Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
බූන්දි, 15:40:56
ජනමාධ්‍යයේ පදනම වන සත්‍යය එළිදරවු කිරීමට යෑමේදී ඝාතනයට ලක්වුනු රිචඩ් ද සොයිසා නොමැතිව ලංකාවේ ජනමාධ්‍ය වසර 18ක් පමණ ‘පරණ’ වී ඇති වර්තමානයේ, ජනමාධ්‍ය තුල සත්‍යය ස්භාවික මරණයකට ගොදුරු වෙමින්, සත්‍යය වෙනුවට පශ්චාත් සත්‍යය (post truth ) කරලියට පැමිණෙනවා. ඉතිං මේ යුගයේ මාධ්‍යයේ කාර්යභාරය තියෙන්නේ හීන කොදෙව්වකද? එහෙම නැතිනම් ජනමාධ්‍යයේ කාර්යභාරය අහෝසි වෙලා ඉවරද?

වසර 2016 දී ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට පවා එක්වූ 'වසරේ වචනය' වන පශ්චාත් සත්‍යය (post truth) වචනයේ ශබ්දකෝෂගත තේරුම වන්නේ 'සිදුවීම් සහ දත්ත පදනම් කරගනිමින් සත්‍යය ගවේෂණය කරනවා වෙනුවට පුද්ගලික විශ්වාසයන් සහ ඇදහීම් පදනම් කොට ගනිමින් සත්‍යය නිර්මාණය කිරීම'යි.

ඇමරිකාවේ ප්‍රසිද්ධ සිනමාකරුවෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ඉතා හදිස්සියෙන් නිර්මාණය කල නිෂ්පාදනයක් වන 'The Post' චිත්‍රපටය මේ දිනවල යුරෝපය පුරා ප්‍රදර්ශණය වෙනවා. මේ චිත්‍රපටයේ කථාකරන්නේ 1967 වසරේ වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය නොහොත් පෙන්ටගනය විසින් නිකුත් කරන ලද රහස් ලියවිල්ලක් සම්බන්ධවයි. ඇමරිකාව යුධ අපරාධ කල බවට මෙම ලියවිල්ලේ සදහන් වෙනවා. 1971 වසරේදී එරට වොෂින්ටන් පොස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු අතට පත්වෙන මේ ලියවිල්ල පුවත්පතේ පලකිරීම වැලැක්වීම සදහා එවකට තිබු ජනාධිපති රිචඩ් නික්සන් පාලනය නොයෙක් බලපෑම් කරනවා. මේ බලපෑම් අභිබවමින් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට මාධ්‍යවේදීන් කරන අරගලය 'The Post' චිත්‍රපටය තුලින් කතාකරනවා.


The Post (2017)- ස්ටීවන් ස්පිල්බර්ග්

චිත්‍රපටය ගැන සඳහන් කරමින් ස්පිල්බර්ග් කියන්නේ වර්තමාන ඩිජිටල් සන්නිවේදන යුගයේ ජනමාධ්‍යයේ පදනම වූ සත්‍යය අහෝසි වී දැන් ජනමාධ්‍ය තුළ ඇත්තේ 'පශ්චාත් සත්‍යය' (post truth) බවයි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පශ්චාත් සත්‍යය ආයතනගත කොට ඇති මේ අවස්ථාවේ ජනමාධ්‍යට සත්‍ය කාර්යභාරයක් තිබූ 'අතීතය' ජනතාවට මතක්කර දීමට ඔහු The Post චිත්‍රපටය කඩිනමින් නිෂ්පාදනය කල බව ස්පිල්බර්ග් පවසයි.

පශ්චාත් සත්‍යය යන වචනනය ප්‍රථමයෙන්ම කරළියට එන්නේ Ralph Keys විසින් රචිත 'The Post Truth Era' කෘතියෙන්. ඔහු දක්වන්නේ නුතන සමාජ ජාලා, විශේෂයෙන් ෆේස්බුක් සමාගම සතුව ඇති ඉතා ප්‍රබල ඇල්ගොරිදම් (algorithm) ක්‍රියාවලිය හරහා ඕනෑම සමාජයක මතයන් හැසිරවීමේ හැකියාව ඇති බවයි.

පශ්චාත් සත්‍යය සමාජගත කෙරුණු සුවිශේෂ සිදුවීම් දෙකක් වසර 2016 දී ලෝක දේශපාලනයේ සිදුවුනා. එකක් යුරෝපා සංගමයෙන් වෙන්වීම හෝ නොවීම සදහා බ්‍රිතාන්‍යයේ තිබු ජනමත විචාරණයයි. අනෙක ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වූ ඇමරිකාවේ ජනාධිපතිවරණයයි.

බ්‍රිතාන්‍ය ජනමත විචාරණයේදී එරට යුරෝපා සංගමයෙන් වෙන්වීමට කැමැත්ත ඇති පිලේ අය (එවකට පාලක පක්ෂයේ ඇතැම් ප්‍රබල ඇමතිවරු) ප්‍රකාශ කලේ යුරෝපයෙන් වෙන්වුවහොත් බ්‍රිතාන්‍යයට සතියකට පවුම් මිලියන 350ක් පමණ ඉතිරි කරගත හැකි බවයි. මේ ප්‍රකාශය වෛරස් ගත වී සමාජයේ පැලපදියම් වූ අතර වෙන්වීමට කැමති පිරිසේ ජයග්‍රහණයට මේ කාරණය බොහෝ සෙයින් පිටුවහල් උනා. එහෙත් මැතිවරණය නිම වූ පසුව ජයග්‍රාහි පිලේ අය (එරට විදේශ ඇමති බොරිස් ජොන්සන්) ප්‍රකාශ කළේ, පවුම් 350ක ඉතිරිය විද්‍යාත්මක අගයක් නොව හුදු හිතළුවක් බවයි.



ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් දෙදෙනා වූ හිලරි සහ ට්‍රම්ප් දෙදෙනාටම තිබුණේ කළු අතීතයක්. ස්ත්‍රිය පිළිබඳ පීඩක අදහස් ඇත්තෙකු සහ ජාතිවාදියෙක් ලෙස ට්‍රම්ස් සමාජගත වී තිබුණු අතර දුර්වල නායිකාවක්, තම පක්ෂයේ ප්‍රතිවාදියා අයුතු ලෙස අභිබවා නාමයෝජනා ලබාගත් තැනැත්තියක ලෙස හිලරි හංවඩු ගැසී තිබුනා. එහෙත් මැතිවරණ සමයේ හිලරි පිලට අවාසිදායක කාරණා පමණක් ඉතා ප්‍රබල සහ සුක්ෂම ලෙස සමාජ ජාලා හරහා, විශේෂයෙන් ෆේස්බුක් සහ ට්ව්ටර් හරහා සමාජගත උනා. අවසානයේ ට්‍රම්ප්ස් ජනාධිපති ට්‍රම්ප්ස් බවට පත්වෙනවා.

2016 වසරේ ලෝක දේශපාලනය තුළ සිදුවූ මෙම පෙරළි දෙකම පිටුපස ෆේස්බුක් සමාගමේ ක්‍රියාකාරී මැදිහත්වීම ලැබුනු බව මාධ්‍ය විශ්ලේෂකයින් පවසනවා. ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ දත්ත සහ ඔවුන් එය පාවිච්චි කරන කාලසීමා උපයෝගී කරගනිමින් ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ සිතුවිලි සහ ක්‍රියාමාර්ග උපකල්පනය කිරීමට (algorithm) ඔවුන්ට හැකිවී ඇති අතර එම දත්ත ට්‍රම්ප්ස් සහ බ්‍රිතාන්‍යයේ ජනමත විචාරණයේ වෙන්වීමේ කණ්ඩායමට අලවි කොට ඇති බවට බොහෝ දෙනා පවසනවා. ඇල්ගොරිදම් තුළින් කිසියම් කාලසීමාවකදී එක් මතයක් සවිබල ගන්වන පුවත් සහ වාර්තා බහුල ලෙස ෆේස්බුක් තුල සැරිසරන්නට සැලැස්වීමට ෆේස්බුක් සමාගමට හැකියාව තිබෙනවා. මෙතුළින් තීරණාත්මක ජනමතය හැසිරවීමට ෆේස්බුක් ක්‍රියා කරන බව එම සමාගමින් ඉවත්වූ බොහෝ දෙනෙක් පවසනවා.



ජනමාධ්‍යයේ 'සත්‍යය' ස්ථානගත වී තිබූ අවකාශයට පශ්චාත් සත්‍යය පැමිණ තිබීම මේ දිනවල මාධ්‍ය නිරීක්ෂණ තුලින් කදිමට හෙළිදරවු වෙයි. හුදී ජනයාට මේ දවස්වල දැකිය හැකි/නැරඹිය හැකි උණුසුම් පුවත් නිර්මාණය වෙන්නේ කල් යල් බලා දේශපාලකයන් දෙසා බාන වාචාල කතා වලිනි. මාධ්‍ය චැනල් වල ‘ප්‍රයිම් ටයිම්’ පුවත් පිරී ඉතිරි යන්නේ දේශපාලන වාචාල කථා වලින් සහ බැරෑරුම් ලෙස දෙසාබාන ඕපාදුප වලින්.

ලොකු වාහනයක් ඇතුලේ ඉදල බෙල්ල එලියට දාන මරාගෙන් වට කරගෙන ප්‍රශ්න අහන මාධ්‍ය කාරයන්ගේ දර්ශනයක් පසුගියදා මාධ්‍ය මගින් එලියට ආවා. එහිදී මාධ්‍යකරුවෝ දෙකට තුනට නැමී ‘සර්-සර්’ කියමින් ප්‍රශ්ණ අහති. මාධ්‍යයේ ‘ළමයින්ට’ අවශ්‍ය වන්නේ මෙවැනි උතුමාණන්ලාගේ කටින් පිටවන වචන උණු කැවුම් සේ විකිණිය හැකි වචන කිහිපයක් අල්ලාගෙන ගොස් මාධ්‍ය අයිතිකරුවන්ගේ දෙපා මුල තැබීමටය. පශ්චාත් සත්‍ය යුගයේ මාධ්‍ය මෙසේ සිල්ලර වී සාමන්‍යකරණය වීම එක අතකට එම මාධ්‍යකරුවන්ගේ වරදක් ද නොවේ. දේශපාලකයින් මෙන්ම මාධ්‍යකරුවන්ද බිහිකරන්නේ සමාජය තුළිනුයි.

මාධ්‍යවේදියා යනු සමාජයේ සිටින තුන්වන රාජ්‍යය (third state) බව මේ ගිරා මාධ්‍ය මහත්වරුන්ට කියා දීමට රිචඩ් ද සොයිසා වැනි මාධ්‍යකාරයින් අද නැත. එසේත් නැතිනම් එවැනි මාධ්‍යකරුවෝ භයානක ලෙස නිහඬ වී සිටිති.

මාධ්‍ය තුල සත්‍යය රජකළ වකවානුවේ රිචඩ් ද සොයිසා වැනි අය සත්‍යය වෙනුවෙන් රාජ්‍යය සමග තීරණාත්මක ලෙස හැප්පුනා. ෆේස්බුක් වැනි සමාජ ජාලා නොතිබුණ 1990 යුගයේ විජේතුංග-රනිල් පාලන තන්ත්‍රය පෙරලා දැමුවේ මාධ්‍ය විසින් බවයි ඉතිහාසය කියන්නේ. මාධ්‍ය විසින් රාජ්‍ය තන්ත්‍රයක් පෙරලීම තරමක් අසාමාන්‍ය නමුත් එකල රාජ්‍යයේ අකටයුතු වලට එරෙහිව ජනමතය හැසිරවූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි සංවිධාන වල ක්‍රියාකාරිත්වය නිසා එදා ආණ්ඩුව ගෙදර ගිය බව රහසක් නොවේ. මාධ්‍යයේ පැවැත්මට සත්‍යය සහ තොරතුරු අවශ්‍ය වූ ඒ වකවානුවේ සත්‍ය තොරතුරු ගවේෂණය වෙනුවෙන් මාධ්‍යවේදීන්ට ‘අමාරු වැඩ’ කිරීමට සිදුවුණා. ජිවිත පරදුවට තබමින් ඒ කාලයේ මාධ්‍යවේදීන් සූරියකන්ද වැනි රාජ්‍ය සමුහ මිනී වලවල් අනාවරණය කළා.

මාධ්‍යයට අවසානයේ තම ස්වාමියාගේ ප්‍රාග්ධනය සමග ‘සුහද’ ගනුදෙනුවක් කල යුතු බව කුරිරු ඇත්තක්. එහෙත් පශ්චාත් සත්‍යය කරළියට ඒමට ප්‍රථම මාධ්‍යවේදියා ඉතා අමාරුවෙන් නමුත් ස්වාමියාගේ ප්‍රාග්ධනයට ඉදිරියෙන් අඩු වැඩි වශයෙන් හිටගෙන හිටියා. මාධ්‍ය ආයතනවලට වඩා අනන්‍යතාවයක් තිබු මාධ්‍ය චරිත එකල පැවතුනේ ඒ නිසයි.

එහෙත් පශ්චාත් සත්‍යය සමාජයේ සමාජ ජාලා හරහා කරළියට පැමිණි පසු මාධ්‍ය ඇසුරු කරන හුදී ජන සියලු දෙනාම මාධ්‍යවේදීන් වී ඇති අතර මාධ්‍යවේදීන්ගේ රාජකාරිය ඉදිරියේ ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරිව තිබේ. හිතළු, පුද්ගලික අජෙන්ඩා සහ ඇදහීම් අනුව යමින් මාධ්‍ය ස්වාමියා විසින් හදා දෙන පශ්චාත් සත්‍යය එළියට දාන ‘පියුම් මාමලා’ බවට මාධ්‍යවේදීන් ඌනණය වීම කියා සිටින්නේ පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන් බව නොවේද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Richard de Zoysa, The Post Truth, Donald Trump, The Post-Truth Era, Ralph Keyes, United States presidential election 2016, Brexit, United Kingdom, European Union, Mahinda Rajapaksa, Sri Lankan Journalists, Contemporary Trends in Journalism
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
වෙසෙස්
ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ
තවත් වෙසෙස් බූන්දි
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ග්‍රවුචෝ මාක්ස් කියයි.
මං හිතන්නේ ටෙලිවිෂනය මාරම 'අධ්‍යාපනික'යි. මොකද, මොකෙක් හරි ඒක ඔන් කරන ඕනෙම වෙලාවක මං කරන්නේ, වෙන කාමරේකට ගිහිල්ලා හොඳ පොතක් කියවන එකයි!
What's New | අලුතෙන්ම
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook