Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
වන්දනාවක සටහන්
බූන්දි, 00:31:14
මගේ සත්‍ය අත්දැකීමක් වන මේ සටහන ලියවුණේ යුද්ධය නිමා වෙන්න කලින්.

නැගෙනහිර පළාතේ යුද්ධය නිමා වුණ බව නිවේදනය කළේ උතුර සම්බන්ධව එබඳු නිවේදනයක් කරලා රටේ බොහෝ දෙනෙක් රතිඤ්ඤා පත්තු කරලා කිරි බත් කන්න අවුරුද්දකට විතර කලින්. නැගෙනහිර පැවති යුද්ධය නිමා වෙන්න සති කිහිපයකට කලින් රූපවාහිනියේ කියූ ප්‍රව‍ෘත්තියක් මාව මේ සිද්ධිය ඔබ සමග බෙදා ගන්න කියලා තල්ලු කළා.

සුපුරුදු පරිදි ඒ ප්‍රව‍ෘත්තිය යුද්ධය හා සම්බන්ධයි. ඒක ඇහිලා මගේ හිත මොහොතකට නතර වුණා. ඊට පස්සේ වසර එකහමාරක් අතීතයට දිව ගියා. දෙදහසස් හත වසර ලංකාවේ සිවිල් යුද්ධයේ අති බිහිසුණු කාලයක්.

එල්ටීටීඊ සංවිධානය විසින් වසා තිබු මාවිල් ආරු සොරොව්ව රජයේ හමුදා විසින් අත්පත් කරගත්තේ මේ කාලයේදී. මගේ මතකය අවදි වුණේ මාවිල් ආරු අයත් ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයෙන්. මුතුර් හා සාම්පූර් කියන ප‍්‍රදේශවල දරුණු සටන් ඇවිළුණු ඒ වෙලාවේ සරණාගත කඳවුරු වල කොටුවුණ පවුල් වලට උපකාර කරන්න එන්න කියලා කෙරුණු ඉල්ලීමක් මත අපි කණ්ඩායමක් දකුණෙන් නැගෙනහිරට ගියා. ඒක රාජකාරී ගමනක්.

සේරුනුවර කියන්නේ මාවිල්ආරු වතුරෙන් පෝෂණය වුණ මුතුර් වලට පහළින් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ කෙළවර පිහිටි ගමක්. මේ ගමේ හිටියේ ගොවි පවුල්. ඔවුන්ගේ ජීවිත වලට, ගොවිතැනට ජීවණ ජලය වුණේ මාවිල් ආරු ගඟ. හරියටම ගොයම පීදෙන කාලෙදී සොරොව්ව වැහුවම ඔවුන්ගේ ජිවිත උඩු යටිකුරු වුණා. නැවත වතුර ලැබෙද්දි දුක් මහන්සියෙන් ණයවෙලා අස්වද්දපු කුඹුර වේලිලා කාෂ්ඨක පොළවේ පණ සුන්ව වැතිරිලා හිටියා. ත්‍රිකුණාමල නගරයේ නවාතැන් ගත් අපි උදේ හවස සේරුනුවරට ගියේ මේ සියල්ල හා යුද්ධයේ අනිවාර්ය කොටස් වන මල්ටි බැරල් සහ ආටි (Multi barrels and Artilleries) මැදින්. ඒ මුළු ප‍්‍රදේශයම යුද්ධය උදෙසා පාවිච්චි වුණා. ඒ ගමේ මිනිසුන් උපන් ගමේම සරණාගතයින් වෙලා අනාථ කඳවුරු වලට ගාල්වෙලා. පාසල තමයි ප‍්‍රධාන සරණාගත කඳවුර. ගෙවල් වල රාත‍්‍රියට නිදාගත්තොත් පහුවදාට නැගිටින්න පුළුවන්ද කියලා බයයි. කොටින්ම යුද්ධයේ සකලවිධ පීඩාවන් ඔවුන්ව වසාගෙන. දරුවන්ගේ පොත් පැන්සල් පවා නැතිවෙලා. ඔවුන් අකුරු ලිව්වේ චිත‍්‍ර ඇන්දේ නෑ. අපි ගෙනිච්ච පොත් සහ පාට දැක්කම ඔවුන් සතුටු වුණේ අහසේ තරු කඩලා ගෙනත් දුන්නා වගේ.

මම සේරු නුවරින් දුටුවේ ඔද සිඳුණු අභිමානවත් ජනසමූහයක ඛේදවාචකය. සියවස් ගණනාවක් ඔළුව කෙළින් තියාගෙන කශේරුව නොනමා මහපොළව සිය සවිය කරගත් මිනිසුන් හාල් කිලෝවකට තවත් කෙනෙකුට අතපානවා මම දැක්කා. ඇඳුම් කෑල්ලකට පොරකනවා මම දැක්කා. එතැන බිඳවැටී තිබුණේ ඔවුන්ගේ ජීවනෝපාය විතරක් නොවෙයි. වසර දහස් ගණනක් ඉරට හඳට විතරක් හිස නමලා මුළු ලෝකයම ඉස්සරහා අභිමානයෙන් ජීවත් වෙන්න ලද පන්නරය ඉරි තලලා. මහ පොළව සේම දුක දරාගන්නට තිබූ සංයමය ගිලිහිලා, එක යායට නිල්ල ගැහුණු නිල් ගොයම බඳු තමන්ගෙකම දෙදරලා.. හැමදේකටම වඩා පාසල සහ අකුරු දරුවන්ට අහිමිවෙලා. ඔවුන්ගේ හෙට දවස කියාගන්න බැරි තරම් අවිනිශ්චිත වෙලා. සෙල්ලම් කරලා දුවපු පැනපු ක‍්‍රීඩාපිටියේ කාල තුවක්කු සවි කරලා. ඒ පුංචි දරුවන් තත්පරයෙන් තත්පරයට ඇහෙන පුපුරන සද්ද වලට බයේ ඇකිලෙනවා.

අපේ රාජකාරී කටයුතු කරපු සති කිහිපය තුළ අපි ඔවුන්ගේම පවුල්වල කොටසක් වුණා. ඔවුන්ගෙන් මා අත්දුටු ආදරය අප‍්‍රමාණයි. උයන්න සහල් තබා ගෙදර ලිපත් අහිමිවුණ ඒ මිනිස්සු තමන්ගේ කුසගින්න නිවාගන්න පුච්චපු රොටිය අපි එක්ක බෙදාගත්තා. ඒ තුළ තිබුණ මහා මනුස්සකම “ස්තූතියි” කියන වචනෙට ලඝු කරන්න බැරි ඒ ආදරය ඉදිරියේ අපි මොහොතකට ගොළුවුණා.

හැම දිනකම අපි එකතුවෙලා විවිධ ක‍්‍රියාකාරකම් වල යෙදුණා. සෙල්ලම් කළා. මාසයක කාලයක් ගතවෙද්දි වෙඩි හඬට බයේ කථා නොකළ දරුවන් පවා එකතුවෙලා නාට්‍යයක් රඟ දැක්වූවා. තේමාව වුණේ සාමය. යුද්ධය හා වෛරය ඔවුන් සතු සියළු දේ ගිනි තබා තිබුණත් ඒ දරුවන් ඉල්ලූවේ සාමය. ප්‍රෙක්ෂකයින් වුණේ කඳවුරු වැසියන් හා අපි දෙතුන් දෙනා. කාෂ්ඨක පොළවේ වළගොඩැලි පිරි පිට්ටනියකට එකතුවෙලා ඒ නාට්‍යය නැරඹුව හැටි දැනුත් මතකයි.

දරුවන් අඩිය තියද්දි නැගුණ දුහුවිල්ල පවා පණ අදින මහ පොළවට ජීවය ගෙනාවා. නාට්‍යය අවසානයේදී කථා නායකයා සාමය වෙනුවෙන් මිය යනවා. ( ඒ ගමේ බොහෝ දෙනෙක් යුද්ධය නිසා මිය ගිහින්) එතැන රැස්වුණ තම තමන්ගේ අය ඇඬුවේ දුකට වගේම දරුවන්ගේ හැකියාවන් දැකලා සතුටට. තමන්ගේ පුංචි උන්ගේ ධෛර්යය, ජීවිතය ගැන තිබෙන බලාපොරොත්තු, දැකලා ඇතිවුණ සතුටට.

සුහද බව හරිම සුන්දරයි.. ආදරය උණුසුම්...නැවත හමුවීමේ බලාපොරොත්තුව ඊටත් වඩා නැවුම් ... ඒත්..සමුගැනීම ....හරිම වේදනාකාරියි. විශේෂයෙන් ඔබට අනෙකා කවදාවත් මුණගැහෙන්නේ නැතිවෙයි කියලා හිතෙනකොට...සේරුනුවරට "ආයුබෝවන්" කියද්දි දැනුණ හැඟම් ලියන්න මගේ වචන පොහොසත් නැතිවුණත් මගේ දුරකථන අංකය, ලිපිනය ලියලා දෙන්න කියලා ඒ දරුවෝ කඩදාසි වෙනුවට පුංචි අත් දික්කරද්දි එතන හිටපු අසරණම සරණාගතයා වුණේ මම. ඒ පුංචි අත් අල්ලගෙන අල්ලේ ලිපිනය ලියද්දි මට බොහෝ දේ දැනුණා. ඒ අත්වල ආදරය තිබුණා. අහස පොළව යා කරන මිනිස්කම තිබුණා. හෙට දවස ගැන දකින සිහින තිබුණා. දකුණේ ජීවිතවල හා උතුරේ ජීවිත වල වෙනස තිබුණා. උන්ගෙත් නොවන, ඔබේත් නොවන, මගේත් නොවන, අපි කාගෙවත් නොවන, අපි කාටවත් ඕනා නැති යුද්ධයේ කටුක බව තිබුණා. ඒවගේම අපි කාටත් අයිති මහ පොළවේ සුවඳ තිබුණා.

සේරුනුවර මතකය මගේ හදවතේ බිතු සිතුවමක් උණේ ඒ විදිහට...

දැන් රූපවාහිනී ප‍්‍රවෘත්තිය...

කාලතුවක්කු හා වෙඩිප‍්‍රහාර වලින් සේරුනුවර වැසියන් කිහිප දෙනෙක් හා දරුවෙක් මැරිලා......
............................

ආදරෙන් මට වරක් අත දික්කරපු ඒ දරුවා සාමය වෙනුවෙන් නැවත මියගිහින්...
මේ පාර එය නාට්‍යයක් නොවෙයි....

මම ඇත්තටම ආයෙත් වරක් සරණාගතයෙක් වෙලා බලාගෙන හිටියා..

සාමය දිහා....!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan North East War
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Wihanga මෙහෙම කියනවා :
සාමය වෙනුවෙන් නැවත මියගිහින්...

!!!!!


කිවුව වෙලාව- 2010-06-15 22:39:31
krishan මෙහෙම කියනවා :
kalpana me karanawa bohoma saralawa mathupitin athagala bawaka penna thiyenawa. oita wadiya gaburakata vidunam thama niya agaya

කිවුව වෙලාව- 2010-06-15 01:18:42
Loku මෙහෙම කියනවා :
@Indi මේ සටහනේ කොතනද ආණ්ඩුවට බැනල තියෙන්නෙ? ඈඟිල්ල දික් කරාල තියෙන්නෙ?

Posted by Loku to බූන්දි|BOONDI at 14 June 2010 04:27


කිවුව වෙලාව- 2010-06-14 23:22:05
Alawaka මෙහෙම කියනවා :
හිතට සන්වේදී චිත්‍ර ගැන මෙසේ අකුරු ඇමිණිය හැකිය,...
මළවුන්ගේ ලෝකයට පණ පිටින් යෑම සරල මනෝභාවයක්මැයි..!

යුද්ධය නිමා වීමට පෙර තැබූ සටහනක් ගැන යුද්ධයෙන් පසුව
දෙන තක්සේරු එක මත එක පිහිටන්නේද නැත..
යුද්ධයේ මළබත සමග වට්ටක්කා කෑලි කීපයක්ද කරවල කටු හොද්දද දෙසා බා හාන්සි පුටුවලට වී සුරුට්ටු බොන සමයක මේ අකුරු සන්වේදී වන පාටක් නැත...!



කිවුව වෙලාව- 2010-06-14 11:40:41
Lakshan මෙහෙම කියනවා :
@indi
MODAYEK WAGE COMmENTS DANNA KALIN ME LIPIYA KIYEWUWA KIYANAWA OHE?


කිවුව වෙලාව- 2010-06-14 00:43:52
indi මෙහෙම කියනවා :
සාධාරන යුද්ධයක් ඔබ කොහේ හෝ දැක තිබේද යුද්ධය අතිශය බිහිසුනුයි...වගකීමක් තියෙන්නෙ රජයට නිසා හැමෝම ඇඟිලි දික්කරන්නෙ රජයට ඇයි ඔයාල දෙමල රාජ්‍ය වෙනුවෙන් සල්ලි පොම්ප කරන විදේශ බලවේග පේන්නෙ නැත්තෙ...ඔයාලත් හරියට හැමදේටම ආන්ඩුවට බනින තමන්වත් හරියට හැදෙන්නෙ නැති පර්මනන්ට් හිඟන්නො වගෙ....

Posted by indi to බූන්දි|BOONDI at 13 June 2010 23:18


කිවුව වෙලාව- 2010-06-14 00:37:21
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook