Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
Annie Hall
බූන්දි, 22:54:25
ඇනී හෝල් චිත්‍රපටියේ පමණක් නොව තම වෙනත් චිත්‍රපටවල ද වූඩි ඇලන් පෙනී සිටින්නේ සිත් තැවුල් සහිත දිවියක් ගෙවන හිස්ටරිකයකු ලෙසිනි. අනියත බිය සහ හසුරුවා ගත නොහැකි ශෝකය පළ කරන නළුවකු ලෙස ඔහුගේ සිග්නේචරය සිනමාව තුළ සටහන් වී තිබේ. ඔහු පුරුෂ සිංහයකු වැනි හොලිවුඩ් නළුවා පිළිබඳ පුද්ගලවාදී මිථ්‍යාව බිඳ දමයි. ප්‍රති - නළු සහ ප්‍රති - පුද්ගලවාදී නිරූපණය මධ්‍යයේම ඔහු විසින් මතු කරනු ලබන වටිනා භූමිකාවක් තිබේ. එනම් ඔහු සිතන්නකු හෙවත් සිතන පතන විෂයක් වීමයි. ඔහු සිතන මැසිමකි. ඊනියා සමාජ සහ සංස්කෘතික කොන්දේසි ඉක්මවා ඔහු සිතයි. ඒ සිතීම නිල සමාජයට අනතුරකි. ඔහු පාරේ යන එන අතරේ සිතයි. කෑම කන අතරේ සිතයි. පෙම්වතිය සිප ගන්නා අතරේ සහ සයනේ සිටින අතරේ සිතයි. යමෙකුට යමක් කියමින් සිටින අතරේ ඒ මොහොතේ තමා සැබැවින්ම සිතන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක් බව ප්‍රෙක්ෂකයාට පැහැදිලි කරයි.

ඇනී හෝල් චිත්‍රපටියේ එක් අවස්ථාවක ඔහු තම පෙම්වතිය වන ඇනී සමග චිත්‍රපටියක් බැලීම සඳහා ටිකට් පෝලිමේ රැඳී සිටියි. ඔවුන්ට පසුපසින් සිටින මහාචාර්යවරයෙක් ගැහැනියක් සමග තොරතෝංචියක් නැතිව දොඩවයි.

ෆිලිනිගේ චිත්‍රපටිවල ව්‍යුහය ගැනත්, සැමුවෙල් බෙකට්ගේ ශෛලිය ගැනත්, ප්‍රහසනකරුවාගේ දෘෂ්ටිය ගැනත් දොඩන ඔහු අන්තිමේ දී තම විමර්ශනය ජනමාධ්‍ය චින්තක මාෂල් මැක්ලුහාන් සහ රූපවාහිනියේ බලපෑම වෙත යොමු කරයි. වූඩි ඇලන්ට එය කන්කරච්චලයකි. ඇලන්ගේ විවේචනය ඉදිරියේ ප්‍රොෆෙසරයා මෙසේ කියයි. 'මට මගේ අදහස ප්‍රකාශ කරන්නට බැරිද? මේක නිදහස් රටක්!' එවිට වූඩි ඇලන් මෙසේ කියයි. 'හරි එහෙමයි කියමුකෝ. ඒත් ඔච්චර හයියෙන් කියවන්න ඕනද? එච්චර උජාරුවට මෙතැන බණ කියන්න ලජ්ජා නැද්ද? ලොකුම විහිළුව මේකයි. තමුසෙ මාෂල් මැක් ලුහාන් ගැනවත්, එයාගෙ පොත්පත් ගැනවත් මෙලෝ දෙයක් දන්නේ නැහැ' පැතලි මහඇදුරා ඊට මෙලෙස ප්‍රතිචාර දක්වයි. 'හලෝ මං කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ටීවී මීඩියා සහ සංස්කෘතිය ගැන ඉගැන්නුවා. මං කල්පනා කරන හැටියට මාෂල් මැක්ලූහාන් ගැන මගේ දැක්මට වළංගුභාවයක් තිබෙනවා. වූඩි ඇලන් එවිට අපූරු වැඩක් කරයි. ඔහු චිත්‍රපටි පෝස්ටරයක් පසුපසට ගොස් ජීවමාන මාෂල් මැක්ලුහාන් කැඳවාගෙන එයි. 'කියන්න මෙයාට' වූඩි ඇලන් මහලු වින්තකයාට කියයි. මැක්ලුහාන් මෙසේ මහාචාර්යවරයා අමතයි. 'මම ඔබ පැවසූ දේවල් ශ්‍රවණය කළෙමි. ඔබ මගේ කෘති ගැන මෙලෝ දෙයක් නොදනියි.' අන්තිමේ දී වූඩි ඇලන් සැනසුම් සුසුමක් හෙළමින් මෙසේ ප්‍රේක්ෂකයා අමතයි. 'අනේ මචං ජීවිතේ මේ වගේ වුණා නං...'

වූඩි ඇලන් පවසන්නේ ප්‍රහසනය සිනා සාගරයක් නොවන බවයි. ඔහු හාස්‍යය දාර්ශනිකව භාවිතා කරන නළු චින්තකයෙකි. ජර්මානු දාර්ශනික ආතර් ෂොපැන්හුවර් පවසන්නේ හාස්‍යය උපදින්නේ සංකල්පය (Concept) සහ වස්තුව (Object) අතර මතුවන නොගැළපීම නිසා බවයි. අපි යම් වස්තුවක් පිළිබඳ මානසික පින්තූරයක් සංකල්පයක් ලෙස ගොඩ නගා ගනිමු. හදිසියේම අපට නිරීක්ෂණය කිරීමට ලැබෙන්නේ සංකල්ප චිත්‍රය සහ ඊට නිමිති කර ගන්නා ලද විෂය වස්තුව අතර නොගැළපීමක් විද්‍යමාන වී තිබෙන බවයි. එලෙස අලුත් වස්තුව ඉදිරියේ සංකල්පය බිඳ වැටීම නිසා අපට සිනායයි. එනමුත් සිනා යාමට නම් සියල්ල වේගයෙන් සිදු විය යුතුය. 'අම්බලමේ පිනා වළං කදක් ගෙනා' කවිය ආරම්භයේ දී ගැමියකු වළං කදක් රැගෙන ඒම පිළිබඳ චිත්‍රයක් සිතේ මැවේ. එහි සිනාවට කාරණයක් නැත. ගොනෙකු ඇවිත් වළං කද බිඳ දැමීම නිසා අපගේ මානසික චිත්‍රය අසුරු සැණින් බිඳ වැටේ. ගොනා වළං කදට පමණක් නොව අපගේ මානසික චිත්‍රයට ද අනියි. ගොනා ඇනීමට පෙර සහ ගොනා ඇනීමට පසු යන සංකල්ප චිත්‍ර දෙකේ වෙනස නිසා හාස්‍යය ජනනය වේ. අම්බලම, ගොනා, පිනා යන ලක්ෂ තුන එක් කරන පැරණි ත්‍රිකෝණය බිඳී අලුත් ත්‍රිකෝණයක් මතුවීම නිසා සිනාව නිරුත්සාහයෙන් මතු වේ.





ආතර් ෂොපැන්හුවර්ට අනුව හාස්‍යයක් ඇති වීමට අවබෝධ තත්ත්වයන් දෙකක් වුවමනාය. වළං බිඳීමට පෙර අවබෝධය සහ ඊට පසු අවබෝධය වශයෙනි. මේ නිසා හාස්‍යය යනු වේගයෙන් සිදුවන සංකල්ප පෙරළියකි. ගුණදාස අමරසේකරගේ අමල් බිසෝ කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් පනාවා (ප්‍රහසනයකි) කවියේ ද එවැනි සංකල්ප පෙරළියකින් සිදුවන හාස්‍යයක් තිබේ. ප්‍රහසනකරුවා යනු එවැනි සංකල්ප පෙරළියක් සිදු කළ හැකි ප්‍රතිභාවන්තයකි. අද බාල සිංහල බයිස්කෝප් සහ ටෙලිවල දකින්නට ලැබෙන්නේ එවැනි සංකල්ප මාරුවක් කළ නොහැකි පිරිසකි. අපි අද පිස්සු කෙළින්නන් ප්‍රහසන ශිල්පීන් ලෙස වරදවා වටහා ගෙන සිටින අතර වැඩ සටහන් මෙහෙය වන්නෝ ද පිස්සු කෙළින්නන් බවට පරිවර්තනය වෙමින් සිටිති.

ඇනී හෝල් චිත්‍රපටියේ වූඩි ඇලන් සැබෑ ජීවිතයේ මෙන් වෘත්තීය ප්‍රහසන ශිල්පියකුගේ චරිතය නිරූපණය කරයි. ඇනී හෝල් නම් වූ සමාජ ශාලා ගායිකාව සමග පැවතුණු දීර්ඝ ප්‍රේමය බිඳ වැටෙන විට ඔහු ඇය ඉදිරියේ මෙසේ කියයි. 'ආදරය කියන්නේ මෝරෙක්. එය ඉතා වේගයෙන් නොගියොත් මියැදෙනවා. අපි දෙන්නා අල්ලා ගත්තේ මැරුණු මෝරෙක්' ප්‍රහසනකරුවකු ලෙස ප්‍රබල සමාජ සංස්කෘතික විචාරයක යෙදෙන ඔහු ප්‍රහසන කලාවේ පරිහානිය තම ප්‍රහසනාත්මක විමංශනයට තේමා කර ගනියි.





වැඩසටහන් නිෂ්පාදකයකු සමග මෝටර් රථයක ගමන් කරමින් සිටින අවස්ථාවක ඇනී හෝල් හාත්පස නරඹමින් මෙසේ කියයි. 'මේ පැත්ත හරිම පිරිසිදුයි' එවිට එල්වි සින්ගර් නමැති චරිතය ලෙස වූඩි ඇලන් මෙසේ පවසයි. 'මේ මිනිස්සු කුණුකසළ විසි කරන්නේ නැහැ. ඒවා රූපවාහිනි වැඩසටහන් බවට පත් කරනවා.' ඊට පසු තම හිතමිත්‍ර වැඩසටහන් නිෂ්පාදකයාගේ සංස්කරණ කුටියට යයි. හිනා නොයන විහිළු සහිත ජවනිකාවල හඬ පටි කැකිරි පළන සිනාවලින් පුරවනු ඔහු බලා සිටියි. ඔහු මෙසේ කියයි. 'බලු වැඩක් කරන බව උඹට තේරෙන්නේ නැද්ද? මේ විහිළු හාස්‍ය ජනක නැති නිසා කිසි කෙනෙක් හිනා වෙන්නේ නැහැ. උඹ බොරු හිනා එකතු කරනවා.' එවිට එඩිටීන් මැෂිම භාරකරුවා මෙසේ කියයි. 'ඒ නිසා තමයි මේ මැෂිම හුඟාක් වටින්නේ.' ග්‍රැමි සම්මාන උලෙල ගැන සඳහන් කළ අවස්ථාවක වූඩි ඇලන් මෙසේ කියයි.

'ඒ ජාතියේ සංගීතයට උන් සම්මානත් දෙනවද? මට මේක විශ්වාස කරන්න බැහැ... විශිෂ්ටතම ... විශිෂ්ටතම ෆැසිස්ට් ආඥාදායකයාට හිමි සම්මානය දිනා ගනු ලබන්නේ... ඇඩ්ලොෆ් හිට්ලර්'

[රාවය| චැප්ලින් කොලම| 2010.08.15]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Annie Hall (1977),Woody Allen, Marshall Brickman, A nervous romance
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Hashitha Abeywardana මෙහෙම කියනවා :
Woody Allan brings a cynical lense to show how wired things as they are. Woody has brought 3 amazing movies recently 'Cassandra's dream', 'Vicky Christina Barcelona' and 'Scoop'. !

කිවුව වෙලාව- 2010-08-17 02:37:43
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
එරික් ඉලයප්ආරච්චිගෙන් තවත් වියමන්
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කවි
ෂෙල්ටන් සහ කාන්ති
කවි
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
Cine
ජෝ අබේවික්‍රමගේ මුහුණ, වෙස්‌ මුහුණ සහ ප්‍රබන්ධිත මුහුණ
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
අකිර කුරොසව කියයි.
සිනමාකරුවෝ, පොදුවේ සියළු නිර්මාණකරුවෝ කිසිදා තෘප්තිමත් නොවන්නෝ ය. ඔවුන් නොනවත්වා ම වැඩ කරන්න්නේ එහෙයිනි. මෙතරම් කලක් නිර්මාණකරණයේ යෙදෙන්නට මට හැකිවූයේ මා සැම විටම "ඊගාව සැරේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook