Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
අපිව බිහි කරන්නෙ වාමාංශික මතවාද...| මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමග කතාබහක්
බූන්දි, 21:51:21
ජාත්‍යන්තර මට්ටමේ දෙමළ කවියකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් කවියෙක්, කෙටිකතා කරුවෙක්, විචාරකයෙක් මෙන්ම ප්‍රමුඛ පෙළේ විද්වතෙක් ද වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙමළ භාෂාධ්‍යනාංශයේ අංශාධිපතිව සිට ඉතා මෑතක විශ්‍රාම ගත් මහාචාර්ය නුහ්මාන්, මේ වන විට ආරාධිත මහාචාර්යවරයකු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන රාශියක් තුළ කටයුතු කරමින් ස්වකීය වගකීම් නොපිරිහෙළා ඉටු කරමින් සිටියි. හැත්තෑව දශකයේ සිට දෙමළ කවි කෙත පෝෂණය කරමින් ඔහු විසින් ලියන ලද පද්‍ය සංග්‍රහයන් අතර, ''තාත්තාමාරුම් පේරර්හලුම්'' (සීයාවරු සහ මුණුබුරෝ),-

-''ආලියා නිළල්හල්'' (නොමැකෙන සෙවණැලි) සහ ''මාලෙයි නාට්කල් වරුම්'' (වැසි දවස් පැමිණේවි) යන කෘතීන් කැපී පෙනේ. සමාජවාදී චින්තනය ස්වකීය නිර්මාණකරණය සඳහා මුඛ්‍ය අනුභූතිය කොටගත් මහාචාර්ය නුහ්මාන් අතින් පරිවර්තිත සටන්කාමී පලස්තීන කවි රාශියක් ද දෙමළ සාහිත්‍ය සඳහා දායාදව ඇත. පොදුවේ සමස්ත දෙමළ කවිය පිළිබඳවත්, ශ්‍රී ලාංකීය දෙමළ කවිය පිළිබඳවත් පෞද්ගලික වශයෙන් ඔහුගේ කවිය පිළිබඳවත් මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් සමඟ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රාවය වෙනුවෙන් කළ සංවාදයකි මේ.

•''තොල්කාප්පියම්'' වැනි ග්‍රන්ථයන්හි නිර්දේශිත, වීරත්වය හා ශ්‍රේෂ්ඨත්වය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''පුරම්'' කාව්‍යන්ගෙන් සහ ප්‍රේමය හා කාමය නිරූපණය කෙරුණු පද්‍ය රචනා විශේෂයක් වූ ''අකම්'' කාව්‍යයෙන්ගෙන් සංගෘහිත සංගම් සාහිත්‍යයෙන්ද, සංස්කෘත කාව්‍යාභාසයන් රැගෙන බිහි වුණු උපදේශ හා මහාකාව්‍යාකෘතීන් ද පදනම් කොටගත් දෙමළ කවියේ කාව්‍යානුභූතීන් ඉන් විතැන්ව තත්කාලීන සමාජ දේශපාලනික යථාර්ථයන් පිළිබිඹු කිරීම සඳහා හැඩගැහෙන්නෙ කොහොමද?

දෙමළ කාව්‍යයේ ඉතිහාසය දිහා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි , එය අවුරුදු එය දෙදහසක් ඉක්මවා ගිය දිගු ඉතිහාසයකට උරුමකම් කියන එක. එතනදි ඔබ කියූ ඔය ''අකම්'' සහ ''පුරම්'' යන වෙනස්කම් එක්තරා අතකට දෙමළ කවියේ නිර්දේශයන් ලෙස සලකනවාට වඩා ඒවා කවිය හදාරන්නන් විසින් කවියෙහි ඇති සියුම් ලක්ෂණ දෙස බලලා කළ බෙදීමක් කියලා සලකන එක වඩාත් හොඳ බවයි මගේ හැඟීම. ඒ අනුව, ලිංගිකත්වය කාමය ආදිය පදනම් කොටගත් කවි මූලික යුගයන් තුළ අකම් ලෙස හැඳින්වුණ අතර යුද්ධය සහ වීරත්වය වැනි කරුණු පදනම් කොටගත් නිර්මාණ පුරම් කාව්‍ය ලෙස හැඳින් වුණා. මේවා තවත් අතකට අභ්‍යන්තරික හා බාහිර සංකල්පයන් ලෙසත් හඳුනා ගන්න පුළුවන්.

සංගම් යුගයට පසු පශ්චාත් සංගම් යුගය ලෙස වර්ග කෙරෙන දෙමළ කාව්‍ය යුගය එනවා. ඒත් සමඟ ඒ යුගය තුළ ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ ආධ්‍යාත්මිකත්වයට වැඩි වශයෙන් බර වුණු තත්වයක්. මේ තත්වය තුළ දිව්‍යමය හා අධ්‍යාත්මික ගතිලක්ෂණයන් දෙමළ කවිය තුළ වැඩි වශයෙන් ඉස්මතු වුණා. ශිව, විෂ්ණු වැනි දෙවියන් පිළිබඳ කරනු ලැබූ වර්ණනාවන් මේ තුළ වඩාත් කැපී පෙනුණා.

ඒ යුගයේ ලියැවුණු කවි සෘජු දේශපාලනික මානයන් ස්පර්ෂ කරන්නා වූ කෘතීන් ලෙස නූතන අර්ථයෙන් වර්ග කිරීම අපහසු වුවද සිලප්පදිකාරම් වැනි කෘතියක් එක්තරා අතකට දේශපාලනික කාව්‍ය කෘතියක් වශයෙන් හඳුනාගන්න පුළුවන්. මක්නිසාද යත් පත්තිනි කතා වස්තුව ඇතුලත් එහි අසාධාරණ රාජ්‍යත්වයට විරුද්ධ දේශපාලනික යථාර්ථයක් ස්පර්ෂ කරනවා. ඔය යුගයට පසු ලියැවුණු දෙමළ කවි ප්‍රධාන වශයෙන් මහා කාව්‍ය යුගය හා යුරෝපීය යුගය ආදී ලෙස බෙදා දක්වන්න පුළුවන්. ඒ වැනි පැරණි යුගයන් තුළ නිර්මිත කවි නූතනයේ කතා කරන දේශපාලනික මානයන් ස්පර්ෂ කරන නිර්මාණ ලෙස අපිට බෙදා දක්වන්න අපහසුයි.

• දකුණු ඉන්දියානු කවිය සහ කාව්‍යාකෘතිය නූතන තත්වයට ගෙන ඒම සඳහා ''සබ්‍රනියා භාරතී'' වැනි විප්ලවීය කවීන් සහ තත්කාලීන යුගය තුළ භාරතය පුරා ඇවිළී ගිය ඉන්දියානු නිදහස් සටන හා ඒ පිළිබඳ සමාජ දේශපාලනික කාරණා බලපාන්නෙ කොහොමද?

භාරතී ගැන කතා කරනවානම් එක්තරා අතකට ඔහු ඉන්දියානු නිදහස් සටනෙහිම දරුවෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. දෙමළ කවිය පළමු වතාවට දේශපාලනික මානයන් කරා යොමුකිරීම, දෙමළ කවිය තුළ මුල්වරට ස්ත්‍රීවාදී කතිකාවක් ගොඩනැඟීම හා කුල ක්‍රමයට විරුද්ධ ප්‍රබල අවියක් ලෙස දෙමළ කවිය සැකසීම ආදී සුවිශේෂී කාරණා තුළ භාරතී දෙමළ කවිය තුළ අති විශේෂ රැඩිකල් මුද්‍රාවක් සටහන් කරනවා.

භාරතී එක්තරා අතකට බිහිවන්නේ බටහිර කවියේ ඝෘජු ආභාසයන් යටතේ වන අතර එහිදී ඔහුට විශේෂයෙන් පී.බී. ෂෙලී වැනි කවියකුගේ ආභාසය තදින් හිමිවනවා. ඒ නිසාමනෙ භාරතීට ''ෂෙලිදාසන්'' කියලා හඳුන්වන්නෙත්. ඊට අමතර වශයෙන් භාරතී හට ඉන්දීය සම්භාව්‍ය කවිය හා ඉන්දියානු ජන කවියද එකසේ බලපානවා. එසේ බටහිර කවිය, සම්භාව්‍ය ඉංගී්‍රසි කවිය හා ජන කවිය යන තුනම එක සේ තම කවිය සඳහා ආභාස කරගන්නා භාරතී ඒ සියල්ලෙහි ආභාසය යටතේ ගොඩනඟන්නේ අතිශ්‍ය නව්‍ය කාව්‍ය සම්ප්‍රදායක්. එහිදී ඔහුගේ කාව්‍යාකෘතිය පමණක් නොව ඔහුගේ සමස්ත කාව්‍ය භාවිතාවම දෙමළ කවිය තුළ අතිශ්‍ය සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සලකුණු කරනවා.
භාරතී ගැන තවදුරටත් කතා කරනවානම්, ඔහු නිසා දෙමළ කවිය තුළ විවිධ අතුරු මාර්ග රාශියක් බිහි වුණා. ඉන් පළමු එක තමයි ඔහුගේ ආභාසය රැගෙන බිහිවුණු නූතන ඉන්දියානු දෙමළ කවිය. ඒ අතර ජනප්‍රිය කවියෙක් තමයි භාරතිදාසන්. නමුත් භාරතිදාසන් භාරතී තරම් පුළුල් මනසක් තිබුණු කවියෙක් කියලා හිතන්න අමාරුයි. ඔහුගේ කවිය තුළ බොහෝවිට දක්නට ලැබුණේ දෙමළ ජාතිකත්වය ප්‍රමුඛ කොට බිහිවුණු නිර්මාණ. ඒවා බොහෝවිට බ්‍රාහ්මණ විරෝධී වුණා. කනකදාසන්, සුරදා වැනි වැදගත් කවීන් බිහිවීමද සිදුවන්නේ භාරතිදාසන්ගේ ආභාසය යටතේ කියලා හිතන්න පුළුවන්.

භාරතී අතින් සිදු වුණ ඊළඟ වැදගත් කරුණ වූයේ, ඔහු නිසඳැස් කවිය දෙමළ කාව්‍යසම්ප්‍රදාය තුළ ජනප්‍රිය කිරීම. භාරතී ප්‍රධාන වශයෙන් තම කාව්‍ය භාවිතාව තුළ උපයෝගී කර ගන්නේ සඳැස වුණත් ඔහු අතින් විශාල නිසඳැස් කවි සංඛ්‍යාවක් ද ලියැවෙනවා. කොහොම වුණත්, 1930 වගේ පසුකාලීන යුගයක් තුළ පුළුල් වශයෙන් ඉන්දියාව තුළ නිසඳැස් සම්ප්‍රදායක් බිහි කිරීමේදී එම කවීන්ට ඍජු පරමාදර්ශය වෙන්නෙ භාරතී.

භාරතී අතින් සිදුවූ තවත් වැදගත්ම කරුණක් විදිහට සලකන්න පුළුවන් දෙයක් තමයි, ඔහුගේ ආභාසය යටතේ ශ්‍රීලාංකීය දෙමළ කවිය බිහිවීමට සිදුවුණ සේවය. ශ්‍රී ලාංකීය දෙමළ කවිය තුළ මහාකවි, නීලාවනන් වැනි ප්‍රබල කවීන් බිහිවන්නේ සුබ්‍රමනියා භාරතී දෙමළ කවිය තුළ ඇති කළ රැඩිකල් පිබිදීමත් සමඟ. නමුත් මුල්කාලීන ලාංකීය කවීන් නිසදැස තම කවිය තුළට වැද්දගැනීම සඳහා ඉදිරිපත් වුණේ නෑ.

• සමකාලීන භාරතීය දෙමළ කවියට සාපේක්ෂව ලාංකීය දෙමළ කවිය වෙනස් සමාජ දේශපාලනික මානයන් කිහිපයක් ස්පර්ෂ කරන බව පේන්න තියෙනවා. වෙසෙසින් ලාංකීය දෙමළ කවිය තුළ වන පුළුල් සමාජ විඥානය හා ප්‍රගතිශීලී දැක්ම ඒ අතර වඩාලාත් කැපී පෙනෙනවා?

ඇත්තටම භාරතීය දෙමළ කවිය ගත් කළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සෞන්දර්යවාදී රොමෑන්ටික ගති ලක්ෂණ. භාරතීයයන් තම කවිය තුළ වැඩි වශයෙන් අගය කළේ ඒකී සෞන්දර්යාත්මක ලක්ෂණ. නූතනය තුළ පවා බොහෝ භාරතීය දෙමළ කවීන් විශ්වාස කරන දෙය නම් කවිය තුළට දේශපාලනය රැගෙන ඒම කවිය කවිත්වයෙන් ඈත් කිරීමක් ලෙස. ඒ අනුව ඔවුන් බොහෝ දෙනෙකුට අනුව කවිය හුදු භාෂාමය ක්‍රීඩාවක් පමණක් වුණා. එතුළ සමාජ දේශපාලනික කාරණා එතරම් වැදගත් වුණේ නෑ. මෙයින් අදහස් වෙන්නෙ නෑ භාරතීය දෙමළ කවිය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ව්‍යුක්ත වුණා කියලා. ඒතුළ වෙසෙසින් වාමාංශික මත දරන සහ දේශපාලනික නිර්මාණයන් කරන කවීන් රාශියක් හිටියා. නමුත් ඔවුන් අතර ප්‍රමුඛත්වයක් හිමිවුණේ සෞන්දර්යවදී කවීන්ට හා එවන් නිර්මාණයන්ට.

මීට සාපේක්ෂ ලෙස ශ්‍රී ලාංකීය දෙමළ කවිය අතිශ්‍ය වැදගත් සමාජ දේශපාලනික භාවිතාවක් තුළ ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි අපේ කවිය ඉංදියානු කවිය හිටි තැනින් පියවරක් ඉදිරියට රැගෙන යෑමට සහ ඉන්දීය කවීන් හට තමන් කවිය දෙස බලන දැක්ම දෙස නැවත විචාරශීලීව හැරී බැලීම සඳහා ඔවුන් පෙළඹීමටද අතිමහත් බලපෑමක් කළා. ඒ අනුව මේ වන විට ඉන්දීය දෙමළ කවීන්ට වැටහිලා තියෙනවා කවිය කියන්නේ හුදෙක් සෞන්දර්යය විතරක් නෙමෙයි කියන එක. මෙසේ භාරතීය සහ ලෝක දෙමළ කවිය සඳහා සුවිශේෂි බලපෑමක් එල්ල කිරීම සඳහා ප්‍රධාන වශයෙන් චේරන්, ජෙයපාලන්, සොලයික්කිලි වැනි බොහෝ කවීන්ගේ සහ මගේ නිර්මාණයන් ප්‍රබල ලෙස බල පෑවා.

දෙමළ කවිය නූතන තත්වයට පත්වීම සඳහා බලපෑ එක් ප්‍රධාන කරුණක් ලෙස පසු කාලීන කවීන් හට ඇතිවුණු වාමාංශික බලපෑම දක්වන්න පුළුවන්. භාරතීගේ කවිය තුළ වාමාංශික මතවාදයන් දක්නට ලැබුණත් ඒ යුගය වන විට භාරතය තුළට වාමාංශික අදහස් පුළුල් ලෙස ගලා ආ බවක් පේන්න ලැබෙන්නේ නෑ. නමුත් සෝවියට් විප්ලවය පිළිබඳ පවා භාරතියාර් කවි ලියලා තියෙනවා. භාරතීගෙන් පසුකාලීන දෙමළ කවීන් හා වෙසෙසින් ශ්‍රී ලාංකීය දෙමළ කවීන් සඳහා තමයි වාමාංශික අදහස් දැඩි සේ බලපාන්නෙ.

• ලාංකීය දෙමළ කවිය ගත්තාම එය එක්තරා අතකට අතිශ්‍ය දේශපාලනික වනවා විතරක් නෙමෙයි එය තවත් අතකට පලස්තීන, ලතින් ඇමරිකානු හා අප්‍රිකානු කවිය හා සම මට්ටමක, එසේත් නැත්නම් ඒවා ඉක්මවා යන මට්ටමක පවතිනවා කියලා කියන්න පුළුවන්. හැටේ දශකය ඇරඹි ශ්‍රී ලාංකීය දෙමළ කවිය හා කවියා සඳහා වියට්නාම් අරගලය, චීන මහජන නැගිටීම් වැනි බාහිර දේශපාලනික සාධකයන් මෙන්ම උතුරේ පැවති කුලබේදය වැනි සමාජ කාරණා ද විශාල වශයෙන් අනුප්‍රාණය ලබා දෙනවා. වෙසෙසින් ඔබ විසින් රචිත ''කොවිලෙන් පිටත අරගලය'' වැනි නිර්මාණ සඳහා අනුභූති වන්නේ ''වාච්චහුර කෝවිල් සටන'' වැනි කුල බේදයට එරෙහි ඓතිහාසික අවස්ථා?

මං කවි ලියද්දි පෞද්ගලික වශයෙන් මට බලපෑවෙ වාමාංශික, එසේත් නැතිනම් මාවෝ වාදී අදහස්. ඒ අනුව විප්ලවවාදී අදහස් අපේ කවිය තුළ වඩාලාත් දක්නට ලැබුණා. 1970 පමණ වන විට වාමාංශීක අදහස් වැඩි වශයෙන් මෙරටට ගලා එනවනෙ. සිංහල කවියට මේ දේශපාලනික සංකල්පයන් කොතරම් දුරට බලපෑවාද කියන්ඩ මං දන්නේ නැති වුණත් අපේ කවි සඳහා අපි දැඩි වශයෙන් අනුප්‍රාණය ලබන්නෙ මේ මතවාද වලින්.

කුල බේදය පිළිබඳ අදහස් ගත් කල ඉන්දීය කවිය තුළ පවා භාරතී වැනි කිවියන් තම නිර්මාණ සඳහා ඒය යොදාගෙන තිබුණා. ලංකාව තුළත් 1960 පමණ වන විට කුල ක්‍රමයට විරුද්ධව අධික ප්‍රබල නැඟී සිටීම් මතු වුණා. මුස්ලිම් කවියකු ලෙස, කුල ක්‍රමය මට අදාළ නොවුනත්, ඒ පිළිබඳ යථාර්ථයන් අපේ හදවත තදින් සසල කිරීම නිසා මගේ කවියටද ඒවා පාදක වුණා.

• කුල බේදය, වාර්ගික පීඩනය, ජාතික වාදය, හමුදා මැදිහත් වීම හා කම්කරු පංති අරගලය වැනි කාරණාවන්හි අනුප්‍රාණය ලබමින් දෙමළ කවීන් සමඟ අත්වැල් බැඳගත් ඔබ ඇතුළු මුස්ලිම් කවීන් රාශියක් ශ්‍රී ලාංකීය දෙමළ කවිය පෝෂණය කිරීමට දායක වනවා. 1990 ඔක්තෝම්බර් 30 වන දින LTTE සංවිධානය විසින් මුස්ලිම් ජාතිකයින් යාපනයෙන් පළවා හැරීම වැනි සිදුවීම් වෙසෙසින් මුලිකාලීනව උතුරේ තරුණ අරගලය සමග අත්වැල් බැඳගත් මුස්ලිම් කවියා කෙරෙහිද, පොදුවේ සමස්ත දෙමළ කවිය කෙරෙහිද බලපාන්නෙ කොහොමද?

LTTE සංවිධානය විතරක් නෙමෙයි උතුරේ පැවති සෙසු දේශපාලනික සන්ධාන ඇතුළු සියලු දෙනා විසින් 1985 පමණ සිට මුස්ලිම් විරෝධී විවිධ දේශපාලනික ව්‍යාපාර ගෙන යනවනේ. මේවාට විරුද්ධව ඒ යුගය තුළ, මං ඇතුළු බොහෝ මුස්ලිම් කවීන් සහ ඇතැම් දෙමළ කවීන් තම කවිය තුළ යම් කිසි හඬ නැඟීමක් කිරීමට උත්සහ දැරුවා. මුස්ලිම් වරුන්ගේ අයිතීන් වෙනුවෙන් හා ඔවුන්ට කෙරෙන විවිධ කෙණෙහිලිකම් වලට විරුද්ධව අප ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් කවි කිවිඳියන් රාශියක් සහ දෙමළ කවීන් කිහිප දෙනෙක් එක්ව ''මීසන් කට්ටයි කල්ලි මීල එල්ලුම් පාඩල්කල්'' (මරණයන් පිබිදුණු කවි) කියලා කාව්‍ය සංග්‍රහයකුත් පළ කළා.

අපේ කවීන් තුළ තිබුණු ප්‍රධාන දුර්වලතාවක් තමයි බොහෝ විට මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න මුස්ලිම් කවියන් විසින්ද, දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න දෙමළ ජාතික කවියන් විසින් ද පමණක් ලිවීම. නමුත් මං එහෙම බේදයක් නොසලකා සෑම මිනිසකුටම වන ප්‍රශ්න මගේ කවිය තුළ ගොණු කරන්නට හැකිතාක් උත්සහ කළා. කුල ක්‍රමය ඒ සඳහා එක් උදාහරණයක් විතරයි.

• පලස්තීන සන්නද්ධ අරඟලය පිළිබඳ ඇලුණු සිත් ඇතිව පලස්තීන විප්ලවවාදී කවි දෙමළට නගා පළ කරන ඔබ, උතුරේ තරුණ අරගලය සන්නද්ධ සටනක් බවට පත් වීමත් සමඟ එය ප්‍රතික්ෂේප කරනවා?

මා තුළ නිතර තිබුණු අදහසක් තමයි සෑම ජාතියකටම සමාන දේශපාලන ආර්ථීක අයිතීන් තිබිය යුතු වබ. නමුත් ඊළාම් සන්නද්ධ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී එකක් ලෙස මට පෙණුනේ නෑ. ඔවුන් එක් අතකට කළේ සිංහල ජාතිවාදය ශක්තිමත් කළ එක. ඔවුන් නන්දිකඩාල් කලපුවේදී විනාශය කරා යන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු රාශියක් මුහුද මැද අතරමං කරලා. අපි යුද්ධයේදී සෑම දෙයක්ම නැති කර ගත්තා, නමුත් එයින් අපි ලබාගත් කිසිම දෙයක් නෑ. අපේ රටේ දේශපාලඥයින්ට මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්න 1977 සිටම හොඳින් පුළුවන්කම තිබුණා. නමුත් ඔවුන් ඒක කළේ නෑ. මං ටික කාලයකට කලිං කවියක් ලිව්වා My Last Word කියලා. එතනදි මං කියන්න උත්සහ කළේ සමගිය සමාදානය සහ නිදහස පිළිබඳව. ඔයා මගේ නිදහසට විරුද්ධනම් එතන මේ කිසිවක් ඉතිරි වෙන්නෙ නෑ.

• LTTE සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත්වීමත් සමඟ ලංකාව තුළ පශ්චාත් LTTE අවකාශයක් ගොඩනැගෙමින් පවතිනවා. තවත් අතකින් දකුණෙහි දේශපාලනය සඳහා සුළු ජාතීන්ගේ ඡන්දවල වලංගුතාව පිළිබඳ සියුම් අර්බුයක් සහ කතිකාවක් ගොඩනැෙඟමින් පවතිනවා. මේ තත්වය තුළ අද්‍යතන ශ්‍රී ලංකීය දෙමළ කවියේ ගමන්මඟ කවර සමාජ දේශපාලනික ආස්ථානයක් ගනීයැ'යි ඔබ විශ්වාස කරනවාද?

අද වන විට පවතින දේශපාලන භූමිකාව තුළ තියෙන්නෙ මේ රටේ සුළු ජාතීන් නෑ ඉන්නෙ එක ජාතියයි කියලා ව්‍යාජ ලෙස සැකසූ මතවාදයක්නෙ. මේවා ප්‍රායෝගික සහ අවංක දේශපාලනික ප්‍රතිචාරයන් ලෙස සලකන්න බෑ. මේ රටේ සුළු ජාතීන්ට තවම තියෙන්නෙ අඩු සැලකිල්ලක්. රැකියා බෙදී යෑමයි භූමි පරිභෝජනයයි තුළ තියෙන විසමතාව විතරක් වුණත් බලන්න. අම්පාර දිස්ත්‍රීක්කය ගත්තම ඒකෙ වැඩි පුරම ඉන්නෙ, දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයොනෙ. නමුත් ඒවයෙ සියලු උසස් පරිපාලන තනතුරු දරන්නේ සහ ඒ දිස්ත්‍රීක්කයේ ඉඩම් බෙදී යෑම අනුව බහුතර ඉඩම් පරිමාවක් භුක්ති විඳින්නේ කවුද? යළි පදිංචි කිිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළ තුළ පවා මේ වෙනස හොඳට පේනවා.

ඔබ ඇහුවා වගේ මේ මොහොතේ දෙමළ කවිය කවර දිශානතියක් ස්පර්ෂ කරයිද යන ප්‍රශ්නයට උත්තර දෙන්නනම් අපි ඉක්මන් වැඩියි කියලයි මට හිතෙන්නෙ. කෙසේ වෙතත් සමස්ත මිනිසාගේ දේශපාලන, ආර්ථීක සහ සංස්කෘතික අයිතීන් වෙනුවෙන් දෙමළ කවිය පෙනී සිටීවි. ඒ සඳහා ඉතා ප්‍රබල කවි කිවිඳියන් රාශියක් නව පරම්පරාව තුළ බිහිව සිටිනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An interview with Professor M. A. Nuhman, Sri Lankan Tamil Poetry, Sri Lankan Tamil Literature
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
PP මෙහෙම කියනවා :
kalakin kiyawu honda sakachchawak.

කිවුව වෙලාව- 2010-07-28 03:13:22
Prasad Weerasekara මෙහෙම කියනවා :
ඔව් ලොකූ ගෙ අදහස දැක්ක ගමන් ඉතා වැදගත් යමක් තියෙනවා කියල එවලෙම හිතුණා.
කූඹි මතු කරන කාරණාව හොඳයි.

මට මතක හැටියට නිලාර්ගෙ සහෝදර පියාපත් වලින් පස්සෙ දෙමළ කවි සිංහලට නැගුණු තැනක් තිබුනෙ නැහැ. මම වැරදි නම් නිවැරදි කරන්න. මම ඒකෙන් කියන්නෙ නැහැ නිලාර් ම ඒ කාර්යය දිගින් දිගටම කරන්න ඕන කියලා. මෙතන අපේ භාෂාමය දරිද්‍රතාවයක් තියෙනවා. ඒ ගැන හිතද්දි ඇත්තටම කණගාටුයි. රිෂාන් කරන දේ විශිෂ්ටයි. ඇත්තටම රිෂාන්ට සිංහලට ත් පරිවර්තනය කරන්න පුළුවන් නම් ඒක අද්විතීය තත්ත්වයක්. හරියට තුන් ඉරියව්වේ ක්‍රීඩකයෙක් වගේ. අවංකවම මගේ (අපේ) භාෂාමය දරිද්‍රතාවය ගැන කණගාටුයි.


කිවුව වෙලාව- 2010-07-27 22:52:38
Koombiya මෙහෙම කියනවා :
ලොකූගෙ සිහි කැඳවීම හරි වැදගත්.....

දෙමළ කවි සිංහලෙන්-

පරාක්‍රම කොඩිතුවක්කුගේ පිබිදෙන පැය සහ ඉන්දු සහ ලංකා (නම් හරිද?) එකේ දෙමලෙන් සිංහලට නගපු කවි තියනවා. අපිත් විටින් විට බෙදා ගත්තු නිලාර් කාසිම්ගෙ සහෝදර පියාපත් කවි එකතුවත් මෙතනදි මතක් වෙනවා. ඉස්සර දියැසෙ එහෙමත් දෙමළ කවි සිංහලට නගලා තිබුනා විටින් විට. පුංචිහේවා, නිලාර් වගේ අය.

වෙනම වැඩක් විදිහට විධිමත්ව එහෙම කළ අවස්ථා තියෙනවද දන්න අය කියන්න. සහ එහෙම අහුවෙන කවි අපට එවන්න. අපි ඔය ඒරියා එකට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මම හිතන්නේ.

සිංහල කවි දෙමළෙන්-

මේ ගැන නම් මම ඇත්තටම දන්නෙ නෑ.
රිෂාන් කරන වැඩේ අගය කළ යුතු හරිම වටින වැඩක්. රිෂාන්ට මේකෙ රිවර්ස් එක- දෙමළ කවි සිංහලට දමන්න පුළුවන්ද, එහෙම නැත්නම් එහෙම කරන්න පුළුවන් අයගෙන් අපිට ඉන්පුට් එකක් දෙන්න පුළුවන්ද වගේ කාරණා කියලා එවන්න.

ඉංග්‍රීසි කවි සිංහලෙන්-

මේක නම් වෙනවානෙ සෑහෙන්න. හොඳ කවි සිංහලට එන එක හරි වටිනවා.

සිංහල කවි ඉංග්‍රීසියෙන්-

මේක නම් අවාරෙට පොල් වැටෙනවා වගේ වෙන්නෙ නේද? [මේකෙදි සාමාන්‍යයෙන් වෙන්නෙ ''ප්‍රවීණ''යැයි සම්මත අය කෑම දිරවන්න ලිවුව කවි එයාගෙ යාලුවෙක් දාලා ට්‍රාන්ස් කරන එකනෙ. ඒවා ඉතිං ''ප්‍රවීණ'' ලෙඩ.]

අපිට පුළුවන්නම් ''හොඳ කවි'' ටිකක් තෝරලා ඉංග්‍රීසියට දමන්න වටිනවා. මං කියන්නෙ මෑතක ලියවුනු හොඳ ඒවා. මේ වැඩේට ස්කිල්ස් තියන පිරිසක් එකහු වෙලා, සමුහිකව එකහු වෙලා ඒවා ගැන කොමෙන්ට්ස් දීලා වෙනම ප්‍රොජෙක්ට් එකක් විදිහට මේක කරන්න අපිට බැරි වෙයිද?

මෙහෙම වැඩකට යන එකේ වටිනාකම අනාගතයටයි. අපට පුද්ගලිකව ලැබෙන දෙයක් නැහැ. හැම ක්‍රියාවකම අගට තමන්ට ලොලිපොප් එකක් ලැබිය යුතුයි හිතන ප්‍රවීණ බබ්බු මේවා කවදාවත් කරන්නෙ නෑ. ඉස්සර කරපු අයත් දැන් බබ්බු වෙලා සමාදානෙ සැතපෙන නිසා ඒක කරන එක අපේ යුතුකමක් මට හිතෙන්නේ.

දැන් අපි සුළුවෙන් හෝ සිංහල කවි ඉංග්‍රිසියට දමන්න කළ පිංකම (ලෙක්සිකෝන්) මේ ගූග්ල් සංසාරයෙදීම පල දීලා තියෙන හැටි බලන්න.

රත්න ශ්‍රී ව ගූග්ල් කරල බලන්න.
මංජුල වෙඩිවර්ධනව ගූග්ල් කරල බලන්න.

@BLive


කිවුව වෙලාව- 2010-07-27 22:39:03
ලොකු මෙහෙම කියනවා :
මේ දෙමළ කවි සිංහලට පෙරලන්න වෑයමක් නැත්තෙ ඈයි? ​මගේ දෙමළ දැනුම නම් බිංදුවයි. හැමදාම මම කණගාටුවන කාරණාවක්. රිෂාන් සිංහල කවි දෙමළට පරිවර්තනය කරනවා දුටුවා. ඒත් දෙමළ රචනා සිංහලට පෙරළෙනවා නම් තවම දැක්කේ නැහැ. සිංහලට නොවේනම් අඩුම ගණනේ ඉංග්‍රිසියට පරිවර්තනය වුනොත්...?

-ලොකු

@BLive


කිවුව වෙලාව- 2010-07-27 21:45:17
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
තවත් සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
නාඳුනන ගැහැණියකගේ දේශපාලන අරගලය- තිලිනා වීරසිංහ සමග කතාබහක්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook