Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඊනියා යාඥා මෙහෙයන්ට එරෙහිව විචාරශීලී සමාජ අවධානය යොමු කිරීම උදෙසා
බූන්දි, 23:53:10
පසුගිය දා එක්තරා ක්‍රිස්තියානි නිකායක් විසින් පවත්වනු ලැබූ ඊනියා සුවකිරීමේ යාඥා මෙහෙයකට සහහාගි වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු එහිදී මිය යාමේ සිදුවීම සමාජය තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුණි. මෙවැනි මිත්‍යාමය යාතිකා වලින් සුගතියක් ළඟා කරගැනීමට කරන අත්හදා බැලීම් හේතුවෙන් හා කූට- රැවටිලිකාර ආගමික ව්‍යාපාරයන් හේතුවෙන් අකාලයේ ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදු වූ අවස්ථාවන් පිළිබඳ පුවත් වරින් වර වාර්තා වන මුත් ඒවා පිළිබඳ සමාජයේ විචාර බුද්ධිය අවදි කිරීමට සමත් වූ කතිකාවක් හෝ උනන්දුවක් මතු නොවීම තුළම මේවායේ පැවැත්ම තහවුරු වී ඇත.

මීට වසර කිහිපයකට පොරොතුව මෙවැනිම සුව කිරීමේ යාඥා ව්‍යාපාරයක් විසින්, ලුම්පන් සමාජයෙන් තෝරාගත් පිරිසකට මුදල් ගෙවා එම යාඥා ව්‍යාපාරයේ ප්‍රචාරක අවශ්‍යතවය වෙනුවෙන් යොදවා ගනිමින් මෝඩ බැතිමතුන් මුළා කල ආකාරය පසුව එළි දරවු කරනු ලැබීය.

වර්තමානයේ පරිකල්පනය තුළ හා සමාජ සංස්ථා රාමුවේ කේන්ද්‍රය තුළ මිත්‍යාව බලවත් වී ඇති අතර ලංකාවේ නිල ධූරාවලියේ (එනම් දේශපාලකයින්ගේ, අධිකරණ ප්‍රධානීන්ගේ, පරිපාලන ප්‍රධානීන්ගේ, හමුදා-පොලිස් ප්‍රධානීන්ගේ, නායක පූජක පැලැන්තියේ, ජනමාධ්‍ය ධාරාවේ...) අනුග්‍රහය හා රැකවරණය මේ මිත්‍යාමය අභිචාරයන්ට නො අඩුව ලැබෙයි. එනිසා සමාජය තුළ විචාරශීලිත්වය අවදි කිරීමට මැදිහත් වන ප්‍රගතිශීලී- ඉදිරිගාමී සමාජ ක්‍රියාකරිකයන්/ ක්‍රියාකාරීත්වයන් හට මුහුණ පෑමට සිදුවන අභියෝග ඉතා බලවත් වෙයි.

කෙසේමුත් මෙකී සිදුවීමත් සමගම සිංහල-බෞද්ධ අධිපතිවාදී ධාරාවේ පිරිස් මෙකී යාඥා ව්‍යාපාරයන්ට එරෙහිව වීදි බැස ඇත්තේ පොදු වශයෙන් මිත්‍යාවට හා ආගමික අවිචාරයන්ට එරෙහිව නොව ක්‍රිස්තියානි මිත්‍යාවට එරෙහි ආසථානයකින් පමණක් බව පැහැදිලිය. විශ්ව ශක්ති හෝ වෙනත් එවැනි මිත්‍යාවන් හමුවේ මුවින් නොබැණ සිටි මේ කණ්ඩායම් වල ආගමික පක්ෂපාතීත්වය හා දෙබිඩිබව හෙළිදරව් කිරීම ද අපගේ වෑයමේ එක් කොටසකි.

එක් මිත්‍යාවකට එරෙහිව තවත් මිත්‍යාවක් රැකීම අපගේ අපේක්ෂාව නොවේ. පොදුවේ සියළු මිත්‍යාවන්ට හා විනාශකාරී අශිෂ්ඨ, අන්තවාදී ආගමික අභිචාරයන්ට එරෙහිව සමාජය තුළ සක්‍රීය, තර්කානුකූල, සබුද්ධික අවබෝධය ගොඩ නැංවීම අපගේ වෑයමයි. මෙම අවිචාරය ඉක්මවිය හැකි වන්නේ හුදෙක් නීතිය තුළින් නොව බුද්ධිමත් සමාජ සම්ප්‍රදායක් ගොඩ නැංවීම තුළිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Tharaka Warapitiya, Sri Lanka Rationalist Association
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
To Sir, With Love!
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook