Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
කඩදාසි හීනයක්
බූන්දි, 21:59:52
අපැහැදිලියැ මට නුඹ
කවුරු වුනත්.
මට නොසිතෙයි ඒ මා යැයි,
අනෙකෙකි, බොහෝ වෙනස්!

අඳුරට වැසී ගිය
නුඹ රුව නොපෙනේ හරියට.
දාර මැකී ගිය මීදුමකි පොලොව මත.
අවුරයි හැඳුනුම; අඥාත වෙයි විශ්වයම.

කඳුලක හැඩයක් දිස්නයක්
ඈතට දිසෙයි, වෑස්සෙයි එලිය ඉරබටු තරුවක.
කඳුළු කැට වුව- කාච වෙස්ගනී ඇස මත,
ඉසියුම්ව බෙදයි පැහැ ඉරි- මතුකර ඝණ අඳුරු සෙවණැලි.
වෙලෙයි ආලෝකය-ඉරා අඳුරේ අන්ධ තිරපට
මතුවෙයි- ගිලෙයි, නැවත මතුවෙයි
අඳුරු දෑසත් -රුදුරු අරුතත්.

පුළුස්සයි පොත් පත් ලියුම් කඩදහි
දවාලයි අතීත සටහන්
ඇවිද ගිය මං පෙත්
තැබුනු පියවර
ඉතිරි නොකරම කිසිදු අකුරක්...

දැවී යයි බැරලයක් තුළ
ගිනි දළුද නැග එයි කරකැවී දුම්රොටු
පිළිස්සුණු කඩදාසි සැහැල්ලු වී
අඟුරු වර්ණයෙන් පියඹයි
ඡායාවේ හිසට ඉහලින්
පියාපත් ලද සිතුවිලි වෙසින්....

මුමුණයි රහසින්
එද මා සවන් කළතයි
නොඇසූ රාවයකි
ඇසුමද අග්නි ජාලාවකි
තබයි කන් පෙති මත ලැව් ගිනි

"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයක්
තටු ලබන්නට මතුයම් දිනෙක ඒ සිතුමන් "

07/2010
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
-තුෂාරි ප්‍රියංගිකා- මෙහෙම කියනවා :
තමන් තුළම සිටින "අනෙකා" මේ යැයි සිතේ..

කිවුව වෙලාව- 2010-07-15 11:36:24
BANDI-ගමරාළ මෙහෙම කියනවා :
@ගමරාළ

alawaka kiyala porakuth oya wagema kathawak koheda kiyala thibuna. [hina]
meka ithin oyage podi 'J' ledak.
me ledeta behetha thamayi tikak mahansi wela hadareem karanna.

sarala silara dewalma witharak neme loke thiyenne

alawaka-la gamarala-la therum ganna awashya sathyaya eekayi.


කිවුව වෙලාව- 2010-07-14 21:45:37
Jagath J Edirisinghe මෙහෙම කියනවා :
සියල්ල යහපත් ලෙස සිදුවනතාක් කල් අපි අපේ ලෝක තුළ මහත් අභිමානයෙන් ජීවත් වන්නෙමු. සිහින මවන්නෙමු. තඩදාසි මත සිහින අඳින්නෙමු. ජීවිතය අපූරු ය. සුවදායක ය. ලස්සන ය. අහා.. ඒ සිහින කොයි තරම් සුන්දර ද..?

නොසිතූ මොහොතක අහසින් පෙළොවට කිසිවකු විසින් අප ඇද දමනු ලැබූ පසු අපි ඇස් ඇර බලන්නෙමු. බිම වැතිර බිඳුණ අත පය ඇතිව ඇස් පමණක් ඇර බලා කඩදාසි සිහින කොතැන වැටුණි දැයි සොයන්නෙමු. මේ සිටින්නේ අප දැයි අපට ම සිතා ගන්නට නොහැකි ලෙස අපි දුර්වලව අකර්මණ්‍යව පරාජිතව වැතිර සිටින්නෙමු. නැවත නැගී සිටින්නට හැකියාවක් ලැබේදෝහෝයි නොදැන ම ඔහේ වැතිර සිටින සඳ අර කඩදාසි සිහින ඈත පාවී යනු අපට පෙනෙයි. ඒවා අල්ලා ගිණි තබන්නේ නැතිව නැවත නැගී සිටීමක් නොමැති බව අපට දැනෙයි.

"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයක්
තටු ලබන්නට මතුයම් දිනෙක ඒ සිතුමන් "
විශ්වය අප යයි සිතා සිටි අපි පළමු වතාවට කුඩා අංශුවක් බවට පත්ව සිටින්නෙමු. ඉදින්, හැකි නම් කඩදාසි සිහින අහුලාගෙන ගිණි තැබිය යුතු වෙමු. නැත්නම් ඒ සිහින කඩදාසි කන්දරාවටම යට වී ඔහේ වැතිර සිටිය යුතු වෙමු. මේ දෙකෙන් අපට කළ හැකි වන්නේ කුමක්ද යන්න මත සියල්ල තීරණය වන්නේ ය. නැවත විශ්වය විය නොහැකි නම් අඩුම වශයෙන් ග‍්‍රහලෝකයක් වත් වන්නට හැකිවේද.. නැත්නම් සදාකල් අංශුවක් ලෙසින්ම පවතින්නට සිදුවේ ද...

ආපසු හැරී බලා කොතැනකදී හෝ අපට අහිමි වූ අප සොයාගන්නට හැකි වේද?

මේ ඩොසා ගේ කවිය මගේ සිතේ මැවූ සිතුවිළි වචන බවට පෙරළීමකි. කොහොමත් ඩොසා ගේ කවි මගේ සිත කම්පනයට පත් කරවන සුලූ ඒවා ය. ඉදිරියේ දී වඩාත් ප‍්‍රවේසම් විය යුතු ය.


කිවුව වෙලාව- 2010-07-14 21:35:37
ගමරාළ මෙහෙම කියනවා :
සෑහෙන්න අකුරු නාස්ති කරල.
කවියක අදහස අපැහැදිලි තරමට ඒක වියත්ලුනෙ.
පට්ට......!


කිවුව වෙලාව- 2010-07-14 06:57:32
Malathie Kalpana Ambrose මෙහෙම කියනවා :
මිනිසුන්ගේ පෞද්ගලික වේදනාවන් හෝ සංතෘෂ්ඨීන් වින්දනය කරන ආකාරය , භාර ගන්නා හෝ විශ්ලේෂණය කර ගන්නා ආකාරය එකිනෙකාගෙන් විවිධය..සිය අත්දැකීම් හා හැදෑරීම් මත ගොඩ නැගෙන ජීවණ දර්ශනයන් මත ඒවා රඳා පවතී. කවි‍යා හෝ නිර්මාණකරුවා විඳ ගැනීමෙන් ඔබ්බට ගොස් මේ හැඟීම් සහ දර්ශනයන් විචිත්‍ර ලෙස සිතුවම් කරයි. මේ සිතුවමේ සායම් යනු ඔහු එක්තරා මොහොතකදී හෝ මුළු ජීවිත කාලය තුළදී හෙලූ ලේ, කඳුළු සේම ස්පර්ශ කළ සෞන්දර්යයන්ය. එවිට සහෘදයා තමන්ට සුවිශේෂිවු දැක්ම අනුව එය කියවා ගනියි...
අජිත් කියා ඇති පරිදි ප්‍රීති අයියාගේ "සිහිනය" මට අරුත් ගැන්වෙන්නේ එතැනදීය..‍
අඥාත වූත් අසංඛ්‍ය වූත් එහෙත් , සමාන්තර විශ්වයන්......


කිවුව වෙලාව- 2010-07-13 22:17:41
Shadow|හේමලයා මෙහෙම කියනවා :
මංමුළාවූ සිහින....:(

@Wachana Taxi


කිවුව වෙලාව- 2010-07-13 22:01:34
Hashitha Abeywardana මෙහෙම කියනවා :
"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයම
තටු ලබනු පිණිස මතු යම් දිනෙක''


කිවුව වෙලාව- 2010-07-13 22:01:01
Ajith C. Herath මෙහෙම කියනවා :
මෑත කාලයේ කියවන්නට ලැබුන කවි අතරින් ඉතා සුවිශේෂි කවියක්. මේ කවිය වෙන වෙනම පෙළ වශයෙන් අර්ථ දැක්වීමට හෝ තේරුම් ගැනීමට අපහසුයි.හරියට සිහිනයක් අර්ථ ගැන්වීමට හෝ තේරුම් ගැනීමට නොහැකිවාක් මෙනි.නමුත් සමස්ත නිර්මාණය කියවා ඉවර වූ විට හැගෙන්නේ අප තුළ වූ අවිනිශ්චිත හැගීමක් ප්‍රකාශ කිරීමේ වචන , සංකල්ප රූප සහ ආකෘතියක් සොයාගැනීමට ඩෝසන් සමත් වී ඇති බවයි.

කිවුව වෙලාව- 2010-07-13 22:00:35
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝසන් ප්‍රීති ඊ.ඒ.ගෙන් තවත් වියමන්
Cine
'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්| කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා
කරන්ට්ස්
මකුළු දැල එලා ඇති විට
කතන්දර
පල්පීය කතාවක්
කවි
පිලාර්, මම නුඹේ අත සිඹිමි...
වෙසෙස්
ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook