Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
රෝස කැලෙන් ඇහින්දා?
බූන්දි, 23:03:42
''අම්මේ''
''ඇයි මගෙ දූ?''
''මම අම්මයි තාත්තයි ළගට ආවේ කොහෙන්ද?''
''ආ...., චූටි කුරුල්ලෙක් තාත්තටයි මටයි දුවව ගෙනත් දුන්නනේ. ඇයි මගෙ දූ?''
''අම්ම කියන්නෙ බොරු නේද? අපේ ටීචර් කිව්ව අපි හැමෝම අපේ අම්මලගෙයි තාත්තලගෙයි කියල, අම්මයි තාත්තයි කසාද බැන්දහම බබාල අම්මල තාත්තල ළඟට එනවලූ. බබාලව අයිති අම්මටයි තාත්තටයි විතරයි ලූ. ඒ හින්ද අම්මයි තාත්තයි නැතිව වෙන කාටවත්ම අපිව අතගාන්න අල්ලන්න දෙන්න එපා කියල අපේ ටීචර් කිව්වෙ. අම්මයි තාත්තයි කියපු කෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කොහේවත් යන්න එපා කියලත් ටීචර් කිව්ව. එහෙම කවුරු හරි කතා කලොත් හරි අතගාන්න අල්ලන්න අවොත් හරි අම්මට තාත්තට හරි ටීචර්ට හරි කියන්න කිව්ව.''

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ සම්මන්ත්‍රණයක් පසුගියදා පවුල් සංවිධාන සංගමයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා. දරුවන්ට කුඩා වියේ දීම ලබාදෙන නිසි අධ්‍යාපනය මගින් ඔවුන් ගේ අනාගතය වඩා සුරක්ෂිත කිරිමේ වැදගත්කම එහිදී කතා බහට ලක්වුණා. එයට සහභාගීවූවන්ගේ පුද්ගලික අත්දැකීම් කතාබහ කිරීමේ දී එක් මවක් ඉදිරිපත් කල ඇගේ අත්දැකීමක් මේ.

පළමුවෙන්ම මම මේ දියණිය ගේ ගුරුතුමීට හිසනමා අචාරකරනවා. ඇය දෙමාපියන්ටත් පළමුව සිසු දරු දැරියන් දැනුවත් කිරීම ගැන. ආදරණීය අම්මේ තාත්තේ, තවදුරටත් රෝස කැලෙන් ඇහින්දා කියා හෝ කුරුළු පැටවුන් හෝ වෙනත් කිසියම් කෙනෙක් විසින් ගෙනත් දුන්නායයි පවසමින් දරුවන් මුලාකරන්නට එපා. දරුවන් දෙමාපියන් ගේ සම්පත බව ඔවුන්ට නොසඟවා පවසන්න. ඔවුන්ට ආදරේ දෙන්න. ළඟම විශ්වාසවන්තම යහළුවා, යෙහෙළිය වෙන්න. බොරු කියා ඔවුන්ගේ විශ්වාසය නැතිකරගන්න එපා.

මා මේ සටහන තබන මොහෙතේදීත් ත්‍රිකුණාමලයේ වර්ෂා දියණිය පාපතර නොමිනිසුන් අතින් කෙලෙසී මරු තුරුලට ගොස් අවසානයි. නමින් දන්නා නොදන්නා තවත් සිය දහසක් දරුවන් මේ මොහොත තුළ දීත් ආරක්ෂිතයයි අප විසින්ම රවටා ගන්නා අනාරක්ෂිත සමාජයේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වෙමින් සිටින බව මතකයේ තිබේ නම්; ඔවුන්ගේ සුරක්ෂිත හෙට දවස උදෙසා දරුවන් දැනුවත් කරන්න මැලිවන්න එපා.

හය හතර කියාදිය හැකි දුවා දරුවන්ට හය හතර කියා නොදීමේ වරද නිසා, නොදැනුවත්කම නිසා දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසාගත හැකි අවස්ථාවන් මඟහැරෙන්නට ඇති ඉඩ වලකාලමු. අපි අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අද, හෙට හෝ අනින්දා නොව මේ මොහොතේ සිට දැනුවත් වෙමු. දරුවන් දැනුවත් කරමු. මේ ඔබේත් මගේත් වගකීමයි. යුතුකමයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Lihini, Sanjeewika Manohari Dayananda
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Tharanga මෙහෙම කියනවා :
ගොඩක් වට්නා ඔවඩනාක්.....I Love this little massage with big task ....:)

කිවුව වෙලාව- 2011-10-08 01:33:24
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංජීවිකා මනෝහාරී දයානන්ද [ලිහිණි]ගෙන් තවත් වියමන්
කරන්ට්ස්
සද්දන්තයකුගේ නික්මන
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook