Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"මෙගා" සරිත් සාගරය නොහොත් නූතන අවජාතකය
බූන්දි, 03:18:32
තවද එක් සමයෙක්හි, සිරි ලක්දිව නම් රාජ්‍යයක ධර්මිෂ්ඨ නම් රජ්ජුරු කෙනෙකුන් බොහෝ සෙමින් රට පාලනය කරන කල්හි, රජ්ජුරුවන් වහන්සේට අයත් වන්නා වූ රූප පෙට්ටි විශේෂයක් පහල වන්නේය. මේවා මුන් වෙත පහළ කර වූවෝ එසේ කළේ හුදී ජන පර්ෂද් වෙත 'දැනුම, විනෝදය, අධ්‍යාපනය' ඈ නෙක පහළ කැරෙන කප් රුකක් මෙනැයි උපමා කොටය. තවත් කල් ගත වන්නේ ඊශ්වර විංසතිය මෙන් විය. සේරි වාණිජ කුලයේ වාණිජ්‍යයින් සමහරෙක්ද මෙකී රූප පෙට්ටි විශේෂය පරිහරනයට වන්නෝය. පෙර කල තණ කෙන්දක ගෑ තෙල් සුඟක් මෙන් අල්ප ගුණයක් පවා එසේ වූ රූප පෙට්ටි යෙන් ඉකුත් වැ යන්නේ විය.

මෙකල් හී මේ රූප පෙට්ටි විශේෂයේ 'මෙගා' නම් වූ විසූක දස්සන පෙළහරක් පැවැත්වෙන්නේය. මේවා ඇරඹි කල්හි, සියලු වැඩ අත හරින හුදී ජන පර්ෂද් එකී රූප පෙට්ටි ඉදිරිපිට පැල් ද අට්ටාල වෙට්ටම් ද බැඳ ඒ මත දෙනෙත් අලවන්නාහ. කවරේද යත්, යක්, බූ, පිසස් හූ මෙන්ය. තල මුත් තෙලෙට වේලෙති. මී වසුරු කුමට වේලෙත් කීවාක් මෙන් මෙනි.

එකී විසූක දස්සනයන්හි හස්ත විකාර මුඛ විකාර පාන්නෝ වනාහි තාවතිංසය, තුසිතය, ඈ සදෙව් ලෝ තුළින් බට දෙවි දේවතාවුන්ට සමානයහ. විටෙක පුරා රැයක් නිද්‍රෝපගතව අලුයම අවදිවන වේලේ පවා කබ කඳුලින් තොරව සිරුර සකල රූපලාවණ්‍යයෙන්ද, නේක අංජන ගැල් වූ වතින්ද අවදි වෙති. එකී පුරුෂයන් සිය සිරුර මහත්වැ පෙනෙන, නාරින්ටම හොබනා වූ සැට්ටා විශේෂයක් හඳිති. මිහිරි වූ හඬින් තොඳොල් බස් බෙණෙති. අංගනාවන් තද පරුෂ වචන බෙණෙති. එකෙණෙහිම චතු මදුරවන් මිහිරැති වදන්ද බෙණෙති. එකී සමජ්ජයන්ට ඇත්තේ එකම ජඨාවකි. ගැටයකි. ගැටළුවෙකි. කිමෙක්ද යත් 'ආලය' පමණක් මැයි. එක් අඟනකට බොහෝ පුරුෂයෝ පොරකත්. එක පුරුෂයෙකුට අඟනුන් හත් අට දෙනෙක් පොරකත්. එයම ඔවුන්ගේ ජීවන ලාලසාව වන්නේය. ඔවුන් බුදින්නේ රස පොළොව විය යුතුය. ඔවුනට කළ නොහැකි එක කාරියක් වන්නේය. ඒ 'රඟපෑම'නම් ප්‍රාතිහාර්ය පමණක් වන්නේය.

යටගිය දවසෙක, 'මේ මෙගා විසූක දස්සන තූ තූ කොට පර සක්වල ගසන්නෙමැයි'මැත දෙඩුවෝ පවා මී ඉටි, පහන් වැටි අබියස දියව යන්නාක් මෙන් මෙසේ වූ 'මෙගාවන්' අබියස දියව, හුණුව වැගිරෙති.

මෙසේ වූ විසූක දස්සන නරඹා චිත්ත ප්‍රමෝදයට පත් වන්නා වූ හුදූ ජන පරෂද් වනාහී රට කරවන්නා වූ රජ මැති ඇමැත්තන්ගේ මෑණිවරුන් පවා සිහිකොට පිං පෙත් පමුණුවා නාභිය මත්තට කැඳ පතක් වත් නොලද මුත්, නිවී සැනසී යන්නාහ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Television Dramas
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Ivan turgenew මෙහෙම කියනවා :
@Amila,
mokadda padanama...............?


කිවුව වෙලාව- 2011-01-20 01:24:27
අමිල මෙහෙම කියනවා :
@Machan,

ඔහොම දෙකයි පනහෙ කතා කියන්ඩ කලින් ඹයා ඹයාට පදනමක් ගොඩනගා ගන්ඩ. මගෙ ලෙඩේ ඔයාගෙ තරම් උත්සනන් වෙලා නෑ.


කිවුව වෙලාව- 2010-09-14 03:26:07
Machan, මෙහෙම කියනවා :
@අමිල,

monawada oya kiyawanne
wahaama doctor kenek hamabaweyan

umba kawuru wunath kamak naha


කිවුව වෙලාව- 2010-09-13 22:46:11
අමිල මෙහෙම කියනවා :
@Machan
මගේ මුල් ඇත්තේ ඔබේ මෙන් විදු දැනුම මෙන් නොව සම්භාව්‍ය සහිතයේ හා නව්‍ය ශාසත්‍රීයත්වයේ බැව් තරයේ කියමි. නිසරු අරුත් වාග් මාලාවක් ඔබගෙන් දකිමි. මම මෙගා ටෙලි වෘත්තාන්තයේ හෝ අනෙකක පැටැලී බැඳී නොමැත්තෙමි. පවතින සමාජ සංස්කෘතික තත්ත්වය බලෙන් වෙනස් කිරීමට ගොස් 71 සහ 89 කාලය තුළ සිදු වූයේ එය තවත් ශක්තිමත් වී පුස්සන් ලොක්කන් වීමය. මා විශ්වාස කරන්නේ පවතින සංදර්භය තුළට රිංගා එය වෙනස් කිරීම හෝ විනාශ කොට හරවත් දෙය ගොඩ නැගීම සුදුසු බැව් පමණි. බූන්දිය තුළ පරිකථනය ද එවැන්නකි.

ටොරන්ට් ගැන නෙවිමසුවේ නම් නම් මම ඔබ වියතෙක් යැයි සලකනු ඇත්තෙමි. සිංහලය හෝ සම්භාව්‍ය සාහිත්‍ය ගැන පරිකථනයට පෙර සිහල යුනිකේතනය පුරුදු වන්න. පරසුද්දාගෙන් කා බී ජාත්‍යාලය ගැන කතා නොකළ යුත.


කිවුව වෙලාව- 2010-09-13 22:40:15
Machan, මෙහෙම කියනවා :
@අමිල

හිස කකියන තෙක් කේත කොට
අවුල් වියවුල් සිඳ අවුත්
හිඳගත් බැවින් තෙහෙට්ටුව
නවාතැන්පොලේ
ප්ලාස්ටික් පුටුවක
රූ පෙළ පෙට්ටියේ
දුටු හුදු විනෝද මිහිර හැර
සද්ධර්මාලංකාරය බෑ නෙව කියවන්ඩ.

mama da oba menma ketha liyannekmi.
me katha baha saddarmalankaraya gana noweyi.
mega teli wigadam walin rahak lebenawaya hithanawa nam oba hudu KETHA liyannekma pamani.
KETHA liyannan dan pandurakata wisi paha bagini sitihi..
apata awashya raak nathi KETHA LIYANNAN nowa, rasa nahara athi honda deyak windanaya kala haki minisunya.

ketha liya mahansi wi gedara gos mega teli natya balana welawe honda film ekak download karagena balanna.

oba ketha liyanek nam torrents pawichchiya dannawa athine.


කිවුව වෙලාව- 2010-09-07 04:18:54
අමිල මෙහෙම කියනවා :
@Hudeejana
ආපහු හරවන්ඩ ආස හිතුන එක ගැනත් සංතෝසයි. මහපොළෙවෙ එහෙම උදාහරණ නෑ. පුලුවන් ද එක රටක් ගැන කියන්ඩ. නෑ. වෙන අයට බලපෑම් කරනවට වඩා අපේ දේ ගොඩ නංවා ගැනීම වටිනවා..


කිවුව වෙලාව- 2010-09-07 03:47:30
Hudeejana මෙහෙම කියනවා :
@Amila.... Dee kirata oya inne balallu sakki denda.. hondata wadi wela balapan malleeee... umbalawage un innakan mewa kawadawath aapassata harawanda be...

කිවුව වෙලාව- 2010-09-06 00:37:49
tharu22 මෙහෙම කියනවා :
elama kiri!

Posted by tharu22 to බූන්දි|BOONDI at 2 September 2010 09:35


කිවුව වෙලාව- 2010-09-05 23:07:27
අමිල මෙහෙම කියනවා :
හිස කකියන තෙක් කේත කොට
අවුල් වියවුල් සිඳ අවුත්
හිඳගත් බැවින් තෙහෙට්ටුව
නවාතැන්පොලේ
ප්ලාස්ටික් පුටුවක
රූ පෙළ පෙට්ටියේ
දුටු හුදු විනෝද මිහිර හැර
සද්ධර්මාලංකාරය බෑ නෙව කියවන්ඩ.


කිවුව වෙලාව- 2010-09-03 08:45:27
amila මෙහෙම කියනවා :
alakiri hode
sirawatama maru
thawa liyamu


කිවුව වෙලාව- 2010-09-03 05:25:25
දුලනි මෙහෙම කියනවා :
කතා ෙෙශලිය නම් සිත් ගන්නාසුලුයි. ඒත් ව්‍යාකරණ ගැනත් චුට්ටක් අවධානය ෙයාමු කළා නම් ෙහාදයි. (බහුවචන උක්තයකට බහුවචන අාඛ්‍යාතයක් ව ෙග්. [ෙම් අකුරු ඒහා ෙමහා යන ඒක නම් මෙග් වැරැද්දක් ෙනෙව්. software problem]

කිවුව වෙලාව- 2010-09-03 03:14:57
ASELA මෙහෙම කියනවා :
realy true story.

කිවුව වෙලාව- 2010-09-02 14:32:53
wasa මෙහෙම කියනවා :
sha niyamai ne

කිවුව වෙලාව- 2010-09-02 05:31:25
Machan මෙහෙම කියනවා :
machan machan patta jaathake ban
pattayi..
....
.....


කිවුව වෙලාව- 2010-09-02 05:11:07
Sujeewa මෙහෙම කියනවා :
ela kiri writing. But what can maha raja do about the nonsense brought by other "Maharaja"? If govt bans this wouldn't they call it a "breach of media freedom"?

කිවුව වෙලාව- 2010-09-02 03:54:20
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
පරාගේ "ක්ලැරා" සිරා ද?
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
තවත් අදහස් බූන්දි
හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
නයනහාරී නිමේෂ
මල්තුහින නොවේ මේ යාපනේ - இவைகள் யாழின் பனித்துளிகள் அல்ல
ඔටුවන් එක්ක නිදිවදින "බල්ලොත් එක්ක" බෑ.....!
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook