Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!
බූන්දි, 16:59:25
අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව අනුවයි. සමාජ- දේශපාල - සංස්කෘතික දෘෂ්ටිවාදයන් සාමාන්‍ය පොදු ප්‍රජාව තුල සමාජගත වන්නේ මෙම ස්ථරයේ ඒ දේවල් අනුකරණය කරමිනි. එනිසා අසූව දශකයේ මැද භාගය වන තෙක් අපේ මධ්‍යම පන්තියේ පැවති දෘෂ්ටිවාදයන් සෙසු පොදු සමාජය කෙරෙහි බලපෑ ආකාරයත් ඉන් අනතුරුව එම තත්ත්වය වෙනස්වූ ආකාරයත් සාකච්ඡා කිරීම වටී.

අපේ රටේ ස්වදේශික ධනපති පන්තියක් නොවූ බැවින් (ඒ වෙනුවට ධනය රැස්කරන ජාවාරම්කාර පන්තියක් පමණක් සිටීම නිසා) පෙරළා එයද මෙකී මධ්‍යම පන්තියේ ගුණාත්මක බව කෙරෙහි බලපාන්නට ඇත. අනෙක් අතට අපට අපේ අසල්වැසි ඉන්දියාවට මෙන් මහා පුරුෂයින් (තාගෝර්, නේරු, අම්බෙඩ්කාර්, ගාන්ධි වැනි) නොසිටි නිසා පරමාදර්ශ අහේනියක් ද බලපෑවේය.

80 දශකයේ මැද භාගයට පෙරාතුව අපේ පහළ මධ්‍යම පන්තියේ සංස්කෘතික විලාසිතාව, සංස්කෘතික අනුකරණය පහත පරිදි නිරීක්ෂණය කළ හැකිය. "ඔහු" තම අනන්‍යතාවය තුළට යම් සම්භාව්‍ය ගාම්භීරත්වයක් එකතුකර ගන්නට උත්සාහ දැරුවේය. එය එක්තරා දුරකට සමාජයේ විචාරශීලිත්වය ඔසවා තබන්නට ඉවහල් වුයේය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, පණ්ඩිත් අමරදේව, මාටින් වික්‍රමසිංහ, වල්පොල රාහුල හිමි, මහාචාර්ය සිරි ගුණසිංහ එකල මධ්‍යම පන්තියේ සංස්කෘතික වීරයින් විය. ඔවුන්ගේ නාට්‍යයක්, ගීතයක්, නවකතාවක්, සමාජ විචාරයක්, චිත්‍රපටයක් අතහැරීම එම සම්භාව්‍ය අනන්‍යතාවය අත්හැරීමක් වැනි විය. එමෙන්ම එවැනි නිර්මාණයක් ඇසුරු කිරීමෙන් අනතුරුව ඒ අරභයා වන යම්කිසි විචාරයකට/ සංවාදයකට හවුල්වීමට නැඹුරුවක් ද තිබුණි. එය විසින් මෙම මධ්‍යම පාන්තික සමාජ ස්ථරයට යම් විචාරශීලී සමාජ අවබෝධයක් අත්පත් කරගත හැකි වුනි. අඩුම තරමින් එවන් පෙළඹවීමක් පැවතුණි. ආගම විසින් එවකට මධ්‍යම පන්තියේ සංස්කෘතික ජීවිතය අද මෙන් අත් අඩංගුවට ගෙන නොතිබුණි. අද අපේ මධ්‍යම පන්තිය තම සංස්කෘතික විවේකය ගත කිරීමට/ ගෙවා දැමීමට යොදා ගන්නේ සංදර්ශනාත්මක ආගමික වතාවත්ය. එහි කිසිම අධ්‍යාත්මික ගැඹුරක් හෝ සදාචාරාත්මක වටිනාකමක් පවා නොමැති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැක. (එවකට සිටි දේශපාලන චරිත ද අදට වඩා යම් ශික්ෂණයක් ඇති අය වීම ද තවත් කරුණකි.)

මේ වනවිට ටෙලිවිෂන් චැනල වල වසංගතයක් සේ උතුරා යන, අවර ගනයේ මෙන්ම මිත්‍යාව පාදක කොටගත් යක්ෂ භූත ටෙලි නාට්‍ය අරභයා සමාජයෙන් බලවත් විරෝධයක් එල්ලවී නැත්තේ අපේ මධ්‍යම පන්තියට සමාජ අභිමතාර්ථ හෝ පුරුෂාර්ථ නොමැති නිසාය; එවැනි දෑ සමාජයේ ප්‍රගතියට අවැඩදායීය යන්න පිළිබඳව සවිඥානික නොවන නිෂ්ක්‍රීය උගතුන් අපට සිටින නිසාය; රසඥතාවය අවරසිකත්වය තුල ගිලී ගොස් ඇති නිසාය. එකී ටෙලිනාට්‍ය පුරා තිබෙන අඬදබර, කුමන්ත්‍රණ, මිනීමැරුම්, දුෂ්ටත්වය පුනපුනා අසන්නට නරඹන්නට වීම තුලින් ටෙලිවිෂන් ප්‍රේක්ෂකයා අවමානුෂික සත්වයෙකු බවට කෙමෙන් කෙමෙන් පත්කරයි. සමාජය කෙරෙහි නරක ප්‍රතිවිපාක උදා කරන මෙවැනි ජනමාධ්‍ය භාවිතාවන් කෙරෙහි ශිෂ්ට ප්‍රමිතියක් ගෙන ඒමට ක්‍රියාත්මක වන සමාජ බලවේගයක් නොමැත. සැබවින්ම ළමා මනෝවිද්‍යාව පිලිබඳ මානයෙන් ගත්කල මුඛයෙන් ලේ වෑහෙන ළමුන් යොදාගෙන ඉදිරිපත් කරන ටෙලිනාට්‍ය අරභයා ළමාරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වියයුතුය යන්න අපගේ අවබෝධයයි.

දෙමළ ජාතික ගැටලුව විසින් බිහිකළ සිවිල් යුධ තත්වය හේතුවෙන් සමාජයේ වාර්ගික බෙදීමක් ඇතිවීම හා අසූව දශකයේ අවසානයත් සමග පැවති සමාජවාදී රාෂ්ට්‍ර පද්ධතිය බිඳ වැටීමත් සමග "සමාජවාදී" පරමාදර්ශ අහිමි වීමෙන් අපේ මධ්‍යම පන්තිය ජාතිවාදී/ ජාතිකවාදී දෘශ්ටිවාදයන්ට ගොදුරු වීමත් සමග නිසඟයෙන් සමාජයක් හෙලනුයේ අවිචාරශීලිත්වය කරාය. පෙර පැවති වාමාංශික නැඹුරුව තුල වාර්ගික, ආගමික බෙදීම් ඇති කිරීමට ඇති මනෝ භාවයන් දුර්වල කරන ලදී. එම දේශපාලන පරමාදර්ශ ඉදිරී යාමත් සමග ඇතිවූ දෘෂ්ටිවාදී රික්තය තුල මතුවුයේ ජාතිකවාදය, ජාතිවාදය හා අවිචාරී බවයි. ඒ ජාතිවාදය, මිත්‍යාව හා අතීතකාමය පෙර මෙන් (ප්‍රවේණික ඒවා නොව) නොව "නවීකරණය" කරන ලද අගතීන් වෙයි. එම නවීකාරකත්වයම මධ්‍යම පන්තිය ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වුනි.

ඒ අනුව අද අපේ රටේ මිත්‍යාව, ආධානග්‍රාහිත්වය හා අවිචාරය මෙතරම් සමාජ බලයක් අත්පත් කරගෙන ඇත්තේ මේ තත්වයේ අවසාන ඵලය ලෙසයි. සමාජයේ පරිවාරයේ පැවති මිත්‍යාව සමස්ත රාජ්‍ය පද්ධතියේ කේන්ද්‍රය ආක්‍රමණය කිරීම මෙහි අවසාන ඛේදවාචකයයි. පන්නිපිටියේ මහා මාර්ගය හරස්කොට වැඩුණු බෝ ගස ඉවත් කිරීමට බලගතු ආණ්ඩුවට පවා හැකියාවක් නැත්තේ මිත්‍යාව හා අවිචාරය විසින් 'අවුළුවා ලිය හැකි' අළුයට ගිනි වැනි භයානක අගතීන් අපේ සමාජයේ පවතින බැවිනි. විශාල මාර්ග තදබදයක් නිර්මාණය කරමින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් උදා කොට ඇති මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වසා දමා ඇති A26 මාර්ගය විවෘත කිරීමට නොහැක්කේ එනිසා දළදා මාලිගයට අගෞරවයක් වන නිසා නොව එසේ කළහොත් (මෙතෙක් කල් එකී මාර්ගය වසා තැබීම තුලින් අලුතින් අත්කරගත් ආධිපත්‍යයට) ප්‍රභූ බෞද්ධ ආධිපත්‍යයට පරාජයක් වේ යැයි වන මුග්ධ අවිචාරීත්වය නිසාය. මාර්ගය මෑතකදී වසා දමන තෙක් එය විවෘතව තිබීම දළදාවට අගෞරවයක් වුනිද යන ප්‍රාථමික තර්කයවත් මේ ආගමික ප්‍රභූන් හට පහළ නොවේ.

වල්පොල රාහුල වැනි විචාරශීලී යතිවරුන් අද නොමැතිවීම පොදු බෞද්ධ සමාජයට හෝ හුදී ජනයාට කනගාටුවට කාරණයක් නොවන්නේ ඒ රික්තය පුරවන, ආගමික කානිවල් පවත්වන, පියකරු සුකොමල හිමි වරුන් කෙරෙහි සමාජයේ හා උපාසිකාවන්ගේ පවතින ඉල්ලුම නිසාය. දිනෙන් දින උත්සන්න වන අවිචාරය, අවරසිකත්වය, ජාතිවාදය, මෝඩ භක්තිය හා අපේ රට ගිලගන්න ලෝකයම කුමන්ත්‍රණය කරමින් සිටින්නේය යන ක්ෂේනෆොබියා නම් මානසික විකෘතිය විසින් ජනිත කරන දේශපාලන අරාජිකත්වය ආදිය විසින් රටකට උදාකළ හැකි විපාකය ඉතා භයානකය.

කෙසේමුත් අඳුරු වලාවේ ඇති රිදී රේඛාවක් සේ, පවතින මෙම අවිචාරී සමාජ මනෝභාවයට එරෙහිව යම් ක්‍රියාකාරිත්වයක් බිහිවෙමින් ඇත. එය මේ පසුගාමී ප්‍රවාහය අභිබවා යන්නට නොව අලගු තැබීමට වත් ප්‍රමාණවත් නොමැති වුවත් මේ අවිචාරිත්වය දරාගත නොහැකි සුළුතරයක් අප වැනි අයට නම් පහන් සංවේගය උපදවන්නකි.
සිත්තම- බැන්ක්සි
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Cultural Trends, Sri Lankan Middle Class, Superstition, Religious Beliefs In Sri Lanka, Ven. Walpola Rahula, Sarachchandra, Temple of the Tooth
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
අදහස්
මේ "අහවල් FM" වහුකුණු රේඩියෝවයි!
අදහස්
ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!
අදහස්
ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
කාල් මාක්ස් ලියයි.
දර්ශනය ඉල්ලා සිටින්නේ සත්‍යය මිස සත්‍ය වශයෙන් අදහස් වන දෙය නොවේ. එය ඉල්ලා සිටින්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම සත්‍ය දේ මිස ඇතැම් ජනතාවකට සත්‍ය... [More]
What's New | අලුතෙන්ම
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
කවි| මල් බදාගෙන ගස් මැරෙන්නේ අන්න ඒකයි ශාන්තී

36-Secs

(සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්) අන්න කෙළවර මලක් පිපිලා,
ඔබත් දැක්කද ශාන්තී,
ගමේ මුදුනෙම අහස කිට්ටුව,
හිනා නගනව ශාන්තී

තල මලක් නම් මළ ගෙයක්,... [More]
කවි| ඒ මුහුණ

31-Secs

(මංජුල වෙඩිවර්ධන) ඒ මුහුණ අහිංසක වෙන්න බැරිකමක් නෑ
ඒත් ඒ ආදරේ අහිංසක නෑ.

කටහඬත් නිවී ඇති බව ඇත්ත
පපුව ඇතුළට ඇවිත්
හෘද සන්තානයේ අඩි තබා ඇවිදිද්දි... [More]
කවි| ෂැන්ග්‍රිලා....

25-Secs

(දමිත් වැලිකල) නොයන්න සැංඟිලා
ඉන්න බැරිද මාත් එක්ක ළං වෙලා...
අත් අල්ලං කතා කරමු හිනැහිලා..
දකින දකින හැම හීනෙම ෂැන්ග්‍රිලා..
උඹ හිටියා මං යන මං අවුරලා..... [More]
පරිවර්තන| අදේශපාලනික බුද්ධිමතුන්

30-Secs

(ඔටෝ රෙනෙ කැස්ටිලෝ | මහේෂ් මුණසිංහ) එක් දිනෙක
මගේ රටෙහි වෙසෙන
අදේශපාලනික බුද්ධිමතුන් ව
ප්‍රශ්න කරාවි
සාමාන්‍ය මිනිසුන් පැමිණ
එදිනෙදා දිවි ගැටගහන... [More]
කවි| ඇනා සර්ගෙව්යනාගේ කවිය

24-Secs

(මොනිකා රුවන් පතිරණ) ජීවිතයෙ ගැල ඇදුණු වසර යුග
ගිම් නොනිමි එකම දිගු ගමනක් ය
තැවුල් ගිනි පුළිඟු හද සිදුරු කළ
කිහිරඟුරු විසුළ මරු කතරක්ය

නිල දිදුල කදෝ පැණි එළියෙහි ද... [More]
කතන්දර| ගල් වඩුවා ('හූමිටි කතා')

2-Mins

(ආර්. කුෂ්නේරෝවිච් | දැදිගම වී. රුද්‍රිගු) එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ... [More]
රංග| 'පක්ෂීහු'- ඇරිස්ටොෆනීස්ගේ යුතෝපියානු සිහිනය

3-Mins

(චින්තා පවිත්‍රානි) ඇරිස්ටොෆනීස්ගේ නාට්‍ය නිර්මාණ අතුරින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ප්‍රයෝගයන්ගෙන් අනූන වූත් වඩාත් නිර්මාණාත්මක වූත් නාට්‍යය හැටියට පිළිගැනෙන්නේ The Birds (පක්ෂීහු) නාට්‍යයයි.... [More]
වෙසෙස්| අපි තමයි නියම විප්ලවකාරයෝ..!

6-Mins

(කසුන් සමරතුංග) මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන... [More]
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook