Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
බූන්දි, 20:26:39
පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන සංඛ්‍යාව මිලියන දෙතුන් සියයක් නොව සමහරවිට මිලියන දහස ඉක්මවන්නට ඇත. පසුගිය සියවස යනු මිනිස් ඉතිහාසයේ නූතනත්වයට එළඹී එනම් පුනරුද යුගය පසුකොට සියවස් 4-5 කට පසු එළැඹුණු යුගයකි. එනම් ඉතා මෑත අතීතයයි. එහෙත් ඒ යුගය පවා කෙතරම් නම් ව්‍යසනකාරී අවදියක් වීද යන්න සසඳා බැලීම වටින්නේ, විද්‍යාවේ ජයග්‍රහණයන් කෙතරම් ද යන්න තේරුම් ගැනීම පහසු කරවනු පිණිසයි.

පසුගිය සියවසට සාපේක්ෂව අද ලෝකයේ බරපතල වසංගත රෝග හෝ බෝවන රෝග නිසා මිනිසුන් සිය දහස් ගණනින් මිය යන්නේ නැත. සාගත තත්වයන් නිසා මිනිසුන් ලක්ෂ ගණනින් මියයන්නේ නැත. මහා යුද්ධ නිසා මිනිසුන් මිලියන ගණනින් මිය යන්නේ නැත. පසුගිය සියවසේ වූ වසංගත හා සාගත තත්වයන් කෙටි කලක් තුලදී මැඩලීමට, වෛද්‍ය විද්‍යාවේ සෞඛ්‍ය සේවාවන්ගේ දියුණුව හා කෘෂිකාර්මික එලදායිතාවය නිසා බොහෝදුරට සාර්ථක ප්‍රතිපල අත්කරදී ඇත. තාක්ෂණික හා ඉංජිනේරුමය මෙවලම් මගින් මේ දේවල් පිමි ලෙසින් වර්ධනය වුනි. සිවිල් යුද්ධ හා රටවල් අතර යුද්ධ තවමත් මුළුමනින්ම නිමාවී නැතත් නූතන ගෝලීය සන්දර්භය තුල යුද්ධ යනු තවදුරටත් එහි නියැලෙන පාර්ශව වලට පමණක් විනාශය ගෙනදෙන එකක් නොවන බැවින් (ලෝකයම එහි ප්‍රතිවිපාක වලට ගොදුරුවන බැවින්) එවන් යුද්ධ වලට ඇති විභවය බෙහෙවින් හීන වෙමින් ඇත. දේශපාලන අරමුණු වෙනුවෙන් සන්නද්ධ අරගල වල නියැලෙන ව්‍යාපාර වේගයෙන් හැකිලෙමින් ඇත. අද අවි දරන්නේ ආගමික උන්මත්තකයින් පිරිසක් පමණි. ආගමික උමතුව නිසා Delusion හෙවත් මායාව නම් තත්වයට ගොදුරුවූ පිරිසක් හා ඔවුනට එකතුවූ පරපීඩාකාමී වියරු, මානසික ආබාධ තත්ත්වයන් සහිත පිරිසක් හැරුණුවිට අනාගත ලෝකය සංග්‍රාමික අවදානම අඩු ලෝකයක් වනු ඇත.

ලෝකයේ දුප්පතුන් සංඛ්‍යාව වේගයෙන් අඩුවෙමින් ඇත. ජීවිතය පිලිබඳව වන සුරක්ෂිතතාවය පසුගිය සියවසට වඩා යහපත් වාතාවරණයක් උදා කොට ඇත්තේ විද්‍යාවේ ජයග්‍රහණ හේතුවෙනි. ඉහත කී ප්‍රධාන ව්‍යසන තුනට අමතරව ස්වභාවික විපත් වලින් පවා පසුගිය සියවසේ මිනිසුන් ලක්ෂ ගණනින් මියගොස් ඇත. පසුගිය සියවස මුලදී චීනයේ ඇතිවූ බරපතල ගංවතුර තත්වයකින් පවා එසේ දස-දහස් ගණනින් මිනිසුන් මියගියේය. මේ සියවසේ (ලක්ෂ 3 කට ආසන්න ජීවිත ගොදුරු කරගත්) එවන් බරපතල ස්වභාවික ව්‍යසනයක් ලෙස තවම අප මුහුණදී ඇත්තේ 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයටයි. ඉදිරියේදී සුනාමි ව්‍යසනයකින් වියහැකි ජීවිත හානිය අවම කරගැනීමට විද්‍යාව විසින් නූතන අනතුරු ඇඟවීමේ මෙවලම් අපට තනා දී ඇත. අපට බරපතල, දුර අනාගත ව්‍යසනයක් ලෙස ඇති අවදානම වන්නේ (හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහලගොස්) ධ්‍රැව ප්‍රදේශ වල අයිස් කඳු දියවීමේ ගැටලුවයි. මීට අදාළ ගෝලීය ඒකාබද්ධ ආරක්ෂණ ක්‍රියා මාර්ග පමා වී ඇත්තේ ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුග්ධ අදහස් හේතුවෙන්ය.

නූතන දියුණුවේ එක් ප්‍රතිලාභයක් ලෙස මිනිසාගේ ආයු කාලය වැඩිවෙමින් ඇති අතර ජපානය ගත්විට අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද වනවිට මීට වසර 10 කට පෙර තිබු සංඛ්‍යාව මෙන් සිවු ගුණයකින් වර්ධනය වී ඇත. චීනයේ අද දවසේ තත්ත්වය ගත්විට අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 10,000 පමණ වන බවට වාර්තා වන අතර වසර 2050 වනවිට එම සංඛ්‍යාව 4,50,000 තරම් විශාල අගයක් වේ යැයි ඇස්තමේන්තු කොට ඇත. ලෝකය ඉදිරියට යන්නේ එපරිද්දෙනි. ඇත්තෙන්ම විද්‍යාවේ ජයග්‍රහණ නිසා සමාජ යුක්තිය විෂයයේ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර සමාජ සාධාරණත්වය උදෙසා ලේ හලන විප්ලව අවශ්‍ය නොවන සන්දර්භයක් නිර්මාණය වී ඇත.

නුදුරු කාලයේදීම කෘෂිකාර්මික විප්ලව, කාර්මික/තාක්ෂණික විප්ලව, හරිත විප්ලව හා නැනෝ විප්ලව විසින් ඉදිරි සියවස විශ්මය ජනක ලෙස වෙනස් කරනු ඇත. මෙයට බාධා පමුණුවන ජාතිවාදී හා ආගම්වාදී පසුගාමිත්වයන් පරාජය කිරීම පමණක් දේශපාලන ලෝකයෙන් අපි අපේක්ෂා කරමු.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Science and Technology, Development, Human Race, History, Donald Trump, Future of the Earth
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
BoondiLets
ජුලියන් අසාංශේ කියයි.
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook