Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
THE GAME| "කිලින් ෆො ද එටර්නල් පීස්"
බූන්දි, 22:24:53
ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය තේමා කරගෙන පරිගණක ක්‍රීඩාවක් - පුවතක්

දැං ඉතිං ගහතැකි පුත්තුන්ටත්
තාත්තලාගේ මානුෂික ගේම්ස්
වර්චුවල් නන්දිකඩාල් ප්ලැට්ෆෝම්
ඔබා ‍බොත්තමෙන් බොත්තම්.

ඇඳ කැම’ෆ්ලාජ් - කැමති හැඩකට
උර දරා හෙවි වෙපන් - බර සාරෙට
නසව් !! දකින දකින උන්
නුඹලාට හැකි වෙයි දිනන්නට.
ලැබුනත් චාන්ස් - දැක මඟෑරුණු කෙල්ලන්
සුරැකිය යුතුව ඇත - ඩිසිප්ලීන්
තවම බල්ලට ගිහින් නැති
සදාචාරය - ඉලෙක්ට්‍රොනික්

රෙඩ් කොම්රේඩ්ස් පුළුවං නම්
විදිමු ක්ලස්ටර් බෝම්බ්ස් පරිස්සමෙන්
තෝරා බේරා සිවිලියන්ස්
රෝහල් සහ පාසල්.
සුළු ජාතීන්හට විමුක්තිය උනත්
හිමි විය යුතු නොවේ - මහජාතිය නොලත්
වන් ලෑන්ඩ් අපි තමයි වන් නේෂන්
දිනා ඉමු පීතෘ භූමිය මුලින්

හිමිවරුනි කහ සිවුර ලෙළැවූ
සෝපාකලා මිසින් - මළ සිරුරු ඇහිලූ
ඔබා ඔය බොත්තම - පුපුරවා සරණාගත නැව
පළන්දමු දිනා රජ කිරුළූ.
සෙත් පතා - නිදි වරා - පිරිත් ගැයු තරම්
ගහලයන් අත් පුරා නූල් බැඳි තරම්
නසා ඇනිමේටඩ් රුපු ඔද තෙද
පවක් නැත මේ කරන සෙල්ලමෙන්

කවියනි, මළ කවීන් කූද්දන
එන්න අත හැර ඔය කවිකම
සෙල්ලමට අපි කරමු
ප්ලේස්ටේෂන් වෝ එක.
සිංහලෙන් නිර්වාණය දැක දැක
මළ සමනලුන් - නොදැක්ක ගානට හිටියට
හැබෑවටමයි ඔය බොහෝ කිවිවර
විකුණුවේ දෙමළ හොඳහිත් ඉස්සර

වයිට් කොලර් බුද්ධිමතුනි
නුඹලාට පුළුවනි එන්ජෝයි කරන්නට
බ්ලැක් ලේබල් සමඟ තළු මර මර
නුඹලාගෙන් අබිසෙස් ලද මෙහෙයුම.
පුවරුවේ යතුරු එහෙ මෙහෙ කර
කොම්පියුටර් තිරය අද්දර
‘කිලින් ෆො ද එටර්නල් පීස්’
දැක ගනිව්! ලේ නොහැලුණු යුද්ධය.

2010 08
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
dimsom මෙහෙම කියනවා :
macha kotiya,deyak amathaka wela umbata.e kollange athapaya,ass dekata ehema wela tiyenne ai kiyla tikak hitapan.e kollo karapu kepa kiremata unta lebuna de mokadda?e okkotama hariynna maha eunnam lakunu dagana.marune sinhala eunda,demala eunda kiyala hoyana;meruna sinhala ekata aduma gane demala eun 5 wath maranna one kiyala kiyana umbala wage deshappremin innakan lankawe pahala una ha pahala weemata inna rajawarunge kalla mare.poddak therun ganin udde thiyanakotath,iwara unahamath udde wikuna gana kanne kauda kiyla

කිවුව වෙලාව- 2010-08-26 00:48:23
Kotiya මෙහෙම කියනවා :
Lokka.Issella lankawe itihasa poth tikak hoyala kiyawapan,lankawe danna kale idan tibbema Yudda,parana rajawaru set wela gema dunna hinda yantam meka itiri una..
me parat une e waage seen ekak,yudda karaddi reulai,kedai dekama be,Uba mehema pana getagahagena kawiyakwat liyanne komada kiyala ubata mataka neti wela.Yako maha unge kerum asse ata paya gihin,es 2 netiwa sadakal abbagata wechchi kollo set ekak innawa ,un wenuwen deyak karapan..Deyak liyapan.


කිවුව වෙලාව- 2010-08-24 23:21:05
Puran Appu මෙහෙම කියනවා :
Addo Mahesh....ela Kaviya ban....! kaalekin mehema sira kaviyak kiyewwe...?

Meke liyapu ekala kiyana katha ganan ganta epa... kohomath yudde wikunam kamu ban.... okata yudde thiyentama ooneya..?

un game gahanawa...api kavi liyamu ban!!!


කිවුව වෙලාව- 2010-08-21 13:43:35
අමරේ මෙහෙම කියනවා :
ඇන්ටී......!!! මෙන්න සෑමා ගෙදරින් පැනලා පාරේ යන ඈයින්ට පාට් දානෝ!!

කිවුව වෙලාව- 2010-08-21 02:58:42
lucky මෙහෙම කියනවා :
Is this Poem a problem for you Sam aunty? Anything is a problem for fake Patriot-Racist scumbags like Sam P

කිවුව වෙලාව- 2010-08-20 07:50:06
Baba මෙහෙම කියනවා :
sam auntiyo
menna oyage pomaneriyan poosa ape waththata panala aayeth kakki danawa...


කිවුව වෙලාව- 2010-08-20 04:38:21
Wishnu මෙහෙම කියනවා :
adow menna sam uncle awith.. me paara ayurvedic tokak denawa.. defence wire eka bankolothda ado?

කිවුව වෙලාව- 2010-08-20 04:36:44
Sam Perera මෙහෙම කියනවා :
Anything is a problem for fake humanist-eelamist scumbags like Mahesh Munasinghe. Side of the brain that could have recorded LTTE and Eelamist crimes against innocent people of Sri Lanka seems to be dead. Instead, he tries to blame a video game. Can somebody give this doofus some peyaawa please.

කිවුව වෙලාව- 2010-08-20 04:33:15
Chukka මෙහෙම කියනවා :
කවියනි, මළ කවීන් කූද්දන
එන්න අත හැර ඔය කවිකම
සෙල්ලමට අපි කරමු
ප්ලේස්ටේෂන් වෝ එක.

maxa!


කිවුව වෙලාව- 2010-08-20 01:12:15
A. Kadirgamar මෙහෙම කියනවා :
PRABALA KAWIYAKI
MAHESHGE SUPURUDU RIDMAYA SAMAGA


කිවුව වෙලාව- 2010-08-19 23:02:28
sujeewa මෙහෙම කියනවා :
hitha sahenna ridila vage. hik hik hik

කිවුව වෙලාව- 2010-08-19 22:34:59
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook