Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ඉතිං හිත රතු කරගත්තෙ තරහට
බූන්දි, 00:12:25
කළුවර බිංඳු බිංඳු
යාන්තමට ඉහල දාල
තනියායක් වෙන්න කළුව සමන්නාපු
ලෝකෙ නැති පොත් වලින්
බිත්ති බැඳල වෙන් කරාපු
පුදුම නිහඬ අවකාශය....

කොයි කවුරුත් විද්‍යාර්ථ
ඇවිත් හොයැවිදින අණ්ඩර
බුද්ධියෙ මහ ප‍්‍රකාරයයි
පේ‍්‍රමෙට අපි
අත් පොත් තැබු පොත් ගුල

මාර නිශ්ශබ්ද ඉඩ ටික....

එතැන හිටවාපු කියවන මේසෙ උඩ
හිතින් බඹසර බිඳින පේ‍්‍රමය
කවියක නොතැවරෙන තරමටම ඇවිස්සෙන
නෑඹුල් පේ‍්‍රමය. හිතන්නත් කැමතිම එහෙම

කොච්චරක් නං නොතනිව
තනි පංගලමෙ. අපි අපේ හිත් වලම
දොඩමලු උනා උනත් එකපාරට
ගොඩක් කල් ගොළු තමයි
අපි තාම එකම තැන මෙහෙමම

ඇඟිල්ලෙන් ඇන ඇනා
හෝඩි පොත කියල දෙන කාලෙ වගෙ
තරමටම ලං වෙච්ච.
නැති එහෙම පොඩිකමක්
ඒත් ඇති හුරතලය
හිත් දෙකක ඇස් බැඳිල එක පොතක
එකම පිටුවක එක වෙලාවක
පේළි එක දෙක ගණන් කරනා මිනිත්තුවෙ

කට්ටිය එහෙ මෙහෙ උනොත් හෙම චුට්ටකට....

ලේ ගමන ඇනහිටින තරමටම හිතිවිල්ලෙ
ඇඟිලි තුඩගින් පාරවන ඇඟලි තුඩු
කප්පරක් බර දැනෙන
ඇස් ඉස් මස් කෑ ගහන
තප්පරෙක ඇසිල්ලෙක
පපු ගැබේ කැකෑරෙන
ආලවන්තකම් සේරෝම දිය කරල
සිත්තමක් අඳින්නම්
ඔය තොඳොල් තොල් වල....

ඓතිහාසික මොහොතකිය පේ‍්‍රමෙට
සිත්තමක් වූ පළවෙනිම තොත්තුව.

ඉතිං හිත රතු කරගත්තෙ තරහට ?
රෙගුලාසි පනවන්නෙ කොහොමද
හිතින් බඹසර බිඳින පේ‍්‍රමෙට....
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
saara මෙහෙම කියනවා :
This is a good one.

කිවුව වෙලාව- 2011-05-23 12:48:20
sanju මෙහෙම කියනවා :
ආස හිතෙන කවියක්.............

කිවුව වෙලාව- 2011-05-19 04:38:50
Ishan මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-19 03:31:01
sudarsana samaraweera මෙහෙම කියනවා :
@[madapatha]
ඒෙහම ෙදයක් ෙනෙමයි යාලුවා. කාෙලකට පස්ෙස කියවද්දි මට දැනුනු ෙද් කිව්ෙව.


කිවුව වෙලාව- 2011-05-19 01:10:49
Pasan Samaradiwakara මෙහෙම කියනවා :
I like this poem

කිවුව වෙලාව- 2011-05-18 23:11:07
madapatha මෙහෙම කියනවා :
එම්බා කවියො.. කවිය ලිවුවනම් කට පියාගෙන හිටු... උබටත් සක්තික සත් කුමාරගෙ ලෙඩේ හදී ගෙන එනවාද?

කිවුව වෙලාව- 2011-05-18 21:22:38
Damith මෙහෙම කියනවා :
ඒත් මට නං මේ කවිය අල්ලනවා

ඉතිං හිත රතු කරගත්තෙ තරහට ?
රෙගුලාසි පනවන්නෙ කොහොමද
හිතින් බඹසර බිඳින පේ‍්‍රමෙට....


කිවුව වෙලාව- 2011-05-16 05:27:19
sudarsana samaraweera මෙහෙම කියනවා :
මම ලිව්ව උනත් දැන් මට මේ කවිය එච්චර අල්ලන්නෙ නෑ.

කිවුව වෙලාව- 2011-05-16 04:48:03
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
පියාපත
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook