Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මහ මුහුද තෙලෙන් පිරවීම| 1 කොටස| AN AMERICAN CHERNOBYL
බූන්දි, 22:34:06
ඇමෙරිකාව විසින් ගැඹුරු මුහුදේ බොර තෙල් කැණීමට එරෙහිව පනවා තිබූ දශක දෙකකට වැඩි තහනම ඉවත් කිරීමට ජනාධිපති බැරැක් ඔබාමා තීරණය කළේ පසුගිය මාර්තු තිස් එක් වෙනිදාය. ඒ අනුව අත්ලාන්තික් හා ඇලස්කානු සාගර කලාපයේ මෙන්ම ෆ්ලොරිඩා වෙරළින් ඈත ගැඹුරු මුහුදේ බොර තෙල් කැණීම සඳහා අක්කර මිලියන තුනක සාගර තලයක් සමාගම් සඳහා බදු දීමට කටයුතු සැලසිණි. වොෂින්ටන් නගරයේ දී පැවැති දේශනයක දී මුල්වරට මේ බැව් හෙළි කළ ජනාධිපති ඔබාමා ගැඹුරු මුහුදේ සිදුකරන කැණීම් වලදී තවදුරටත් තෙල් කාන්දු වීමට අද වන විට ඉඩක් නැති බව සහතික කළේය. එහෙත් එම ප්‍රකාශය සිදුකර මසක් ගතවීමටත් මත්තෙන් දේශපාලන විචාරකයන් හා පරිසරවේදීන් විසින් ‘ඇමෙරිකන් චර්නොබිල්’ යනුවෙන් පට බැඳි මහා පිපිරුම, මෙක්සිකාණු මුහුදු බොක්කෙහි තෙල් කැණීමේ අට්ටාලයක් ආශ්‍රිතව අඩි 5000 ක් ගැඹුරු මුහුදේ සිදුවිය. ඒ අප්‍රේල් විසිවෙනිදාය.

ඩීප්වෝටර් හොරයිසන් (Deepwater Horizon) නමින් නම්කර තිබූ මෙම ගැඹුරු මුහුදේ බොර තෙල් කැණීමේ අට්ටාලය ගොඩනංවා තිබුනේ ලූසියානා වෙරළින් කිලෝමීටර් 80 ක් ඈතිනි. පිපිරුමත් සමඟ අට්ටාලය මුහුදේ ගිලුණු අතර එහි සිටි කම්කරුවන් 11 දෙනෙකු අතුරුදහන් වී (සියලුදෙනාම මියගොස් ඇතැයි සැළකේ) 17 දෙනෙකුට තුවාල සිදුවී ඇත. මේ වන විට පිපිරුමේ ප්‍රතිඵලයක් ලෙසින් දිනකට ලීටර 800,000 කට වැඩි දැවැන්ත බොර තෙල් ප්‍රවාහයක් මෙක්සිකාණු මුහුදු බොක්කට නිකුත්වෙන බව අනුමාන කෙරේ (තෙල් ප්‍රවාහය නිශ්චිතව මිනිය නොහැකි බැවින් එය දිනකට ලීටර 4,000,000 ක් දක්වා වෙනස් විය හැකි බව වාර්තාවල සඳහන්ය). මේ ලිපිය ලියන මොහොත වන විටත් වර්ග කිලෝමීටර 8,000 කට අධික තැඹිලි පැහැ බොර තෙල් තරලයකින් සාගර ජල කදම්භය වැසී ඇති අතර දිනෙන් දින එය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

දකුණු කොරියානු හුන්ඩායි (Hyundai Heavy Industries) සමාගම විසින් 2001 වසරේ දී සැළසුම් කර ඉදිකර තිබූ , දිගින් මීටර 221 ක් හා පළලින් මීටර 78 ක් වූ මෙම ‍බොර තෙල් කැණීම් පද්ධතිය අයිතිව තිබුණේ ඇමෙරිකාවේ ට්‍රාන්ස්ඕෂන් (Transocean Ltd.) සමාගමටයි. එහෙත් මෙම අනතුර සිදුවනවිට ට්‍රාන්ස්ඕෂන් සමාගම විසින් කැණීම් කටයුතු ඇමෙරිකානු තෙල් නිශ්පාදනයේ දැවැන්තයෙකු වන, ලන්ඩනය කේන්ද්‍රීයව ක්‍රියාත්මක වෙන බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගම (Brtish Petrolium ) සඳහා 2013 නොවැම්බර් මාසය දක්වා බදු වශයෙන් ලබා දී තිබුණි. ඔබාමා රජය විසින් මෙම අනතුරෙහි පූර්ණ වගකීම බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගම ‍වෙත පවරනු ලබන්නේ එහෙයිනි.

‍එහෙත් ධනවාදී ඇමෙරිකානු එක්සත් ජනපද රජයට එලෙසින් ඇඟ බේරා ගත හැකිද? ධනවාදය හැම විටම ඉතාමත්ම ලාභදායී එමෙන්ම පරිසරයට හානිදායක වූ ඉන්ධන පොසිල මහ පොළොවෙන් සූරාකෑම මත යැපෙයි. ඔවුන් සැම විටම සිතන්නේ කෙටි කාලීන මෙන්ම ක්ෂනික ව පහසුවෙන් උපයාගත හැකි ලාභය ගැනයි. වරක් එංගල්ස් පැවසූ පරිදි ‘ධනවාදී සමාජයේ පුද්ගල ප්‍රපංච, නිෂ්පාදන හා හුවමාරු ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ ඒ මොහොතෙහි ලැබෙන ලාභය ගැන වෙනුවෙන් බැවින් ළඟම හා ක්ෂනික ප්‍රතිඵල පළමුවෙන් සළකා බැලිය යුතුව ඇත. එවිට ස්වභාව ධර්මයට අදාලව නිෂ්පාදන පිළිවෙළ තුළ සමාජයට ප්‍රමුඛ වන්නේ එම ක්ෂනික මෙන්ම වාස්තවික ප්‍රතිඵල පමණකි’.

පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ගැඹුරු මුහුදේ බොර තෙල් කැණිම් සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් නොදැක් වූ ඔබාමා, විශේෂයෙන් ම අද ධනවාදය අර්බුදයට යමින් පවතින මොහොතේ ඒ වෙනුවෙන් යුහුසුළු ව ක්‍රියාත්මක වෙයි. මේ වන විට ක්ෂනික හා පහසුම ලාබ ඉපැයීමේ බරපතළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතී. ඒ සඳහා ස්වභාවික සම්පත් මංකොල්ලය ළඟම ඇති විසඳුමයි.

අනතුර ඇතිවීමට හේතුව නිශ්චිතව සොයාගෙන නොමැති නමුදු තෙල් නළයෙහි රැඳුණු විශාල මීතේන් වායු බුබුළක පිපිරුමක් හේතු වියහැකි බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තාකර තිබුණි. එහෙත් එය පිටුපසින් අති ගැඹුරු මුහුදේ (අඩි 5000 ක) තෙල් කැණීම් සඳහා බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගම වෙත අත්දැකීම් නොමැති වීමද එවැනි පද්ධතියක් සැළසුම් කර ගොඩ නැංවීමට හුන්ඩායි ආයතනයට පළපුරුද්දක් නොමැති වීමද මූලික හේතුව බව ක්ෂේත්‍රයේ පළපුරුදු ඉංජිනේරුවෝ පවසති. වි‍ශේෂයෙන් ම තෙල් කාන්දු වීම්, සේවක ආරක්‍ෂාව හා පරිසර හානිය නොතකා හැරීම සම්බන්ධයෙන් බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගම වෙත ඇත්තේ ඉතාමත්ම නරක ඉතිහාසයකි. 1997 ජනවාරි සිට 1998 මාර්තු දක්වා පමණක් එම සමාගම තෙල් කාන්දු වීම් 104 කට වගකිව යුතු විය. මීට වසර පහකට ඉහතදී ටෙක්සාස් නගරයේ පිහිටි බ්‍රිටිශ් පෙට්‍රෝලියම් තෙල් පිරිපහදුවේ සිදුවූ හදිසි අනතුරෙන් කම්කරුවන් 15 දෙනෙක් මරුමුවට පත්ව 180 කට තුවාල සිදුවිය. සේවක ආරක්‍ෂාව හා පරිසරය සම්බන්ධව විවිධ උල්ලංඝනය කිරීම් සඳහා පසුගිය වසර කිහිපයේ පමණක් මෙම සමාගම විසින් දඩ වශයෙන් ඩොලර් මිලියන 730 ක් ඇමෙරිකානු රජය වෙත ගෙවා ඇත. පිපිරුම සිදුවන තෙක්ම ඩීප් වෝටර් හොරයිසන් අට්ටාලයේද කිසිම ආකාරයක අනතරු හැඟවීමේ පද්ධතියක් ක්‍රියාත්මක නොවූ බවද අනතුරක් සඳහා කිසිම පූර්ව සූදානමක් (Fail safe method) නොතිබූ බවද එයින් දිවිගලවාගත් කම්කරුවෝ පවසා තිබූහ. එමෙන්ම බොර තෙල් කාන්දුවන සිදුරු වැසීම හෝ අනතුරෙන් මුහුදට ගලාගිය බොරතෙල් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට දින හතරක් ගත වූ බව ට බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගම වෙත ඇමෙරිකානු ජනාධිපති වරයා ම චෝදනා කර කළේය.

අනතුරෙන් සිදුවිය හැකි දීර්ඝ කාලීන හානියෙහි ප්‍රමාණය මේ මොහොතේ කිසිවෙකුටවත් නිශ්චිතව පැවසිය නොහැක. එහෙත් එය සුළුපටු නොවන බව පරිසර විද්‍යාඥයෝ හා දේශපාලන විචාරකයෝ අනුමාන කරන අතර එහි ප්‍රතිඵල වසර ගනනාවක් ම අත්විඳින්නට සිදුවිය හැකි බවට අනතරු හඟවති. මේ වන විට ලූසියානා වෙරළ තීරය වෙත කෙමෙන් ළඟාවෙමින් පවතින තෙල් තරලය ඉදිරි දින කිහිපය ඇතුලත ඇලබාමා හා මිසිසිපි වෙරළ තීරු දක්වාම පැමිණිය හැකි බව නිරීක්ෂකයෝ පවසති. මෙම‍ බොර තෙල් තරලය නිසාවෙන් අවට භූමිභාගයේ ගංගා, ඇළ දොල, විල්, ගොහොරු බිම් ඇතුලුව ඇමෙරිකානු තෙත් බිම් වලින් සියයට 40 ක් පමණ විනාශ වීමේ අවදානමක් පවතී. එමෙන්ම විශේෂක 400 කට පමණ අයත් වූ ඉස්සන්ගේ සිට කොකුන්, දිය බල්ලන් දක්වා ගණනය කළ නොහැකි සත්ව ගහනයක් අනතුරකට මුහුණ දී ඇත. ඉතාමත් ම දැඩි අවදානමකට ලක්ව ඇත්තේ ලූසියානා ප්‍රාන්තයේ වෘත්තීමය මත්ස්‍ය කර්මාන්තයයි. වාර්ෂික ආදායම ඩොලර් බිලියන 2.5 වන ඇමෙරිකාවේ දෙවන විශාලතම මත්ස්‍ය කර්මාන්තය කේන්ද්‍රව ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිතවයි. දැනටමත් ජනගහනයෙන් පහෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට සංඛ්‍යා ලේඛන ගතව ඇති, ධීවර කම්කරුවන් බහුල ලූසියානා ප්‍රාන්තයේ හෙට දවස මෙම අනතුරත් සමඟ ම තවත් දුබල වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අනතුරෙහි ප්‍රමාණය අඩුකර ගනු වස් නොයෙකුත් ක්‍රියාමාර්ග සඳහා මේ වන විට බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාගම යොමු වී ඇත. තෙල් කාන්දු වීමේ සිදුරු තුනෙන් කුඩාම සිදුර මේ වන විටත් වසා දමා ඇති අතර (එමගින් කාන්දු වන තෙල් ප්‍රවාහය අඩු නොවූවද වසා දැමිය යුතු සිදුරු සංඛ්‍යාව අඩුවිණි) පසුගිය ඉරිදා (මැයි 9) වන විට යකඩ සහ සිමෙන්ති යොදවා නිපදවන ලද ටොන් නවයක් බරැති ‍දැවැන්ත ඩෝමයක් (Dome) සිදුරු සහිත ප්‍රදේශය වැසීම සඳහා අනතුර වූ ස්ථානයට නැව්ගත කර තිබුණි. පුණීලයක හැඩැති මෙම ඩෝමය මඟින් කාන්දු වන බොර තෙල් එකතුකර, පාලනය කර ගොඩ බිම වෙත පොම්ප කිරීමට සැලසුම් කර ඇත.

මේ වන විට මුහුදු ජලය මත පාවෙමින් පවතින තැඹිලි පැහැ තෙල් ස්ථරය ඉවත් කිරීමේ කටයුතු ද ක්‍රම ක්‍රමයෙන් සිදුවෙමින් පවතී.තෙල් ස්ථර වෙන් කරමින් කොටස් වශයෙන් ගිණි තැබීම ඉන් එක් ක්‍රමයකි. ස්ථාන කිහිපයකින් ම මුහුදු ජලය මත පාවෙන තෙල් ස්ථරය ජලයෙන් වෙන් කර ගොඩ බිම වෙත පොම්ප කිරීමද සිදුවේ. එහෙත් පරිසරවේදීන්ගේ අවධානයට වඩාත්ම යොමුව ඇත්තේ තෙල් ස්ථරය කුඩා බිඳිති වලට කඩා වෙන් කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රවය සම්බන්ධයෙනි (කැඩී වෙන් වුණු පසු එම බිඳිති ක්‍රම ක්‍රමයෙන් මුහුදු පත්ලට කිඳා බසිනු ලැබේ). මේ වන විට කෝරෙක්සිට් (Corexit) නමින් හැදින්වෙන මෙම රසායනික ද්‍රවය ගුවන් යානා මගින් ලීටර 600,000 ක් මුහුදට ඉසින ලද අතර ලීටර 23, 000 ක් කෙලින්ම අනතුර සිදුවූ ස්ථානයට එකතු කර ඇත. කෙතරම් විද්‍යාත්මක පරීක්‍ෂණ සිදුකළත් උභතෝකෝටිකයක්ව ඇත්තේ මෙම කෝරෙක්සිට් රසායන ද්‍රවය විවෘත පරිසරයක දී කෙතරම් දුරට පරිසරයට හා මිනිස් සෞඛ්‍යයට අහිතකර වනු ඇද්ද යන්නයි. මක්නිසාද යත් දිගු කාලීන හානි සැළකිල්ලට ගෙන රටවල් කිහිපයක්ම මෙම රසායන ද්‍රවය භාවිතය නතර කර ඇති බැවිනි. එහෙත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය හා නෝර්වේ වැනි රටවල් සුළු වශයෙන් මෙම රසායන ද්‍රවය මීට ඉහතදීත් භාවිතා කර තිබිණි (නෝර්වේ හි හදිසි අනතුරකදී භාවිතා කිරීමට ගබඩා කර ඇති මුළු කෝරෙක්සිට් ප්‍රමාණයම දැනට මෙක්සිකානු බොක්කෙහි මෙම අනතුර සඳහා භාවිතා කළ ප්‍රමාණයට වඩා අඩුය). සංසදනාත්මකව සළකා බැලීමේදී බොර තෙල් වලින් සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි අනතුරට වඩා මෙම රසායන ද්‍රවයෙන් වන හානිය අවම බව රසායනික විද්‍යාඥයින් ගේ මතයයි. එහෙත් එයින් පරිසරයට හෝ මිනිස් ශරීරයට හානියක් සිදුනොවන බවක් ගම්‍ය නොවේ. කෙසේ වතුදු ‍ලූසියානු වෙරළ තීරයට කිලෝමීටර කිහිපයක් ඈතින් මේ වන විටත් මෙම තෙල් ඉසීම සිදුවෙමින් පවතී.

දිනකට සාගරය වෙත මුදා හැරෙන බොර තෙල් ප්‍රවාහයේ ප්‍රමාණාත්මක බව සැළකීමේදී මෙය ලෝක ඉතිහාසයේ හදිසි අනතුරකින් සිදුවූ විශාලතම තෙල් කාන්දුව වියහැකි බවට අනුමාන කෙරේ. ඩෝමය යොදවා කාන්දුව පාලනය කිරීමට අපොහොසත් වුව හොත් එය 1979 වසරේ මෙක්සිකානු වෙරළ තීරයේ තෙල් ළිඳක පිපිරීමකින් මාස නවයක් පුරා ගලා ගිය ලීටර මිලියන 530 ට වඩා වැඩිවෙනු ඇත. එය දෙවැනි වන්නේ 1991 වසරේ ප්‍රථම ගල්ෆ් යුද්ධය අතරතුරේ දී ඇමෙරිකා ආක්‍රමණයෙන් බේරීමට ඉරාක තෙල් ටැංකිකරුවන් විසින් පොළොව මත උවමනාවෙන් මුදා හළ බොර තෙල් ලීටර මිලියන 2000 ක ධාරිතාවට පමණි. 1987 අප්‍රේල් 27 දා රුසියානු චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිපිරීමෙන් සිදු වූ හානියට සමාන හානියක් දිගුකාළීන ව සිදු විය හැකි බවට දේශපාලන් විචාරකයන් හා පරිසරවේදීන් විසින් අනුමාන කරන්නේ එබැවිනි.

දිනකට ලීටර 790,000 – 4,000,000 ක දැවැන්ත බොර තෙල් ප්‍රවාහයක් සාගරය වෙත මේ මොහොතේ දීත් නිකුත් වේ. සියලු දෙනාගේ ම බලාපොරොත්තුව ඩෝමය සාර්ථක වනු ඇතැයි වුව ද එය සාර්ථක නොවීමට වැඩි සම්භාවිතාවක් ඇති බව බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාග‍මේ ම ඉංජිනේරුවන් පවසති. මක් නිසාද යත් අඩි 5000 ක් ගැඹුරු මුහුදු පත්ලෙහි බොර තෙල් කාන්දු වන සිදුරු ඇති තැන නිවැරදි ව සොයා ගැනීමට තිබෙන අපහසුවයි. එවන් ගැඹුරු මුහුදෙහි ස්වයංක්‍රීය රොබෝ වරුන් හෝ කැමරා යෙදවීමද අතිශය අමාරු හා අසාමාන්‍ය මිල අධික කටයුත්තකි. තෙල් කාන්දුව නවතාලීමට ඇති නිශ්චිත ක්‍රමය වන්නේ එම තෙල් නිධිය ම වෙනත් ස්ථානයකින් සිදුරු කර බොර තෙල් ගොඩ බිම වෙත පොම්ප කිරීමයි. එහෙත් ඒ සඳහා ගතවන අවම කාලය මාස තුනක් පමණ වේ. එමෙන් ම නිධියෙහි බොර තෙල් අවසන් වීමෙන් නිධිය විසින් ම බොරතෙල් ප්‍රවාහය නතර වීමේ හැකියාවක් ද තිබේ. තෙල් නිධියෙහි පරිමාව නිවැරදිව ඇස්තමේන්තු කර නොමැති බැවින් ඒ සඳහා ගත වෙන කාල සීමාවක් ගැන කිසිවෙකුත් නොදනී.

කෙසේ වෙතත් තිත්ත ඇත්ත වනුයේ මෙය වළක්වා ගතහැකිව තිබූ අනතුරක් බවයි. එහෙත් ඒ සඳහා අවශ්‍ය උවමනාවක්, ක්ෂනික හා පහසුම ලාභය ස්වභාවධර්මයෙන් සූරාකෑම ට උපන් හපන් ඇමෙරිකානු එක්සත් ජනපදයට හෝ බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාග‍ම වැනි ධනවාදී ආයතන වෙත ඇතැයි සිතිය නොහැක. ඇමෙරිකානු රජය අති ගැඹුරු මුහුදෙහි තෙල් කැණීම් දිරිගන්වනු නමුදු ‍මෙවැනි අති දරුණු විනාශයන් වළක්වා ගැනීමට උසස් තාක්‍ෂණය යොදා ගැනීමට සමාගම් වෙත බල නොකරන්නේ හා අති ගැඹුරු මුහුදෙහි තෙල් කැණීමට අදාල රෙගුලාසි තවමත් නිසිපරිදි සකසා නොමැත්තේ, සියල්ල ලාභය වෙතම කේන්ද්‍රව ඇති බැවිනි. ධනවාදය නිර්දයව යොමුවන්නේ ස්වභාවික සම්පත් රිසි පරිදි කොල්ලකෑමට යි. එහිදී සිදුවන කෙටි හෝ දීර්ඝ කාළීන විනාශයන් ඔවුන් විසින් නොතකා හරිනු ලැබේ. බ්‍රිටිශ් පෙට්‍රෝලියම් සමාග‍මෙහි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් හේවෝඩ් ‘මෙම කාන්දුව අපි කවදාක හෝ නවත්වනවා. ඒත් ඒ කවදාදැයි අපිවත් දන්නෙ නැහැ’ යනුවෙන් සැහැල්ලුවෙන් පවසන්නේ එබැවිනි.

පසු සටහන

මැයි 12 වන දා වන විට අඩි 40 ක් උසැති ටොන් 9 ක් බරැති ඩෝමය ස්ථානගත කිරීම සාර්ථක නොවී මේ වන විට අඩි 5000 ක් ගැඹුරු මුහුදු පත්ලේ අත්හැර දමා තිබේ. ගැඹුරු මුහුදේ අධික සීතලෙන් මිදුණු මඩ සහ ද්‍රව ස්ඵටික නිසාවෙන් එය තවදුරටත් පහසුවෙන් ප්‍රයෝජනයට ගත නොහැකි ව ඇත. මේ වන විට දෙවන උත්සාහය වශයෙන් තවත් ඩෝමයක් මේ වන විට ස්ථාන ගත කරමින් පවතී. හාස්‍ය දනවන කාරණය වන්නේ මෙවර සකසා ඇති ඩෝමයේ සංසන්දනාත්මක ව ප්‍රමාණයෙන් කුඩා බවයි. උසින් අඩි 5 ක් හා විශ්කම්භයෙන් අඩි 4 ක් වන ටොප් හැට් (Top Hat) නමින් හැඳින්වෙන මෙම ඩෝමය දින කිහිපයකින් නිමවා මේ දෙවන උත්සාහය දරන්නේ සති කිහිපයක් නාස්ති කර තට්ටු ගොඩනැගිල්ලක තරමේ දැවැන්ත ඩෝමය අසාර්ථක වී‍මෙන් පසුව‍ය. මෙ වන විටත් අනතුර සිදුවී දින 20 කටත් වඩා ගත වී ඇත. පෙර පරිද්දෙන්ම මහ සාගරය වෙත තෙල් ප්‍රවාහය ගලා යමින් පවතී.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An American Chernobyl
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Bandula J මෙහෙම කියනවා :
really useful!
thanks mahesh for sharing


කිවුව වෙලාව- 2010-07-05 22:59:55
අඥාත මෙහෙම කියනවා :
thats what they doing to our Earth

කිවුව වෙලාව- 2010-06-09 22:09:01
Tharanga මෙහෙම කියනවා :
ෙහාද ලිපියක්...

කිවුව වෙලාව- 2010-05-18 04:29:29
nayomi siriwardena මෙහෙම කියනවා :
well written & nicely brought together. should publish in print media. feel the assertiveness same as your strong poems.

කිවුව වෙලාව- 2010-05-17 05:33:23
Sumana මෙහෙම කියනවා :
me ara sohon kavi liyana maheshda?

කිවුව වෙලාව- 2010-05-16 22:25:16
සජීවනී කස්තුරිඅාරච්චි මෙහෙම කියනවා :
boondi must publish this type articles also. tank you mahesh.

කිවුව වෙලාව- 2010-05-15 01:19:46
Anura Bandara මෙහෙම කියනවා :
bundiye sama nyen kiyawanna labenne nathi widihe lipiyak. hoda lipiyaki.

කිවුව වෙලාව- 2010-05-13 02:51:43
sujeewa මෙහෙම කියනවා :
It is a shame especially for Obama. Obama's green talks shud be walked. He's proving to be a complete policy opposite now.

Oil companies vary from Mafia organizations only for that fact that latter is never audited.


කිවුව වෙලාව- 2010-05-13 00:47:48
Dinuka Saputantri මෙහෙම කියනවා :
gud one..tnx

@FB


කිවුව වෙලාව- 2010-05-13 00:40:27
Rishi මෙහෙම කියනවා :
interesting article

කිවුව වෙලාව- 2010-05-12 23:47:47
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook