Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
බූන්දි, 18:45:52
චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි අතුරන්නෙකි. අනවරත ධාවනයක යෙදිය යුතු අතිශය කාර්යබහුල නිමේෂයන් හී දී පවා මඳක් හෝ ඉසිඹුලන්නට කුමක් හෝ තැනක් අවැසිම ය. ඉදින් අපි, මේ තරුණ සිත්තරා සංවාදය පිණිස මොහොතකට නතර කරවා ගත්තෙමු. මේ ඔහු අපට කී දෑ හි සංක්ෂිප්ත සටහනයි.

ප්‍රගීත් රත්නායක 'චිත්‍රය' කියලා දකින්නේ මොකක්ද?

ඉතිහාසයට අනුව අවරුදු දහස් ගණනකට කලින් තමාගේ ජීවන අරගලයත් සමග සම්බන්ධ වූ දඩයම කේන්ද්‍ර කරගනිමින් අභිචාර විධියක් (ritual) ලෙස පටන් ගත් කලාව මේ වන විට කාලරේඛීයව ගමන් කරමින් දැන් අප සාකච්ඡා කරන "සමකාලීන" යැයි කියන මොහොත දක්වා ගමන් කරමින් සිටිනවා. මම කලාව ලෙස නිර්වචනය කර ගන්නේ පවතින සමාජ තත්ත්වයන්ට සවිඥානික වෙමින් කලාවේ ඉතිහාසයත් එහි දැනුමත් යම් කිසි දෘෂ්ඨිවාදයක් ඇතුලේ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස ගැනීම. අප මේ පසුකරමින් සිටින සමකාලීනත්වය පිලිබඳ ගොඩ නංවන ලද අදහස තව දුරටත් තනි කෘතියකට එහා ගිය සන්දර්භීය අදහසකින් එසේත් නැතිනම් වියමනක (Text) තබා කියවන්නේ කෙසේද යන්න සොයා බැලීමක්. කෙනෙක්ට දැනුම පාදක වස්තු විෂයය, සිද්ධි පාදක වස්තු විෂයය, ආත්ම කේන්ද්‍රීය වස්තු විෂයය ආදී ශානරයන් ඔස්සේ කලාකෘති නිෂ්පාදනය කිරීමේ අයිතිය මම බැහැර කරන්නේ නැහැ. චිත්‍ර අඳිනවා කියන්නේ මට අනුව නම් සිහියෙන් කරන වැඩක්.

චිත්‍ර නරඹන අය ගොඩක් ඉන්නවා. නමුත් චිත්‍ර කියවන්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි. ලංකාවේ 'චිත්‍ර සාක්ෂරතාවය' ගැන ඔබේ අදහස මොකක්ද?

ඔව්, ඒක ඇත්ත! බලන අය වැඩියි. කියවන අය අඩුයි. බලන එක ලේසියි. කියවන එක අමාරුයි.අපි පුහුණු කල යුත්තේ කියවීමයි. කලාව සම්බන්ධ දියුණු අදහසක් ලෙස "ගොඩනැගෙන්නේ ගොඩනගන්නය" යන ප්‍රවාදය ටිකක් දුරට විශ්ලේෂණය කළහොත් තනිව කිසිදෙයක් සිදු නොවන බව පැහැදිලියි. කෘතිය ගොඩනගන්නගේ සවිඥානිකත්වය මේ හා බැඳී පවතිනවා. වියමනක තබා කෘතියක් කියවනවා යනු තව දුරටත් කලාගාර අවකාශය, සිනමාශාලා අවකාශය, නාට්‍ය ශාලා අවකාශය ආදී ඒ අවකාශ හරහා ඇතුළ-පිට කියවීමයි. ඇතුළු කිරීමත් බැහැර කිරීමත් දේශපාලනිකයි. මේ දෙක තුල එහා මෙහා යෑමේදී පැත්තකට ආන්තික නොවී කියවීමෙන් කලකෘතියේ ව්‍යුහාත්මක තර්කනය අපට සොයා ගන්න පුළුවන්. යම් රූපයකට එහිම වූ අර්ථයක් නැහැ. පිටතින් එයට ආරෝපණය කරන ලද සංස්කෘතික, දේශපාලනික, ආර්ථික හා සමාජ විද්‍යාත්මක ආදී ඇඳුම් අන්දවනවා. එවිට මුලින් තිබු රූපයේ අර්ථය වෙනස් වෙනවා. අපට දෙවනුව හමු වන්නේ කලින් රූපය නොවේ. ඉන්පසු එයට අලුත් උපතක් ලැබෙනවා. අප අර්ථයක් ලෙස බාර ගන්නේ මෙන්න මේ පිටතින් අලවන ලද දෙයයි. භාෂාව ඔලුව ඇතුලේ ව්‍යුහගත වුවාට පසුව මෙන්න මේ වෙනස්කම් කියවා ගැනීමට පුරුදු වීම තමයි වියමනක තබා කලාකෘතියක් කියවනවා කියන්නේ. නැවත ඒ වියමන තව වියමනක් සමග සම්බන්ධ වීමෙන් අන්තර් වියමනක් (inter textual)දක්වා ගමන් කරනවා. තව දුරටත් කලාකෘති කියවීම වියමනක තබා කියවනවා කියන්නෙම මෙන්න මේ ඇතුළ-පිට කියවීමයි.

හැම විෂයයකටම සාක්ෂරතාවයක් තියෙනවා වගේම චිත්‍ර කලාවටත් දෘශ්‍ය සාක්ෂරතාවයක් තියෙනවා. පොල් කඩන මනුස්සයෙක් ඒක පුහුණු කරන්න ඕනේ. මේක හැම විෂයයකටම අදාළයි. මම විශ්වාස කරන්නේ මේ පුහුණුව තමයි ඊළඟ මොහොත නිර්මාණය කරන්නේ. අපි හැමෝම යම්කිසි කතිකාවක ප්‍රතිඵලයන්. ඉතින් අපි හැමෝම යම්කිසි ව්‍යුහයකට ඇතුළු වුනාම ඒ ව්‍යුහයේ ගුණයන් ඇඟට එනවා අපි ඒවා කරපින්න ගන්නවා. චිත්‍ර අඳිනවා කියන ක්‍රියාවට ඇතුළු උනාම එකේ ගුණයන් අපේ ඇඟට ආවම අපි හීන දකින්නේ එතකොට එකෙන්. එහෙම තමයි දෘශ්‍ය සාක්ෂරතාවය හැදෙන්නේ. මට කියන්න ඕනේ උනේ අපේ දෘශ්‍ය සාක්ෂරතාවය පැත්තෙන් අඩුවක් තියෙනනවා. ඒක මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තියෙන අඩුවක්.

කියවන්න පුළුවන් චිත්‍ර අඳින අය ලංකාවෙ කොච්චරක් විතර ඉන්නවද?

ඉන්නවා නැත්තේ නෑ. එත් ජනප්‍රිය අර්ථයෙන් සංගීතය, නාට්‍ය වගේ දේවල් තරම් ලොකු එකක් නෙමෙයි. මම හිතන්නේ එහෙම තේරුමක් නැතුව පිරිස වැඩි වන එකේ වටිනාකමක් නෑ. සාමාන්‍යයෙන් මට දෙමළ ලියන්න කියවන්න බැහැනේ ඒ මම දෙමළ ආශ්‍රිත පුහුණුවක් නැති නිසා මම ඒ කතිකාවෙන් පිට නිසා. අපි ඒක පුහුණු කලොත් ඒක කරන්න පුළුවන්. මම කියන්නේ හැමෝම කෘතිය ගොඩ නගන කෙනාගේ මට්ටමටම කියවන්න පුළුවන් වෙන්න ඕනි කියල අදහසක් නෙවි. උපන් හැකියාවෙන් චිත්‍ර අඳින්න බෑ. ඒකට පුහුණුවක්, ඇසුරක්, කතිකාවක් ඕනි.







තමන්ගේ පින්සල් පහර ගැන ඔබට තියෙන්නේ මොන තරම් ආත්ම විශ්වාසයක් සහ මොන වගේ තක්සේරුවක්ද?

මම චිත්‍ර අඳින්නේ සංකල්පීය තැනකින්. ඒ කියන්නේ තවදුරත් සමහර දේවල් පිහිටි ස්වරූපයෙන්ම ඉදිරිපත් කරනවට වඩා. යම්කිසි දැනුමක් ඇතුළේ ගොඩනංවන්න සංකල්පීයව වෙහෙස වනවා. ඒක ටිකක් වෙහෙසකර වැඩක්. අපිට හිතන්න සහ පුහුණු කරන්න වෙනවා. මම උත්සාහ ගන්නේ කොහොමද අඳින්නේ සහ මම මොනවද අඳින්නේ යන ප්‍රශ්නයට උත්තර හොයන්න. අපි යම්කිසි මොහොතකදී චිත්‍ර කලාවේ ව්‍යාකරණ ඉගෙනගන්නවා. ඒක ඒ මොහොතේ අදාල දෙයක්. ඒත් දිගටම ව්‍යාකරණ කරගෙන යන්න ඕනේ වෙන්නේ නෑ. ඒ උපකරණ පාවිච්චි කරලා දේවල් ගොඩනගන්න ඕනි. ඉතින් මම මේ දේවල්වලට සවිඥානිකයි. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා සහ වගකියනවා. ඒ නිසා මම කරන වැඩේ සම්බන්ධව මට තක්සේරුවක් තියෙනවා.

'පැබ්ලෝ පිකාසෝ, ඩාවින්චි, මයිකල් ආන්ජිලෝ, රෆායල්' ප්‍රගීත්ට මේ හතර දෙනා ගැන වෙන වෙනම වාක්‍ය කීපයකින් දෙන්න පුළුවන් කෙටිම නිර්වචන මොනවාද?

පිකාසෝ- නුතන චිත්‍ර කලාවේ ජවසම්පන්න ශිල්පියා සහ සියවසේ මිනිසුන් විස්ස අතරේ එකම චිත්‍ර ශිල්පියා. cubism ලොවට හඳුන්වා දුන් දේශපාලනික සිත්තරෙක්. අප්‍රිකානු වෙස් මුහුණුවල සහ නොදියුණු කලාවන්ගේ අභාෂයන් අත්හදා බැලූ සිත්තරා. චිත්‍ර කලා ඉතිහාසයේ මගාරින්න බැරි land mark එකක්.

ඩාවින්චි- කැමරාව බිහිවෙන්න පෙර මිනිස් සිරුර ඒ ආකාරයෙන්ම අඳින්න පුනරුද සමයේ බහු විෂයාත්මක ශික්ෂණයකින් පුරෝගාමී වූ සිත්තරෙක්. සංගීතය, ගණිතය, තර්ක ශාස්ත්‍රය, ඉංජිනේරු විද්‍යාව වගේ තාක්ෂණික විෂයන්ගෙන් චිත්‍ර කලාවට දේවල් එකතු කළ සිත්තරෙක්. කලාවට "දිව්‍යමය ලස්සන" හඳුන්වා දුන්නා. මොනාලිසා, අන්තිම භෝජන සංග්‍රහය සුවිශේෂයි. මෘත ශරීරගාරවලට ගොස් මිනී කපා මිනිස් සිරුරේ ව්‍යුහය ගැන විශ්ලේෂණය කල කෙනෙක්.

අන්ජිලෝ- චිත්‍ර හා මුර්ති ශිල්පියෙක්. දඟලන, ඇඹරෙන මිනිස් රූප පින්තාරු කළා. මුර්තිවල ගුණයන් චිත්‍රවල දකින්න පුළුවන් වුනා. ත්‍රිමාණ ගතිය වගේ දේවල්. ඒ නිසාමයි වසාරි නම් විචාරකයා කියන්නේ මයිකල් ඇන්ජිලෝ පින්සලය ගල් කටුවක් කළා කියල. ඩේවිඩ්, සිස්ටයින් දෙව් මැදුරේ සිතුවම් ලෝකයේ චිත්‍ර කලාවේ මාස්ටර් පීසස්.

රෆායල්- ලෝක පූජිත පුර්ව පුනරුද චිත්‍ර ශිල්පියෙක්. ගෘහ නිර්මාණාත්මක අවකාශයන්ගේ දැනුම චිත්‍ර කලාවේදී උපයෝගී කර ගත්තා. 'ඇතන්ස්හි ගුරුකුලය' චිත්‍ර කලාවේ ගෘහ නිර්මාණාත්මක අවකාශයක තිබෙන අවකාශය සහ පර්යාවලෝකනය මුදුන්පත් වූ තැනක්. අවරුදු 37ක් වගේ අඩු වයසකින් ජිවිතයෙන් සමු ගත් නිසා අඩුවෙන් කියවුණත් රෆායල් ඒ වයසට ලෝක කලා ඉතිහාසය ඇතුලේ මාස්ටර් කෙනෙක්.

ලෝකයේ චිත්‍ර කලාව එක්ක ලංකාවේ චිත්‍ර කලාව සංසන්දනය කරලා බලන්න ඔබ කැමතිද? එහෙම බලද්දී මොනවද පෙන්නේ?

කැමතියි. ඒත් ඒක සාපේක්ෂයි. මොකද විශ්වව්‍යාපී කියන දේට වඩා මම හිතන්නේ සන්දර්භීයව. එහෙමත් නැත්නම්, කලාපීය අදහසකින් තමයි කලාව තේරුම් ගන්නේ. ඒක ලෝකේ කොයි රටෙත් දැන් අදාළ කාරණාවක් මම හිතන්නේ. සරලව කිව්වොත් මේක ශ්‍රී ලාංකීය වෙන්නේ කොහොමද වගේ දෙයක්. ඒ ඒ කලාපිය ලක්ෂණ දැන් ගොඩක් අය හොයනවා. මෙහෙම ගනිමු. abstract expressionism වගේ දෙයක් අපට වඩා යුරෝපීයයන් පුහුණු කරලා තියෙනවා. ඒකට අපට අයිතියක් නෑ වගේ ඒවා යුරෝපයට ඕනේ තරම් ඒවා තියෙනවා වගේ අදහසක්. කලා ඉතිහාසය ගොඩ නගන්නේ යුරෝපීයයන් තමයි. අපි අපේ කතාව කියන්නෙත් එයාලගේ භාෂාවෙන් තමයි. කොහොමටත් මම කියන්නේ තවදුරටත් universal කියන එක ටිකක් විතර ප්‍රශ්නකාරීයි. නමුත් අපි කලාපීයව අපව හොයා ගන්න ගමන් දුපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා. අපව කියව ගන්න සහ ස්ථානගත කර ගන්න ඒක වැදගත්. ලෝකයේ හතර සීමාව ඉක්මවා ගිය නොයෙකුත් ආකෘතිකමය හා අවකාශමය ගොඩනැංවීම් ප්‍රකාශනයට යොදා ගැනීමට හැකියාවක් ඇති බව අපට දකින්නට නම් මේ ගැන සිහියෙන් ඉන්න වෙනවා. අපේ රටේ දක්ෂ සහ වටිනා චිත්‍ර ශිල්පීන් ඉන්නවා සහ හිටියා. දැන් බලන්න චන්ද්‍රගුප්ත තේනුවර වගේ කෙනෙක් ලංකාවේ යුද්ධය ගැන බැරල්වලින් දේශපාලන ප්‍රකාශයක් කරනවා (barallism). ඒක ජපානයේ ෆුකෝකා කෞතුකාගාරය විසින් නිත්‍ය එකතුවට ගන්නවා. ඒක ලාංකීය ප්‍රකාශනයක් වගේම ලෝකයට අයිති කලා කෘතියක්.

ප්‍රගීත් රත්නායක කලින් කරපු වැඩ, දැන් කරමින් පවතින වැඩ සහ ඉස්සරහට කරන්න නියමිත වැඩ මොනවද?

චිත්‍ර කලාවේ භාෂාවට විධිමත්ව ඇතුළු වන්නට පෙර එක එක අත්හදා බැලීම් කළා. තාත්තාගේ උරුමයෙන් ආපු කලාව සම්බන්ධ විභවය, මගේ අයියා සුජිත් රත්නායක නිසා මම චිත්‍ර කලාවේ ගොඩක් දේවල් ස්පර්ශ කළා. මම විශ්වාස කරනවා ඒ මොහොතේ නිෂ්පාදිත දැනුමට අනුව මම ඒක කළා. ඒක එහෙම තමයි. නමුත් විශ්ව විද්‍යාලයේ විවිධ ගුරුවරුන්ගේ දේවල් මට සමහර තැන්වල බලපෑවා. ඉදිරියේදී චිත්‍ර කලාවේ දියුණු ශිෂ්‍යයන් පිරිසක් බිහි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.





මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Prageeth Rathnayake, Sri Lankan Painter, Leonardo da Vinci, Michelangelo, Chandraguptha Thenuwara, Barallism
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සමරතුංගගෙන් තවත් වියමන්
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
තවත් සිත්තර බූන්දි
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
Form and Deform- Reality- පේන හැටි | මැයි 11-12-13
භාවාත්මක උත්කර්ෂණයක රැඳුණු මැග්‍රිට්‌ගේ කාව්‍යාත්මක සිත්තම් කලාව
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook