Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
ජපන් සෙන් කතා-[2] බුද්ධත්වය සහ තවත් කතන්දර
මෙම ජපන් සෙන් කතා චන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවගම විසින් සංස්කරණය කරන ලද ''ජපන් සෙන් කතා'' එකතුවෙන් උපුටා ගැනිණ.
(කලින් පළ වූ කතා කියවන්න මෙතනින් යන්න.)

5. බුද්ධත්වය

කමකුරා යුගයෙහි විසූ ෂිකන් ඇදුරිඳු වෙත පැමිණි එක් ශිෂ්‍යයෙක්, ''මං පුංචි දවසෙ ඉඳලම තෙන්දයි නිකායේ බුදු සමය ඉගෙනගත්තා.-

-මට ඒකේ තේරුම් ගන්න බැරි ගැටළුවක් තියෙනවා. තෙන්දයි වල තියෙනවා තණකොළයි ගසුයි පවා බුදු වෙනවා කියල. ඒක මට හරිම පුදුමයි'' කීය.

ගුරුතුමා : තණකොළයි ගසුයි බුදුවෙන එක ගැන කල්පනා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද? මුන්නැහැ කවදාවත් කල්පනා කළා ද මුන්නැහැ බුදුවෙන්නෙ කොහොමද කියල?''

ශිෂ්‍යයා: නෑ, කවදාවත් නැහැ.

ගුරුතුමා : එහෙනම් ඒ ගැන කල්පනා කරනවා.


6. කේන්තිය

බන්කේයි හිමියන් වෙත පැමිණි එක් ශ්‍රාවකයෙක් ''ආචාර්යපාදයාණන් වහන්ස, මට පාලනය කරගන්න අසීරු තරමට දරුණු කේන්තියක් එනවා. මගේ මේ කේන්ති ගතිය කොහොමද නැති කරගන්නේ?” යි ඇසීය.
ඒ ඇසු බන්කේයි,
''ඒක හරි පුදුමයක් නෙ? කරුණාකරලා ඒක මට පෙන්වන්න'' යි පැවසීය.
''දැන් නම් ඒක පෙන්නන්න අමාරුයි''
''කොයි වෙලාවෙද පෙන්නන්න පුළුවන්''
''ඒක හිටි හැටියෙ බලාපොරොත්තු රහිතවයි ඇත් වෙන්නෙ''
''එහෙම නම් ඒක ඔබේ හැටි ස්වභාව වෙන්න විදියක් නැහැ. නියම ස්වභාව නම් ඕනෑම මොහොතක පෙන්නන්න පුළුවන්වෙන්න ඕනෑ. ඒක නිසා ඔය කේන්ති ගතිය ඇති වෙන කොට පොඩ්ඩක් කල්පනා කරන්න. මේක ඔබේ ජන්ම උරුමයක් වත් මාපියන්ගෙන් ලැබුණු දායාදයක් වත් නෙමෙයි. ඒක එහෙම නොවේද කියලා කල්පනා කරල බලන්න.''


7. ජීවමාන බුදු කෙනෙක්

සෙන් ගුරුවරු භාවනා කර්මස්ථාන දෙන විට අන් අයට නිකරුණේ ළඟ සිටීමට ඉඩ නොදෙති.

මොකුරායි නමැති සෙන් ගුරුතුමා හමු වී කතාබහ කරන්නට එන්නවුන් අතර මෝඩ මේසන්බාස් කෙනෙක්ද සිටියේය. ඔහුගේ සිරිත මොකුරායි සමඟ පල් හෑලි කතා කරමින් සිට තේ කෝප්පයක් බී කාලය නාස්ති කිරීමය.

දිනක් ශිෂ්‍යයකුට කර්මස්ථාන දෙනු රිසි වූ මොකුරායි වෙනත් කාමරයකට වී ටික වේලාවක් සිටින ලෙස බාස් උන්නැහේගෙන් ඉල්ලීය. හේ මෙසේ කීය.

''මගේ දැනුමේ තේරුමේ හැටියට තමුන්නාන්සේ ජීවමාන බුදු කෙනෙක්. විහාර ගෙයි ඉන්න ගල්බුදු හාමුදුරුවන්වත් ළඟට ආපු මිනිහෙක් එළවන්නෙ නැහැ. ඉතින් තමුන්නාන්සේ මොකද මාව එළවන්නෙ?''

අන්තිමේදී මොකුරායිට ගෝලයාට කර්මස්ථාන දීමට වෙනත් කාමරයකට යාමට සිදුවූයේය.


8. නම්පත

කියෝතෝවේ සුප්‍රසිද්ධ සෙන් ආචාර්යවරයකු වූ කෙයි චූ හිමියන් බැහැදැකීමට දිනක් ක්යෝතෝවෙහි ආණ්ඩුකාරතුමා පැමිණියේය. ආණ්ඩුකාරතුමා සිය නම්පත පන්සලේ ගෝලයා අත නාහිමියන් වෙත යැවීය. එහි මෙසේ සටහන් විය.

කිතගකි
ක්යෝතෝවේ ආණ්ඩුකාරතැන


නම්පත කියවූ කෙයිචූ ගෝලයාට මෙසේ කීය.

''මෙහෙම මිනිහෙක් එක්ක මට කිසිම වැඩක් නැහැ. මිනිහට කියන්න ආපු අතක් බලාගෙන යන්න කියලා''

ගෝලයා ආණ්ඩුකාරතුමාට නම්පත ආපසු දී සමාව අයැද සිටියේය.

''නෑ, නෑ වැරද්ද මං අතේ'' යි පැවැසූ ආණ්ඩුකාරවරයා නම්පතේ, ක්යෝතෝවේ ආණ්ඩුකාර තැන යන්න කටුගා, මේක අරගෙන සිහින් ආයිත් ගුරුතුමාට කියන්න මට එතුමා හමුවෙන්න ඕනෑ කියලා'' යි කීය.

නම්පත බැලූ ගුරුතුමා,

''ආ...කතගකි ද? මට මිනිහ මුණගැහෙන්නත් ඕනෑ කරල තිබුණා. එන්න කියන්න''යි පැවසීය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Japanese Zen Stories
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Nishanka මෙහෙම කියනවා :
@ lalla

Sirawatama


කිවුව වෙලාව- 2011-06-21 03:58:25
Lalla මෙහෙම කියනවා :
ගුරුතුමා : තණකොළයි ගසුයි බුදුවෙන එක ගැන කල්පනා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද? මුන්නැහැ කවදාවත් කල්පනා කළා ද මුන්නැහැ බුදුවෙන්නෙ කොහොමද කියල?''

lassanama thana meka mata


කිවුව වෙලාව- 2010-05-14 05:25:39
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook