Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
කාව්‍යමයත්වය සහ නවකතාමයත්වය අතර අසිරිමත් බන්ධනයක්- බත්තලංගුණ්ඩුව
බූන්දි, 03:03:10
ලේඛකයෙකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංග ද රැගෙන ය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

සිංහල නවකතාවට අලුත් බසක් නිපදවීම අලුත් පරම්පරාවේ නවකතාකරුවන්ට ඇති අභියෝගයකි. සාම්ප්‍රදායික යථාර්ථවාදී ආඛ්‍යාන ක්‍රමය ඉක්මවා ගත නොහැකි අපගේ නවකතාකරුවන් තමන්ට කීමට ඇති දේ ප්‍රකාශ කිරීම සඳහා සරල වූද ප්‍රකාශනීය වූද ක්‍රම අත්හදා බලන්නේ කලාතුරකිනි. අජිත් තිලකසේන, සිරි ගුණසිංහ, සයිමන් නවගත්තේගම, ටෙනිසන් පෙරේරා යන අයගේ සාහිත්‍ය ජීවිත වල ඇති “තරුණකම” තරුණ ලේඛකයන්ට නැත්තේ මන්ද යන්න ගැටළු සහගත කාරණයකි.

තමන්ගේ අත්හදා බැලීම් හරි ගියා නොගියා මේ ලේඛකයෝ නිරන්තරයෙන් වෙනස් වෙන්නට තැත් කළහ. පශ්චාත්- යථාර්ථවාදී නවකතාව සඳහා බසක් නිර්මාණය කිරීම කළ හැක්කේ ඒ ඒ නවකතාකරුවන් තමන්ගේ කතාව කියන අලුත් බස සෙවීමට වෙහෙස වුවහොත් පමණි.

තිස්ස අබේසේකර සිය නවතම ඉංග්‍රීසී පොත වන රූට්ස්, රිෆ්ලෙක්ශන්ස් ඇන්ඩ් රෙමිනිසන්ස් කෘතියේ කිහිප තැනකම මෙම ගැටළුව ගැන සඳහන් කරයි. සිංහල යථාර්ථවාදී නවකතාව සඳහා බසක් නිර්මාණය කිරීමට වික්‍රමසිංහට හැකි වුවද ඉන් පසු කිසිම ලේඛකයෙකුට ඔහු ඉක්මවා යන්නට නොපුළුවන් වූ බව අබේසේකර කියයි. වික්‍රමසිංහගේ විරාගය සිංහල නවකතා එතෙක් මෙතෙක් ගමන් කර ඇති උපරිමය බව ඔහු කියයි. මෙය සත්‍යයෙන් එතරම් ඈත් වූවක් නොවන බව මැදහත් සිතින් බලන කල පෙනේ. විරාගය වැනි අමරණීය නවකතාවක් තාමත් ලියැවී නැත. එහෙත් අබේසේකරගේ නිගමනයෙහි ඇති අඩුව නම් වික්‍රමසිංහ කතා කලාව ඉක්මවා යාමට තැත් කළ බොහෝ අය ගැන වචනයක්වත් සඳහන් නොකිරීමයි. වෙඩිවර්ධන ගේ නවකතාවේ ඉදිරිපත් කිරීමේ විලාසය නැවත නැවත යෙදීමෙන් රසහීන වූ, ස්තිතික, නොවෙනස් යථාර්ථවාදී නවකතා බසට අලුත් බවක් එක් කරයි.

නවකතාව නමැති මාධ්‍ය ළගන්නා ලෙස හැසිර වීමට කවිකම්වලින් ඉමහත් ප්‍රයෝජන ලැබිය හැකි බව නොරහසකි. කවියන්ද වන ලේඛකයන් ලියන නවකතා කියවීම සමහර විට අපූරු අත්දැකීමක් වන්නේ එහෙයිනි. මයිකල් ඔන්ඩච්චි ගේ නවකතා සියල්ලම පාහේ දිගු කවි වැන්න. ඔහුගේ අනිල්ස් ගෝස්ට් නවකතාව අනවශ්‍ය තරම් කාව්‍යමය යැයි වරක් බ්‍රිතාන්‍ය විචාරකයෙක් මැසිවිලි කීය. බ්‍රිතාන්‍ය ලේඛිකා ඒ. එස්. බයාට් ලියන නවකතා බෙහෙවින්ම කාව්‍යමයය. ඇගේ පොශෙශන් නවකතාව වඩාත් කාව්‍යාත්මක වන්නේ එය කවියන් ගැන ලියන ලද නවකතාවක් නිසාය. එවැනි නවකතාවක් කවිකම් නැතිව ලියන්නට බැරිය. එහි බයාට් ලියන කවි වෙන් කරගත් කල ද කවි වැන්න. ඒවා කෙතරම් හොඳ කවි ද යත් නවකාවේ කවි ගතිය වැඩි යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. තවත් බ්‍රිතාන්‍ය ලේඛිකාවක පෙනිලොපී ෆිටස්ජෙටලඩ්ගේ බ්ලූ ෆ්ලවර් නවකතාවද ජර්මානු කවියෙකු සහ දාර්ශනිකයෙකුගේ සැබෑ ජීවිතය පදනම් කර ගත් මනරම් නවකතාවකි. එහි ගද්‍යය ද සියුම් කාව්‍යමය බවකින් යුක්ත වුවද එය නවකතාමය බවට මැනවින් හික්මවා ඇත. බොරිස් පැස්ටර්නැක්ගේ ඩොක්ටර් ශිවාගෝ නවකතාවද කවියෙකු ප්‍රධාන චරිතය කර ගත්තකි. එහෙත් එහි ගද්‍ය තුළ කිසිම තැනක කවි ඇතුළත් නොවේ. ඒ වෙනුවට පැස්ටර්නැක් කරන්නේ ශිවාගෝගේ කවි නවකතාව අගට උපග්‍රන්ථයක් ලෙස එක් කිරීමයි. පසු කලෙක ඒ කවි වෙනම පොතක් ලෙසද පළ විය. බයාට්ගේ පොශෙශන් නවකතාවේ මෙන් ශිවාගෝ ගේ කවි නවකතාවේ ආඛ්‍යානයට දැඩි සේ සම්බන්ධ නොවන නිසා එසේ වෙන් කරන්නට පුළුවන. සරච්චන්ද්‍ර ගේ විලාසිනියකගේ ප්‍රේමය චම්පු කාව්‍යයක් නිසා එහි කවි ආඛ්‍යාන ව්‍යූහයේද කොටසකි. එහිදී කවිය හැඟීම්, අන්තර් භාෂණ ප්‍රකාශ කිරීමටත්, පණිවුඩ යැවීමටත් යොදා ගන්නා නිසා ආඛ්‍යානය සමග ඓන්ද්‍රිය ලෙස බද්ධ වී තිබේ. කවියා, කවිකම් සහ කවියන් කේන්ද්‍රිය කාරණා වන තවත් නවකතාවකි, කුන්දේරා ගේ ලයිෆ් ඉස් එලස්වෙයාර් කෘතිය. මෙය මංජුල වෙඩිවර්ධන ට ආවේශය සපයන කෘතියක් බව බත්තලංගුණ්ඩුවේ ප්‍රකාශිතය. වෙඩිවර්ධන ගේ නවකතාව කියවන කල කාව්‍යමයත්වය සහ නවකතාමයත්වය නොයෙක් ආකාරයෙන් මිශ්‍ර කරන හෝ සම්බන්ධ කරන කෘති මාලාවක් නිතැතින් සිහි වේ. ඔහු සිය කෘතියෙහි බස හසුරුවන ආකාරය අතින් එය යටකී විශිෂ්ට කෘති හා සන්සන්දනය කළ යුතු තරම් උසස් ලක්ෂණ පළ කරයි.

හොඳ නවකතාව නවකතා බස අලුත් කරන සුළු ශෛලියක් නිපදවයි. වෙඩිවර්ධන ගේ නවකතාව සිංහල නවකතා බස අලුත් කරයි. නවකතාවක් කියන සැටි කෙතරම් සුන්දර වන්නට පුළුවන්ද යන්න පෙන්නා දෙයි. මෑත කාලයේ නොයෙක් දෙනා නවකතාකරණයට එළඹිය ද නවකතා ලියන සැටි වෙත අලුත් බවක් ගෙන දෙන්නට සමත් වූයේ ටික දෙනෙකි. අනුලා විජයරත්න මැණිකේ ගේ සුජාත පුත්‍රයින්ගේ කතා වස්තුව, සුනේත්‍රා රාජකරුණානායක ගේ සඳුන් ගිර ගිනි ගනියි, වීරපොකුණේ උපරතන හිමි ගේ පැලෑනෙන් වෙන් කළ ඉඩම්, ගුණසිරි ජයවර්ධන ගේ සින්නදොරේගේ පුංචි ලෝකය, ටෙනිසන් පෙරේරාගේ සක්වල දඩයම, සේපාලි මායාදුන්නේ ගේ දෙබෙදුම යනාදී නවකතා ඒවා පළ වූ අවදියේ රසිකයන් ආකර්ෂණය කළේ ඒවා කියන කථන ක්‍රමයේ, ශෛලියේ අපූර්වතාව නිසාය. එහෙත් මේ නවකතාවලින් සිංහල නවකතා බස අලුත් කිරීමට දුන් පොරොන්දුව කඩ වී ගොස් ඇත්තේ ඇයි? ශෛලියෙන් පමණක් අන්තර්ගතමය ගැඹුරක් ලබා ගත නොහැකි නිසාද? මිනිස් ජීවිතය සහ සමාජය පුළුල් සහ සංකීර්ණ පඨිතයක් ලෙස ගැඹුරු චින්තා සහගත ලෙස නවකතා මාධ්‍ය භාවිතා කරන්නට අප අසමත් වී ඇති බවද? ඇතැම් සිංහල ලේඛකයන් හොඳින් ලිව්වද සිතන්නේ සහ කල්පනාවේ යෙදෙන්නේ ඉතා සරලවය. මෙම අර්බුදයට වෙඩිවර්ධන මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මම මෙම රචනයේදී මගහැර යමි. ඉතා අලුත් නවකතාවක් වන එය බරපතල පාඨකයන් අතර කලක් කියවනු ලැබුණ පසු ඊට උත්තරද මතු වනු ඇත. එහෙත් දැනට මට නිසැකව කිවහැකි දෙයක් තිබේ; ශෛලිය සහ අන්තර්ගතය අතර මනා පෑහීම අතින් වෙඩිවර්ධන ගේ කෘතිය අද්විතීය වෙයි.

වෙඩිවර්ධන ගේ නවකතාව අන්තර්ගතය අතින් අල්පය. කාලමය, අවකාශමය සහ විෂයමය වශයෙන් එහි අන්තර්ගතය අල්පය. ඒ නිසාම එම නවකතාවට ප්‍රාණය දෙන ප්‍රාණ සංරචකය එහි ශෛලියයි. නවකතාකරුවා නිපදවන නව බසයි. සාමාන්‍යයෙන් කෙටි කාලයක්, අවකාශයක් සහ කුඩා ජීවිත ප්‍රදේශයක් විෂය කරගන්නා නවකතා පාඨක අවධානය රඳවා ගැනීමටත්, නවකතාවක් ලෙස පූර්ණත්වය ලබා ගැනීමටත් ඒවායෙහි ඉදිරිපත් කිරීමේ විලාසය මත රඳා පවතී. එසේ විශිෂ්ටත්වයට පත් නවකතා කෙතෙකුත් ඇත. විලියම් ෆෝක්නර් ගේ ඈස් අයි ලේ ඩයිං, ජේ.ඩී. සැලින්ජර් ගේ කැචර් ඉන් ද රයි සහ ෆ්‍රැනී ඇන්ඩ් සුයී, උපමන්යු චැචර්ජි ගේ ඉංග්ලිශ්, ඕගස්ට්, ආදී නවකතා කාල-අවකාශමය වශයෙන් කුඩා නවකතා විශිෂ්ටත්වය අත් කරගන්නේ ඒවායෙහි ශෛලිය සහ ඉදිරිපත් කිරීම නිසාය. කරමසෝ සහෝදරයෝ, ඇනා කැරනිනා, යුද්ධය හා සාමය ආදී නවකතාවලට කාල-අවකාශමය වශයෙන්, විෂයමය වශයෙන් දැවැන්ත නවකතා ඒවායෙහි ශෛලියෙහි, ඉදිරිපත් කිරීමෙහි අමුතු විශේෂත්වයක් නැතිව විශිෂ්ටත්වය අත් කරගත හැකිය.

ලංකාවේ වයඹ දිග කුඩා දූපතක් වන බත්තලංගුණ්ඩුවේ, උප සංස්කෘතික ප්‍රජාවක් ගැන කෙටි කාලයක් තුළ දිවෙන කතාවක් කියන වෙඩිවර්ධන ගෙ නවකතාවට එම වස්තු විෂයෙහි වන අලුත් බව නිසාම අපූර්වත්වය ද ලැබුණත්, සාපේක්ෂ වශයෙන් සීමිත වස්තු විෂයක් පොදු පාඨකයාගේ සිත් ගන්නා ලෙස ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය භාෂාවක් සහ ශෛලියක් සපයා ගැනීමේ අභියෝගයට මුහුණ දෙයි. කර්තෘ මෙම අභියෝගය ජයගන්නා ආකාරය ඉතා සිත් ගන්නා සුළුය. මෙම නව බස නිර්මාණය කිරීමේදී ඔහුට ඇති අභියෝගය සංකීර්ණ එකකි. ලංකාවේ මහා සංස්කෘතික, එනම් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් සේම, ප්‍රධානධාරාවේ සිංහල ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ද තීරණාත්මකව වෙනස් මෙම කුඩා කතෝලික ධීවර ප්‍රජාව සිංහල බසින් කියවන නවකතා කියවන අය හමුවේ විස්වසනීය ලෙස සහ වටහා ගත හැකි ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න එක අභියෝගයකි. සිංහල බස ප්‍රධාන වශයෙන් බෞද්ධ සංස්කෘතියෙහි නිෂ්පාදනයක් නිසා සිංහලයෙහි එන සෑම සංකීර්ණ වචනයක්ම පාහේ බොහෝ විට බෞද්ධ ධ්වනි නගයි. එසේම සිංහලයෙන් නවකතා කියවන බහුතරය බෞද්ධයෝ වෙති. අනෙක් අතට සාමාන්‍ය සිංහල පාඨකයා අතර අතිශයින් උප සංස්කෘතික ධීවර ප්‍රජාවන්ගේ සංස්කෘතික ලක්‍ෂණ ගැන ඇත්තේ ඉතා අල්ප අවබෝධයකි. ඇතැම් විට ඒ අනවබෝධය අර අභ්‍යන්තරයෙහි වසන සිංහලයාගේ ආඩම්බරයටද හේතු වෙයි.

වෙඩිවර්ධන මුහුණ දෙන අභියෝගයේ අනෙක් පැත්ත ඊටත් වැඩි සංකීර්ණය. ඒ මෙයයි. මෙම නවකතාවේ ප්‍රධාන චරිතය, එනම් කථක චරිතය කොළඹ සිට සිය පියා සොයා බත්තලංගුණ්ඩුවට යන්නේ පශ්චාත් නූතන ලෝක තත්වයට අනාවරණය වූ චරිතයක් ලෙස, මිලාන් කුන්දේරාගේ ජීවිතය අන් තැනක කෘතියට රැගෙනය. බත්තලංගුණ්ඩුව දූපත සහ එහි ජනයා අප වෙත ඉදිරිපත් කෙරෙන්නේ මෙම චරිතය ඔස්සේය. ඒ නිසා රචකයා මුහුණ දෙන ශෛලිමය අභියෝගය තවත් සංකීර්ණ වෙයි බත්තලංගුණ්ඩුවේ නූගත් ධීවර ප්‍රජාවගේ ලෝකයත් පශ්චාත් නූතන නාගරික තරුණයාගේ ලෝකයත් දෙකම එකවර දරා සිටිය හැකි ශෛලියක් නිපද විය යුතුය. මෙම කථක-චරිතය කවියෙකු ද වන බැවින් එම ශෛලිය කාව්‍යමයත්වයට පහසුකම් සපයන එකක්ද විය යුතුය.

වෙඩිවර්ධන ජයගන්නේ මේ සංකීර්ණ අභියෝගයයි. ඇතැම් විට අති-කාව්‍යත්වය සහ අති නාටකීය සංවාද නවකතාමයත්වය මරා දමන අවස්ථා ඇතත් සමස්තයක් වශයෙන් ඔහුගේ ශෛලියට පශ්චාත් නූතන ඇන්ටනී (කථකයා)ටත්, බත්තලංගුණ්ඩුව වාසීන්ටත් ජීවය දීමට මෙම ශෛලියට පුළුවන. ධීවරයන්ගේ මුහුද ගැන ඥානය එහි ඥානවිභාමය පදනම් සුණුවිසුණු නොකර නවකතා ව්‍යූහය වෙත ඇද ගැනීමට වෙඩිවර්ධන හරි අපූරු දක්ෂයෙකි. ඒ නිසා මා මුහුද ගැන සිංහලයෙන් කියවා ඇති ඉතාම රසවත් විස්තර ධීවර චරිතවල මුවින් නවකතාවට එයි.

නවකතාවක චරිත පවතින්නේ භාෂාව මත වුවද, චරිත නිරූපණය බෙහෙවින්ම කතා වින්‍යාසයට අයිති කාරියකි. චරිත වල සංකීර්ණතා මතු වන්නේ යම් යම් සිද්ධි වලට ඒ ඒ චරිත සම්බන්ධ වන ආකාරය මතය. බත්තලංගුණ්ඩුව නවකතාවේ ඉතා සිත් ගන්නා ලෙස අප හමුවේ ඉදිරිපත් වන්නේ වෙඩිවර්ධන ගේ ශෛලිය තුළිනි. බත්තලංගුණ්ඩුව වාසීන්ගේ බස වෙඩිවර්ධන ගෙ සිය නවකතා බස වෙත උකහා ගන්නා ආකාරය නිසා වැකියකින් දෙකකින්, කෙටි සංවාදයකින් සිත් ගන්නා චරිත මතු වී එයි. දැවැන්ත නාටකීය සිදුවීම් වලින් තොර මෙම නවකතාවේදී අපධර්ව චරිත, අපධර්ව ශෛලියක් ඔස්සේ නිරූපණය කිරීම වෙඩිවර්ධන ගේ ප්‍රතිභාවට සාක්ෂියකි. මෙම අපූරු ධීවර චරිත සමූහය ළගන්නා ලෙස අප හමුවේ මතු වන්නේ, තමන් නිරූපණය කරන ජනසමාජය වෙත වෙඩිවර්ධන දක්වන අවංක ආදරය නිසාය. එහෙයින් ඔහු කතාවේ ඇන්ටනී සේම ඒ ජනයා සමග අව්‍යාජ ලෙසම මිශ්‍රවන රචකයෙකි. ඔහු ඒ ජනයා වෙතට කොළඹ සිට එන සංචාරකයෙක් නොවේ. ඇන්ටනී කොළඹ සිට එන ප්‍රභූවරයෙකු සේ බත්තලංගුණ්ඩුවේ ජනයාගෙන් ඈත්ව ඔවුන්ගේ දුරස්ථ නිරීක්ෂකයා ලෙස ජීවත් නොවී ඔවුන් හා කයි බොයි, ඔවුන් හා ලිංගික සම්බන්ධතා පවත්වයි. ඒ සියලු කාරණා වලදී ඔහු අනුයන ආචාර ධාර්මික තර්කනය ඔහු කොළඹ සිට ගෙන එන එකක් නොවේ. බත්තලංගුණ්ඩුවේ වධ අචාරධාර්මික තර්කනයකි. කෑම ද, බීම ද, ලිංගිකත්වය ද පියා සහ පුතා බෙදා ගෙන රස විඳින, බෙදා ගෙන ජීවත් වන ආකාරය නවකතාව තුළ නිරූපණය වන්නේ සිත් ගන්නා විස්වසනීයත්වයකින් යුක්තවය. මෙම බත්තලංගුණ්ඩුව සදාචාරවාදී ඇසට පෙනිය හැක්කේ පාපයේ දිවයිනක් ලෙසය. එහෙත් මෙම නවකතාවේ ආදර්ශ පාඨකයා, එනම් ඉන් අපේක්ෂා කෙරෙන පාඨකයා නම් මෙම දූපත අහිමි වූ අහිංසකත්වයේ දිවයිනක් ලෙසය. මෙම නවකතා හොඳින් විඳිය හැකි තරම් ගතානුගතිකත්වයෙන් මිදුණ පාඨකයාට එහි ධීවරයන් හා හැලී අරක්කු බොන්නට ද, ඔවුන්ගේ මාළු හොදි කන්නට ද, ඔවුන් සේම නිදහසේ පෙම් කරන්නට ද ආසාවක් ඇති වීම පුදුමයක් නොවේ. එසේ වන්නේ තම නවකතාව කිව හැකි හොඳම ශෛලිය වෙඩිවර්ධන ට හසු වී ඇති නිසාය.

මෙම දූපතේ අරුම පුදුම අව්‍යාජ්‍යයත්වය මෙම නවකතාව මත කෙතරම් හොඳින් මතු වී ඇත්ද යත් ඇතැම් විට එය නවකතාවේ සමබරතාව නසන අද්භුතත්වය වෙත යන්නට ඔන්න මෙන්න තරම් වෙයි.

සිංහලකම ද, බෞද්ධකම ද, සිංහල ජාතිය ද උදේ හවා තොරොම්බල් කරන ගිහි පැවිදි ටෙලි බණකාරයන්ගේ කෑකෝ ගැසීම් මැද සිංහල සංස්කෘතිය යැයි ඒ අය කියන "නිර්මල සංස්කෘතිය" අධි නිශ්චය වී ඇත. අප බෞද්ධ බව ද, සිංහල බව ද නිරන්තරයෙන් අපට මතක් කර දෙනු ලැබේ. මෙවන් පසුබිමක බත්තලංගුණ්ඩුව සිංහල සංස්කෘතියෙහි තවත් සුන්දර මුහුණතක් පෙන්වයි. කතෝලික දහමිනුත්, ධීවර වෘත්තියෙනුත්, මුහුද නම් විස්මිත ලෝකය හා සසහවාසයෙනුත් සැදුණ සංස්කෘතිය ද, සිංහල සංස්කෘතියටම අයිති විය යුතුය. මෙම දූපතෙහි ඇතැම් සිංහලයන් කතා කරන්නේ දෙමළ බස පමණි. මේ සංස්කෘතිය දූපතකට සීමා වී ඇත, එහෙත් එය මිලාන් කුන්දේරාට ද විවෘතය. සංස්කෘතින් කිසිවක් නිර්මලවත් අනිර්මලවත් නැති බව මෙම දූපතෙහි සංස්කෘති පවතින සැටියෙනුත්, එය මිශ්‍ර වන සැටියෙනුත් පෙනේ. ලංකාවේ බහු සංස්කෘතිකවත් බව ළගන්නා ලෙස මතක් කරදීම මෙම නවකතාවෙන් කෙරෙන තවත් වැදගත් දෙයකි. මෙය මෙම නවකතාවෙන් ප්‍රකටව මතු කරගන්නට තිබුණ තේමාත්මක මානයකි.

මෙම දූපතේ උප-සංස්කෘතික ලෝකය ගැන ධාරණාවාදී සාහිත්යික චිත්‍රයක් ඇඳීමේ කාර්යෙහි රචකයාම වශී වී යාම මෙම නවකතාවේ අන්තර්ගතය සහ තේමාත්මක අදහස් වෙත අඩු අවධානයක් යොමු කිරීමට හේතු වී ඇති ද යන ප්‍රශ්නය ඇති වෙයි. ඇන්ටනි සිය පියා සොයා එන ගමන, ඔහු හමු වීම, ආපසු ඔහු හැරයාම හො නොයෑම නවකතාවේ අන්තර්ගත කතා පුවතයි. මෙම ගමනෙහි, සොයා යාමෙහි, හමුවෙහි සහ පියාගේ ලිංගික සහකාරිය ආක්‍රමණය කිරීමෙහි ඇති තේමාත්මක අර්ථ මොනවාද, මේ කතා පුවත සංකීර්ණ සමස්තයක් ලෙස ගොඩ නගන්නේ කෙසේද යන ප්‍රශ්න ගැන රචකයා යොමන්නේ අඩු අවධානයකි. තම බිරිඳගේ සහ මවගේ කුණු වෙමින් පවතින මළ කඳ වැලලීමට එය රැගෙන හැතැම්ම සිය ගාණක් ඈත ඇගේ මව් ගමට යන සැමියා සහ පුත්තු ෆෝලක්නර්ගේ ඈස් අයි ලේ ඩයිං නවකතාවට දෙන්නේ මිත්‍යා කතාවක ගැඹුරකි. එය සත්‍ය සොයා ඉඩිපස් යන ගමන ද, ආදරය සෙයා යුලිසිස් යන ගමන ද සිහි කරයි. සිය පියා සොයා ඇන්ටනී යන ගමන ද, පියා බත්තලංගුණ්ඩුවට පසු බැස සිටීමද යන කතා පුවතේ කොටස් යම් තේමාත්මක සමස්තයක් වෙත එක් කළ නොහැකිද? මේ ප්‍රශ්නය මා සිත ඇති කළද බත්තලංගුණ්ඩුව මෑතකදී මා කිය වූ අපූරු නවකතාවක් බව ලියන්නේ හරිම සතුටිනි.

-2008 ජූලි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
dimuthu මෙහෙම කියනවා :
maxaaaaaaaaaaaaaa

කිවුව වෙලාව- 2011-01-02 23:04:22
xxx මෙහෙම කියනවා :
appo eppa eppa ekenum kohomath keranda eppa

a vitherak nemi ekke keranda haduwath mamenum ekketa ida denne na, mokeda "bathelan gunduwa" hode nirmanayak.

mata kiyande one unne, nirmane kerenaye yedena Manjulata ametherawe thawath Manjula kenek ohu thual innewa kiyala, me deken dominant kerena kena vishale manjula baweta pathwei,( ake ayage pawdgelika wadak )

ake nisa nirmaneya thulin Manjula wewath, Manjula thulin nirmanayawath kiyawanda one naha neda.


කිවුව වෙලාව- 2010-06-01 15:56:33
lasantha මෙහෙම කියනවා :
@xxx

ow
api dan mokada karanne?
battalangunduwa thahanam karamuda?



කිවුව වෙලාව- 2010-06-01 05:15:25
xxx මෙහෙම කියනවා :
NIDAHAS MADIYA WIYAPAREYE MUDAL VANCHA WELATA SAMBANDA NISA AHI SAMAJIKATHWEYEN NERAPANA LADE AYE ATHERA ME MANJULA WEDIWARDENATH INNEWA NEDA ( ANITH AYE THAMI SUNANDA DESHAPRIYA, KASUN YAPA, ATHULA WITHANEGE )

කිවුව වෙලාව- 2010-06-01 03:53:37
Liyanage Amarakeerthi මෙහෙම කියනවා :
Dawson. that should be "apurva". I did not send the article to Boondi. In fact I did not have it with me. "a big thank you" for the one who sent it, now I have a copy!!


කිවුව වෙලාව- 2010-05-22 22:33:03
Dawson Preethi මෙහෙම කියනවා :
බොහොම ස්තුතියි.

බත්තලංගුණ්ඩුව ගැන මා කියවූ නැවුම් විචාරයන් අතලොස්සෙන් මෙම විචාරය සුවිශේෂී වන්නේ එහි සංක්ෂිප්තව දේශීය විදේශීය නවකතා විස්සක පමණ කතුවරුන්ද වශයෙන් සඳහන්ව තුලනාත්මක සහ සංසන්දනාත්මක විග්‍රහය හේතුවෙනි. මෙහි සඳහන් බොහෝ පොත් හඹා ගොස් කියවන්නට ද මෙම ලිපිය මාලිමාවක් වී ඇත.


කිවුව වෙලාව- 2010-05-22 22:11:37
Dawson Preethi මෙහෙම කියනවා :
"දැවැන්ත නාටකීය සිදුවීම් වලින් තොර මෙම නවකතාවේදී අපධර්ව චරිත, අපධර්ව ශෛලියක් ඔස්සේ නිරූපණය කිරීම වෙඩිවර්ධන ගේ ප්‍රතිභාවට සාක්ෂියකි."

මේ 'අපධර්ව' යන යෙදුමේ ඉංග්‍රීසි වචනය කුමක්දැයි සඳහන් කරන්නේ නම් මැනවි. එම වචනය මට ශබ්දකෝෂයක හෝ සොයා ගැනීමට නොහැකි වූ බැවින් එම වචනය මෙම සන්දර්භයේ යොදා ගැනීම මදක් විවිරණය කරන්නේ නම් කෘතඥ වෙමි.


කිවුව වෙලාව- 2010-05-22 19:44:04
dimsom මෙහෙම කියනවා :
aththatma hoda potak.fillm ekakatunum maru

කිවුව වෙලාව- 2010-05-22 01:38:34
kumaraya මෙහෙම කියනවා :
මමත් බත්තලංගුණ්ඩුව කියෙව්වා මීට ටික කලකට පෙර... හොඳ පොතක් ....

Posted by kumaraya to බූන්දි|BOONDI at 14 May 2010 05:02


කිවුව වෙලාව- 2010-05-16 23:25:55
Podi Wije මෙහෙම කියනවා :
kruthiyata ha nirmanakaruwate sadarenathwya uperimeyen itukela adahs dakvimak.

කිවුව වෙලාව- 2010-05-16 06:55:26
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලියනගේ අමරකීර්තිගෙන් තවත් වියමන්
වෙසෙස්
ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ
වෙසෙස්
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
වෙසෙස්
විවීගේ විශිෂ්ට කවිය හෙවත් ඉංග්‍රීසියෙන් ලියවෙන අපේ කවිය
පොත්
රන්කරඬුවේ ලූ රන්පතේ කුමක් ලියවී තිබේද?
රංග
තුවක්කුවකියි නොකියන තුවක්කුවකි- අද දවසේ විඥානය පිළිබ‍ඳ නිර්දය පරීක්ෂාවක්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook