Facebook
Twitter
Google+
YouTube
Blog
About Boondi
හෘද සාක්ෂියක් ඇති ශ්‍රී ලාංකික මිනිසුන්ගේ දේශපාලනික සංස්කෘතික අවකාශය.
editorial@boondi.lk
පරිවර්තන| මම..සහ සිලුවටයෙහි එළිය

12-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
පරිවර්තන| මට අවැසි ඔබ නිශ්චලව ඉන්න

40-Secs

(පබ්ලෝ නෙරූදා | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
හරියට නො පවතින්නාක් මෙන් වෙන්න
ඈතම ඈත දුරකින් යන්තම් මාව ඇහෙන්න
මගේ හඬ ස්වර ස්පර්ශ නො කරන්න
හරියට ම කිව්වොත් ඔබේ ඇස් වෙනතක පියඹා යන්න
දෙතොල හාදුවකින් ගොළු කළා මෙන් ඉන්න... [More]
පරිවර්තන| පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!

42-Secs

(සූ තුන්ග් පෝ | ප්‍රශංසනී පරණවිතාන) අපමණක් වූ දස වසක් දැන්
අහවරය ජීවිතය ද මරණය ද වෙන්කොට
සිහි නොකළ ද ඈ ගැන මතක වර
අමතක ද කළ නොහේ කොයි ලෙසක කවර දින
කිව නොහැක කොතැනදැයි ඈ වැතිර නිදන තැන සීතල
ලී* දහසක දුරක වේ හුදෙකලා ඇගේ දෙණ තැබූ තැන... [More]
පරිවර්තන| මුදු ලෙස පිය නගනු මැන, මා සිහින මත

31-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) රන් රිදී එළියෙන් තනා නිම කළ
ලකල් ගෙත්තම් වලින් හැඩ කළ
දෙව්ලොවෙහි පිළි විණම් මා ළඟ
එලන්නෙමි ඒ ඔබේ පාමුල
දිවාකල, ගොම්මනේ හා රෑ කල
නීලවන්, අඳුරුවන් පිළි විණම් මා ළඟ... [More]
පරිවර්තන| පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව

1-Mins

(ඩිලාන් තෝමස් | නිලූක කදුරුගමුව) පිය නොනගනුය ඒ සුබ රාත්‍රිය වෙත සන්සුන්ව,
ගිනිගත යුතුය බුර බුරා මහලු විය අවසන් වන විට දවස;
සටන් කරනුය වියරුවෙන් මිය ඇදෙන එළියට විරුදුව.

අවසාන මොහොතට ළංවූ නැණැති දන
දත් වුවද ළඟ එන අඳුර වළකනු නොහැකි වග,... [More]
පරිවර්තන| ලීඩා සහ තිසරා*

1-Mins

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හදිසි පහරෙකි: ප්‍රකම්පිත යුවතිය මතින්
ගැහෙයි සුවිසල් පියාපත් තවමත්
කලු ජාල පාවලින් පිරිමැදෙයි ඈ දඟ යුග
ඈ ගෙලෙහි පසුපස සිරව ඇත ඔහුගේ හොටට
අසරණ ඇගේ ළය තදව ඇත ඔහුගේ ළයට... [More]
පරිවර්තන| නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි!

2-Mins

(වෝල්ටර් විට්මන් | නිලූක කදුරුගමුව) නියමුවාණෙනි අහෝ මා නියමුවාණෙනි ! අපේ බියකුරු ගමන දැන් අවසන්ය,
ගමන් කර ඇත නැව පරයමින් සියලු අනතුරු, අප සෙවූ දිනුම දැන් අප සතුය
නැව්තොට නුදුරේය, ඇසේ ඝණ්ටා නාදය, මිනිසුන් නගන සැටි ජයගොස
නෙත් හෙලමි නොසෙල්වෙන නැව්තලය දෙස, නිර්භයය සැඩය නෞකාවේ පෙනුම

එනමුදු අහෝ හදවත ! මා හදවත... [More]
පරිවර්තන| පමා වී පැමිණි ප්‍රේමය

36-Secs

(ආන්නා අහ්මාතවා | නිලූක කදුරුගමුව) පුළුල්ය, කහවන්ය සැඳෑ ආලෝකය
සොඳුරුය, සුවදායකය අප්‍රේල් සිසිලස
පැමිණ ඇති මුත් වසර ගණනක් පමාවී
ඔබේ පැමිණීමෙන් සතුටෙන් සිටිමි මම

සතුටෙන් සිනාසෙන ඔය සුමුදු දෑසින්... [More]
පරිවර්තන| කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

58-Secs

(සුභද්‍රා ජයසුන්දර | දමිත් වැලිකල) කැළැල් වූ තැන් නඟමි සේයා රූ වලට

තිබුණි නම් මගේ පැරණි නිකොන් කැමරාව
දාස්මල් පාටැති සිංහ හම ද
මම සැඟව ගමි එතැන
කැළැල් වුණු නිහැඬියාව... [More]
පරිවර්තන| ඈ ඔහුට "මහත්තයා" කීවා ය.

58-Secs

(හෙන්රි ලෝසන් | අනුරාධ මහසිංහ) හිතුවෙ නෑ යළි එයි කියා අවුරුද්දකට පසු මේ ලෙසින්
ගොත ගැසී ඇමතුවෙ "මහත්තය" කියා විළියෙන් රතු වෙමින්
"ජෝන්" යැයි මුමුණන්න කොතරම් කළත් ආසා යටි හිතින්
ඇහුවෙ ඈ එපමණයි ඔහුගෙන් - "මහත්තය, කොහොම ද ඉතින්?"

වෙන් ව යන්නට කලින් ආලෙන් වෙළී උන්නා ඒ නමුත්... [More]
පරිවර්තන| අසිරිමත් ගැහැණිය

54-Secs

(මායා ඇන්ජලෝ | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මගේ රහස කොහි වෙත්දැයි
රුවැති ගැහැණුන් විස්මයෙන් විමසති
මම සොබාමත් නොවෙමි
මෝස්තර නිරූපිකාවක් බඳු සිරුරකට ද
හිමි කම් නොකියමි
එහෙත් මුව විවර කළ විට... [More]
පරිවර්තන| මාවතට ඇරැයුම්!

55-Secs

(චේ ගෙවාරා | අජන්තා එම්. ජයසේකර) සහෝදරිය,
දිගු දුරකි ජය ටැඹ වෙත
මාවත දිගුය
අවිනිශ්චිතය අද දවස
එහෙත් හෙට අපේමය...
නොරැඳෙන්න මාවත අද්දර!... [More]
පරිවර්තන| Torture Camp

50-Secs

(අජිත් සී හේරත් | පී.කේ. සඳමාලි) Awaiting the next moment
With hopeless dejection
I did not wish
To be the first or the last

There was no escape... [More]
පරිවර්තන| නිල් පැහැය

25-Secs

(වී.අයි. එස්. ජයපාලන් | නිලාර් එන්. කාසිම්) සොඳුරිය
කාලය වියැකී යන ලෙසින්
පෙණ පිඬු බිඳී විසිරෙන වෙරළේ
පිය සටහන් මැකී යන විට
අප දෙදෙන
සිප්පි කටු අහුලමින් ඇවිද ගිය හැටි... [More]
පරිවර්තන| වැස්ස හා පැල්පත

25-Secs

(වී.අයි. එස්. ජයපාලන් | රන්සිරිමල් ප්‍රනාන්දු) පියස්ස දිග රූරා ගලන වැහි දිය
එබෙයි ඉඳහිට ඇතුලට
හමාවිත් උතුරු සුළඟ
ගිනි ලවයි සිතිවිලි
මගේ පැල තුල මම
අනන්ත වූ හුදකලාවෙහි තනිවෙමි... [More]
පරිවර්තන| 'දියණිය දෙවියන්ගේ ආශිර්වාදයක්' (ලු )

34-Secs

(අෆ්සල් චෝහන් | පුෂ්පා රම්ලනී) ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳවන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේම දඬුවම් ලබන්නෙමි... [More]
පරිවර්තන| දූපත් සුළඟ

32-Secs

(පබ්ලෝ නෙරූදා | චතුෂ්කා නිමේදි රණවීර) තුරඟෙකි, හමන මේ සුළඟ
අසන්න ඔහු දිවයන'යුරු
නිල් අහස ද සිඳු දිය ද මත.

මා රැගෙන යන්නට ඇවැසිය ඔහුට
අසනු මැන ඒ හඬ... [More]
පරිවර්තන| ............

40-Secs

(අලෙක්සෙයි ෆත්යානොව් | තනුජා ධර්මපාල) හැමදේ ම අමතකයි
හැමදේ ම අහිමිවෙයි
මා දුන් ත්‍යාග පවා
වෙන'කකු හට තිළිණ වේ

අමතක කරමු... [More]
පරිවර්තන| අරුණෝදයේ මගෙ අහස

32-Secs

(පබ්ලෝ නෙරූදා | චතුෂ්කා නිමේදි රණවීර) මේ කුළකි ඔබ අරුණෝදයේ මගේ අහසට
හැඩයෙන්ද පැහැයෙන්ද මා මන බඳින
ඔබ මගෙයි, ඔබ මගෙයි මියුරු දෙතොලේ හිමිකාරිය
ඔබේ ජීවිතය තුල දිවි ගෙවයි අනන්ත වූ මගෙ සිහින

මියැදෙයි පහන ඔබ පාමුල, මා ඇතුළු ගැබ දැල්වෙන... [More]
පරිවර්තන| විප්ලවය

34-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | නද්යා භාෂිණී අමරනායක) කිසිවක් නොපෙනෙන ඇතැමෙකු
පවසයි අන්ධයින් යයි අප
එද ඔබ උගැන්වූයේ අපට
උදා වන කාලයෙන් කාලයට
දකින්නට ඇවැසි බව එහි පැහැය.... [More]
පරිවර්තන| වියරු රාත්‍රීන් !

11-Secs

(එමිලි ඩිකින්සන් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) වියරු රාත්‍රීන් ! චණ්ඩ රාත්‍රීන්!
වී නම් ඔබ මා අසල
මේ වියරු රාත්‍රීන්
බොහෝ සේ අනුරාගී වන්නට
නියමිතව තිබුණ... [More]
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
පරිවර්තන
මම..සහ සිලුවටයෙහි එළිය
(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැදියම් රැයෙහි ලියැවෙන
හුදෙකලාවේ අවසාන පේළි දිග හැරෙන

මට ද වැඩියෙන් බිහිසුණු
අන්ධකාරයෙන් උපදින වදන් විසිරෙන... [More]
බූන්දි වැඩ දෙපාර්තමේන්තුව-
[Email-] editorial@boondi.lk | [SMS-] 077 2382308 | 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම. | බූන්දිය ගැන
වෙසෙස්
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
ඔත්තු
කොළඹ නාට්‍ය කතිකාව නව මුහුණුවරකින්- ජූලි 25
ඔත්තු
ඇත්ත- මුහුලස කතිකාව- ජූලි 18
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
ඔත්තු
"දැහැමි ද මෙ දිවයින" සමග "Glimpses of a shattered Island"- ජූලි 20
කතන්දර
"කුකුළා හා පාට"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
අදහස්
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
ඔත්තු
තරුණ සාහිත්‍ය වැඩමුළුව-සැප්. 01
පොත්
ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව සහ ද්විත්ව කථා වින්‍යාසය පිළිබඳ විමසුමක්
වෙසෙස්
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඔත්තු
සුසුම් නාඳුනන අප දෙදෙන- ජුලි 15
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
කතන්දර
දෙවියන්ගේ වැරැද්ද හෙවත් හදවත දෙබඩි වීම...
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
වෙසෙස්
බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?
ඔත්තු
'යෙන්' දෘශ්‍ය කලා ප්‍රදර්ශනය- ජූනි 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
What's New | අලුතෙන්ම
කවි| අද දවස මෙතෙකින් නිමයි..

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) පල්ලියේ ගල් තාප්පය මුදුනත
පරෙවියන් පෙම් කෙළියි
හීන් අඬකින් ගීතිකාවක්
නැගෙයි බැසයයි

අර්ධ අඳුරැති සුරුවමක පාමුල... [More]
කවි| කැමීලියා මලේ හැම පෙත්තකම ආදරේ කවි ලියා ඇත.

38-Secs

(තුෂාරි ප්‍රියංගිකා) පුංචි කඳු මුදුනත හිඳ
ඔබ වයලීනය වයන විට
පාන්දරින් හිනැහෙන කැමීලියා මල් වලින්
මම කවි අහුලමි
ඔබට එකත්පසව එකතු කර තියමි..... [More]
කරන්ට්ස්| සිරි ගුණසිංහ

14-Secs

(ජගත් ගාමිණී මාවතගම) ඔබේ කවි හුල
ඉතා තියුණු ය
සිතු බිත බිඳ
ඇතුළු හද ගැබ වදින

සිත සයුරු පත්ලේ එලන... [More]
කවි| රළ - වෙරළ හා ගල්පර

15-Secs

(රුවන් බන්දුජීව) කොහේදෝ යන ගමන්
කිසියම් සිදුවීමකින් කැළැඹී
එක්වනම හුන් තැනම
නතර වූවා වැන්න මේ කඳු

ගණන් ගන්නේ නැතිව... [More]
කවි| ඔව් මිස්, කැපුණෙ වචනෙකට නෙමෙයි.

20-Secs

(වජිර සුමේධ යසරත්න) ලේ ගලන
හදවත
තදින් මිරිකාගෙන
හෙතෙම රෝහල් ගතවිය
මොකද මේ?
කැපුණා වචනෙකට..... [More]
කවි| උණපඳුරේ ඇවිත් රැඳුන කඩන් ආපූ සරුංගලේ (හිතුවක්කාර කසාදෙන් පැරදී ගෙදර ආ නංගී)

39-Secs

(ජනිත් විතාරණගේ) නංගිගේ මුල්වලට උඩහින් මන්න පිහිපාරවල් වැදුණා
සුද්දකරලා කර තියාගෙන ඒකි උස්සන් ගිහින් තිබුණා
ගැස්සිලා උඩ තිබුන කණකොක් කූඩූ වගයක් බිමට වැටුණා
කරන්නට කිසි දෙයක් නැති තැන ගිය දිහා අපි බලන් උන්නා

කොහේහරි ලොකු පලංචියකට අරන් යන්නට ඇතියි කියලා... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
කවි| ඇගේ දරුවන් අමතන ඇගෙ හදවතේ බස් වහර !

28-Secs

(වින්ද්‍යා ආරියරත්න) කොට්ට පුළුං ගස් පෙළක
කිරි පැහැ පුළුං කැටි
සුළං රැළි මත නැළවෙයි

වැට මායිමක
වැටහිරියා අතු අඟිස්සක... [More]
කරන්ට්ස්| ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?

43-Secs

(විමල් කැටිපෙආරච්චි) ඉතින් කොහොමද සොහොයුර
හතළිස් හය වසරක නිරීක්ෂණ..
දෑස තව සිහින් කර ඈත දුර බලාගෙන හෙළන
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම ?

අද අප්‍රේල් පහ දෙදහස් දා හත... [More]
කවි| අපේ තාත්තා

10-Secs

(උපේක්ෂා ප්‍රේමතිලක) සල්පිලක සෙනඟ හිනස්සා
අපේ බඩගිනි පිස්සා
වෙස්මුහුණ ඇතුළේ
හිටපු අපෙ තාත්තා

කූරු හිසකේ -රැළි ගස්සා... [More]
කවි| පාස්

36-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) අවසර පත්‍රයක් නොමැතිව මහරෝහලේ දොරටුවෙන් ඇතුළු වීමට උත්සාහ කළ තරුණයෙක් හා බහින් බස් වූ ආරක්ෂක නිළධාරියාගේ කොලරයෙන් අල්ලා "අප්පච්චි උඹේද නැත්නම් මගේද?" යැයි ඔහු දැඩිව අසනු, මම අසා සිටියෙමි.

කටු සැමිටියෙන් තලන විට රුදුරු ඉර එළිය
මහ දවල් කදෝකිමි පිට පනිණ දෑස් අග
දූලි දුම් වලාවේ බොඳ වෙමින් මතුවෙමින්
පොළෝ ගැබ කැණ නිධන් සෙවූ අපෙ අප්පච්චි... [More]
කවි| නික්මීම

52-Secs

(බුද්ධික දිනේෂ් මානවසිංහ ) සුවිසාල කැදැල්ලක බිළිඳු විය පසුකරේ
රැකවරණ තිබුණි මට ඒ සොඳුරු මන්දිරේ
එය තැනුව මවුපියන් දෙදෙනාට පින් පිරේ
මමයි හිමිකරු උනේ එහි ඉදිරි කාමරේ

මගේ හා මිතුරන්ගෙ රජ දහන ඒ කුටිය... [More]
කවි| මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය

19-Secs

(මහේෂි බී. වීරකෝන්) ඉඳුදුන්නෙ හුය ලිහුණු ඉසිඹුවක
සියක් පැහැ පිනිවලට අත් විසුල
පතන් බිම් පුරා පිපි මල් පමණක්ද...,

මල් පෙති තරම් සියුමැලි
ඒ තරමටම සියුම් පැහැ ඇති... [More]
කවි| එතැන, එ'ගඟ නිසලව ගලන

30-Secs

(දිනේෂ් සිල්වා) කොහිද ඒ කඳු මුදුන කඳුළු උල්පත හඬන
නොදන්නෙමි මම සබඳ, වෙද මඟක් එහි දිවෙන?
දිය රඳන එක තැනෙක සිනිඳු මල් දිග හරින
කවක් පමණක් දනිමි එ'පෙති මත ගිම් නිවන

ළපල්ලකි ළදල්ලකි නව හැඟුම් පියල්ලෙකි... [More]
කවි| අහඹුවක ඔබ ඔහොම තමයි

8-Secs

(වරුණ සාවින්ද) මරණීය නින්දක
රමණීය මොහොතක
විසිරී යෙහෙන්

යහන අමතකව
යහන්ගත වැතිරීමක... [More]
කවි| මෙතැන් සිට, අප හැඬිය යුතු නැත..

25-Secs

(අනුෂ්ක ප්‍රනාන්දු ) වට්ටියක මධුමල්
පුරෝගෙන
තුසිතයෙන් එන
දෙවුලියන් ගැන
සබඳ,
නුඹලත්... [More]
කවි| අප්‍රේල් මතකය ද 'වේලාසනින් අවදි වේ'!

16-Secs

(විමල් කැටිපෙආරච්චි) ගිනි පුළිඟු අරන් එන අඳුරේ
මිණි පළිඟු සොයන්නෙද මිතුරේ
තනි තනිව මියෙන්නට පමණ වරම් ලද
දිනිඳු නොදුටු මරු කතරේ

සුදු අකුණු ගැහෙන කළු අහසේ... [More]
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook