Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ශානිකා කල්හාරි වටෝවිට සහ ඇගේ පන්හිඳ
බූන්දි, 10:21:53
මේ ලියන්නේ තවත් කිවිඳියක් ගැන නම් නොවෙයි. මේ ලියැවෙන්නේ මහමෙරක් මෙන් නොසැළුන අකම්පිත ආත්මයක පරිකල්පනීය දිග පළල පිලිබඳ මිනින්දොරුවකුගේ සටහනකි.

1992 දී පමණ ඈත දුරාතීතෙක මට ඇයගේ කවි කියවා මතක ඇත්තේ රාවය පුවත් පතිනි. එකල මට හැගුනේ ඇය ද අප මෙනි.

එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් එම රාවය පුවත් පතේම පළ වූ ඇගේ සංලාප සටහනකින් මා දැනගත්තේ ඇය අප මෙන් නොවන වගයි. ඇය මාංශ පේශි වර්ධනය නොවීමෙ රෝගයකින් පෙලෙන්නියක් බවත් එහි සැබෑ තතු රැගත් ඇගේ ඡායාරූපය පුවත් පතේ පළ වීමත් සමග මම කම්පනයට පත් වීමි.

කලකට පසු මට ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය හමු විණි. ඒ ගොඩගේ පොත් මැදුරෙ කල් ඉකුත්ව ගිය පොත්පත් ගොඩගැසුනු අඳුරු රාක්කයක තිබීය.

ඇගේ හඬ තවමත් මා සිත කම්පනය කරන බැවින් මෙ කුඩා සටහන ඇය වත්මන් ලෝකයටත් ඇය නොදන්නා අළුත් පරම්පරාවට හඳුන්වා දීමටත්ය.

ඇය ගැන වනිතා විත්ති පුවත් පතේ දමයන්ති අමරසේකර පවසන්නේ...

වයසින් මෙන්ම අත්දැකීමෙන් මුහුකුරා නොගිය ද තම සිරුර වාරු නැති වුව ද ඇය බුද්ධිය මෙහෙයවා කරන නිර්මාණයන්හි අගය මැනිය නොහැකි තරම් ය. කිසිවක් කර කියා ගත නොහැකි ව මැසිවිලි නගන සමහර මිනිසුන් අතර ආබාධිත ඇය ආශ්චර්යයකි.

ඇගේ කවි පොතේ පෙරවදනේ දක්වන ඇගේ අදහස් කීපයක්ද මෙහි සටහන් කරමි. කලියුගයේ වසන්තය ශානිකා කල්හාරි වටෝවිට ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයයි.

කවිත්වය තුලින් නිරූපනය විය යුත්තේ සෞන්දර්යාත්මක අගයන් යැයි බොහෝ දෙනා විශ්වාස කරති. සුන්දර පරිසරය ප්‍රේමය ගැහැණිය වැනි වස්තූන් මුල් කරගෙන ශෘංගාරාත්මක ශෛලියකින් කවි ලිවීමට බොහෝ කවීන් පුරුදු වූයේ එම මතවාදයේ පිහිටා විය යුතුය. එහෙත් කිසියම් වස්තුවක් දෙස යථාර්ථවාදී ව බලා කවිත්වය තුළින් එහි ස්වභාවය සත්‍යය ලෙස නිරූපණය කළ හැකි නම් එය කවියෙකු සතු විශේෂ කුසලතාවක් නොවන්නේ ද?

එවැනි කුසලතා තුළින් මතු වූ පැල් කවි පාරු කවි පතල් කවි ගොයම් කවි වැනි වැඩ කරන ජනතාවගේ නිර්මාණ සමාජයට කළ මෙහෙවර අප ඉතා අගය කළ යුතුය. එම කවි සංකල්පනා වර්තමාන සමාජ ක්‍රමය හමුවෙ කෞතුක වස්තූන් බවට පත් වූවත් ඒ මග පිහිටා සමාජ මෙහෙවර මතක් කර දීමට අනුගමනය කළ ජනතාවාදී ශෛලිය මගේ නිර්මාණවලට පදනම වූ බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි.

විශේෂයෙන්ම පසුගිය 17 වසරක පාලන අවධියේදී ජාතිවාදයට යුද්ධයට අසාධාරණයට භීෂණයට එරෙහිව උතුරේත් දකුණේත් ඇතැම් කවීන් ඉටු කළ මෙහෙයට මුළු ලාංකීය ජනතාවම ප්‍රශංසා කළ යුතුය. සමාජ අසාධාරණකම්වලට ජනතාව ගොදුරු වන කාල පරිචඡේද වලදී කවීන් විසින් ලබා දෙන පණිවුඩය ප්‍රාග් විප්ලවීය රුසියානු සාහිත්‍යය පුරා පැතිරී ඇත. එම ආදර්ශය යටත් විජිත යුගයේ දී ආසියා අප්‍රිකා ලතින් අමෙරිකා අතුළු සියළු රටවල් හරහා හමා ගොස් අද එය විවිධාකාරයෙන් සිදුවන සමාජ අසාධාරණකම් වලට එරෙහි ව පෙළගැසී සිටින්නේ ඒ රුසියානු ආභාසයට පින් සිදුවන්නටය.


මේ ඇගේ කවි පොතෙන් උපුටනයක්.

දහසකුත් දේ අතර සුවිශේෂ වූ
දෙයකි පන්හිඳ
මගේ අතැඟිලි අතර සිරවී
නොකඩවා ලියන වදන් වැල්
ඉරිතැළුන මිහිකතට
පිරුණු නදියක් වැන්න
සුන්දරත්වය මතින් ඇති කටුක යථාර්ථය
වෑහෙන්නේය තුඩගින්
හිරුගේ රැස් ලෙසට
අයුක්තිය අසාධාරණය අසත්‍යය දුටු තැන
පහර දුන්නේය පන්හිඳ
කඩු, කිනිසි, අවි වලින් නොව
සියුමැලි තුඩගින්ය
මතු දිනෙක මා අතින් ගිලිහිලා
ගව් ගණන් දුර පතිත වුව
මට දොස් නොතබනු
මන්ද?
මගේ අතැඟිලි ලිහිල් කරන්නේ මිනිසුන්ය
මා ලියන්නේද මිනිසුන්ටය
ඉතින් මිනිසුනේ
පන්හිඳ කග පතක් කළ හැක්කේ ද
මිනිසුන්ටමය

ශානිකා කල්හාරි වටෝවිට
කලියුගයේ වසන්තය 1996
[ශානිකාගේ රුව උපුටාගත්තේ ඇගේ මූණු පොත් ප්‍රොෆයිලයෙනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Shanika Kalhari Watowita, Kaliyugaye Wasanthaya
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nuwan Siriwardane මෙහෙම කියනවා :
shanika, oba apuru kavikariyek. shakthiya pathanawa.

කිවුව වෙලාව- 2010-03-11 00:53:19
XT මෙහෙම කියනවා :
puduma watina sahodariyak

කිවුව වෙලාව- 2010-03-01 20:33:45
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝසන් ප්‍රීති ඊ.ඒ.ගෙන් තවත් වියමන්
Cine
'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්| කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා
කරන්ට්ස්
මකුළු දැල එලා ඇති විට
කවි
කඩදාසි හීනයක්
කතන්දර
පල්පීය කතාවක්
කවි
පිලාර්, මම නුඹේ අත සිඹිමි...
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook