Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
අප්‍රේල් සහ නොවැම්බර් වීරයෝ
බූන්දි, 03:32:00
මගේ වීරයාට වෙඩි තිව්වෙ
අවුරුදු විස්සකට
විතර කලියෙන්
නොවැම්බරයේ
එක්තරා දවසක
සිංහල අත්වලින්
කොකා ගැස්සුනු
තුවක්කුවලින්

නුඹේ වීරයාට
වෙඩි තිව්වෙ
අවුරුද්දකට කලියෙන්
අපේ‍්‍රල් දවසක
සිංහල අත්වලින්
කොකා ගැස්සුනු
තුවක්කුවලින්

මදි නොකියන්න
නීති ඇති රටක
මුත‍්‍රා කරන තැන
පෙම් කරන තැන
මල් පුදන තැන
වෙඩි තියන්න පුළුවන්ද?
රතු මලකට
නියඟලා මලකට
වැරදි කළ පලියට
උන් හිතන විධියට

අනුන් වෙනුවෙන් හදවත
ගලවා දෙන්න පුළුවන්ද?
දුෂ්ඨයෙකුට
මනුෂ්‍යයෙකුට මිසක
ඒ නිසාවෙන්
උඹේ වීරයාද මගේ වීරයාද
මනුෂ්‍යයෙකි.
වීරයෙක් වෙන්න පුළුවන්
මනුෂ්‍යයෙකුට පමනක් බැවින්

අනාගතේ දවසක
නුඹේ හදවතේ
ඉන්න වීරයා
මගේ වීරයා මෙන්ම
ෆෝන් එකක
ඩිස්ප්ලේ එකක
ඉන්න පුළුවන්ය.
අපේ වැරදි හදාගෙන
අනාගතේ දවසක
එකම සටන් බිමක
හමුවෙන්නට පුළුවන්ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sujeewa මෙහෙම කියනවා :
@අසංක;

කොහෙද මං වෙනස් දෙයක් කිව්වෙ. සාපේක්ෂ ව කියන වචනය දැක්කෙ නැද්ද?

වෙන හොඳ නායකයෙක් ඉන්නවා නම් කියන්නකො.


කිවුව වෙලාව- 2010-12-01 22:42:46
අසOක මෙහෙම කියනවා :
@sujiwa,
හොඳම නායකයා වන තුරු????

uba maha debiddek yako... eka thanaka kiyana eka neme anik thana kiyanne...


කිවුව වෙලාව- 2010-12-01 20:23:01
sujeewa මෙහෙම කියනවා :
@කරුණාරත්න;

[[සුජීව හා සෑමලාගේ බඩ කඳ පිමිබුනේ හැමදාමත් ආණ්ඩුවල ඉහල වැජඹෙන උන්ගේ කටු හූරා කෑමෙනි. ]]

කාගෙවත් මොකවත් ලෙව කෑමක් මං කරන්නේ නෑ. මගේ මතය වෙනුවෙන් පෙනී හිටීමක් පමණයි. වනචාරී කොටියා වඳ කරන්න ඕනෑ නිසා එයට සහය දෙන පාර්ශ්වය සමග සිටියත් අපි ඔබලා වගේ මොකක් හරි පැත්තක් ආගමක් වගේ බදා ගන්නේ නෑ.

මහින්ද රටට ඉන්න [සාපේක්ෂ ව] හොඳම නායකයා වන තුරු අපි ඔහුට සහය දෙනවා. ඔයාලා පුළු පිරිසක් ඇස් පොට්ට කරගෙන පස්ස පැත්තෙන් ලෝකේ දිහා බැලුවට හුඟක් මිනිස්සු ඕක තේරුම් අරන් ඉන්නේ.


කිවුව වෙලාව- 2010-12-01 12:01:48
කරුණාරත්න මෙහෙම කියනවා :
සුජීව හා සෑමලාගේ බඩ කඳ පිමිබුනේ හැමදාමත් ආණ්ඩුවල ඉහල වැජඹෙන උන්ගේ කටු හූරා කෑමෙනි. ඒ වෙනුවෙන් ඔවුන් කරන්නේ ඔවුන් නියෝජනය කරන පන්තියේ විනාශයට අවැසි ‍මතවාදයන් සමාජය තුළ පතුරා හැරීමයි. විමල් වීරවංශ වාචාල කටින් කරන දෑ අඩුවක් නැතිව නෙට් එක ඇතුලේ කරන්නට දඟලයි. ආණුඩුවේ හමුදා හා පැරා මිලිටරි කණ්ඩායම් 87-89 හා 2008-2009 නිල හා නොනිල අන්දමින් කළ ඝාතන, දූෂන, වධ දීම්, පොකුරු බෝම්බ දැමීම් වැනි තිරිසන් ම්ලේච්ච ගැන කිසිවක් නොකියා ආණ්ඩුවේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින මොවුනට පීඩිතයා ගේ අයිතිය විහිලුවකි. මොවුනගේ වීරයෝ මර්වින් සිල්වා වැන්නවුන් වෙන කළ මහජන සුජීවට. මහජන සෑම්ට සුරතල් වීමට තව වීරයෝ කුමටද?

කිවුව වෙලාව- 2010-11-24 17:35:59
sujeewa මෙහෙම කියනවා :
[[@කරුණාරත්න; සෑමා හා කොකා වැන්නවුන් පවතින මොනයම්ම හෝ රාජ්‍යයන් හි ධනවාදයට ලාවට මුක්කු ගසන කැණහිල් දේශලපාලන පෙරේතයින් ගේ කටු ලෙවීමට සූදානමින් සිටින තාක්කල් වීරයින්ගේ මරණයන් ට ඉඩක් නැතුවා නොවේ.රජයේ හමුදා හා ඔවුන්ගේ මිනීමැරීම් මොවුන්ගේ ගෙදර සාලයේ සුවයං වින්දනයයි. මොවුන් පාවා දෙන්නේ තාමත් පාරෙ බස් එකේ යන. රබර් සෙරෙප්පු දාන. එදා වේල කන තමන්ගේම නෑදෑ පරපුරයි. තමන්ගේම පන්තියයි. ඒ ඔවුන්ගේ චූන් වීමයි. ඔවුන්ට හෝ ඔවන්ගේ ඊලඟ පරම්පරාවන්ට කෙළවෙන්නේ ඔවුන් විසින්ම පස්ස ලෙවකන ධනවාදී දේශපාලකයින මතින් බව ඔවුන් ගේ මැටි මොලයට නොවැටහේ. වීරයෝ නැවත බිහිවෙතොත් ඒ ඔවුන්ටත් එක්කය. එතෙක් ඉවසමු!]]

මේකා කියන මහ ලොකු වීරයාගේ අණින් සෙරෙප්පු දාන බස් වල යන එදා වේල හොයා ගන්න එවුන් කුඩු පට්ටම් කරන්නට බෝම්බ එවන ලදී. එතකොට ඊටත් පහළ අඩියේ ඉන්න හද්දා පිටිසර ගම්වල පුංචි එවුන් දෙපළු කරන්නටත් බඩ දරු අම්මලා ට නොමිලේ සිසේරියන් කරන්නටත් යෙදුණේ මේකා ගේ මහ විරුවාය. තල් වැටෙන් එහා පාසැල් යන පුංචි එවුන්ට සයනයිඩ් කරල දී උන්ගේ බිල්ලෙන් මේකාගේ මහ විරුවෝ පණ බේරා ගෙන පලා ගියහ.

මෙහෙම නරුමයින්ට වීරත්වය අන්දන කරුණාරත්න වැනි කාලකණ්නින් නිසාවෙන් හෙට ද ඒකා කියූ සේ තවත් ඔහොම කාලකණ්නි වීරයින් බිහිවීමට ඉඩ ඇත. අමන පාදඩ වනචාරී ක්‍රියාවන් අගය කරන මේ කාලකණ්නින් ඊට වගකිව යුතුය.

ආණ්ඩු කරන එවුන් හෝ හමුදාවන් කරන හැම දෙයකට ම හුරේ දැමිය යුතු නොවූවත්, රට වනසන, මිනිසුන් [බොහෝවිට අහිංසක නිර්ධනයින්] මරා දමන නිර්ධන පන්තිය නියෝජනය කරන බවට මේකා වැනි උන් කඩේ ගොස් සිටින මහ ලොකු වීරයින් නතර කිරීමට, යුද්ධය අහවර කිරීමට, සාමය ලබා ගැනීමට කළ සටන පැසසිය යුතු වේ.

ඇස් පොට්ට වී ගොස් පශ්වාත් පෙදෙසින් ලොව දෙස බලන මේ මහා "උගතුන්"ට පේන්නේ එක පැත්තක් පමණි. එය ද උඩු යටිකුරු වීමෙනි.


කිවුව වෙලාව- 2010-11-22 23:57:31
Mila මෙහෙම කියනවා :
ඇත්ත..... අද සමාජයේ මනුෂ්‍යයෙක්වීම මරණීය පාපයකි

කිවුව වෙලාව- 2010-11-20 22:46:28
Bhagya Karunarathna මෙහෙම කියනවා :
Magee weerayaata wedi thiwwe
meeta awurudu 21 kata witahra kalin
aprel mase aga dawasaka..
apema gedara
apema kaamare
jansel sidurak thulin
rathu paata ath walin..

e ohuge hitha kola paata nisa...

@BLive


කිවුව වෙලාව- 2010-11-20 01:04:46
Aruna74 මෙහෙම කියනවා :
@KI

කිවුව වෙලාව- 2010-11-19 04:25:11
KI- මෙහෙම කියනවා :
'වීරයා' කියන වචනයට තියෙන්නෙ සාපේක්ෂක අර්ථයක්. ඒ හින්දා අයෙකුට වීරයෙකු වෙන කෙනෙක් තවෙකෙකුට ද්‍රෝහියෙක් වෙන්න පුලුවන්.
අයෙකුට විමුක්තිකාමියෙකු (හෝ ත්‍රස්තවාදියෙකු) වීරයෙකු බවට පත්වෙන කොට තවත් පිරිසකට එම විමුක්තිකාමියා (හෝ ත්‍රස්තවාදියා) ද්‍රෝහියෙකු වී ඔහුව මරා දමන්නා වීරයෙකු බවට පත්වෙනවා.

සමහරුන් පවතින ක්‍රමය ප්‍රශ්න කරන්නන් ද්‍රෝහීන් ලෙසත්, ක්‍රමය නරුම ලෙස නඩත්තු කරන්නන් වීරයින් ලෙසත් විශ්වාස කරනවා.

මේ හැම කෙනාම අඩුවැඩි වශයෙන් තමන්ගේ වීරයාට ප්‍රචන්ඩත්වයට හෝ මිනී මැරීමට ඇති අයිතියත්, ද්‍රෝහියාට එහි අයිතියක් නැති බවත් විශ්වාස කරනවා.

ඒ නිසා 'උතුරේ වීරයින්' මිනීමරන විට ඒ ගැන මාරාන්තික විරෝධයක් පෙන්නන සමහර අය ඊට උත්තර විදියට 'දකුනේ එයාල‍ගෙ වීරයින්' මිනීමරන එකත්, ඒකට පක්ෂ වීමත් සාධාරණීකරනය කරනවා.
ඒකේ අනිත් පැත්ත විදියට: තවත් සමහරු 'දකුනේ වීරයින්ට' මිනිමැරීමට තියෙන අයිතිය (?)ට විරුද්ධ වෙනගමන් එයාලගේ වීරයින්ට මිනි මැරීමට ඇති අයිතිය සාධාරණිකරණය කරනවා.

මේ ඔක්කොම අස්සෙ, ඇත්තම ඇත්ත වීරයින් සහ වීරයින් නොවන අය තීරණය කරන්නෙ ඔවුන් විසින් සමාජයට උරුම කරන දේවල් වලින් සහ ඔවුන්ගේ මැදිහත්වීමේ ස්භාවය මත. ඇත්ත වීරයින් සමාජ පීඩනයට, අසාධාරණයට විරුද්ධව කොන්දේසි විරහිතව පෙනී ඉන්න කොට, බොරු වීරයින් ගැලුවුම්කාරයින් විදියට එම සමාජ පීඩනය සහ විෂමතාවය වඩාත් හොඳින් නඩත්තු කරනවා. සමාජ පීඩනයට එරෙහි අරගලයේදී බෝධිසත්වයන් වැනි වීරයින් නැතිවා මෙන්ම, වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස නිශ්චිත ලෙස ඉරි ඇඳ පෙන්වන්නත් බැහැ.

ඉතිං වීරයා තවමත් මැරිලා නැහැ. ‍..

"
:
:
මදි නොකියන්න
නීති ඇති රටක
මුත‍්‍රා කරන තැන
පෙම් කරන තැන
මල් පුදන තැන
වෙඩි තියන්න පුළුවන්ද?
රතු මලකට
නියඟලා මලකට
වැරදි කළ පලියට
උන් හිතන විධියට

අනුන් වෙනුවෙන් හදවත
ගලවා දෙන්න පුළුවන්ද?
දුෂ්ඨයෙකුට
මනුෂ්‍යයෙකුට මිසක
ඒ නිසාවෙන්
උඹේ වීරයාද මගේ වීරයාද
මනුෂ්‍යයෙකි.
වීරයෙක් වෙන්න පුළුවන්
මනුෂ්‍යයෙකුට පමනක් බැවින්

අනාගතේ දවසක
නුඹේ හදවතේ
ඉන්න වීරයා
මගේ වීරයා මෙන්ම
ෆෝන් එකක
ඩිස්ප්ලේ එකක
ඉන්න පුළුවන්ය.
අපේ වැරදි හදාගෙන
අනාගතේ දවසක
එකම සටන් බිමක
හමුවෙන්නට පුළුවන්ය."


කිවුව වෙලාව- 2010-11-19 03:48:12
Hasantha Gunaweera මෙහෙම කියනවා :
This is very interesting and very confusing…..
the followers of one set of heroes promote the killers of their own heroes, as heroes to kill the "others heroes"…..

@BLive


කිවුව වෙලාව- 2010-11-18 22:06:13
කරුණාරත්න මෙහෙම කියනවා :
සෑමා හා කොකා වැන්නවුන් පවතින මොනයම්ම හෝ රාජ්‍යයන් හි ධනවාදයට ලාවට මුක්කු ගසන කැණහිල් දේශලපාලන පෙරේතයින් ගේ කටු ලෙවීමට සූදානමින් සිටින තාක්කල් වීරයින්ගේ මරණයන් ට ඉඩක් නැතුවා නොවේ.රජයේ හමුදා හා ඔවුන්ගේ මිනීමැරීම් මොවුන්ගේ ගෙදර සාලයේ සුවයං වින්දනයයි. මොවුන් පාවා දෙන්නේ තාමත් පාරෙ බස් එකේ යන. රබර් සෙරෙප්පු දාන. එදා වේල කන තමන්ගේම නෑදෑ පරපුරයි. තමන්ගේම පන්තියයි. ඒ ඔවුන්ගේ චූන් වීමයි. ඔවුන්ට හෝ ඔවන්ගේ ඊලඟ පරම්පරාවන්ට කෙළවෙන්නේ ඔවුන් විසින්ම පස්ස ලෙවකන ධනවාදී දේශපාලකයින මතින් බව ඔවුන් ගේ මැටි මොලයට නොවැටහේ. වීරයෝ නැවත බිහිවෙතොත් ඒ ඔවුන්ටත් එක්කය. එතෙක් ඉවසමු!

කිවුව වෙලාව- 2010-11-17 20:44:51
sam මෙහෙම කියනවා :
වීරයන් දෙදෙනා තොරාගත්තේ මාර්ග දෙකක්ය.අද දෙදෙනාම ජීවතුන් අතර නෑත.ගෑටලුව එතනම ඈත.එහෙයින් දෙපාර්ශවයටම පොඩු මගක් තොරා ගත හෑක..

කිවුව වෙලාව- 2010-11-17 19:29:34
පද්දා මෙහෙම කියනවා :
වෙඩිවර්ධන ගණයේ කොටියාට අමුඩයද ගලවාගෙන වන වනා කඩේ යන කවියක් බව පැහැදිලියි.

කිවුව වෙලාව- 2010-11-17 06:20:39
Veeraya මෙහෙම කියනවා :
විශිෂ්ට කවියකි.

කිවුව වෙලාව- 2010-11-16 22:00:35
Anonymous මෙහෙම කියනවා :
අම්මපා ඇත්ත!

කිවුව වෙලාව- 2010-11-16 21:56:02
sujeewa මෙහෙම කියනවා :
ඔව් ඉතින් මිනී මරන්න වීරයන්ට ලයිසන් තියෙනවා නෙ. ඌව මරුවම කට්ටියකට ඩෝං යනවා.

කිවුව වෙලාව- 2010-11-16 21:52:00
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කර්තෘ අඥාතයිගෙන් තවත් වියමන්
කෙටියෙන්
ස ම යං
පරිවර්තන
"පාට" මිනිස්සුන්ගේ පැනය
අදහස්
පිටුවහල් කවියා වෙත ලියමි
කරන්ට්ස්
ගොයි රජ්ජුරුවෝ
කරන්ට්ස්
නීති පීඨයේ සිසුවෙක් එස්.බී.ට ලියූ කව
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook