Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
බූන්දි, 17:09:00
යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර කතාබහ වෙන මාතෘකා කීපයක් තමයි මේ.

2015 දී ලක්‍ෂ හැට දෙකහමාරක් ජනතාව බලය දුන්නේ ජනාධිපති සිරිසේනට. අවුරුදු පහකට බලය දෙමින් ජනතාව ඉල්ලා සිටියේ පවතින ව්‍යවස්ථාව වඩා ප්‍රජාතන්ත්‍රීය කිරීම ඇතුළු තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතුයි කියලා. ඒ වෙනුවෙන් තමන්ට ගැලපෙන පාර්ලිමේන්තුවක් පත් කර ගන්නත් ජනතාව බලය පැවරුවා. මේ හැම දෙයකින්ම කියවුනේ ජාතිවාදී, ආගම්වාදී මහින්ද රෙජිමයට නැවත ඉඩ නොදිය යුතුය​, රෙජීමය විසින් බෙදා වෙන්කළ රට නැවත එක් කළ යුතුය, රෙජීමයේ පාලනයෙන් බැට කෑ සියල්ලන්ට යුක්තිය සාධාරණය ඉටු විය යුතුය​ කියලා. ඉතිං ඒ ජනවරම අනුව ජනාධිපති සිරිසේන, රනිල් වික්‍රමසිංහ අගමැති කරලා ජනතා සම්මුතිය ගෙනියන්න ආරම්භ කළා. ඒ නිසා ඊට පස්සේ අගෝස්තු මාසෙ ආපු මැතිවරණයෙන් එජාපෙට වැඩි බලයක් දෙමින් ජනතාව ජනවාරියෙදී ගත්ත පියවර තවත් ශක්තිමත් කළා.

ආණ්ඩු බලය වෙනුවට පක්ෂ බලය

මේ සියලු සම්මුති පැත්තක තියලා ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපතිකම භාර ගත්තා. එජනිස ඔහුගේ යටතට ගත්තා. ජනාධිපතිවරයා කියා සිටින්නේ එසේ භාර ගත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්න ඕන නිසා කියලනෙ. අපි මොහොතකට ඒක පිළිගමුකෝ.

එහෙනම් ඇයි පාර්ලිමේන්තුවේදී මහින්දලා ඇතුළු පිරිසකට ඒකාබද්ධය ලෙස වෙනම සංවිධානය වෙන්න​ ඉඩ දුන්නේ. ඊළඟට ජනාධිපතිවරයා කිව්වා "මහින්ද සුළඟ​" වේදිකාවට නැග්ගොත් ඒ අයට විරුද්ධව විනය පියවර ගන්නවා කියලා. ගත්තද? නෑ. මහින්දගේ මැයි දිනයට ගියොත් විනය පියවර ගන්නවා කිව්වා. ගත්තාද? නෑ. වෙන පක්‍ෂ හැදුවොත් මහ පාරේ ඇවිද්දවනවා කියලා මහින්දලාට තර්ජනය කළා. මහින්දලා පොහොට්ටුව හැදුවා. මහ පාරේ ඇවිද්දුවාද​? නෑ. පොහොට්ටුවේ වේදිකාවට නැඟලා ඒ පක්‍ෂයේ අපේක්‍ෂකයෝ දිනවන්න වැඩ කළොත් පක්‍ෂයෙන් එළවනවා කිව්වා. එළෙව්වාද​? නෑ.

ඊට අමතරව​ තමන් හදපු ආණ්ඩුව ආරක්‍ෂා කරගන්න​, තමන් ගේ පක්‍ෂයේ මන්ත්‍රීවරු එක මතයකට ගන්න බැරි වුනා. තමන් ගේ කැබිනට් ඇමැතිවරුන් සාමූහික වගකීමකට යටත් කරගන්න බැරි වුනා. එහෙනම් රාජපක්‍ෂලා මේ පළාත් පාලන මැතිවරණයෙන් ඉදිරියට ආවානම් ඒකේ වගකීම භාර ගන්න ඕන කවුද​? ජනාධිපති සිරිසේන​!

එනයින් බලන කළ​ පසුගිය වසර තුනක ශේෂ පත්‍රය අරගෙන බැලුවොත් වඩාත්ම අසාර්ථක නායකයා කවුද? ජනාධිපති සිරිසේන. ඒ විතරක්ද​? නෑ. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළාද​? වසර තුනක් ගතවෙද්දීත් ආණ්ඩුවේ හමුදා උතුරෙන් ඉවත් කර ගත්තාද​? උතුරේ මිනිසුන් ගේ අල්ලා ගත් ඉඩම් සියල්ල ආපසු දුන්නාද​? ඒ ප්‍රදේශ තුළ හමුදාව පවත්වා ගෙන යන්නා වූ සිංහලකරණය, ව්‍යාපාර​ නැවැත්තුවාද​? යුද අපරාධ කරුවන්ට දඞුවම් දුන්නාද​? මේ සියල්ලටම උත්තරය නෑ. නෑ. හැබැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී දෙමළාගේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලා නම් පොරොන්දු වුනා. ලැබුනු ලොකුම විසඳුම තමයි ජාතික ගීය දෙමළෙන් ගායනා කරපු එක​. එහෙම බැලුවාම උතුරටත් දකුණටත් සිරිසේන ජනාධිපතිවරයා සිදුකර තිබෙන්නේ පොරොන්දු කඩකරපු එක​. නැතිනම් 2015 දී ලැබුන ජනවරම මොකක්ද කියලා අමතක කිරීම. ඒ ජනවරම ලැබුනේ කාටදැයි අමතක කිරීම​.

හෙංචයියන්ගේ පාලනයක්

ජනාධිපතිවරයාගේ මේ අසමත්කම නිසා ඔහු ගේ ලේකම්වරුන්, උපදේශකයන්, සමහර මාධ්‍ය ආයතන හා ඇතැම් පුද්ගලයන් පාලකයා බවට පත්වෙලා. එයාලට තියෙන විවිධ ඇරියස් ඇරගන්න ඒ හිඩැස හා බලය පාවිච්ච් කරනවා. මේ තුළින් 2015 දී ජනතාව පරාජය කළ ආගම්වාදී, ජාතිවාදී අඳුරු බලවේග නැවත ශක්තිමත් වීම ඔවුන්ට ගැටලුවක් නෙමේ. ඔවුන් ගේ ප්‍රධාන අරමුණ ලැබුනු ඉඩකඩ පාවිච්චි කරලා තම​ ඇරියස් පියවා ගැනීම​. තම තමන් ගේ න්‍යාය පත්‍ර පෙරට දමා ගැනීම​​. ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව නඩේගුරෙක් නැති වන්දනා නඩයක් බවට පත්වෙලා.

මේ අතර ඇති වී තිබෙන අර්බූදය පිළිබඳව​ ආණ්ඩුවේ මැති ඇමැතීන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කුමක්ද​? මේ අර්බූදයට පියවරක් ජනාධිපතිවරයා ගනීවි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් වරයා කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ මීට වසර තුනකට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සතු බව. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද කැබිනට් හමුවෙන් පසු මාධ්‍යවේදීන් ඉදිරියේ කිව්වේ මනා කළමනාකාරීත්වයකින් යහපාලන රජය ඉදිරියට යන බව. ඉතින් මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ කුමක්ද​? ආණ්ඩුව පවත්වා ගෙන යෑමේ වගකිවයුත්තා ජනාධිවරයාය යන්නයි. අර්බූදය මතුව තිබෙන්නේ ජනාධිපතිවරයාට එය නොවැටහීමයි.

ඒනිසා ජනාධිපතිවරයා දැන්වත් එක පෙළට හිට ගන්න බැරි තම මැති ඇමැතීන්ට මඩු වලිගයෙන් තළා හෝ පක්‍ෂය එක මතයකට ගෙන ආ යුතුය. කට්ටඩියා බඩ උඩ තබා කඩුවෙන් පුහුල වෙන් කරන්නා සේ පක්‍ෂයේ සිටිනා ජාතිවාදීන් හා ප්‍රගතිශීලීන් හරි මැදින් කපා වෙන්කළ යුතුය​.

මාටින් වික්‍රමසිංහ සූරීන් ගේ ගම්පෙරලියේ ජිනදාස යන්නේ සිංහලේ. නැතිනම් මොණරාගල බිබිලේ. එහි දී ඔහු මැලේරියා වසංගතයට ගොදුරු වෙලා විනාශ වෙනවා. හැබැයි පියල් එන්නේ කොළඹට​. සිදාදියට. ඒ නිසා ඔහු දියුණු වෙනවා. තෝරා ගන්නා මාවත අනුව තමයි විනාශය හෝ පැවැත්ම තීන්දු වෙන්නේ. ඉතින් ජනාධිපති සිරිසේන දැන්වත් තීරණයක් ගත යුතුයි සිංහලේ යනවාද​? නැතිනම් සිදාදියට එනවාද කියලා?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Local Government Elections 2018, Election Aftermath, Ranil Wickremesinghe, Maithripala Sirisena, Mahinda Rajapaksa, UNP, SLPF, SLPP
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඥානසිරි කොත්තිගොඩගෙන් තවත් වියමන්
කරන්ට්ස්
කබ්බට පොලිෂ් ගැවට ටොයියෙක් වේද?
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ආතර් ෂොපෙන්හොර් කියයි.
ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම්... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook