Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
[සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,
අපේ ජනාධිපතිතුමා වගා සංග්‍රාමයක් ආරම්භ කරපු ආරංචියට රට පුරාම ඉන්න ගොවි රජවරු ටික පුදුම විදිහට සතුටු වෙලා එතුමාට ලියුම් පිට ලියුම් යවනවා. ඒත් මේ දවස්වල එතුමා විපක්සෙ එක්ක හුට පට වල පැටලිල ඉන්න හින්ද මේ ලියුම් බලන්ඩ වෙලාවක් නෑ. ඉතිං මං කල්පනා කළා ගොවි රජවරුන් ගෙන් එන ලියුමක් දෙකක් කඩල බලල වැදගත් දෙයක් තියනවනම් එතුමාට ඔප්පු කරන්ට ඕනි කියලා.
සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ බැරුව තමයි මේ ලියුම් කරදහිය ලියන්ඩ හිතුනේ. තමුන්නාන්සේත් මොකක් හරි සංග්‍රාමෙකට අත ගහපු එක හොඳයි. අර හිටපු එක්කෙනා සංග්‍රාමයක් කරල කොටිය කම්බස් කළා කියල නිතරම කට මැත දොඩෝන එකේ, එයාගේ කට වැහෙන්ඩත් එක්ක වැඩේට අත ගහපු එක පංකාදුයි. නෑ මං කියන්නේ ගොයියා කම්බස් කරල හරි කමක් නෑ වගා සංග්‍රාමෙන් ඔබතුමා දින්නොත් ඒක තමුන්නැහෙගෙ අනාගතයට හොඳයි.

මයේ මායියා කිවුව වප්මඟුල් උත්සවේ හරි සාරෙට තිබ්බ කියල. උන්දැ ටෙලිවිසොං එකෙන් දැකල. මේ අපේ එවුවෝ වගේ පරණ අමුඩ කඩමාලු ඇඳගෙන කුඹුරට බහින්නේ නැතිව තමුන්නාන්සෙල හරි පිං පාටට කහ පාට ඇඳුං ඇදගෙන, හරි ආඩම්බරයක් දැනෙනවා ආයිබෝං.

හැබැයි මේපාර වප්මඟුලට මීහරක් දැක්කුවේ නැති එකනම් හොඳයි ආයිබෝං. මොටද නිකං අහිංසක සත්තුන්ට වද දෙන්නේ. අනික මීහරක උනාට උන්ට හොඳට කරුණු කාරණා තේරෙනවා. ඔය මේ දවස්වල මිනිස්සු කියන දේවල් ඇහුංකං දීගෙන ඉඳලා උත්සවේ වෙලාවෙ උන් කුලප්පු වෙන්ඩ ඉඩ තිබ්බ. එහෙම උනානං ඒක තමුන්නාන්සේට හොඳ නෑ මයෙ දෙයියො.

උත්සවේ ටෙලිවිසොං එකෙන් බලපු අපේ මායියා කීවා ගොවියො වෙනුවෙන් මෙච්චර සංග්‍රාමයක් කරන ඔබතුමාට හරියට බත් කටක් කන්ටවත් තියනවද දන්නෑ කියල. කොලබ හාල් හරි ගනං ලු නේද සෑර්. මායියා හැදුවේ වී මිටියක් දෙකක් කොටල හිටං තමුන්නාන්සේට එවන්ඩ මං බොහෝම අමාරුවෙන් නවත්ත ගත්තේ. මෙතන මොකක් හරි හුට්ටප්පරයක් තියනව සෑර්. අපි වී දෙන්ඩ ගියාම මුදලාලියා ගන්නේ තුට්ටු දෙකට. ඒ උනාට හාල් ගිනි ගනං. තමුන්නැහැගෙ මලයගෙන් හරි අහල බැලුවොත් හොඳයි මේ කාරණේ. උන්නැහේ දක්සය. උන්නැහේට ඔය හාල් වියාපාර නැතිව මොකක් හරි වෙන බිස්නස් එකක්, ඔය ලොකු පාරවල් හදන එක වගේ එකක් පන්ගනාතු කරල දුන්නානම් මයේ හිතේ මොනා නැතත් මිනිස්සුන්ට බත් වේලක් හරි කාල ඉන්ඩ පුළුවන් වෙයි.

ඒක නෙමෙයි සෑර්, ගොවියන්ට කහපාට යුනිපෝං දෙන්ඩ යනව කියන්නෙ ඇත්තක්ද? කරනවානම් අන්න වැඩ සෑර්. මොකද දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයි යුනිපෝං වලට. අපේ කාලේ අපි හැමවෙලේම බැලුවේ අපේ ඇඳුං අඳින්ඩනෙ. ඒකට දැන් එවුවො හැම වෙලේම බලන්නෙ කවුරු හරි මහල දෙන ඇඳුමක් අඳින්ඩනේ. අර ටෙලිවිසොං ලොක්කන්ට කීවා නං ගොවියන්ට මොකක් හරි සිංදු කියන තරඟයක් ලැහැත්ති කරල දෙංටයි කියාලා වැඩේ තවත් අලංකාර වෙයි.

මං අපේ මද්දුමයට කිවුව සෑර් තමුන්නාන්සේ ආයෙත් ගොවියව මොඩ් කරල ගන්ඩයි යන්නේ, උන්ට යුනිපෝං එහෙමත් දෙන්ඩ යනව කියල එතකොට ඌ බඩ අල්ලගෙන හිනා වෙන්ඩ ගත්ත. ඊට පස්සේ ඌ කියාපි ඔය ජවුසං නටන සල්ලි වලින් කැකිරාව ඉස්පිරිතාලෙට ලේ පිරිසිදු කරන යන්තරයක් දෙකක් අරං දුන්නානම් වකුගඩු රෝගේ හැදිල දුක් විදින සනුහරේ එකෙක් හරි ජිවිත සංග්‍රාමයෙන් දිනයි කියල. ඌ කියන ඒව වැඩිය ගණන් ගන්ඩ ඕනි නෑ සෑර්. කද බඩ මහත් උනාට ඌ දන්න කෙංගෙඩියක් තියනවැයි ආයිබෝං. ජිවිත සංග්‍රාමෙ වගේද දේශපාලන සංග්‍රාමේ?

ඒක නෙමෙයි ආයිබොං තමුන්නාන්සේට පුලුහංද මේ රජරට පැත්තට සවුක්කිය ඇමති කෙනෙක් පත්කරන්ඩ. හරි හරි රාජිත ඇමතිතුමා ඉන්නව තමයි. උන්නැහේ ඉන්නේ කොලබනේ. මේ පැත්ත බලාගන්ට උන්නාන්සේට වෙලාවක් තියෙන එකක්යැයි. උන්නැහේට කොච්චර වැඩද? මේ නොසන්ඩාල කොල්ලන්ගෙන් අර පුද්ගලික දොස්තර විද්දීයාලේ බේර ගන්ට ඕනි, එතකොට සරීරෙ පරීක්සා කොරගන්ට නිතර නිතර සිංගප්පුරු යන්ට ඕනි. ඉතිං අපේ වකුගඩු ලෙඩ්ඩු ගැන බලන්ට වෙලාවක් නැතුවා. ඇමතිකමට වකුගඩු රෝගේ හැදිච්ච එකෙක්ම තෝර ගත්තනම් හරි සෑර්. එතකොට චන්දෙ කාලෙට මෙහෙ ඇවිල්ල හිටං කාටවත් කියන්ඩ බෑ ඔබතුමා වකුගඩු රෝගීන්ට සැලකුවේ නෑ කියල. ඇරත් උන් ඉක්මනින්ම මැරිල යන හින්ද තව ඇමතියෙක් වැඩි උනා කියල මහ බරක් දැනෙන එකකුත් නෑ.


එහෙනං ඉතිං ආයිබෝං සෑර්,
මිට,

ගොවි රජා

ප.ලි.

අප්පුච්චේ තව ඩිංගෙං අමතක වෙනවා නොවැ. අර තමුන්නාන්සේ ඇමති වෙලා ඉන්න කාලේ පටන් ගත්ත වගා සංග්‍රාමෙට මොකදැ උනේ සෑර්. ඒකෙන් අපි දිනුම් ද? මේ යන්නේ ඒකෙ දෙවැනි කොටහද ආයිබෝං???
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Maithripala Sirisena, Sri Lankan President, Sri Lankan Farmers, Waga Sangramaya 2017, Wap Magul, Sri Lankan Agriculture
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
සිංහලයා වඳ වෙමින් යනවද?
කාලෝ අයංතේ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
රෝසා ලක්සම්බ(ර්)ග් කියයි.
ආණ්ඩුවේ ආධාරකරුවන් හෝ සාමාජිකයින් පමණක් සතු නිදහස, පක්ෂ සාමාජිකයින් පමණක් සතු නිදහස, ඔවුන් ගණනින් කෙතරම් ප්‍රමාණයක් වුව ද එය සැබෑ "නිදහස" නොවේ. නිරන්තරයෙන් සහ විශිෂ්ට... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook