Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ලංකාවේ නැති දෙය වෙනුවට විකාර හමු වීම නොහොත් 'පබාගේ රහසිගත සම්බන්ධය' හඹා යාම
බූන්දි, 23:56:53
ලංකාවේ කලාවක් සාහිත්‍යයක් කියල දෙයක් නැති නිසා මම මේ කිසිම නාට්‍යයක් චිත්‍රපටයක් හෝ පොත් එළිදැක්වීමක් සංවාදයක් වැනි කිසිම දේකට යන්නේ නැහැ. මොකද ඒවායේ කිසිම දේක කිසිම ගත යුත්තක් නැති බව දැං කාලාන්තරයක් ති‍ස්සේ මම හොඳින්ම සාක්ෂාත් කරගෙන ඉන්න නිසා.

ඒත් තවමත් මේ නිනූලා වගේ ලෝකය ‍සොයා දැන ගැනීමේ අනවරත උත්සාහයෙන් ජීවිතය පටන් ගනිමින් ඉන්න අය මේ වගේ සාහිත්‍ය කලා ප්‍රසංග සංවාද තියෙන තැං තැං වල රස්තියාදු වෙනවා. ඇත්තටම වෙන්නේ, මේලෝකෙට කිසිම ගැලපීමක් පෑහීමක් නැති අභ්‍යවකාශගත නිර්මාණ සහ එම නිර්මාණ කරමින් ඉන්න ඒලියන්ස් ලා බලලා දැකලා මොකද්දෝ චිත්ත ප්‍රීතියක් ඇති කරගෙන අර කීවා වගේම එකට නාට්‍යය බලපු කෙල්ලන්ට බස් එක ඇතුලෙදි ඒ නාට්‍යයම බලන්න සහ ඒකේ රඟන්න ඉඳපු අ‍‍යගෙන් පවා-

-ජැක් ගස්සවගෙන ගෙවල් බලා යන්නට සිදු වීම වැනි කිසිදු ලෝක ධර්මයකින් පැහැදිලි කරගත නොහැකි ජීවන වෘතයන් අත් විඳ ගැනීමට හැකි වීමයි.

ලංකාවේ කවි ලියන අය ලියන කවියට වඩා වෙනස් ජීවිත ගත කරති. ඒවා ගැන ප්‍රශ්න කිරීම තහනම්ය. ලංකාවේ සිනමාවෙන් නාට්‍යයෙන් හෝ ටෙලියකින් ප්‍රේමය ගැන කතා කරන අයත් ඒ සිනමා කෘතිම පරිශීලනය කරන අයත් තමන් හෝ තමන්ගේ සහකාරිය ගැබ් ගෙන දරුවකු ප්‍රසූත කළ විට ඒ දරුවා කුණු බක්කියට විසි කර දමති. ඒවා ගැන කිසිවෙකුත් කතා නොකරති. කතා කරන්නෝ ලංකාවේ කර ඇත්තේ මොනවාදැයි පෙරළා ඔවුන් ප්‍රශ්න කරන හෙයින් කිසිවෙකුත් කට නො අරිති. ලංකාවේ යෞවන ප්‍රේමය ගැන අපරිමිත භක්තියෙන් නවකතා ලක්ෂ ගණනක් ලියැවී ඇති අතර ඒ පොත්ම ලියූ අය මෙන්ම කියවූ අයද ලෝකයේ අසාර්ථකම පවුල් ජීවිත ගත කරති. ඒවා එළදරවු වීම කලාවට සාහිත්‍යයට කරන හිංසාවකි. ඒ ගැන ප්‍රසිද්ධ වීම ලාංකීය ජනතාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා නිර්මාණ කළ අයෙකු පාගා දැමීමකි. වාමාංශික යැයි කියා තප්පුලන දේශපාලකයෝ තම ජීවිත වල වාමාංශික බව බල පවත්වන්නට සංකේතීය රතු ඇඳුම් අඳිති. මැයි දිනයට රැලියකට ගොස් උගුර ලේ රහ වනතුරු කෑ ගසා හවසට අඩියක් ගසා ගෙවල් වල එති. තම දරුවන්ට හොඳ අනාගතයක් ඇති කරවන්නට ලන්ඩන් යවති. දස අතේ ණය වී හෝ ඒ කාරණා ඉටු කරන්නට සැදී පැහැදෙති. ක්‍රමය තවමත් වෙනස් වී නැති නිසා ඊට අනුගතව ජීවත් වීමේ සංක්‍රාන්ති සමයේ දැනට ඉන්නා බව දන්වති.

අනුකාරක උගතුන්ට පරිහාස කරමින් ජාතික චින්තනය උජෝවඩන චින්තකයන් පොත් පත් ලිපි ලේඛන සංග්‍රහ කරන්නේ ලාංකීය දුප්පත් ජනතාවට ආත්ම ශක්තිය වර්ධනය කරගෙන සිංහල බෞද්ධ ක්‍රමයට අල්පශ්‍රැත ව ගමේ පන්සලේ පාසලේ පිරිවෙන් අධ්‍යාපනය ලබා ගෙන ගමට පන්සලට සේවය කරගෙන තවත් වසර දෙ‍දාහක් පමණ බුදු දහම සුරක්ෂා කරගන්නා ලෙසින් වුවද ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය සකස් කරන්නට ඔවුන් අනුකාරක අධ්‍යාපනය ලබා ගැනුම පිණිස විදේශවලට දරුවන් යවා ලක්ෂ ගණන් ලාංකීය රුපියල් ඩොලර් කොට පිටරට යවන්නේ ඒ දරුවන්ගේ සුඛිත මුදිත ජීවිතය පවත්වා ගන්නටය. මේ ආකාරයෙන් ලංකාවේ ජීවත් වනවා යැයි සලකනු ලබන මිනිස් ප්‍රජාවට කිසිම ලෝක දෘශ්ටියක් හෝ දර්ශනයක් හෝ මෙලෝ දහමක් නැත. ඇත්නම් ඒ කියන දෙයට වඩා හාත්පසින් වෙනස් දෙයක් කිරීමේ දර්ශනය මිස වෙන අන් දෙයක් නොවේ. ලංකාවේ ජීවත් වන්නේ තමන් ඉදිරියේ ඉන්න එකාව අන්දන ජාතියකි. මේ සමාජයට කිසිදු දෙයක් නිර්මාණය කළ නොහැකිය. මේ සමාජය සැදුම් වන්නේ තක්කඩින්ගෙනි. ඔබ අප සැවොම තක්කඩින්ය.

මම ‍කලම්බෝ බලා නැත. බලන්නට අදහසක් ද නැත. මට මේ ලංකාවේ මිනිස්සුන්ගේ කලාවත් ඔවුන්ගේ ජීවිතත් අපුලය. මේවා බලන්නට යෑමෙන් මට සිදුවන්නේ පසුතැවෙන්නට මිස සාඩම්බර ලෙස කලාව අත්විඳින්නට නොවෙයි. රංගනය දැං කම්කරු පන්ති දුබල අවයවයක් බවට පත් වී ඇත. එහි සාරය ගිලිහී ඇත. රංගධාරියා තමන්ව හඳුන්වා ගන්නේ නාට්‍ය කම්කරු හෝ ටෙලි කම්කරු හෝ යනාදී වශයෙනි. මෙහි භාවිත අරුත නම් කීයක් හෝ ජීවත් වීමට සොයා ගැනුමට තමන් මේ කටයුතු වල යෙදෙන්නේ ය යන්නය. නොඑසේ නම් මේ කිසිදු දේක සංකල්පීය ජයග්‍රහණයක් නැත. තමන් පිටපත නොදන්නා ‍මහ දිග මෙගා ටෙලි නාට්‍යවල මුහුණ වමට දකුණට හරවමින් රංගනයේ යෙදෙන්නන් සිය සිරුරේ තවත් අංගෝපාංග රංගනයට භාවිත කළ හැකි බවක් නොදනී. ඒ බව අධ්‍යක්ෂකවරුද නොදනී. රංගන කලාව පැහැදිලි ආර්ථික ස්ථර දෙකකට කැඩී ගොස් ඇත. ඒ දුප්පත් දුෂ්කර වේදිකා නාට්‍ය රංගන ජීවිතය සහ ‍පොහොසත් සැපවත් ටෙලි රංගන ජීවිතය යනාදී වශයෙනි.

ටෙලි නාට්‍යයක රංගන ශිල්පියෙකු ඇවිදිනවා දුවනවා වැනි දර්ශනයක් පවා දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. ඔවුන් සියල්ලන්ටම රඟන්නට ඇත්තේ එක්කෝ පුටුවල වාඩි වී මුහුණෙන් හැඟීම් පෙන්වීම හෝ හිටගෙන ඔලුව ඒ මේ අත කරකවන්නට පමණි. ඉඳහිට කෝපාන්විත මුහුණක් හෝ ස්වරයක් මවන්නට සිදුවෙයි. රංගන ශිල්පීන් පුෂ්ටිමත් රාජපුරුෂයන් වැනිය. ඒ අය එම රංගන වින්‍යාසයන්ට එන්නට පළමු රඟ පෑ දේවල් පරීක්ෂා කර බැලූ විට ඒ කාලයේ ඔවුන් කෙට්ටුය. එතරම් ආකර්ශනී පෙනුමක් නැත. නමුත් මාස තුන හතරකින් ඔවුන් ට අවශ්‍ය තරම් සැප ලැබීමෙන් මුදල් ලැබීමෙන් ඔවුන්ගේ තෙල්මන්ද මෝරා ගොස් ඇත. රංගන ශිල්පිනියන් කාමධේනුවන් ය. ඇවිද ගන්නට පණ නැති කලෙක මෙන් ක්ෂේත්‍රයට පැමිණෙන මොවුන් මාස කීපයකින් සැප වාහන ලොකු ගෙවල් අත් කර ගනිති. ධනවතුන් ආශ්‍රයට වැටෙති. පිටරටවල නිරතුරුව ගමනේ යෙදෙති. හිම සහ මහ බිල්ඩිං, ෂොපිං මෝල්වල ට පසුපස හරවා පිංතූර ගෙන ලංකාවේ පත්තරවල අතිරේක වල පුරවති. ඒ මේ ටෙලිවල රංගනයෙන් උපයා ගන්නා ධනයෙනි.

මේ විප්‍රකාර රූපවාහිනි චැනල වලින් උදේ සිට රාත්‍රිය දක්වාත් පැය විසිහතරම ආවරණය වන පරිදිද නිරන්තරයෙන් මේ ටෙලි නාට්‍ය විකාශය කෙරේ. මේ රංගන ශිල්පීන් සහ අවශේෂ තාක්ෂණික ශිල්පීන් මේ සියළු ධනය උපයන්නේ බාල බඩු මිනිසුන්ගේ ඇඟේ ගසන වෙළඳ දැන්වීම්කරුවන්ගේ ඇඩවර්ටයිසින් කැම්පේන් වලට වෙන් කරන වාර්ෂික මිලියන බිලියන ගණනක් වන මුදල් බෙදී යාමෙනි. මේවා බැලීමෙන් කලා රසාස්වාදනය කෙසේ වුවත් අප හාත්පස ඇති ලෝකයම නැවතත් එම තිරය තුලින්ද බලා ගැනීමට හැකි වීමෙන් ටෙලි තිරයේ මායාමය හැඟුම මැකී ගොස් එයද ජනේලයක් බවට පත්වී අල්ලපු ගෙදර තතු අපට පෙන්වන තත්වයත් අල්ලපු ගෙදරට අපේ ගෙදර තත්වය පෙන්වීමකට ත් වැඩි යමක් සිදු නොවේ. මේ සියලු දේ මිනිසුන්ගේ ජීවත් වීම උදෙසා මුදල් හම්බ කරගැනීමට මග පෑදු වෙළඳ මාර්ගයන් මිස කලාව නොවේ. ලංකාවේ සකල කලා ලෝකයමත් සාහිත්‍ය ලෝකයමත් මේ ආකාරයේ වෙළඳ පොල න්‍යායන් මත ඉල්ලුමට සැපයුමක් බවට පත් වී ඇත.

මේ ආකාරයෙන්ම ඉල්ලුමට සැපයුම දෙන සංකල්පීය ලෝකයක් ද ප්‍රාදූර්භූත වී ඇත්තේය. එනම් මේ පවතින සියල්ලේ ප්‍රතිරෝධය සංකල්පීය ලෙස වෙළඳ පොලට විකිණීමයි. මේ ආකාරයේ නිර්මාණ බිහිවීමේ පසුබිමද උක්ත ගොරහැඩි නිර්මාණ බිහිවීමේ මූලෝපායික වශයෙන් එක සමානය. වෙනස වන්නේ ඒවා ට පොඩි පිරිසක් ගොදුරු වීම පමණි. එය ප්‍රමාණාත්මක වෙනසක් වුවද එම ප්‍රවණතාව නියෝජනය කරන්නේ ද අර ඉහත ක්ෂේත්‍රය අත් කරගත් යම් ආර්ථික වපසරියක් වඩාත් හොඳ දෙයක් කිරීමෙන් උපයා ගැනීමේ තක්කඩි කම හැර වෙන අන් දෙයක් නැත. බහුතරයක් ජාතිවාදී නිර්මාණ කර උපයන දේම ජාතිවාදී නොවී උපයා ගැනීමේ සංකල්පීය බව ඒ තුල ඇති වුවද දෙගොල්ලන්ම කරන්නේ සමාජයේ ඉල්ලුමක් වෙනුවෙන් යමක් සපයා තම තමන්ගේ භෞතික ජීවිතය ගොඩනගා ගන්නට නැවතත් ඒ සමාජය වෙතම මේ කිසිවක් නොවුනා ලෙස ඇතුල් වී නිහඩව ජීවත් වීමය.

ඉතිං ලංකාවේ කලාවක් නැත. සාහිත්‍යයක් නැත. ඇත්තේ විකාරය. සමහර විකාර මේ නිනූ කී ආකාරයට ඇත්ත දෑස් අබියස පෙන්වා නැවතත් බොරුව දැක ගැනීමට දෑස් පියවා දමන ආකාරයේ විකාරය. දෑස් හැර සිටින නාට්‍ය තුල ජීවිතය දැනේ. බස් එකට නැග්ග විට වටපිට අය ජැක් ගසනු දැනේ. මේ ලංකාවේ යථාර්ථයයි. මොහොතකට යථාර්ථය දැක ඊට වසඟ වීම ද තවත් විකාරයකි. අහසට පොලව මෙන් කිසිදු ගැලපීමක් නැති පරස්පර දේවල් එක් පුද්ගලයකුගේ ජීවිතයෙන් එලියට කාන්දු වන එවැනි පුද්ගල සමස්තයකින් සැදුම්ලත් සමාජයකට කලාව සාහිත්‍ය ලෙස ඊට වඩා විකාර නොවන දෙයක් අත්වන්නට නොහැකිය.

-2010.06.08

ප.ලි.

ලංකාවේ ඇත්තේ ද ලෝකයේම වෙළඳ පොලවල් තුළ ඇති මේ කාර්තුවේ සාරය ඉවත් කළ කවර බවට පත්වූ නිශ්පාදිතයන් ය. මේ ස්ලාවෝ සිසැක් වරක් පෙන්වා දුන් පරිදි සාරය ඉවත් කළ 'කටු' [egg shells] පරිභෝජනය කිරීමේ පාරිභෝගික සංස්කෘතියයි. එනම් ඇල්කොහොල් රහිත ඇල්කොහොල් නමින් යුත් නිශ්පාදන , කැෆේන් ඉවත් කළ කෝපි , නිකටින් ඉවත් කළ සිගරට් , සීනි ඉවත් කළ රසකැවිලි , කොලස්‍‍ටරෝල් නැති තෛලමය ආහාර, මස් රසකාරක යෙදූ ධාන්‍යමය ආහාර [ඒවා මස්මාංශ අනුභව නොකරන අය වෙතය. මස් මාංශ අනුභව නොකරන්නේ නම් ඒ රස කෘත්‍රිම විඳීම යනු කුමක් ද?] මේ ආකාරයෙන් ලිංගික ස්පර්ශයෙන් තොර ලිංගික චර්යාවන් එනම් සයිබර් සෙක්ස් ෆෝන් සෙක්ස් හෝ වර්චුවල් සෙක්ස් [virtual sex] එනම් සෙක්ස් නැති සෙක්ස්, සාරය ඉවත් කළ මේ සියළු දේ විසින් මිනිසා අත් කරගන්නේ කුමක් ද?

මෙලෙස සියළු සාරයන් ඉවත් කරන දේවල් පරිභෝජනයට මිනිසාට සිදු වී ඇත්තේ ඇයි? මිනිසා යාන්ත්‍රික වස්තුවක් බවට ධනවාදයේ මේ කාර්තුවේ පෙළඹවීම නිසාය. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු කළ යුත්තේ හැකි තරම් කාලයක් පෞද්ගලික සේවා ස්ථානවල හැකි තරමක් රෝගීන් පරීක්ෂා කරමින්, බෙහෙත් ලියමින් , ශෛල්‍යකර්ම සිදු කරමින් ගෙවී යන හැම මිනිත්තුවකින්ම මුදල් උපයා ගැනීමය. ඔහුට ජීවිතය යනු දිනපතා මුදල් එක් රැස් කිරීම වෙනුවෙන් සිය ශ්‍රමය විකිණීම හැර අන් දෙයක් නැත. ඔහුට දුවන්නට, නටන්නට, විනෝද වන්නට කාලයක් නැත. ඔහු ඒ නිසා නොයෙකුත් ශාරීරික මානසික ආතතීන්ගෙන් පීඩාවට ලක්වෙයි. ඒ නිසා ඔහුට සාරය ඇති ද්‍රව්‍ය තවදුරටත් පරිභෝජනය කළ නොහැකිය. එනිසා ඔහු බටර් කන්නේ බටර් ලෙස නොව බටර් වැනි පෙනුමකින් යුත් බටර් සාරය ඉවත් කළ දෙයකි. ඔහු කෝපි බොනවා යැයි බොන්නේ කෝපි රස කළ දෙයක් මිස සැබෑ කෝපි‍ නොවෙයි. සැබෑ කෝපි බීම ඔහුට අගුණය. ජීවන චක්‍රය විසින් ඔහුට සාරය ඉවත් කළ සියල්ලට පමණක් දොර විවර වී ඇත.

මේ ආකාරයෙන් සිය වෘත්තීය ජීවිතවලට කොටු කර ඇති මිනිසුන්ට සාරයක් ඇති දෙයක් සමග එකතු වීමට අවකාශ නැත. ඔවුන් වෙනුවෙන් අර ඉහත දැක්වූ සියළු පරිභෝග භාණ්ඩ නිශ්පාදනය වේ. දැං මේ තත්වය වඩාත් සංකල්පීකරණය කළ විට තත්වයේ බැරෑරුම්කම තේරෙයි. කලාවක් නැති කලාව හෝ සාහිත්‍යයක් නැති සාහිත්‍යය හෝ සංගීතයක් නැති සංගීතය හෝ ආශ්වාදය ඉවත් කළ සහ ආදේශක ෆැන්ටසියක් සහිත රති උපක්‍රම හෝ එස්එම්එස් මගින් ලිංගික දෙබස් හුවමාරු කරගැනීමේ තාක්ෂණික සිමියුලේක්‍රයක් හරහා ස්වයංවින්දනයේ යෙදීම වැනි උග්‍ර ෆැන්ටසිමය යථාර්ථයන් කෙරෙහි මේ සියල්ලන් ඇදී යන්නේය. මේ ආකාරයෙන් භාණ්ඩ හා සේවාවන් මේ ධනේශ්වර කාර්තුව තුළ වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සංගීතය ඉවත් කළ සංගීතය ලෙස කවරය වෛවර්ණ වූ සීඩී තැටියක් හෝ අතිශය වර්ණවත් හැඩතල සහ රූප ලිංගික සංකේතවත් වූ අන්තර්ජාල ලින්ක් එකක් අපට ලැබේ. අප කළ යුත්තේ එක්කෝ අර තැටිය තැටිධාවකය තුලට ඔබා රෙදි සෝදන්නට මැෂිම කරා යාමය. නැතහොත් අර අන්තර්ජාල ලින්ක් එක ක්ලික් කර එක දිගට විවෘත වී යන තවත් එබඳුම ලින්ක් පෙන්වා ඇති තවතවත් අන්තර්ජාල පිටු විවෘත කරමින් ඒ 'පබාගේ රහසිගත සම්බන්ධය' හමුවන තුරුම විවිධ පිටු හඹා යාමය. අවසානයේ පබා හෝ අබා කිසිවෙකුත් හමු නොවන මුත් තමන්ගේ ඉඳුරන් අවදි වී ඇති බව පමණක් දැනෙන්නට ගනී.

මේ සාරය ඉවත් කළ නිශ්පාදන හරහා පොදුවේ සියල්ලන් අත් විඳින තත්වයයි. සාරය ඉවත් කළ විට අපට සිරසේ සුපර්ස්ටාර් තරඟයේ නැති දෙයක් ඇති කරන කමල් අද්දරආරච්චි හමු වේ. නොමැති නම් කලම්බෝ හමු වේ. මේ සියල්ලේ පොදු ලක්ෂණය ලෙස සාරය ඉවත් කළ ද එම ඉවත් කළ සාරය අප කලින් අත් විඳි ෆැන්ටසියක ප්‍රතිරාවයක් ලෙස පැවතීමය. උදාහරණයක් ලෙස දෙමළ විමුක්ති අරගලය ඉවත් කළ දේශපාලන යැයි කියා ගන්නා නිර්මාණ ගත හැකිය. මෙලෙස දෙමළ විමුක්ති අරගලය ගැන නිර්මාණාත්මක ලෙස කතා කිරීමෙ නමැති සාරය ඉවත් කළ විට ලංකාවේ කලාව කර ඉන්පසුවද ජීවත් වීමට හැකි වීම අර වෛද්‍යවරයාට බටර් නැති බටර් වැනි ආහාරයක් කා සිය‍ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට හැකි වීමත් අතර වැඩි වෙනසක් නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo Colombo By Indika Ferdinandu, Paba
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
දයාල් බතී මෙහෙම කියනවා :
මට මෙහෙම හිතුන. ජීවන රිද්මයට සැකසෙන පරිදි පොදු ජන කලාව සැකසෙනවා මිස ප‍්‍රබුද්ධ කලාවට අනුව ජීවන රිද්මය සැකසෙන තත්ත්වයක් ඇතිකර ගතහැක්කේ
ඇති හැකි අයට පමණයි නේද? ඔබ කියන පරිදිත් අපට හැගෙන පරිදිත් එය ලෝක පරිමාණ තත්ත්වයක් එයට ලෝක පරිමාණ විසඳුමි අවශ්‍යය බව නේද ඔබ කියන්නෙ.
ජනතාවගේ ජීවන රිද්මය සකසන්නේ කවුද?

අපේ බොහෝ දොස්තර ඉංජනේරු නීතිවෙිදී ගණකාධිකාරී ආදී මහතුන්ට සාමාන්‍යය ළමා ජීවිතයක් තරුණ ජීවිතයක් තිබුනේ නැහැ. දෙමා පිය හෝ සමාජ පීඩනය නිසා හෝ ඒ අය තරගයට මුහුණ දී ජීවිතයෙන් භාගයක් අහිමි කර ගත්තෝ වෙති. වැඩ කිරිම එනමි හැම මොහොතටම මුදලක් උපයනු ඇර වෙන දෙයක් ඔහු නොදනිති.කැස්ස හෙමිබිරිස්සාවද ගසාගෙන කණ සමහර වෛද්‍ය වෘත්තිකයින්ට අනුකමිපාව දීමට තරමි සාමාන්‍යය ජන විඥානය දියුණුවෙමින් ඇත කඔුරුපිටියේ ආරියවතීලා ජීවිත පරිත්‍යායගයෙන් ජන විඥානය අවදිකරමින් ඇත.
බලාපොරොත්තු නැතිකරගත යුතු නැත බලය සදාකාලික නැත පොඩිඩක් ඉවසන්න


කිවුව වෙලාව- 2010-09-06 18:47:08
Ajantha මෙහෙම කියනවා :
watina lipiyak

කිවුව වෙලාව- 2010-06-28 05:08:25
Wasudeva මෙහෙම කියනවා :
@Alawaka
ප්‍රසන්න විතානගේ ආකාස කුසුම් pennala iwarayine? dan mokatada pissu kelinne?
nikan hina yannada oya kiwuwe me kathawa?


කිවුව වෙලාව- 2010-06-17 02:19:33
Alawaka මෙහෙම කියනවා :
එකෙක්ට මෙහෙම කියන්නත් පුළුවන්. ලංකාවේ කලාකාරයෝ විශිෂ්ඨයෝය. ඌට කියන්නට ඇත්තේ ඉතිං අපිට පාන්ද කියා පමණකි. ජැකා ‍වාර්තා කඩන්න හදනකොට ප්‍රසන්න විතානගේ ආකාස කුසුම් පෙන්නගන්න ඕනි නිසා පිස්සු කෙලිනකොට. අපි අපේ අධෝමූඛයට සිනායාම නවත්තන්නට මහපට ඇඟිල්ල තබා තද කරගෙන හදවත මල්යායයි බලන්න යායුතුව ඇත..

කිවුව වෙලාව- 2010-06-17 01:12:49
Confused මෙහෙම කියනවා :
Sri Lankan television is so boring,tasteless, lacks creativity. Where have all good directors / producers gone?

කිවුව වෙලාව- 2010-06-12 00:45:34
Lalla මෙහෙම කියනවා :
pattayi doson ayye

කිවුව වෙලාව- 2010-06-10 05:23:08
Sanka Kirindiwela මෙහෙම කියනවා :
ඩොසා අයියගේ අදහසට මමත් උදාහරණ කිහිපයක් එකතු කරන්න කැමතියි. පසුගිය දවසක බූන්දියෙ පලවුණු අදහස් දැක්වීමකදි (මට මතක හැටියට) ලංකාවේ විකල්ප පිරිස නියෝජනය කරන එක්තරා පුද්ගලයෙක් ගැන සඳහන් වුනා. ඔහු මාර ක්‍රම විරෝධියෙක් හැටියටයි කවුරුත් දන්නේ. දැනටත් කෙරෙන ක්‍රමවිරෝධි වැඩ වල නෙවෙයි, කතා වල ඔහු ප්‍රධාන චරිතයක්. ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකට අනුව එකී පුද්ගලයා මේ වන විට රාජපක්ෂ රෙජීමය ශක්තිමත් කරන බුද්ධිමය පාර්ශවය නියෝජනය කරන පුද්ගලයෙක්ට තමන්ට ලැබුණු වරදානය සාර්ථකව මෙහෙයවීමට උපකාර උපදෙස් දෙමින් තීරණාත්මක කාර්යභාරයක් කරමින් සිටිනවා. ඉතිං ඔය මාර රැඩිකල් පොරවල් එක්ක ආශ්‍රයත් බොහෝම පරිස්සමින් වෙන්න ඕන.

ඉතිං එක්පසෙකින් ප්‍රධාන ධාරාවේ ‍පවතින ගැටළු වලට විකල්ප රැඩිකල් ලෙස පෙනි සිටින්නන් ටික කලෙකින් රැඩිකල් ධාරා‍ව ප්‍රධාන ධාරාවක් කරගන්නවා. උදාහරණයක් ලෙස තමන්ට විකල්ප රැඩිකල් ධාරාවේ යම් නමක් හිමිවුණාම ඒ පුද්ගලයට අමතක වෙනවා තමන් විකල්පය ලෙස අඳුරගත්තේ ප්‍රධාන ධාරාවට සාපෙක්ෂ වූවක් බව. ඊට පස්සේ අර විකල්ප කියන පාර්ශවයේ ඉන්න එවුන් අතර විකල්ප පොරවල් වෙලා අන්තිමට ප්‍රධාන ධාරාවේ හොඳ මිලක් ලබාගන්නෙක් බවට පත්වෙනවා.

කෙසේ නමුත් මගේ පුද්ගලික අදහස නම් මේ ප්‍රතිරෝධය තමයි ජීවිතය කියන්නේ. ඒ ප්‍රති‍රෝධය වඩා සාධනීය දිශාවකට මෙහෙයවීමයි අපේ දේශපාලනය විය යුත්තේ......


කිවුව වෙලාව- 2010-06-09 21:53:03
Anonymous මෙහෙම කියනවා :
@Terrel

ayi me Don Marquis ge quote eka methana damme?


කිවුව වෙලාව- 2010-06-09 21:30:33
kumudu priyankara මෙහෙම කියනවා :
@ Alawaka: very well saying.. realy TRUE men

කිවුව වෙලාව- 2010-06-09 05:22:48
Terrel Abeysinghe මෙහෙම කියනවා :
If you make people think they're thinking, they'll love you; but if you really make them think, they'll hate you."-- Don Marquis

කිවුව වෙලාව- 2010-06-09 02:30:45
Alawaka මෙහෙම කියනවා :
කලාවද එක්තරා අන්දමක ස්වයංවින්දනයකි...
ලoකාවේ කලාකරුවන්ගේ සුරාන්තය ඉක්මන්ය,ඉක්මණින් අප්‍රාණික වීම නිසා නිර්මාණයන්හි කලාත්මක ගතිය අඩුය...

පබා සීනි කෙසෙල් කැනකි..නමුත් කොලු කුරුට්ටෝ එය රතඹලා යැයි අනුමාන පෙරදැරිව ගෙඩි කඩාගෙන කති
කැන ඉවරවෙන බවක්ද නැත..!


කිවුව වෙලාව- 2010-06-08 13:23:46
ලකී මෙහෙම කියනවා :
zizekge lipi 1000k translate kalath wadak naha.
හැරිස් විජේ වාගේ ඉංගිරිසි දන්න අයට පරිවර්තන ලිපි වැඩක් නැහැ වෙන්න පුලුවන්. හැබැයි ඒවා ඉංග්‍රිසියෙන් කියවන්න අමාරු අපි වාගේ දුහුනන්ට වැදගත්.ඩෝසන් පරිවර්තනය කරපු ලිපි ඉතාම වැදගත් ඒවා.මුල් ලේඛකයාගේ කෘතී පරිශීලනය කරන්න හැමෝටම අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මුල් ලේඛකයා තමන්ට අවශ්‍ය විදියට කප්පාදු කරලා හරි එහෙම නැත්නම් තමන් එයාව තේරුම් ගත්ත විදියටම අනෙක් අයටත් හදුන්වලා දෙන්න උත්සාහ කරන එකයි. ඩෝසන් පරිවර්තනය කරපු ලිපි වැදගත්. ඒකට ස්තූතියි.


කිවුව වෙලාව- 2010-06-08 04:55:37
Anonymous මෙහෙම කියනවා :
කතාව හරි අපි දැන් මොකද කරන්නේ? 2012 12 21 ලෝකය විනාෂ වෙනවා ඊට කලින් මේ රට ලෝකය හදමු

Posted by Anonymous to බූන්දි|BOONDI at 8 June 2010 02:39


කිවුව වෙලාව- 2010-06-08 03:43:28
Haris Wije මෙහෙම කියනවා :
mata meke wadagathma tika me tika...

ලංකාවේ ඇත්තේ ද ලෝකයේම වෙළඳ පොලවල් තුළ ඇති මේ කාර්තුවේ සාරය ඉවත් කළ කවර බවට පත්වූ නිශ්පාදිතයන් ය. මේ ස්ලාවෝ සිසැක් වරක් පෙන්වා දුන් පරිදි සාරය ඉවත් කළ 'කටු' [egg shells] පරිභෝජනය කිරීමේ පාරිභෝගික සංස්කෘතියයි.

zizekge lipi 1000k translate kalath wadak naha.
ewuwa apita adala widihata match karanna awashyai.

me lipiyen eya sidda wenawa

well said dowson preethei


කිවුව වෙලාව- 2010-06-08 02:13:53
ඉලංදාරියා මෙහෙම කියනවා :
ඇත්ත ලන්කාවේ බොහො නිර්මානවල හරයෛ නැතිවෙලා ගිහින් ..එක පිල්ගන්නවෙනවා....මොකද ලන්න්කාවේගොඩක් නිර්මාන බිහිවෙන්නේ ස්වයන් නිර්මානවගේ පෙනුනට ....කොහෙදි හරි ඒ හැමදෙම පිටපතක් බව ඔප්පු වෙනවා...සිරස සුපස්ටා .....එකට හොද උදාහරනයක්....කෞරුකරි එවගේ එකක් පටන් ගතම....හැමොම හිතන්නේ ..එකතමා හරිමදේ...ලන්කාවේ දන් රුපවාහිනි නලිකා ගතොත්...එකම විදිහේ වැඩසටහන් පිරිලා....ඉස්සර සෙනසුරාදා ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නේ හරවත් යමක් ජිවිතයටකතු කරගන්න... එ ත දැන් සෙනසුරාදා ඉරිදා ....රුපවාහිනී බැලුවොත් මතක් වෙන්නේ අමු තිත කුනුහරප... .
මාද්‍යයේ එක ලක්ශනයක් මිනිසුන් වෙනස් කිරිම..දැනුත් එක සිදුවෙනවා නමුත් ..මිනිසුන් වෙනස් කිරීම සිදුවෙන්නේ වැරදි පැත්තට.කවුරුන් කොහේන්හො හරිදේ පර්ටන් ගත යුතුයි කියලයි....මම කියන්නේ...

Posted by ඉලංදාරියා to බූන්දි|BOONDI at 7 June 2010 23:56


කිවුව වෙලාව- 2010-06-08 01:05:13
Alex Ranasinghe මෙහෙම කියනවා :
එනිසා ඔහු බටර් කන්නේ බටර් ලෙස නොව බටර් වැනි පෙනුමකින් යුත් බටර් සාරය ඉවත් කළ දෙයකි. ඔහු කෝපි බොනවා යැයි බොන්නේ කෝපි රස කළ දෙයක් මිස සැබෑ කෝපි‍ නොවෙයි. සැබෑ කෝපි බීම ඔහුට අගුණය....

this is the reality! whether we like or not



කිවුව වෙලාව- 2010-06-08 00:40:35
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩෝසන් ප්‍රීති ඊ.ඒ.ගෙන් තවත් වියමන්
Cine
'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්| කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා
කරන්ට්ස්
මකුළු දැල එලා ඇති විට
කවි
කඩදාසි හීනයක්
කතන්දර
පල්පීය කතාවක්
කවි
පිලාර්, මම නුඹේ අත සිඹිමි...
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook