Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
රසික හැරිස් රනුක රසිකා සහ ''සිව් සිත් කව්''
බූන්දි, 01:31:39
මට ඔබට කියන්නට කතාවක් ඇත. පොතක් ගැන කතා කරන්නට ගොස් අතුරු කතාවකට යන්නේ මන්දැයි ඔබ සිතුව ද ඒ කතාව නොකියා මේ පොත ගැන කතා කරන්නට මට හැකියාවක් නැත. අනෙක් අතට මේ කතාව ඔබට කියන්නට මට වඩා සුදුසුකම් ලද පුද්ලයකු නැතැයි යනුවෙන් මසිතේ ඇති අභිමානයට ද ඉඩක් ලබා දීමේ වරදක් ඇතැයි මට නොසිතෙයි.

මෙයට වසර ගණනාවකට පෙර කැටපත් පුවර සාහිත්‍ය සංග්‍රහයට ගී පද රචනා ලියා එවූ නිර්මාණකරුවකු විය. හේ නමින් ර. චන්ද්‍රසූරිය විය. සම්පූර්ණ නම රනුක චන්ද්‍රසූරිය වූ බව මතක ය. සමහර විටෙක ඔහු රසික චන්ද්‍රසූරිය නමින්ද නිර්මාණ එවුවේ ය. රනුක ගේ ගී පද නොගැයූ ගි පද රචනා පිටුවේ පළ කළෙමු.

ඉඩ දෙන්න මට එන්න සුලගක් වෙලා
ඔබෙ මන්දිරේ කවුළුවෙන් රිිංගලා
ඉඩ දෙන්න සිප ගන්න සඳ වත ඔබේ
අපෙ ආදරේ සුවඳ තවමත් තිබේ

මහවැලි තෙරේ බැඳුුනු පටු පාලමේ
තනිවීී මදක් ඉඳිමු අපි පාළුවේ
ඔබෙ මුදුු හඩිින් ගැයෙන ගීයක් අසා
සැනසී සුවෙන් ඉඳිමිි දෙනුවන් වසා

නුඹ කුස වැසූ තුමුල හන්තානයේ
සිසිලක් තෙතක් නැතිය ගිම්හානයේ
දුුක්බර අතීතේ වලලා දමා
වුනි නම් මගෙන් වරද දෙනු මැන සමා

රසික චන්ද්‍ර්‍රසූරිිය, සිඩ්නි

ඉන් කළකට පසුව ඔස්ටේ්‍රලියාවේ සිට වරුණ සාවින්ද සමගින් මා සංස්කරණය කළ පහන පුවත්පතට ද ර. චන්ද්‍රසූරිය කවි ලියා එව්වේ ය. ඔහුට අමතරව රසික සූරියආරච්චි ශාස්ත්‍රපති හැරිස් පරකන්දෙණිය යන නිර්මාණකරුවන් දෙදෙනාත් රසිකා පෙරේරා කිවිඳියත් අපට කවි ලියා එවූ අතර ඔවුහු පසු කළෙක අප සංස්කරණය කළ සන්නස පුවත්පතට ද නිර්මාණ වලින් දායක වූහ.

මේ නිර්මාණකරුවන් හතර දෙනා ලියූ කවි වල ස්වභාවය පවා එකිනෙකට වෙනස් විය. රනුක ගේ කෙටි කවි වලට මම ඇලුම් කළෙමි. ශාස්ත්‍රපති හැරිස් පරකන්දෙනිය බොහෝ විට ලිව්වේ සම්ප්‍රදායාණුකූල හතර පද කවි ය. ඒවාට පදනම් වූයේ බොහෝ හර බර මාතෘකා ය. රසික සූරියආරච්චි විශේෂත්වයකින් තොරව ලිව්වේ ය. රසිකා පෙරේරා ලියූ කවි සමාජය කාන්තාවකගේ ඇසින් දැක ලියැවුණ ඒවා විය.

රනුක ගේ කවි යතුරු ලියනය කර තිබුණේ ''අභය'' අකුරු මුහුණතට සමාන අකුරු මුහුණතකින් වූ අතර අනෙක් තිදෙනාගේ කවි කපුටා අකුරු මුහුණතින් යතුරුලියනය කර තිබුණි.

රසික සූරියආරච්චි සහ ශාස්ත්‍රපති හැරිස් පරකන්දෙනිය දෙදෙනෙකු නොව එක් අයෙක් බව මම ඉක්මණින්ම තේරුම් ගතිමි. මා හැරෙන්නට මේ සැකය සාක්ෂි සහිතව අල්ලා ගත්තේ සන්නස සාහිත්‍යතරගාවලියේ විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ ලේඛක ඩී බී කුරුප්පු වියතාණන් ය.

''ජගත් මේ එකම කවිය රසික සූරියආරච්චි යි ශාස්ත්‍රපති හැරිස් පරකන්දෙනිය යි කියන නම් දෙකින්ම එවලා තියෙනවනෙ.. මට පේන්නෙ මේ හාදයො දෙන්නම එක්කෙනක් වගෙයි..'' එක් දිනෙක උදෑසනක කුරුප්පු මහතා මට දුරකතනයෙන් කී හැටි තවමත් මතක ය.

රසික හා හැරිස් පමණක් නොව රනුක යනු ද එක් අයෙකුම බව මේ වන විට මම සැක කරමින් සිටියෙමි. කෙසේ වුව ද තරගය සඳහා මේ තිදෙනාම තිදෙනකු ලෙස සළකන්නට අපට සිදුවිය. අවසන සන්නස සාහිත්‍ය තරගයේ විවිධ අංශ වලින් මේ තිදෙනා ම සම්මානයට පාත්‍රව සිටියහ.

''රසිකා පෙරේරා කියන්නෙත් රසික සූරියආරච්චිම තමයි'' සිඩ්නි වාසී හිතවත් මාධ්‍ය වේදියකු මෙයට වසරකට පමණ පෙර දුරකතනයෙන් මට හෙළිදරව් කරන තුරු ඇගේ අනන්‍යතාව පිලිබඳව අංශුමාත්‍රයක හෝ සැකයක් මසිතෙහි නොවී ය.

එකම පුද්ගලයකු තුළ විවිධාකාර වූ චරිත සහිත තවත් පුද්ගලයෝ ජීවත් වෙති. එය මනෝ විද්‍යාත්මකව තහවුරු වනු ඇතැයි මම සිතමි. එකම සිතක පහළ වන විවිධාකාර වූ මනෝභාවයන් නිසි ලෙස වර්ගීකරණයකට ලක් කර ඒ එක් එක් මනෝභාවයන් සඳහා වෙනස් පුද්ගල අනන්‍යතා තෝරාගෙන නිර්මාණකරණයෙහි යෙදුණ වෙනත් නිර්මාණකරුවකු මගේ මතකයට නොඑයි. රසික සූරියආරච්චි නම් වන නිර්මාණකරුවා අපූර්ව පුද්ගලයකු වන්නේ එනිසා ය.

රසික සූරියආරච්චි නම් වන නිර්මාණකරුවාගේ සිතෙහි වර්ධනය වූ මේ අපූර්ව චරිත සතර වරින්වර ලියූ කවි එක්තැන් කර ''සිව් සිත් කව්'' නමින් කාව්‍ය සංග්‍රහයක් පළ වීම සතුටට කරුණකි.

වසර හතරක පහක කාලයක් රසික ගේ නිර්මාණ සමග ගැවසුණ අපට රසික සමාජය කෙරෙහි කොයි තරම් අවදියෙන් සිටින නිර්මාණකරුවකු ද යන්න රහසක් නොවේ. සමාජ ගැටළු හමුවේ නිද්‍රාශීලීව නොසිට සිය කවි ඇස එදෙස යොමන්නට ඔහු ගන්නනා වෙහෙස '' දේශපාලන විද්‍යා තල කැරලි වෙළඳාම '' මැයෙන් එන මේ කවෙන් මනාව පැහැදිලි වේ යයි සිතමි.

අඩක් නොවැසුන ළයේ
නැගෙන Þඩිය බිංදු
සුලං පහරට බයේ මැකෙනවා
ගතේ වීරිය අරං
කුසේ ගිනි හිර කරං සයිකලය ඉදිරියට පදිනවා
වසරකට පෙර කලේ
මේ මගේ නිරතුරුව
පා නැගුව අයුරු සිත පෙළනවා
තක්සලා බිම පුරා
කැන්ටිමෙන් කැන්ටිමට
තල බෝල තල කැරලි බෙදනවා

දේශපාලන විෂය සිව් වසක් ප්‍රගුණ කල පින මදි ද?
ආංඩුවෙ කරුණාව ලබන්නට
පංති සාමාර්ථය ලබාගත් සහතිකය පල නැති ද?
දිවිය ගැට ගසන මග සොයන්නට

වීදියෙන් වීදියට
පත්තරේ පේලියෙන් පේලියට ජීවිතය දිය වුනා
සිය ගනං ලියූ ලිපි
දිගැති මුද්දර කවර ලියුම් කොළ නිකරුනේ වැයවුනා
ආංඩුවෙ රැකියාව
හිරු උÞ කරනයුරු බලන්නට මවගෙ පින මදි වුනා
පියා නැති සොයුරු කැළ
කුසගින්න කෙසේ හෝ නිවන්නට අදිටනක් ඇතිවුනා

කොටා තල පැ‚ දමා තල බෝල තල කැරලි සදන ලද
මනා කොට අසුරලා කුඩා පෙට්ටියෙ දමා තදින් බැඳ
දමා කලිසම් කමිස සයිකලෙන් යනෙන පුතු දකින සඳ
සැදූ දහසක් සිහින බොඳ වෙලා
අම්මෙ නුඹ අද කඳුළු සලනවද?

මේ දේශයෙන් දේශයට වෙනස් වන හෝ ශ්‍රී ලංකාවට පමණක් සීමාවුණ හෝ ධර්මතාවක් ලෙස වටහා ගත යුතු නැත. සිය උගත් කමට සරිලන රැකියාවක් නොකරණ පුතු දෙස බලා මව්වරුන් කඳුළු සළන්නේ ලංකාවේ දී පමණක් ම නොවේ. විප්‍රවාසී නිර්මාණකරුවකු ලෙස රසිකට මේ අද්දැකීම හොඳින් දැනෙනු ඇතැයි මට සිතෙයි.

ඔස්ටේ්‍රලියාව නම් වන ''ජය භූමියේ'' (අර්ථ දැක්වීම රසික ගේ ය - මගේ එකඟත්වයක් නැත) දිවි ගෙවන කවියා එහි දේශපාලනය කෙරහි පරිසරය කෙරෙහි දක්වන සංවේදී බව ''නියෙඟට කියන කවි'' පැදි පෙළින් ප්‍රදර්ශනය කරයි. පරිසර දූෂණය හා සම්බන්ධ කියෝටෝ සම්මුතියට අස්සන් නොකිරීමට එවකට සිටි ඕස්ටේ්‍රලියානු අගමැති ජෝන් හොවාඩ් ගත් ආත්මාර්ථකාමී තීරණය කවියා ගේ උපහාසයට හා කෝපයට ලක්වන්නේ මෙසේ ය.

ජගත් සමුළුවෙදි රුව් දුන් කියොටෝවේ
උගත් මහැදුරන් පිළියම් ගෙන ආවේ
රටත් වැසියනුත් ගිල්වා ලැජ්ජාවේ
රෙදිත් ඇඳගෙනද ලෝකෙට පිටු පෑවේ

(විලිලැජ්ජාවක් නැති අගමැතිවරයා සිය ආසනයත් අහිමිකර ගෙදර යැවීමට තරම් ඔස්ටේ්‍රලියානු පුරවැසියන් බුද්ධිමත්වීම තවමත් මට අදහාගත නොහැති තරම් ය.)

ශ්‍රී ලංකාවේ සකලවිධ දුක් වේදනාවන්ගෙන් වියෝ වීම නම් වන කාරණයේදී බොහෝ අයගේ සිතට එන පළමු විසඳුම විදෙස් රටකට සංක්‍රමණය වීම ය. ආගන්තුක රටක දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස විඳින්නට වන වේදනාව තේරුම් ගන්නට හැකි වන්නේ බොහෝ කල් ගතවූ විට ය. ඒ වන විට ගැලවී ගත නොහැකි තරමට ඒ උගුලට අසුවී සිටින බොහෝ අයගේ එකම පැතුම වයස්ගත වී හෝ නැවත මව්බිමේ පදිංචියට ඒම ය. පොදුවේ විප්‍රවාසී ශ්‍රී ලාංකියනගේ සිත් තුළ පැල පදියම්ව ඇති මේ වේදනාව දෙස රසිකා පෙරේරා ගේ නමින් රසික හෙළන බැල්ම අපූරු ය.

අභිනිෂ්ක්‍රමණය

දුක දනිමි.
සීනුවට අවදිවී
සීතලේ ඇඳ පැළඳ
දුම්රියට දුව යෑම දුකක් ම ය.
කළු කෝපි උගුරකින්
ගිල දමා පාන් පෙති
පරිඝණක තිරය මත ගල් ගැසී
සංසාර චක්කරේ පැද යාම
දුකක් ම ය.

දුකට හේතුව දනිමි.
කොමසාරු මැදුර ලඟ
පෝලිමේ තෙරපිලා
වීසාව අයැදීම හේතුව ය.
විරැකියාවේ බරින් පීඩිතව
ජනසවිය එපාවී දුර්මුඛව
පලා නොම ගිය කරුණ හේතුව ය.

දුක නැසුම මම දනිමි.
මේ මහා තරඟයෙන් පලා ගොස්
නිදන්නට හැකි වුනොත් දුක නැති ය.
උපන් ගම රට වෙතට
යලි ගොසින්
ඉඳින්නට හැකි වුනොත්
දුක නැති ය.

දුක නසන මග දනිමි.
දරුවනගෙ ඉගෙනීම ඉවර වී,
ගේ උගස් ගිනුම අවසාන වී,
පනස් පහ උÞ වී,
..................

පැහැදිලි ය චතුර් සත්‍යය.
අපැහැදිලි ය අභිනිෂ්ක්‍රමණය.

ර චන්ද්‍රසූරිය නමින් රසික ''අවබෝධය'' මැයෙන් ලියා ඇති මේ කව කෙටි ය. එහෙත් එයින් කියැවෙන කතාව බොහෝ දිග ය. කල්පනා කරන්නට යමක් එහි තිබේ යයි මට සිතෙයි.

වදන් දහසකින් වත්
නොහැකි වි ය
වටහා දෙන්නට ඇයට
ආදරයේ මිහිරි බව

එකදු වදනක් වත්
නොෙÞඩා
වටහා දුන්නෙහි ය ඇය මට
ආදරයේ කටුක බව

''නිර්මාණකරණයේ දී ඔබේ අරමුණ කුමක් ද?'' යන පැනයට එක් එක් නිර්මාණකරුවාට ඇත්තේ එකිනෙකට වෙනස් පැහැදිළිකිරීම් ය. මේ පැනයට පිලිතුර රසික දෙන්නේ මෙසේ ය. ''මා කවදත් කවි ලියූයේ මගේ චිත්ත ප්‍රීතිය සඳහායි. සමාජ ප්‍රගමණය සඳහා පණිවිඩකරුවකු වීම හෝ ස්වයං අත්දැකීම් පොදු රසාස්වාදන තලයකට නැංවීම හෝ එවැනි වෙනත් අරමුණු මා සැමවිටම සැළකුවේ දෙවැනි තැන ලා ය'' රසික ''සිව් සිත් කව්'' පෙරවදනේ කියයි. නිර්මාණයක් බිහි කිරීමෙන් පමණක් නිර්මාපකයකුගේ සිතේ සතුටක් ඇති නොවේ යයි මට සිතෙයි. නිර්මාපකයා සැබෑ චිත්ත ප්‍රීතිය විඳගන්නේ සිය නිර්මාණය දෙවැන්නෙකු විසින් විඳගනු ලබන විට ය. ලියූ දෙයක් පුවත්පතකට හෝ වෙනතා මාධ්‍යයකට යොමු කරන්නේත් ඒවා පොත් ලෙස මුද්‍රණය කෙරෙන්නේත් ඒ අරමුණෙන් නොවේ ද? දෙවැන්නෙකුට නිර්මාණයක් විඳගත හැකි වන්නේ එය තමාගේ විඳීම් සීමාවන්ට හා අද්දැකීම් සීමාවන්ට ගෝචර වන්නේ නම් පමණක් නොවේ ද?

''සිව් සිත් කව්'' රස විඳිය හැකි රස විඳිය යුතු කාව්‍ය සංග්‍රහයකි. අනලස්ව නිර්මාණකරණයෙහි යෙදන රසික අගේ අතින් තව තවත් මෙවන් නිර්මාණ බිහි විය යුතුම ය.

පොතේ තැනින් තැන දක්නට ඇති ''පාසැල පරිඝනකය දුරකථනය තරඟය'' වැනි වචන ගැන වැඩි සැළකිල්ලක් දැක්වූවානම් මැනැවැයි සිතෙයි.

රසික ඉතා මැනැවින් ලෝකය දකියි. ඒ අද්දැකීම් ඉතා මැනැවින් නිර්මාණ බවට පෙරළයි. ඒවා රසවත් ය. නිර්මාණාත්මක ය. මේ මග ඔස්සේ රසික බොහෝ දුර යා යුතු ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Siw Sith Kav, Rasika Suriyarachchi, Jagath J Edirisinha, Vidarshana Publishers
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
උන්නැහේ (පිලේ පැදුර) මෙහෙම කියනවා :
රසික හොඳ කතන්දර කරුවෙකුද වන බව සැබෑය. නමුත් ඔහු තුල සිටින අපූරු කවියා වඩාත් මා සිත් ගනී. එමතුද නොව ඔහු සතු ඇදහිය නොහැකි මට්ටමේ සැඟවී සිටිමේ හැකියාවද පුදුම එලවන සුලුය. ජගත් ජේ එදිරිසිංහයන් ගේ මෙම ලිපියද ඊට සාක්ෂි දරයි.

මා මෙතෙක් දු‍ටු ඔහුගේ කිසිදු නිර්මාණයක ඔහු නොරටක වසන්නෙකු බව පාඨකයාට නොහැඟේ.

Posted by උන්නැහේ (පිලේ පැදුර) to බූන්දි|BOONDI at 5 September 2010 22:57


කිවුව වෙලාව- 2010-09-06 00:00:45
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජගත් ඡේ එදිරිසිංහගෙන් තවත් වියමන්
කවි
සොයමි
කවි
ආගමනය
කරන්ට්ස්
පිල්ලේ
කතන්දර
කන්ද උඩ මාලිගාව
අදහස්
දෙවන වසරටත් කවියේ ගෙල සින්දා
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook