’ll all die.
Most likely
to some degree alone.

What if our aloneness
isn’t a tragedy?
What if our aloneness
is what allows us
to speak the truth
without being afraid?
What if our aloneness
is what allows us to adventure –
to experience the world
as a dynamic presence –
as a changeable, interactive thing?

If I lived in Bosnia or Rwanda
or who knows where else,
needless death wouldn’t be
a distant symbol to me,
it wouldn’t be a metaphor,
it would be a reality.
And I have no right
to this metaphor.
But I use it to console myself.
To give a fraction of meaning
to something enormous
and needless.

This realization.
This realization that
I will live my life in this world
where I have privileges.

I can’t cool boiling waters in Russia.
I can’t be Picasso.
I can’t be Jesus.
I can’t save the planet single-handedly.

I can wash dishes.

By Rachel Corrie — January 2003


Footage from Rachel's interview conducted by Middle East Broadcasting-



Rachel Corrie 5th Grade Speech-


මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rachel Corrie
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Vindya මෙහෙම කියනවා :
Nice one..she is great!!! although they killed her, they cant buried the truth..

කිවුව වෙලාව- 2011-07-04 04:02:27
Sandali මෙහෙම කියනවා :



කිවුව වෙලාව- 2011-06-30 23:09:42
dam මෙහෙම කියනවා :
vittorio arrigoni. an italian peace activist killed in gaza. 15-04-2011. pls make a letter abt him also.

කිවුව වෙලාව- 2011-06-23 13:39:48
Aruna මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-22 21:22:05
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පරිවර්තන කවි
යෑම සහ ඒම අතර
කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
අදේශපාලනික බුද්ධිමතුන්
මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook