Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
'Gang of Seven' කොල්ලන්ගේ චිත්‍රපට පිස්සුව
බූන්දි, 21:40:01
උසස් පෙළ පන්තියේ සිටියදී මගේත් මගේ මිත්‍රයා උදය ලක්ෂ්මන් ගේ ත් ඒකායන බලාපොරොත්තුව වූයේ චිත්‍රපටයක් තැනීමය. අපි චිත්‍රපට පිස්සෝ වූයෙමු. එයට බලපෑ ප්‍රධානම කාරණයක් වූයේ උදය ප්‍රවීණ කැමරා ශිල්පියකු නිෂ්පාදවරයකු හා අධ්‍යක්ෂවරයකු වූ එම් එස් ආනන්දන් ගේ බෑණා වීමයි. ඒ කාලයේ ජනප්‍රිය ළමා නිළියක වූ ශ්‍යාමා ආනන්දන් උදයගේ නෑනා විය.

ඒ කාලයේ ඔවුන් පදිංචිව සිටියේ මරදානේ යුනියන් ප්ලේස් හි ය. ඔවුන්ගේ වින්ජය මෝටර්ස් නම් වූ වාහන අමතර කොටස් වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ උඩු මහලේ වූ ඔවුනගේ නිවසට මා උදය සමඟ ගියා තවමත් මතක ය.

එම් එස් ආනන්දන් අති දක්ෂ කැමරා ශිල්පියකු වුව ද ඔහු තැනු චිත්‍රපට ජනප්‍රිය ගණයේ ඒවා විය. ඔහුගේ චණ්ඩි ශ්‍යාමා වැනි චිත්‍රපට ඒ යුගයේ ආදායම් වාර්තා තැබුවේ ය. චිත්‍රපටයක් මුල් වටයේ ප්‍රදර්ශනය වන විට ප්‍රධාන සිනමා ශාලාවෙන් එය ගැලවී යාම වැළැක්වීම සඳහා නිෂ්පාදක වරයාම මුදල් යොදවා ප්‍රවේශපත්‍ර මිලට ගෙන දන්නා හඳුනන අයට බෙදා දීම එදා ද සිදුවිය. ඒ නිසා අපි මරදානේ එල්පින්ස්ටන් සිනමා ශාලාවේදී චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටය කීපවාරයක්ම නැරඹීමේ අවස්ථාව ලද්දෙමු.

අපේ අම්මාගේ අයියා වූ නැසී ගිය ස්ටීවන් ගුණතිලක මාමා අති දක්ෂ චිත්‍ර ශිල්පියකු විය. (චිත්‍ර ශිල්පයේ අයන්න මට ඉගැන්නුවේ ඔහු ය. ඒ ගැන සදා ඔහුට කෘතවේදී වෙමි) ඇල් ඇම් පෙරේරා අධ්‍යක්ෂණය කළ හතර කේන්දරේ හතර පෙරළිය හතර මහා නිධානය වැනි චිත්‍රපට වලත් කේ ඒ ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ බොහෝ චිත්‍රපට වලත් කලා අධ්‍යක්ෂ වරයා වූයේ අපේ මාමා ය. (හතර මහා නිධානය චිත්‍රපටයට ඔහු ගැනූ අපායේ පසුතල දර්ශන මට තවමත් මතක ය) අපේ අල්ලපු වැටේ පදිංචිව සිටි මාමා ගේ නිවසට බොහෝ සිනමා නලු නිළියෝ නිතර ආව ගිය හ. මාමා ගේ වැඩ වලින් වශී වී ඔහුට අත් උදව් දුන් ම සිතේ ද සිනමා සිහින ලෝකය පිළිබඳව සැඟවුණ ආශාවක් තිබුණි. චිත්‍රපට තැනීමේ පිස්සුවෙන් මෙහෙයවනු ලැබූ මම උදය සමඟ කීප වතාවක්ම නාරාහේන්පිට සිලෝන් ස්ටුඩියෝවට ගියෙමි. චිත්‍රපට සංස්කරණ ශිල්පීන් අතින් සේයා පට කැපී කෙටී චිත්‍රපටයක් ගොඩනැගෙන ආකාරය සංස්කරණ මේසය පිටුපසට වී බලා සිටියෙමු. වාලම්පූරි චිත්‍රපටයේ දෙබස් කැවූ අයුරු බලා සිටි හැටි ද අද මෙන් මතක ය. මේ සියල්ල ගැටවරයන් වූ අපට මහත් ආස්වාදයක් ගෙනදුන් අත්දැකීම් විය.

ඉදින් දැන් චිත්‍රපටයක් තැනීමේ අපේ වාරය පැමිණ ඇත. පළමුව ඒ සඳහා තිරනාටකයක් ලිවිය යුතු ය. ඒ කටයුත්ත බාර වූයේ මට ය. අපේ චිත්‍රපටය සඳහා සුද්දන් ගේ පාලනටය එරෙහිට කැරළි ගැසූ බූටෑවේ රටේ රාලගේ කතාන්තරය තෝරා ගත්තෙමු. දැන් තිරනාටකට ලිවිය යුතු ය. ලොකු කමට බාරගත්තත් මා කිසිදාක චිත්‍රපට තිරනාටකයක් දැක තිබුණේ නැත. සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ පන්ති පටන් ගන්නා තෙක් වූ අතර මැද කාලයේ දී ජාතික චිත්‍රපට සංස්ථාව පැවැත්වූ තිරනාටක පාඨමාලාවකට සහභාගි වන්නට අයැදුම් කළෙමි. අයැදුම් පත සළකා බැලීම සඳහා චරිත සහතියක් එවන ලෙස චිත්‍රපට සංස්ථාවෙන් ලිපියක් ලැබුණි.

චරිත සහතිකයක් ලියවා ගැනීම සඳහා පන්ති බාර ගුරුතුමිය හමුවන්නට පාසල අවසන් වූ පසු කාර්යාලයට ගියෙමි. ගුරුතුමිය බැඩ්මින්ටන් ගසන බැවින් එය අවසන් වන තෙක් සිටින්නැයි නියෝගයක් ලැබුණි. මම සවස 4 වන තෙක් බඩගින්නේ ම බලා සිටියෙමි. බැඩ්මින්ටන් ක්‍රිඩාකර පැමිණි ගුරුතුමිය වෙත ගොස් මගේ අවශ්‍යතාව බොහෝ බැගෑපත් ලෙස කීවෙමි. ඇය මගේ ඇඟට කඩා පැන්නා මදිවට ළඟ සිටි ගුරුවරියකට මා පෙන්නා ''මේ බලන්න අනේ මේ ළමයිගෙ වැඩ.. පේනවද කැරැක්ටර් සර්ටිෆිකේට් ඉල්ලන්න එන වෙලාව..'' යි කීවා ය.

මම මහත් ලැජ්ජාවකින් හිස් අතින්ම ගෙදර ආවෙමි. චිත්‍රපට තිරනාටක පාඨමාලාවට යාමේ ආසාව අතහැර දැමුවෙමි. චිත්‍රපටයක තිරනාටකය නාට්‍යයක පිටපතට සමාන විය යුතු යයි මම සිතුවෙමි. මම නාට්‍ය පිටපත් ඕනෑ තරම් දැක ඇත්තෙමි. අපේ ලයනල් මාමා (ලයනල් ගුණතිලක) ළඟ තිබී මම ඕනෑ තරම් ඒවා කියවා ඇත්තෙමි. ලයනල් මාමා අපේ අම්මාගේ මස්සිනා ය.ටවර් හෝල් නාට්‍ය කරුවකු වූ ද ටවර් හෝල් යුගයේ දී 'විස්මකර්ම ගුරුන්නාන්සේ' ලෙස හැඳින් වූවා වූ ද ඩී ඡේ ඩබ්ලිව් ගුණතිලක යනු ලයනල් මාමා ගේ තාත්තා ය. නරඹන්නන් විස්මයට පත් කරවන නොයෙකුත් ඇස්බැන්දුම් විස්කම් සිය නාට්‍ය වල ඉදිරිපත් කළ බැවින් ඔහු විස්මකර්ම ගුරුන්නාන්සේ වී ලු. පියාගේ අඩිපාරේ ගිය ලයනල් මාමා ද ඉන්දියානු රාගධාරී සංගීතය පිළිබඳ මනා දැනුමක් ලද ප්‍රවීනයකු විය. සංගීතය හා නාට්‍යය කෙරෙහි අපේ සිත ඇද බැඳ දැම්මේ ලයනල් මාමා ගේ ආභාශය යයි මට දැන් සිතෙයි. (එය වෙනම කතාවකි) ලයනල් මාමා නාට්‍ය ලියයි. අපි ඔහු නැති වේලාවල් බලා ඒවා කියවා බලන්නෙමු. ඔහු අනුකරණය කරමින් කුඩා නාට්‍ය ලියන්නට වෑයම් කරන්නෙමු. පාසල් නිවාඩු කාල වලදී වේදිකා තනා තිර ඇද අපේ කුඩා නාට්‍ය අහල පහළ උදවියට පෙන්වන්නෙමු. ඒ වෙනුවෙන් ළමා කලා කවය යනුවෙන් සංගමයක් ද අපට විය. මේ සංගමයේ තේමා ගීතය මා ලියූ පළමු ගීය මෙන්ම මා අතින් තනුවක් දැමුණ පළමු ගීය ද විය. මෙසේ නාට්‍ය ලියා ලද හුරුව අපේ චිත්‍රපටයේ තිරනාටකය ලියන්නට සෑහේ යයි
මම අනුමාන කළෙමි.

මේ අතරේ දී චිත්‍රපට තිරනාටක ලිවීමේ ක්‍රමවේදය පිළිබඳ ලියැවුණ ලිපියක් මම සිනමා පත්තරයක තිබී කියෙව්වෙමි. පිටුව දෙකට බෙදා එක් පසෙක හඬ විස්තරයත් අනෙක් පසෙහි රූප විස්තරයත් ලියන හැටි එහි විය.

''මේක හරියන්නෙ නැහැ.. අපි දන්න කෙනෙක්ගෙන් අහලා බලමු..'' මම උදයට කීවෙමි. ''කාගෙන්වත් අහන්න ඕනෙ නැහැ.... අපි චිත්‍රපටි සංස්ථාවට ගිහින් අහමු..''
උදය යෝජනා කළේ ය. අපි පසුවදා ම ටොරින්ටන් හි තරංගනී සිනමා ශාලාවේ පවත්වාගෙන ගිය චිත්‍රපට සංස්ථා කාර්යාලයට ගියෙමු.

''අපට චිත්‍රපට තිරනාටකයක් ලියන්නෙ කොහොමද කියලා දැනගන්න ඕනෙ..''
අපි අපට හමු වූ පළමු පුද්ගලයාගෙන් ම ඇසුවෙමු. මඳක් කල්පනා කළ ඔහු අප කැටුව එක්තරා නිළධාරියකු වෙත ගියේ ය.
''සර්.. මෙන්න මේ ළමයින්ට ස්ක්‍රිප්ට් එකක් ලියන හැටි ඉගෙනගන්න ඕනෙලු..''
නිලධාරියා අපේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා බැලුවේ මේ අරුමය කුමක්දැයි තේරුම් ගන්නට විය යුතු ය.
''වාඩි වෙන්න..''
ඔහු සිය මේසය ඉදිරියේ වූ පුටු දෙකක් පෙන්නුවේ ය. අපි වාඩිවුනෙමු.
''දැන් ඔය ළමය් මොකක්ද කරන්න යන්නෙ..?''
ඔහු ඇසුවේ ය.
''අපි චිත්‍රපටියක් හදන්න යන්නෙ..''
උදය කීවේ ය. නිළධාරියා මහා බැරෑරුම් බැල්මක් අප වෙත හෙළුවේ ය.
''චිත්‍රපටියක් හදන්න...?'' ''ඔව්..'' ''හොඳයි හොඳයි.. ''
ඔහු ලාච්චුවක් ඇර විශාල පොතක් ඉවතට ගන්නා අතර කීවේ ය.
''මේ තියෙන්නෙ චිත්‍රපටියක ස්ක්‍රිප්ට් එකක්.. ඔහොම ඉඳගෙන හොඳට කියවලා බලන්න.. එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි ස්ක්‍රිප්ට් එකක් කොයි වගේ ද කියලා..''

අපි පැය බාගයක් පමණ ඒ තිරනාටකය අධ්‍යයනය කළෙමු. නිලධාරියාට ස්තුති කර ආපසු ආවෙමු. කාර්යාලයෙන් පිටවන්නට පෙර දොර අසළදී ආපසු හැරී බැලුවෙමු. අර නිලධාරියාත් තවත් කීපදෙනෙකුක් තවමත් අප දෙස බලා සිටිනු අපි දුටුවෙමු. ඒ මොහොතේ ඔවුන්ගේ මුහුණු වල තිබුණේ කවරාකාර හැඟීමක්දැයි තේරුම් ගන්නට අදත් මම උත්සාහ ගන්නෙමි. විස්මය ද හාස්‍යය ද උපහාසය ද නැත්නම් වෙනත් හැඟීමක් ද?

මම පසුදාම තිරනාටකය ලියන්නට පටන් ගත්තෙමි. එක දිගට ලියා සති දෙකකදී පමණ අවසන් කළෙමි. ධම්මික මල්ලී ඒ පොත පිටපත් හතරක් වන සේ ටයිප් කරගෙන ආ බවක්ද මට මතක ය. ඒ යුගයේ අපේ සිනමා වීරයා ගාමිණී ෆොන්සේකා විය. (චණ්ඩි ශ්‍යාමා හරහා ගාමිණී සමග පොඩි පහේ ඇඳුනුම් කමක් ද උදයට විය) බූටෑවේ රටේ රාළගේ චරිතය ගාමිණීටම ගැලපෙයි.

තිරනාටකය ලිව්වේ ඒ බව ද සිහියේ තබාගෙන ම ය. උයදත් මාත් ජවනිකාවෙන් ජවනිකාව මනස් රූප වලට නැගුවෙමු. බූටෑවේ රටේ රාළ ගේ චරිතයට ආවේශ වන ගාමිණී ෆොන්සේකා සුද්දන් හා සටන් කරන ආකාරය මනසින් දුටුවෙමු. චිත්‍රපටයට සල්ලි දමන්නට නිෂ්පාදකයකු අවශ්‍ය ය. අපේ ගැන්සියේ (අපේ ගැන්සිය ඒ කාලයේ පාසලේ ගුරුවරුන් අතර ප්‍රසිද්ධව තිබුණේ Gang of Seven කියාය. සහෝදරයන් හත් දෙනෙකු සේ එක්ව සිටි අපි අකාලයේ මිය ගිය එක් මිතුරකු හා විවාහයෙන් පසුව අපෙන් වෙන්වුණ තවත් මිතුරකු හැරෙන්නට අදටත් හොඳම හොඳ මිතුරන් වෙමු) පාලිත කොස්තා ගේ මාමා ගේ නම ඒ සඳහා යෝජනා විය. ඔහු ගාලු පළාතේ තේවත්තක් අයිතිව සිටි සල්ලිකාරයෙකි. (මට දැන් නම මතක නැත) පාලිත තකහනියක් ගාලු ගොස් මාමා හමුවී උපකාර පැතුවේ ය. මාමා අකැමැත්තත් නොපෙන්නුවේ ය. ඔහුට තිරනාටකය බලන්නට ඇවැසි විය. අපි ඔහුට පිටපතක් යැව්වෙමු.

චිත්‍රපටය අධ්‍යක්ෂණට පළපුරුදු අධ්‍යක්ෂවරයකු යෙදවිය යුතු බව මාමාගේ අදහස විය. එය සාධාරණ ය. තමාගේ සල්ලි සමඟ කරන සෙල්ලම පරිස්සමින් කළ යුතු බව ඔහුට හිතෙන්නට ඇත. අදටත් අප නොදන්නා මොකක්දෝ හේතුවක් නිසා මාමා තෝරාගෙන තිබුණේ පතිරාජ එල් එස් දයානන්ද මහතා ව ය. පාලිත ගේ මාමා දයානන්ද මහතාට අපේ තිරනාටකය කියවන්නට දුන් බව ද දැනගන්නට ලැබුණි. අපේ බූටෑවේ රටේ රාළගේ තිරනාටකය සිනමාවට නැඟීම පසෙක තබා පතිරාජ එල් එස් දයානන්ද මහතා පාලිත ගේ මාමා ගේ නිෂ්පාදන දායකත්වයෙන් ''තුත්තිරි මල්'' නමින් ආදායම් අතින් අතිශය අසාර්ථක වූ චිත්‍රපටයක් තැනුවේ ය. අපේ චිත්‍රපට සිහිනය එතැනින් ම අහෝසි විය. පතිරාජ එල් එස් දයානන්ද මහතා පසු කළෙක ''කිවුලේගෙදර මොහොට්ටාල'' (?) නමින් සුදු පාලනයට එරෙහි වූ වීරයකු පිළිබඳ සිනමා පටයක් ද තැනූ බව මතක ය. ඒ තීරණය ගැනීම සඳහා ඔහුට අපේ බූටෑවේ රටේ රාළගේ තිරනාටකය යම් තරමකින් හෝ බලපෑමක් කරන්නට ඇද්දැයි මම නොදනිමි.

උසස් පෙළින් පසු අපි දස අතට විසිරුණෙමු. මා මගේ ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්නට වෙහෙසුණ අතර අපේ මිතුරෝ විවිධ රැකියා සඳහා යොමු වූ හ. සිය මාමා (චිත්තප්පා) සමඟින් වරායේ වාප්පු අංශයට යොමු වූ උදය පසු කළෙක එක චිත්‍රපටයක් නොව චිත්‍රපට දෙක තුනක් වුව ද පහසුවෙන් තැනිය හැකි තරම් ආර්ථීක ශක්තියක් යුතු ව්‍යාපාරිකයකු බවට පත් විය.

''චිත්‍රපටියක් හදන්ඩ හිතෙන්නැද්ද..?''
අවුරුදු පහ හයකට පෙර ලංකාවේදී හමුවූ අවස්ථාවක මම උදයගෙන් ඇදුවෙමි.
''පිස්සු ද බං.. ඔය පිස්සු වැඩ කරන්ඩ බෑ..''

ඔහු කීවේ ය. ලෝකය වෙනස් වී ඇත. උදයගේ පිස්සුව සුව වී ඇත. එහෙත් මා තුළ තවමත් ජීවත් වන්නේ අර පිස්සා ම බව මම දනිමි. එයින් ගැළවීමක් නැති බව ද මම දනිමි.

සන්නස- "මගේ ලෝකය"
2007 සැප්තැම්බර්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
WIJITHA මෙහෙම කියනවා :
magema kathawa wage
rasawath


කිවුව වෙලාව- 2010-07-27 00:02:55
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජගත් ඡේ එදිරිසිංහගෙන් තවත් වියමන්
කවි
සොයමි
කවි
ආගමනය
කරන්ට්ස්
පිල්ලේ
කතන්දර
කන්ද උඩ මාලිගාව
අදහස්
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
චාර්ලි චැප්ලින් කියයි.
ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook