Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ටියුෂන් අතරමග බස් ලව් සාක්කිය...
බූන්දි, 22:03:16
වස්තුව-
පෙම් කිරීමේ වරද බස් එකකදී මාට්ටු වීම හේතුවෙන් අතරමග ටියුෂන් නතර කර දැමූ ඒ නිසාම විභාගයද අසාර්ථක වුණැයි කියන තරුණයෙක් තමන් ඇතුළෙ පණ ගැහෙන ද්වේෂයේ සාක්කිය මා අතෙහි තබා ගියේය.


නිර්බාධ ආදර ඇසුරකට
හිතන්නත් හිතක් නැති
වලංගු නැති විලංගු දැමු
බහ තෝරන අපෙ ලව් එක
සිකුරු එළියට ඇස් දෙන

ගැස්සෙන හින්දාම වමනෙ එන තරමටම
කවුරුවත් ඉඳගන්න එන්නෙ නැති
අම්බානක් සෙනග තැම්බෙන
උස සීට් බස් එහෙක පස්සහම සීට් එක
අර කිව්ව ආදරේ විඳින පොඩි ඉඩ ටික
බාලගිරි අදම එන හෙනහුරත් බැලුම් ලන

සුදනන්ට ගිය රටක
හැම හිතක් එතන දැන් කෑ ගහන

ඇහැ ගැටී නැහැදෙයි බියෙන
පොඩි උන්ගෙ ඇස් බඳින
ආයිමත් ඇස් පියන් වලදාපු මතක මෘත ගොඩ දාන
දරු හුරතල් බලන අම්මලත් හරස් වෙන

නීල්‍යාදී තෙල් ඔළුවෙ තවරගෙන
නිල් බයිස්කොප් ළඟින් සීරුවට ඉඳගන්න
බස්සෙකේ දැල් දමන් අනුපූරක හොයන
ලංකදීපේ ඇස් ඔබන් නොදන්නා ගමන් යන
පැන්ෂන් මුන්දැලත් හැම හවසටම සෙට් වෙන
අපිවම බයිට් කර වෙරි වෙන

ටෙලියෙ අම්බානක්
බණෙන් අපි ගිනි තියන
මරු බඩු තමයි සඟ ගන
රිය සකක් උකුළෙන් මැවෙන කොට
ඇහිඳගෙන ඉඟ සුඟක් කදිමට
කාටහරි පෙනුනද සැකෙන්
ලැම හොරාගෙන මල්ලේ ඔබාගෙන
හෙමි හෙමින් ඒ රූප අත ගාන...

හැරෙන තැපෑලෙන් ගෙදෙට්ට
විදුලියෙන් පණිවිඩ අරින
කොන්දොස්තරත් හරි පොර
හීනියට ජැක් ගහන

ගොඩවෙන්න කලියෙන් පිලට
පවුලෙ අය වැට කට්ට හිටවන
බාගයක් බැලු අහරෙං මෙහෙං අපි
පේ‍්‍රම ෆික්ෂන් එකකි ගෙදරත්.

මායිමකි. මායමක් කියයි පේ‍්‍රමෙත්..

දෙස් දෙවොල් මඩුවක් තියන
ආයි පාරක් හැමෝගෙම කට ඇරෙන
විබහගෙත් ඇනගෙන ලව් එකත් ඇන හිටින.

ඇපත් නෑ බඳින්නට...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
rapture.D මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-27 05:52:55
De.Vi. මෙහෙම කියනවා :
Mata hithenne ape aluth parapure kaviye heda ruwa meka wei kiyala.Tamange nirmana vilasaya nirbheethawa idripath kireema agaya karanawa.

කිවුව වෙලාව- 2011-04-25 23:25:09
happy man මෙහෙම කියනවා :
කවිය රසවත්.ඇත්තටම රසවත්.ඒත් මේ කවියේ අවසානය තවටිකක් මීට වඩා හැඩ කරන්න තිබුනා නේද කියලා හිතුණා.මොකද ඔබට ඒ හැකියාව ඕනෑවටත් වඩා තිබෙන බව හොදටම පේන නිසා.

කිවුව වෙලාව- 2011-04-23 19:48:15
panda මෙහෙම කියනවා :
meka nam niyamai!!!

කිවුව වෙලාව- 2011-04-23 00:30:42
‍මගෝඩිස් මෙහෙම කියනවා :
නියමයි මචං....
ලංකාවේ ගොඩාක් පත්තර කවියොන්ට කවිකම තිබුණට ඔළුව නෑ,
උඹට ඒ දෙකම තියෙනවා....දිගටම ලියපං,
උඹට‍ හොඳ අනාගයත් තියෙනවා කොල්ලෝ..


කිවුව වෙලාව- 2011-04-22 06:34:16
රුවන් බන්දුජීව මෙහෙම කියනවා :
සුභ පැතුම් සහෝ .....!!!

කිවුව වෙලාව- 2011-04-22 05:29:33
sudarsana samaraweera මෙහෙම කියනවා :
@[sanju]and [Nisha]
"කවි පොතක්" අදහසක් තියෙනවා. මං විතරක් නෙමෙයි ගොඩක් කවි ලියන අයට තියෙන "සල්ලි නැතිකමම" මගෙත් ප්රශනෙ කියල මෙතන කියන එකත් බෝරිං වෙන්න පුලුවන්. මොකද කවියන්ගෙන් ඔය කතාව අහලම ඒක සම්ප්රාදයක් වෙලා නිසා. ඒත් නොලියා ඉන්නත් බෑනෙ ලියපං කියල හිත බල කරනකොට. "ඉක්මනින්....." බලමු.


කිවුව වෙලාව- 2011-04-21 05:24:25
Nisha මෙහෙම කියනවා :
ඔව් ඔව් ඉක්මනටම!

කිවුව වෙලාව- 2011-04-21 04:32:48
sanju මෙහෙම කියනවා :
මෙ කවියත් එක්ක ඔයාගෙ "කවි පොතක්" ඉක්මනට ම...........

කිවුව වෙලාව- 2011-04-21 04:27:52
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
පියාපත
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook