Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
"අපි වසර 5ක් ඇතුළත ඉරාකය, සිරියාව, ලෙබනනය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ ඉරානය යන රටවල් 6 අතුගා දැමීමට සැලසුම් කර ඇත්තෙමු!"
බූන්දි, 21:20:26
ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන පිලිබඳ සිහි කැඳවීමක් වනු ඇත. මෙම කාලසටහනට අනුව එක්සත් ජනපදයට ආක්‍රමණය කිරීමට තවත් ඇත්තේ ඉරානය පමණි. සිරියාවේ දී ඇමෙරිකාව විසින් තම මිලිටරි මෙහෙයුම් සඳහා යොදාගත් ත්‍රස්තවාදී කුලී සේනාංක දැන් පසුබැසීමට ලක්ව ඇති හෙයින් ඉරානය ආක්‍රමණය කිරීමට නව සැලසුම් දියත් කිරීමට ද සහ ප්‍රකෝප කිරීම් සිදුකරමින් පවතී. "ලෝකයේ මේ දක්වා රටවල් කීපයකට පමණක් විඳීමට සිදුවූ විනාශයකට සහ වේදනාවන්ට ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇතැ"යි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී තර්ජනය කළේය. ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති ආයතනයන්ට බෝම්බ දමා විනාශ කිරීමට එක්සත් ජනපදය සුදානම් වෙමින් සිටිතැයි ඕස්ට්‍රේලියානු රජයේ ඉහළ පෙළේ මුලාශ්‍ර උපුටා දක්වන ඒබීසි ආයතනය විසින් වාර්තා කර තිබේ. එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව නොකඩවා නගනු ලබන චෝදනාවල සැබෑ අරමුණු තේරුම්ගැනීමට ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් විසින්, මීට දශකයකට පමණ පෙර සිදු කරන ලද මේ හෙළිදරවු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයෙකු වූ වෙස්ලි ක්ලාර්ක්, නෙටෝ සංවිධානය විසින් යුගෝස්ලාවියාවට එරෙහිව සිදුකළ යුද්ධයේදී එහි උත්තරීතර අණදෙන නිලධාරියා විය. ඔහු මේ වනවිට හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන ඇත. පසු කලෙක ඔහු මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් කරන අදහස් වෙනුවෙන් පෙනී සිටීම අත්හැර දැමුවේය. 2007 දී ඔහු ඩිමොක්‍රටික් පාක්ෂික හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට සහාය දුන් අතර පසුව බැරැක් ඔබාමාට සහාය දුන්නේය. පසුව BNK Petroleum හි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද 2012 සහ 2015 අතර කාලයේදී රුමේනියානු ජනාධිපති වික්ටර් පොන්ටාගේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස ද කටයුතු කළේය.

මෙම සම්මුඛ සාකච්ඡාවේ පූර්ණ සිංහල සටහන පහත පළවේ. එය Democracy Now! සංවිධානය විසින් පළ කරන ලද ඉංග්‍රිසි සටහන මත පදනම්ව සිදු කරන ලද්දකි.


ඒමි ගුඩ්මාන්- (කථනය) අද අප අපගේ හෝරාව ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ගත කරමු. ඔහු එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජනරාල්වරයෙකු වූ අතර දැනට විශ්‍රාමිකය. කොසොවෝ යුද්ධයේදී නෙටෝ සංධානයේ උත්තරීතර අණ දෙන නිලධාරියා වූයේ ඔහුය. 2004 දී ඔහු ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපතිවරණ නාමයෝජනා ලබා ගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක විය. මෑත දී ඔහු ඩ්වයිට් ඩී අයිසන්හවර්, යුලිසිස් ග්‍රාන්ට් වැනි ජනප්‍රිය එක්සත් ජනපද හමුදා නිලධාරින් පිළිබඳ පොත් පෙළක් සම්පාදනය කරන ලදි. ඉහත දෙදෙනාම හමුදා සේවයෙන් පසුව ජනාධිපතිවරුන් ලෙස තේරී පත් වූවන්ය. අඟහරුවාදා මම 92 වැනි වීදියේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග විශාල ප්‍රේක්ෂක සමූහයක් මැද සම්මුඛ සාකච්ඡාවක් සිදු කළෙමි. එහි දී මම ඔහුගේ ජනාධිපති වීමේ අභිලාෂයන් ගැන විමසා සිටියෙමි.

ඒමි ගුඩ්මාන්- ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජෙනරාල්වරුන් ගැන ඔබ මොනවාද සිතන්නේ?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම ඔවුන්ට කමැතියි. එය මීට පෙර ද සිදු වූවක්.

ඒමි ගුඩ්මාන්- එය නැවතත් සිදු විය හැකිද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- එය සිදුවිය හැකියි.

ඒමි ගුඩ්මාන්- මෙම සාකච්ඡාවේදී මම පසුව මෙම ප්‍රශ්නය මතු කරමි. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මා එසේ නොකරන බව මා විසින් පවසා නැත.

ඒමි ගුඩ්මාන්- ඔබ බලා සිටින්නේ කුමක් අපේක්ෂාවෙන්ද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම අපේක්ෂාවෙන් සිටිනුයේ විවිධ පූර්ණ කොන්දේසි කීපයක් සම්පූර්ණ වන තෙක්ය. ඒවා මොනවාදැයි පැවසීමට මට මේ මොහොතේ අවසර නැත. නමුත් මට දැනට මේ දෙය ඔබට පැවසිය හැකිය. එනම් මා සෑම දිනෙකම මේ ගැන කල්පනා කරන බවයි.

ඒමි ගුඩ්මාන්- හොඳයි, අපි අපගේ වැඩ සටහනේ ඉතුරු කොටස තුළ එක්සත් ජනපදය විසින් ඉරානයට පහර දීමට ඇති ඉඩකඩ ගැන ද ජනාධිපති බුෂ්ට එරෙහි දෝෂාභියෝගය ගැනද ක්ලස්ටර් බෝම්බ භාවිතය ගැන ද, කොසෝවෝ යුද සමය තුළ ඔහු ප්‍රධාන අණදෙන නිලධාරියාව සිටියදී රේඩියෝ ටෙලිවිෂන් සර්බියා මධ්‍යස්ථානයට බෝම්බ දැමීම ආදිය ගැන ඔහුගේම වචන වලින් සවන් දෙමු.

ඒමි ගුඩ්මාන්- හොඳයි අපි ඉරානය ගැන කථා කරමු. ඔබ යුද්ධය නැවැත්වීම සඳහා සම්පූර්ණ වෙබ් අඩවියක්ම කැපකර තිබෙනවා.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව්; www.stopiranwar.com

ඒමි ගුඩ්මාන්- ඉරාකයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට ඉදිරිපත් කළ හේතුන් වල එනම් සමූල සංහාරක අවි පිළිබඳ චෝදනා, ජනමාධ්‍යවල යුදවාදී පෙරහැරට එක්වීම ආදිය විසින් විදහා දක්වන පරිදි සිදුවීම් වල ප්‍රතිවාදනයක් ඔබ මෙහිදී දකිනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව් එක්තරා අන්දමක සමානාත්මතාවක් දැකිය හැකියි. නමුත් ඔබ දන්නවා ඉතිහාසයේ සිදුවීම් එකම ආකාරයට දෙවතාවක් සිදු නොවන බව. 2002 දී මම කොංග්‍රසය හමුවේ සාක්ෂි දෙන විට මවිසින් අනතුරු ඇඟවූ කරුණ තමයි, ඔබට කිසියම් රාජ්‍යයක් ගැන බියවීම අවශ්‍ය නම් එය ඉරානය මිසක් ඉරාකය නොවන බවයි. නමුත් මේ ආණ්ඩුව, අපගේ පරිපාලනය බියවූයේ ඉරාකයටයි, ඉරානයට නොවේ.

ඒ ඇයිදැයි මම දැන සිටියා. 9/11 සිදුවීමට සුළු මොහොතකට පසු එනම් දින 10කට පසු මම පෙන්ටගනය හරහා ගමන් කළා. ලේකම් රම්ස්ෆෙල්ඩ් සහ නියෝජ්‍ය ලේකම් වුල්ෆොවිට්ස් එහි සිටියා. මම පහළ මාලයට ගියා ඒකාබද්ධ නිලධාරි මණ්ඩලයේදී මා යටතේ සේවය කළ අයට සුබපැතීමට, එවිට එක් ජෙනරාල්වරයෙකු මට ඇතුළට කථා කළා.

“සර් ඔබට ස්වල්ප වේලාවකට ඇතුළට පැමිණ මා සමග කථා කළ හැකිදැයි“ ඔහු විමසුවා.
“හොඳයි. ඔබ මේ මොහොතේ කාර්ය බහුලයි නේද“යැයි මම පැවසුවා.
“නැහැ, නැහැ - අපි මේ ඉරාකයට එරෙහිව යුද්ධ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා“ යි ඔහු පැවසුවා.“එය සැප්තැම්බර් 20 වැනිදා හෝ ඒ ආසන්නව සිදු විය හැකියි.“
“අපි ඉරාකයට එරෙහිව යුද කිරීමට යනවා, ඒ ඇයි?“ මම ඇසුවා.
“මම දන්නේ නැහැ“ ඔහු පැවසුවා. මම හිතනවා වෙන කළ හැකි යමක් ගැන ඔවුන් නොදන්නා බව“ ඔහු වැඩිදුරටත් පැවසුවා.
“ඔවුන්ට සදාම් හුසේන් සහ අල්කයිඩා අතර සම්බන්ධයක් ගැන තොරතුරු ලැබී තිබෙනවාද?“ මම ඇසුවා.
“නැහැ, නැහැ.ඒ ආකාරයේ අලුතෙන් කිසිවක් හමුවී නැහැ. ඔවුන් ඉරාකයට එරෙහිව යුද්ධ කිරීමට නිකම්ම තීරණය කළා.“ යි ඔහු පැවසුවා.
“මට පේන්නේ ත්‍රස්තවාදීන් ගැන අප විසින් කුමක් කළ යුතුව ඇත්දැයි අප නොදන්නා නමුත් අපට හොඳ හමුදා බලයක් ඇති බැවින් ආණ්ඩු පෙරළා දැමීමට තීරණය කර ඇති බවක්. ඔබ සතුව ඇති එකම උපකරණය මිටියක් නම් සියළු ප්‍රශ්න ඔබට පෙනෙනු ඇත්තේ ඇණ ලෙසයි.“ ඔහු වැඩි දුරටත් පැවසුවා.
මම සති කීපයකට පසුව ඔහුව නැවත මුණ ගැසීමට පැමිණියා. ඒ වනවිට අපි ඇෆ්ඝනිස්ථානයට බෝම්බ දමමිනුයි සිටියේ. මම ඔහුගෙන් විමසුවා “ඉරාකයට එරෙහිව යුද කිරීමට අපි තවමත් සිතා සිටිනවාද?“ යි මම ඇසුවා.
“ඕහ්, තත්ත්වය එයටත් වඩා බොහෝ සෙයින් නරකයි.“ යි ඔහු පැවසුවා. ඔහු ඔහුගේ මේසය අසලට ගොස් යම් ලියැවිල්ලක් අතට ගෙන මෙසේ පැවසුවා.
“මට අද මෙය ලැබුණේ උඩ තට්ටුවෙන්- එනම් ආරක්ෂක ලේකම්වරයාගේ කාර්යාලයෙන්- මෙම සටහනෙන් කියන්නේ අවුරුදු 5ක් තුළ රටවල් 7ක් ආක්‍රමණය කිරීමේ අපගේ සැලසුම් පිළිබඳවයි. එනම් ඉරාකයෙන් පටන්ගෙන සිරියාව, ලෙබනනය, ලිබියාව, සෝමාලියාව, සුඩානය යටත් කර අන්තිමට ඉරානයෙන් ඉවර කරන ආකාරයයි.

මම ඇහුවා “එය රහසිගත ලියැවිල්ලක් ද?“ කියා. එවිට ඔව් යැයි ඔහු පැවසූ හෙයින් එය මට නොපෙන්වන ලෙස මම ඔහුට පැවසුවා. පසුව මෙයට වසරකට පමණ ඔහු හමුවූ අවස්ථාවේ ඔහුට එය මතකදැයි විමසුවා. එවිට ඔහු තමා විසින් එම ලියැවිල්ල මා හට නොපෙන්වන ලද බව මතක තබා ගන්නා ලෙස ඔහු මට අවධාරණය කළා.

ඒමි ගුඩ්මාන්- මට සමාවන්න, ඔහුගේ නම කුමක් කියාද ඔබ පැවසුවේ?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔහුගේ නම ඔබට පැවසීමට මට නොහැකියි.

ඒමි ගුඩ්මාන්- හොඳයි, අපි නැවතත් අර රටවල් ලැයිස්තුව ගැන කථාකරමු.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඉරාකයෙන් පටන්ගෙන සිරියාව, ඊළඟට ලෙබනනය, ලිබියාව, ඊළඟට සෝමාලියාව, සුඩානය සහ අවසානයේදී ඉරානය ආක්‍රමණය ඒ සැලසුමට අයත්. ඔබ ඉරානය වෙත අවධානය යොමු කරන විට “එය ප්‍රතිවාදනයක්ද?“ යි ඔබට හිතෙන්න පුළුවන්. සැබැවින්ම එය ප්‍රතිවාදනයක් නොවේ. නමුත් ඇත්ත මේකයි. එක්සත් ජනපද හමුදාව ඉරාකයේ සිටීම ආරම්භයේ සිටම ඉරානය විසින් සළකන ලද්දේ තම පැවැත්මට තර්ජනයක් මෙන් ම එක්තරා ආකාරයක ආශිර්වාදයක් ද ලෙසයි. ආශිර්වාදයක් ලෙස සළකන ලද්දේ තමන්ට පාලනය කළ නොහැකි බාත්වාදි සදාම් හුසේන්ගේ ආණ්ඩුව එක්සත් ජනපදය විසින් ඉවත් කිරීම නිසායි. ඉරානය වෙනුවෙන් ඒ දෙය ඉටු කළේ අප විසින්. එමෙන්ම තර්ජනයක් ලෙස සළකන ලද්දේ එක්සත් ජනපද ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ තමන් බව ඔවුන් දැන සිටීම නිසයි.

එහෙයින් ඔවුන් එයට සම්බන්ධවීමට සිදුවුණා. තමන්ට ජීවිත මිලියනයක් පමණ අහිමිවුණ යුද්ධයක් ඔවුන්ට ඉරාකය සමග කිරීමට සිදු වුනා. එමෙන්ම ඔවුන්ට ඉතා දිගු වූත් ආරක්ෂා කිරීම අසීරු වූත් දේශසීමාවක් ඉරාකය සමග පවතිනවා. එහෙයින් ඉරාකය තුළට ගැඹුරින් මැදිහත්වීම ඔවුන් හමුවේ මතුව තිබූ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව තිබුණා. බාත්වාදීන්ට එරෙහිව අප සිදුකළ ප්‍රහාරයන් ඔවුන් ඉවසා සිටියා. එමෙන්ම අපට සදාම් හුසේන් අල්ලාගැනීමට හැකිවීම ගැන ඔවුන් සතුටට පත්වුනා.

නමුත් ඔවුන් ඔවුන්ගේම බලපෑම් ජාලයක් ගොඩනගමින් සිටියා. එය වඩාත් ශක්තිමත් කිරීමට ඔවුන් සෘජු ලෙස සහ වක්‍ර ලෙස මිලිෂියාවට මෙන්ම කැරැළිකරුවන්ටද මිලිටරි සහයෝගය, උපදෙස් සහ පුහුණුව සැපයුවා. එමෙන්ම ඒ අර්ථයෙන් එය සමාන්තරව සිදුවූවක් නොවෙයි. මක් නිසාද ඉරානයේ අඛණ්ඩ මැදිහත්වීමක් ඉරාකය තුළ සිදුවුන බව මම විශ්වාස කරනවා. සමහර ඒවා නිත්‍යානුකූලයි. සමහර ඒවා නීත්‍යානුකූල නැහැ. මම කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව තිබූ ඉරාක මිනිස්සුන්ට අක්ෂි ශළ්‍යකර්ම සිදුකිරීම වැනි වෛද්‍ය ආධාර සැපයීම් සම්බන්ධව ඉරානයට චෝදනා එල්ලකිරීම ඔබට කළ නොහැකියි. එවැනි දෙයක් ගැන ඔබට ඉරානයට එරෙහිව යුද්ධයට යා නොහැකියි. නමුත් එය නිසැකවම තම බලපෑම් ඉරාකය තුළ තහවුරු කිරීමට ඉරානය විසින් ගත් උත්සාහයක්.

එමෙන්ම රජය තමන්ගේ මේ අවබෝධය ගැන ඉරානය සමග සාකච්ඡා කිරීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කළා. මක්නිසාද යත් සිය දක්ෂිණාංශික ජන පදනම් අහිමිකරගැනීමට රජයට අවශ්‍ය නොවීම එක් හේතුවක්. එමෙන්ම තමන් විසින් පෙරළා දැමීමට අදිටන් කර ඇති රජයකට නීත්‍යානුකූල පිළිගැනීමක් ලබාදීමට රජයට අවශ්‍ය නොවීමත් තවත් හේතුවක්. කොහොම වුනත් අප විසින් ඔවුන්ගේ ආන්ඩුවේ වෙනසක් විය යුතු බව අවධාරණය කිරීමත්, එමෙන්ම අප විසින් ඉරාන රජය පෙරළා දැමීම සඳහා ඉරානය තුළ පුපුරුවා හැරීම් සිදු කළ ත්‍රස්තවාදීන්ට ආධාර කිරීමට කොංග්‍රස් මණ්ඩලයෙන් ඩොලර් මිලියන 75ක් ඉල්ලා සිටීමත් වැනි දේ හේතුවෙන්, ඔබ ඉරානය වුනා නම් ඔබ එක්සත් ජනපදය සමග දැනටමත් යුද්ධයක නිරතව සිටින බව ඔබ විසින් විශ්වාස කිරීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. අප විසින් මේ දේවල් එලෙස නොකළා නම්- හොඳයි අපි එය මේ විදියට කියමු, අප එය ඉතා දැනුවත්ව දිරිමත් කළා, එහෙයින් අප ඉරානය සමග ගැටුමක් වෙත ගමන් කිරීම පුදුමයක් නොවෙයි.

මම කියන්න හදන්නේ ඉරාන්වරුන් හොඳ මිනිසුන් කියා නොවේ. ඇත්තෙන්ම ඔවුන් හොඳ මිනිසුන් නොවෙයි. නමුත් අවසාන විකල්පය ලෙස මිසෙක ඔබ මිලිටරි බලය යෙදවීමෙන් වැළකිය යුතුයි. අවසන් විකල්පය ලෙස වුව ද එය ඉතා නරක දෙයක්.

ඒමි ගුඩ්මාන්- සෙයිමොර් හර්ෂ් විසින් මේ සතියේ නිව්යෝර්කර් සඟරාව වෙත ලියන ලද ලිපියේ ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධව ඔබගේ ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීමට මම කැමැතියි. පෙන්ටගනය විසින් ඉරානයට බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කිරීමට ඒකාබද්ධ අණදෙන මණ්ලය තුළ විශේෂ සැලසුම් කණ්ඩායමක් පිහිටුවන ලැබ තියෙන බවට එහි වාර්තා වෙනවා. එයට අනුව සවුදිය විසින් සහයෝගය දෙනු ලබන සුන්නි ඉස්ලාම් නිකාය ශක්තිමත් කරමින් ඉරානයේ සහාය ලබන ෂියා ඉස්ලාම් නිකාය දුර්වල කිරීමේ උත්සාහයක් ලෙස ලෙබනනය, සිරියාව සහ ඉරානය යන රටවල් තුළ ද පොදුවේ මැද පෙරදිග කලාපය තුළද විවිධ රහසිගත මෙහෙයුම් සඳහා බුෂ් පරිපාලනය සහ සවුදි අරාබිය විසින් විශාල වශයෙන් මුදල් පොම්ප කරමින් සිටිනවා. සමහර මුදල් ලෙබනනයේ සිටින අල්කයිඩාවට සම්බන්ධ ජිහාඩ් කණ්ඩායම් වෙත ලබාදී තියෙනවා. කොංග්‍රසය විසින් එක්සත් ජනපද මුදල් සැපයීම ප්‍රතික්ෂේප කළ පසුවද සවුදියේ බණ්ඩාර් කුමාරයා සමග එක්ව ෂියාවරුන්ට එරෙහිව සටන් කිරීමට අල්කයිඩාවට සම්බන්ධ සුන්නිවරුන්ට මුදල් සපයා තියෙනවා.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- එය ප්‍රතික්ෂේප කිරීම හෝ තහවුරු කිරීම සඳහා සෘජු තොරතුරු මා සතුව නැහැ. එය සිදුවීමට බොහෝ සෙයින් ඉඩ තියෙනවා. සවුදි අරාබිය වඩාත් ක්‍රියාකාරී භූමිකාවකට භාරගත්තා. තමන් විසින් ඉරාක ප්‍රතිඵලය ලබාගැනීමට බොහෝ දේවල් පරදුවට තැබූ බව සවුදි අරාබිය පිළිගන්නවා. මේ ක්ෂේත්‍ර යේදී එක්සත් ජනපදයේ විනිශ්චයන් සහ තක්සේරු කිරීම් ගැන විශ්වාසය තැබීමට සවුදි අරාබිය සුදානම් නැහැ. අප අපගේ සාර්ථකත්වය ඉරාකය තුළදී පෙන්වීමට අසමත්ව තිබෙනවා. එහෙයින් සවුදි අරාබිය දේවල් තමන්ගේ අතට ගැනීමට උත්සාහ කරනවා.

සැබෑ අනතුර සහ මෙය මෙතරම් සංකීර්ණ වීමට බලපාන එක් හේතුවක් නම්, අපි හිතමු, “ඉරාකයෙන් ඉවත් වෙමු, අදම වහාම ඉවත් වෙමු“ යනුවෙන් සමහරුන් පළ කරන අදහස්වලට අනුව අප ඉවත් වීමට තීරණය කළා යැයි කියා. අපට එය තාක්ෂණිකව කළ හැකියි. නමුත් එය ඉතා අවලස්සන දෙයක් වීමට ඉඩ තියෙනවා. එය මාස 3ක් හෝ 4ක් ගැනීමට ඉඩ ඇති ක්‍රියාවලියක්. ඔබට පාර දිගට එක බැටෑලියනයකට පසුව තව එකක් ලෙස හමුදාව පෙළගැස්විය හැකියි. එමෙන් ම හුම්වී සන්නද්ධ රථවල තුවක්කුකරුවන් යොදවා ඔවුන්ගේ තුවක්කු ලෝඩ් කර ඉරාකයෙන් පිටවනතෙක් පාරදිගට වෙඩි තබමින් ගමන් කළ හැකියි. ඔබට පාර දෙපස බෝම්බ කීපයකටත් මුහුණ දීමට සිදු වනු ඇති. නමුත් ඔබ සෑම දෙනෙකුම පෙළගස්වන්නේ නම් පාර දෙපස බෝම්බ පිපිරීමේ අවදානමකට මුහුණ දීමට සිදු නොවිය හැකියි. සමහරවිට ස්නයිපර් ප්‍රහාර කීපයකට ලක්වීමට සිදු විය හැකියි. ඔබට හෙලිකොප්ටර් මගින් ගුවනින් ආරක්ෂාව සළසාගෙන නිරුපද්‍රිතව ඉරාකයෙන් පිටවී යාහැකිය. නමුත් ඔබ ඉවත්වන්නේ නම් සවුදි අරාබියට ෂියා මුස්ලිම්වරුන් සමග සටනට වෙනත් කවුරුන් හෝ සොයාගැනීමට සිදුවනු ඇත. ඔවුන් විසින් තෝරාගනු ඇත්තේ කවුරුන්ද? අල්කයිඩා සංවිධානයයි, මක් නිසාදයත් ඔවුන් සුන්නි කණ්ඩායමක් සහ සටන්වැදීමට සුදානම් අන්තවාදි කණ්ඩායමක් වන බැවිනි.

අප කලින් ඉරාකයෙන් ඉවත්වුව හොත් මතුවන එක් විකාර සහගත නොගැලපීමක් නම්, ඉරාකය පාලනය කිරීමේ සහ ඉරාන ව්‍යාප්තවාදය වැළැක්වීම සඳහා පාවිච්චි කිරීමේ අරමුණ සහිතව සවුදි අරාබිය විසින් විශාල මුල්‍ය ආධාර සැපයීම මගින් නීත්‍යානුකූල බවක් ලබාදී ඇති සුපිරි බලගතු සුන්නි අන්තවාදී කණ්ඩායමක් විසින් අපට එරෙහිව එල්ලකරන තර්ජනය තවත් බරපතල වීමේ තත්ත්වයක් මතුවීමයි.

ඒමි ගුඩ්මාන්- ජෝන් නෙග්‍රොපොන්ටේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවට යාම සඳහා ජාතික බුද්ධි අධ්‍යක්ෂ ලෙස තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස් වූ දෙවැනි පුද්ගලයායි. සෙයිමොර් හර්ෂ් පවසන්නේ ආණ්ඩුව විසින් මැදපෙරදිග කලාපයේ සිදු කරන රහසිගත මෙහෙයුම් 1980 දශකයේ ඉරාන-කොන්ට්‍රා ආකාරයේ කුමන්ත්‍රණකාරී ආකාරයක් ගැනීම හේතුවෙන් සහ ඒවාට සම්බන්ධවීමට සිදුවීම නිසා ඔහු අපහසුතාවට පත්වීම මේ ඉල්ලා අස්වීමට හේතුව වූ බවයි.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- නැවත රාජ්‍ය දෙපාර්තුමේන්තුවට යාමට ජෝන් හට බලපාන ලද හේතුන් ගණනාවක් තිබුණ බව මට විශ්වාසයි. ජෝන් හොඳ මනුස්සයෙක්. ඔබට ඔබගේ රැකියාවට වඩා පුළුල් සහ ගැඹුරු ලෙස දැකීමට සහ ක්‍රියාකිරීමට නොහැකි නම් ඔබ සිදුවීම්වල පීඩනය විසින් ඔබ විසින් ගත නොයුතු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන උගුලක ඔබ සිරවෙනවා. ඔහුට ජාතික බුද්ධි අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්වීමට බලපෑ හේතුව මම දන්නේ නැහැ.ඔහු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වැඩ බාරගෙන තියෙනවා. සමහර විට නැවත එහි පැමිණ රාජ්‍ය සේවකයෙකු ලෙස සිය සේවා කාලය එහිදී සම්පූර්ණ කිරීමට ඔහු තුළ කැමැත්තක් තිබුණා විය හැකියි.

ඒමි ගුඩ්මාන්- එක්සත් ජනපදය විසින් ඉරානයට පහරදුනහොත් ඉල්ලා අස්වන බවට තර්ජනය කළ හමුදා ජෙනරාල්වරුන් ගැන ඔබට යමක් පැවසිය හැකිද? ඔබ ඔවුන් ගැන දන්නවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- නැහැ මම දන්නේ නැහැ. එය දැනගැනීමේ උවමනාවක් ද මා සතුව නැහැ.

ඒමි ගුඩ්මාන්- ඔබ ඔවුන් සමග එකඟ වෙනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- හොඳයි, මම එය මෙලෙස ඉදිරිපත් කරන්නම්. 1994 කම්කරු දින සති අන්ත සෙනසුරාදා උදයක මම පෙන්ටගනයේ කාර්යාලයේ සිටිය දී ඒකාබද්ධ නිලධාරි මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා වූ වෝල්ට් ක්‍රොස් ද කාර්යාලයේ සිටියා. ඒ වාගේම මම හිතන හැටියට ඒ දිනවල J3 වල සේවය කළේ හොවල් එස්ටස් හෝ ජැක් ෂීහාන්. ජැක් ඒ දිනවල සිය රැකියාවේ අවසන් දින කීපය සේවය කරමින් සිටියේ. මම තරු තුනේ ජෙනරාල්වරයෙකු ලෙස J5 වෙත අනුයුක්තව සිටියා. උදේ 11ට පමණ අපි තුන්දෙනාම ෂාලිකාෂ්විලිගේ කාර්යාලයේ සිටියා. ෂාලිකාෂ්විලි ඒ වනවිට ධවල මන්දිරයේ පැවැති රැස්වීමකට පසු නැවත පැමීණියා. ඔහු යම් කාර්යයක් ආරම්භකර ඇති බව ඔහුගේ විලාසයෙන් පෙනී ගියා.

“හොඳයි“ ඔහු පැවසුවා. “හොඳයි, අපි බලමු මේ සති අන්තෙදි කවුද නියම සොල්දාදුවෝ කියලා! ගොඩක් වැඩ කරන්න තියෙනවා! හයිටියේ මෙහෙයුම සම්පූණ කළ යුතුව තිබෙනවා! සැලසුම් කිරීම් නිවැරදිව සිදුවිය යුතුයි, ඒ වාගේම එය මෙම සති අන්තයේදී නිම කළ යුතුයි. හොඳයි, අපි බලමු කවුද නියම සොල්දාදුවෝ කියලා!“

එවිට දුරකතනය නාදවුණා. ෂාලිකාෂ්විලි ඒ ඇමතුම ගැනීමට අප සිව් දෙනා වාඩි වි සිටි වටමේස සාකච්ඡාවෙන් නැගිට්ටා. අපි එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්තා.

“ගෝඩ්, මේ කෝල් එක ආවේ කොහෙන්ද ගියලා මම හිතන්නේ“ පැයක් හෝ කෙටිකාලයක් තුළ මෙම කාර්යාලයෙන් පිටතට යාමට සිදුවෙතැයි සිතූ අප අප අපගේ පණිවුඩ සහ ලියැවිලි කටයුතු ඉක්මණට ඉවර කළා. සෑම සති අන්ත සෙනසුරාදාවකම අප එක්ව හමුවීමට පුරුදුව සිටියේ සෑම සෙනසුරාදාවකම කිසියම් ගැටළුවක් හෙවත්, “සෙනසුරාදා අර්බුදයක්“ වෙත මුහුණ පෑමට අපට සිදු ව තිබූ නිසා. දුරකතන ඇමතුමෙන් පසු ෂාලිකාෂ්විලි නැවත අප වෙත පැමිණි විට මම මෙලෙස පැවසුවා.

“හොඳයි සර්, අපි කට්ටිය මේ ගැන කතා කරමින් හිටියේ, අපි මේ සම්පූර්ණ සති අන්තයම වැඩකරලා මේ හැම වැඩක්ම සම්පූර්ණ කරන්න කැමැතියි, නමුත් මේ අපි හයිටි වල කරන්න යන්නේ හමුදා අභ්‍යාසයක් විතරයි නේද?“

ඔහු මා දෙස බලමින් මෙලෙස පැවසුවා. “වෙස්, මේක හමුදා අභ්‍යාසයක් නෙවෙයි, ඔබ වෙත මෙය පැවසීමට මට අවසර නැහැ, නමුත් තීරණයක් දැනටමත් අරන් තියෙන්නේ. එක්සත් ජනපදය විසින් හයිටිය ආක්‍රමණය කරනු ලැබීමට නියමිතයි. දිනය 20 වැනිදා , මම හිතන්නේ සැප්තැම්බර් 20 වැනිදා. අදාළ සැලසුම් මේ දැන් වහාම නිමකළ යුතුයි. ඔබලාගේ කවුරු හරි මේ තීරණයට විරුද්ධ නම් දැන්ම ඉවත්විය හැකියි.“

මම ජැක් සහ වොල්ට් දිහා බැලුවා. ඔවුන් මා දෙස බැලුවා. මම හිතන්නේ අප උරහිස් හැකිලීම වැනි අංගචලන සන්නිවේදන අදහස් හුවමාරුවකට පසුව මෙලෙස පැවසුවා.

“හොඳයි, ඔබට හයිටි ආක්‍රමණය කිරීමට ම අවශ්‍ය නම්, මම අදහස් කරන්නේ එය නීති විරෝධී නැතිනම්, අප විසින් ආක්‍රමණය කිරීමට ගොඩක් කැමැති රට මේක නොවුනත්, හයිටියෙන් පැන නැගිය හැකි විරෝධතාව සන්නද්ධ රථ කීපයකට පමණක් සීමාවන නිසාත්, විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් ඒ සඳහා නියෝග කර ඇති හෙයිනුත්, අපි හිතන්නේ නැහැ මේ ගැන ඉල්ලා අස්වීමට තරම් හේතුවක් ඇති කියලා.“

ඉතින් අපි ඉල්ලා අස්වුණේ නැහැ. කවුරුවත් ඉල්ලා අස්වුණේ නැහැ. නමුත් ෂාලිකාෂ්විලි ඉතා බුද්ධිමත් අයෙක්, තමන් තමන්ගේ රැකියාවට වඩා දැවැන්තයෙකු බව ඔහු දැන සිටියා. එමෙන්ම පළමුව තමන් විසින් තමන්ගෙන්ම නීතිමය සහ සදාචාරාත්මක ගැටළු පිළිබඳ විමසා සිටිය යුතු බවද ඔහු දැනගෙන සිටියා. එහෙයින් මෙම සමහර ජෙනරාල්වරුන් විසින් මේ දේවල් ඉරානය ගැන පැවැසීම විසින් මාව දිරිගැන්වූවා. ඔවුන් මේ ප්‍රශ්න පළමුව තමන්ගෙන්ම විමසා සිටිය යුතුයි.

ඒමි ගුඩ්මාන්- යුද්ධ කිරීම සඳහා ඉරාකයට යාම ප්‍රතික්ෂේප කරන සොල්දාදුවන් ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඉරාකය?

ඒමි ගුඩ්මාන්- ඉරාකය වෙත යාම ප්‍රතික්ෂේප කරන අය. පළමු ලුතිනන් ඒරන් වටාඩා වැනි අය. යුද්ධයට අනුයුක්ත වීම ප්‍රතික්ෂේප කළ පළමු කොමිෂන් ලත් නිලධාරියා ඔහුයි. ඔවුන් ඔහුට එරෙහිව හමුදා අධිකරණය හමුවේ පැවරූ නඩුවේ අක්‍රමිකතාවක් ඇති බව ප්‍රකාශ කර තියෙනවා. ඔහු තව සති කීපයකින් නැවතත් හමුදා අධිකරණය හමුවේ පවරන තවත් නඩුවකට මුහුණ දීමට නියමිතයි. යුද්ධයට යාම ප්‍රතික්ෂේප කරන මෙම තරුණ සෙබළුන් සහ සෙබළියන් ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔවුන් දැනටමත් සංඛ්‍යාවෙන් දහස් ගණනාවක්. උදාහරණයක් ලෙස ඒරන් වටාඩා පවසන්නේ ඔහුගේ හැඟීම අනුව මෙම යුද්ධය වැරදි බවත් එය නීතිවිරෝධී සහ සහ සදාචාර විරෝධී එකක් බවත්, ඒ වාගේම එහෙයින් එම යුද්ධය වෙත ගැහැණුන් සහ පුරුෂයන් යොමු කිරීමට ඔහුට අවශ්‍ය නැති බවත්.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- හොඳයි, මම හිතන්නේ, ඔබ දන්නවා ඔහු ඉතාමත් නිර්භීත ප්‍රකාශයක් කර තිබෙනවා. එමෙන් ම ඔහුට ඒ වෙනුවෙන් දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවෙනවා.

ඒමි ගුඩ්මාන්- ඔබ හිතනවාද, ඔහු කළ දෙය වෙනුවෙන් ඔහුව හිරගෙට දැමිය යුතුයි කියා?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම හිතන්නේ අපට කාර්යක්ෂම සහ විනයගරුක හමුදාවක් තිබිය යුතුයි කියලයි. ඒවාගේම මම හිතන්නේ නැහැ යුද්ධයට යා යුත්තේ කොතැනටද යන්න තීරණය කිරීම හමුදාවේ සිටින මිනිසුන් සහ ගැහැණුන්ට අයිති දෙයක් ලෙසත්. මක් නිසාද යත් යුද්ධයක් කිරීම අවශ්‍යම මොහොතක ඒ ගැන වෙනත් විදියකට සිතන කිසියම් පිරිසක්ද නිශ්චිත ලෙසම හමුදාව තුළ සිටිය හැකිය. ඒ නිසා යුද්ධයට යාමට විරුද්ධ වීමට ඔහුට ඇති අයිතිය මම පිළිගන්නා අතරම ඔහුට එරෙහිව චෝදනා කිරීමට රජය ගන්නා උත්සාහයටද මම සහාය දෙනවා. ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ඒ විදියටයි.

ලිකාෂ්විලි ගැන මවිසින් විස්තර කළ සිදුවීම හා මෙහි ඇති වෙනස නම්, යුද්ධයට යාමට ගත් තීරණයට අප විරුද්ධ නම් අපට ඉල්ලා අස්වීමට හෝ විශ්‍රාම යෑමට ඔහු විසින් අවස්ථාව ලබා දීමයි. සමහර විට අපට තරු තුනේ ජෙනරාල්වරුන් ලෙස විශ්‍රාම යෑමේ අවස්ථාව නොලැබිමට ඉඩ තිබුණා විය හැකියි. මක් නිසාද යත් අප අපගේ රාජකාරිය ඉටුකිරීම ප්‍රතික්ෂේප කළ බැවින්. නමුත් ඒරන් වටාඩා මුහුණ පෑ තත්ත්වයට වඩා අප මුහුණ දුන් තත්ත්වය වෙනස්. එහෙයින් අපට එරෙහිව අනිවාර්යයෙන්ම චෝදනා ගෙන එන තත්ත්වයක් තිබුණේ නැහැ.

නමුත් සන්නද්ධ හමුදාවක විනයක් පැවතිය යුතුයි. එය ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැකි සංවිධානයක්. නමුත් එය (යුද්ධය) නීති විරෝධී නොවන්නේ නම් එය (එනම් යුද්ධයෙන් ඉවත් වීමට කටයුතු කිරීම) ස්වේච්ඡා සහගත දෙයක් නොවේ. ඉරාක යුද්ධය නීති විරෝධී එකක් නොවේ. එය එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින්ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්ද අනුමත කර තිබුනා. එය අයුක්ති සහගත යුද්ධයක් නමුත් නීති විරෝධී යුද්ධයක් නොවේ.

ඒමි ගුඩ්මාන්- ඔබ හිතනවාද එය වැරදියි කියා?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඉරාකයට එරෙහිව සටන් කිරීම වැරදියි කියලද, මම හිතන්නේ එය අත්වැරැද්දක් සහ නරක උපාය මාර්ගයක් කියලා. එය විසින් අප වෙත බොහෝ දුක් වේදනාවන් ගෙන ආ බව මම හිතනවා. මම හිතන්නේ එය ත්‍රස්තයට විරුද්ධ යුද්ධය වෙතින් විශාල වශයෙන් ඉවතට ගමන් කිරීමක් ලෙසත් අපගේ (මිලිටරි) සම්පත් වෙනත් කටයුතු සඳහා යොදාගැනීමක් ලෙසත් සහ සතුරා ශක්තිමත් කිරීමට බලපෑ ක්‍රියාමාර්ගයක් ලෙසත්. ඒ වාගේම ඔහු (ඒරන් වටාඩා) ගේ ප්‍රශ්නය නීතිමය එකක් නොව සදාචාරමය එකක් ලෙසද මම දකිනවා. ඔබ මේ ආකාරයෙන් හෘදසාක්ෂියට අනුකූලව සදාචාරාත්මකව විරෝධය පාන්නෙකු බවට පත්වීමට තීරණය කරන විට එහි ඇති ප්‍රශංසනීය දෙයනම් ඔබ විසින් ඔබ අනුයන මූලධර්ම අනුව ස්ථාවරයක් ගෙන ඒ වෙනුවෙන් ගෙවීමට සිදුවන මිල ගෙවා දමන බවයි. ඔබ ගන්නා ස්ථාවරයක් වෙනුවෙන් කිසිදු මිලක් ගෙවීමට සිදු නොවන්නේ නම් එය ඔබගේ ධෛර්යය පිළිබඳ සාක්ෂියක් ද නොවනු ඇත. ඔහු විසින් පුද්ගලිකව ඉතා නිර්භීත සහ දිරිමත් ස්ථාවරයක් ගෙන තියෙනවා. ඒ වාගේම ඔබ විසින් පිළිගත යුතු දෙයක් නම් සන්නද්ධ හමුදාවන්ට එහි ක්‍රියාකාරිත්වයන් පවත්වාගෙන යාමේ හැකියාවද පැවතිය යුතුය යන්නයි.

පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශය විසින් ඉතා අයහපත් ලෙස සැලසුම් කරන ලද ආක්‍රමණ ගණනාවක් දියත් කළා. මේ හැම ප්‍රහාරයක්ම ඉතා විනාශකාරී පරාජයක් අත් කරදුන්නා. ඔවුන් නැවතත් මිනිසුන් බලයෙන් හමුදාවට බඳවාගෙන ආක්‍රමණ දියත් කළා. ප්‍රතිඵලය එයමයි. අවසානයේදී එක් බළ ඇණියක සෙබළුන් හමුදා නායකත්වයට එරෙහිව යමින් තම බලකාය තවදුරටත් මෙයට සහභාගි නොවන බව ප්‍රකාශ කළා. එය වැරදියි. ඔබ දන්නවාද ප්‍රංශ හමුදාව සිදු කළේ කුමක් ද කියා. ඔවුහු එම කැරැළි ගැසූ බලකාය පෙළ ගස්වා සෑම දසදෙනෙකුටම වරක් එක් අයෙකු තෝරාගෙන වෙඩිතබා මරා දැමුවා. එම ඝාතන සිදුකිරීමට නියෝග කළ ජෙනරාල්වරයාට පසුව සදාචාරාත්මක සහ පුද්ගලික ප්‍රතිවිපාකයන්ට මුහුණපෑමට සිදු වුණා. නමුත් එයින් පසුව ප්‍රංශ සොල්දාදුවන් තවදුරටත් ඉහළින් ලැබෙන නියෝග පැහැර හැරීම සිදු කළේ නැහැ. ඒ අවස්ථාවේ ප්‍රංශ හමුදාව කැරැළි ගසා විසිරී ගියේ නම් ජර්මනිය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීමට ඉඩ තිබුනා. ඔබ බලය භාවිතා කිරීමට යන්නේ නම් සන්නද්ධ හමුදාවන් තුළ අනිවාරණීය බව පිලිබඳ මූලධර්මයක් පවතින බව මතක තබා ගත යුතුයි.

ඒමි ගුඩ්මාන්- ඒත්, දේශපාලනඥයන් විසින් එය නතර කරනු නොලබන්නේ නම්? ඔබ සඳහන් කළ ආකාරයට ඩිමොක්‍රටික් පක්ෂය රිපබ්ලිකන් පක්ෂය සමග එකතුවී යුද්ධය අනුමත කළා. ඔබ ජෙනරාල්වරයෙකු ලෙස පවසනවා ඒරන් වටාඩා නිර්භීත ක්‍රියාමාර්ගයක් ගත්තා කියා. එසේනම් යුද්ධය එපා යැයි කීමට මැදිහත් විය යුත්තේ යුද්ධය සඳහා යවන ජනතාව බව පැහැදිලියි නේද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව්, නමුත් අපට අවශ්‍ය ධෛර්යය ඔහුගේ ධෛර්යය ආකාරයේ එකක් නෙවෙයි. අපට අවශ්‍ය එක්සත් ජනපද ආණ්ඩුවේ නායකයන්ගේ ධෛර්යයයි. ප්‍රතිපත්ති වෙනස් කිරීමේ හැකියාවක් සහිත ජෙනරාල්වරුන්ගේ ධෛර්යයි. ජනාධිපතිවරයාට සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලකිරීමේ හැකියාව ඇති කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන්ගේ ධෛර්යයි. මාවත එයයි. අපට අවශ්‍ය ඒ ආකාරයේ ධෛර්යයකුයි.

ඒමි ගුඩ්මාන්- ඔවුන්ට එය කළ හැක්කේ කෙසේද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- (ජනාධිපතිවරයා විසින් කොංග්‍රසය මගින් යම් පනතක් අනුමත කරවාගැනීමේදී සිදුවන්නේ මෙයයි.) ඔහු මුලින්ම කොංග්‍රසය වෙත වගකීමට බැඳී නැති යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඊළඟට එය අනුමත වන තත්ත්වයක් ක්‍රමයෙන් ගොඩ නගනවා. ඔහු විසින් එය අඛණ්ඩව පෙරට තල්ලු කළයුතුව පවතිනවා.

කොංග්‍රසය සතුව මූලික බල ප්‍රභේද තුනක් පවතිනවා. එනම් පත් කිරීමේ බලය, පරීක්ෂා කිරීමේ බලය සහ මුදල් අනුමත කිරීමේ බලය යනාදි වශයෙන්. ඔහුට මේ සියලු ත්‍රිවිධ බලයන් පිටුපස හඹා යාමට සිදුවෙනවා. මෙම පෙරමුණු තුනේදී ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ මොනවාදැයි ඔබ විසින් සොයාගත යුතුයි. ඔහු විසින් මේ කරුණ බැරෑරුම්ව සැළකිල්ලට ගනු ලබන තෙක් ඔබ විසින් එය සිදු කළ යුතුයි. අපට සැත්කම් පිහියක් භාවිතා කරන ආකාරයට “හොඳයි, අප මුල්‍ය ප්‍රතිපාදන සපයනවා, නමුත් අපට උද්ගමනයන් සඳහා මුදල් සැපයීමට නොහැකියි“ යනුවෙන් පැවසීම කළ නොහැකියි. මක් නිසාද යත් ඒ සඳහා කොංග්‍රසයට කළ නොහැකි මට්ටමක ක්ෂුද්‍ර කළමණාකරණයක් අවශ්‍ය වන බැවිනි.

නමුත් ඔබ හට ජනාධිපතිවරයා වෙත ප්‍රමාණවත් තරමේ පීඩනයක් එල්ලකළ හැකියි. ඒවිට ඔහුට අවසානයේදී මෙසේ පැවසීමට සිදුවෙනවා.

“හොඳයි, හොඳයි, මොනවාද මගෙන් වෙන්න ඕනේ? මට ධවල මන්දිර වියදම් අනුමත කරලා දෙන්න, මට ෆෙඩරල් විනිශ්චයකාරවරුන් 30ක් පත් කරන්න අවශ්‍යයි.“ කොංග්‍රසය ඒවා අනුමත කරනවා. ඊළඟට ජනාධිපති මෙහෙම කියන්න පුළුවන්.

“මට මේ ‍ෆෙඩරල් නීතිපතිවරුන් පත්කරන්න අවශ්‍යයි. ඔබ දන්නවා මම ඔවුන්ට ඉල්ලා අස්වෙන්න බල කළේ මට දේවල් පාලනය කිරීමට පහසු වෙන්නයි. ඔවුන් වෙන තැනකට පත් කළ යුතුයි. මේ දේවල් කරගන්න නම් මගෙන් මොනවාද ඔහෙලට වෙන්න ඕනේ?“

මම කියන්නේ මේ ආකාරයට යම් යම් දේවල් කිරීමට ජනාධිපතිවරයාට බල කළ හැකියි. එය දැඩි විශ්වාසයෙන් යුතු ආණ්ඩුවක්.

ඒමි ගුඩ්මාන්- ඔබ හිතනවාද යුද්ධයට අරමුදල් සැපයීම කොංග්‍රසය විසින් නැවැත් විය යුතු බව?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම හිතන්නේ උපායමාර්ගික වෙනස්කම් ඇති කිරීම සඳහා කොංග්‍රසය විසින් ශක්තිමත් ස්ථාවරයක් ගත යුතු බවයි. මම හිතන්නේ නැහැ මේ මොහොතේ දී යුද්ධයට සැපයෙන අරමුදල් කපාහැරීම එක්සත් ජනපද අවශ්‍යතාවන් වෙනුවෙන් යහපතක් කරයි කියලා. හුදෙක් අරමුදල් නතරකර “මාස හයක් ඇතුළත ඇමෙරිකානු හමුදා ඉවත් කරගනු“ යි ප්‍රකාශ කිරීම මගින් කිසිවක් ඉටුවන්නේ නැහැ. එය විසින් ඉරාකයේ ඛේදවාචකය අවසන් වන්නේ නැහැ. එය විසින් අහිමි වූ ජීවිත නැවත ලබා දෙන්නේ නැහැ. එය විසින් කළාපය තුළ පසුව මතුවිය හැකි තර්ජනයන් වළකාලීමේ හැකියාව අපට ලබා දෙන්නේ නැහැ.

අප විසින් කළ යුත්තේ ඇමෙරිකානු බලයේ සියළු මුලාංගයන් එනම් රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, නීතිමය සහ මිලිටරිමය ආදි සියල්ල භාවිතාවන උපායමාර්ගයක් සැකසීමයි. මම නම් කරන්නේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් වහාම අදාළ කළාපයට යවන එකයි. ඉරානය සහ සිරියාව සමග සාකච්ඡාවලදී මම කිසිම සීමාවක් හෝ පූර්ව කොන්දේසියක් පනවන්නේ නැහැ. අවශ්‍ය වුනොත් තව 50000ක් සෙබළුන් ඉරාකයට යැවීමට හෝ ඉරාකයේ සිටින 150000ක් වන සියළු සෙබළුන් ඉවත් කරගැනීම දක්වා වන සියළු උපක්‍රම මගේ බෑගයේ සතුව පවතින බව මම ඔවුන්ට දැනගන්නට හරිනවා. කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය ඇති කළ හැකි මූලධර්ම සහිත ප්‍රකාශනයක් මත පදනම් වූ එකඟතාවකට අපි ළඟා විය යුතුයි. හොඳයි, අපි වාඩි වෙලා කතා කරමු. නිවැරදි පරිපාලනයක් යටතේ එය දැන් කළ හැකියි. නමුත් එය තාම සිදු වී නැහැ.

එක්තරා රාත්‍රියක අත්ලාන්තික් සාගරය හරහා පැදවෙන නෞකාවක් මත ඔබ සිටිනවා යැයි සිතන්න. එය අළුත් නෞකාවක්. ඔබ නැවේ ඉදිරිපසට වී ඈත සිතිජයේ කොටසක් දෙස බලාගෙන සිටිනවා. එය තරු සහිත ඉතා අලංකාරවත් රාත්‍රියක්. එක්වරම ඔබ විසින් හඳුනාගන්නවා සිතිජය තුළ තාරකාවන් දක්නට නැති අඳුරු කොටසක්. නෞකාවේ වේගය පැයට නාවික සැතැපුම් 30ක් පමණ. අර තාරකාවන් දක්නට නැති අඳුරු කළාපය ක්‍රමයෙන් විශාල වෙනවා. අවසානයේ ඔබ තේරුම් ගන්නවා නෞකාවේ ගමන් පථය මත ඈතින් සිතිජයේ තාරකා එළිය අවහිර කරන අයිස් කන්දක් වැනි කිසියම් විශාල දෙයක් ඇති බව. ඉතින් ඔබ දිව යනවා කපිතාන් වෙතට,

“කැප්ටන්, කැප්ටන්, ඉස්සරහා අයිස් කන්දක් තියෙනවා. අප ඒකේ හැපෙන්නයි යන්නේ.“

එවිට කැප්ටන් කියනවා. “මේ බලනවා, මට දැන් අයිස් කඳු ගැන හිතන්න වෙලාවක් නැහැ. අපි මෙතැන ලොකුවාදයක්, නැව් තට්ටුවේ ඉදිරි පස හා පසුපස මත තැබිය හැකි පුටු ගාන ගැන.“

එවිට ඔබ “ඒත් නැව අයිස් කන්දේ හැපෙන්නයි යන්නේ?“ යැයි නැවතත් කියනවා.

“මට ඒ ගැන කණගාටුයි, දැන් මෙතැනින් වහාම පිටවෙනවා.“ යි කැප්ටන් කියනවා.

ඉතින් ඔබ පළමු නිලධාරියා වෙත දිවගොස් සිද්ධිය සැළ කර සිටිනවා. එවිට ඔහු මෙලෙස පවසනවා.

“මට දැන් ඕවා ගැන හිතන්න වෙලාවක් නැහැ. මම ඩෙක් එක උඩ තියන පුටු ගාන ගැන කැප්ටන් එක්ක ලොකු වාදයක්.“

ඔබ දන්නවා, මැද පෙරදිග පිළිබඳ අපේ ප්‍රතිපත්තියේ අයිස් කන්දක් වෙත අප ගමන් කරමින් සිටිනවා. නමුත් එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලය සහ ජනාධිපති වරයා ලොකු වාදයක පැටළී සිටිනවා ඉරාකයේ සිටිය යුතු සෙබළුන් සංඛ්‍යාව ගැන. මෙතන ඇති ගැටළුව සෙබළුන් ගාන නොවෙයි, අපගේ සමස්ත උපාය මාර්ගය පිළිබඳ ගැටළුවකුයි තියෙන්නේ.

ඒමි ගුඩ්මාන්- ජෙනරාල් කලාර්ක්, ග්වාන්තනාමෝ කඳවුර වසා දැමිය යුතු යැයි ඔබ සිතනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- සත්තකින්ම

ඒමි ගුඩ්මාන්- එම බන්ධනාගාරය වෙත සැපයෙන ප්‍රතිපාදන කොංග්‍රසය විසින් කපාහරින්නේ නම් එය වසා දැමීමට සිදු වෙනවා නොවේද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මා සිතන විදියට කොංග්‍රසය විසින් පළමුවෙන් කළ යුත්තේ හමුදා කොමිෂන් පනත අවලංගු කිරීමයි. තොරතුරු ලබාගැනීම සඳහා වධ බන්ධන පැමිණවීමට බලය ලබාදෙන නීති දැනුවත්ව හෝ නොදැනුවත්ව පැනවීමට කටයුතු කිරීම පිළිබඳව රටේ ඉහළම ආයතනය වෙත විශාල පිරිසක් චෝදනා නගන තත්ත්වයක් ඇතිව තිබීම ගැන මම කලකිරී සිටිනවා. මා විසින් ප්‍රාර්ථනා කරන්නේ එවැනි ඇමෙරිකාවක් නොවේ. ඒ වාගේම මා විසින් ප්‍රාර්ථනා කරනු ඇමෙරිකාවක් තුළ චෝදනා විරහිතව කාල නියමයකින් තොරව මිනිසුන් රඳවා තැබීම සිදු නොවිය යුතුයි.

එහෙයින් මම පටන්ගන්නේ මිලිටරි කොමිෂන් පනත වෙනස් කිරීම මගින් ඊට පස්සේ මම කරන්නේ නෙටෝ සන්ධානයේ රටවල් එයට එක්කර ගැනීම. ඔවුන් පවසා තිබෙනවා ඔවුනුත් ග්වාන්තනාමෝ බන්ධනාගාරයට අකැමැති බව. මම කැමැතියි ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවන්න, මිලිටරි කොමිෂන්වලින් සමන්විත කැන්ගරු උසාවියක් නොවෙයි. සාක්ෂි අනුව නැවත විමර්ශන කටයුතු කරන්න. එහි රඳවා ඇති මේ මිනිසුන් කවුද? ඔවුන් එහි රඳවා ඇත්තේ කුමන වරදක් වෙනුවෙන්ද? නිදහස් කළ හැකි අය කවුරුන්ද? උසාවියට ඉදිරිපත් කර දඬුවම් පැමිණවිය යුත්තේ කාටද? ආදිය සැලසුම් කළ යුතුයි.

මිලිටරි බලය යොදා ත්‍රස්තයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බව ඔබට වැටහෙනවා. එය මූලිකවම අදහස් පිළිබඳ යුද්ධයක්. දෙවෙනුව එය නීතිය ක්‍රියාත්මක කිරීමේ වෑයමක් සහ ජාතීන් අතර සහයෝගය ඇතිකිරීමේ වෑයමක්. මිලිටරි බලය යෙදිය යුත්තේ අවසන් විකල්පය ලෙස පමණයි. මේ ජනාධිපතිවරයා එක්සත් ජනපද හමුදාවේ ශක්‍යතාවන් විකෘති කොට තියෙනවා. ඔහු විසින් ග්වාන්තනාමෝවල දී නිල ඇඳුම් ලාගත් අපේ මිනිසුන් සහ ගැහැණුන් ව ඉතා නුසුදුසු ලෙස අපගේ මිලිටරි සම්ප්‍රදායන්ට නොගැලපෙන දේවල් කිරීමට ද එමගින් අප ඇමෙරිකානුවන් ලෙස පෙනී සිටින්නා වූ වටිනාකම්වලට එරෙහිවද යොදවා තිබෙනවා.

ඒමි ගුඩ්මාන්- බුෂ් ජානාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ යුතු යැයි ඔබ සිතනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම හිතන්නේ අප විසින් පළමුව කළ යුතුව ඇති දේ පළමුව කළ යුතුයි. එනම් කොංග්‍රසය විසින් ආරම්භ කරන ලද ඉරාක යුද්ධය පිළිබඳ පරීක්ෂණයට අදාළ කටයුතු සම්පූර්ණ කළ යුතුයි. ඔබට මතකද සෙනේට් මණ්ඩලය විසින් අධ්‍යයන වාර්තාවක් නිකුත් කිරීමට සුදානමින් සිටියා. මෙම අධ්‍යයන වාර්තාව මගින් නිගමනය කළ යුතුව තිබුණේ එක්සත් ජනපද ආණ්ඩුව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමේ සිය අරමුණ වෙත සෙනේට් අනුමැතිය ලබාගැනීම සඳහා බුද්ධි සේවා අංශ විසින් සපයන ලද තොරතුරු දැනුවත්ව විකෘති කිරීමකට ලක් කර ඇත් ද යන්නයි. මෙම අධ්‍යයන වාර්තාව සකස් කළ සෙනේට් බුද්ධි කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ අයෝවා හෝ කැන්සාස් නියෝජනය කළ රිපබ්ලිකන් පාක්ෂික සෙනේට් සභිකයෙක්. සත්තකින්ම මම ඒ අධ්‍යයන වාර්තාව කිසි දිනෙක දුටුවේ නැහැ. මම කැමැතියි දැනගන්න ඒ වාර්තාව දැන් කොහේද තියෙන්නේ කියලා. අපේ රට ඉරාකය සමග යුද්ධයට ගියේ ඇයි කියලා සොයා බැලිය යුතුව තිබියදී ඇයි අපි ස්කූටර් ලිබී ගැන වසර තුනක් තිස්සේ පරීක්ෂණ කරමින් සිටියේ කියලා මම දැනගන්න කැමැතියි.

ඒමි ගුඩ්මාන්- ව්‍යවස්ථාපිත අයිතීන් සඳහා වන මධ්‍යස්ථානය විසින් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, ජෙනරාල් මිලර් සහ තවත් අයට එරෙහිව ජර්මන් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකොට තිබෙනවා, ඒ ඔවුන්ට විශ්වීය අධිකරණමය බලතල ඇති හෙයින්. ඔබ හිතනවාද ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට එරෙහිව යුද අපරාධ චෝදනා නැගිය යුතුයි කියලා?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- හොඳයි, මම දැනගන්න කැමැතියි රම්ස්ෆෙල්ඩ්ට විරුද්ධව ඇති සාක්ෂි මොනවාදැයි කියා. මම මේ දේ දන්නවා, ඒ කියන්නේ හමුදා නිල ඇඳුම් ලාගත් ගැහැණුන් සහ මිනිසුන් වෙත දැඩි පීඩනයක් එල්ල කර තිබුනා බුද්ධි තොරතුරු සපයන ලෙස. මට මතකයි, එක් වරක් එක්කෝ ජෙනරාල් සාංචෙස් හෝ නැතිනම් ජෙනරාල් අභිසායිඩ් පවසා සිටියා “අපට අවශ්‍ය තවතවත් සෙබළුන් නොව බුද්ධි තොරතුරුයි. අපට ඇත්තටම අවශ්‍ය හොඳ බුද්ධි තොරතුරුයි.“ යනුවෙන්- ඒ 2003 සරත් සමයේදීයි- අපට අවශ්‍ය හොඳ බුද්ධි තොරතුරුයි යනුවෙන් කෙරෙන මෙම අවධාරණය මට හිතෙන විදියට තෙත රෙදි කැබැලි මිනිසුන්ගේ මුහුණේ දවටා ඔවුන්ගේ හුස්ම හිර කර තොරතුරු ගැනීමට ගන්නා වෑයම හැඳින්වීමට යොදන ලද සමාන සංඥා වචනයක්.

ඉහත අදියරේ සිට අබු ග්‍රායිබ් වැනි ස්ථානවල සිදු වූ සියළු ආකාරයේ අමානුෂික සැළැකීම් දක්වා ගමන් කිරීමට ඇත්තේ කෙටි පියවරක් පමණයි. අපි දන්නවා අල් ගොන්සාලේස් විසින් ලියන ලදුව ඔහුගේ මිනිසුන් විසින් බලාත්මක කරන ලද හෝ ඔහුගේ මිනිසුන් විසින් බලාත්මක කරන ලදුව ඔහු විසින් අනුමත කරන ලද නිල වාර්තා සටහන් කීපයක් මගින් වධ බන්ධන පැමිණවීම යනු ප්‍රධාන ශරීර ඉන්ද්‍රියයක් හෝ අවයවයක් අහිමි වන පරිදි යම් පුද්ගලයෙකුහට වේදනාවක් ඇති කිරීම යනුවෙන් අර්ථ ගන්වා තිබුණා. මෙය වධ බන්ධන පිළිබඳව පූර්ණ අර්ථකතනයක් නොවෙයි. මෙම වාර්තා බොහෝ දෙනාගේ විරෝධයට ලක්වුණා. අපි දන්නවා යම් කිසි දුරකට ඔහු විසින් බලාත්කාරී ක්‍රමවේදයන් අනුමත කර තිබුණා. එමෙන්ම (සිරකරුවන්ගෙන් තොරතුරු ගනුවස් බලකරනු සඳහා) අවශ්‍යවන ඕනෑම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට බලය පවරන 2005 මිලිටරි රැඳවුම්කරුවන් පිළිබඳ පනතට අත්සන් තැබීමෙන් තමන්ද මෙම වධබන්ධන පැමිණවීමේ ක්‍රියාවලට හවුල්ව ඇති ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින්ම පිළිගෙන තිබෙනවා. මෙම සමහර ක්‍රියාවන් සඳහා නිල වශයෙන් සමාව දීම් සිදුව තිබෙනවා.

මම හිතනවා එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් මෙන්ම ඇමෙරිකානු නීතියද උල්ලංඝණය කිරීමක් බව. එපමණක් නොව එය යහපාලනය පිළිබඳ ඇමෙරිකානු මූලධර්ම ද උල්ලංඝණය කර තිබෙනවා. සිරකරුවන්ට අයෝග්‍ය අයුරින් සැළකීම පිළිබඳ බොහෝ සාක්ෂි තිබෙනවා. ඉතිහාසය තුළ සියළුම හමුදාවන් විසින් එය සිදුකරන්නට ඇති. නමුත් එය නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අපේ රට විසින් කවදාවත් ක්‍රියාත්මක කර නැහැ. හේසියන්වරුන් අල්ලාගනු ලැබූ වෙලාවේ ඔවුන්ට වධ බන්ධන පැමිණවීමට හෝ මරාදැමීමට හමුදාවට අවශ්‍ය වුනත් ජෝර්ජ් වොෂින්ටන් පැවසුවේ ඔවුන්ට යහපත් අයුරින් සළකන ලෙසයි. “ඔවුන් අපේ පැත්තට එකතු වේවි.“ යි ඔහු කීවා. ඇත්තෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එකතුවුණා. එය බුද්ධිමත් ප්‍රතිපත්තියක්. අත්අඩංගුවට පත් සතුරාට යහපත් ලෙස සැළකීම, කළ යුතු නිවැරදි දෙය පමණක් නොවෙයි, එය ඉතා බුද්ධිමත් ප්‍රතිපත්තියක්. ලෝකයේ මේ කලාපය තුළ මිනිසුන්ට අප විසින් සළකන ලද ආකාරය සහ ඔවුන් නොසළකා හැරීම නිසා අප විසින් ගණන් කළ නොහැකි තරම් සතුරන් ප්‍රමාණයක් ඇති කරගෙන තියෙනවා. එය ඉතා නරක ප්‍රතිපත්තියක්.

ඒමි ගුඩ්මාන්- මට දැනගැනීමට අවශ්‍යයි ඔබ ෆොක්ස් නිව්ස් චැනලයේ වැඩ සටහන්වලට දායකවනවාද යන්න?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව්, අවම වශයෙන්.

ඒමි ගුඩ්මාන්- මට ඔබෙන් අසන්නට අවශ්‍යයි වෙස්ට්පොයින්ට් මිලිටරි ඇකඩමියේ උපකුලපති, බ්‍රිගේඩියර් ජෙනරාල් පැට්‍රික් ෆිනගන්, හමුදාවේ ප්‍රශ්න කිරීම් කටයුතුවල නිරත වූවෙකු වූ වන ටෝනි ලාගෝරානිස් සහ හියුමන් රයිට්ස් ෆස්ට් කණ්ඩායම විසින් මේ වනවිට ජනප්‍රියතාවයේ ඉහළටම පැමිණ තිබෙන 24 නම් ක්‍රියාන්විත ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධානීන හමුවී ඔවුන් මේ නාට්‍ය වැඩසටහන තුළින් කරන්නේ වධබන්ධන උත්කර්ෂයට පැමිණවීම බවත් එමගින් තරුණ තරුණියන්ට ඉරාකයට ගොස් එහි සොල්දාදුවන්ට වධබන්ධන පැමිණවීම දිරිගැන්වීම බවත් පැහැදිලි කර දී එය නැවැත්වීමට යාම ගැන ඔබ හිතන්නේ කුමක්ද කියා?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- එච්චර විතරක් නොවෙයි. නමුත් එය සාර්ථක වන්නේ නැහැ. ඔව් පැට් ෆිනගන් මගේ වීරයෙක්.

ඒමි ගුඩ්මාන්- හොඳයි, ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම හිතනවා එය ඉතා ශ්‍රේෂ්ඨ වැඩක් කියලා.

ඒමි ගුඩ්මාන්- 24 වැඩ සටහන නැවැත්වීම අරමුණු කොටගෙන එය විකාශනය කළ ෆොක්ස්නිව්ස් ආයතනයේ පැවැත්වූ අභ්‍යන්තර සංවාදයට ඔබගේ සම්බන්ධයක් තිබුණාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මම දන්න තරමින් නම් සිදුවූයේ මෙයයි. ඔවුන් හොලිවුඩ් හි සිටින සියළු ලේඛකයන්ට ඇමතුම් ගත්තා. මගේ පුතාත් ලේඛකයෙක්. ඔහුත් එම ඇමතුම ලද අය අතර සිටියා. වධ බන්ධන ගැන කතා කිරීම නවත්වන ලෙස ඔවුන් හැම දෙනාටම පවසා තිබුනා. එය හරි ගියේ නැහැ. මම හිතන්නේ පැට් ෆිනගන්ගේ මැදිහත්වීම ප්‍රතිඵලදායකයි කියලා.

ඒමි ගුඩ්මාන්- හොඳයි, ඔබ එයට සහාය දෙනවා.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඇත්ත වශයෙන්ම

ඒමි ගුඩ්මාන්- (කථනය) ජෙනාරාල් වෙස්ලි ක්ලාර්ක් විසින් ජනප්‍රිය ඇමෙරිකන් ජෙනරාල්වරුන් වන ග්‍රාන්ට්, ලෙමේ, පැටන් සහ අයිසන්හවර් ගැන පොත් ගණනාවක් මෑතදී සංස්කරණය කරනු ලැබුවා. අයිසන්හවර් සිය ජනාධිපති තනතුරේ කටයුතු කළ ආකාරය ගැන මම ජෙනරාල් ක්ලාර්ක්ගෙන් විමසා සිටියා.

ඒමි ගුඩ්මාන්- 1953 අදට බෙහෙවින් සමානකම් දක්වනවා. ටෙඩි රූස්වෙල්ට්ගේ මුණුපුරා වූ කර්මිට් රූස්වෙල්ට් අයිසන්හවර් යටතේ ඉරානයට ගොස් මොහමඩ් මොසාදිග් ගේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් මෙහෙයවූවා.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- මිනිසුන් අතින් වැරදි සිදුවෙනවා. එක්සත් ජනපදය විසින් නොකඩවා සිදුකළ වැරැද්දක් නම් වෙනත් රටවලට මැදිහත් වී ඒවායේ මහජන ආණ්ඩු කෙසේ හෝ තමන්ට අවශ්‍ය ආකාරයට සැකසීමට කටයුතු කිරීමයි. විශේෂයෙන්ම මැද පෙරදිග කළාපය තුළ. මම දන්නේ නෑ අපිට එහෙම හිතෙන්නේ මොකද කියලා. ඔබට ලතින් ඇමෙරිකාව තේරුම්ගත හැකියි. මොකද ලතින් ඇමෙරිකාවේ ඉන්න මිනිස්සු නිතරම ඇමෙරිකාවට ඇවිත් කියනවා “ඔබ අපට උදවු කළ යුතුයි. අර යක්කු මංකොල්ල කාරයෝ. උන් කිසි දෙයක් දන්නේ නැහැ. ඔබ දන්නවා ඔවුන්ට ආණ්ඩුවක් නැහැ. කරුණාකර මැදිහත් වී අපේ දේපොළ ආරක්ෂා කර දෙන්න“ කියලා. එක්සත් ජනපදය විසින් එය 1920 ගණන්වල නිතරම සිදුකළා. අයිසන්හවර් කියන්නේ ඒ සංස්කෘතියේම කොටසක්. ඔහු එය දැක්කා.

නමුත් මැද පෙරදිග තත්ත්වය වෙනස්. අපි කවදාවත් එහි සිටියේ නැහැ. දෙවන ලෝක යුද්‍ධය සමයේදීයි අපි ජර්මන්වරුන් ඉරානයෙන් පළවාහැරීම සඳහා සම්බන්ධතාවන් ගොඩ නගා ගනු ලැබුවා. අපි බ්‍රිතාන්‍ය සහ සෝවියට් සංගමය සමග සන්ධානයක් ගොඩ නැගුවා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෝවියට්වරුන්ට ඉරානයෙන් ඉවත්වීමට අවශ්‍ය වුනේ නැහැ. ටෘමන් විසින් ඔවුන්ට එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ අභියෝග කළා. අයිසන්හවර් මේ සියල්ල දැන සිටියා. කෙසේ හෝ ඉරානය අමෙරිකානු ආරක්ෂක වළල්ල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළැඹුණා. ඔහුගේ දර්ශනය වූයේ එයයි. කොමියුනිස්ට්වරුන්ට සියල්ල බාරදී නිහඬව සිටීමට අපිට හැකියාවක් නැහැ.

ඒමි ගුඩ්මාන්- එයට අමතරව මෙහිදී බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම බලපෑවේ නැද්ද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඒවා ඉතිං හැමදාම එහෙම තමා. හැම තිස්සේම යම් යම් අවශ්‍යතාවන් සහ අරමුණු පවතිනවා. මැද පෙරදිගට අදාළ ඇත්ත මෙයයි. එහේ තෙල් තිබ්බේ නැත්නම් එය අප්‍රිකාවට වඩා වෙනස් ආකාරයක අවධානයක් හිමිකරගැනීමට සමත්වන්නේ නැහැ. එහෙම නම් කවුරුවත් අප්‍රිකාවට මැදිහත් වන බවට තර්ජනය කරන්නේ නැහැ. ප්‍රශ්නය මෙයට ප්‍රතිවිරුද්ධ දෙයයි. අපි දිගටම ඉල්ලා සිටිනවා මිනිස්සු වෙනුවෙන් එහෙට මැදිහත් වෙන්න කියලා. සුපිරි බලවතුන් මැද පෙරදිග කලාපයට මැදිහත්වීමට උනන්දු වන්නේ එහි පෙට්‍රෝලියම් තිබීම හේතුවෙන් යන්න අවිවාදිතයි. කුමන්ත්‍රණය සඳහා පෙළැඹීමට එය විශේෂිත හේතුවක් දැයි මට ඔබ වෙත නිශ්චිතව පැවසිය නොහැකියි. නමුත් අපි මේ කලාපයට කවර ආකාරයකින් හෝ මැදිහත් වී බලය යෙදීම සිදු කළ යුතු බවට වන ආකල්පය නම් අප තුළ සැමදාම පැවතුණ බව කිව හැකියි. මම හිතන්නේ ඒක තමයි ඇත්ත. අප විසින් සෝවියට්වරුන් ඇෆ්ඝනිස්ථානයෙන් පළවා හැරීම සඳහා ඔවුන්ට එරෙහිව මුජහඩීන්වරුන් නිර්මාණය කර සන්නද්ධ කළ බව මඳකට සිහිපත් කරගන්න. අපට එලෙස කළ හැකි බව අපි හිතුවේ ඇයි? නමුත් අප එය කළා. මා විසින් මෙයින් ඉගෙනගත් පාඩම නම් අප විසින් බලය යොදන සෑම විටෙකම එය විසින් අනපේක්ෂිත ප්‍රතිඵලද ලබා දෙන බවයි. එහෙයින් ඔබ විසින් බලය යෙදිය යුත්තේ අවසාන විකල්පය ලෙසයි. බලය යෙදීම සිදුවන්නේ විවෘතව හෝ රහසිගත වුවද එය විසින් ඔබට අනන්ත වූ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති.

ඒමි ගුඩ්මාන්- ජීමි කාටර් විසින් ලියන ලද “Peace, Not Apartheid“ නම් පොත පිළිබඳව ඔබ සිතන්නේ කුමක් දැයි දැනගැනීමට කැමැතියි.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- එම පොත කියැවීමට මට අවස්ථාවක් නොවූ බව මා කණගාටුවෙන් වුවත් ඔබට පැවසිය යුතුයි. මා විසින් කියැවිය යුතු යැයි සිතා සිටින පොත් අතරින් එයද එකක්. මා විසින් ඔබට මෙයද පැවසිය යුතුයි. ඊශ්‍රායෙලය සම්බන්ධව අපගේ ස්ථාවරය ඉතාම දුෂ්කර එකක්. මම “අපි“ කියන වචනය පාවිච්චි කළේ සෑම ඇමෙරිකානු ජනාධිපතිවරයෙකුම බැඳී සිටිනවා ඊශ්‍රායෙලයේ ආරක්ෂාව සහ එහි පැවැත්ම තහවුරු කර දීමට. මම හිතනවා එය නිවැරදියි කියා. මට එලෙස හැ‍ඟෙනවා. එමෙන්ම මම ඊශ්‍රායෙලයේ දැඩි ආධාරකරුවෙක්.

නමුත් අප කෙසේ හෝ පලස්තීනුවන් සමග සාකච්ඡා ඇණ හිට ඇති මේ වත්මන් තත්ත්වයෙන් ඔබ්බට ගමන් කළ යුතුයි. එමෙන්ම මේ ආණ්ඩුව (බුෂ් පරිපාලනය) අසමත්ව තිබෙනවා එයට නායකත්වය දීමට. ඔවුන් මූලික වශයෙන් ක්ලින්ටන් ආණ්ඩුව විසින් සිදු කළ කිසිවක් ඉදිරියට ගෙන නොයාමට තීරණය කර තිබෙනවා. මම හිතන්නේ එය තමයි මූලික ප්‍රතිපත්තිය. මේ අනුව අප විසින් ඊශ්‍රායෙලය සහ පලස්තීනුවන් අතර අසීමාන්තික හිංසනයක් පැතිර යාමට ඉඩ සලසා තියෙනවා, එක්සත් ජනපද ආණ්ඩුව විසින් එය නැවැත්වීමට දැරෙන කිසිදු උත්සාහයකින් තොරවම. දැනටමත් එය බෙහෙවින් ප්‍රමාද වැඩියි. පසුගිය දිනෙක කොන්ඩි (රාජ්‍ය ලේකම් කොන්ඩෝලීසා රයිස්) එහි ගොස් සිටියා. නමුත් තමන් විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ කිසිවක් ඉටු කර ගැනීමට ඇය අසමත්වුණා. ඒ වාගේම මිනිස්සුන්ට අවශ්‍යයි සවුදි අරාබියට වරද පැටවීමට. නමුත් අඩු තරමින් සවුදිවරුන් මක්කමේදී උත්සාහයක් දැරුවා එක්සත් රාජ්‍යයක් පිහිටුවීමට. එහෙයින් මම දොස් පවරන්නේ ඇමෙරිකන් ආණ්ඩුවටයි.

ජිමී කාටර් බොහෝ දෙනාගේ විවේචනයට ලක්වුණා. ඔහු මේ පොතේ කියන්නේ කුමක්දැයි මම හරියටම දන්නේ නැහැ. නමුත් මේ රටේ මිනිස්සු ගොඩාක් සංවේදීයි ඊශ්‍රායෙලය ගැන. මට එය තේරුම් ගත හැකියි. මගේ බොහෝ මිතුරන් විසින් මා හට එය පැහැදිලි කර දී තිබෙනවා. ඒ වාගේම දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ දේවල් වළකාළීමට ප්‍රමාණවත් තරම් විරෝධය දැක්වීමට තමන් අසමත්වූවායැයි යන හැඟීම ඇති මිනිසුන්ගේ මානසිකත්වය ගැනද ඔවුන් මට පවසා තිබෙනවා. එය නැවත වතාවක් සිදුවන්නේ නැහැ.

ඒමි ගුඩ්මාන්- ජෙනරාල් ක්ලාර්ක්, ජනමාධ්‍යවේදීන් ගැන මට ඔබෙන් දැඩි ප්‍රශ්නයක් ඇසීමට අවශ්‍යයි.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- හොඳයි, එය ඔබ අද මගෙන් අසන පළමු දැඩි ප්‍රශ්නය වනු ඇතැයි මම සිතනවා.

ඒමි ගුඩ්මාන්- ඉරාකය තුලදී ජනමාධ්‍යවේදීන් මාධ්‍ය වෘත්තිකයන් 100කට වැඩි සංඛ්‍යාවක් ඝාතනයට ලක්වී තිබෙනවා. වැඩිපුරම ඝාතනය වී ඇත්තේ අරාබි ජනමාධ්‍ය වේදීනුයි. එක්සත් ජනපද හමුදාවල ෂෙල් ප්‍රහාරය අල්ජසීරාවට එල්ලවන විට එහි සිටි අල්ජසීරා වාර්තාකරු තරීක් අයුබ් මරණයට පත්වුනා. පලස්තීන හෝටලයට ප්‍රහාර එල්ලවූ අවස්ථාවේ එහි සිටි රොයිටර් ඡායාරූප ශිල්පියා සහ ස්පාඤ්ඤ ටෙලිසින්කෝ මාධ්‍ය ආයතනයේ යෝසේ කෝසෝ මාධ්‍යවේදියා මරණයට පත්වුණා. බොහෝ අරාබි ජනමාධ්‍යෙව්දීන් තුළ හැඟීමක් තියෙනවා. ඔවුන්ව සැලසුම් සහගතවම ඉලක්ක කොට ඇති බවට. එහි අදහස පණිවිඩය ගෙන එනු ලබන පුද්ගලයාට වෙඩි තැබීමයි. මෙම ප්‍රශ්නය, ඔබ නෙටෝ සංධානයේ යුගෝස්ලාවියා ආක්‍රමණයේදී එහි සුපිරි අණදෙන නිලධාරියාව සිටියදී සර්බියානු රේඩියෝ ටෙලි විෂන් ආයතනයට බෝම්බ දැමීම දක්වා ඈතටද විහිද යනවා. ඔබ සිදු කළ දේවල් ගැන ඔබ පසුතැවිලි වෙනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඒ ගැන මා තුළ කිසිදු පසුතැවිල්ලක් නැහැ. එය සර්බියානු අණදෙන සහ පාලන ජාලයේ කොටසක්. ඒ විතරක් නොවෙයි, ඒ රූපවාහිනි මධ්‍යස්ථානය විනාශ කර දමන ලෙස බොහෝ දේශපාලන නායකයන් මගෙන් ඉල්ලා සිටියා. එය විනාශ කරදැමීමට පෙර අප විසින් එය විනාශකර දැමීමට යන බවට මම දෙවරක් සර්බියානුවන්ට අනතුරු ඇඟවූවා. පෙන්ටගනයේ පැවැත්වුණු ප්‍රවෘත්තී සාකච්ඡාවකදී අප විසින් යමෙකු ලවා සැලසුම්කරන ලද ප්‍රශ්නයක් මතු කරනු ලැබුවා මෙම රූපවාහිනියට පහරදීමට අප කටයුතු කරන්නේ දැයි අප වෙතින්ම අසනු ලැබීමට. අප එය කළේ අපි එයට පහරදීමට යන බවට සර්බියානුවන්ගේ අවධානය යොමු කිරීමටයි.

ඒමි ගුඩ්මාන්- RTS

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව්. මිලෙසොවික් ඒ අනතුරු ඇඟවීම වටහාගත්තා. ඒ රාත්‍රියේදී ඔහු විසින් විශේෂ අනිවාර්ය සාදයක් සියලු විදේශ ජනමාධ්‍යවේදීන් සඳහා RTS ආයතනය තුළ පැවැත්වූවා. ඒ රාත්‍රියේදී අපි එයට බෝම්බ දැම්මේ නැහැ. අප විසින් දෙවරක්ම අනතුරු ඇඟවූවා අපි එයට පහර දීමට පෙර.

ඒමි ගුඩ්මාන්- ඒ වනවිට එහි සිටි CNN වාර්තාකරුවන්ට ඉවත්වන ලෙස ඔබ විසින් දැනුම් දෙනු ලැබුවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- පෙන්ටගන්හි පැවැත්වුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මම CNN පාවිච්චි කළා, පහර දෙන බවට වන ප්‍රවෘත්තිය පැළ කරන්න. නමුත් අපි කිසිවෙකුට විශේෂයෙන් දැනුම්දුන්නේ නැහැ ඉවත්වන ලෙස. අපි ඔවුන්ට කිව්වේ එය (RTS ආයතනය) අපගේ ඉලක්කයක් බවයි. අප විසින් පහරදෙනු ලැබුවහොත් අප ලවා කිසිවෙකු හෝ මරණයට පත්කරවීම සඳහා මධ්‍යම රාත්‍රියේදී මිනිසුන්ව එහි තබා ගැනීමට තීරණය කළේ මිලෙසොවික් විසින්. අපි පහරදුන්නේ කිසිවෙකු හෝ සාමාන්‍යයෙන් එහි නොසිටින රාත්‍රියේදීයි.

ඒමි ගුඩ්මාන්- නමුත් ඔබ විසින් සාමාන්‍ය වැසියන් මරාදැමුවා.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- 6 දෙනෙකු මරණයට පත්වුණා.

ඒමි ගුඩ්මාන්- 16 දෙනෙක් මරණයට පත්වුණා. එහි සිටියේ මාධ්‍යවේදීන්, අංගරචනා ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන් ආදි අයයි. එය සිවිල් ඉලක්කයක්.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව්. ඔවුන්ට එහි රැඳී සිටිනා ලෙස මිලෙසොවික් නියෝග දී තිබුණා.

ඒමි ගුඩ්මාන්- නමුත් එය සිවිල් ඉලක්කයක්.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- එය සිවිල් ඉලක්කයක් නොවේ. එය සර්බියානු ආඥා සහ පාලක ජාලයේ එක් කොටසක්.

ඒමි ගුඩ්මාන්- ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් එය යුද අපරාධයක් ලෙස නම් කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඒත් යුගොස්ලාවියාවේ අන්තර් ජාතික අපරාධ අධිකරණය විසින් එම සිදුවීම ගැන පරීක්ෂණයක් සිදු කළා. ඔවුන්ගේ තීන්දුව වුණේ එය නීත්‍යානුකූල ඉලක්කයක් බවයි. ඇම්නෙස්ටි සංවිධානය විසින් ඔවුන් විසින් පැවසිය යුතුව ඇති දේ පැවසීම සම්පූර්ණයෙන්ම නිවැරදි බව මම හිතනවා. නමුත් අප විසින් කළ සියල්ල නීතිඥයන් විසින් අනුමත කළා. සෑම ඉලක්කයක්ම ආශීර්වාදයට ලක්වූවා. අපි යුද අපරාධ සිදු කළේ නැහැ.

ඒමි ගුඩ්මාන්- RTS ආයතනය සේවය කළ අය ඝාතනයට ලක්වුණු පුද්ගලයන් බොහෝ අය තරුණ අය. මියගිය පුද්ගලයන් කවුරුන්දැයි අපි අද දන්නා තත්ත්වයක් තුළ මෙම සිදුවීම දෙස නැවත බලන විට පෙනී යන දෙය නම්, ඔබ ද පැවසූ පරිදි ඔවුන් කර ඇත්තේ ඔවුන්ට එහි නතරව සිටින ලෙස මිලෙසොවික් විසින් දුන් නියෝග පිළිපැදීම පමණයි.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔව්. එය ඛෙදවාචකයක්. නමුත් මම ඔබට යමක් පවසන්නම්. ඔබට ඛේදවාචකයක් ගැන කතා කිරීමට අවශ්‍ය නම් මේ සිදුවීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? අප විසින් වරෙක කොසෝවෝ වල සර්බියානු පොලිස් ස්ථානයක් ලෙස සිතන ලද ඉලක්කයකට බෝම්බ දැමුවා. අපි සර්බියානු වාහන දැක්කා. අපි නියමුවන් රහිත විමර්ශන ගුවන්යානා එයට ඉහළින් යැව්වා. එය හඳුනාගැනීම සඳහා අපට කළ හැකි සියල්ලම අප විසින් සිදු කළා. ඒ රාත්‍රියේදී සර්බියානු පොලිස් වාහන එහි නතර කර ඇති බව අපි දැක්කා. ඉතින් අපි F-16 ගුවන් යානාවක් යවා රාත්තල් 500ක් බර ලේසර් නියාමක බෝම්බ 2ක් ඒ මත අතහැරියා. එහිදී අප අතින් සර්බියානුවන්ගේ අත්අඩංගුවේ සිටි අල්බේනියානුවන් 80 දෙනෙකු ද මරණයට පත්වුණා. ඔවුන් පළා යෑමට උත්සාහ කරන විට සර්බියානුවන් විසින් ඔවුන්ව එම ගොවිපොළ ගොඩනැගිල්ල තුළ රඳවා වාහනවලින් වට කර තිබුණා. මියගිය සෑම අහිංසක අයෙකු වෙනුවෙන්ම මම පසුතැවිලි වෙනවා. එමෙන්ම මම සෑම රාත්‍රියකම යාඥා කරනවා මියගිය අය අතර අහිංසකයන් සිටින්නට එපා කියා. ඒත් මේ නිසා තමයි මම කියන්නේ බලය යෙදවීම සෑම විටෙකම අවසාන විකල්පය ලෙස සිදු කළ යුතු බව.

මම මේ කථාව මීට කලින් උසස් විද්‍යාල සිසුසිසුවියන් සමග පවසා තියෙනවා. නමුත් එය නැවත නැවතත් කියන්න සිදුවෙනවා. වරක් අපගේ (ගුවන් යානාවක) ක්ලස්ටර් බෝම්බ ඒකකයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ග්‍රෙනේඩ් බෝම්බ කීපයක් නිෂ් වල දී පාසල් බිමකට ඇදවැටුනා. ළමයි කීපදෙනෙකු, මම හිතන්නේ තුන්දෙනෙක් මැරුණා. සති දෙකකට පසුව මට ලියුමක් එවා තිබුණා අර මැරුණ සර්බියානු ළමයෙකුගේ සීයා කෙනෙක් විසින්. ඔහු ලියා තිබුණා “උඹ මගේ මිණිබිරීව මරා දැම්මා! මම උඹට වෛර කරනවා. මම උඹව මරනවා!“ කියලා. මට මේ ලිපිය හමුවුණේ යුද්ධය මැද දී. එයින් මා බොහෝ ශෝකයට පත් වුණා. නිශ්චිතව අපි කිසිවෙකුට එවැනි දෙයක් කිරීමේ උවමනාවක් තිබුණේ නැහැ. නමුත් යුද්ධයකදී අනතුරු සිදුවෙනවා. ඒ නිසයි අනෙකුත් සියළු විකල්ප ක්‍රියාමාර්ග ඵල රහිත වන්නේ නම් පමණක් යුද්ධ ක්‍රියාමාර්ගවලට එළැඹිය යුත්තේ. මක් නිසාද අහිංසක මිනිසුන් මරණයට පත්වෙනවා. මම හිතන්නේ එක්සත් ජනපද හමුදාව කොසොවෝවලදී ඉතා පරිස්සමින් සහ මානුෂික ලෙස කටයුතු කළා කියලා. නමුත් එවැනි තත්ත්වයක දී පවා සාමාන්‍ය වැසියන් මරණයට පත්වෙනවා. මම ඒ ගැන නිතරම පසුතැවිලි වෙනවා.

ඒමි ගුඩ්මාන්- ක්ලස්ටර් බෝම්බ තහනම් කළ යුතු යැයි ඔබ සිතනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔබ දන්නවා, අපි භාවිතා කළා ක්ලස්ටර් බෝම්බ 1400කට වැඩි සංඛ්‍යාවක්. සමහර වෙලාවට අප සතුව ඇති එකම යෝග්‍ය සහ වඩාත් මානුෂික ආයුධය ක්ලස්ටර් බෝම්බ නම් අපට ඒ අවස්ථාවලදී ක්ලස්ටර් බෝම්බ පාවිච්චි කරන්න සිදු වෙනවා. ඒවා භාවිතය ඉතා පරිස්සමින් සහ සැළකිළිමත් ලෙස කළ යුතු දෙයක්. මම හිතන්නේ අපි යුගොස්ලාවියාවේදී ඉතා පරිස්සමින් එය සිදු කළා.

ඒමි ගුඩ්මාන්- ක්ලස්ටර් බෝම්බ තහනම සඳහා වන ජාත්‍යන්තර ඉල්ලීම එක්සත් ජනපදය විසින් මේ වනවිට ප්‍රතික්ෂේප කර තියෙනවා. පසුගිය සිකුරාදා රටවල් 46ක් ඔස්ලෝහිදී රැස්වී නව අන්තර්ජාතික එකඟතාවක් කෙටුම්පත් කළා 2008 සිට ක්ලස්ටර් බෝම්බ භාවිතය තහනම් කිරීම සඳහා. ඔබ එයට සහයෝගය දෙනවාද?

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ඔබ දන්නවා සමහර යුද විරොධී කොටස් තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි යුද්ධයට භාවිතා කරන ආයුධවල නීත්‍යානුකූලභාවය අහිමි කිරීමට කටයුතු කිරීම. මමත් එවැනි සමහර දේවලට සහභාගි වී තිබෙනවා. මම කැමැතිය බිම්බෝම්බ තහනම් කිරීමට. මම සහභාගිවුණා ලේසර් භාවිතා කරමින් මිනිසුන් අන්ධකිරීමට යොදාගන්නා ආයුධ තහනම් කිරීමට. ඒ වාගේම එම දෘෂ්ටි හානි කාරක ලේසර් ආයුධ තහනම් කිරීමේ ගිවිසුම සකස්කිරීමට සහභාගි වූ කණ්ඩායමේ කෙනෙක් මම. මම කැමැතියි න්‍යෂ්ටික ආයුධ සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබීමට. නමුත් මට එකඟ වන්න බැහැ ජාත්‍යන්තර කටයුතුවලදී බලය භාවිතා කිරීම අවශ්‍යවන්නේ නැතැයි කියන කණ්ඩායම් සමග. මේ රටට එය අවශ්‍යයි. මම කැමැතියි මේ රටට එය අවශ්‍ය නොවන තත්ත්වයක් ගොඩනැගීමට වැඩකිරීමට. නමුත් ඇත්ත තත්ත්වය නම් දැනට අපට එය අවශ්‍යයි. ඒ නිසා අපේ සෙබළුන්ට සහ සෙබළියන්ට යුදබිමේදී කාර්යක්ෂ්ම ලෙසත් ඔවුන්ට සිදුවන හානිය අවම වනපරිදිත් සටන් කිරීමට අවශ්‍යකරන සුදුසු ආයුධ ලබාදීමට එරෙහිව කටයුතු කිරීමට මට බැහැ.

ඒමි ගුඩ්මාන්- අපට මේ සාකච්ඡාව මෙතැනින් නිමා කිරීමට සිදුවනවා. ඔබට ස්තූතියි ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්.

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්- ස්තුතියි ඔබට.

ඒමි ගුඩ්මාන්- (කථනය) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්. මා විසින් ඔහු සමග නිව්යොක්හි Y වීදියේ අංක 92 දරන සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම සංවාදය සිදු කරනු ලැබුවේ ඔහු විසින් පළ කරන ග්‍රාන්ට්, ලමේ, සැටන් සහ අයිසන්හවර් වැනි ජෙනරාල්වරුන් ගේ චරිතපාදාන පිළිබඳ පොත්මාලාව සම්බන්ධයෙන්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Interview, Gen. Wesley Clark, Democracy Now, Iraq, Syria, Lebanon, Libya, Somalia, Sudan, Iran
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතා-බස් කරන්ට්ස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook