Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සිංහලයා වඳ වෙමින් යනවද?
බූන්දි, 18:55:38
මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ සමාජයේ ඉතා සුලබයි. වේගයෙන් පැතිරී යන ඒ කතා කිසිදු වග විභාගයකින් තොරව පිළිගන්නා 'බුද්ධිමත් ජනතාවක්' ද අපට සිටී. කණගාටුවකට, ඒවායෙහි සත්‍ය- අසත්‍යතාවය විමසා බැලීමේ විචාරශීලී බවක් අද දවසේ ඔවුන්ගෙන් අපේක්ෂා කල නොහැකිය. ඒ හිමියන් ප්‍රකාශ කොට ඇත්තේ මුස්ලිම් ජාතිකයින් ළමුන් වැඩි වැඩියෙන් බිහිකරන අතර නුදුරු අනාගතයේදී සිංහල ජාතිය අභිබවා මුස්ලිම් ජනගහණය උතුරා යන බවයි. මේ බිය ගැන්වීම හා කුපිත කිරීම වඩාත් තීව්‍ර කරනු පිණිස පවසා ඇති මුසාව වන්නේ මුස්ලිම් ජාතිකයින් සිංහලයින් මෙන් 6 ගුණයක් ළමුන් බිහිකරන නිසා, වසර 2040 වන විට ඔවුන් රටේ ජනගහණයෙන් බහුතරය වන බවයි. මේ ප්‍රබන්ධය සඳහා මූලාශ්‍රය කුමක්දැයි පවසා නැති අතර මෙතරම් මුසාවක් පැවසු ශ්‍රී මුඛයෙන් ඊට වඩා තවත් බොරුවක් එකතු කිරීම ද එතරම් කාරියක් නොවේ. මේ 'ධර්ම දේශනයට' පෙරාතුව එහි සිටි 'සැදැහැවතුන්' පන්සිල් හි පිහිටුවා ලූවාට ද සැක නැත. එමතුද නොව "මුසාවාදා වේරමනී" ශික්ෂාපදය ද චාරිත්‍රානුකූලව දෙසා වදාරන්නට ඇත.

පසුගිය සතියේ මාගේ යතුරු පැදිය සර්විස් කරගැනුමට ගිය අවස්ථාවේ එම සේවා ස්ථානයේ හිමිකරු මාගේ රැකියාව පිළිබඳව කල විමසීමේදී මා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සේවය කරන බවට දුන් පිළිතුර සමග ක්ෂණයෙන් ඇසු ප්‍රශ්නය වුයේ ලංකාවේ සිංහල කොපමණද මුස්ලිම් කොපමණද යනුවෙනි. සිංහල ජනගහණය 75% කට ආසන්න බව හා මුස්ලිම් ජනගහණය 10% කට අඩු බවට මා දුන් පිළිතුරෙන් ඔහු විමතියට පත්ව යලි ප්‍රකාශ කළේ "මුස්ලිම් අය සිංහල අයට වඩා වැඩියැයි කියන්නේ..?"

කටකතා විචාරයකින් තොරව වැළඳ ගන්නා මෙවැනි අය අදාළ නිවැරදි තොරතුර සොයා ගැනීමේ ව්‍යායාමයේ නියැලෙන්නේ ද නැත. කෙසේමුත් ‘කුමන්ත්‍රණ’ මානසිකත්වයෙන් පෙලෙන අපේ හුදී ජනසමාජය වෙත නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම ජනමාධ්‍ය සතු යුතුකමකි. (පහත වගුව පෙන්වා දෙන්නේ ඇත්තෙන්ම මුස්ලිම් ජනවර්ගය මෙන් 6 ගුණයක් සිංහල ජනවර්ගය විසින් දරුවන් බිහිකරන බවයි!) මෙවැනි කරුණක් පිළිබඳව සැබෑ දත්ත ඉදිරිපත් කරන්නේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසිනි. එම දෙපාර්තමේන්තුවද මේ සඳහා පාදක කරගන්නේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උපත් ලියාපදිංචි කිරීමේ තොරතුරුය. එහෙත් ඉහත කී ප්‍රබන්ධය කෙතරම් මුසාවක් ද යනවග නිරාවරණය කරන්නාවූ දත්ත පහත වගුවෙන් පෙන්වා දෙයි.


මූලාශ්‍රය- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ statistics.gov.lk වෙබ් අඩවිය

ඇත්තෙන්ම මීට වසර 60 කට පමණ පෙර සිංහල ජනවර්ගයේ ජන ප්‍රතිශතය 65% ක් පමණ විය. එහෙත් අද එය 75% කට ආසන්න වී ඇත. එනිසා පසුගිය අඩසියවස සලකා බැලු විටද සිංහල ජනවර්ගය සංඛ්‍යාත්මකව මෙන්ම ප්‍රතිශතාත්මකව ද වැඩිවී ඇත. දෙමළ හා බර්ගර් ජනවර්ග රටින් එපිටට සංක්‍රමණය වීම නිසා මෙලෙස ප්‍රතිශතාත්මකව සිංහල ජන සංයුතිය වැඩිවී ඇත.

නූතන ප්‍රවණතාවය වන්නේ ලෝකයේ රටවල් මෙන්ම විශේෂයෙන් දියුණු ප්‍රධාන නගර විවිධ ජනවර්ග වල සම්මිශ්‍රණයක් බවට පත්වීමයි. ඒ අනුව, පොදු වශයෙන් සලකා බලන කල විවිධ සංක්‍රමණ හේතුවෙන් රටක පොල්මක්කාර ජනවර්ගයක් ලෙස එක් ජනවර්ගයක් (ප්‍රධාන ජනවර්ගය) ප්‍රතිශතාත්මකව වැඩි නොවේ. ලංකාවේ පුරවැසි හිමිකම ලබා ගැනීම ඉතාම අසීරු නිසා රට තුළට සංක්‍රමණ සිදුනොවීම අපේ රටේ මේ විශේෂ තත්ත්වයට හේතුවයි.

බුද්ධිමත් සමාජයේ නිර්දේශය වන්නේ හැකිතරම් ජනගහණය වර්ධනය කරගැනීම නොවේ. එමෙන්ම, ලෝකයේ ධාරිතාවයට හා අනාගතයේ මිනිස් වර්ගයාගේ පැවැත්මට ඔරොත්තුදෙන මට්ටම පිළිබඳව සලකා බලා ජනගහණ වර්ධනය ඉදිරියටත් අවශ්‍ය වෙයි නම් ඒ අනුව අපි වැඩි කරගත යුත්තේ සිංහල ඔළුගෙඩි සංඛ්‍යාව නොව කුමන ජනවර්ගයේ වුව යහපත් මිනිසුන් සංඛ්‍යාවයි. ජනගහණ සංයුතිය දෙස අප උනන්දු විය යුත්තේ ජනවර්ගය මිනුම්දන්ඩ ලෙස ගෙන නොව ගුණාත්මක මිනිසා යන මිනුම් දණ්ඩ පදනම් කරගෙනයි.

කෙසේවුවත් සිංහල සමාජය තුල තම ජනවර්ගය ප්‍රමාණාත්මකව ‘අවදානමකට’ මුහුණපා ඇතැයි යන බිය පදනම් විරහිත වෙයි. එහෙත් තම ජනවර්ගය ගුණාත්මකව ‘අවදානමකට’ මුහුණපා ඇතැයි යන යතාර්ථය නම් තේරුම් ගෙන නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lanka, Ethnic Groups, Population Statistics, Department of Census and Statistics, Sinhala, Tamil, Muslim
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
අදහස්
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බර්ට්‍රන්ඩ් රසල් කියයි.
දේශප්‍රේමියෝ හැමවිටම තම මව්බිම වෙනුවෙන් "මැරෙන" බව කියති; එහෙත් ඔවුහු මව්බිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති!
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook