Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
අතීත ව්‍යාධිය වෙත අනාගතයෙන් එන රෝග ලක්ෂණය (සමාප්තියක් නොවන ස්මර්ණ)
බූන්දි, 16:36:16
ස්මර්ණ සමාප්ති නම් වූ ටෙලි චිත්‍රපටිය රූපවාහිනියේ විකාශය වූයේ 2000 වර්ෂයේදීය. අප එම අත්දැකීම නැවත සිහිපත් කරමින් තිබෙන මෙම 2017 වර්ෂය තුළ එම කෘතිය විසින් උරුම කරගන්නා නව අර්ථ පද්ධතිය කුමක්ද? බැලූබැල්මට චිත්‍රපටියට ඇත්තේ තිරස් කාල අක්ෂයකි. එහෙත් ඉතිහාසයේ අනිශ්චයන් විසින් අභිමුඛ කෙරෙන සිරස් කාල අක්ෂයකි. එහෙත් ඉතිහාසයේ අනිශ්චයන් විසින් අභිමුඛ කෙරෙන සිරස් කාල අක්ෂය විසින් මෙකී චිත්‍රපටියේ දෘෂ්ටිමය රාමුව තෙරපීමකට ලක්වීම නොවැලැක්විය හැකිය. එනයින් එය සමාප්තියකින් තොර විවෘත අභිනයක් ලෙස පෙනී සිටියි. හරියටම දශක දෙකකට ආසන්න වන කාලය විසින් චිත්‍රපටියට දෘෂ්ටිමය අභියෝගයක් එල්ල කර තිබෙයි. පුළුල් අරුතෙන් ගත් විට එය චිත්‍රපටියේ අතීත සෞන්දර්ය යන්ත්‍රය අක්‍රීය කර නව සෞන්දර්ය අර්ථ ජනන යන්ත්‍රයක් පනගැන්වීමක් බඳුය.

'ස්මර්ණ සමාප්ති'හි ආඛ්‍යානය දිවෙන්නේ පශ්චාත් යටත් විජිත ලාංකේය දකුණ අත්දුටු බිහිසුණු සමාජ - දේශපාලන ප්‍රචණ්ඩ සමයකට පසු එළැඹි දශකය පසුබිම් කාලය කරගනිමිනි. ඒ වනාහී අතුරුදහන් වූ, වදහිංසාවට ලක්වූ, අළු-දුවිලි බවට පත් වූ හා මිහිදන් වූ අයගේ මතක වස්ත්‍රයන්ගෙන් සාමයේ සුර දූත-දූතිකාවන් ලක් පොළොවට ප්‍රාදුර්භූත වූ දශකයයි. ඉතිහාසය අවසන් යැයි නිවේදනය කර තිබූ අතර අනාගතයේ අධිවේගී මාර්ගය විසින් දකුණු ලංකාවේ සියල්ලන්ම සාදරයෙන් පිළිගැනෙමින් තිබිණි. අතිදැවැන්ත මර්දනයකට මුහුණ දී යටිබිම්ගතව සිටි ජනතා විමුක්ති වාමාංශයේ ශේෂ වූ මනෝකාය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හරහා ප්‍රතිසන්ධිය ලබමින් තිබිණි. එතෙක් පැවති කලා සංස්කෘතික අධිකාරිවාදයට විවෘතවම අභියෝග කරමින් ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විමුක්ති දහම සංස්කෘතික කථීකාවේ මධ්‍යයට පැමිණ තිබුණු අතර එය ව්‍යාපාරික විනෝද මාධ්‍ය ආයතන ක්‍රමයෙන් පැටව් ගසන්නට පටන්ගත් කාලයක්ද විය. සන්නිවේදනය, පණිවුඩ හුවමාරුව හා තොරතුරු තාක්ෂණය අලුත්ම ප්‍රාග්ධන සමුච්ඡන ක්ෂේත්‍රයන් බවට පත්වෙමින් සංස්කෘතික අධිනාටකීයත්වයක් ලාංකේය ඉතිහාස වේදිකාව මත රඟ දැක්වෙන්නට විය. දකුණේ යටගිය ප්‍රචණ්ඩත්වය හා උතුරේ යුද්ධය ආයෝජනය කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ධනෝපායන මාර්ගයක් කරගත් නව NGO සිවිල් සමාජ ප්‍රවනතාවයක නැගීම සිදුවන්නේ ද මෙකලය. එම නිර්දේශපාලනීකරණයේ ඊනියා දේශපාලන ප්‍රකාශනය ලෙස සමාජ ගත කෙරුණේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමක් ගැන වූ ප්‍රවාදයකි. ආර්ථීකය සංස්කෘතිය බවටත් සංස්කෘතිය ආර්ථීකය බවටත් පෙරලුණු මෙකී දශකය විසින් විවෘත වෙළඳපල යුගයක නිර්බාධ ඇරඹුමක් සනිටුහන් කළ බව පෙනිණි. අතීතය පිළිබඳව වූ පශ්චාත්තාපය නව සමාජ පර්යායක පෙකිණිවැල වූ අතර සියල්ල සංසිඳුණු බවක් දර්ශනය කෙරිණි.

සැබැවින්ම දෙදහසේ නව සහශ්‍රය මුව විට පැවැති මේ අලුත් ලංකාව යනු යටපත් කළ සමාජ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වූ අමතක-මතක හුයකින් සන්ධි කළ අවතාර දේහයක් හැර අන් යමක් නොවීය. සදාකාලික තුවාලයක් ශේෂ කරමින් එම හුය සිඳ දැමීමට දෙදහසේ මුල් දශකයම වැය විය. උත්ප්‍රාසජනක ලෙස දේශපාලන දකුණට එම සැත්කම කරනු ලැබුවේ උතුරේ දෙමළ විමුක්ති දේශපාලනය විසිනි. එම සන්නද්ධ දේශපාලනය සමූලිකව පරාජය වීම එහි වන්දිය විය. එකී දශකයේ කාලාන්තරය ස්මර්ණ සමාප්ති ටෙලි නිර්මාණයට විෂය නොවෙයි. ඒ වන විට එය නිෂ්පාදනය කර අවසන්ය. ස්මර්ණ සමාප්ති හරියටම ස්ථාන ගත වන්නේ පෙර කී භිම සමයේ සමාජ ක්ෂතිය හා 90 දශකයේ දකුණු ලංකාවේ ගොඩනැගුණු නව සමාජ පිළිවෙල අතර දෝලනය වන කලාපය තුළයි. එහෙත් ස්මර්ණ සමාප්තිහි අහිමි විෂය වස්තුව පරිකල්පනය කළ හැක්කේ එකී ටෙලි නිමැවුම විසින් නොදුටු අනාගතය තුළිනි. එම නිර්මාණයේ රෝග ලක්ෂණය අනාගතයෙන් පැමිණෙන්නක් වීමට නියමිතව තිබිණි. දෙදාහ දශකයේ ගොඩනැගුණු යුධවාදී සිංහල බෞද්ධ ජාතිකවාදී හෙජමොනික සැකැස්ම මෙම ටෙලි නිර්මාණයේ ව්‍යතිරේකයක් යැයි බැලූ බැල්මට කිව හැකි වුවද එම අතිරේකය ස්මර්ණ සමාප්ති හි ඇතුළත බවට පත් වන ආකාරය කියවා ගැනීම දේශපාලනිකය. වෙනත් අයුරකින් කිවහොත් ස්මර්ණ සමාප්ති විසින් අනාගත ලංකාව වෙතට බැල්මක් හෙළා තිබෙයි. එය වටහා ගන්නේ කෙසේද?

ස්මර්ණ සමාප්තිහි තේමාව වන්නේ සිංහල බෞද්ධ ගමක වාසය කළ බණ්ඩාර දිසානායක පවුල හා බඩහැලගෙදර රංකිරියාගේ පවුල අතර වූ කුල-පාංතික ආතතිය ඝාතන කිහිපයක් බවට පුපුරා යාමෙන් නිපන් කම්පනයේ, පසු තැවීමේ හා හෘද සාක්ෂියේ ස්මර්ණ අඳෝනාවයි. 80 දශකය අගභාගයේ සිංහල බෞද්ධ දකුණ අත්දුටු ප්‍රචණ්ඩ ව්‍යසනයක එක්තරා තියුණු ලක්ෂ්‍යක් කරා මාඉටිපේ සිය දැක්ම එල්ල කර තිබෙයි. දිසානායක පවුලේ අනුදැනුම මත රාජ්‍ය ත්‍රස්තවාදයේ මරණීය ගොදුරක් බවට පත්වන රංකිරියාගේ පවුලෙන් ශේෂ වන දයාරත්න පසුව අසංක සමරසේකර නම් වූ වෛද්‍යවරයාගේ භූමිකාව සමගින් යළි ගමට පැමිණෙන දර්ශනයෙන් මෙම ටෙලි නිර්මාණය ආරම්භ වෙයි. දිසානායක පවුලේ නන්දාවතී ඉස්කෝල හාමිනේ හා අසංක සමරසේකර යන චරිත දෙක කේන්ද්‍රීයව තබා ගනිමින් අතීතය හා වර්තමානය අතර ආත්මීය අන්තර් ඡේදනයන් හරහා ස්මර්ණ සමාප්ති විහිදී යයි. මෙහි නිර්මාණාත්මක සුවිශේෂත්වය වන්නේ සමස්ත සමාජ සංසිද්ධියක රාමුව තුළින් මෙම සුවිශේෂි ග්‍රාමීය සිදුවීම දෙස නරඹනවා වෙනුවට ආත්මයේ හා ලුබ්ධියේ රාමුකරණය තුළින් සමාජ දේශපාලන ඉතිහාස කථාව සංකේතකරණය කිරීමයි. ටෙලි නාට්‍යයේ කාල-චලන රූපයන් වනාහී එක්තරා අයුරකින් මෙහි පාත්‍ර වර්ගයා සිය ආත්මීය මරණීය සිරවීමෙන් ගැලවීම පිණිස බාහිරට ප්‍රක්ෂේපනය කළ රාමු සමුදායක් වැනිය. ආඛ්‍යානයට පසුබිම් වූ බිහිසුණු සිදුවීම් බොහොමයක් නිර්මාණයේ මතු වියමන තුළ ප්‍රේක්ෂක අත්දැකීමක් බවට පත් කිරීමට සත්‍යජිත් මාඉටිපේ උත්සාහ දරා නැත. ඒ වෙනුවට ස්මර්ණ සමාප්ති හි හිංසනය නිදන්ගතව ඇත්තේ නිර්මාණය විසින්ම පාදාගත් පෘෂ්ඨීය ගැඹුරක් තුළය. ටෙලි නාට්‍යයේ තීරණාත්මක දර්ශනයක් වන රංකිරියාගේ පවුල මරාදමන අවස්ථාව රූපණය කර ඇති ආකාරය ඊට එක් නිදසුනකි. එහි වන්නේ අපැහැදිළි දුරස්ථ රූපයකි. හඬපටය පමණක් තීව්‍ර ව ඇසෙයි. නිර්මාණය පුරාම විටින් විට අපට පෙන්වන බුද්ධ රූපය ඇතුළු බෞද්ධ සංඥාවලින් ද හිංසනයේ දසුන් මෙම වියමනේ මතුතලයට ආයෝජනය කිරීමට ඇති නොකැමැත්ත ප්‍රදර්ශනය කර තිබෙයි. ටෙලි නාට්‍යයේ රූප වින්‍යාසය ගොඩනැගී ඇත්තේ නිර්මාණයේ ඵෙතිහාසික සුසමාදර්ශයේ ප්‍රචණ්ඩ අමුද්‍රව්‍යයන් මූලික ආඛ්‍යාන ව්‍යුහයට දුරස්ථව තබා බව පෙනෙයි. ස්මර්ණ සමාප්ති නම් වූ කලා නිර්මාණයේ ප්‍රචණ්ඩත්වයට ඇත්තේ ව්‍යුහාත්මක සැකැස්මකි. එම නිසා එම උපාය මාර්ගය විසින් සමාජ දේශපාලන සැකැස්මක ප්‍රචණ්ඩත්වය සංවිධානය වී ඇති ආකාරය ඉඟි කරයි. සමාජ ප්‍රචණ්ඩත්වයට ඇත්තේ ව්‍යුහාත්මක අරුතකි. මෙම ටෙලි නිමැවුම සෞන්දර්ය ප්‍රවර්ගයක් ලෙස ජනනය කරන දේශපාලන අරුත සංකීර්ණ වන්නේ එබැවිණි.

මෙම රචනයේ යෝජිත කේන්ද්‍රීය ප්‍රස්තුකය වෙතට අපට දැන් එළඹිය හැකිය.

80 දශකයේ අග සිංහල බෞද්ධ ගම්බිම් පුරා ඇවිලී ගිය ගිනිදැල් හා දුම් රොටු යනු ඒකත්වයක ද්විරූපකාරයන් විය. ගැටුමේ ප්‍රධාන පාර්ශව දෙක වූ ජාතික- ජනතා විමුක්ති සටන්කරුවන් හා රාජ්‍ය මර්දන යන්ත්‍රයේ සේවකයන්ගේ ගර්භාෂය වූයේ සිංහල බෞද්ධ ග්‍රාමීය සංස්කෘතියයි. සභ්‍යත්ව රාජ්‍යයේ පදනම වූයේ එයයි. එහෙත් ඉන් දෘශ්‍ය කෙරුණේ වියරු ම්ලේච්ඡත්වයකි. අප හොඳින්ම දන්නා පරිදි සටන්කරුවන්ගේ තීරණාත්මක සමාජ අනන්‍යතාවය ලෙස මතුව ගැටුමේ ප්‍රධානතම ආධාරකයක් වූයේ කුල සාමූහිකත්වය හා කුල ධූරාවලියේ ආන්තිකකරණයයි. ස්මර්ණ සමාප්තිහි දිසානායක පවුල විසින් රංකිරියාගේ පවුල වෙත උසිගැන්වෙන මර්දනය එහි කේන්ද්‍රීය තේමාවකි. ඒ වන විට නව ලිබරල් ආර්ථීක විවෘතකරණය විසින් ද ඊනියා සිංහල බෞද්ධ සමාජ සමස්ථයේ සීමාව ව්‍යුහාත්මක අර්බුදයක් ලෙස අභිමුඛ කෙරී තිබිණි. කුල හා පංතිමය ඇතුළු පසමිතුරු අක්ෂයන්ගේ ගොඩනැංවීම් හරහා මෙම සමාජයේ අභ්‍යන්තර සීමාව ප්‍රචණ්ඩ සමාජ ප්‍රතිවිරෝධයක් ලෙස බහිෂ්කරණය කෙරිණි. නව ග්‍රම්ස්චියානු පශ්චාත් මාක්ස්වාදී භාෂාවෙන් කිවහොත් 'සමාජය යනුවෙන් දෙයක් පවතින්නේ නැත'. සමාජය යනු හිස්තැනකි. එම නිශේධනය ධනාත්මක පැවැත්මක් බවට පත්වීමට එනම් 'සමාජයක් පවතී' යන්න ගම්‍ය කරගත හැක්කේ එකී හිස්තැන පසමිතුරු අනන්‍යතාවයන්ගේ අරගලකාරී වැඩබිමක් බවට මූර්තිමත් කරලීමෙනි.



සමාජයක ඊනියා ඒකත්වය දෘශ්‍ය කෙරෙන්නේ පෙර කී අභ්‍යන්තර නිශේධනය සතුරු අනේකත්වයක් ලෙස බැහැරට ගොඩනැංවීමෙනි. 80 දශකයේ අන්තය විසින් ප්‍රදර්ශනය කෙරුණේ මෙතෙක් පැවැති සිංහල බෞද්ධ සමාජ සමස්ථයේ උන්මූල රැඩිකල් සීමාවයි. එම නෛසර්ගික හිස්තැනට සමාජයක් අභිමුඛ වීම හා එය බාහිර පසමිතුරු අනේකත්වයක් වෙතට විස්ථාපනය කිරීම අතර එකට එක සම්බන්ධයක් නැත. එම සම්බන්ධය ගොඩනැංවීම යනු සාමූහික දේශපාලන මැදිහත්වීමකි. අසූවේ ප්‍රචණ්ඩත්වය යනු සිංහල බෞද්ධ ග්‍රාමීය සමාජයේ රැඩිකල් සීමාව අභිමුඛ වීමයි. එහි පසමිතුරු අක්ෂයන් ලෙස අනන්‍ය කෙරුණේ නව ධනේෂ්වරයෙන් නැගී ආ පංතිමය භේදය හා විහිදුණු කුල ස්ථරායනයන්ගේ භේදයයි. එකී අක්ෂ එකිනෙක අතිපිහිතව තිබිණි. සමූහය හා එහි නිශේධනය අතර ඇත්තේ ලුබ්ධිමය සම්බන්ධයකි. අප හා ඔවුන් යනුවෙන් අඳින රේඛාව ලුබ්ධිමය ආයෝජනයකි. පශ්චාත් ප්‍රචණ්ඩ සමය තුළ නන්දාවතී ඉස්කෝල හාමිනේ හා අසංක සමරසේකර අතර ගොඩනැගෙන පශ්චාත්තාපී අනුවේදනීය සම්බන්ධය යනුද එම ලුබ්ධිමය ආයෝජනයේ පුනරීක්ෂණයක් බදුය. ටෙලි නිර්මාණයේ ආත්මීය දෘෂ්ටිපථය සංවිධානය වී ඇත්තේ මෙම දෙදෙනා ප්‍රමුඛ අනෙකුත් පාත්‍රවර්ගයා අතර ගොඩනැගෙන ලුබ්ධිමය ආතතික බන්ධනයන් හරහාය. හෘදසාක්ෂිය හා පරිත්‍යාගයන් බදු මනසිකාරයන් සමග ප්‍රේක්ෂිකාව තුළ සානුකම්පිත පරිකල්පනයක් ගොඩනැංවීමට නිර්මාණය සමත්වුවද එහි ව්‍යුහය හිතනවාට වඩා දේශපාලනික වන්නේ එබැවිනි.

අසංක සමරසේකර වෛද්‍යවරයාත් නන්දාවතී ඉස්කෝල හාමිනේත් මුහුණ දෙන අර්බුදය වන්නේ අතීතය පිළිබඳ බිහිසුණු ක්ෂතිය සංකේතනය කිරීමේ අසමත්කමයි. සිය ගැමි-කුල පීඩිත ජීවිතයේ භෞතික කොන්දේසි ජයග්‍රහණය කිරීමට අසංකට (දයාරත්නට) යානයක් වූ බටහිර වෛද්‍ය අධ්‍යාපනය හා මායාගේ මාතෘමය ආදරය පවා ඔහුගේ ආත්මීය භෞතිකය ජයග්‍රහණය කිරීමට සමත් නොවෙයි. පන්සල, දානය, බෞද්ධ සදාචාර පරිසරය මත සිය ජීවිතය ස්ථානගත කළද නන්දාවතී මහත්මියගේ භෞතිකය ඇත්තේ අන් තැනකය. එය අතීත සිදුවීම් මාලාවේ තරංගයන්ගෙන් කම්පිතය. සත්‍යජිත් මාඉටිපේ විසින් මෙම ලුබ්ධිමය බලරටාවන් සංකීර්ණ රූපකවත් රූපාවලියක් බවට පත්කර තිබෙන්නේ මෙකී අන්‍යෝන්‍ය අසමත්කම ආත්මයේ මරණීය සිරවීමක් ලෙස නිරූපනය වන පරිදිය. ශරීරය අවසඟව ව්‍යාධියට පත් නන්දාවතී මහත්මිය වෙත අසංක විසින් ආත්ම කරුණාව පළකිරීමෙන් හෝ ඇය විසින් දයාරත්න හරහා පශ්චාත්තාපී හෘද සාක්ෂියේ නිහඬ සමා අයැදුම භජනය කිරීමෙන් හෝ ඔවුන් මුහුණ දෙන ගැඹුරු ප්‍රතිවිරෝධය විසඳෙන්නේ නැත. ස්මර්ණ සමාප්ති හි රූප වින්‍යාසය ඒ පිළිබඳ සංවේදී වී ඇත. ස්මරණ සමාප්ති නිමවන්නේ මෙම නොවිසඳුනු පරතරය ශේෂ කරමින්ය. ස්මරණයන් සමාප්තියට පත් බවක් ඉඟි කළද එය තත්වාරෝපනයක් පමණි. නිර්මාණය ඊට දෙස් දෙයි.

කුල විභේදනය හා රාජ්‍ය මර්දනයට එරෙහි කැරැල්ලක් ලෙස පැනනැගි සිංහල බෞද්ධ දකුණේ මෙකී අභ්‍යන්තර මරඋගුලෙන් ගැලවීමට අවශ්‍ය භෞතිකවාදි පිළිතුර සම්පාදනය කෙරෙන්නේ ටෙලි නිර්මාණය විකාශය වීමෙන් පසු එළැඹි දශකය (2000) තුළයි. ස්මරණ සමාප්ති මෙම අනාගතය නොදනී. එහෙත් අවිඥානිකව දනී. උතුරේ රැඩිකල් දෙමළ අනෙකාට එරෙහිව දකුණේ රණකාමී සිංහල බෞද්ධ ජාතිවාදී හෙජමොනියක් ගොඩනැංවීම මෙම දශකයේ නවමු දේශපාලනය විය. දේශපාලනිකව ගොඩනැගූ සිංහල බෞද්ධ ඒකත්වයක් විසින් උතුරේ දෙමළ සිවිල් හා මිනිස් සමාජය මත දැවැන්ත මර්දනයක් දියත් කෙරුණු අතර යුද්ධය නිමාවූයේ තවමත් ඔඩු දුවමින් තිබෙන ජන සංහාර හා මනුෂ්‍ය ඝාතන පිළිබඳ ස්මර්ණ තුවාලයක් ශේෂ කරමිනි. 80 දශකය තුළ මුහුණ දුන් ක්ෂතියට ආරක්ෂණ පිළිතුරක් ලෙස සොයාගත් තිර තාක්ෂණය වූයේ උතුරු වෙත දියත් කළ ජාතිකවාදී මර්දනයයි. 2009 දෙමළ ජන ඝාතනය ද දකුණට නව ක්ෂතිමය අත්දැකීමක් විය. පැරණි ක්ෂතිය නව ක්ෂතිමය මුණගැසීමකින් විස්ථාපනය කෙරිණි. ටෙලි නිර්මාණයේ ස්මරණයන් සමාප්ත වන්නේ නව දෘෂ්ටිවාදි ප්‍රබන්ධයක් ඊළඟ දශකයට ඉතිරි කිරීමෙනි. එහෙත් භෞතිකය අන් තැනක විය. ටෙලි නිර්මාණයම රූපිකයක් කර කිවහොත් දෙදාහ දශකයේ මැදභාගය වන විට ඉස්කෝල හාමිනේලා, (ඇයගේ හමුදා නිලධාරී පුතු) සාලිය දිසානායකලා, අසංක සමරසේකරලා රණකාමී සිංහල ජාතික වේදිකාව මත එකට අතිනත ගත්හ. මානෙල් මල් පැළැන්දාහ. පැළැන්දූහ. වසර කිහිපයක බිහිසුණු ස්මරණයන් ඊළඟ දශකය තුළ සමාප්ත කෙරුණේ ඵෙතිහාසික සෝපහාසයක් ජනනය කරමිනි. අප ජීවත්වන පශ්චාත් යටත් විජිත ලංකාව වනාහී යුක්ති සහගත අරගලයන් තුනක් ලෙයින් යකඩයෙන් මර්දනය කර පරාජයට පත් කළ රටකි. චණ්ඩ කුණාටුව පසුබැස ගිය ද අහස් කුස යළිත් කළු වලාවන්ගෙන් ගැබ්බර වෙමින් තිබෙයි. විමුක්තියේ හා මර්දනයේ මතක ස්මර්ණ සමාප්ත නොවන නව යුගයකට අපි එළඹ සිටිමු. යුක්ති ධර්මය යනු හෘද සාක්ෂියේ වැළපිල්ල නොවෙයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Smarana Samapthi by Sathyajith Maitipe, Sinhala Tele Film, Film Reviews, An Absolution
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
විදර්ශන කන්නන්ගරගෙන් තවත් වියමන්
අදහස්
ගෝඨාභය චින්තනය
Cine
ශිෂ්ටාචාරය හා එහි අසහනය | යටත්විජිත මනසක නිධානය
තවත් Cine බූන්දි
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
"තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය
ලාංකේය සිනමාව වාණිජවාදී විනෝදායන කර්මාන්තයක් වීම හා ධර්මසේන පතිරාජගේ ප්‍රේක්ෂාගාරය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෙනේ මැග්‍රිට් කියයි.
ජීවිතය මොනවා හෝ කරන්නැයි මට බලකරයි; ඉතින් මම චිත්‍ර අඳින්නෙමි!
What's New | අලුතෙන්ම
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook