Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත්...
මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත් හෙවත් “තමුසෙ පලයං ඕයි ” උභතෝකෝටිකය.
බූන්දි, 02:09:20
දිනය - 2010 අප්‍රේල් 27
ස්ථානය - මරදාන ලංකා අක්ෂය
වෙලාව - සවස 6.00
මාතෘකාව - සිංහල ලිඛිත ව්‍යවහාරයට ව්‍යාකරණමය වෙනසක් අවශ්‍යද?
දේශකයා - අජිත් තිලකසේන

දශක ගණනාවක් තිස්සේ සිංහල භාෂාවේ ව්‍යාකරණමය වෙනසක් පිළිබඳව හුදෙකලා අරගලයක නිරත වන අජිත් තිලකසේනව දැකබලා ගැනීමට පිරිස එක් රොක් වූයේ මින් පෙර සජීවී ව ඔහුව දැක නැති නිසා ත් අසම්ප්‍රදායික ලේඛන රීතියක් අනුගමනය කරන්නෙකු ත් නිසාය. ‘වෙන සැප කුමට ඔබ දකිනා එම පමණ’ ලෙසින් මා ද ඊට එක් වූයේ කාලයක් තිස්සේ මෙන් ම අදටත් ඔහුගේ ලියවිලි තුළ සැරිසරන්නෙක් නිසා ය.

අනෙකාගේ ලේඛන රීතියෙන් හාත් පසින්ම පරිබාහිර වූ ශෛලියක් වැළඳ ගත් ඔහුගේ ආඛ්‍යාන තුළ තිබූ ආකර්ෂණීයමය තත්ත්වය හේතුවෙන් ඔහු කෙරෙහි සැලකිය යුතු පාඨක ප්‍රජාවක් නිර්මාණය වූවා යැයි අපි සිතමු.

ඔහු 1960 සිට 2004 දක්වා කෙටි කතා ග්‍රන්ථ නවයක් ද 1978 සිට 2008 දක්වා කවි සහ සංයුක්ත කවි වශයෙන් කව්‍ය ග්‍රන්ථ ත්‍රිත්වයක් ද නාටය පිටපතක් ද තිර නාටකයක් ද ප්‍රබන්ධ සමහරක් ද සිංහල සාහිත්‍ය වපසරියේ ස්ථානගත කරමින් ලේඛනයේ වෙනස් වූ මගක ඇදෙන්නෙක් ලෙසින් ප්‍රසිද්ධ විය. එසේ පොදු කුලකයන්ගෙන් වියුක්තව හැදී වැඩුණු ලේඛන ආශ්‍රයක් සමග සාකච්ඡා කිරීමට අපි මහත් උද්‍යෝගයෙන් පැමිණියෙමු. මේ අතර සංවාදය තුළ මහාචාර්ය සුචරිත ගම්ලත් ද අසුන්ගෙන සිටීම කාගේත් මන දොළ පුරවන්නට වූයේ භාෂාව සහ ව්‍යාකරණය පිළිබඳව උද්වේගකර කතා බහක් ආරම්භ වීමේ ආශ්චර්යවත් මොහොත දැන් දැන් උදා වේ යැයි සිතූ නිසාය. නමුත් තත්ත්වය එසේ නොවීය. දෙදෙනා වෙනස් සම්ප්‍රදායන් ගුරු කුලයන් දෙකක් නියෝජනය කළ ද ඒ තුළ හීන් නූල් ඒකමිතියක් ගොඩනගා ගත් හ. මෙසේ කොළ වසා ගැසීමේ සාකච්ඡාමය මොහොත උදා විය.

අජිත් තිලකසේන මහතා ස්වකීය ලේඛන රීතියේ ආගමනය සහ එයට බල පෑ සංසිද්ධීන් වර්ෂ වලින් ගෙනහැර දැක්වී ය. එසේ කරුණු රාශියක් ඔස්සේ ඔහු විසින් නිර්මිත ලේඛනයකට හුරු වූ බව කියා පෑවේ ය. තිලකසේන මහතා ගේ සාකච්ඡාවේ දී ඔහු දැඩි ලෙස ප්‍රකාශ කරනුයේ කට වහරින් ලේඛනය සිදු කළ යුතු බව යි. කතා කරන භාෂාවෙන් ලිවීමේ නිරත වීමක් පිළිබඳව අදහස් දැක්වීමේ දී ඉදිරිපස අසුන් ගෙන සිටි සුචරිත ගම්ලත් මහතා නිහඬව අසා සිටියේ ය. කවුරුත් තිලකසේනගේ කට වහරින් කළ යුතු ලේඛනය පිළිබඳව අසා සිටිද්දී නැවත ත් තිලකසේන කට වහරේ ව්‍යාකරණයක් ඇති අතර එය රකිමු යැයි ද ප්‍රකාශ කළේ ගම්ලත් ගේ කනෙන් රිංගා යාමට යැයි මට සිතේ. ගම්ලත් ද එය හිස වනා අනුමත කළේ ඇයි දැයි නම් මා නොදනී.

අවංකවම කට වහරට ව්‍යාකරණයක් තිබේ ද? තිබේ නම් එය කුමක් ද? තිලකසේන පවසන ආකාරයේ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? ගම්ලත් හිස වනා අනුමත කළ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? මාගේ පිළිතුර නම් කට වහරට ව්‍යාකරණයක් නොමැත යන්න යි. ව්‍යාකරණයක් ඇත්නම් එය කට වහර වන්නේ කෙසේ ද? තිලකසේන ගේ ඇන ගැනීම සහ ගම්ලත් ගේ බබා හුකුං නිහඬභාවය අපි තව දුරටත් සාකච්ඡා කරමු. කට වහරට ව්‍යාකරණයක් නැත. ඇත්තේ යුක්තාර්ථයක් පමණි. එය ගම්ලත් ද නොදන්නවා නොවේ ය.

උදා - යුක්තාර්ථවත් වාක්‍ය සමහරක්

1. ගහ කොළ වැල වවන්න.
2. ගල් වැලි ගඩොල් බාන්න.
3. හිරු සඳු තරු බලන්න.
4. මේස පුටු බංකු ගෙනියන්න.

මේ වාක්‍ය වල ඇති වචන එකිනෙක හා ගැලපෙන අර්ථයකින් යුක්ත ය. එකම වාක්‍ය තුළ විසංවාදී අර්ථ සහිත වචන නොමැත. එනම් ගහ කොළ පුටු වවන්න යනුවෙන් පවසා නැත. හිරු සඳු ගඩොල් බාන්න යනුවෙන් පවසා නැත. ඉඳින් දැන් කට වහරේ පවතින යුක්තාර්ථය පැහැදිලි වනවා ඇත. නමුත් තිලකසේන පවසා සිටියේ කුමක්දෝ කට වහරේ ව්‍යාකරණයක් පිළිබඳව ය. ව්‍යාකරණයක් තිබේ නම් එය කට වහරක් වන්නේ කෙසේද යන්න මම නැවතත් ප්‍රශ්න කරමි.

එසේ තිලකසේන ගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් වි සංවාදය ඇරඹිණි. හෂිත සහෝදරයා ගම්ලත්ගෙන් ඇසූ පැනයෙන් සංවාදය උණුසුම් වේ යැයි කවුරුත් සිතුවත් එය එසේ නොවීය. හෂිත ගේ ප්‍රශ්නය වූයේ ‘හඩු සිංහල ලියනවා යැයි ඔබ බැණ අඬ ගසද්දී මෙසේ කට වහරින් ලේඛනය පවත්වා ගෙන යාම ගැන ඔබ එකඟ වනවා ද?’ යන්න යි. ගම්ලත් ගේ පිළිතුර වූයේ දෙකටම නැති මගුල් ලියනවාට වඩා කුමක් හෝ එක දෙයකින් ලිවීම අනුමත කරන බවකි. මා එයට එකඟය. නමුත් ගම්ලත් ගේ සැබෑ පිළිතුර එය නොවන බව දනිමි. ඔහු‍‍‍ගේ කෘති, ලියවිලි සහ දෙසුම් ඇසුරු කරමින් ලද දැනුමින් අප එය දනී. ඒ මොහොතේදී සිදු වූ‍යේ වෙන කිසිවක් නොව ගම්ලත් තිලක‍‍සේන ගේ පිට කැසීමත් තිලකසේන ගම්ලත් ගේ පිට කැසීමත්ය. සංවාදයක් ලෙස මතු විය යුතු හෂිත ගේ පැනය ලත් තැනම ලොප් කර දැමුණි. ඉන් පසුව මේ තරම් සළු පිළි අන්දවන ගම්ලත් ගෙන් අපේ අධෝ මාර්ග බේරා ගැනීමට සිදු විය.

එසේම ගම්ලත් ගේ විසංවාදී පිළිතුරු ඇරඹුණේ හෂිත සහෝදරයාගේ දෙවන ප්‍රශ්නයේ දී ය. එනම් ‘භාෂාව සන්නිවේදන මෙවලමක් ලෙස ගෙන ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස අතහැර අදහස් හුවමාරු කිරීමට පමණක් ලඝු කරමු ද?’ යන්න යි. එයට ගම්ලත් ගේ පිළිතුර වූයේ එය භාෂාව පිළිබඳව නොදැනුවත් භාවයෙන් අසන ලද්දක් බවයි. ගම්ලත් දෙවන ප්‍රශ්නයේ දී ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගැන දැඩි මතයක් දරන අතර පළමු ප්‍රශ්නයේ දී එය එසේ නැතැයි යන්න ගම්‍ය වන පිළිතුරක් ලබා දුණි. ගම්ලත් ට තිලකසේන සමග තිබෙන ඇඟෑලුම් කමකට හෝ වෙන මොන යම් හෝ දෙයක් හේතුවෙන් පය බරයාවට තබා පිටිකර බෙහෙත් බඳින තත්ත්වයට හෝ පීරා ඈතින් කෙස් ගෙනත් තට්ටය යන්තමින් වසා ගැනීමට සිදු විය.

මෙම සංවාදය පුරාම වාදයන් ප්‍රතිවාදයන් ගැටී ගොඩනගා ගත හැකි සාර්ථක සහවාදයක ලක්ෂණයක් තියා සෙවණැල්ලක් වත් නොපෙනුණි. අසාර්ථක සංවාදයක් තුළ අජිත් තිලකසේන සහ සුචරිත ගම්ලත් යන දෙදෙනා ගේ හූරු තුඩ සීවල් තැබුවා සේ දෙදෙනා දෙපොලක දෙතැනක කොහේදෝ හාරා ගෙන ගියහ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වී පොල්ලෙන් ගසා ගන්නට බලා සිටිය වුනට සිදු විය.

තිලකසේන සිංහල භාෂාව සරල සුගම කිරීමේ හුදෙකලා අරගලයක නිරත වුව ද එය තාර්කික ව ඉදිරිපත් කර ස්වකීය මතය කාන්දු කිරිමේ ඇති අපොහොසත්භාවය සංවාදය පුරාම පැවතුණකි. භාෂාවක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන කරුණු වල අනාගත සත්තාව පිළිබඳවම ඇත්තේ අපැහැදිලි බවකි. ඔහුගේ අක්ෂර සහ පිල්ලම් පිළිබඳව මාගේ ප්‍රශ්න කිරීමේ දී එයට, බාල ගිරි දෝෂය අද නෑ හෙට යනුවෙන් පිළිතුරු ලැබුණි. තවද න, ණ, ල, ළ අක්ෂර යෙදීමේ දී එක අකුරක් පමණක් භාවිතයට ගැනීමේ දී වචනයකට සිදුවන අර්ථ සංහාරය පිළිබඳ ප්‍රශ්නයේ දී එම අකුරු යෙදෙන පරිසරය මත පිහිටා අර්ථය තේරුම් ගනිමු යැයි ප්‍රකාශ කිරීම මට අනුව නම් යුක්ති සහගත නොවන්නකි. මන්ද කවියක දී එය කිසිසේත් ම වලංගු නොවන්න කි. කවියෙකු ට ස්වකිය ප්‍රතිභානය හා මුසුව ගොඩනගන අවස්ථාව මතම වෙනස් අර්ථ මතු කිරීමේ උපකරණමය හැකියාව ඉන් අහිමි වන අතර සහෘදයෙකු ට වුව ද රස විඳීමේ දී බරපතල රස වින්දන බාධා පමුණුවනු ඇත.

උදා -
කල - කාලය
කළ - ක්‍රියාව
මල - පුෂ්පය
මළ - මැරුණු

කවියක මෙසේ සඳහන් වුණි යැයි සිතන්න.
1. ‘ රෑ කළ වැඩ......’
2. ‘ ඉර මළ ට පසු......’

තිලකසේන මහතාගේ උගැන්වීම් ව්‍යාකරණයට අනුව මෙය ලිවිය යුත්තේ මෙසේය.
1. ‘ රෑ කල වැඩ......’
2. ‘ ඉර මල ට පසු.....’

මොහු ගේ ඉගැන්වීම මත මෙහි පරිසරය මතවත් අර්ථය වටහා ගත නොහැක. පළමු වැකියේ රෑ කරනු ලැබූ වැඩ ගැන අදහස් කරයි. එය තිලකසේන න්‍යායේ දී රෑ කාලයේ වැඩ ගැන අදහස් දෙයි. එහිදී කවියා ලියූ දේ වැරදි විදියට අර්ථ නිරූපණය වෙයි. දෙවන වැකියේ දී ඉර මැරණාට පසු යන්න ගම්‍ය වෙයි. නමුත් එයම තිලකසේන න්‍යායට අනුව ලිවිමේ දී ඉර නමැති මල ලෙස හාත් පසින්ම වෙනස් ම වූ අර්ථ සංහාරයක් සිදු වෙයි. එනම් මුල් අර්ථයෙන් පරිබාහිර රූපකාර්ථයක් ගනී. එසේ හෙයින් කවියක දී අකුරු යෙදෙන පරිසරය අනුව වත් නිවැරදි අර්ථය සොයා ගත නොහැකි බව තිලකසේන තේරුම් ගත යුතුව ඇත.

සංවාදය අවසානයේ මා පෞද්ගලිකව ඔහු සමග කළ ප්‍රශ්න කිරීමේ දී ලේඛනයේ දී කට වහර භාවිතා කිරීම මගින් අර්බුද සමනය වන බවක් නැවත ප්‍රකාශ කළ ද කතා කරන භාෂාවෙන් ලිවීමේ දී යම්කිසි ගද්‍ය ආඛ්‍යානයක ප්‍රමිතිගතභාවය අපි කෙසේ නිර්ණය කරමු දැයි ඇසූ විට ඔහුට ඒ සඳහා පිළිතුරක් නොතිබුණි. එහිදී ඔහු කලින් කී දෙයක් නැවතත් කියමින් ලේඛන වහරත් කට වහරත් සම්මිශ්‍රණය කොට ලිවීම හෙවත් ඇට්ටකුණා කර ගැනීමක් (ගම්ලත් ට අනුව හඩු භාෂාව) වැනි මධ්‍යම ප්‍රතිපදා බෝලයක් පාස් කරයි. හඩු සිංහලයට පුන පුනා බනින ගම්ලත් ද එවිට මුනිවතම රැක සිටියේ එවැනි ලේඛනයකට හැන්සාඩ් වාර්තාව උදාහරණයක් ලෙස තිලකසේන පෙන්වා දෙද්දී ය.

තිලකසේන පෙන්වා දෙන ආකාරයට කට වහරින් ලිවීම ඇරඹුන හොත් මෙවැනි දෑ සිදු වනු ඇත.

1. ළමයෙකුට හෝඩිය සහ අකුරු ලිවීම පමණක් උගැන්වීම ප්‍රමාණවත් වේ. ඉන් ඔබ්බට සිංහල භාෂා ගුරුවරු පාසල් වලට අවශ්‍ය නැත.

2. වර්තමාන සිංහල හෝඩිය සහ අකුරු ලිවීම කියවීම ළමයෙකුට උගැන්වූ පසු ඔහු සිංහල භාෂාවේ පරිපාකයට පත් වීම.(මන්ද තිලකසේනට අනුව භාෂාවේ වෙනත් යමක් ඉගෙන ගැනීමට නොමැති විම සහ ඉන් පලක් නොවිම. - මෙය බැලූ බැල්මට නම් මරු ය. )

3. ඒ අනුව පාසල් වල සිංහල භාෂාව යනුවෙන් ප්‍රශ්න පත්‍රයක් සෑදිය නොහැකි වීම. (ඉන් පසුව සිංහල භාෂා ගුරුවරු ත්‍රීවිලරයක් හෝ පදවා එදා වේල සරි කර ගත යුතු වේ. සන්නස්ගලට නම් එසේ කළ යුතු නොවේ.)

4. භාෂාවේ ව්‍යාකරණමය කිසිඳු අංගයක් පිළිබඳව නොසලකා ලේඛනයේ යෙදිය හැකි වීම. උක්ත ආඛ්‍යාත වල සිට වචනත්‍රය, කාලත්‍රය, පුරුෂත්‍රය හරහා විභක්ති, සමාස, සන්ධි, කර්මකාරක, කෘදන්ත, තද්ධිත ඈ මෙකී නොකී සියලුම දෑ අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලෑම. එය ද ප්‍රශ්නයක් නැත. නමුත් ඉක්බිතිව මැටි මෝලුන් සේ ලිවීමේ නිරත වන ප්‍රජාවක් උත්පාදනය වීම.

5. සිංහලයේ මෙතෙක් තිබූ භාෂණය සහ ලේඛනය යන දෙවදෑරුම හැඳි ගා අතු ගා දමා භාෂණයම ලේඛනය ලෙස වැළඳගැනීම. (කුණු හරුප බහුල ලෙස අපේ කට වහරේ තිබෙන බැවින් අමු තිත්ත කණු හරුපයෙන් ද ලේඛනයේ යෙදිය හැකි වීම. යමෙක් ඒ ගැන ප්‍රශ්න කළොත් අපි තිලකසේන මහත්තයා කියා දුන් කට වහරින් ලියනවා යැයි කිව හැක)

6. කට වහරින් ලිවීම හුරු කරන තැන්හි සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය විස්ථාපනය වී නූතන සාහිත්‍ය කෘති ද පුස්තකාල ද කුණු ගොඩවල් වී වැළලී යන තැන් හි සාහිත්‍යක් පිළිබඳ ව සුභ සිහින දැකීම හමාර වීම.

7. කට වහරින් ලිවීම ප්‍රගුණ කළ වුන් කතා කරන භාෂාවෙන් සිංදු ලිවීමට පටන් ගැනීම. (අදට ත් මෙය අඩු වැඩි වශයෙන් සිදුවන අතර මේ අනුව අධෝ මුඛයෙන් වමනෙ යන ගීත අනාගතයේ දී ඇසෙනු ඇත.)

කරුණු එසේ වුව ද තිලකසේන මහතා සංවාදයට ප්‍රවිෂ්ට විය යුතු ව තිබුණේ එසේ නොව. ඔහු ප්‍රකාශ කළ යුතු ව තිබුණේ මා නිවැරදිව භාෂාව හදාරා සම්ප්‍රදාය අත්හල බව ත් ඔබ ද නිවැරදිව හදාර අවශ්‍ය නම් ඔබේ ආඛ්‍යාන රීතිය ගොඩනගන්න යන්න යි.

මෙම සාකච්ඡාව තුළ මතු නොවුව ද ඔහු විසින් පෙන්වා දෙන සඤ්ඤක ‘අ’ අකුරත් සඤ්ඤක ‘හ’ අකුරත් වර්තමාන සිංහල හෝඩියට ඈඳිය යුතු බව මම පිළිගන්නකි. හැඬුම් හඬක් හෝ එවැනි ශබ්දයක් ලිඛිතව ලිවීමට ඇති අපහසුතාවය ඔහු විසින් දැකීම පසසමි. තිලකසේන ගේ හුදෙකලා අරගලයේ සාධනීය අංගෝපාංගයන් අගයන අතර ඔහුගෙන් ව්‍යුත්පන්න වන කතිකාව භාෂාවක අනාගත පැවැත්ම සඳහා ප්‍රබල පිටිවහලක් නොසපයන බව කණගාටුවෙන් කිව යුතු ය.

භාෂාවක් අලුත් විය යුතුය යන්න අතීත විද්වතෙක් පල කළ අදහසක් ඔහු මෙහි දී ගෙන හැර දැක් වී ය. “කැණීම් කරද්දී ශත වර්ෂ ගණනාවක් ඉපැරණි පිහියක් හමු වූ විට අපි එය පාන් කපන්න ගන්නවා ද? එසේත් නැතිනම් එය කෞතුකාගාරයේ තබනවා ද ?” නමුත් මා කියා සිටිනුයේ එය තවමත් මුවහත් නම් එය පරයා යන නිෂ්පාදනයක් ද තවම නොමැති නම් පාන් කැපීමට සුදුසු ම පිහිය එය බව යි. භාෂාවක් ගතික ය. ක්‍රම ක්‍රමයෙන් අලුත් වන බව නිසැක ය. නමුත් තිලකසේන ගේ නව භාෂාවක එළඹුම් යෝජනා අසංවිධානාත්මක ය. එවන් භාෂාවක අපගමන සම්භාවිතාව ඉතා ඉහල ය.

සංවාදය අතර තුර සුචරිත ගම්ලත් කිසිවක් නොකියා නැගිට යාම මහාචාර්යවරයෙකු ට යුක්ති යුක්ත නොවන අතර ප්‍රධාන දේශකයා වූ අජිත් තිලකසේන ඔහුට එතෙක් ඇහුම් කන් දුන් පිරිස බලා සිටිද් දී කිසිත් නොකියා ම නැගිට යාම පිස්සු පීකුදු ක්‍රියාවකි. මේ සන්තෑසිය වාඩි වී බලා සිටි අප යා යුතු පාර ඇසූ විට “තමුසෙ පලයං ඕයි.....!” වැනි අණ්ඩර දෙමළ උත්තරයක් ඉතුරු කරමින් පැය දෙකක් හමාර විය.

ඉතිං මට ප්ලේන්ටියක් බොන්න සිත් විය.

“ප්ලීස් මෙයා....අර රාක්කෙ උඩ තියෙන කෝප්පෙ කොණ්ඩු වාංග..”

කනේ වැලි අනේ...!
(සංවාසයට විවෘතයි.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ajith Thilakasena, Professor Sucharitha Gamlath
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
roshan මෙහෙම කියනවා :
ramindu kiyana eka hari. machan veeraya wittgenstein wa kiyawapan. bashawa sambanda siyalu gatalu enne bashawa niwadu giyama. katha karaddi oya mokuth naha. bhasha dweeruupathawaya ha basha shuddathma waadee hageema minisaage aadambaraya nisa upannak. mata awasthawa denawanam api me gana lokuwata katha karamu

කිවුව වෙලාව- 2010-05-08 22:24:29
Ramindu Perera මෙහෙම කියනවා :
සිරි ගුනසිංහ ලියද්දි නණ ලළ අත්හැරල ලියුවෙ.ගුනසිංහගේ නවකතාවල තේරුම් ගැනිම ගැන ප්‍රශ්නයක් පුද්ගලිකව මට මතු වුනේ නැහැ.
සමාජවාදි සමානතා පක්ෂයේ ප්‍රකාශන කියවා තිබේ නම් ඔවුන් ලියන්නෙත් නණ ලළ අත්හැරල.ඒව දේශපාලන ප්‍රකාශන.තරමක් සිරියස් විෂයක්.නමුත් තේරුම් ගැනීමේ අවුලක් නම් මට ඇතිවුනේ නැහැ.

පුද්ගලිකව මම ලියන්නෙත් නණ ලළ අත්හැරල.හේතු දෙකක් උඩ.

1.මම දන්න තරමින් න ණ ල ළ බෙදීම තාර්කික නැහැ.ඒක සංස්කෘත වලින් ආව පුරුද්දක් මිස අපේ උච්චාරනය එක්ක ගැටගැහුන ( මහාප්‍රාන අල්පප්‍රාන වගේ බෙදිමක් නෙමෙයි)

2.ඉහත තර්කය උඩ ගැටලුවක් මතුවන්නේ නැති නිසා ලේඛනයේදි නණ ලළ අත්හැරීම පහසුවක්.

වීරයා මතුකරන කවි භාෂාවේ උදාහරන කිහිපය,අර හැමදාම කියන තන / නණ උදාහරනය වගේ අවස්ථා දෙක තුනක් තියනව.මට නම් හිතෙන්නේ මේව ඇත්තටම මතුවෙන ගැටලුවලටත් වඩා තමන්ගේ තර්කය සාධනය කරගන්න උවමනාවෙන්ම අමාරුවෙන් හදාගත්ත උදාහරන.ප්‍රායෝගිකව ඔබ නණ ලළ අත්හැර ලියා තිබේ නම් හා කියවා තිබේ නම් මේ වගේ ප්‍රශ්න මතුවෙන්න තියෙන ඉඩ කොයිතරම් සුලුද කියන එක වැටහෙනවා.

කටබසේ ව්‍යාකරනය නිර්මානකරනයට හෝ ලේඛනයට යොදා ගැනීමේ ගැටලුවකුත් මම දකින්නේ නැහැ.තුංමංහන්දිය කට බසේ ව්‍යාකරනයට අනුව ලියැවුන කෘතියක්.අටවක පුත්තු එහෙමයි.සිරියස් විෂයක් වුනත් කට බසේ වහර යොදාගත්තම යම් කිසි කියවිමට ප්‍රිය මට සිලිටු ස්වරුපයක් ගන්නා අවස්ථා තියෙනවා.

තිලකසේන ඔහුගේ සංයුක්ත කාව්‍ය සංග්‍රහයට ලියපු භාෂාවේ පරිනාමය ගැන හැදින්වීමම ගන්න.කට බසින් ලියා තිබෙන්නේ එතන සිරියස් විෂයක් ගැන.නමුත් කියවීමෙහි කිසිදු අවුලක් නැහැ.ලිඛිත ව්‍යවහාරය මුලුමනින්ම අත්හැර දැමිය යුතුයි වගේ යෝජනාවක් තරමක් සැර වැඩි විය හැකියි.ඒත් කටබසේ වියරනය ලේඛනයට යොදාගැනීම සිරියස් විෂයන් අරභයා වුව සාර්ථක ලෙස කල හැකි බව ඔප්පු වී තිබෙන බව කිව යුතුයි.


කිවුව වෙලාව- 2010-05-04 21:28:45
Prabuddha nuwan මෙහෙම කියනවා :
Roshan kiyana widihata methana prasne tiyenne veerayage nemei.me debidi charitha wala. Namuth veeraya kiyana dewala pahadili visanwadayaknam thiyenawa balu balmata. A thamai thilakaseenage bashawen kavi liyanda ba kiyana veerayama thilakaseenage nirmana thula sarisarana aadaraniya patakayek weema.harinam veerayata tibuna tikakaseena mehema bashawa bavitha karana nisa eyage poth wala tibunu sandigda tan pennala denda.(ehema deyak tibunanam). Mage adahasanam bashawa wenas wenda one.eeth thilakaseenala kiyana widihata hitamata karana wenas kireem walin nemei.bavithayath ekka semen saha seeruwen. Gamlath sannasgalage gana kiyana eewa danaganda kiyawanda eya lankadeepeta liyana gee mini aara.eewage pothuth tiyenawane dan. Gamlathwa hariyatama iganaganda onenam eya issara liw (aththatama me manussaya man iskole yana kale mage icon1k.eekamai mewa gana wadiyenma duka saha tharahath)"sahithya wicharaya saha markswadee wikata rupa" wage pothakuth langin tiyagena kiyawanda one

කිවුව වෙලාව- 2010-05-04 10:41:53
විල්බාවේ මෙහෙම කියනවා :
maxa machan maxa
munta denna one duwanna


කිවුව වෙලාව- 2010-05-04 00:17:51
kumaraya මෙහෙම කියනවා :
මාත් හිතන්නෙ අක්ෂර වින්‍යාසය සහ ණ, න , ළ , ල, භේදය වැනි දෑ අති අවශ්‍ය බවයි.

Posted by kumaraya to බූන්දි|BOONDI Blog at 3 May 2010 22:56


කිවුව වෙලාව- 2010-05-03 23:59:05
Anish මෙහෙම කියනවා :
whatever u have to say u have nicely written that viraya. කනේ වැලි අනේ... lol

කිවුව වෙලාව- 2010-05-03 22:05:31
roshan මෙහෙම කියනවා :
meka liyapu manussayata thiyena awula muta thiyenne sinhala sambanda mokakhari addyapanayak witharayi. mu santhosha wenne mata anith minissunta wadiya sinhala puluwan kiyana hageemen. thilakasenala ekath nathi karnnayi hadanne.

කිවුව වෙලාව- 2010-05-03 21:09:04
මනුරත්න රංගවිද්‍යා මෙහෙම කියනවා :
මහ පොළව සිය උත්පත්තියෙන් අවුරුදු අගණිත ගණනකට පසු සිය පෘෂ්ඨය සිසිල් වී එසැන පෘථිවිය මතුපිට හෙළු හිරු රශ්මියේ විකිරණය ජීවයක් උපදින්නට තරම් තාප ගතික සමතුලිතතාවයකට පත් වූයෙන් එමත ජීවය උපදින්නට සකාරණ විය. වර්ෂ අගණිත ගණනක් වාෂ්ප ලෙස පෘථිවි අභ්‍යවකාශයේ ධූමාකාර ලෙස පැවති ජල වාෂ්ප ඝණීභවනය වී අවුරුදු දහස් ගණනක් ති‍ස්සේ පොළව මත ඇද හැලීමෙන් එමත වූ සියළු ශේෂ වූ ඛනිජයන් සේදී මහා ලවණ සාගරය බිහි විය. මහා වර්ෂාව පොළවට දිය පමණක් නොව විදුලි අකුණු ද ගෙන ආවෙන් විවිධ විද්‍යුත් විභවයන් ඛනිජ ජල ආදී සූපයේ තැවීමෙන් ද ඒ විද්‍යුත් ඝර්ෂණයෙන් විවිධ බහුඅවයවික ද ප්‍රෝටීන ද ඇමයිනෝ අම්ල ධාතු ද බිහි වන්නට විය. ඒවා සියල්ල ඛනිජ සාගරයේ තැන් තැන්වල ජීවයේ ආදී තිඹිරි ගෙවල් සදන්නට විය.

සූර්යයා ධරණි තලයට ප්‍රශස්ත උෂ්ණත්වය සැපයූ පරිදිම සිය විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රාභිධාන ශක්ති තරංගයන්ගේ ආලෝකයේ වර්ණාවලිය සුපේශල ලෙස ද පවත්වන්නට වුනි.

සියල්ලන්ගේ අක්ෂීහු එම ආලෝකයේ වර්ණාවලියේ අධෝරක්තයන් සැඟැවූ අන්තයේ සිට පාරජම්බුල කිරණයන් රැඳුනු අන්තය තෙක් වූ තරංග ආයාමයන් සහ සංඛ්‍යාතයන් හි ෆෝටෝනයන් කෙරෙහි සිය අක්ෂි තුළ වූ කේතු සහ යෂ්ටි සෛලයන් සංවේදී වී ඉලෙක්ට්‍රෝන අසමතුලිතතාවයෙන් සිය දුර්වල අක්ෂි ස්නායු ඔස්සේ සංඥා විසුරුවමින් මොළයේ විවිධ සූක්ෂම නියුරෝන රොතු බුරුතු අස්සෙන් විනිවිද සිය විකේතනයට සුදුසු බිම් කඩවල් සොයා ගත්තෙන් මිනිසා ඇතුළු අක්ෂිධාරීන් ලොව දකින නෙත් ලබා භාෂාවේ තිඹිරිගෙය සදමින් හුන්නේය.

ආලෝකෝ උදපාදී යනාදී ලෙස සියල්ල ආලෝකය ඉදිරියේ නිරාවරණය වූයෙන් මිනිසා ප්‍රමුඛ අක්ෂිධාරීහු සිය නෙතට හසු වූ සෑම දේම නම් කරමින් සිටියහ.

ආලෝකයේ හේතුවෙන් සියළු නාම පද ද නාම පදවලින් ආලෝකය නැති රාත්‍රියේ හේතුවෙන් ක්‍රියා පදද උත්පත්තිය ලද්දේය.

ඉන්පසු අවශේෂ සත්වයන් අතරින් මිනිසා අනවශ්‍ය වචන ද රාශියක් නිර්මාණය කරගැනීමට ප්‍රමුඛ වූයෙන් ලෝකය දසමූලාරිශ්ටයක් වී වියවුලක් බවට පත්විය.

ඉන් පසු භාෂාප්‍රේමීහු ණනලළ භේද වැනි දේ අරභයා සිය සංකේතානුසාරයෙන් ලිපි ලියා එම ලිපි නැවත ආලෝක කිරණ බවට පත් කර සිය ඥානේන්ද්‍රිය නමැති උත්තල කාචයෙන් භාෂා විභීෂකයන් ද භාෂාකාර‍යන් ද බාසාවෙල්ලියන් ද නාභිගත කර එම එක්රැස් කළ අපරිමිත තාපකිරණයෙන් දවා හළු කරමින් සිටීම සිය සැණකෙලිය බවට පත්කර ගති.

ආලෝකයත්, කාචයත්, ජීවයත් ඒ ආකාරයෙන් මිහිපිටින් අවසන් ගමන් යන්නට පටන් ගත්තේය.

මනුරත්න රංගවිද්‍යා
ආලො-කෝ ? (2025)කෘතියෙන් උපුටා ගැනුනි.


කිවුව වෙලාව- 2010-05-03 05:34:17
Wasudeva මෙහෙම කියනවා :
RIP ajith kanna
RIP sucharith dath


කිවුව වෙලාව- 2010-05-03 05:07:59
Patikawak මෙහෙම කියනවා :
@Prabuddha nuwan;

man ahanne gamlath praise keruwe sannasgalayage koyi potha ganada?


කිවුව වෙලාව- 2010-05-03 05:06:26
Patikawak මෙහෙම කියනවා :
@Prabuddha nuwan;

oya kiyanawa....
anik athata oya gamlathmai sannasgala mudalalige saakkuwata bahala,
sannasgalage pal haali mahaa nirmana kiya kiya liyannet!


karunakarala kiyala denawada me gamlath saha sannasgala athara siddiya mokadda kiyala.....


කිවුව වෙලාව- 2010-05-03 05:05:37
Prabuddha nuwan මෙහෙම කියනවා :
Weerayath ekka ekagai eka thanakadi hara. Matanam hithena widihata "yuktharthawath waakya" kiyala weeraya kiyanne viyakaranetama thama. A nisa bashanaye viyakaranayak thiyenawa kiyana1ta man ekangai. Eeth matath prasne me mahaloku charitha wala napunsaka debidi baawaya gana. Oya sucharitha gamlathma dan tika kalekata kalin apita mathakai dr.liyanage amarakeerthige navakathawaka bashawak allagena thappulawa yana yana thena. (sena tora deniya eyata kiyanawalu gamlath navakatha kiyawanne na. A nisa eya nawa katha gana danne na kiyala. eya nava katha kiyawanne na tamailu. Navakatha kiyawanda yana welawe "pragdhanaya" lu kiyawanne. Lanka deepeta kiyala tibuna gamlathma ithin a wage vicharakayek bashawa witharak allagena thappu nola monawa kiyandada eka athakata needa navakatha gana?) anik athata oya gamlathmai sannasgala mudalalige saakkuwata bahala, sannasgalage pal haali mahaa nirmana kiya kiya liyannet! Aho ape rate helu mahedurange hati...!

කිවුව වෙලාව- 2010-05-03 04:34:40
h මෙහෙම කියනවා :
තමන්ගෙම කටින් තමන්ගෙ මතය කියන්න යද්දි හැමෝටම ඕක වෙනවා. බැරි වෙලාවත් පත්තරේක්න් දෙන්නව වෙන වෙනම ඉන්ටවිව් කලොත් දෙන්න හොඳට බැණගනියි.

@BBlog


කිවුව වෙලාව- 2010-05-03 04:28:02
Marusira මෙහෙම කියනවා :
gamlath lokka innawa neda? unnahe awilla debiddek- threbiddek neme... bahu-biddek.....
apita kanagatu unnaha gana neme...
ara thilakasena goyya gana...
KUJEETHAYI pinwathuni
KUJEETHAYI....


කිවුව වෙලාව- 2010-05-03 04:26:55
ආගන්තුකයා මෙහෙම කියනවා :
ගම්ලත් මහත්තයාගේ හඩු බාසාව කොයිවගේ එකක්ද කියලා දන්නෙ ඉතින් ගම්ලත් මහත්තයම තමා.. ඒකට අනුව සුනේත්‍රා අවුල්... අමරකීර්ති අවුල්.... දෘෂ්ඨි කියන වචනෙත්.... අවුල් ඒත් තිලකසේන ඕකේ...

කිවුව වෙලාව- 2010-05-03 04:25:17
Anjana මෙහෙම කියනවා :
ade maara dial 2k neee..................

balan yaddi api porawal kiyala hitagena inna minissu apita wada pissu kelinawane...


කිවුව වෙලාව- 2010-05-03 03:04:41
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වීරයාගෙන් තවත් වියමන්
පොත්
'අඟුණ මල්'- කෙටි කවියක දාර්ශනික දිගන්තයක් හෙවත් පොඩියට ලියපු ලොකු කවි
වෙනස්
මෛත්‍රී
පොත්
ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ "යන්නං චන්දරේට" අතවනමු.
වෙනස්
ඉනිමං නැති අපි
වෙනස්
නාලන්ද සර්පයා දුටුවාද?
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook