Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සීටීබී-බස් ඩිපෝවක හැදූ සාහිත්‍ය විචාර සිල-බස්
ශ්‍රී ජයවර්ධන පුර සරසවියේ සිංහල ගෞරව උපාධිය සඳහා උගන්වන රසවත් විෂය නිර්දේශයක් මා අතට පත් වුනා. එය රසවත් වන්නේ සාහිත්‍ය විචාරය උගන්වන නිසා පමනක් නොවේ. බටහිර දර්ශන සම්ප්‍රදාය තලු මරමරා ගිලදමන භෝජනයක් කරගෙන ඇති නිසාත්ය. අද සරසවිවල අධ්‍යාපන මට්ටමේ පිරිහීම කියාපෑමට මීට වඩා සාධක උවමනා නැත. මෙය හුදීජනයාගේ පහන් සංවේගය පිනිස බූන්දියට එවන්නේ යගිරල මහීපාල.

මේ සිලබස් එක බලන්න මෙතන කොටන්න. [PDF]
බූන්දි, 00:51:26
මේ නිර්දේශය ග්‍රීසියේ ඇතැන්ස් නුවර කේන්ද්‍ර කොටගත් සාහිත්‍ය විචාරවල සිට දහනමවන සියවසෙන් පසු බටහිර සාහිත්‍යයෙහි පැතිරගියාවූ නූතන සාහිත්‍ය විචාර ප්‍රවනතාවන් පිලිබඳ අවබෝධයක් ලබාදෙන්නක් බව ද පැවසේ.

මෙය රටට උදා කරන්නට යනබව කියන ආශ්චර්ය වලින් එකක් නොව කිහිපයක් වියයුතුය.

මෙය කිය වූ මට ප්‍රශ්න කීපයක් ඇතිවිය. මෙහි පැය එකහමාරේ කාලපරිච්ඡේදයකින් අවුරුදු ගනනක දැනුමක් ලබාදෙන්නට හදන මහා ආශ්චර්යයකි. එය තුන්වන ලෝකයේ ඓශ්චර්යය ද වෙන්නට පුලුවන. මෙහි නම් කොට තිබෙන ඇතැම් දාර්ශනිකයකුගේ අදහස් ඉගැන්වීමට තබා ඒ අයගේ පසුබිම වටහා ගන්නටත් මාස දෙක තුනක් ඉගැන්වීමෙනුත් නොහැකිබව දැන ගන්නට දාර්ශනිකයෙකු විය යුතු නැත. එහෙත් මෙහි ඩේකාට්, ස්පිනෝසා, ලයිබිනිස්, හියම්, කාන්ට් හා හේගල් මෙන්ම සොෆිස්ට්වරුන් ගැනද පැය එකහමාරකින් උගන්වනු ලැබේ.

කොල්රිජ්, වර්ඩ්ස්වර්ත්, ශෙලී යන රොමැන්ටික් කවියන් හා ඔවුන්ගේ විචාර ගැනද පැය එකහමාරකින් ඉගැන්වීම තවත් ප්‍රතිහාර්යයකි. රිචර්ඩ්ස් හා එලියට්ද පැය එකහමාරකින් කවර් කරනු ලැබේ. සෘද්දි ප්‍රාතිහාර්යයක් විය හැකිය. මේ විචාර ප්‍රාතිහාර්යය ගොන්නේ ඇති විශේෂ සුවිශේෂ තවත් විශේෂන දමා කිය යුතු අංගය වන්නේ-

මාක්ස්ටත් වඩා මාක්ස්වාදී වීමය. මාක්ස් දර්ශනය පිරිපහදු කරන්නේ හෙගල්ව ඔලුවෙන් සිටුවලාය.

මෙහි මාක්ස්වත් අනිකුත් මාක්ස්වාදීනුත් ඔලුවෙන් සිටුවා මදි නිසා කනපිට හරවා හොම්බෙන් යවා තිබේ. යටත්විජිතවාදය හා යටත්විජිතවාදය ද මාක්ස්වාදය යටතට දැමෙන්නේ ඒ හොම්බෙන් සිටුවීමේ න්‍යාය අනුවය. මාක්ස්වාදයේ අලුත් ශාකාවක්ද ඒ අනුව සොයාගෙන තිබේ. එනම් ''ලෙනින් සහ එංගල්ස්වාදි'' සාහිත්‍ය විචාරයයි. මාක්ස්වාදය යටතේ ඉගැන්වෙන්නේ ඔය අන්දමට ඔලුවෙන් සිටුවා හොම්බෙන් යැවූ න්‍යායයි.

මාක්ස්වාදී සාහිත්‍ය න්‍යාය පෝෂනය කල ෆ්ලෙකනොව්, ට්‍රොට්ස්කි, ලූකාෂ්, රේමන්ඩ් විලියම්ස්, ඊගල්ටන්, බෙන්ජමින්, ගෝල්ඩ්මාන්, ස්වින්වුඩ් වැනි විචාරකයන්ගේ නමක් මාක්ස්වාදී විචාරයේ අහල ගං හතකින්වත් ගොස් නැත්තේ ඒ න්‍යායෙන් මිස ඒවා ගැන නොදන්නා නිසාවෙන් නොවේ.

මේ සිලබස්එක අනුව බටහිර සාහිත්‍ය විචාරයේ තවත් පුරෝගාමියෙක් බිහිවී තිබේ. ඔහු ''අනික් ෆෝස්ටර්''ය. මේ ඡන්ද පෝස්ටර් වැනි පෝස්ටර් වර්ගයකින් වෙනස් වන නිසා අනික් පෝස්ටර් ගොඩට දමා ඇත්තේ ලැබෙන කොමිස් ගනන අඩු නිසාවෙන් විය හැකිය. ඉස්කුරුප්පු ආචාරීන්ගේ සිලබස් කෙරුවාවට මෙය හොඳ උදාහරනයකි. මේ අනික් ෆෝස්ටර් යන යෙදුම ලියනගේ අමරකීර්ති බඳු අපේ විචාරකයන් දැක ඇත්තේ ඊ. ඇම්. ෆෝස්ටර්ගේ යථාර්ථවාදී පැත්ත පමනක් බවත් ඔහුගේ න්‍යායෙහි ෆැන්ටසිමය පැත්තක් ඇති බවත් කීමට යෙදූ කවි යෙදුමකි. ජපුරේ විශාරදයා මෙය තවත් නමක් සේ සලකා තිබේ.

මේ සිල-බස් එකට කියවීම සඳහා පොත් නාමාවලියක්ද එක්කර තිබේ. එයත් විශාරද වැඩක් නිසා ආශ්චර්යයේ ඊලග අංකය යටතට දමාගත හැකිය.

මෙහි තලුමරමරා රසවිඳිය හැකි තැන් කිහිපයක් ඇති නිසා දුරුමිරිස් දමා පෙන්වීමට අවශ්‍ය නැත. ගාමිනී වියන්ගොඩ පරිවර්තනය කල ප්ලේටෝ පත්‍රිකා නවකතාවක් බව නොදන්නා නිසා ප්ලේටෝගේ නම දුටු මතින් එය ප්ලේටෝගේ විචාරන්‍යාය ගැන කියවීමට නිර්දේශ කර තිබෙන්නේ දුටුවන් සිනා සාගරයෙහි ගිල්වමිනි.

සාහිත්‍ය විචාරය යනු නූතනත්ව අධ්‍යයනයන් හා වර්තමාන සමාජය ගැන විග්‍රහයන් නොවන බව තේරුම්ගන්නට කුහුඹු හිසක් තරම්වත් මොලයක් තිබිය යුතුය. විසිවන සියවසේ ශ්‍රී ලංකා සමාජයේ අනන්‍යතා හරපද්ධති හා අනාගත දිශානතිය විමසන නිරා වික්‍රමසිංහගේ Sri Lanka in Modern Age සහ තවත් එවැනි පොත් කිහිපයක් එහි නම් කර ඇත්තේ සිසුන් බියගැන්වීමට පඹයන් අටවා තබන අන්දමිනි. නිරාගේ පොතේ නූතන සාහිත්‍ය විචාරය ගැන කිසිවක්ම නැතිබව දැන ගන්නට ඉස්කුරුප්පු බාස්ලාට බැරිය. ඒ සඳහා පොතපත කියවීම පුරුදු කල යුතුය.

කෙතට පනින කුරුලුකොබෙයියන්ට පඹයින් තනන්නා මෙන් මෙන්ම ඌරන් හරකුන් හා අලින්ට ඉනිවැටවල් බැඳීම ගොවියාගේ මගයි. මේ සිල-බස් එකේද පොත් නාමාවලිය එසේ පඹයින් සිටුවා වැටවල් බැඳීමකි. ඔලුවෙන් හිටුවූ මාක්ස්වාදි විචාරය ගැන ශිෂ්‍යයනට කිසිවක් දැනගැනීමට ඉඩ නොතබා ඔවුන්ට පිටු දෙකක වැටක් අන්තර්ජාලයෙන් කටුකම්බි ගෙන තනා තිබේ. ඒ ලුවී අල්තුසර්ගේ හා අපල්තූසර් ගැන ලියවුනු පොත් 15ක ලේඛනයක් දැක්වීමෙනි. එහෙත් එහි එකම පොතේ නම දෙපොලක දැක්වෙන බව ඉංග්‍රීසි අකුරු ගැටගසා කියවා ගත්තානම් තේරුම් ගත හැකිව තිබුනි.

ලංකාවට මාක්ස්වාදී විචාර සම්ප්‍රදාය හඳුන්වා දුන් වර්ධනය කල මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විඡේගුනසිංහ ආදී අය හෝ සෝවියට් සංගම් යුගයේ පොත් පරිවර්තනය කල දැදිගම රුද්‍රිගුලා හෝ මාක්ස්වාදී සාහිත්‍යවිචාරය ගැන අබමල් රේනුවක දෙයක් සිංහලෙන් තියා අපභ්‍රංශයෙන්වත් ලියා නොමැති බැවින් මෙහි ඒවා නොදැක්වෙයි. මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි ඊගල්ටන්ගේ මාක්ස්වාදය හා සාහිත්‍ය විචාරය සිංහලෙන් පල කලේත් නැත. තරමේ මාඕ සේතුංගේ කලාවිචාර මතවාද ගැන හරිශ්චන්ද්‍ර විඡේතුංගවත් පොතක් ලියා නැත. ඒ නිසා ඒවා ගැන දැනගන්නට ජපුරේ වාසනාවන්ත විද්‍යාර්ථීන්ට පිං මදිවෙන්නැති සංසාරේ. අනේ සාදු. හෙන ගහපං. මේවා උගන්වන අයගේ මව්ගුන සිහිකරමු.

මේවා කරනවාට වඩා ලංකාවේ කොනකට මුල්ලකට වී කුසුමේනනේන කියා මලක් පානක් පූජා කොරගෙන වට්ටියක් මලුපැදුරක් වියාගෙන හීපදයක් කියාගෙන හිටියනං කොච්චර අගේද කියලා මං අපේ කෙලිපොඩ්ඩියන්ගෙන් අහනවා...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Jayawardhanapura University, Western Literary Criticism Syllabus
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
JB 005 මෙහෙම කියනවා :
pudumayak naha
munge nut burul
aththatama ban karanna one me wage gon baslawa... namuth ban karanne wena wena dewal..
tution, arakku

mehema giyoth pothata thitha.... thamayi


කිවුව වෙලාව- 2010-06-16 02:04:36
Sarath Wijekoon මෙහෙම කියනවා :
me kalakanningen igenaganna haraka tamayi ee lagata UPADIDARIYO kiyala eliyata enne

කිවුව වෙලාව- 2010-06-15 21:28:16
chaminda මෙහෙම කියනවා :
loolan nethi walata kanayan pandithayan

කිවුව වෙලාව- 2010-06-02 00:04:06
Wishnu මෙහෙම කියනවා :
meka sila-bus neme
silly-bus

gon wahela patawu gahanawa campus asse mewayen


කිවුව වෙලාව- 2010-06-01 21:39:30
Sanka Kirindiwela මෙහෙම කියනවා :
ඔබගේ අදහසට එකඟයි ප්‍රභාත්......

ඇත්තටම සාමාන්‍යයෙන් අපි මේ දකින දේට වඩා ව්‍යාතිරේකි දෙයක් ගැන කියන්නයි මට ඕන උනේ.

@BLive


කිවුව වෙලාව- 2010-06-01 21:32:29
Prabath Galagamage මෙහෙම කියනවා :
මම හැමෝම ගැන නෙවෙයි කිව්නෙ. බහුතරයක් ගැන. බොහෝ විට කලා විෂයය ධාරාව කරන්නෙ විද්‍යාව කරන්න බැරි නිසයි කියන මතය තමයි සමාජයේ තියෙන්නෙ. විශ්ව විද්‍යාල ඇතුලෙ ශාස්ත්‍රීය විශයන්ට තියෙන්නෙ අඩු සැලකීමක්. දැන් උඩ දාගෙන උගන්නන කලමනාකරණය විෂයෙ තියෙන්නෙ මොනවද?. ඇත්තටම සරල විෂයක් වෙච්ච මේ විෂය විශාල කරල පෙන්නනවා. වෛද්‍ය විද්‍යාව ගත්තොත් මොකද? සිලබස් එකම කට පාඩම් කර ගන්න පුලුවන් අය හොද වෛද්‍යවරුන් වෙනවා. කටපාඩම් කරන එක ටිකක් අමාරු අය බලු දොස්තරලා වෙනවා. මගේ අත්දැකීම නම් තමන් උගන්නපු දේවල් වලට පිටින් ලියන උන්ට බහුතරයක් ගුරුවරු ලකුණු දෙන්නෙ නෑ.

@BLive


කිවුව වෙලාව- 2010-06-01 21:31:57
Sanka Kirindiwela මෙහෙම කියනවා :
ලංකාවේ විශ්වවිද්‍යාලවල පවතින දැනුම, පර්යේෂණ නොකිරීම වැනි ගැටළු සිංහල විෂය පථයට විතරක් පොදු දෙයක් නෙවෙයි. කලා විෂය ධාරාව හැරුණු කොට වානිජ්‍ය, විද්‍යා ක්ෂේත්‍රවලවත් නවමු දැනුමක් හොයා යන ඇකඩමියාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔය අතරතුර හුදෙකලාව තමන්ගේ වැඩකටයුතු කරගෙන යන පිරිසකුත් නැතුවම නොවෙයි.

පහුගියදා තිබුණු ශක්තික සත්කුමාරගේ පොත හා තවත් පොත් 2ක් එළිදැක්වීමේ උළෙලෙදි චින්තක රණසිංහ විසින් සිදුකළ දේශනය ඇත්තෙන්ම ආශ්වාදනීය වූවක්. චින්තක රණසිංහ සාම්ප්‍රදායික සිංහල රාමුවේ හිරවුණු කථිකාචාර්යවරයෙක් නොවෙනව වගේම ඔහු ගේ කියැවීමද ඉතා පළල් වූවක් බව අපිට දන්න දෙයක්. ඒත් ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට ඔහුගේ දැක්ම කොයිවගේද? ඇකඩමික් කෙනෙක් ලෙස තම සිසුන් හසුරුවන දැක්ම කොයිවගේද කියන එක සළකා බැලීමෙදී චින්තක කියන්නේ බොහෝ බලාපොරොත්තු තැබිය හැකි ආචාර්යවරයෙක් කියන එකයි මගේ හැඟීම. ශක්තිකට විතරක් නෙවෙයි බලං හිටිය අයටත් හොඳට හැදෙන්න ඔහු පාඩමක් කියලා දුන්නා.........


කිවුව වෙලාව- 2010-06-01 21:30:59
Prabath Galagamage මෙහෙම කියනවා :
මෙහෙමයි, සිලබස් එකට අත්‍යාවශ්‍ය පොත් හැර පොත් කීයක් කියවල තියෙනවද කියල සිංහල උපාධිධාරියෙකුගෙන් අහන්න. ඒ ගොල්ලො පොත් ගාන කියාවි. මේක ගුරුවරුන්ගේ විතරක් වරදක් නෙමේ ඉගෙන ගන්න අයගෙත් වරදක්. ඒ ගොල්ලෝ කියවන්නේ නෑ. කට පාඩම් කරනවා. ක්ලාස් හම්බ වෙනවා. ලෙක්චර්ස්ල වෙනවා. විෂයය නිර්දේශ හදනවා. තමන්ගෙ ඇගට අගුණ සංකල්ප අතඅරිනවා. පඩි හම්බවෙනවා. කනවා...

@BLive


කිවුව වෙලාව- 2010-06-01 21:26:29
Ajantha Silva මෙහෙම කියනවා :
pissu hadenawa!


කිවුව වෙලාව- 2010-06-01 05:16:43
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
යගිරල මහීපාලගෙන් තවත් වියමන්
අදහස්
රීටෝල්ඩ් විදේශ ජන කතා| වීසි කළේ වැරදි බැල්ලි
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook