Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
පැ ර දු නේ ක වු ද ?
බූන්දි, 17:19:03
මැතිවරණයක ජය පරාජය තමන් කැමති ඕනෑම රසකාරක අනුපාන හෝ තිත්ත අබිං දමා විග්‍රහ කර ගැනීම ඕනෑම පක්ෂයකට පුද්ගලයෙකුට කාගෙන්වත් බාධාවක් නැත. රට ඉලක්ක කරමින් දෙන මැතිවරණ ප්‍රතිඵලයේ සමස්ත පණිවුඩය ඒ නිසාම විකෘතියකි. උගතුන් බුද්ධිමතුන් දේශපාලන විචාරකයින් නිර්ණායකයන් තෝරන්නේ හැම වතාවේදීම එකම විදියටය. හඳුනාගැනීමේදී 2015ත් ඊට පෙර විග්‍රයන් හෝ 2018 විග්‍රහයන් අතර වචන එහා මෙහා කිරීමක් හෝ රටාවේ වෙනස මිස පරණ තැටියමය.

මැතිවරණ ප්‍රතිඵලය තුළ මට හැඟී යන පරිදි කතිරය හෝ කතිරකාරයා රටේ ඉදිරි ගමනට කිසිසේත් තීරණාත්මක වී නොමැත. රට ගම පාලනයට සංවර්ධනයට සුදුස්සන් ‍තෝරා ගැනීමේදී කතිරකාරයාගේ භාවිතය ඉතිහාසය පුරාවට අසාර්ථකය. වචන නාස්ති කර ගැනීමකින් තොරව පවසතොත් 2015 අගෝස්තු වරද කතිරකරු නැවත වටයකින් කර තිබේ. ජවිපේට වැඩි බලයක් දීම මෙවර ද අතපසු කර තිබේ. බොහෝ ප්‍රතිඵල විශ්ලේෂකයින් භාවිතයෙන් හුදු කතිරකාරයාට වැඩි ඉහළ තැනක නැති නිසා ඔවුන්ගේ විග්‍රහයන් තුළ ජවිපේ ලබන කතිරයට නිසි තැනක් නැත. ඔවුනට අනුව මේ මැතිවරණ ප්‍රතිඵලය මෛත්‍රීරනිල්ට පාඩමක් ඉගැන්වීමකි. 2015 දී පවසා සිටියේ රාජපක්ෂලාට පාඩමක් හැටියටය. කතිරකාරයාගේ භාවිතය ඔවුන් විග්‍රහ කර ගන්නේ තමන්ගේ භාවිතයට සාපේක්ෂවය. ආණ්ඩුව පැ‍රැද්දූ ඡන්ද පාඩම් ඡන්ද හැටියට ගනිද්දී ආණ්ඩුවට පක්ෂව දුන් ඡන්ද කුමක්දැයි පැවැසීම මග හැර ගොස් තිබේ. පොදුවේ ඡන්ද කොයිකත් හුදු කතිර වශයෙනුත් ඡන්දදායකයා කතිරකාරයා වශයෙනුත් මගේ හඳුනාගැනීමයි.

කතිරකාරයා හිස නැති කවන්ධයක් බව මගේ පෙර ලිපියක ද සඳහන් කළෙමි. කතිරකාරයා ඡන්දදායකයා බවටත් කතිරය ඡන්දය බවටත් නිවැරදි වෙනතුරු රට ගොඩ ගිය මැතිවරණ ප්‍රතිඵලයක් සිතා ගත නොහැක. 2015 මැතිවරණයේදී වැඩි බලයක් ජවිපේට නොදීමේ විපාකය දිනෙන් දින වඩ වඩාත් රටට දැනෙමින් තිබේ. රට පුරා නිල පොලීසියක් හමුදාවක් සිටියද ආර්ථික ඝාතකයින්ගෙන් දූෂකයින්ගෙන් ජාතික දේපල හොරා කන වනචරයින්ගෙන් රටට වෙන අනතුර අවම කර ගන්නට නම් වැඩි බලයකින් ජවිපේ සවිබල ගැන්විය යුතු බව ඔලුව නැති කතිරකාරයාට වැටහීමක් නැත. වැඩි බලයකින් ජවිපේ සන්නද්ධ කිරීමේ කතිකාව මග හැර යන්නට ජවිපේ හොඳ හෝ නරක බැරි පුළුවන්කම් බාධාවක්කර ගැනීම තවදුරටත් සිදුවන්නේ නම් එය වරදකි. මේ ලියන මා ජවිපේ ක්‍රියාකාරිකයෙක් හෝ සගයෙක් නොවේ. නොපෑහීම් සහ ජවිපේ සමග ගැටළු මට ද තිබේ. නමුත් රටේ දූෂණය නාස්තිය ගැන නොපමාව සිතීමේදී විකල්පය ජවිපේය.

මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ සිදු කළ වෙනසක් නැත. පිරිසක් උද්දාමයට පත්වීමත් පිරිසක් සසල වීමත් කෘත්‍රිම ලෙස උත්කර්ෂයට නැංවීමක් මිස මැතිවරණයක මේ සාමාන්‍ය තත්වයයි. දිනන්නේ සුපුරුදු ඔළු ටිකමය. පැරදුනේ සුපුරුදු ඔළු ටිකමය. පශ්චාත් මැතිවරණ කසු කුසුව ද වගාලාප ද පුරුදු එකමය. වෙන එකක් තබා ප්‍රතිඵල නිකුත් කිරීමේ කොමාගේ යාන්ත්‍රණය ද සුපුරුදු අංග විකල බවම ප්‍රකට කළේය. දේශපාලනය හොරුන්ගෙන් මුදා ගැනීමට මූල්‍ය ‍රැකවරණයට ආර්ථික සංවර්ධනයට ජාතික සංහිඳියාවට සාධනීය බලපෑමක් කෙරෙන ප්‍රතිඵලයක් මේ මැතිවරණය තුළින් රටට දී නැත.

කතිරකාරයා ඡන්දදායකයා බවට උසස් කර ගත යුතුය. දියුණු කර ගත යුතුය. එතැනට එන තෙක් ජවිපේ සදහටම ඔතනය. රට ද එතැනමය. අවසන් වුනු පළාත් පාලන මැතිවරණයේදී ජවිපේ සිතා ගෙන සිටියේ රටේ ගොඩනැගෙමින් තිබුනු ආණ්ඩු විරෝධය හොර රහසේ නොකර සද්දයෙන් ඇවිදින් ජවිපේ වටා ඒකරාසී වනු ඇති බවය. නමුත් එය ඒකරාසී කර ගන්නට සමත් වූයේ රාජපක්ෂ කඳවුර බව ජවිපේ අනුර දිසානායකම මේ වනවිට පිළිගෙන තිබේ. තමන් වටා ඒකරාසී වෙන තෙක් නොසිට ඒකරාසී කර ගැනීම අනුරට වඩා රාජපක්ෂ දැන සිටියේය. ගොඩනැගුණු ආණ්ඩු විරෝධය ඇත්ත වශයෙන්ම සංවිධානය කළේ ජවිපේය. අතට ගත්ත දේ කටේ දමා ගන්නට ජවිපේ රාජපක්ෂ කඳවුරෙන්වත් ඉක්මනින් උගත යුතුය. කතිරකාරයාට සැබෑ ඡන්දදායකයෙක් වීමේදී ජවිපේ පූර්වාදර්ශයක් වන්නේ එවිටය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Post Analysis, Sri Lankan Local Government Elections 2018, JVP, Janatha Vimukthi Peramuna, Peoples Liberation Front, Anura Kumara Dissanayake, Mahidna Rajapaksha, Ranil Wickramasinghe, Maithripala Sirisena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
නැදිමාලේ Miniහෙක්ගෙන් තවත් වියමන්
අදහස්
කතිරකාරයාගේ පෙබරවාරිය- ඔබ ඇවිත් යන්න එන්න!
රත්තරං ටික
සිස්ටම් vs ඕටී
කතන්දර
ගිනි ගත් ලිප
තවත් අදහස් බූන්දි
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
සිත්තරා මරා ඝාතකයා පහළ වීම
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook