Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
Hilary and Jackie
බූන්දි, 01:33:49
සංගීත භාණ්ඩ ලොව පවතින්නේ සංගීතකරුවන්ගේ වාදනය බලාපොරොත්තුවෙනි. කාමී පුරුෂයින් පතන කාමිනියක සේ සංගීත භාණ්ඩයෙන්ද, උන් නැති කල නිහඬව හා උකටලීව බලා සිටිති. සංගීත භාණ්ඩයන්ගේ ගුණනැණ විරුසිරි ලොව දැන ගන්නේ වාදකයන්ගෙනි. සමහර සංගීත භාණ්ඩයන්ට මහා වාදකයෝ හා මහා වාදිකාවෝ වුවමනා වේ. ඉතාලියේ මධ්‍යකාලීන වයලීන නිපැයුම්කරුවන් වූ ස්ට්‍රාඩිවාරි කුටුම්භයේ වාද්‍ය භාණ්ඩ අද වාදනය කිරීමට ඉඩ ලැබෙන්නේ ලොව ප්‍රථම ගණයේ වාදක වාදිකාවන්ට පමණි.

වයලීන පවුලේ බේස් සාමාජිකයකු ලෙස සැලකෙන ෂෙලෝ සංගීත භාණ්ඩය මෙතෙක් ලොව වාදනය කරන ලද ශ්‍රේෂ්ඨතමයන් අතරින් කෙනකු වන ජැක්ලින් මේරී ඉතාමත් අවාසනාවන්ත ලෙස අතැඟිලි අසංවේදීව, අංශභාගීව, බිහිරිව සහ ගොළුව 1987දී මෙලොවින් සමුගත්තාය. හිලරි සහ ජැකී චිත්‍රපටයට පාදක වී ඇත්තේ ජැක්ලින්-

-සහ ඇගේ වැඩිමහලු සහෝදරිය අතර පැවතුණු සමීප සම්බන්ධතාවයි. ඔවුන්ගේ මව දෙදෙනාටම සංගීතය සහ නර්තනය ඉගැන්වූවාය. වැඩිමහලු සොහොයුරිය වූ හිලරි ෆ්ලූට් වාදිකාවකි. මේ චිත්‍රපටියට පාදක කරගෙන තිබෙන්නේ හිලරි සහ ඇගේ බාල සහෝදරයකු විසින් ලියන ලද ඉතාමත් අවංක චරිතාපදානයකි. ජැක්ලින්ගේ ෂෙලෝ වාදන ඇතුළත් වාර්තා චිත්‍රපටියක් ප්‍රේමසිරි කේමදාස තම 69 වෙනි ජන්ම දිනය වෙනුවෙන් 2006 ජනවාරි 25 වැනිදා බොරැල්ලේ පුංචි තියටරයේ පෙන්වා වැඩමුළුවක් පැවැත්වීය.

උසස් සංගීතය තුළ සුසංගතව හා එකිනෙකා කෙරෙහි අතිමහත් බන්ධනයකින් යුතුව ඇති දැඩිවන අක්ක නගෝ දෙදෙන සංගීතය ඔස්සේම ජීවිතයට මුහුණ දෙති. අක්කා පරයා නැගෙණිය ලෝක පූජිත ෂෙලෝ වාදිකාවක් බවට පත්වන්නීය. එනමුත් ඇයගේ යොවුන් ස්නායු පද්ධතිය ඉක්මනින් ව්‍යාකූල වී යයි. එහි පාලනය හා ස්වාමිත්වය ඇයට අහිමි වෙයි. නැගෙණිය ෂෙලෝ සංගීතය සහ ජීවිතය මැද අතරමංවී ගුප්ත ප්‍රපාතය කරා ඇද වැටෙත්දී ඈ තුළින් ඇදහිය, නොහැකි ආයාචනයක් නිකුත් වේ. වැඩිමහලු සොහොයුරියගේ පෙම්බර සැමියාගේ පහස විඳීමේ අවසරය ඇය තම සොහොයුරිය වෙතින්ම ඉල්ලා සිටියි. සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමේ වුවමනාවෙන් ඇය කරන ඉල්ලීමට වැඩිමහල් සොහොයුරිය වේදනාවෙන් ඉඩදෙයි. එලෙස ජැක්ලින්ගේ සංගීතය වෙනුවෙන් හිලරි ගෙවන්නේ විශාල මානුෂික වන්දියකි. මේ චිත්‍රපටිය තුළින් ඇසෙන සදාචාරාත්මක ප්‍රශ්නයද එයයි. චිත්‍රපට වෘතාන්තයේ පැරඩොක්සයද එයයි. ජැක්ලින්ගේ සංගීතයට මිනිස් බිල්ලක් අවශ්‍ය විය. හිලරි විසින් එලෙස ගෙවන ලද්දේ යුක්තිසහගත වන්දියක්ද? ශිෂ්ටාචාරයේ විනිසුරු අසුන ඉදිරිපිටදී මේ ගනුදෙනුව යුක්තිසහගතවන්නේ කෙසේද?



මේ චිත්‍රපටියේ මැවෙන ජැක්ලින් චරිතය ශිෂ්ටාචාරයේ දෘෂ්ටියෙන්ද, වනචරකමේ දෘෂ්ටියෙන්ද නැරඹීමට හැකිවේ. කොයි අතින් බැලුවත් ජැක්ලින් කෙනකු බිහිකළ හැක්කේ නිර්දෝෂී කළ හැක්කේද දියුණු සංගීතයක් සහිත සංස්කෘතියකට පමණි.

ජැක්ලින් පැරඩොක්සය දියුණු සංගීතයක් නිපැයුමකි. සංගීතයක් නැති තැන එවැනි පැරඩොක්සයක්ද නැත. ජැක්ලින් පිළිබඳව චරිතාපදානයක් ලියැවෙන්නේත්, චිත්‍රපටියක් බිහිවෙන්නේත් එවැනි පැරඩොක්සයක් පැවතුණු නිසාය. කේමදාස ද සිංහල සංගීතය තුළ පැරඩොක්සයක් බිහි කළේය. ගායකයකු ඔපෙරා ගායකයකු කිරීමේ ක්‍රමවේදය ද, වාදකයකු සංද්ධ්වනි වාදකයකු කිරීමේ ක්‍රමවේදය ද ඔහු සොයා ගත්තේය. එය වසර තිහහතළිහක දුෂ්කර සහ අධික මිනිස් පිරිවැය සහිත පර්යේෂණයකි.





කේමදාසගේ මරණයෙන් පසුව ඔහුගේ ඉතා සාර්ථක පර්යේෂණ ප්‍රතිඵලද, ඒ දුෂ්කර පර්යේෂණ සඳහා පූර්ණකාලීනව කැපවුණ මිනිස් නියැදි කිහිපයක්ද ඉතුරු වී තිබේ. ඒවාට ඉහළ වටිනාකමක් අදටත් කේමදාසගේ ඔපෙරා විද්‍යාගාරය තුළ ඇති අතර ඉන් බැහැර වුණු මිනිස් නියැදි අද අනන්‍යතා අර්බුදයක පැටලී ඇත. එම අනන්‍යතා අර්බුදය ජැක්ලීන්ගේ මානුෂික අර්බුදය සමග පටලවා නොගත යුතුය. හිලරි සහ ජැක්ලින් කතාව මගින් බ්‍රිතාන්‍ය සංගීත ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් ලියැවෙන අන්දමින්ම කේමදාසගේ විද්‍යාගාරය මගින් ද ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක් ලියැවෙයි.


Jacqueline Mary du Pré


කේමදාසගේ එවැනි පර්යේෂණ නියැදි වෙනත් අරමුණු සඳහා යොදා ගැනීම තරම් පාපයක් මේ යුගයේ තවත් නැත. සාහිත්‍ය කලාවේදී මෙය සොරකමකි. ඒ සඳහා වෙනම වචනයක් පවා ඉංග්‍රීසි භාෂාවේ තිබේ. Plagiarism යන ඒ වචනයට අප මලලසේකර ශබ්දකෝෂය අර්ථ සපයන්නේ මෙලෙසිනි. වෙන අයකුගේ නිර්මාණයක් තමාගේ සේ පෑම; අනෙකකගේ අදහස් තමාගේ සේ ප්‍රකාශ කිරීම: වංක ලෙස තමාගේ සේ පෑම.

වර්තමාන සිංහල සංගීතය තුළ එවැනි දේවල්ද ඔපෙරා, කැන්ටාටා, ප්‍රසංග, යනාදී නම්වලින් හඳුන්වනු ලැබේ. එවැනි ලෝකයක් තුළ ජැක්ලින් පැරඩොක්සයට කවර ඉඩක්ද?






[රාවය| චැප්ලින් කොලම| 2010.08.08]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hilary and Jackie (1998) by Anand Tucker, Emily Watson, Rachel Griffiths, James Frain
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
kapila මෙහෙම කියනවා :
superb

කිවුව වෙලාව- 2011-10-16 12:44:11
Manik මෙහෙම කියනවා :
Thanks. I too watched the film.

කිවුව වෙලාව- 2010-08-12 22:26:45
Nuwangi මෙහෙම කියනවා :
ya
superb


කිවුව වෙලාව- 2010-08-11 00:50:15
Harith මෙහෙම කියනවා :
I ve watched this. a superb movie.

කිවුව වෙලාව- 2010-08-09 04:28:08
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
එරික් ඉලයප්ආරච්චිගෙන් තවත් වියමන්
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කවි
ෂෙල්ටන් සහ කාන්ති
කවි
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
Cine
ජෝ අබේවික්‍රමගේ මුහුණ, වෙස්‌ මුහුණ සහ ප්‍රබන්ධිත මුහුණ
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook