Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- අපේ ලොක්කාගෙං පුටිංට සැරම සැර ලියුමක්
රුසියාවේ ඉන්න මගේ යාළුවෙකුගෙන් හදිස්සියේම කෝල් එකක් ආවා. මිනිහා එහා පැත්තේ ඉඳගෙන බොහෝම සන්තෝසෙන් කෑ ගහන්න පටන් ගත්තා. "කියල වැඩක් නෑ... කියලවත් කරගන්න බැරි වැඩක්නේ උනේ බං... දැන් නං ඉතිං අතපය දිගෑරල අපට සිංහයො වගේ මෙහෙ ඉන්න පුළුවන්..!" මිනිහ පොඩ්ඩක් කූල් ඩවුන් වෙනකං ඉඳලා, වෙලා තියෙන්නේ මොකක්ද කියල මං මිනිහගෙන් අහගත්තා. මේකයි සිද්ධිය. පහුගිය දා රුසියාව, ලංකාවේ තේ ආනයනය තහනම් කරාට පස්සේ අපේ ජනාධිපතිතුමා රුසියාවේ ජනාධිපති පුටින්ට සැර ලියුමක් යවල. ලියුමේ සැර වැඩිකමට පුටින් හොඳටම බයවෙලා ඉක්මනින්ම තහනම අයින් කරලා. දැන් රුසියන් කාරයෝ ලංකාවට තියෙන්නේ පුදුම බයක්ලු! මගේ යාළුව දැන් රුසියාවේ ගෝඩ් ෆාදර් වගේ ඉන්නව කියල තමයි ආරංචිය. මිනිහ කෙලින්ම ගිහින් පුටින්ව හම්බවෙලා ලියුමේ කොපියක් ඉල්ලගෙන. කොයිකටත් කියල මාත් ඒ ලියුමේ කොපියක් යාලුවාගෙන් ගෙන්න ගත්ත. මේ තියෙන්නේ ඒ සැර ලියුම.

**********

මචං පුටියෝ...,

මොකද බං උඹ මේ කැත වැඩක් කරල තියෙන්නේ. උඹේ මොළේ හොඳ නැද්ද? අනුමානයක් නෑ මේක උඹට වෙච්ච වැරදීමක් වෙන්න ඇති. නැතිනම් පණට ආදරයක් තියෙන මිනිහෙක් ජිවිතේට මේ වගේ ගොංකමක් කරයිද?

උඹ අපේ තේ ගන්න එක නැවැත්තුව කියල දැනගත්තම මට අසුහාරදාහට නැග්ග. වැඩේ ආරංචි උනේ පහුගිය දවසක හවස්වරුවෙ. පහුවෙන්ද උදේ උඹට හොද පාඩමක් උගන්නන්නං කියල හිටං මං දත්මිටි කකා නිදියගත්ත. පහුවෙනිද පාන්දර උඹේ ලංකාවේ ඉන්න තානාපතිය ඇවිල්ල හොටු පෙර පෙර අඬන්න ගත්ත, වෙච්ච වැරැද්දට එකම එක පාරක් සමාව දෙන්න කියල. උගේ කන්දොස්කිරියාව හින්ද මං උඹට අවවාද කරලා ලියුමක් එවනව. නැත්නම් උඹව සයිබීරියාවට එලවලයි පස්ස බලන්නේ.

මං උඹට ඕනිනං තව දවස් දෙක තුනක් දෙන්නම් ඔය උඹේ නිලධාරීන්ට කියපං අපේ තේ බාරගන්න කියල. මොකක්ද උබ මේ ඇස්බැස්ටෝස් කතාවක් කියල තියෙන්නේ. උඹ ඇස්බැස්ටෝස් දාල මාව බ්ලැක්මේල් කරන්න යනවද? ඒවා කොහෙද මාත් එක්ක! උඹට ඕනෙම නං මං ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරන්නම්. ඒත් ඒ උඹට තියෙන බයට නම් නෙමේ හරිද පුතෝ. ලංකාවේ අපි හරි නිරෝගී මිනිස්සු. උඹේ ඔය ඇස්බැස්ටෝස් වලින් බෑ අපේ මිනිස්සුන්ව ලෙඩ කරන්න. පුළුවන් තරම් එවපන් ඔය කෙහෙම්මල් ඇස්බැස්ටෝස්. අපි බය නෑ. පුටියෝ, මං බොට තියෙන ආදරේටයි මේ කියන්නේ. අහිංසකයි වගේ පෙනුනට ලංකාවේ අපිව ලේසියට ගත්තොත් උඹ ඉවරයි. අපිට තද උනොත් ඉතිං කුඩු කරල තමයි පස්ස බලන්නේ. මතකනේ ප්‍රභාට උන වැඩේ. ආයේ ඉතිං සුදු කොඩි ඉස්සුවත් නවත්තන්නේ නෑ.

මේ උඹට දැනගන්න කියන්නේ. පහුගිය කාලේ චීනාත් ආව මට පාට් දාන්න. උන් ආව කොළඹ වරායට කොක්ක ගහන්න. මං උන්ව කනෙන් ඇදල විසික් කරා හම්බන්තොට දිහාට. අන්න දැන් උන් හම්බන්තොට වරායේ එල්ලිලා ඉන්නව. දුකේ බෑ. උබට මතකද මට කලින් මෙහෙ හිටිය රජා. අර පත රැවුල්කාරය. අපි දෙන්න අතර මොන ප්‍රශ්න තිබුනත් මිනිහත් ආයේ කිසිම පුතෙකුට බය නැති එකෙක්නෙ. මං ළඟට වගේම චීනා ආවනේ මිනිහ ළඟටත් ඉඩම් කෑල්ලක් ඉල්ලගෙන. මිනිහ පයිසෙකට ගණන් ගත්තේ නෑ. චිනාගේ අධෝ මුකයට පයින් දෙකක් ගහල හිටං කිව්වා ඕනිමනං මුහුදෙන් කෑල්ලක් ගොඩකර ගනින් කියල. අන්න බං දැං උං හොටු පෙර පෙර මුහුද ගොඩ කරනව. වෙලාවකට පවු කියලත් හිතෙනවා.

මේ..., මට වෙලාවක් නෑ උඹට දිගට ලිය ලිය ඉන්න. වහාම ඔය තේ තහනම ඉවත්කර ගනින්. නැතිනම් මේ පාර කුරුමිණියෙක් එවුව වගේ ඊළඟ පාර තේ පැකට් එකක් ඇතුලේ සිංහයෙක් දාල එවනව හරිද?!?!

පරිස්සමෙන් හිටපං!

මීට,
MY3


ප.ලි.

අර ට්‍රම්ප්කාරයත් මොකක්දෝ තහනමක් දාල අපට මං මේ අද උදේ පත්තරෙන් දැක්කේ. ඌත් සෙල්ලම් කරන්න හදනව මාත් එක්ක. ඔය උතුරු කොරියාවට දාන සෙල්ලම් මාත් එක්ක බෑ. වැඩිය දඟලගෙන ආවොත් අල්ලාගෙන ගිහිං දානවා ත්‍රිකුණාමලේ වරායට, කඳවුරක් ගහගෙන හිටපං කියල. උං දන්නේ නෑ මගේ හැටි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Politics, Maithripala Sirisena, President of Sri Lanka, Vladimir Putin, President of Russia, Russia Tea Ban
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook