Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
(හේනේගම මධ්‍ය විද්‍යාලයේ විද්‍යා අංශයේ සිසුන් විසින් සංවිධානය කරන ලද ගී රසවින්දන වැඩසටහන සඳහා කේ.ඩී. දර්ශන ඉදිරිපත් කළ දේශනයේ ලිඛිත සටහන.)
බූන්දි, 18:08:06
අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස් අතින් ද සම්මතය ඉක්මවයි. අප ජීවත් වන්නේ වාණිජවාදී සමාජයකය. ඒබ ව ඔබ හොඳින් දනී. ඔබ නොදන්නා කාරණාව නම්, ඔබ ද ඔබේ දෙමව්පියන් ද පෙම්වතා හෝ පෙම්වතිය ද විකුණමින් හා විකිණෙමින් පැවතීමයි. මෙය විටෙක දන්නවා වන්නට පුළුවන. එහෙත් කවුරුද කැමති අප වෙළඳපොළේ විකිණෙන භාණ්ඩ යැයි සිතා හිත හදාගැනීමට.

මේ ගීතය එවැනි දරුණු ඛේදවාචකයක් කතාන්දර ස්වරූපයෙන් විග්‍රහ කරනවා. බැලූ බැල්මට කතාන්දරයකට තනු දාලා වගේ පෙනුනත් වචනවලට යටින් දිවෙන භයානක අර්ථ මේ වැඩසටහන සඳහා ගීතය තෝරා ගැනීමට මා පොළඹවනු ලැබුවා.

ගීතය කියන්නේ තරුණයෙක්. වර්තමාන තරුණයා යනු ඉලක්ක දියාරු වුණු, වෙළඳපොළ තුළ අතරමං වූ චරිතයක්. මුළු ලෝකයේ ම තරුණ පරම්පරාව අද පුදුම නොසන්සුන්තාවයක, කලබලකාරීත්වයක, අසහනයක ගිලෙමිනුයි ඉන්නෙ. මත් ද්‍රව්‍යවලින් හා අධික කාම රැල්ලෙන් විපරීත වෙලා තමන්ගෙ සැබෑ ආශාව සහ වෙළඳපොළ උපක්‍රම විසින් බලහත්කාරයෙන් මවන ආශාව අතර දෝලනය වෙමිනුයි ඔවුන් (අපි) ඉන්නෙ.
මේක කෙටි විග්‍රහයක් නිසා ඔබ නැවත නැවත ගී පද දෙස බලමින් විචාරය කියවිය යුතුයි. ගීතය ගායනා කරන අජිත් කුමාරසිරි විශේෂයෙන් ම විරෝධාකල්ප ගී ගයන්නෙක්. ඔහු සම්මත සමාජය, දේශපාලන තත්ත්වයන් ගීත හරහා විවේචනය කරන්නෙක්.

ගීතයට අදාළ සිදුවීම සිදුවන්නෙ සිංහල අලුත් අවුරුදු දවසක. සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ කෘෂිකාර්මක සමාජයක දිවි ගෙවූ ජනයාට අතිශය වැදගත් දිනයක්. මුළු ගමම, රටම එකතු වෙලා කරන වැඩකටයුතු හරිම ආහ්ලාදජනකයි. ඒත් වාණිජවාදී පසුබිමක, දවන පෙරළෙන සමාජයක සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ නමක් සහ රූපවාහිනී වැඩසටහන් කීපයක් විතරයි. දැන් අපි ගීතයට යමු.

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම
ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා
සිංහල අවුරුදු දවසේ
කොඩිය අරන් මං බැහැල ගියා
සිංහල අවුරුදු දවසේ


මේ කේන්ද්‍රීය සිදුවීම වෙලා තියෙන්නෙ සිංහල අවුරුදු දවසක. තරුණයා ගමේ දුවල පැනල වැඩකරන චරිතයක්...? ඔහු ග්‍රීස් ගහ මුදුනට ම නැගලා කොඩිය ගන්න තරම් දක්ෂයෙක්. ඒත් දැන් ගම්වල දක්ෂයො ඉතුරු වෙන්නෙ නෑ. සේරම නගර කරා ඇදී යනවා. No Job Sri Lanka සමාගමේ තරුණයන්, තරුණියන්ට පෙම් කරමින් බෝක්කු, කාණු උඩ ගංජා උරමිනුයි ඉන්නෙ. මේ කියන තරුණයා කොඩිය අරන් බැහැලා යද්දි ඔහුගේ පෙම්වතිය අවුරුදු කුමරියවෙලා ඔටුණු පැළඳ නගරයට ගිහිං.... ගොඩක් වෙලාවට මහන්සිවෙලා උඩට නැගලා ගත්තු කොඩියත් අරං බැහැලා ගෙදර යන්න තමයි තරුණ පරපුරට වෙන්නෙ. තරුණියන්ගෙ තත්ත්වය ඊට වෙනස්. ඇයට මේ සමාජයේ වෙනම වටිනාකමක් තියෙනවා. ඇයට විකිණෙන්න පුළුවන්. ඇයව පහසුවෙන් විකුණන්න පුළුවන්. රූපවාහිනිය, අන්තර්ජාලය, පුවත්පත් මේ හැම එකක් ම වැඩේ නියමෙට කරනවා. ඉතිං තරුණයා බැහැලා යන අතරෙ තරුණිය නැගලා යනවා.

*******

ඔහු හදවතින් අඬනවා. අඳෝනා තබමින් වැළපෙනවා. මේ ධනවාදී සමාජයේ සැබෑ ප්‍රේමයට කුමන ඉඩක්වත් නැතැයි හැඟෙන තරමට ම ඔහු අසරණව අඬනවා. ඔබ අසා ඇති කුස පබාවතී පුවත. කුස මොන තරම් නම් දුක් වුණා ද පබාවතිය ගිය එක ගැන. කව්සිළුමිණ මහා කාව්‍යයේ ඒ සිදුවීම රමණීය විදියට වර්ණනා වෙලා තියෙනවා.

පබාවතිය මගෙ යන්න ගියා
කුසට ගෑස්ට්‍රික් අම්ල තියා
සිංහල අවුරුදු දවසේ


මේ පද අපට කුසපබා ආදර අන්දරය සිහිපත් කරවනවා වගේම නිර්දය සමාජ විවේචනයකුත් ගෙන එනවා. සිංහල අවුරුදු දවස කියන්නෙ හොඳට කන්න බොන්න තියෙන, කෑම බීමෙන් හිඟ නැති දවසක්. එදාටත් බඩේ ගෑස්ට්‍රික් අම්ල එකතු වෙනවා කියන්නෙ උත්ප්‍රාසාත්මක තත්ත්වයක්. එක පැත්තකින් මේ කියන කුස=කුස කුමාරයා. අනෙක් අර්ථයෙන් කුස=බඩ.

ඇයව අරං යන්නෙ කොළඹ කට්ටියක්. කොළඹ කියන්නෙ ලංකාවෙ වෙළඳ නගරය. ඒක සංකේතාත්මකයි. ඇය යන්නෙ ටිකක් මනාපයෙන්, ටිකක් අමනාපයෙන්. මොකද ඇය දන්නෙ නෑ ඇය යන්නෙ විකිණෙන්න බව. අමනාපය තමයි හුරු පුරුදු ගම දාලා නන්නාඳුනන පෙදෙසකට යන්න වීම. මේ ටිකම තමයි අපිටත් වෙමින් තියෙන්නෙ.

Sold out
She was sold out

ඇය විකිණිලා ඉවරයි. තරුණයා වැළපෙනවා. ඇයට වෙන දේ ඔහු දන්නවා. ස්ත්‍රී මාංශ ලෝභයෙන් දඟලන ගිජුලිහිණියන් වැනි කාමුකයින්, ශෘංගාර වෙළඳපොළ ඇයව ගිලගන්නවා දැන දැනත් ඔහු කොහොම ඉන්නද? අයැදිනවා ඇගෙන්...

ඔබෙ දෙතොල් විකුණන්න
ඔය දෙතන් විකුණන්න
කෙහෙරැල්ල විකුණන්න....
.....ඔබෙ බල්ල විකුණන්න
ඔබෙ පූසා විකුණන්න
ඔය දෑස විකුණන්න
ඔබ ඔබම විකිණෙන්න


ඔහු සෝබර හඬින්, කඳුළු වගුරවමින් පවසන්නේ මුළු රටම නළවනු පිණිස, මුළු ගතම විකිණුවත්, හිත විතරක් හෝ මට දෙන්න යනුවෙනුයි.

But my babe
මුළු හිත ම මට දෙන්න...

මේක හරිම ඛේදවාචකයක්. කාමුක වෙළඳපොලෙන් විතරක් නෙවේ මුදල්වලිනුත් දූෂණය වුණාට පස්සෙ ඒ තරුණියගෙ හිතවත් ඔහුට ලැබෙයිද කියන්න බෑ. මේකට තරුණියට කරන්න දෙයකුත් නෑ.

ගීතාරම්භයේ දී ම අපට හුරු පුරුදු පසුබිම් සංගීතයත් සමඟ යාන්තමට ඇසෙන නන්දා මාලිනියගේ "ඔබයි රම්‍ය සඳ කිරණ" ගීතයේ කොටසක් අපිව පරමානන්දනීය ස්ත්‍රී-පුරුෂ ප්‍රේමය වෙතට හරවනවා.

මේ ගීතයෙන් කියවෙන්නෙ ඝන අන්ධකාරයේ ගිලී එහිම වෙළෙමින්, පීඩිතව, අයිතිවාසිකම් අහිමිව සිටි, පරාජිත තරුණියකට සකල ආත්මය සුපුෂ්පිත කරවන ගැඹුරු ප්‍රේමයක් ලැබීම ගැනයි. එය හරියට ඝන අන්ධකාරයට සඳ එළියක් වගේ. එය මහ'ඳුරට පුන් සඳ කිරණක් වගේ. ගිම්හානයේ රළු පරිසරයට සෞම්‍යය තරු එළියක් වගේ.

සදානන්දකර වූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ


අරවින්දය, නොඑසේ නම් පියුම දිගු කලක් මඩ යට සැඟව සිට එකවරම ජලයෙන් උඩට විත් දසත සුවඳ විහිදුවමින් පිපෙනවා. සදා ආනන්දනීය වූ මේ තුරුණු පෙම්වතාගේ පෙම් වදනින් ඇගේ මුළු අධ්‍යාත්මය ම නෙළුමක් මෙන් පිපී ආ ආකාරය මෙයින් පැහැදිලි වෙනවා.

අපි දැන් අජිත්ගෙ ගීතයෙන් ඔබ්බට යා යුතුයි. ග්‍රීස් ගහේ ගීතය රසවිඳිද්දි අපිට පෙනුනා මේ ධනවාදී සමාජය ස්ත්‍රිය හඳුනාගන්නෙ වෙළඳ භාණ්ඩයක් විදියට බව. ඒක කාටවත් නවත්වන්න බෑ. ඔබ සමීපයේදී ඔබේ සහෝදරිය, පෙම්වතිය ආදරණීය ජීව වස්තූන් වුණාට බාහිර සමාජයේ දී ඇය ලිංගික නාමකරණයක් පමණයි. සිග්මන් ෆ්‍රොයිඩ්ට අනුව ස්ත්‍රිය කොහොමත් ලිංගික නාමකරණයක්. පුරුෂයත් එහෙමයි. ඒක නෙවේ මේ කියන්නෙ. වෙළඳපොළ භාණ්ඩයක් විදියට නාමකරණය වීමේ භයානකකම, නීචකම ගැනයි.

අති පුරාණ ශිෂ්ටාචාරයන්හි දේවත්වයෙන් උසස් කොට ඇදහූයේ මාතෘ දෙවඟන. මොහෙන්ජොදාරෝ හරප්පා කැනීම් ඒ බව හොඳින් ඔප්පු කරලා තියෙනවා. ග්‍රීක පුරා කථාවලට අනුව ගයියා කියන ස්ත්‍රී දෙවඟන තමයි ලෝකය මවලා ඊට ජීවය පිම්බෙ. පුරාණ සමාජ මාතෘ මූලික සමාජ. ප්‍රධාන වෙන්නෙ මව. දරුවන් නාමකරණය කරන්නෙ පියාගෙ නම්වලින් නෙවේ මවගෙ නමිනුයි. මක්සිම් ගෝර්කි කිව්වෙ, "ලෝකය පණ ලබන්නේ මවගේ කිරිවලිනි. හිරුගේ රැස්වලනි." කියලයි. මව් රට, මව් බස වගේ යෙදුම් අපි අදත් භාවිත කරන්නේ මේ ඉතිහාසය නිසයි.

මහාභාරතයේ භීෂ්ම වගේ ම රුසියාවේ ලෙනින්, ට්‍රොට්ස්කි කිව්වෙ, "ස්ත්‍රීන්ට සලකන ආකාරයෙන් රටක හැදියාව පෙනේ" කියලයි. ඒත් දැන් අපිට එහෙම සමාජයක් දකින්න අමාරුයි. දැන් අපිට රටේ හැදියාව හොඳට පේනවා. එක වතාවකදි සමාජ විද්‍යාඥයෙක් ගෝත්‍රික නායකයෙකුගෙන් මෙහෙම අහනවා.

"ඔබේ ගෝත්‍රයේ ගැහැනියක බලහත්කාරයෙන් හිංසනයට ලක් කිරීම පිළිබඳව භාවිත වන වචනය මොකක්ද?"

ගෝත්‍රික නායකයා උඩ බිම බලමින් නිරුත්තරව එවැනි වචනයක් නැති බව පැවසුවලු.

ලෝකය පුරාම ධනවාදය විසින් සොබාවික තත්ත්වයන් උඩු යටිකුරු කරමිනුයි තියෙන්නෙ. සාහිත්‍ය කලාවන් අති බහුතරය ස්ත්‍රියට අවමාන කරමින් රස මවන ආකාරය සුලබ කාරණාවක්.

ගෑනු ජාතිය ජරා ජාතිය
ගලේ ගහලා මරා දාපිය...
වගේ ජන කවි බිහි වන්නෙත්, "මේ මාතුගාමයෝ නම් පවිටු වූ සත්ත්ව කෙනෙක්මය, ගැහැනුන්ගේ නුගුණ කවුරු කියා නිමවත්ද, ස්ත්‍රීහු නම් පාපියෝය. ඔවුන් දුරින් දුරු කළ යුතුය, ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන..." වගේ අදහස් සාහිත්‍යයට එකතුවෙලා තියෙන්නෙත් අපි ජීවත් වන සමාජය එහෙම පිටින් ම පුරුෂ මූලික නිසයි.

මෙරට අපි ජීවත් වන සංස්කෘතියට වඩා බොහෝ සෙයින් මැදපෙරදිග සහ ඉස්ලාම් රටවල ස්ත්‍රීන්ට සලකන ආකාරය හරිම නින්දිතයි. ස්ත්‍රියක් පිරිමියෙක් අතින් දූෂණය වුවහොත් නීතිය හමුවට යාම තහනම්. ෂරියා නීතියට අනුව වැරදිකරු වන්නේ ද අර දූෂණයට ලක් වූ ස්ත්‍රියමයි. කාන්තාරයේ කුසුම වගේ නවකතාවක් ඔබ කියවලා තියනව නම් ඉතාම හොඳින් මේ ගැන දැන ගන්න පුළුවන්. අප්‍රිකානු රටවල කාන්තාවන්ට හිමිවන තත්ත්වය මැදපෙරදිගට දෙවෙනි නැහැ. පිරිමින්ගේ ලිංගික තෘප්තිය වෙනුවෙන් කාන්තාවන් සුන්නත් කෙරෙනවා. වැඩිවියට පත් වුණු හැටියෙම ඔවුන්ගේ යෝනි තොල් කපා දමනවා. භගශිෂ්නිකාව සූරා දමනවා. කවරදාකවත් ඔවුන්ට ලිංගික තෘප්තියක් ලබනව තියා එවැන්නක් ගැන හැඟීමක් පවා නැති වෙනවා. මේ තත්ත්වය අතිශය නීච බව තව තවත් කිව යුතු නැහැ. ඇෆ්ගන් ස්ත්‍රීන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ මීනා නමැති ස්ත්‍රී නායිකාව පිළිබඳ ලියැවුණු "මීනා දිදුලන ඇෆ්ගන් තරුව" පොත ඔබ කියවිය යුතුමයි. ලෝකය කොයි තරම් විෂම ද ස්ත්‍රිය කොයි තරම් පීඩිත ද එවිට ඔබට පෙනේවි.

ලංකාව, ඉන්දියාව වැනි රටවලත් මීට තරමක් සමාන තත්ත්වයන් දැක ගත හැකියි. ඉන්දියාවේ සති පූජා වගේම තවමත් සමහර ප්‍රාන්තවල සිදු වන ගැහැනු දරු උපතකදී කෙරෙන මරා දැමීම් මාධ්‍යයන්ට වාර්තා වෙන්නෙ ඉතා ම අඩුවෙන්. ලංකාවෙ ඒ තරම් දරුණු තත්ත්වයක් නැහැ. ඒත් ස්ත්‍රීන් පසු පස හඹා එන දෑවැද්ද නමැති මළපෙරේත ගොටුව ඔවුන්ව පීඩාවට පත් කරමින් පුරුෂ මූලික බව ඉස්මතු කරනවා.

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නගේ
නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ..
.

සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතය ඉහත තතු සනාථ කරනවා. මේ දේවල් සමාජයෙන් ඈත් කරලා යහපත් සමාජයක් ගොඩ නැගීම පහසු නැහැ. එහෙත් කළ යුතුමයි. ඒක පූර්ණ වශයෙන් සුවිශාල දේශපාලන ක්‍රියාදාමයක්. ඒකට යන්න පෙර අපි සුළුවෙන් කළ යුතු දේවල් බොහෝමයි. රටක් විදියට අපි අධ්‍යාපනය, සාක්ෂරතාවය අතින් දිනෙන් දින ඉහළ යාම සුබදායකයි. එහෙත් ලිංගික අධ්‍යාපනය අපේ රටේ බිංදුවයි. ඒක තියෙන්නෙ පහළම අඩියෙ. කාන්තාවක් ඔසප් වීම යනු කුමක්ද කියලවත් නොදන්න, ඒ ක්‍රියාවෙ ජීව විද්‍යාත්මක තත්ත්වය ගැන අහලවත් නැති, කාන්තාවන් කෙරෙහි කෝපය මුදා හරින පිරිමි මේ රටේ ඕනෙ තරම්. රැකියා කරන ස්ත්‍රීන්ට මාසිකව ඔසප් දින නිවාඩුවක් නීතිගත කරමුයි කිව්වම හිනා වෙලා බඩු මල්ල වනන පිරිමින් පිරිසක් තමයි අපි අතර බහුතරය ඉන්නෙ. ඔබ මේ තත්ත්වය ගැන සිතිය යුතුයි. මෙතන ඉන්න බහුතරයක් විද්‍යා අංශයේ සිසුන්ට ඒ කෙරෙහි සුවිසල් වගකීමක් පැවරිලා තියනවා. උත්සහා ගත්තොත් ඔවුන්ට එය ඉටු කළ හැකියි. මොකද මේ යුගයේ මිනස්සු කොයි තරම් මිථ්‍යාව පස්සෙ ගියත්, විද්‍යාව අවිශ්වාස කරන්නෙ නෑ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ajith Kumarasiri, Sri Lankan Singer, Sri Lankan Musician, Greese Gahe Mudunatama, Sinhala Song, Sinhala Song Review, Sri Lankan Songs
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
කතන්දර
නිල් සුළිය
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
Cine
"මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම
රංග
ආදරයේ දයලෙක්තිකය- සුරූපිය හා මෘග
අදහස්
ඩෙරීඩාගේ විශ්වවිද්‍යාලය සහ කැලණියේ නවකවදය
තවත් ගී කිය(ව)මු
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
මේ තරම් සියුමැලි ද කළුගල්....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
What's New | අලුතෙන්ම
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook