Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ඇහිපිය බර නින්ද නේන රෑ මැදියම
බූන්දි, 04:19:27
ඇහිපිල්ලං හොඳටම බර
නින්ද නේන රෑ මැදියම
කවි හිතවත් අඬලන් නැති.
කී දේ නාහන හිතිවිලි
තුරුලේ උහුලමි හීතල

ෆිල්ටරෙත් අහිමිව
පිං මදිව ඉපදුන
කැප්ස්ටන් බටයක
බාල දුම් ගොබ
වළාකුළු මැද
අත් වැරැද්දක්
ඇස් පනාපිට
බින්ද පේ‍්‍රමයෙ
තිතක් නැති මතක ගොබ
ආයෙ ආයෙම ලියලනව
නින්ද නේන
ඇහිපිය බර රෑ මැදියම

දුං ගහන්න ඔච්චරටම
ඉදවනවද කෙහෙල් කැනැක්
පපු කැනැත්තෙ?
මිතුරු දෙඩිලි
ටොකු අනිනව...

බාල දුම් ගොබ
වළාකුළු මැද...

පියනත් අතුරුදං
වතුර පුරවපු
ෆ්රෑන්ක්ලින් බෝතලේ
විලංගු ලෑ කූඹි පොදියක්
උගුරටත් හොරා මගෙ
උගුරු බටෙන් රිංගුවා

හිතිවිලි නහර වල
හිතුමතේ උන් ලේ බොන
නින්ද නේන
ඇහිපිය බර රෑ මැදියම
බාල දුම් ගොබ
වළාකුළු මැද...

ජාන වලට කාවැදිච්චි
පිළිවෙලකට අඩුක්කරපු
අබ්බගාත දෘෂ්ඨිවාද
කොඳු ඇටේම කොනිත්තනව
නෑ මට ඉන් ඉස්පාසුව

ෆිල්ටරෙත් අහමිව
පිං මදිව ඉපදුන
කැප්ස්ටන් බටයක
බාල දුම් ගොබ
වළාකුළු මැද
අත් වැරැද්දක්
ඇස් පනාපිට
බින්ද පේ‍්‍රමයෙ
තිතක් නැති මතක ගොබ
ආයෙ ආයෙම ලියලනව
නින්ද නේන
ඇහිපිය බර රෑ මැදියම...

බාල දුම් ගොබ
වළාකුළු මැද...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sudarsana samaraweera මෙහෙම කියනවා :
@[ganga]
thanks for your comment akke. sometimes It may be that you told I'm writing for you. the thing is which I always beleive after my writing, I'm not owner of the work. The whole things I have written are Yours... Thanks so much.


කිවුව වෙලාව- 2011-04-21 04:46:27
ganga මෙහෙම කියනවා :
ඇත්තයම මල්ලි ඩයාගෙ කවි නම් මාරයි මම ලගාඩාක් වෙලාලට ඩයාගෙ කවි කියවනවා වෙලාවකට මට හිතෙනවා මේවා මට ලිව්ව ඒවද කියලා මම ඩයාට සුබ පතනවාං

කිවුව වෙලාව- 2011-04-21 04:30:48
sudarsana samaraweera මෙහෙම කියනවා :
කවිය ගැන සංවාදයක් නෑ කිය කිය මැසිවිලි නග නග බොහෝදෙනෙක් අතපිහදගනිද්දි අද වෙනකොට කිවි‍ය ගැන ඇතිවෙලා තියෙන සංවාදයේ ප්රබෝධය ඉතාම වටිනව. බූන්දිය වගෙ තැනක් ඒකට ඉතාම සාර්ථක පදනමක් සපයනවා. ඒකෙ කිසිම විවාදයක් නෑ.
කොහොම උනත් කවි ලියන්න මම තාම උත්සාහ කරන කෙනෙක්. ගොඩක්වෙලාවට ලියවෙන්න ඉඩ අරිනවා. කවිය කෙරේ ඔබ වැනි අත්දැකීම් ඇති අයගෙ ප්රතිචාර කවියෙකුට ලොකු අත්වැලක්. මට නම් ඒක හොදටම දැනෙනවා. පක්ෂග්රාහී නොවී දුරස්ථව ඉදගෙන කරන විචාරය හරිම වැදගත්. තමන්ටම උනත් තමන්ගෙම කවිය දිහා විචාරශිලී දුරස්ථභාවයකින් බලන්න පුලුවන්කම ලැබෙන්නෙ මේ ප්රතිචාර හරහා. ඒක කවියට විතරක් නෙමෙයි හැම කලාවකටම අවශ්‍යම දෙයක්. ඔයාල හැමෝගෙම ප්තිචාර වලට ස්තුති නොකර කොහොමද?

ස්තුතියි...!


කිවුව වෙලාව- 2011-04-08 23:09:52
Thushari Priyangika මෙහෙම කියනවා :
කවියො අතරෙ මෙවැනි අවංක අදහස් හුවමාරුව, කවියට, වඩා වැදගත් යමක් එකතු කරනවා.

සතුටුයි!


කිවුව වෙලාව- 2011-04-07 13:46:42
isuru chamara somaweera මෙහෙම කියනවා :
@සුදර්සන සමරවීර -
කව්ද කිව්වෙ හිතට අල්ලන කවියක් නෙමේ කියලා. හිතට අල්ලන්නවා බ0. ඒත් අර කොටස මට අවුල්.ඒක මම බලන කන්නාඩිය . ඒකයි කිව්වෙ. අනිත් හරිය සිරා. කුබි කතාව මාරම සිරා.


කිවුව වෙලාව- 2011-04-07 10:17:53
sajeewani kasthuriarachchi මෙහෙම කියනවා :
එහෙමම කියන්න බෑ මල්ලි. මට මෙ කවිය සිරි ගුනසින්හගෙ කවි මතක් කරනව. ජාන වලට කාවැදිච්චි
පිළිවෙලකට අඩුක්කරපු
අබ්බගාත දෘෂ්ඨිවාද
කොඳු ඇටේම කොනිත්තනව
නෑ මට ඉන් ඉස්පාසුව කියන කොට ඒක හොදට දැනෙනව. මන් හිතන්නෙ අපි වැඩි පිරිසක් තවමත් මහගම සේකර පසුපසින් යන පරම්පරාව වෙලා ඉන්න අතරෙ ඔයා සිරි ගුනසින්හගෙ ආභාශය සාර්තකව ලබල තියෙනවා. මට ඒක කරන්න ප්‍රතිභාව
නැ. ඔයාට තියෙන බව පේනවා. ඒ නිසා මන් හිතන්නෙ ඔයා තව දුරටත් ඔය මාර්ගය හැදෑරීම සින්හල කවියට වැදගත්.


කිවුව වෙලාව- 2011-04-07 04:39:15
sudarsana samaraweera මෙහෙම කියනවා :
@ [isuru chamara somaweera]

අයියා මට ඕන කලේ ඇස් පනාපිටම අත්වැරැද්දක් විසින් බින්ද මේ‍ ප්රේමය හා මේ පිරිමියට බැදුනු සම්මුතිගත දෘෂ්ටිවාද ගණනාවක් තියෙනවා. මෙයා ඒවත් එක්ක එකග නෑ. ඒත් සංස්කෘතිය තුළින් මනසට කාවද්දපු ඒවා නිසා මෙයාගෙ කොන්දට ප්රශ්නයක් ඒක. ඒ දෘෂ්ටිවාද ප්රශ්න කර කර තවත් ‍ප්රේමය ගැන හිත හිත ප්රතිසංස්කෘතික වෙන්න හැදුවත් හිතට වදයක් ඒක. ප්රේමය බිදෙන්නත් සමහරවිට මේවම බලපාන්නත් පුලුවන්නෙ. හැබැයි ආපහු ඒ දෘෂ්ටිවා‍දම ඒවට එරෙහිව හිතනකොට ආපහු බලපෑම් කරනවා. මෙයාගෙ අවුල වැඩිවෙන්නෙ තවත් මේ හින්ද කියන්නයි මං මේ පද ටික කවියට එකතු කළේ.
ඒත් මටත් හිතෙනවා මේක ඒ තරම් හිතට අල්ලන කවියක් නෙමෙයි කියල. කොහොම උනත් ඔයා කියපු දේට මම එකගයි.

thanks your comment aiya..


කිවුව වෙලාව- 2011-04-06 23:26:49
isuru chamara somaweera මෙහෙම කියනවා :
අනේ මල්ලි,

ජාන වලට කාවැදිච්චි
පිළිවෙලකට අඩුක්කරපු
අබ්බගාත දෘෂ්ඨිවාද
කොඳු ඇටේම කොනිත්තනව
නෑ මට ඉන් ඉස්පාසුව

කියන කොටස කවියෙ ලස්සන බිදලා දානවා. කවියෙ වේදනාව රිද්මය කඩනවා, අනිත් හරියෙ තියන කාව්යාත්මක ගතිය උදුර ගන්නව.


කිවුව වෙලාව- 2011-04-06 09:43:40
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
පියාපත
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook