Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සුනිල් මාධව ගැන ජයලාල් රෝහණ කියූ කතාව
බූන්දි, 00:19:55
1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-

-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.

එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.

"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.

මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.

"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.

"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."

"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.

"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.

මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.

"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"

"ඔව් මල්ලි"

"ඔයා .... සුනිල් මාධව ද?"

"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"

සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.

"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"

"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"

"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."

රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්

"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.

"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.

"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.

"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"

එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?

* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ "රාවය" සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ "යුක්තිය" පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්

මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?

ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?

ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ 'දෙසතිය' සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. "සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා."

මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.

විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]

කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.

ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.

වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.

ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.

2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.

වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.

නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා 'ජනතා කලාකරුවෝ' නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට 'සුනිල් අයියා' ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. "මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන" හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. 'අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ' කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. 'සුනිල් අයියා' ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍

ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.

"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...

"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"

"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"

"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."

'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.

දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.

"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."

අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.

‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.
උපුටනය- "සුනිල් මාධව- පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත"

'පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත' සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල නිමිති කොට ගෙන 'අටවෙනි පිටුවෙන් ඔබ්බට සහෘද සංසදය' විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයකි. 2005 සැප්තැම්බරයේ මෙම උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ එලිමහන් ‍පීඨිකාවක පැවැත් වුණි. මෙහි උපුටා පළ කෙරෙන ලියවිල්ල එකී ග්‍රන්ථයට ජයලාල් රෝහණ විසින් ලියන ලද්දකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sunil Madhawa Premathilaka, Jayalal Rohana, Ata weni pituwa
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Madawa මෙහෙම කියනවා :
මේක 1992 අපි අතර ඇතිවූ සංවාදයක පසු සටහනක් වගේ. අපි ඔක්කොම සුනිල් වෙනුවෙන් පෙනී හිටිද්දි එක මිතුරෙක් වෙළඳපොල ගැන තර්කයක් ඉදිරිපත් කරමින් කියා හිටියේ විකටර් අයිවන් හා සුනිල් දෙන්නාම වෙළෙන්දො බව. ඉස්කෝලෙන් අයින් වුන ගමන් කෙනෙකුට ඒ වගේ පෙර දැක්මක් තිබුණ එක ගැන මම අදත් පුදුම වෙනවා. දෙන්නම එකම දේ දැන් දෙවිදිහකට විකුණන එක මාරයි නේ?

කිවුව වෙලාව- 2010-05-26 00:51:28
Anonymous මෙහෙම කියනවා :
ස්ටීව් බිකෝල, ඩොනල්ඩ් වුඩ්ස්ල ගැන අපි දැන ගත්තෙ සුනිල් අයිය හරහා. එහෙව් සුනිල් අයියල අද කෲගර්ලගෙ සමීපතමයො වෙලා. අපරාදෙ. පරමාදර්ශී චරිත නැතිබවට ජීවමාන සාක්ෂියක් වෙලා...

Posted by Anonymous to බූන්දි|BOONDI at 21 May 2010 06:27


කිවුව වෙලාව- 2010-05-24 02:29:30
keetaya මෙහෙම කියනවා :
kalpa= kasuni= lad.... =wan... =k.. =k... =dimsom= ... =..um ummm

meka iwaryak neddooo...?
By - [keetaya] On 2010-05-22 22:38:25


කිවුව වෙලාව- 2010-05-23 21:53:46
cw මෙහෙම කියනවා :
Life with no regrets :
asanka


කිවුව වෙලාව- 2010-05-23 08:28:02
ekthara මෙහෙම කියනවා :
sunil ayya karanna ona dewal ewa karanna onama kaalaye kala jeewithe paraduwata thiyala...

sunil ayyata den ballata wage salakana aya e kaale ipadilath nethuwa ethi... ekai un sunil ayyage pewethma gena nodanne. ehema nethnum un antima kuhakayo. awasthawaadiyo.

bana ahanna unath issellama bada ginna niwagena inna ona. eka badagostharawaadaya nowey.

sunil ayya weerayek.niyama sanwedi miniha thamai e...


කිවුව වෙලාව- 2010-05-22 19:05:16
JJ මෙහෙම කියනවා :
රුසියාවේ දොස්තයෙව්ස්කි වාගේ සත්‍යවාදියෙක් ලිව්වේ " පිස්සෙකුගේ දින පොත" ඒත් ලංකාවේ සුනිල් මාධව වාගේ .......ක් ලිව්වේ "සත්‍යවාදියෙක්ගේ දින පොත"

කිවුව වෙලාව- 2010-05-22 16:49:58
dimsom මෙහෙම කියනවා :
thani weddi
"sathya wadiya"
steve biko susum heluwoya
donald woods samaga
aduru madvipaye duk widina
dasa dahas gananak
kallan samaginma
kalu abimanaya lowata penwoo
mohomed ali
nihadawiya sadahatama
sathya miya yaddi lak derana matha
alicoos
nadanna,sathyanum meyama wanneya
mudal idiriye sawimath kasheruka
nomatteya derana matha
pawasuwa oriyana
dum vatiyak dalwagana
ekadipathi raja wena wita
piyaba giya kurulu minisa
hurda sakshiya nemeti kauluwen
noennata kisidu dina
brasilaye mudukku matha
thakku mukku una karolina
heluwaya kele pidak
kanuwata
nodokin nodooma kin
che,castro,siyara samaginma
heming wee
wiplawaya wikunuwoya
daragata nohekiwama raja thejasa
ate tibu pichchiyama 'lakminata' labadun
e soduru minisunma
ragena deti appa
ballanta,weulamin
asannemi ek deyak
sathyawadio oben
kusaginna niwannata awnhala idiriye
e punchi suraganata
muhuna diya hakida heta
kalisamath adaganama




කිවුව වෙලාව- 2010-05-22 01:35:06
Asiri Maduranga මෙහෙම කියනවා :
සුනිල් මාධව, තමුන් ඉන්න මතයෙම ඉදිද්දි සත්‍යවාදියෙක්. එහෙම නැතිවුනහම
කඩේ යන එකෙක් කියන එක තම තමන්ගෙ දුර්වල කමක්. එහෙම කියන උන්ට කියන්න තියෙන්නෙ උඔල ගැන ලැජ්ජයි...



කිවුව වෙලාව- 2010-05-20 06:54:14
Anonymous මෙහෙම කියනවා :
ගොඩක් මේවගෙ මනුස්සයො ඉන්නෙ හැන්ගිලා....

ඇත්තම්යි මාතලන් එක හරියටම හරි...තවත් කැල්ලක් එකතු කරන්නම්....ඒ වගේම මෝඩයො රැනකුත් ඉන්නවා.....(හැබැයි ඉතින් කුහක්යොයි,මෝඩයොයි නොවන උන් ටිකකුත් ඉන්නවා උන් ඔක්කොගෙම කටවල් ලොක් වෙලා එක අපේ කරුමෙ... )

Posted by Anonymous to බූන්දි|BOONDI at 18 May 2010 03:43


කිවුව වෙලාව- 2010-05-20 03:36:17
මාරයාගේ හෝරාව මෙහෙම කියනවා :
මොනවා කිව යුතුද කියා නොදන්නේ වූවද මොනවා නමුත් කීමට උවමනා බව කියා සිටිමි...

Posted by මාරයාගේ හෝරාව to බූන්දි|BOONDI at 18 May 2010 03:58


කිවුව වෙලාව- 2010-05-20 03:35:56
ර.සූ. මෙහෙම කියනවා :
සුනිල් හොඳ මානව හිතවාදී පත්තරකාරයෙක් වුනත්, 1987 වන විට ඔහු ප්‍රචාරකවාදයට තම මානව හිතවාදය යට කළා කියා මගේ මතකයේ තිබේ.

ඒ ජාතිවාදී ස්වරුපයක් ගත් ඇතැම් ජවිපෙ ලිපිවලට දිවයින 8 පිටුවේ ඉඩ දීමෙනි.

ර.සූ.

Posted by ර.සූ. to බූන්දි|BOONDI at 18 May 2010 04:45


කිවුව වෙලාව- 2010-05-20 03:35:23
Sanka Kirindiwela මෙහෙම කියනවා :
මෙහෙම කතා කරපු ජයලාල් රෝහණලා පොලිම් පිටින් මහින්ද සරණ යෑමත්, ජේ.ආර්.පී සූරියප්පෙරුම මහින්ද සරණ යාමත් එකම විදිහට ගන්න බැහැ....ජයලාල් රෝහණ මහින්ද ළඟට ගියේ වීරවංශව විශ්වාස කරල නම් ඔහු එතනින් ඉවත්වීමට දැන් හොඳම කාලේ. මොකද වීරවංශගේ දේශපාලන‍ය කියවගන්න බැරිව උගේ පස්සේ වැටුණු ගොඩාක් ජෙප්පොන්ට දැන් යන එනමක් නෑ. මොකද උන්ට ආපහු ජේවීපී එකට යන්නත් බෑ, ඒක හින්දා වීරවංශට ජීවිතේ හුරුකරගන්න එක ඇඟට ගුණ හින්දා....අවස්ථාවාදීන් නොවන කවුරුවත් දැන් වීරවංශ එක්ක නැහැ. අවස්ථාවාදී වීම අපේක්ෂා කළ නොකළ අයත් දැන් අවස්ථාවාදී වෙන්න බල කරලා.....

ඒකත් එක්ක තමන්ගේ හිතට එකඟව වැඩකරන්න ජයලාල් රෝහණටවත්, සුනිල් මාධවටත් බාධාවක් වෙලා නෑ. මොකද තමන්ගේ ගමේ හිටපු පහළ කාඩර්ලා හැඟීම්බරව වීරවංශ පස්සට වැටිලා ගියාම උන්ව ආයේ පැත්ත පලාතට ගත්තේ නැති වුණාට, ඔය නමක්, ගමක් තියෙන කලාකරුවෝ වගේ අයට පක්ෂේ දොර ඇරිලයි තියෙන්නේ..........


කිවුව වෙලාව- 2010-05-20 03:33:59
මහසෝනා මෙහෙම කියනවා :
ස්ටීවන් බිකෝ ගෑන කියපු,අපි ආද‍රය ක‍රපු සුනිල් අයියේ,ඔය නරුමයන් අත ඈරලා අනේ ආයෙම අර ඉස්ස‍ර සුනිල් අයියා වෙන්න බෑයිද?

Posted by මහසෝනා to බූන්දි|BOONDI at 18 May 2010 11:25


කිවුව වෙලාව- 2010-05-20 03:32:51
Rasika Suriyaarachchi මෙහෙම කියනවා :
වාක්‍යයක් ඉලක්කමකින් පටන් ගැනීම පිළිගත් ක්‍රමය නොවේ. ඒ නැත එය
අප්‍රසන්නය. මුල් වැකිය මෙසේ විය යුතුය.

"වසර 1985 පමණ වන විට......"

අනෙක ඇයි එක්තරා පක්‍ෂයක් යැයි කියන්නේ? ජේවීපී කියල කියන්න කිචි ද, බය
ද, පිළිකුල් ද?


කිවුව වෙලාව- 2010-05-20 03:30:50
ධනුෂ්ක මෙහෙම කියනවා :
කසුනි ! කියන්න මෙයා ඔයාගේ ස්ථාවරය මොකක්ද කියලා ජයලාල් රෝහණ ගැනයි, සුනිල් මාධව ගැනයි.
ඒ එක්කම ඔයා බූන්දියේ ස්ථාවරය ඒ දෙන්නගේ ස්ථාවරය එක්ක සමාන කරන්නෙ මොන හේතූන් මතද?
කාගේ හරි ලිපියක් යම් මාධ්‍යයක පළ කරන්නේ ඒ වාගේ දේවල් පාඨකයාට කියවන්න අවස්ථාවක් දෙන්නයි. එහෙම නැතිව ඒ මතය අවශ්‍යයෙන්ම පිලිගන්න නිසා වෙන්න ඕනද?
සුනිල් මාධව මීට අවුරුදු 5කට ඉස්සෙල්ල හිටියෙත් අද ඉන්න තැනම තමයි. එතකොට එයා ජවිපෙ එක්ක එකතුවෙලා මහින්දට කඩේ ගියා. දැන් ජවිපෙන් හැලිච්ච විමල් ඇතුළු ගැන්සිය එක්ක එකතු වෙලා මහින්දට කඩේ යනවා. අද ජවිපෙ යාළුවොන්ට මාධව එක්ක තරහ ගිහින් තියෙන්නේ සුනිල් විමල් එක්ක ඉන්න එක නිසා මිසක් ප්‍රතිපත්ත්මය හේතූන් මත නොවෙයි.
ජවිපෙ 2005 දි මහින්දට කඩේ ගියේ එයාට විරුද්දව සුනාමි සල්ලි ගැහිල්ල ගැන තිබ්බ ඩෝදනා වහලා, විජේදාස ලියනාරච්චි ඝාතනය ගැන තිබ්බ චෝදනා වහලා සුදුහුණු ගාලයි. ඒවා නොදැන නෙවෙයි. ඉතින් ඒ දවස්වල ඔයාලගේ ආදරණීය සුනිල් අයියත් හිතන්න ඇති අනේ අපේ මල්ලිලා කියනවනම් මේ මහින්ද තුමා ගොඩාක් හොද කෙනෙක් වෙන්න ඇති කියලා.ඒත් දැන් ජවිපෙට මහින්ද පස්සට දෙකක් ඇනලා එලෙව්වට පස්සෙ සුනිල් මාධව එයාලත් එක්ක එළියට බැහැලා ආපු නැති තරහ තමයි ඕක.

ඉතින් ඕකට බෙහෙත් නැහැ. පොඩි කාලේ ඉක්කා වැටෙනකොට අපේ ආච්චිලා අපිට කියන්න උගන්නපු කවියක් මතක් වෙනවා මේ හිනා යන සීන් එක දිහා බලද්දි.

ඉක්කයි මායි ගාලු ගියා
ඉක්කා දාලා මං ආවා


කිවුව වෙලාව- 2010-05-20 01:44:36
keetaya මෙහෙම කියනවා :
@kasuni

mata penne num kalpa saha kasuni dennatamath thiyenne ekama sthawarayak wagey.

dennama thamange "lingaya" danne nehe.


කිවුව වෙලාව- 2010-05-20 00:14:43
Chaminda Wijesekara මෙහෙම කියනවා :
minisek kiyawnakota minisata sunil ayyawa aadesa kalagaththa ,etamessa baladdi sunil ayya mathak wuna .koswaththe bar eka isarha karpat wela innawa dakinakotath hari aadaraniya bawak denuna ..eeth den hithena denena dewal liwwoyh meka balana anith ayata karana wereddal wenawa

කිවුව වෙලාව- 2010-05-19 22:42:54
Deepal Perera මෙහෙම කියනවා :
dika salute him,,,,

@FB


කිවුව වෙලාව- 2010-05-19 22:41:50
kasuni මෙහෙම කියනවා :
mata therena widiyanam.... den sunil madawagei.., jayalalgei, boondiyei ekama sthawarayak thiyenne...
kalpa kiuwa widiyata kisidu adalathwayak nethi lipiyak genath boondiye niwata deshapalana sthawaraya pennanawa... mata pena hetiyata heluwa hondinma penna ganna hadanne....


කිවුව වෙලාව- 2010-05-19 09:55:56
chaminda මෙහෙම කියනවා :
parakrama gena denaganna oonanam thawa kiyawanna last week lanka paththreta wini hettigoda liyapuwa

කිවුව වෙලාව- 2010-05-19 05:08:16
Udaya R. Tennakoon මෙහෙම කියනවා :
You aroused my sensitive past remembering our chapters. thanks jayalal.
Udayar


කිවුව වෙලාව- 2010-05-18 07:59:46
Cry Freedom මෙහෙම කියනවා :
සුනිල් මාධව, පරාක්‍රම වැනි මිනිසුන් මෙරට සිංහල ගැමි තරුණ පරපුරේ ආත්මීය ප්‍රකාශකයන් මිසෙක දාර්ශනිකයන් හෝ චින්තකයන් නොවේ. ඒ තරුණ පරපුර සමාජවාදයේ අනුගාමිකයන් වන කල සුනිල් සහ පරාක්‍රම එයට ගැලපෙන සේ ලිව්වා. ඔවුන් ජාතිවාදයේ අනුගාමිකයන් වූ කල සුනිල් සහ පරාක්‍රම ඊට හැඩ ගැහුනා. ඇත්තටම සිද්ධ වුනේ ජවිපෙය මහින්දට වන්දනාවේ යන්න සෙට් කරපු වන්දනා බස් එකට සුනිල් සහ පරාක්‍රම ඇතුළු තව බොහෝ දෙනෙක් නැග්ගට මහින්ද ඩ්‍රයිවර් මහත්තයා ජවිපෙ සෙට් එකේ පස්සට පයින් ඇනලා එළියට දැම්මට පස්සෙත් සුනිල්ලට බස් එකෙන් බහින්න බැරි වුනේ ඩෝප් වැඩි වෙලා පස්සෙම සීට් එකේ කණ සාක්කුවේ දාගෙන නිදිගත්ත නිසයි. දැන් ජවිපෙ සුනිල්ලට බනිනවා ඒ සුනිල් විමල් එක්ක ඉන්න නිසයි. හැබැයි මේ මිනිස්සු සමාජ‍ය වෙනුවෙන් යම් දෙයක් යම් කාලෙක කලා නම් ඒකේ ගෞරවය මහින්දගේ ගිණුමට බැර කරලා මේ මිනිසුන්ගේ දේශපාලන හිරි ඔතප් නැති කරලා විනාශ කරේ ජවිපෙයි.දැන් බැනලා වැඩක් නෑ. මේ මිනිස්සුත් එක අතකින් බලන කොට අවස්ථාවාදයේ ගොදුරු විතරයි.

කිවුව වෙලාව- 2010-05-18 04:52:18
sameera මෙහෙම කියනවා :
ඔය කියන උත්සවය පවත්වපු මොහොතේ මමත් BMICH එකේ හිටියා.උත්සවය තිබුණේ හවස.සුනිල් අයියා එතනට එද්දි වෙලාව 7ට විතර ඇති.ඒ දවස්වල සිදුවුණු හැම සිදුවීමක්ම අලුත් ගමන් මගක අලුත් ආරම්භයක පෙරනිමිති පහල කළා. අපි හරි ආසාවෙන් ඒවා වැළද ගත්තා.ඇස් කදුළින් තෙත් උනා. දුකට නෙමෙයි.සතුටට,බලාපොරොත්තුවලට. ඒත් අද ආපහු හැරිල බලද්දි හැම දෙයක් ගැනම දුකයි.ඇස් කදුළින් තෙත් වෙනවා. සතුටට නෙමෙයි,දුකට

කිවුව වෙලාව- 2010-05-18 03:59:25
mindada මෙහෙම කියනවා :
ammat hudu, parakrma kodithuwakkut e wage porakda?

+පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.+


කිවුව වෙලාව- 2010-05-18 03:46:03
Dinuka Saputantri මෙහෙම කියනවා :
ohu gena thawamath aththe dayabara hageemaki...

@FB


කිවුව වෙලාව- 2010-05-18 02:46:54
Kevin මෙහෙම කියනවා :
sunil nati une bebadu kama hinda


කිවුව වෙලාව- 2010-05-18 02:33:35
මාතලන් මෙහෙම කියනවා :
අද නම් සත්‍යවාදීයාට සත්‍යය වැටහිලා පාටයි.

මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ කුහකයෝ. ලේ වල වැරද්දක්ද කොහෙද....?


Posted by මාතලන් to බූන්දි|BOONDI at 18 May 2010 01:09


කිවුව වෙලාව- 2010-05-18 02:14:56
Boondi මෙහෙම කියනවා :
@Kalpa-

නැහැ. හුදෙක් සංවාද නිමිත්තක් වේය යන අදහසින්.
ඇතැම් විට, ජයලාල් ම පවා මෙහි එන ඇතැම් අදහසක් මේ වන විට ප්‍රතික්ෂේප කරනවා වන්නටත් පුළුවන්. එය ද අප දන්නේ නැහැ.
බෙදා ගැනීමක් පමණයි.


කිවුව වෙලාව- 2010-05-18 02:14:32
kalpa මෙහෙම කියනවා :
අදින් අවුරුදු 5කට පෙර ලියැවුණු කියැවුණු කතාවක් මේක. දැන් මේ ලිපිය බූන්දියේ පළකරන්නේ සුනිල් මාධව අද ඉන්න තැන සාධාරණීකරණය කිරීමේ අදහසින්ද?

කිවුව වෙලාව- 2010-05-18 01:22:18
nuwan මෙහෙම කියනවා :
haritama hari jayalallta jaya wewa

කිවුව වෙලාව- 2010-05-18 01:00:46
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජයලාල් රෝහණගෙන් තවත් වියමන්
රංග
"සැබෑ මුහුණේ වෙස් මුහුණු"| ලංකාවේ 'මේක් අප් ආර්ටිස්ට්'ලාගේ කතන්දරය
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook