Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- එඩ්වඩ් කුමාරයාගෙන් එංගලන්තේ මහරැජීනට ලියුමක්
ලංකාවේ නිදහස් උළෙලට සපෝට් එකක් දෙන්න මේ දවස්වල ලංකාවට ඇවිල්ල ඉන්න එංගලන්තේ මහ රාජිනීන්වහන්සේගේ දෙවෙනි පුත්‍ර රත්නය වන එඩ්වඩ් කුමාරයාණන්වහන්සේ ලංකාවට ආපු ගමන් කළේ තම මවු රාජිනීන්වහන්සේට ලියුමක් ලියපු එක. ලියපු ලියුම ගෞරව නමස්කාර පූර්වකව තැපැල් කරන්න බාරගත්තු ලංකාවෙ ජිල්බුවෙක් ඒකෙන් කොපියක් ගහලා අපිට තැපැල් කරලා. ඕං ඒ රාජකීය ලියමන!

*********

අම්මේ,

ශ්‍රී ලංකාවට ගොඩබැහැපු ගමන්ම තකහනියක් මං මේ ලියුම ලියන්නේ පුංචි කාරණයක් චෙක් කරගන්න ඕනි හින්ද. මේ මට පොඩ්ඩක් බලල කියනවද ශ්‍රී ලංකාවට අපි නිදහස දීලද තියෙන්නේ කියල. මාව දැක්කම මෙහෙ මිනිස්සු කලබල වෙලා නැමෙන නැමිල්ල දැක්කම මට හිතෙන්නෙම අපි තාමත් මුන්ව යටත්කරගෙන ඉන්නවා කියල. එංගලන්තේ අපේ රටේවත් නෑනේ මට මෙහෙම ගරු සරු කමක්. අම්මප මට හිතෙනව මේ රටේ පදිංචි වෙන්න.

දන්නවනේ එංගලන්තෙදි මට වෙච්ච වින්නැහිය. බිස්නස් කරන්න ගිහින් නැත්තටම නැතිවෙලා, රජ පවුලත් විකුණන්න හදනව කියල නන්නත්තාර වෙලා කිසිම මිනිහෙක් මාව ගණන් ගන්නේ නැති ගානට වැටුනනේ. මගේ වයිෆුත් කිවුව අම්මට ස්තුති කරන්න කියල මේ වගේ ගමනක් ලැහැත්ති කරලා දුන්නට. ගොඩ කාලෙකට පස්සේ එයාටත් දැනුනලු එයා රජ පවුලට සම්බන්ධ වෙලා ඉන්නවා කියල.

මේ රටේ මං කැමතිම කෙනා තමයි රටේ ලොක්ක, සිරිසේන කියල එක්කෙනෙක්. එයානම් මාර මනුස්සයෙක් තමයි. අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල අම්මවත් හම්බවෙන්න ඇවිල්ල තියනවලු. රැජිනක් උනත් අම්ම හරිම නිහතමානියි කියල මිනිහ මැරෙන්න යනව. අපි අතට අත දීල ටිකක් වැඩියෙන් කථාබස් කරාම මේ රටේ මිනිස්සුන්ට පුදුම ජොලියක් එන්නේ. මේ වගේ තැන් වලට එන්ඩ ඉස්සෙල්ල අපි මිනිස්සුන්ගේ බොඩි ලැන්ග්වේජ් ස්ටඩි කරන එකේ වටිනාකම දැන් තමයි තේරෙන්නේ.

හැබැයි අම්මේ අර අගමැති කාරය නම් ටිකක් අණ්ඩය වගේ. මිනිහ නිකං ෆ්‍රෙන්ඩ්ලි වගේ හිටියට අපි ගැන හොඳට දන්නව. නිකං අතට අත දුන්නත් දෙන්නේ නිකං ඩෝන්ට් කෙයාර් විදිහට. හැබැයි මිනිහ හොඳ කතාකාරය. අපි ගොඩාක් බිස්නස් වැඩ එහෙම කතාකළා. එංගලන්තේ බැරි උනාට මං හිතන්නේ මට මේ රටේ මොකක් හරි බිස්නස් ලයින් එකක් අල්ලගන්න පුළුවන් වගෙයි. අර මනුස්සයාගේ උදවු එහෙමත් තියනවනේ. ඔන්න අම්මේ මේ රටේ කවුරුහරි මං ගැන ඇහුවොත් ඔය මගේ පරණ කැරැට්ටු දිගාරින්නේ එහෙම නෑ තේරුනාද?

මට හිතෙනව මං මේ රටේ හිටිය කාලේ වැඩියි කියල. සති ගණන් ඉන්ඩ ගියාම මුන් හිතයි මං කිසිම වැඩක් නැති අපතයෙක් කියල. බොහෝම බිසී රජ කුමාරයෙක් වගේ දවස් දෙකෙන් තුනෙන් ඇවිල්ල යන්ඩයි තිබ්බේ. ඒත් දැන් පරක්කු වැඩියි.

ඒක නෙමෙයි අම්මේ, කරන්ඩ වැඩක් නැතිව හෝටලේට වෙලා ඈනුම් ඇර ඇර හිටිය දවසක මං මේ රටේ පත්තර ටිකක් බැලුව. අපි ගැන පුදුම දේවල් තමයි ලියල තියෙන්නේ. සමහරු අපේ ආච්චිගේ ඉඳලා පට්ටගහලා. ලියලා තියෙන දේවල් දැක්කම නැවතිලා ඉන්න හෝටලයෙන් එළියට යන්ඩ බය හිතෙනව. පත්තරවල මොනව තිබුනත් අපි දැක්ක ගමන් මිනිස්සු දෙකට තුනට නැවිල නෝංජල් විදිහට ගරු සරු ඇතිව තමයි කතා බහ කරන්නේ. බොරුවට හරි. හරිනම් මේවා වීඩියෝ කරගෙන ගිහිල්ල බීබීසී එකේ දාන්ඩ ඕනි අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්ඩත් එක්ක.

අම්මේ මං ඉක්මනට ආයේ එනව. ආවට පස්සේ වියදමට පවුම් ටිකක් ලැහැත්ති කරලා තියන්න.

මීට,

පොඩි පුත් කුමරා,
එඩ්වඩ්


ප.ලි.

අම්මේ මේ රටේ එක එක ඒරියා කොන්ට්‍රෝල් කරන්නේ විවිධ රටවල්. දකුණු පලාතට යන්ඩ දෙයක් නෑ එහෙ ඉන්නේ චීන්නු. කොළඹ ඔක්කොම ඉන්දියාවේ. අපිටත් පුළුවන් එක ඒරියා එකක් සෙට් කරගන්ඩ. අර නුවර පළාත වගේ හොදයි. මං හරි ආසයි. පොඩ්ඩක් කල්පනා කරන බලන්ඩකෝ. ඒත් අම්මට මේවා තේරෙන්නේ නෑ. අර ඩේවිඩ් කැමරන් වගේ ස්මාට් මිනිහෙක් හිටියනම් මෙහෙ රනිල් මෑන් එක්ක එකතුවෙලා මෙලහකටත් වැඩේ නියමෙට දීලා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Politics, Maithripala Sirisena, Ranil Wickramasinghe, Prince Edward, Countess of Wessex, British Monarchy, Queen Elizabeth II
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජේ. ක්‍රිෂ්ණමූර්ති කියයි.
අප කොතැනක- චීනයේ, ජපානයේ, එංගලන්තයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ ජීවත් වුවත්, ඉතා වැදගත් වන්නේ "මගේ රට" යැයි අපි සැවොම කියමු. ලෝකය සමස්තයක් වශයෙන් කිසිවෙක් කල්පනා... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook