Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
කරන්ට්ස්| ඔබාමා චූන් එකෙන් ඔබ්බට

52-Secs

(හැරිස් පරකන්දෙනිය) ඔබමා බරක් එක්සත් ජනපදයේ
ජනපති විලස දිවුරුම් දුන් අද දිනයේ
නෙත නැගි තුටු කඳුළු පිසදා ලහි ලහියේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරියේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස... [More]
කරන්ට්ස්| ප්‍රචාරණ දැන්වීම් on Moon : Hurry up!
(ඩෝසන් ප්‍රීති ඊ.ඒ.) අන්න හඳ මත
පෙප්සි සලකුණ!

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
පෙප්සි බොතලයක දාලා
ඒ පුන් සඳ මම උගුරට බොන්නම්... [More]
කරන්ට්ස්| Untitled
(මංජුල වෙඩිවර්ධන) හඳට
පීනස

බියර් බොන්නත් නෑ
නිදි මරන්නත් බෑ... [More]
කරන්ට්ස්| Untitled
(මහේෂ් මුණසිංහ) යුද්ධය
සමලිංගිකය
සාමයේ
දරුවන්
නොවදන... [More]
කරන්ට්ස්| වරදින හැම ඉලක්කයක්ම රෝස මලකි
(ඩෝසන් ප්‍රීති ඊ.ඒ.) රෝස මල් නොපිපෙන්න හිස සඟව සැගවෙන්න
පෙති හකුල ලතැවෙන්න කටු තුඩුම පොපියන්න
නටු බඳේ කටු ඇන්න
බඹරුන් ද සිත් තැවුන

වෙඩි මුසුව මද නලට... [More]
කරන්ට්ස්| වර්ෂා
(අජිත් පැරකුම් ජයසිංහ ) ලෝදිය උතුරන
මේ මහ පොළවට
පුංචි දිය බිඳකි - වර්ෂා

අග්නි පිපාසිත
උඩු සුළෙෙඟ් වැද... [More]
කරන්ට්ස්| මම
කරන්ට්ස්| සද්දන්තයකුගේ නික්මන

9-Secs

(සංජීවිකා මනෝහාරී දයානන්ද [ලිහිණි]) දිදුළන සංධ්වනියක
සලකුණක් නින්නාද කොට
අප අතර
උදාරම් ලෙස නැගී සිට
සද්දන්ත සහෘදයෙකු ලෙස¦
තබා පිටමත පෙරපර දෙදිග... [More]
කරන්ට්ස්| සුදර්ශනා
(කර්තෘ අඥාතයි) යුද ගිනිි හැමදාම දකුණට ප්‍රදර්ශනා
උතුරම හඟත්දිත් දකුණම උදම් වුණා
පුදුකුඩිඉරිප්පුව දෑසට විදර්ශනා
ගින්දර කොයි තරම් සිසිලද සුදර්ශනා.

දුව පැන නැටූ පැටි කල දුටු ප්‍රභාතය... [More]
කරන්ට්ස්| නූපන් කවිය
(මහේෂ් මුණසිංහ) ඇස් ඇරලවත් නැති
කුරුළු පැටියෙක්
මව් ගැබ තුලම
මස් වැද්දන්ට
ගොදුරුවිණි.
පිපිරී... [More]
කරන්ට්ස්| දේශප්‍රේමය
(වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල) හැමතැනම
අතිනවිගත්
සෙබළ රූ
භය මුද්‍රාවෙන් සිටින
බුදුරුව අබියස පවා... [More]
කරන්ට්ස්| දකුණේ සහෝදර ඇරයුම
(මහින්ද කුමාර දළුපොත) දුක සැප අසන නෑදෑයන්ටත් වැඩිය
ලෙන්ගතුකමින් ඇවිදින් තොරතුරු අසන
උතුරේ සහෝදර කවිවල නිරන්තර
දකිනා අයත් නැහැ පාළුයි කවි පිටු ද...

ඛෙදා හදාගෙන කන කෑමක් වැන්න... [More]
කරන්ට්ස්| Untitled
(අජිත් සී හේරත්) ඔබට කිසිදා
මේ හිස් බව
බාල්දියකට වතුර පුරවන්නාක් මෙන්
පරාජය කළ නොහැක.
නමුත් ඔබ එය අර්ථ දක්වනු ඇත.... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
කවි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ඔත්තු
හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'
පොත්
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
කෙටියෙන්
මොන එල්ලුං ගස් ද?
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පොත්
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
ඔත්තු
'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
පොත්
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ඔත්තු
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
What's New | අලුතෙන්ම
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook