Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය
බූන්දි, 04:43:44
"මහින්ද රාජපක්ෂ සිංහල අන්තවාදියෙක්" - ලී ක්වාන් යූ

මහාචාර්ය ටොම් ප්ලේට් විසින් ලියා ඇති "ලී ක්වාන් යූ සමග සාකච්ඡා -රටක් ගොඩ නැගූ හැටි" යන ග්‍රන්ථයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ගැන ලී ක්වාන් යූ දැක් වූ අදහස් ඇතුළත් වී ඇත. ලී ක්වාන් යූ නූතන ආසියාව ගොඩ නැගු මහා පුරුෂයෙකු ලෙසත් ආසියානු ආර්ථික ආශ්චර්යයේ නියමුවකු ලෙසත් පිළිගැනේ. සිංගප්පූරුවෙන් ලෝකයේ වඩාත්ම තරඟකාරී ආර්ථිකයක් බිහිකිරීමට දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති කළේ ඔහුය. චීනයේ නැගීම මුලින්ම පෙරදැක්කේ ඔහුය. ලෝකය පුරා ප්‍රතිපත්ති සම්පාදකයෝ ඔහුගේ අදහස් මහත් සේ අගය කරති. ලංකාවද දැන් ආසියාවේ ආශ්චර්යය වීමට බලාපොරොත්තු වන්නේ සිංගප්පූරුව ආදර්ශයට ගනිමින්ය.

ලී ක්වාන් යූ ගේ උපදෙස් ලෝකය පුරා විවිධ නායකයින් පිළිගෙන ඇත. ඇමරිකානු ජනාධිපතිවරුන් සේම චීන නායක ඩෙන් ෂියාඕ පෙන් ද ඒ අතර වේ. ඉන්දීය අගමැති මෙන්ම මැලේසියාවේ මන්ත්‍රී මොනමස් ද ලී ක්වාන් යූ ඉහළින් අගය කරයි. එමෙන්ම මහාචාර්ය සැමුවෙල් හන්ටින්ටන්ට අනුව දූෂණයෙන් බෙහෙවින්ම අඩු දේශපාලන ක්‍රමයක් ගොඩ නැංවීම ඔහුගේ අති විශි ෂ්ට කාර්යයකි.

"ශ්‍රී ලංකාව සතුටින් සිටින එක්සත් රටක් නොවේයැ"යි ලී ක්වාන් යූ පවසයි. "යුද්ධයෙන් පසු එය යන දිශාව සුබදායක නොවේ. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රශ්නය විසඳුවායයි සිතයි. එහෙත් සිදුව ඇත්තේ දෙමළ කොටින් මරාදැමීම පමණි". ඒ ඔහුගේ අදහස්ය. "මම ඔහුගේ (මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ) කතා කියෙව්වා. ඔහු සිංහල අන්තවාදියෙක්. මට ඔහුගේ අදහස් වෙනස් කළ නොහැකියි." මේ ලෝක ප්‍රකට දේශපාලන නායකයා පවසයි. ටොම් ප්ලේට්ගේ නිරීක්ෂණ වලට අනුව ලී ක්වාන් යූ ගේ පාලන ක්‍රමය ශ්‍රී ලංකා ක්‍රමයට වඩා මෘදු, පොදු එකඟතාවකින් යුතු බුද්ධිමත් එකකි.

"්‍රී ලංකාව මෙවර දෙමළ කොටින්ව පරාජය කළා.එහෙත් දැන් එතරම් දක්ෂ නැති සිංහලයින් වඩා හැකියාව ඇති යාපනේ ජනතාව පසෙකට දා තිබෙනවා. ඔවුන්ව ඈතට තල්ලු කළා. ඔවුන් කැරළි ගැහුවේ ඒ නිසයි. එහෙත් ජනවාර්ගික සංහාරයක් වන බවක් පෙනෙන්නේ නෑ. යාපනේ දෙමළ ජනතාව සිංහලයින් තරම්ම පැරණියි." ලී ක්වාන් යූ කියයි.

-රාවයෙන් (2010.06.05) උස්සා පළ කරන ලදී.


අබි-ලීක් වාන් යූගේ අබිලික් පොරකාසයට එරෙහිව කක්ෂපුටගේ මාද්ය නිවේදනය

මේ හරුපේ රාවයෙං දැක්ක වෙලාවේ හිටං (රාවයේ ගොබිලෝ කවදත් කොරන්නේ මේ ජාතියේ කුණුහරුප හොය හොයා උන්ගේ පත්‍රයේ දැමීමය!) මං උන්නේ අසූ හාරදායි පොයින්ට් අසූ හතරට මළ පැනලාය. මේ වාගේ පත්‍ර තියෙන කල් රටක් ගොඩ නගන එක නම් සුම්මා ය. මං ඉන්නේ දණමිණ විතරක් ඉතුරු වෙංඩ අනික් සේරම පත්‍ර සීල් කරලා බෝතල්වල දමලා මූදට දාංඩ කියා රජ්ජුරුවං වහන්සේට ලියුං කරදාහියක් යවංටය.

මේක නං, අර ඇස් වහක් කටවහක් නැතුව කේසර සිංහයෙක් වාගේ ඉන්නා පස්වාන් දහසකට බුදුවෙන්ඩ අප මහා රාජෝත්තමයාණං වහන්සේට කොහෙද ඉන්න ලොං හැලුණු අබ්-ලීක් වාන් යූ කියලා පොරක් ඊරිසියාවට කියාපු කතාවකි. අබ්-ලීක් වාන් යූ කාරයා හැරෙද්දී ඒ හැරෙන්නේ නං සාර සුබාවට වැඩුණු අපේ පොල් පැලේ කන්ට බව අපි නං දන්නවාය. මුන්ඩ ඇත්තේ පැහැම-පැහැදිලි ඊරිසියාවකි. ඊරිසියාවට හේතුව නං, ඔය මිනිහා ඒ කාලේ හිංගප්පූරුව ලංකාවක් කොරන්ට ගොහිං ඒක කොරගන්ට බැරි වුන එකය!

පුරාණ කාලයේ ඔය හිංගප්පූරුවේ ආර්ථීකය තිබුණේ ඇංගෝලාවටත් වඩා මහම මහ පජාති තැනකය. ඔය අබ්-ලීක් වාන් කාරයා, ඒ රටේ මීටිං වල යටි උගුරෙං කෑ ගසා කිවුවේ ''මිට්‍රවරුනි, මම හිංගප්පූරුව ලංකාවක් කොරනවාය'' කියලාය. අනේ උංගෙ (හිංගප්පුලි ජනතාවගේ) කරුම දෝසෙකට ද කොහෙද උංඩ ලංකාව අහලකටවත් එංඩ බැරි වුනාය. දැන් මේ තැං තැං වල අපේ රජ්ජුරුවංඩ අන්තවාදියෙක්ය අරකය මේකය කිය කියා කෝචොක් කරන්නෙ එහෙව් අබ්-ලීක් පොරවල්ලාය.

මේකා ඒ මදිවාට තවත් මහම මහ අසමජ්ජාති කතාවක් කියා ඇත. ලංකාව සතුටින් සිටින රාජ්ජයක් නොවේය කියා උන්නැහේ කියනේ හොඳ සිහියෙංද? අනේ අම්මාපල් වෙන මොකුත්ම නැති උනත් මේ ඊයේ පෙරේදා රජ්ජුරුවංවහන්සේ කොරාපු පුන්‍ය කරුමය ගැන වත් මුන්ඩ ගානක් තියේද? ඕනෑම ගොබිලෙකුට අතේ ඇති මුදලට වාහනයක් ගංට ඇහැකි වෙන අහවල් රටේද? ඇයි යකෝ ඒක පුදගල ආදායම උඩ යන යෑමට වාහනයක් නැතුව බස් කෝච්චිවල පැස්ටෝල් පුච්ච් පුච්චා ගමං බිමං යංට ඕනෑද? අනේ අබි-ලීකෝ මේකෙ ඉන්න එවුංගේ සතුටට ඊරිසියා නොකර එන සැරේවත් ඔය හිංගප්පුරුවේ හුගතදාස එකට අයිපා කානිවොල් එකවත් ගෙන්න ගන්ට බලාපන්. දුකෙන් ඉන්න රටකට මේ තරං හුපිරි තරු කංදරාවක් ඒවිද කියලා ඔය ඔං-ගොළුවෙන් හිතාපන්. මට පේන්නේ මුන්නැහේ අලුත් කොළඹ සුබාව පිංතූරෙකිංවත් දැකලා නැතුව ඇති කියාය. කොළඹ කියන්නේ ඔය හිංගප්පුරුව වගේ කොරියාවක් නොවේය. දැංමම මෙහෙම නං, තව ටික දවසකින් කොළඹ ආසියාවේම ආස්චර්යේ උනායිං පස්සෙ පහු මුං ඊරීසියාවේ පැලෙන හැටි මට මැවිලා පේනවාය.

මේ යෝදයා කියා ඇති අනික් වසල කතාව නම් කොටි සුං කරලා දෙමළ මිනිස්සුං ගැන බලන්නේ නැතුව අහක බලාගත්තාය කියන එකය. මේක නං හෙණම හැත්තෑ හතක් ගහන කතාවකි. ඒ මොකද කියනවා නම් රජ්ජුරුවං වහන්සේ මහ කොටියාගේ පණ යංඩත් කලිං කිවුවේ දැං ඉතිං දෙමළ සිංහල කියලා ජාති දෙකක් නැත කියාය. අනේ අම්මාපල් මේ කතා මුන්ඩ ආරංචි වෙන්නෙ නැති හැටි. දෙමළ මිනිස්සුංඩ කොටිංගෙ කරදරේ ඇරෙන්න වෙන කිසිම කරදරයක් තිබුනේ නැත. ඔය අබ්-ලීක් කාරයාට උවමනාවක් තියේ නං ඔය කරුණු කාරනා අපේ කරන්ට් ඇමතිගෙං හරි බිල්ඩිං ඇමතිගෙං හරි දැන ගන්නට තිබුනාය. එහෙම නැත්තං ප්‍රොපා නලිංට කිවුවා නං අතිං වියදං කොරාගෙන හරි හිංගප්පූරුවට ඇවිදිං ඔය කරුණු කාරනා කියලා දෙනවාය.

මේ හිංගප්පූරු හිකනලුන් ජාත්තියන්තරෙත් එක්ක එකහු වෙලා... (තුහ් නොදමකින් ඔයා ජාත්තියන්තරෙ...) කොරන අදිරාජ්ජිවාදී කුමන්තොරන නං අපිට තේරුං බේරුං ගන්ට ලේසිය. ඒත් මට නොතේරෙන්නේ මේ මුසලෝනියා මේ තරං ජඩ කතාවක් කියලත් අපේ රටේ මේ ගොං හිංගලයෝ ටික තාමත් බුදියං ඉන්නේ අහවල් එකද කියන එකය. ඉස්සර නං මේ වගේ කතාවක් පර දෙසක්කාරයෙක් කිවුව ගමං උංගේ තානාපති කාර්යාල ගාවට ගෙහුං බැණ අඩ ගහංඩ, හූ කියංඩ, ගිනි තියාගන්ඩ සෙනග වැහි වැහැලාය. අනේ අම්මාපල්... මුන්ඩ අයිපා ඌස්නෙ වැදිලද කොහෙද එකම එක මීමින්නෙක්වත් මේවා ගැන කටක් අරින්නේ නැතුවාය. කරන්ට් ඇමතිටයි බිල්ඩිං ඇමතිටයි නං දැං මෙව්වා කොරගන්ට වෙලාවක් නැති හංදා සමාවක් දෙංට පුලුවන්ය. ඒත් අප්පේ අර මොනිටාර්කොමෙන් අයිං වෙලා ඉන්න ඇම්ඩන් සිල්වාටවත් බැරිද මේකට මැදිහත් වෙංට? අම්මාපල් කැළණි පුරේවත් නැද්ද බොලව් මහ ජනතාව එක දුසිම් බාගයක් හොයාගංට? කුජීතයි පිංවතුනි. අමුම අමු කුජීතයි!

මං නං කියන්නේම එකම එක දෙයකි. ඉල්ලන්නේම එකම එක දෙයකි.

හිංගප්පුරු බඩු වර්ජනය කරවු! හිංගප්පූරු කෑම නොකවු! හිංගප්පුරුවට පොල් ගසවු!
සිංහලයිනි අවදිවවු!

මේ වගට,
කක්ෂපුට
(එකම කැඳවුම්කරු)
කක්ෂාදීප විමුක්ති වියාපාරය

ප.ලි.

ඕං පුච්චනවා නං පුච්චංඩ අබ්-ලීක් වාන් කාරයාගෙ උසට මගේ වියදමිං පඹයෙක් බැඳලා දෙංට මං සූජානං ය!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Leek Uan Yew, Mahinda Rajapaksha, How to build a nation by Prof. Tom Plate
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
"එහෙත් දැන් එතරම් දක්ෂ නැති සිංහලයින් වඩා හැකියාව ඇති යාපනේ ජනතාව පසෙකට දා තිබෙනවා. ඔවුන්ව ඈතට තල්ලු කළා. ඔවුන් කැරළි ගැහුවේ ඒ නිසයි. එහෙත් ජනවාර්ගික සංහාරයක් වන බවක් පෙනෙන්නේ නෑ. යාපනේ දෙමළ ජනතාව සිංහලයින් තරම්ම පැරණියි."


යේක තමයි ඇත්ත. මට මාර ශන්තෝෂයි අප්පා !! පපුව පෙළෙන්ඩ එනවා.!!!


කිවුව වෙලාව- 2011-02-08 20:44:20
kumudu priyankara මෙහෙම කියනවා :
Read an good article...after long time. thanks mcho

කිවුව වෙලාව- 2010-06-14 04:06:54
traitor මෙහෙම කියනවා :
@kumaraya
Umba punnakkuda kanne?


කිවුව වෙලාව- 2010-06-11 22:46:20
dasun මෙහෙම කියනවා :
if v ref..use singappoooor's badu... The Kingbuch will say india that he want badu gahanna indiyawen....

කිවුව වෙලාව- 2010-06-11 07:49:32
Ha Ha මෙහෙම කියනවා :
එහෙම නැත්තං ප්‍රොපා නලිංට කිවුවා නං අතිං වියදං කොරාගෙන හරි හිංගප්පූරුවට ඇවිදිං ඔය කරුණු කාරනා කියලා දෙනවාය.

meka nam certificate true lokka


කිවුව වෙලාව- 2010-06-11 05:12:22
Ajantha මෙහෙම කියනවා :
fattayi

කිවුව වෙලාව- 2010-06-11 03:32:30
roshan මෙහෙම කියනවා :
elakiri oyi. thamusenam niyameta liyanawa

කිවුව වෙලාව- 2010-06-11 02:11:36
AXXo මෙහෙම කියනවා :
සිංහලයිනි අවදිවවු! සිංහලයිනි අවදිවවු!

කිවුව වෙලාව- 2010-06-11 01:17:57
chandana bandara මෙහෙම කියනවා :
maxxsa mara artical aka mongal rajek akka api thawa pissu kelinakota apita mewa hoda padam

කිවුව වෙලාව- 2010-06-11 00:40:37
Abe මෙහෙම කියනවා :
කුජීතයි
කුජීතයි !!!


කිවුව වෙලාව- 2010-06-10 23:37:18
matta මෙහෙම කියනවා :
okkoma horu..............!!!!!!

anthimata kelinne apitamai.


කිවුව වෙලාව- 2010-06-10 23:08:31
Samantha Rajakaruna මෙහෙම කියනවා :
නේ අබි-ලීකෝ මේකෙ ඉන්න එවුංගේ සතුටට ඊරිසියා නොකර එන සැරේවත් ඔය හිංගප්පුරුවේ හුගතදාස එකට අයිපා කානිවොල් එකවත් ගෙන්න ගන්ට බලාපන්.

හිංගප්පුරුවේ හුගතදාස එක????
hiks


කිවුව වෙලාව- 2010-06-09 23:39:05
මද්දු මෙහෙම කියනවා :
කාලයක් හප හප ඉන්න කට්ටක් ඔය හින්ගප්පූරුවෙන්ම කට්ටියට හම්බවෙලා තියෙන්නෙ..ඔහොම යන් ..ඔහොම යන්...

Posted by මද්දු to බූන්දි|BOONDI at 9 June 2010 10:23


කිවුව වෙලාව- 2010-06-09 21:27:29
kumaraya මෙහෙම කියනවා :
මහින්ද රාජපක්ෂ තුමා සිංහල ජාතිවාදියෙක් වෙලා නම් ඉන්නෙ... අපි ඒ ගැන ආඩම්බර වෙන්ට ඕනෑ බොලල්ලා ....
එහෙම උනොත් තමා අපේ රට දියුණු වෙන්නෙ කියන එක මේ මෝල් වහන්සෙලාට තේරෙන්නෙ නැති හැටි අම්මපල්ලා ....

Posted by kumaraya to බූන්දි|BOONDI at 9 June 2010 08:26


කිවුව වෙලාව- 2010-06-09 21:26:57
marco මෙහෙම කියනවා :
ela kiri!!!!!

කිවුව වෙලාව- 2010-06-09 09:36:29
krishan මෙහෙම කියනවා :
කුජීතයි පිංවතුනි. අමුම අමු කුජීතයි!

කිවුව වෙලාව- 2010-06-09 05:11:20
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කක්ෂපුටගෙන් තවත් වියමන්
අදහස්
(පව් එයා!) ඩිව්
අදහස්
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා!
අදහස්
2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල
අදහස්
ලෝකෙ හිඟනම ජනාධිපති වීමේ ඌරුගූවේ කුමන්ත්‍රණය පරදවමු!
ඔමරි
ෆොනියා සහ වලහා
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook