Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
දයාවෙන් ලෝකය දෙස බැලූ සොඳුරු කවියා- දයාසේන ගුණසිංහ
දයාසේන ගුණසිංහ යනු තමන් නියැලුනු සියලු ක්ෂේත්‍රයන්හී අපූර්ව ප්‍රතිභාවක් පළ කළ මිනිසෙකි. ඔහුගේ සමකාලීනයන් ඔහු සිහි කරනුයේ මහත් ගරුත්වයකිනි. ඒ ඔහු අපට දායාද කොට තබා ගිය අති විශිෂ්ට නිර්මාණ එකතුව නිසාවෙන් ම නොව ඔහු මහත් දයාවෙන් ලෝකය දෙස බැලූ අප්‍රමාණ මිනිසෙකු වූ නිසාවෙනි. අපගේ මේ කුඩා වෑයම තවමත් දයාසේන ගුණසිංහ හමු නොවූ සහෘදයෙකු වේ නම්, ඔහු සොයා යන්නට පෙළඹවීමක් ඇති කරනු පිණිසය.
1936 ජූනි 13 වැනි දා ඉංගිරියේදී උපත ලැබ 1996 ඔක්තෝබර් 07 වැනිදා මහරගම දී කලුරිය කළේය. මතුගම ආනන්ද විද්‍යාලයෙන් සහ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබීමෙන් අනතුරුව තෙවසරක පමණ කාලයක් ගුරුවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට බැඳී ''සිලෝන් ඩේලිනිව්ස්'' පත්‍රයේත් සිළුමිණ පත්‍රයේත් කර්තෘ මණ්ඩලවල සේවය කළේය. 1981 දී උපාලි පුවත්පත් සමාගම විසින් ආරම්භ කරන ලද දිවයින ඉරිදා සංග්‍රහය කර්තෘ මණ්ඩලයට බැඳුනි. පත්‍රකලා ජීවිතයේදී වඩාත් ප්‍රකට වූයේ තීරු ලිපි රචකයෙකු වශයෙනි. රයිගම් රාළ, භූත රිපෝටර්, ලුනටික්කා, උකුස්සා, රණරාළ, සංගුරා වැනි ආරූඩ නම්වලින් රචිත එකී තීරු ලිපිවලින් අභීත හා අදීන පත්‍ර කලාවේදියෙකු ලෙස ජනාදරයට පාත්‍රවූයේය. ග්‍රන්ථකරණයට ප්‍රවිෂ්ට වූයේ 1974 දී රන් තැටියක කඳුළු නමැති කාව්‍ය සංග්‍රහය පළකරමිනි. එයට එම වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. එතැන් සිට පළකෙරුනු නිර්මාණ පෙළ අතර නොවඳිමි සිදුහත්, දොරමඩලාව යන කාව්‍ය සංග්‍රහයෝ ද කැනල්පාරේ නිශාචරයෝ (1986 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), කේතුමති හෝටලයේ රාත්‍රියක් (1990 රාජ්‍ය සාහිත්‍ය සම්මාන) යන කෙටි කතා සංග්‍රහයෝ ද පොදු ජනයාගේ මිනිහෙක්, නදී තෙර කුමරිය වැනි පරිවර්තන නිර්මාණ ද වෙත්. කලුරිය කරන විට සිව්දෙස නමැති වාර ප්‍රකාශනයෙහි සංස්කාරකවරයා ලෙස සේවය කරමින් සිටියේය.

උපුටනය : නූතන පද්‍ය කාව්‍ය සංහිතා - සුනිල් ආරියරත්න


කවිය, නිදහස් කවිය හා කවියාගේ කාර්යභාරය

කවිය ලොවුතුරු නොවන්නේය නොවන්නේද නොවන්නේය. එය බුද්ධියෙන් මෙන්ම හදවතින් ද අවබෝධ කර ගත යුත්තකි. නැත..! බුද්ධියට වඩා හදවතින් අවබෝධ කරගත යුත්තකි..සියලු අඟ පසඟ මනාව ගැළපුන කවියකින් එම කවිය ලියු කවියා පවා නො සිතූ සියුම් සංනිවේදන මාත්‍රයන්, කිසියම් සහෘදයෙකු තුළ ජනිත විමට අවකාශ ඇත්තේ ඒ නිසාය. මේ දේශයේ පමණක් නොව ඕනෑම දේශයක කවි කියවා රසවිඳින සහෘද ජනයා ගේ සංඛ්‍යාව ඉතා සීමිතය.

''හොඳ කවියක් කියවන සැබෑ සහෘදයෙකු ගේ සිතට එම කවිය කා වදින මොහොතේ තමන්ට කිසි දිනෙක සුව කර ගත නොහෙන අමරණිය රිදුමක් ලද්දා සේ දැනී යයි.''

ජි බී සේනානායකයන් විසින් නිදහස් කවිය යනුවෙන් හඳුන්වනු ලැබූ නිසඳැස් කවියේ සඳැසින් තොර බව වඩාත් ප්‍රකට වුයේ පනහේ දසකයේ දී ''මස් ලේ නැති ඇට'' හා ''අබිනික්මන'' කාව්‍යය සංග්‍රහයන් පළ කල සිරි ගුනසිංහයන් ගේ කාව්‍ය නිර්මාණ වලිනි..... සිරි ගුනසිංහ සිංහල කාව්‍ය ක්ෂෙත්‍රයේ මඳ කලක් රැඳී සිටි ආගන්තුකයෙකු විනා ඊට ආත්මීය වශයෙන් සම්බන්ධ වූවෙක් නොවේ...... මෙසේ සිරි ගුනසිංහයන් විසින් හරස් මඟකට යොමු කරවන ලද නිදහස් කවිය, නැවත නිසි මඟට ගෙන ආවේ සේකර ද්වි මූර්තිය විසිනි..... හැත්තෑව දසකයේදී සිංහල කවිය ප්‍රභාමත් කළෝ නව කවීහු ය. පරාක්‍රම, කුමාරගමගෙන් පසුව ගැමි දිවිය හා ගැමි මනස විනිවිද දුටු කවියා ය. මොනිකා තත්කාලින සමාජය නිරූපනය කිරීම සඳහා සාම්ප්‍රදායික විරිත් සංස්කරණය කර ගැනිමෙහි ලා දක්වන සමත් බවෙහි අපූර්වත්වය වෙයි..... එරික් ඉලයප්පාරච්චි ගේ කවිත්වය ගැඹුරෙහි සැඩ සුළි සඟවාගෙන මතු පිටින් අහිංසක ලා රැළි නඟන දිය තලාවක් වැනිය.........අසූවේ දසකයේ සිංහල කවිය සමස්තයක් සේ ගෙන මෙනෙහි කර බලන විට එකවර සිහියට නැගෙන කවියා රත්න ශ්‍රි විජේසිංහයි.

කවි බස සුළං රළක මුදු ස්පර්ශයෙන් වුවද කම්පනය වන කොකණද වෙණෙහි තත් සේ අති සියුම් සංකල්පනා මාත්‍රයක් පවා පළ කළ හැකි තරම් සංවේදී වූ ද, සුඛ නම්‍ය වූද බසක් විය යුතුය. සම්භාව්‍ය සාහිත්‍යයේ විවිධ යුග වල භාෂා රීතීන් ද වන්නි භාෂාව වැනි ප්‍රාන්තීය භාෂා ප්‍රභේදයන් සහ පොදු වහර ද සම්මිශ්‍රණය කර ගැනීමෙන් බිහි කළ මේ බස මුහුකුරා යාමෙන් පරිපූර්ණ කාව්‍ය භාෂාවක් බිහි වනු ඇතැයි සිතිය හැකිය.........

නිදහස් පරපුරේ අද්‍යතන කවියා සෞන්දර්යය නිදි බෙහෙතක් හෝ මත් කුඩක් බවට පෙරළන්නෙකු නොව දුක හා වේදනාව අනභිබවනීය ප්‍රචාලන ශක්තියක් බවට පත් කිරීමට වෑයම් කරන්නෙකි. අත්‍යවශ්‍යයෙන් ම සිදු විය යුත්තේ උන් උන් තැන වැටි සිටින ජනයා තුල බලාපොරොත්තු දැල්විමයි. ඒ සඳහා ජන විඥානය හා පොදු ප්‍රඥාව වැඩිය යුතුය....... නිවැරදි දෘෂ්ඨියක පිහිටා සිටින නව කවි පරපුර විසින් තම අනාගත ගමන් මඟ නිර්ණය කිරීමේදී (මේ අයුරින්) සිය අවධානයට යොමු කළයුතු කරුණු ගණනාවක් වෙයි. ඒවා විසර්ජනය කර දිමට බැහැරින් පැමිණෙන ඉටු දෙවිවරුන් නොමැත. එහෙයින් ඒ සියල්ල සාකච්ඡා හා සංවාද ඔස්සේ තම තමන් විසින් ම තෝරා බේරා ගත යුතුය.

දයාසේන ගුණසිංහ
දොරමඬලාව - 1991

රන් තැටියක කඳුළු...!

මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්

මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ලයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුලෙහි
ඉකිබිඳියි කම්පාව.

දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුලට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඩු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව

සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැල් පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති

කිරි ගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි.

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්.

දොරමඬලාව - 1991 දෙසැ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Dayasena Gunasinghe, Rayigam Rala, Bhootha Reporter, Lunatikka, Ukussa, Ranarala, Sangura, Ran Thatiyaka Kandulu, Nowandimi Siduhath, Doramadalawa, Canel Pare Nishacharayo, Kethumathi Hotalaye Rathriyak, Siwdesa Magazine
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
READER මෙහෙම කියනවා :
ya he s a real human
kaviyek wela wadak naha
minihek wenna one bawa ethuma penawala dunna


කිවුව වෙලාව- 2010-09-09 21:02:39
dinesh මෙහෙම කියනවා :
mita godak kalekata kalin dayasenawa mama kiyewwa gaburak tiyena manusseyek kiyalamamath hituwa

කිවුව වෙලාව- 2010-09-09 12:01:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook