Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අප ඔවුන්ගෙන් වෙනස් විය යුත්තේ කෙලෙසද?
බූන්දි, 17:59:24
මා හිතවත් උපාසිකා මාතාවක් කී දෙයක් තේමා කරගෙන මෙම සටහන ලිවීමට අදහස් කලෙමි. ඇය නොවරදවාම පොහොයට සිල් සමාදන් වන, කාර්යාලයේ සෑම ආගමික වැඩසටහනකටම, භක්ති ගී වැඩසටහනකටම සම්බන්ධ වන ගව මස් නොකන අයෙකි. එනමුත් පසුගිය ආණ්ඩුවේ එක්තරා පාර්ශ්වයකගේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වූ බොදු බල සේනා නම්වූ මුස්ලිම් විරෝධී අන්තවාදී කල්ලියේ වැඩ පිළිබඳව යටි සිතේ ආශ්වාදයෙන් යුතුව පහන් සංවේගය උපදවාගෙන සිටියාය. ඇය සාමාන්‍යයෙන් මුස්ලිම්වරුන් ආමන්ත්‍රණය කරන්නේ "හම්බයින්" යනුවෙනි.

මෑතකදී කොළඹ ආනන්ද- නාලන්ද විද්‍යාල වලට ළමුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය පිළිබඳව කළ කතාබහකදී ඇය කී ප්‍රකාශයේ සාමාන්‍ය අදහස වුයේ "හම්බයින් මේ බෞද්ධ විද්‍යාල වලට කුමන පදනමින් හෝ ඇතුළත් නොකළ යුතු බවත්; එවන් තීරණයක් ගතහැකි කොන්ද පණ ඇති පාලනයක් දැන් නොමැති බවත්"ය. ඊට‍ ඌනපුරණ සැපයු තවත් උපාසිකා මාතාවක් කියා සිටියේ, ඒ අයට සහිරා විද්‍යාලය ඇති බැවින් තමන්ගේ සංස්කෘතියට ගැලපෙන අයුරින් එහි ඉගෙනීම ලැබිය හැකි බවයි.

මෙම අදහස් සම්බන්ධව සමාජයේ ප්‍රගතිශීලී ප්‍රාර්ථනාවන් ඇති මිනිසුන් දිය යුතු පිළිතුර කෙබඳු විය යුතුද?

සංස්කෘතික නොරුස්නාකම්, වෙනස්කම් අඩුකොට එමෙන්ම තම තමන්ගේ සංස්කෘතික අඩුපාඩුකම් හඳුනාගෙන ඒවා සංස්කරණය කරගත හැක්කේ වෙන් වෙන්ව ජීවත්වීම තුළින් නොව හැකිතරම් එකට, සාමුහිකව ජීවත්වීම තුළිනි. සිංහල දෙමළ බහුතරයක් සමග ජීවත් වෙමින් ඔවුන් හා මිතුරන් ලෙසින් ජීවත් වූ මුස්ලිම් අයෙකුට අන්‍ය වාර්ගික මනුෂ්‍යයෙකු තවත් මනුෂ්‍යයෙකු ලෙසින් තේරුම් යනු ඇත. එවිට (කුමන තත්ත්වයක් මත වුව) අන්‍යයෙකු කෙරෙහි බලවත් සතුරු හැඟීමක් පහල වීමට ඇති ඉඩකඩ අඩුවෙයි. එනිසා අප ප්‍රවර්ධනය කලයුත්තේ වෙන් වෙන්ව විසීම නොව විවිධ වාර්ගික හා ආගමික කොටස් සමානුයෝජනය කිරීමේ ක්‍රමවේදයකි.

ඉතිහාසයේ එක් එක් ගෝත්‍ර වශයෙන් වෙන්වෙන්ව ජීවත් වූ කාලයේ අනෙක් ගෝත්‍රය යටපත් කිරීම කිසිම දෙගිඩියාවකින් තොරව ක්‍රෑර ආකාරයෙන් කළහැකි වුයේ තම ගෝත්‍රය හැර වෙනත් පිටස්තර ගෝත්‍රයක් තමන් වැනිම මනුෂ්‍ය කොට්ඨාශයක්ය යන හැගීමක් හෝ අවබෝධයක් එකල ඔවුනට නොවීම නිසයි. නමුත් අද අපි මේ සියලු මනුෂ්‍ය ප්‍රාණීන් යනු එකම පුරුකකින් ජන්මය ලැබූ සමානයෝය යන අවබෝධය හා ඊට අදාළ මානව ප්‍රවේණි විද්‍යාත්මක සාක්ෂි සහිත ලෝකයක ජීවත් වන්නවුන් වෙමු. යම් රටක සිදුවූ බලවත් ආපදාවකදී අනෙක් සමාජ වල, රටවල වල මිනිසුන් එය දැක කම්පාවට පත්වෙයි. පොදුවේ ගත්කල මනුෂ්‍ය ප්‍රජාව දිනෙන් දින එකී අවබෝධය ඇතිව තමන් කිසිදා නොදුටු තවත් මනුෂ්‍යයෙකුට පවා උපකාර කරමින් උසස් මනුෂ්‍යත්වයක් කරා එළඹෙමින් සිටියි. සිරියාවේ දහස් ගණන් සරණාගතයින් තම රටට භාරගනිමින් ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් (අයි.එස්. ත්‍රස්තයින්ගෙන් එල්ලවිය හැකි අවදානම පවා දරමින්) තම රාජ්‍යයේ ආරක්ෂාව පවා පරදුවට තබමින් එකී මානවවාදී ගුණය ප්‍රදර්ශනය කළෝය.

කෙසේ මුත් ජාතිවාදී ප්‍රවණතාවයන් හා ආගම්වාදී උන්මත්තකයින් පරාජය කිරීමට අසමත් රාජ්‍යයන් කිහිපයක් නිසා මෙම මානවවාදය එක්තරා ප්‍රමාණයකට තර්ජනයකට ලක්ව ඇත. අප රටේ පසුගිය පාලක රෙජීමය තුළ මෙවැනි ආගම්වාදී උන්මත්තකයින් පිරිසක් රට තුල ආගමික-වාර්ගික ගින්නක් සඳහා පසුබිම සරුකරමින් සිටියේය. ඒවා පරාජය කිරීමට එවකට ආණ්ඩුවේ මුදුනේ වැජඹුන'වුන් තුළ බලවත් අධිෂ්ටානයක් නොවුනි.

ගැටුම්කාරී තත්වයක් උත්සන්න වූ විට සමාජයේ සිටින මධ්‍යස්ථ කොටස් දුර්මුඛ කොට අන්තවාදී කොටස් වෙත ඉඩකඩ වැඩියෙන් විවර වෙයි. සමාජයේ සන්නිවේදන අවකාශය පිරී යන්නේ ගැටුම් හා ඊට‍ එරෙහි ප්‍රතික්‍රියාවන් වලිනි. එනම් එදිරිවාදිකම් මිස එය සමනය වීමේ විභවයන් නිර්මාණය නොවේ. සන්සුන් මානසිකත්වය අහිමිවී උද්වේගකර හැගීම් වලින් සමාජ මානසිකත්වය පිරීයයි. එවිට දෙපාර්ශ්වයේම ගැටුම්කාරී පාර්ශ්ව සමාජයේ සියලු ක්ෂේත්‍ර ග්‍රහණයට නතුකරගනී. එවැනි සන්දර්භයක් තුල මනුෂ්‍යයෙකුට කෙතරම් නම් ම්ලේච්ජයෙකු බවට පත්විය හැකිද යන්න දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් අපට කියා දෙයි. එනිසා පළමු කොන්දේසිය වන්නේ මේ තත්ත්වය අවබෝධ කරගතහැකි සමාජ කොටස් ගැටුම්කාරී තත්වයක් ඇතිනොවීමට අවශ්‍ය මැදිහත්වීම කළයුතුවීමයි. ගැටුමක් මුලපිරු පසු ක්‍රමක්‍රමයෙන් එදිරිවාදිකම ඔඩුදුවා ගොස් අනෙකෙකු විනාශ කිරීමට, අනෙකාගේ සනුහරේ කෙනෙකු පවා විනාශ කිරීමට අවශ්‍ය හේතු නිර්මාණය වෙයි; විනාශය සාධාරණීයකරණය කරගැනීමට හේතු කාරණා ගොඩනැගෙයි.

මෙම අවදානම පිලිබඳ අවධාරණය මේ මොහොතට අදාළ වනුයේ, පරාජිත ජාතිවාදී කොටස් හා ආගම්වාදී උන්මත්තකයින් තම පැරණි ගිනිකෙළියට යලිත් කැසකවමින් සිටින බැවිනි.
කාටූනය- අවන්ත ආටිගල (Awantha Artigala Facebook Page)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan National Unity, Reconciliation, Sinhala, Tamil, Muslim, Communal Unity, Communal Violence, Ethnic Clashes, Bodu Bala Sena
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කෙවින් කරුණාතිලකගෙන් තවත් වියමන්
අදහස්
මෙහෙව් රටේ දේශපාලනය යනු කුමක්ද?
තවත් අදහස් බූන්දි
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
සිරිසේන සිදාදි එනවද, සිංහලේම ඉන්නවද?
පැ ර දු නේ ක වු ද ?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
කතන්දර| අලුත් වෙමුද අවුරුද්දේ? [වීඩියෝව]

12-Secs

අලුත් අවුරුද්ද වෙනුවෙන් පොඩිත්තන්ට- චූටි ටීචර් සමග "අලුත් වෙමුද අවුරුද්දේ?"- [කාටූන්]

හඬ- මාෂා සුවනී, නයෝමි ගුණසිරි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Kids... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
කතන්දර| වනවාසි සහ ලෝකවාසී

26-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) මම ගමත්, නගරයක් අත්ඇරල හිටියෙ. ඒ නිසා අවුරුදු ගාණක් තිස්සෙ මම හිටියෙ වනවාසී ව. මාව අඳුනගන්න කාටවත් ම බැරිවුණා.... [More]
පොත්| අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!

2-Mins

(කසුන් සමරතුංග) එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ... [More]
වෙසෙස්| ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා

5-Mins

(තිලක් සේනාසිංහ ) රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව... [More]
කතන්දර| "මීයා සහ පැන්සලයා"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

13-Secs

මෙන්න පොඩිත්තන්ට රුසියාවෙන් තවත් කතන්දරයක්! වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "මීයා සහ පැන්සල" ළමා කතන්දරයේ සිංහල ප්‍රතිනිර්මාණය.

හඬ මුසුව- නයෝමි ගුණසිරි,... [More]
කවි| "නික්මෙන්න පෙර ලියමි..."

43-Secs

(ශාමිලා හුසේන්) කහපාට මල් වල තනියට
රොබරෝසියා අහුලලා තියපු
කවි වල
තුනෙන් දෙකක් ඔබට
පංගුවක් මට...... [More]
රංග| ග්‍රීක නාට්‍යයන්හි ගැබ්වන සියුස් බල විරෝධය

11-Mins

(චින්තා පවිත්‍රානි) මිනිස් විඤ්ඤාණයෙහි දෙවිදේවතාවුන් පිළිබඳ නිදන්ගත ව පවත්නා මතිමතාන්තර විවිධ සමාජ සංස්කෘතික පරිස්තිථීන්ට අනුව වෙනස් මුහුණුවරක් විශද කරයි. තම පාලනය යටතේ... [More]
ඔත්තු| අවතාරය- මාර්තු 27

12-Secs

'අවතාරය' සඟරාව ජනගත කිරීම, සම්මන්ත්‍රණය හා සිනමා දැක්ම, 2018 මාර්තු 27 අඟහරුවාදා, කොළඹ 07, ජාතික... [More]
වෙසෙස්| හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!

5-Mins

(සරද සමරසිංහ) මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන... [More]
කතන්දර| "පුංචි පුතුට පාඩමක්"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"පුංචි පුතුට පාඩමක්"- පොඩි දරුවන්ට ලොකුම ලොකු පාඩමක් කියා දෙන ආදරණීය කතාවක් [කාටූන්]- Alex Latimer ලියා, Patrick Latimer සිත්තම් කළ... [More]
අදහස්| සිංහලයා වඳ වෙමින් යනවද?

2-Mins

(තාරක වරාපිටිය) මෑතකදී බෞද්ධ භික්ෂුවක් විසින් තම 'ධර්ම දේශනයකදී' ප්‍රකාශ කොට ඇති කරුණක් මා වෙත සැලකොට සිටියේ මිත්‍රයෙකු විසින්. එවැනි කතා අපේ... [More]
ඔත්තු| මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා- අප්‍රේල් 5

21-Secs

කේ.කේ. සමන් කුමාරගේ අලුත්ම නවකතාව 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෘතිය, 2018, අප්‍රේල් 05 වන... [More]
වෙසෙස්| ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.

3-Mins

(නද්යා භාෂිණී අමරනායක) "විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ... [More]
රත්තරං ටික| ඔවුහු අප මෙන්ම වූ මිනිස්සු වූහ!

1-Mins

(යෙව්ගිනි යෙව්තුෂෙන්කො | ටී. අන්ද්‍රාදි) මම කුඩා කාලයේ එක් වරක් මගේ මාමාවරුන් විසින් මරා දැමුණු මුවෙකු බදා ගෙන කඳුළු සලන්නට... [More]
පරිවර්තන| පිළිතුර මාගේ මිතුරනි, සුළඟේ මුසුව ඇත!

34-Secs

(රන්දික ඩයස්) කොපමණ මාවත් ගණනක
ඇවිද යායුතුද මිනිසෙකු
ඔවුන් ඔහු "මිනිසෙකු" යැයි
කියන්නට පෙර?

කොපමණ මුහුදු ගණනකින්... [More]
කතන්දර| නිල් සුළිය

12-Mins

(කේ.ඩී. දර්ශන) එයා තාම නිදි. මම කීප වතාවක්ම කාමරයට එබිලා බැලුවා. ඒත් කිසි හැලහොල්මනක් නෑ. පාන්දර ජාමෙත් පහුවෙනකල් ඇහැරලා හිටපු නිසා වෙන්නැති.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook