Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
බැස ගිය සුපිරි තරුව
-විභවි දශ්‍ය කලා තොරතුරු සංග්‍රහය- 2009 ජූලි

පොප් සංගීත ලෝකයේ කිරුළු පලන් රජු ලෙස හැදින්වූ මයිකල් ජැක්සන්ගේ වර්ණවත් ජීවිතය ඛේදනීය ලෙස ඉකුත් අවසන් වුයේය. බටහිර ජනපි්‍රය සංගීතයේ එල්විස් ප්‍රෙස්ලිගෙන් පසු ගීතයට හා එහි ප්‍රසාංගිකත්වයට ඔහු නවමු අරුතක් එක් කළ බව අවිවාදිතය. ජැක්සන් ජීවත්ව සිටියදී බටහිර අධිපති මාධ්‍යයන් විසින් ඔහුගේ පෞද්ගලික ජීවිතය අනවශ්‍ය ලෙස හුවා දක්වමින් ඔහුව දරුණු මානසික පීඩනයකට හෙළීය. මයිකල් ජැක්සන් ඇමරිකානු ප්‍රතිරූපයට සිය ආත්මය හිලව් කළ හැටි මේ ලිපිය විවරණය කරයි. එමෙන්ම මෙ මගින් මයිකල් ජැක්සන් පිළිබඳව වඩාත් විෂයමූලික විග්‍රහයක් ගෙනඑන අතර ඔහුගේ ඛේදවාචකය පිළිබඳව පූර්ණ දැක්මක් සහිත වූවක් බැවින් අප එය මෙසේ පළ කරන්නෙමු. ඔහු ජීවත්ව සිටි කාලයේදී කළ විග්‍රහයක් වූ මෙහි මාතෘකාව පමණක් අප වෙනස් කළ බව කරුණාවෙන් සලකන්න.
බූන්දි, 03:00:36
මයිකල් ජැක්සන් අත් අඩංගුවට ගැනීම හා ඔහුට එරෙහි ලමා අපචාර පිලිබඳ අධි චෝදනාව සමඟ ජනපි්‍රයයන් හා ලිංගික කටයුතු අලලාගත් මෑතම සෝලියට ඇමරිකානු මහජනතාව ගොදුරු කෙරී ඇත. තම හුරුපුරුදු තලු මැරීමේ උමතුවටද වක්‍රෝත්තිසහගත හා කාමුක විස්තරය සඳහා තරග වැදීමටද විවිධාකාර ජනමාධ්‍යයන්ට මෑතම කටකතාව තවත් අවස්ථාවක් පාදා දී තිබේ.

ජැක්සන් නඩුව ආශි්‍රත පුවත්පත් හා රූපවාහිනී අවරනය මාස ගනනාවක් පුරා ඇදී යනු නියත ය. මෙම ආවරනය තුල තම තමාගේ සුවිශේෂිත ''කෝණය'' මත පදනම්ව මාධ්‍ය පන්ඩිතයන් සහ කතා මෙහෙයවන්නන් සිද්ධිය පිලිබඳව දැඩි මත පලකිරීම් උදම් ඇනීම් හෝ මුග්ධ ලෙස සිනාසීම් කරනු ඇති නමුත් එකදු බැරෑරුම් අන්තර්×නයක් සම්පාදනය නොකරනු ඇත.

ජනමාධ්‍යය මෙම කනගාටුදායක සිද්ධිය තුල කිහිප ආකාරයකට කි්‍රයාත්මක වෙයි; එනම් සුවිශේෂිතවම ඉරාකය තුල සිදු කෙරෙමින් පවතින හිංසනය හා ඝාතනයද ඇතුලු සැබෑ දැවෙන ප්‍රශ්නයන්ගෙන් මහජන අවධානය අපසරණය කිරීමට හැකි සෑම ආකාරයකින් ම මහජන විනය දුෂනය කිරීම හා නිර්වින්දනය කිරීමට සහ අලෙවිය වැඩිකර ගැනීම හා ප්‍රචාරනය ගොඩනංවා ගැනීම පිලිබඳ අපේක්ෂාවෙන් ''සල්ලි ගැරිය හැකි'' ඕනෑම දෙයක් පසුපස හඹා යෑම යනාදී වසයෙනි.

නඩුවට අදාල කරුනු තවමත් ඉදිරිපත් කෙරී නැති අතර මයිකල් ජැක්සන්ට සිය නිර්දෝෂිභාවය පිලිබඳව පූර්වාපේක්ෂා කිරීමට ඉඩක් තිබේ වාර්තා වන ආකාරයට ඔහුගේ පැමිනිලිකරු පිලිකා රෝගයෙන් සුවය ලබා සිටිනා වයස 12-13 පමන ලමයෙකි. ඔහු මයිකල් ජැක්සන්ට අයත් උතුරු සාන්ත බාබරාවෙහි පිහිටි නෙවර්ලන්ඩ් වතුයායෙහි සිටි ඔහුගේ අමුත්තෙකි. ගායකයා බරපතල ලෙස රෝගාතුර වුවන්ට ඔහුගේ වතුයායෙහි දී සත්කාරක කටයුතු කරයි.

ජැක්සන්ගෙන් විශාල මුදල් කුට්ටියක් කඩා ගැනීමට පිරිමි දරුවාගේ මව මෙම නීතිමය පියවර දියත් කොට ඇති බව ගායකයා වෙනුවෙන් පෙනී සිටින්නෝ චෝදනා කරති. නොවැම්බර් 25 වන දා ජැක්සන්ගේ නීතිඥ මාක් ජෙරාගස් කෝපාන්විතව මෙසේ පැවසීය.

''මේ වෙනකොට සිද්ධවෙලා තියෙන විදිහට මේ චෝදනාවලත් වරද පැටවීම් වලත් සැබෑ අරමුණ මුදල් සහ මුදල් අපේක්ෂාව මිසක් වෙන දෙයක් නෙවෙයි කියලා නොහිතන කවුරු හරි ඉන්නවා නම් ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ගේම නෙවර්ලන්ඩ් එකකයි''.

අපචාර චෝදනා පැටවීම පිලිබඳ ඉතිහාසයක් පිරිමි දරුවාගේ මවට පවතින බවට පුවත්පත්වල වාර්තා පලවී තිබේ. එසේම කාන්තාව හා ඇගේ දරුවා විසින් පසුගිය පෙබරවාරියේදි සකසන ලද ජැක්සන්ව වර්ණනා කරන හා කිසිදු අයථා චර්යාවක් සිදුව තිබෙන බව පිලිබඳ මතය ප්‍රතික්ෂේප කරන හඬපටයක් ද එළිමහනට අවුත් තිබේ. තම ජීවිතවලට ජැක්සන් ලඟා කොට දීම මගින් දෙවියන් වහන්සේ තම පවුලට ආශිර්වාද කොට ඇතැයි ද ඇයගේ පුතාට ඔහු ''පියෙක් වැනි'' යයිද කාන්තාව හඬපටයෙහි පැහැදිලිව ප්‍රකාශ කරයි.

මේ කරුණ මත ම අත්සන් තබන ලද දිවුරුම් පෙත්සමක් ද පවතින බව වාර්තා වේ. දරුවාගේ පියා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙක් ජැක්සන්ට එරෙහි චෝදනා පිලිබඳව වාද කොට ඇත. ජැක්සන්ට එරෙහිව සාන්ත බාබරා බලධාරීන් විසින් ගෙන යනු ලබන ව්‍යාපාරය ප්‍රතිගාමී දේශපාලන සහ සමාජ ඇඟවිම් සහිතය. කෝරලයෙහි දිස්ති්‍රක් නීතිඥ ස්නෙඩන් වනාහි ඇටුවන් බැහැපු දැනුවත් තත්වාරක්ෂක රිපබ්ලිකානුවෙකි. ගායකයා සිවිල් නඩුවක් පවරා තිබු පවුලක් සමඟ උසාවියෙන් පිටතදී ප්‍රශ්නය සමථයකට පත් කොට ගත් අවස්ථාවක 1993දී ඔහු ජැක්සන්ට එරෙහිව මේ හා සමානම චෝදනා යටතේ නඩු පැවරීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ගායකයා පසු කලෙක ස්නෙඩන්ට එරෙහිව යන්තමින් සඟවා කෙරෙන ප්‍රහාරයක් ලෙස ගීතයක් ලියා පටිගත කොට පලිගත්තේය. දිස්ති්‍රක් ඇටර්නිවරයාට ඔහු විසින් චෝදනාවන් නිවේදනය කළ පසු ගිය බදාදා පැවැති පුවත්පත් සාකච්ඡාව අතර තුර තම පී්‍රතිය සඟවා ගැනීමට හැකි වුයේ යන්තමිනි. ජැක්සන්ගේ වතු යායට කෝරලයෙහි (county) ෂෙරීෆ් දෙපාර්තමේනතුවේ 70 දෙනෙක් පීඩාකාරි ලෙස බලයෙන් කඩා වැදීම මඟින් සාන්ත බාබරා නිලධාරීන් ඒ වන විටත් ඔවුනගේ ප්‍රවිශ්ටය පෙන්නුම් කර තිබුනි.

ඒබීසී නිවුස් සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී මයිකල්ගේ වැඩිමහල් සහෝදරයන්ගෙන් කෙනෙකු වන ජර්මේන් ජැක්සන් ස්නෙඩන්ගේ ''පුද්ගලික බද්ධ වෛරය හෙලා දුටුවේය.'' ඔවුන් මහජනයා ගැන කිසිම සැලකිල්ලක් නැති දක්ෂිණාංශික වර්ගවාදීන් රොත්තක්'' යනුවෙන් ඔහු පැවසීය. කලින් සීඑන්එන් නිවේදිකාවක් සමඟ දුරකථන සංවාදයකදි ජර්මේන් ජැක්සන් නඩුව ''අද දවසේ නඩු නැතිව අච්චු කිරීමක්'' (a modern-day lynching) යැයි හැඳින්වීය. අතීතය පිලිබඳව මයිකල්ට පැවසීමට අමිහිරි සිද්ධීන්ට සම්බන්ධිත ඔහුගේ පියාද ඇතුලුව මුලු ජැක්සන් පවුලම ගායකයාගේ ආරක්ෂාවට පැමිණ සිටී. තමන් සංස්කෘතික හා සදාචාර යුද්ධයක කුරුස යුද්ධකරුවෙක් ලෙස ස්නෙඩන් තමන්ව දකින බව නිසැකය. ජැක්සන් පිලිබඳව නරකට ම සිතන්නාවු දශකයකට පෙර ඔහු දන්ඩනයෙන් ගැලවීම පිලිබඳව තදින් ම විරුද්ධවු හා ඔහුව කුරුසයෙහි ඇන ගසනු දැකීමට කැමැති සමාජ ස්ථරයක් මේ රටේ සිටී. දක්ෂිණාංශික බලවේග විසින් දිරිමත් කෙරුනු සිරකොටගෙන සිටි කෝපයක් හා කළකිරීමක් ඔහු දෙසට හැරවී ඇත.
ඉලක්කයන් අතර සමානකම් ඇත්තේ ඉතා මද වශයෙන් වීමත් චෝදනාවන් මුලුමනින්ම වෙනස් වීමත් තිබියදීම 1895 දී ඔස්කාර් වයිල්ඩ් දඩමීමා කොට ගැනීම පිලිබඳ ඉඟියක් වත්මන් සිදුවීමෙහි තිබේ.

ජැක්සන් වනාහි බිඳවැටුණු ඇතැම් විට බරපතල ලෙස අවුලට පත් වූ පුද්ගලයෙක් බව අවිවාදිතව ම පෙනේ. ඔහුට චෝදනා කෙරී ඇති අපරාධයන්ට ඔහු වැරදිකරුවාද නැද්ද යන්න වෙනත් කාරනාවකි. ප්‍රශ්නයට අදාල කාරනාවන් කුමක් වුවද කෙනෙකු නිරායාසයෙන්ම පෙලැඹෙනුයේ ජැක්සන්ට එරෙහිව නඩු පැවරීමට හැකි නොවී නම් නීතිය කි්‍රයාත්මක කරන නිලධරයන් සහ මාධ්‍යය ඔහුට එරෙහි චෝදනා නිර්මානය කොට එවැන්නක් කළයුතුව තිබු බව පැවසීමටය.

චර්යාවේ විශේෂයෙන්ම ලිංගික චර්යාවේ විකාර සහගත එක්සත් ජනපදයේ නෛතික පොලිස් සංස්ථාපිතයේ සැලකියයුතු කොටසක් විසින් දැක ගෙන ඇත්තේ අපරාධාකරි හැසිරීමක ආසන්නතම සාධකය ලෙසය. සමාජයෙන් ඔහු වෙන්ව සිටීම සාධාරනීකරණය කරනු වස් මෙබඳු අපරාධයන්ට ජැක්සන් වරදකරුවා බව ඔප්පු කෙරුනේ වුවද මානුෂ්‍යත්වයෙන් යුත් සමාජයක් ඔහුව දකිනු ඇත්තේ අවමානයෙන් හා වෛරයෙන් යුතුව නොව ශෝකයෙන් මෙන්ම අනුකම්පාවෙන් ද යුක්තවය.

මයිකල් ජැක්සන්ට තමන් කවුද යන්න පිලිබඳව තමන්ටමත් ඇත්තේ පැහැදිලිව ම ඉතා කුඩා අදහසක් වන කළ අනෙක් මිනිසුන්ට ඔහු ගැන ඇති කරගත හැක්කේ කුමක් ද? ඔහුගේ ජීවිත කතාව වනාහි ජනප්‍රවාදයෙන් පිරුනකි. 1958 දී වානේ කම්හලක ෙදාඹකර කි්‍රයාකරවන්නෙකුගේ පුතකුව සහ දරුවන් නව දෙනෙකුගෙන් කෙනෙකුව චිකාගෝවේ කම්කරු පන්ති උපනාගරික ප්‍රදේශයක් වන ඉන්ඩියානාහි ගැරිහි උපත ලත් ජැක්සන් වයස අවුරුදු පහේ දී තම වෘත්තීය ජීවිතය ඇරඹුයේ ජැක්සන් ෆයිව් කන්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙසය. ජයග්‍රහන මාලාවකට මඟ පාදමින් කන්ඩායම 1968දී මෝටවුන් රෙකෝඩ්ස් සමාගම වසින් ගිවිසුමකට බඳවා ගැනින. එකල ගායකයකු ලෙස 1970 ගනන් අගභාග යේ සිට දශකයකට ආසන්න කාලයක් ජැක්සන් ජාත්‍යන්තර ජනපි්‍රය සංගීතයේ ප්‍රමුඛතමයා විය. 1982 දී නිකුත්වූ නිෂ්පාදක ක්වින්ස් ජෝන්ස් සමඟ ඔහු කළ දෙවන ඇල්බමය වු ති්‍රලර් අත්‍යසාමාන්‍ය සාර්ථකත්වයකට පත් වූයේය. ගීත හතක් ගීත දර්ශකයන්හි ඉහලින්ම වාර්තාගතවු අතර ලොව වටා පිටපත් මිලියන 50කටත් වඩා අලෙවි විය. 1984දී ජැක්සන් සියලු වාර්තා බිඳ හෙළමින් ග්‍රැමී සම්මාන අටක් දිනා ගත්තේය.

ජැක්සන් තම පුද්ගලික දුෂ්කරතාවයන් පිලිබඳව විවෘතව කථා කොට තිබේ. ඔහුගේ පියා දරුවන් මත වෙහෙසකර ලෙස බලය පැතිරවු හා ඔවුන්ව පාලනය කළ අයෙකු වු බව ඔහු ප්‍රකාශ කරයි. මෙය ඔහුගේ සහෝදරයින් විසින් ද තහවුරු කෙරී ඇත. නිරතුරුවම ඔහුට ගුටි කෑමට සිදු විය. ජෝශප් ජැක්සන් තමන්ට සමච්චල් කිරීම හා අවමන් කිරීමද කරන බව ඔහු පුත් මයිකල් පවසයි. ''මං එයාගේ හොඳම දරුවාද නැත්නම් වෙන කවුරුහරිද කියන්න මම දන්නේ නැති නමුත් ඔහු කිසිම බුරුලක් නැති ඉතා තද ඉතා රලු මිනිහෙක්- බැලුවත් බය වෙනවා... ඔහු මාව බලන්න ආවම මට අසනීප වෙලා වමනේ යන්න පටන්ගත්ත කාලවලුත් තියෙනවාය. ඔහු ඔප්රා වින්ෆි්‍රට 1993දී පැවසීය. තම ජිවිතයේ වැඩි කොටසකට උරුම වූයේ තනිකම හා දුක යැයි හැඟවෙන අදහසක් ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී දුන්නේය.

ලපටි වයසක සිටම ජැක්සන් ප්‍රකට චරිතයක් ව සිට ඇත. ඔහු අද සිටන තැනට ඒම ට උපකාර කළේ විනෝද කර්මානත ව්‍යාපාරයයි. මෙතෙක් මිහිමත නිර්මිත ශ්‍රේෂ්ඨතම ''වෙස්මාරුව'' වන කලු ජාතික ප්‍රසාංගිකයෙක් සම්බන්ධයෙන් ගත් කල්හි තම අනන්‍යතාවය වළලා දැමීම අතිරේක හා හානිකර අර්ථ භාරයත් දැරිය යුතුව තිබුනි. ජැක්සන්ගේ කායික විපරිවර්තනය හේතුවෙන් යම් කිසිවෙකු අතිශයින්ම කම්පිත හෝ සැහැසි විය යුත්තේ මන්ද?

ඔහු හුදෙක් සංස්කෘතියේම තර්කනයන් එනම් සාවද්‍ය සහ අයථාර්තය කෙරෙහි දැඩි ඇබ්බැහිවීම සහ ඒවායෙහි තාර්කික නොහොත් විකාර සහගත නිගමනයන්ට ඇබ්බැහි වීම අනුගිය පමනෙකින් ඔහුගේ අපරිනතභාවය ද එම කරුනුම හා බැදී ඇති බව පෙනේ. එනම් ඔහුගේ ජීවිතය සෑම උමතු ආශාවක් ම සපුරාලීමට කැපවුනු යෝධ පරිවාර සේනාවකින් නිශ්චිත මොහොතකදී වටවුනු සංදර්ශන ව්‍යාපාර කෝෂයක් තුල ගෙවුණු එකකි. ''පීටර් පෑන් සංකීර්ණය'' බැලු බැල්මටම ව්‍යාජ විවාහ, ඔහුගේ තෙවන දරුවා සඳහා ආදේශක මව ආදී සියල්ලම ඇඟිල්ල දිගු කොට පෙන්වනුයේ එකිනෙක හා ගැටෙන අවශ්‍යතාවයන් රොත්තක් තුල දඟලන්නාවු මිනිසෙකි.

''ඇමෙරිකා'' එනම් නිල මහජන ඇමරිකානු මතය ඔහුගෙන් ඉල්ලා සිටින; වඩා සුදු ලිංගිකව ආක්‍රමණශීලි නොවන විරුද්ධ ලිංගික පහස සොයන පියෙකු වීම උදෙසා ඔහුගේ සියලුම මංමුලා සහගත (සහ ශෝකාකූල වූ ද) වෑයම් සියල්ල තම සැබෑ ස්වීයත්වය පිලිබඳව සෑම සංකල්පයකින්ම ඔහු තව තවත් ඈත් කර දැමීය. මෙම ව්‍යාජය හා යථා විරහිත භාවය අභිමුවෙහිදී ජැක්සන් එක් සත්‍යයක් සැබැවින්ම ඒත්තු ගෙන සිටින බව පෙනේ. එනම් ඔහුට තම ජීවිතය දරුවකු සේ විඳිය හැකි නම් එය වඩාත් සන්තුෂ්ටිදායක වනු ඇති බවයි.

ඇමරිකාවේ නිතර සිදුවන අයුරු සාර්ථකත්වය තරම් හානියක් තවත් නැත. සාර්ථකත්වය ඉහලයත්ම හානිය ද ඉහල යයි. දියුනුවම තරම් හානිකර වෙනත් දෙයක් නොමැති බවත් දියුණුව විශාල වත්ම හානියද විශාල වන බවත් පැහැදිලි වන සිද්ධීන් ඇමරිකාව තුල නිරතුරුව සිදුවේ. දුෂ්කි්‍රයාත්මක කම්කරු පන්තික පවුලකින් පැමිනි මුලුමනින්ම අස්වාභාවික ලෙස දක්ෂ පිරිමි දරුවකු ලෙස ජැක්සන්ව ඇමරිකානු විනෝද කර්මාන්තයේ ඇඹරුම් ගල තුලට ගසාගෙන යැවුණු අතර එමගින් අතිශයින්ම ඉෂ්ටාර්ථවත් මොහොතේදීම, මානසිකව ව්‍යසනයට ගොදුරුවීමට ඔහුගේ ඇති හැකියාවද ලබා දී ඇත.

ජැක්සන්ගේ ඉමහත්ම පුද්ගලික අභිවෘද්ධිය එක්සත් ජනපදයේ රීගන් අවුරුදු හා සමපාත විය. මෙය ඇමරිකාවේ බොහෝ දෙනා තමන්ගේ හෝ අන් අයගේ 1970 ගනන්වල රැඩිකල්වාදය පසුපසට දමා ධනවත් වීමේ ව්‍යාපාරය මත අවධානය සංකේන්ද්‍රනය කල අවධියකි. ආත්මාර්ථාකාමීත්ව සුඛ පරම වාදය පුද්ගලවාදය හා මාත්සර්යය කිරුළු පැලැන්දවින. ජැක්සන් අසිරිමත් ලෙස ප්‍රතිභාසම්පන්න ගායකයෙක් නර්තකයෙක් හා පද රචකයෙක් වූ නමුදු සංගීතය මගින් යමක් කීමේ යමෙකුගේ හැකියාව වනාහි උප්පත්තියෙන් ලැබෙන්නනක් නොවන අතර අඛන්ඩ පුහුණුවෙහි සහ දෙමාපිය පිඩනයෙහි ද නිෂ්පාදිතයක් නොවන්නේය. විශේෂයෙන් මෝටවුන් මඟින් ජැක්සන් ෆයිව් කණ්ඩායම සංගීත ක්ෂේත්‍රයට පැමිණියේ පෘථුල ව්‍යාප්ත විරෝධතාවයක යුගයකදීය. ''කලු ධනවාදය'' උද්යෝගිමත්ව අදහන්නකු වූ බෙරී ගෝර්ඩිට අයත් තැටිගත කිරීමේ සමාගම රැඩිකල් ධාරාවන් සමඟ සම්බන්ධතාවයෙන් වැළකෙනු ලැබ නොතිබුනි.

1971 දී ගෝර්ඩි සහ ගායක මාර්වීන් ගයේ ගැටුනේ වියට්නාම් යුද විරෝධී ගීතයක් වූ ''වට්ස්ගොයිං ඔන්'' (“What’s Going On”) නම් ගීතය තැටිගත කිරීමට ගයේට පැවැති අභිරුචිය මතය. ගයේගේ ඥාති සහෝදරයා වියට්නාමයේදී මිය ගොස් තිබු අතර ඔහුගේ සහෝදරයා එහි තෙවරක් සේවය සඳහා ගොස් තිබුනි. ගයේ එකල ප්‍රශ්න නගා තිබුනේ ''මගේ වටේ පුපුරා හැලෙන ලෝකයකුත් එක්ක මං කොහොමද පෙම් ගී ගය ගයා ඉන්නේ?'' යනුවෙනි. ස්ටීව් වොන්ඩර් බඳු අනෙකුත් කලු ප්‍රසාංගික කරුවෝ 1970 ගණන් මුලදි රිචඩ් නික්සන් පිලිබඳව ඉතාමත් විවේචනාත්මක ගීත තැටිගත කළහ. කර්ටිස් මෙෆීල්ඩ් යුද්ධයේ සහ වර්ගවාදයේ විවෘත එදිරිවාදියෙක් වීය.

මේ සියල්ලට සංගීත කර්මාන්තයේ විෂ නාශකයන්ගෙන් එකක් ලෙස ''බබල්ගම් ආත්මය'' ලෙස ප්‍රකට වුණු දෙය සමඟින් ජැක්සන්ලා සේවය කලේ ඔවුන්ගේ වරදකින් නොවේ. තම ළමා සංගීතමය ප්‍රතිරූය සමඟින් ජැක්සන් 1970 ගණන් අගදී කැඩුණි. එහෙත් ඔහුගේ සාර්ථකත්වය අධිතක්සේරු කිරීමට අවශ්‍ය නැත. ඔහු අත්‍යසාමාන්‍ය දක්ෂතාවයන් විදහා පෙන්වූ නමුදු ඔහුගේ ගීතවල අන්තර්ගතය සැලකිය යුතු අන්තර්ඥානයක් කරා එසැවී නොගත් අතර නිශ්චිතවම විරෝධාත්මක කූටයන්ට නොනැගුන ජැක්සන් පිලිබඳ මාධ්‍ය සාකච්ඡාව තුල ඔහුගේ සැබෑ දායාදයන් අගය කිරීමත් මාධ්‍යවේදීන් හා කර්මාන්තය තුල සිටින්නවුන් ඔහුගේ අලෙවි වාර්තා සහ පුද්ගලික ධන සමුච්චය ඉදිරියේ දැවැන්ත ලෙස විෂ්මයට පත්විමත් වෙන් කොට හඳුනාගැනීමට කෙනෙකුට සිදුවේ.

1970 ගණන් අග සහ 1980 ගණන් ඔපමට්ටම් කල නමුත් දියාරු විනෝද කර්මාන්ත ''වාර්තානාශක'' නොහොත් ''බ්ලොක්බස්ටර් හෙවත් ලුකැස්-ස්පිල්බර්ග් නිෂ්පාදනයන් වු ස්ටාර් වෝර්ස් චිත්‍රපට ඉන්ඩියානා ජෝන්ස් මාලාව ඊටී යනාදිය ප්‍රාදුර්භුත වීම අත් දිටීය. රූපවාහිනියේ ඩලාස් සහ ඩිනාස්ට් යනාදිය විය. ජැක්සන්ගේ තැටිගත කිරීම් යලිදු විශාල වශයෙන් ම ඔහුගේ වරදකින් තොරව ම ප්‍රබෝධජනක හා ගම්‍යතාශීලි එහෙත් අවසානයේ දි සාපේක්ෂ වශයෙන් අහිංසක මහජන ප්‍රතිරූපයක් වන කෘතියක් වශයෙන් මෙම පොදු චිත්‍රයට ගැලපුනි.

මෙම දෘෂ්ටි කෝනයෙන් ගත් කල කෙනෙකුට කිව හැක්කේ ජැක්සන් නිර්මානය කිරීමට දායකව ඔහුගේ ආමන්ත්‍රන හසුරුවා සහ ඔහුගේ පුද්ගලික විකාර සහගත හැසිරීම් පෝෂනය කොට තිබෙන සංස්ථාපිතය විසින් දැන් ඔහුව තවත් කර්තව්‍යයකට භාවිතා කරනු ඇති බවයි. එනම් බලයේ සිටින්නන්ට එරෙහිව විය හැකි අඩුම තර්ජනයේ මාවත් ඔස්සේ මහජන අතෘප්තිය අවමංගත කරවීමට තැත් දරන දූෂිත හා කෑදර මාධ්‍යයන්හි මෙම වසරේ ගොදුර හැටියටය. මයිකල් ජැක්සන්ගේ නඩුව කවර අතකට හැරුනද ප්‍රසාංගිකයාට එරෙහිව කනගාටුදායක සමහර විට ඛේදජනක පවා ඉරනමක් සුදානම් කෙරී පවතින බවට කෙනෙකුට හැඟීමක් ඇතිවේ. ඇමරිකානු සමාජයේද විශේෂයෙන්ම ඔහු සම්භාවනාවට පත් පුරුෂයෙකු සහ ගොදුරක් යන දෙකම වන ඇමරිකානු විනෝදාස්වාද කර්මාන්තයේද හැටි ස්වාභාවයට අනුව කරුණු මේ දෙසට එල්ලවනු ඇති බව පෙනේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඩේවිඩ් වොල්ෂ් විසින් 2003 දෙසැම්බර් 01 ලියු Michael Jackson’s Tragedy (David Walsh) නම් ලිපියේ සිංහල පරිවර්තනය (මයිකල් ජැක්සන්ගේ ඛේදවාචකය). උපුටා ගැනීම - ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Devid Wolsh, Michael Jackson
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩේවිඩ් වෝල්ෂ් ගෙන් තවත් වියමන්
Cine
සම්මානනීය වෙන්වීමක් [A Separation] චිත්‍රපටය සහ ඉරාන ජනතාවගේ මනුශ්‍යත්වය
Cine
මෙවර ඔස්කාර් සම්මාන උළෙළ තුච්ඡබවේ සංදර්ශනයකි!
තවත් වෙසෙස් බූන්දි
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook