Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
බූන්දි, 17:56:55
අපරදිග ලෝකයේ බටහිර දර්ශනය බිහිවීමට තුඩුදුන් ප්‍රධාන භූගෝලීය මර්මස්ථානය වූ ග්‍රීසිය අයෝනියන්වාදීන්, ඊලියානුවාදීන්, පෛතගෝරස්වාදීන්, විතණ්ඩාවාදීන් හා සෙසු දාර්ශනිකයන්ගෙන් සුසැදි ඥාන කෝෂ්ඨාගාරයක් විය. ක්‍රි.පූ. 585 දී බැබිලෝනියන්වරුන් දැරූ මත නිශ්චය කරමින් සූර්යග්‍රහණයක් පිළිබඳ අනාවැකි පළකළ තේල්ස්ගේ සිට ඇරිස්ටෝටල් මිය ගිය ක්‍රි.පූ. 322 දක්වා වූ ශත වර්ෂ දෙකහමාරක කාල පරාසය බටහිර දර්ශනයේ උසස් සහ ඵලදායී ම දාර්ශනිකයන් බිහි වූ අවධිය බව වියතුන් අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ග්‍රීක දර්ශනයේ කූටප්‍රාප්ත අවස්ථාව සනිටුහන් කළ සොක්‍රටීස්ට පෙරාතුව ඇතෑන්ස් නුවර ආධිපත්‍ය පතුරවාසිටියේ විශ්වය හා සිව් මහා භූතයන් පිළිබඳ ඥාන ගවේෂණයෙහි නියැළෙන්නන් ය. මොවුන් උත්සුක වූයේ 'මනුෂ්‍යයා පිළිබඳ දර්ශනයක්' (philosophy of man) ගොඩනැගීමටත් වඩා භෞතිකමය සංඝටක පිළිබඳ අධ්‍යයනය කරමින් විශ්වය සම්බන්ධ දර්ශනයක් (philosophy of the universe) වෙනුවෙන් බුද්ධීවාදී එළඹුමක් ලබාදීමට යි. මොවුන් අතරින් අයෝනියාවේ එපීසස් නගරයේ සිට පැමිණි හෙරක්ලීටස් (ක්‍රි.පූ. 536-470) අතිශය වැදගත් වෙයි. ඒ.ඩී.පී. කලංසූරිය 'ග්‍රීක දර්ශනය' කෘතියෙන් අවධාරණය කරමින් පවසා ඇත්තේ ද ප්‍රාග් සොක්‍රටීසියානු දර්ශනයේ ගැඹුරු හා ශක්තිමත් ම අදහස් ගෙනෙන ලද තැනැත්තා මොහු බවයි. තේමාවෙහි එන හෙරක්ලීටස්ගේ සුප්‍රකට මතයෙන් ඔබ්බට ඔහුගේ චින්තාවන් කෙරෙහි විමර්ශනාක්ෂිය යොමුකිරීම මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ.

විශ්වයේ ආරම්භය කෙසේ සිදුවීද? එහි මූල පදාර්ථය කුමක්ද? යන පැන සඳහා තේල්ස්, ඇනැක්සිමැන්ඩර්, ඇනැක්සිමීනිස් ආදී මුල්කාලීන මයිලීටස්වාදී දාර්ශනිකයන් සැපයූ භෞතිකමය නිර්වචනය පිළිතුරු අනුව ම යන හෙරක්ලීටස් 'විශ්වය අග්නියෙන් සෑදී ඇතැ'යි ප්‍රකාශ කරයි. ඔහුගේ මතයෙහි විශේෂ වදන නම් 'නොනිවෙන අග්නිය' යන්නයි. මෙම සංකල්පය කේන්ද්‍ර කරගත් හෙතෙම ප්‍රවාහී ධර්මය නොහොත් doctrine of flux නම් පැවැත්මක් පිළිබඳව විස්තර කර තිබේ. ඔහු පවසන සර්වසාධාරණ විපරිණාම සංකල්පයට මූලිකවන්නේ මෙය යි. ඉන් කියැවෙන්නේ විශ්වයේ ආරම්භය, පැවැත්ම හා පරිණාමය වීමෙන් අනතුරුව නැවතත් විශ්ව වස්තූන් අග්නිය ම වන බවයි. තත් දහම සුප්‍රකට දර්ශනිකයෙකු වූ ප්ලේටෝ 'ගංගාවක් මෙන් සියලු දේ ප්‍රවාහී ස්වභාවයෙන් යුක්ත වෙයි' ලෙස පසු කලෙක විස්තර කරන්නට යෙදිණි. හෙරක්ලීටස්ගේ ප්‍රචලිත ම ප්‍රකාශය වන 'ගංඟාවකට මිනිසෙක් දෙවරක් නොබසින්නේ ය' සහ 'එක ම ගඟට අපි බසිමු. අපි නොබසිමු. අපි සිටිමු. අපි නොසිටිමු' යන අදහස ලොව පිළිබඳ හුදු ද්‍රව්‍ය වස්තූන්ගෙන් එහා කළ ප්‍රකාශයකි. බුදුදහම හා දර්ශනය තුලනාත්මකව ගෙන විමසන ඇතැමෙක් එයට බෞද්ධ අර්ථකථන දීමට සිතනුයේ බුදුන් පැවසූ මෙබඳු ම අදහසක් හා සමතැන තබමිනි. තාරකා විද්‍යාව සම්බන්ධයෙන් විශේෂයෙන් ග්‍රහලෝක අරභයා වැඩි නැඹුරුවක් පැවති මෙම අවධියේ ඒ කෙරේ යුහුසුළු වූ ප්‍රාරම්භකයන් අනුව නොගිය මොහු සූර්යයා සම්බන්ධයෙන් තමා දරන ලද නොනවතින ප්‍රවාහීභාවයේ ධර්මතාව නම් ස්ථාවරයෙහි ම රැඳී සිටියේ ය. 'සෑම දින ක ම සූර්යයා අලුත් ය' යන්න ඔහු දැරූ අදහස යි. හෙරක්ලීටස් දැරූ මතය එය වූව ද ඔහුගේ සමකාලීනයෙකු වූ පාමෙනිඩේස් ගෙන ආයේ එහි විරුද්ධ තර්කය යි. එනම් 'කිසිවක් වෙනස් නොවන බවයි; ඒකාන්ත වෙනස්වීමක් නොමැති බවයි'. කෙසේ වෙතත් හෙරක්ලීටස්ගේ අදහස් සම්බන්ධයෙන් එවකට ග්‍රීසියේ විසූ එම්පිඩොක්ලීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ පවා උනන්දු වූ බව මෙයින් වටහා ගත හැකිවේ.

මිනිසාගේ ඉතිහාසය වනාහි ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට කළ සටන් හා ලේ වැගිරීම්වල ප්‍රතිඵලයකි යන්න පවසන ඉතිහාසඥයන්ගේ මත සඳහා හෙරක්ලීටස් ග්‍රීසියේ දී දැක් වූ ඇතැම් අර්ථකථන ද පුරෝගාමී සාධක සපය යි. ඔහු සිය Fragments නම් ලිපිවල 44 වන ඛණ්ඩයෙහි දී 'සියලු දෙයෙහි පීතෘ වන්නේ සටන ය' යි පවසයි. ඔහු එය තවදුරටත් මෙසේ විස්තර කරයි; 'විරෝධය යහපත් ය. විරුද්ධ දෙයෙනි උසස්ත ම එකඟභාවය ලැබෙන්නේ. සටන මාර්ගකොට සියලු දේ උත්පාදනය වේ.' මෙය වූ කලී ඔහු කළ වැදගත් ම ප්‍රකාශ අතරින් එකකැයි හැඳින්වීම සාධාරණය. සටන යන්නෙන් ඔහු අදහස් කරන්නේ යුක්තිය පමණක් නොවේ. හුදු දේශපාලනික ස්ථාවරයක පමණක් සිට නොවේ. නොනවතින ජගත්විෂයීය ධර්මතාවක් ය යන්න සෘජුව පවසමිනි. ස්වභාව ධර්මයේ පැවැත්ම තුළ හොඳ හා නරක දෙක අන්‍යොන්‍යව ක්‍රියාකිරීම නිසා නොවේ නම් ලෝක පැවැත්ම ද නවත්නා බවයි ඔහුගේ අදහස. විශ්වය නිරන්තරයෙන් ප්‍රතිපක්ෂ මාර්ග දෙකක් සමඟින් ඝට්ටනය වේ. එම ගැටීම අවසානයේ ප්‍රතිපක්ෂ මාර්ගයෙන් සිදුවන ක්‍රියාවලීන් මඟින් බිහිවන ප්‍රතිවිරෝධීබව හේතුවෙන් ම එකඟතාවක් නැතිනම් 'ප්‍රතිවිරුද්ධ යුගලයන්ගේ සාමයක්' ද පැන නඟී. දුන්නෙහි දුනු දිය ප්‍රතිවිරුද්ධ පක්ෂ ද්වයට ම නොඅදින්නේ නම් එහි දුන්නක් නැත. දුනු දිය අදින පසට මෙන් ම බලයක් අනෙක් පසට ද හිමි විය යුතුය. මෙය නිව්ටන්ගේ තෙවන නියමයට සාදෘෂ්‍ය වන්නකි. හේගල් දක්වන 'සෑම දෙයක් ම එහි ප්‍රතිවිරුද්ධ පක්ෂය බවට පෙරළේ' යන්න ද ඔහුගේ යථෝක්ත අදහස සංස්පර්ශ කරන්නකි. හුදු සංඝටකමය ගැටීමක් නොවන මෙම සංකල්පය (identity of opposites) හෙරක්ලීටස්ගේ අග්නිය හා බැඳී දර්ශනයේ ම උප කොටසක් වශයෙන් දතයුතුය. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් පවසන 'නොමැරී සිටීමට නම් විරෝධය පෑ යුතුම ය' වැනි අදහස් හෙරක්ලීටස් වැනි දාර්ශනිකයන්ගේ අදහස් වඩා ඔපමට්ටම් කරගැනීමක් වශයෙන් සැලකිය හැකි ය. ප්‍රතිවිරුද්ධ යුගලයන්ගේ සටනට එකහෙළා විරුද්ධව 'දෙවියන් සහ මනුෂ්‍යයන් අතර මේ සටන නැතිවේවා'යි පැවසූ හෝමර් අඥානයෙකැයි හෙරක්ලීටස් විවේචනය කරයි. 'දෙවියන් යනු දවල් හා රාත්‍රිය යි. ශීත සෘතුව හා උෂ්ණ සෘතුව යි. යුද්ධය හා සාමය යි. කුසගින්න හා තෘප්තිය යි' යි ඔහු පවසයි. මෙහිදී ඔහු විග්‍රහ කරනුයේ දේව කථා සාහිත්‍යයේ එන දෙවිවරු පිළිබඳව නොවනබව පැහැදිලි ය. ඔහු දක්වන දෙවියා ලොව පුරා පැතිර සිටින අනවරත වෙනස්වීම හා ප්‍රතිවිරෝධය මත ගොඩනැඟන සංකල්පමය ධර්මතාවකි. එබැවින් දෙවියා යන පදයටත් වඩා ඔහු භාවිත කළේ 'ලෝගෝස්' (The Logos = The World) නම් ග්‍රීක වදනයි.

හෙරක්ලීටස් විද්‍යානුකූල අදහස් මතුනොව සිය සමීපතමයන් හා සෙසු විචරකයන් සම්බන්ධයෙන් ද විවේචනශීලී අදහස් පවසයි. නමුත් සෘජුව පැවසීමට නොව වක්‍ර අදහස් දැක්වීමට ඔහු රුචිබව පෙනේ. පැරණි ග්‍රීක දර්ශනවාදීන් අපහාසයට ලක් කරන ඔහු හෙසියඩ් රාත්‍රියවත් නොදන්නා මෝඩයකැයි පවසයි. ග්‍රීක කවියෙකුවන හෝමර්ටත් ආකිලෝස්ටත් කසයෙන් තලා එළවා දැමිය යුතුබව කියයි. පෛතගරස්ට විද්‍යාත්මක ඥානයක් තිබුන ද එය ප්‍රයෝගයක් බව කියා සිටී. මේ අන්දමට සීනෝෆනීස් හා හෙක්ටායස් සම්බන්ධයෙන් ද ඔහු පවසා ඇත්තේ නොයෙක් දේ පිලිබඳ ඥානයක් ඔවුන් සතුව පැවතියත් 'දැක්මක්' නොමැතිබවයි. තමා යම් උසස් තත්තත්වයකට නිතැතින් ම පැමිණ ඇතැයි අපේක්ෂා කළ හෙරක්ලීටස් 'මම මා සොයාගෙන සිටිමි' වශයෙන් ද ස්වාර්ථ කථන දීමෙහි නිමග්න වී ඇත. ඔහුගේ පළමුවන ඛණ්ඩය නිරීක්ෂණය කිරීමේ දී 'ඕනෑකමින් කන්දිය යුත්තේ මට නොව, සියල්ල ඒකත්ව යැයි ප්‍රකාශ කරන මාගේ වචනයට ය' වැනි ආත්ම වර්ණනා හමුවේ.

'අඳුරු' (Obsecure) නමින් ඔහු ම හැඳින්වීමට යෙදුණු තම අදහස් සාමාන්‍ය ජනයාට නොවැටහුණේ වුව ද ඒ පිළිබඳව ආඩම්බර වූවෙකි හෙරක්ලීටස්. ඔහු රදළ කුලීන පවුලකින් පැවත ඒම ඊට හේතුවන්නට ඇත. එසේ ම, තම මත නොරෙන්නේ මෝඩයන්ට යැයි ඔහු සිතා ඇති බව 6 සහ 51 වන ඛණ්ඩනයන් අධ්‍යයනයෙන් පෙනේ. 'බූරුවො රන්වලට වඩා පිදුරු අගේ කරති', 'රන් සොයන්නෝ බොහෝකොට පොළව කොටා රන් ස්වල්පයක් ලබති' වශයෙන් කෙරෙන අර්ථ දැක්වීම්වලින් ගම්‍යවන සත්‍ය නම් ඔහු බහුතර පුද්ගලයන් මෝඩයන් ලෙස සැලකූ බවයි. 'මිනිසුන් බහුතරයකගේ අදහස් හරියට ළඳරුවන්ගේ කෙළිබඩු වැනි ය', 'ශුද්ධභාවය ලබා ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකි' යි ඔහු කීවේ එබැවිනි.

හෙරක්ලීටස්ගේ කියුම් සියල්ල ම දාර්ශනික නොවෙයි. ඇතැම් ඒවා හුදු විවේචන ම පමණි. නමුත් සෙසු දාර්ශනිකයන්ට සාපේක්ෂව ගත්කළ ඇනෙක්සිමීනිස්ගෙන් කෙළවර වූ අයෝනියානු දර්ශනය ම වපුරනු වෙනුවට මොහු ඥානය ප්‍රායෝගික කරමින් දාර්ශනික බුද්ධියට මුල් තැන දුන්බව පෙනේ. පෙර විසූ දාර්ශනිකයන් මෙන් හුදු කෘතිම සිද්ධාන්ත දැක්වීමකින් එහා ලෝක පැවැත්ම පිළිබඳව සමස්තව අධ්‍යයනය කිරීම ඔහුගේ විශේෂත්වය යි. එබැවින් හෙරක්ලීටස්ගේ නිර්වචන වටහාගත යුත්තේ වාච්‍යාර්ථයෙන් නොවේ. බර්ට්‍රන්ඩ් රසල් පවසන පරිද්දෙන් ඔහු ගූඪවාදියෙකු වශයෙන් සලකා ද නොවේ. තත්කාලීන ග්‍රීක දාර්ශනිකයන් අතරෙහි ඔහුගේ අදහස් තුලනාත්මකව වටහාගැනීමෙනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Heraclitus, Pre-Socratic Greek philosopher, Ancient philosophy, Greek philosophy, Weeping Philosopher, No man ever steps in the same river twice
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩිල්ෂානි චතුරිකා දාබරේගෙන් තවත් වියමන්
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
වෙසෙස්
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
කවි
බිරියෝසා හිම හඬයි!
තවත් වෙසෙස් බූන්දි
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
Simone de Beauvoir කියයි.
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook