Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
බූන්දි, 19:55:30
'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා දී ඇති තත්ත්වයන් මත කතා කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් පවතින නමුත්, හුදෙකලා කුටියක දී පළමුව කටහඬ අතුරුදන් වේ. තමන්ට තමන්ගේ ම කටහඬ ඇසීමේ ඛේදයට ගොදුරු නොවී සිටීමට නම් කොළ කැබලි සමඟ හෝ ගනුදෙනු කළ යුතුය. එබැවින් මම ලියමි."

තමන් විශ්වාස කරන මතවාදය වෙනුවෙන් හේතු විරහිතව අට වසකට ආසන්න කාලයක් සිරගත හුදෙකලා කුටියක ජීවිතය ගෙවද්දී කටහඬ අතුරුදන් නොකර තබා ගත්තාට පළමුවෙන් ම ඔහුට අපේ ආචාරය හිමි විය යුතුය. ඉක්බිති ඒ ලියූ දෑ ගැන ද අතීතය - වර්තමානය සහ අනාගතය ගැන ද විමසිය යුතුය.

"බිඳිමින් නිහඬ බව
කතා කළෙමි
සිහළ බස නොහඳුනන
දෙමළ හදවත
බලා වුණි විමතියෙන්

මොහොතක් - කල්පයක්
ගෙවුණා වෙන්නැති
අපි නිහඬව බලා උන්නා
ඇස් කතා කරන'තර

වෙවුලනා දෑතින්
ගෙන මා දෑත
තුරුලු කර මා ළයට
කෙඳිරුවා රහසින

'ඒන් මහනේ!'

පුපුරා හැලුණි
කැටි ගැසී තිබූ දුක් කඳ
ගැලුවා
ඇස තෙත් කොට
පපුතුරේ වේදනා ගඟ

පිරිමැද
ඔහු හිස
මා උර මත
තබා ගමි

'අප්පා සොල්ලුංග!'

ළය පලා මතුව එන
තම දුක
වදනකට පෙරළනු බැරිව
මොහොතකට ගොළුවුණි
මහලු හදවත

සෝ සුසුම් පමණක් ම
හඳුනන
සීතල ගල් බිත්ති මත
තාත්තෙකුගේ හදවත
ඉක්බිතිව නින්නාද වුණි..."


ඉදින්, සියල්ල ගල් ගැසුණු මොහොතක සංවාදය සඳහා එතරම් ම උනන්දුවක් නොදැක්වුව ද ඔහු අප සමඟ කතා කළේය. ඔහු ගේ මේ සංක්ෂිප්ත පිළිතුරුවලින් වික්ෂිප්ත නොවී එහි ගැඹුර හාරා පීරා බලන්නැයි අපි ඔබට යෝජනා කර සිටිමු.

#. මො.ල. සෙනෙවිරත්න දැන් හික්මිලාද ඉන්නේ?

ඒක භාවිතයෙන් 'චෙක්' කරන්න.

#. හික්මවීම පිණිස ඉවසපු දඬුවම දිහා ආපහු හැරිල බලද්දී මොකද හිතෙන්නේ?

අනාගතය තවමත් විවෘතයි.

#. 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නිකුත් වෙලා දැන් වසරකට වඩා වැඩි කාලයක් ගත වුණා. කට්ටිය මොකද කියන්නේ, කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

ප‍්‍රතිචාර තියෙනවා. නමුත් අවශ්‍යම දේශපාලන කියැවීම තවම කියැවිලා, ලියැවිලා නැහැ. අපි කාලයට ඉඩ දෙමු.

#. ඔබ නිතරම කියන දෙයක් තමයි මේ ගතවෙන්නේ බොහොම නින්ද්‍රාශීලී හරි අමාරු කාලයක් කියල. ඒත් කොහොමහරි අපිට මේ කාලය ගෙවාගන්න සිද්ධවෙනවා. ඉස්සරහට එන කාලය කොහොම වෙයිද කියලත් අපි දන්නෙ නැහැ. ඒ නිසා මොනවා හරි කරන්නම වෙනවා. මොකද්ද යෝජනාව?

ඉවසන්න!

#. එක පැත්තකින් කෙනෙක් කියන්න පුළුවන් මොලා කියන්නේ ඕපපාතික කවියෙක් කියලා. නමුත් තව පැත්තකින් බලද්දී මේවා ඉතිහාසය විසින් තීන්දු කරපු අනිවාර්යතම ලියැවීම්. තව අයට ඒ ගැන තවත් කියැවීම් ඇති. මො.ල. සෙනෙවිරත්නට කියන්න තියෙන්නේ මොකද්ද?

අපේ පරම්පරාව ඕපපාතික නැහැ. උතුරෙත්-දකුණෙත් ලක්ෂ ගණනකගේ මරණයන් අතර අපි අහම්බයක්. 'කවි' ලෙස හඳුන්වන දෙයටත් නිශ්චිත පදනමක් තියෙනවා. අරගලයට සාපේක්ෂව දේශපාලනයේ විවිධ ප‍්‍රකාශයන් තියෙනවා. කවියත් අවියක්!

#. අර අමාරු කාලයක් කියපු කාරණයට අමතරව දේශපාලන - සමාජ - සංස්කෘතික - ආර්ථික සහ තව බොහෝ දේවල් පිළිබඳව මේ 'මොහොත' ගැන ඔබේ අදහස කොහොමද?

මේ 'මොහොත' හැමෝම පරාජය වෙච්ච එකක්. පවතින සමස්ත අර්බුදයට විසඳුම් සොයනු වෙනුවට 'දෛනික' සටන්පාඨ පාර දිගේ එහේ මෙහේ වෙනවා. අවශ්‍ය වන්නේ මාලිමාව කරකැවිය හැකි ව්‍යාපාරයක්. අරටු - පෙරටු හැමෝම මෙතැනදි පරල වෙලා.

#. අන්තිම ප‍්‍රශ්නය! කැමති නම් විතරක් උත්තර දෙන්න ඔබට අයිතිය තියෙනවා. 'සිංහල කොටියා' කියල ආමන්ත‍්‍රණය වෙද්දී හදවතට දැණුනු - දැනෙන හැඟීම මොන වගේ එකක්ද?

කාලෙන් කාලෙට නාමකරණයන් ගොඩක් එක්ක ජීවත් වුණු නිසා අලුත් නාමකරණයත් සාමාන්‍ය එකක්. නමුත් ඒ ආමන්ත‍්‍රණය පිටුපස ඇති මිනිස් අරගල ඉතිහාසයට මම හිස නමනවා.

මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සමරතුංගගෙන් තවත් වියමන්
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
තවත් සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook